ඉරයි - මමයි (1)
ඉරයි - මමයි (2)
වැහි පිණිතිවල දැවටුන
හීන් හැන්දෑ හුළඟක්
කොණිති ගන්වයි හදවත
ආන් එතකොට
වාන් දමමින්
පිරී ඉතිරෙයි නෙතුයුග
ඔව්. මට උඹව මතක් වුනා එකපාරටම. එතකොට හැන්දෑවෙ හතට, නැත්නම් හතහමාරට විතර ඇති.. අහසෙ තිවුනෙ ලා අළු පාටක්. වහින්න කිට්ටුයි. වැහි වළාකුළු එක්ක නටනටා උන්නු හුළඟ පොළවට ඇවිත් මගෙ වටේ දැවටුනේ වළාකුළු වලින් හොරා ගත්තු වැහි පිණිතිවල සිහිලසත් එක්ක. ඒක සුන්දර හොරකමක්. මට මතක් වුනේ මම උඹෙන් හොරකම් කරගත්තු උණුහුම් මතක. ඇත්තටම ඒක හොරකමක්ද ? මම දන්නව, ඒකට දෙන්න උත්තරයක් උඹ ළඟත් නෑ, මං ළඟත් නෑ.
දන්නවද, මං ලිවුවා උඹ ගැන,
මගෙ ලෝකෙට උණුහුම දෙන ආදරණීය ඉර ගැන. . .
මං දන්නව උඹ ඒව දකින්නවත් නැතුවැති කියලා. ඉර ගැන, හඳ ගැන කොයිතරම් ලිවුවත්, කොයිතරම් කිවුවත් පලක් තියේද? මමනම් හිතන්නෙ නෑ.
ම්හ් හුම්. . . තේරුමක් නැත්තෙමත් නෑ.
හදවතේ බර සැහැල්ලු වෙලා ආයෙමත් සමනල් තටුවක සැහැල්ලුබව ලැබෙන්නෙ එතකොට. අමතකවුන තනුවකට පණ දෙන්න හිත සුසර වෙන්නෙත් එතකොට. කාලෙකට කලින් ලියාපු ගීතයක වැළලිලා ගිය වචන පේළි පොළව යට ඉඳන් හුස්ම ගන්නෙත් එතකොට.
මතකද උඹ එකෝමත් එක අන්තරාභවයක පුරහඳක් වෙලා උන්නා.
නිශා අහසේ - නැගී තරුවැල්
සිනා සැලුවත්
කොයිතරම්
වළා සළු මැද – දිලෙන පුරහඳ
කෙසේ උන් හා
සමකරම්
අනේ පුරහඳ – වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං
ඔබේ දසුනෙන්
සැනසුනෙම්
කෙසේ ගගනත
පියමනිම්
සෙනේ සඳකැන්
විදාලන්, විල් දිය මතින්
සිහිල විඳගමි
හදවතින්
අමාවකනම්
එපා
මොහොතක්වත් ඉතින්
මේ කතාව කොතනින් පටන් ගන්නද, කොතනින් ඉවර කරන්නද කියල තවමත් මට හිතාගන්න බෑ.
කොහෙන් හරි පටන් ගනින් -_-
ReplyDeleteහතරවෙනි කොටසෙන් පටන් ගන්නවා අනිවා. මේක ලියන කතාවක් නෙමෙයි ලියවෙන කතාවක් නේ. ^_^
Deleteබස්සිට මොකක්ද ඉරත් එක්ක තියන සම්භන්දේ?
ReplyDeleteලියපන් සදයි මමයි කියලා.
ඒකනේ මෙන්ඩියෝ අන්තිමට හඳට කවි ලියලා නැවතුනේ.
Deleteමගුල ,ඔය කතාව බොට සැට් වෙන තැනකින් පටන් ගනින් බං....මැරුම් නොකා 4 කොටස ලියහන් ඉක්කනින්
ReplyDelete4 කොටස ඊළග මාසෙ තමා බං! :)
Deleteනෑ නෑ හිටපියව් මේ හතරවෙනි කොටස ලියන්න යන්නෙ.
Deleteදැන් නම් මොකක්දෝ දෙයක් හිතෙනවා..
ReplyDeleteඅහා... හොඳයි හොඳයි.
Deleteඔය කොහෙන් හරි රහ තැනකින් පටන් ගමු බස්සි පැට්ටි...නතර කලොත් බකුසු හොටේ ගලවනවා. ඕ යේස් . :P
ReplyDeleteඔන්න ඔය හොටේ ගලවන්න යන වෙලාවට මටත් පොඩ්ඩක් මතක් කරන්න , ෆුල් සපෝර්ට් මම ඕ ....යේස්
Deleteඅනේ මේ එදාපාර උඹලා හදන්නේ පස්ස අහිමි බස්සිට හොටත් අහිමි කරන්නද?වේදනා සංසාරේ කිව්වලු
Deleteඅෆොයි දිලෝ මාතලන්ගෙ බ්ලොගේ ඇනෝවෙක් බස්සිට පස්ස අහිමි කලා. දැන් ඔයා ගෙම්බගෙනුත් සපෝර්ට් එක අරන් මගෙ හොටෙත් ගලවන්නද යන්නෙ!! අනිච්චේ දුක්ඛේ කිවුවලු.
Deleteශානු අක්කා ඔයාට විතරයි මගෙ දුක තේරුනේ අයියෝ
Delete//නිශා අහසේ - නැගී තරුවැල්
ReplyDeleteසිනා සැලුවත්
කොයිතරම්//
(නිශා අහස වන්) ඉමක් නොපෙනන කොහේදෝ දුරක කතරක ගිය පෙම්වතකු හා (නැගී තරුවැල් වන්) ගෙවූ අතීතය (සිනා සැලුවත්
කොයිතරම් ලෙස) මතක් වී සුන්දර මතකයන් හා සතුටක් තිබුනද විප්පයෝග දුකින් පෙලෙමින් තැවෙන පෙම්වතියක
//වළා සළු මැද – දිලෙන පුරහඳ
කෙසේ උන් හා
සමකරම්//
තවත් කොඩුකාරයින් ඇය පතා රංග දෙන හැටි (වලා සළු0 වලට සම කොට ඇති අතර උන්හා සසඳා බැලූ කල පෙම්වතා ලබා දුන් මතකයන් සමග කොහේදෝ ගිය පෙම්වතා (දිලෙන පුරහඳ) ක් නොවේ කියා ය කෙසේ කියන්නද, මන්ද අගේ ආදරේ පිරී ඉතරී යන බැවින්.
//අනේ පුරහඳ – වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං//
තමා තාරුණ්‍යයෙන් නෑඹුල්ව බද්‍ර යොවන වියේ එළිපත්ත මතදී (විකසිතවු කුමුදිනිය) තමාව හැරදා ආදරයේ කොහේදෝ අතරමන් කර (වනේ විල මැද) දුරක කතරක ගිය පෙම්වතා අමතන (අනේ පුරහඳ) අයුරුත්
//ඔබේ දසුනෙන්
සැනසුනෙම්
කෙසේ ගගනත
පියමනිම්//
ඔහුගේ මතකයන් මගින් චිත්ත රුප මත මවා පන ඔහුගේ දසුන සිහිනයෙන් දකින ඇයට (ඔබේ දසුනෙන් සැනසුනෙම්) මද සැනසුමක් ගෙන දුන්නද, ය තවමත් තැවෙන්නේ නොවේද ඔහු කරා ඔහු සොයා යා ගන්න බැරිව සිටියදී (කෙසේ ගගනත
පියමනිම්)
//සෙනේ සඳකැන්
විදාලන්, විල් දිය මතින්
සිහිල විඳගමි
හදවතින්//
තැවෙන ඇය අමතා ලිපියක්, ඇමතුමක් හෝ දෙන්න ලෙස ය ඒ පෙම්වතාගෙන් ආදරණීය ලෙස ආයාචනා කරන අයුරුත් (සෙනේ සඳකැන් විදාලන්, විල් දිය මතින්) එය මදක් හෝ ඇයට සැනසුමක් ගෙන බවත් යම පවසා සිටිනවා නොවේද (සිහිල විඳගමි
හදවතින්)
//අමාවකනම්
එපා
මොහොතක්වත් ඉතින්//
එහෙම හෝ සහනයක් ලබන්නට බලාපොරුත්තු වෙන ඇය අවසාන වශයෙන් ඔහුගෙන් ඇයද සිටින්නේ දුරක කතරක ගියත් තමන් කිසිදා අමතක නොකරන ලෙස නොවේද, ඒ වගේම ඇය ඉන්නේ ඒ ගැන බියෙන් නොවේද (අමාවකනම් එපා මොහොතක්වත් ඉතින්)
උපරිමයි අක්කේ, පට්ටේටම රස වින්දා, එත් ඉතින් මට ඔය ආදරේ ගැන හිතුනු විදිය මෙහෙමත් ලියලා දාන්නම්
ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක් වත් නොවේ සෙනෙහස
තැවෙන හතවත වෙලා සනහන
මේ ලියපු කවිය හරියට තේරුම් ගත්තොත් ගොඩ, :D
පොස්ටුව වගේම රහයි සොමියගේ කමෙන්ටුව
Deleteරසයිදත් කියනවා ඉවාන් අයියා..ඇස් වලට කඳුළු ආවා ඇත්තමයි...
Deleteඇස්වක් කටවහක් නොවදීවා - කොළුවට
Delete//ඈත සිට පිරිනමන භක්තිය//
Deleteසිතින් පෙම් කරන්නෙක්.එක නිසයි කියන්නේ ඈත සිට කියලා.ඔහු පෙම් කරනවා නමුත් ඒ ප්‍රේමය දුරයි මොකද ඔහු තනියම පෙම් කරන්නේ.
//ගෙනත් පාමුල තබන බුහුමන//
ප්‍රේමය ඇයට ප්‍රකාශ කරපු කෙනෙක්.නිකං හරියට මම ඔයාට කැමතියි.ඔයා මොකද කියන්නේ කියලා අහපු කෙනෙක් වගේ.
//ඒ එකක් වත් නොවේ සෙනෙහස//
නමුත් ඈ බලාපොරොත්තු වෙන ආදරය ඒ දෙකම නෙමේ.
//තැවෙන හතවත වෙලා සනහන//
ඇයට ඕනේ පෙම්වතෙක් නෙමේ දැවෙන හදවත සනසන්න පුළුවන් හොඳ යාළුවෙක්,ලබැදි මිතුරෙක්,හිතෙශිවන්තයෙක්.
(මේ මට හිතෙන විදිය සොමි ගේ කවිය ගැන.)
කවියෙ මුල ටිකේ තේරුම පොඩ්ඩක් වෙනස් සොමියෝ. තේරුම පස්සෙ හෙමින් ටයිප් කරන්නම් හොඳේ. හැමදාමත් වගේ අකුරක් නෑර කියවලා දෙන සුපිරි විචාරයට තුති.
Deleteබලමු ඔයාගෙ කවිය;
ඈත සිට පිරිනමන භක්තිය
- දුර ඉඳන් ආදරේ කිරීම (සිතින් විතරක් වගේද මන්දා)
ගෙනත් පාමුල තබන බුහුමන
- ආදර අයැදුම් (සොකලට් කෑල්ල මගේ කියකියා පස්සෙන් එන එකා
ඒ එකක් වත් නොවේ සෙනෙහස
- මට අවැසි සෙනෙහස ඇත්තේ ඒ දෙතැනම නොවේ
තැවෙන හදවත වෙලා සනහන
- මගේ අසල රැඳෙන, මා කියවන්නට, කියවා අවබෝධ කරගන්නට හැකි කෙනෙක් (අපේ බස්සුවා වගේ ;) )
හප්පා එකනේ මුල් පද දෙක හරියටම පත්තු උනේ දැන් නේ, පොඩ්ඩක් බයි මිස්ටේක් උනා,
Delete//නිශා අහසේ - නැගී තරුවැල් සිනා සැලුවත් කොයිතරම්
වළා සළු මැද – දිලෙන පුරහඳ කෙසේ උන් හා සමකරම්//
මෙතන තියෙන්නේ විප්පයෝගේකට වැඩිය පෙම්වතාව අපුරුවට වර්ණනා කිරීමක් නොවැ, තරු අඳුරු අහසේ කොතරම් එලිය පෑවත් වලාකුළු අතර දිලෙන හඳ එක්ක කොහොම නම් සම කරන්නද, ඇත්ත තමයි, අක්කගේ ලිවීම මෙයට සමයි නේද?
//එක පුන් සඳින් දුරුවෙයි ලොව ගන අඳුරු
නෙක තරු රැසින් එලෙ සට නොම වේය දුරු//
මෙතන ප්‍රස්තුතයයි අක්කගේ ප්‍රස්තුතයයි එකිනෙකට වෙනස් වුනත් උපමා භාවිතය එකිනෙකට සමයි නේද? එක නම් හරිම අපුරුයි අක්කා, යොදන දේ එක වුනත් භාවිතය අනුව,අවස්තාව අනුව එයින් ඉස්මතු වෙන කරුණ වෙනස් වෙන හැටි ඇත්තටම මනරම්.
හරි, දැන් මනොජ් වගේම බස්සි අක්කත් මගේ කවියට දුන්නු විචාරය අපුරුයි, ස්තුතියි ඔබ දෙපලටම, අක්කගේ කතාවත් එක්කයි ඕක ලිව්වේ,
ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන
ඒ එකක් වත් නොවේ සෙනෙහස
තැවෙන හදවත වෙලා සනහන
මෙහෙමයි අක්කගේ ආදර කතාවේ උපමා බාවිතය හැන්දකට පෙම් කරන විලක පිපුණු මලක්, ඉතින් මේ දෙන්න ඉන්නේ හිස් අහස කියන බාදකයෙන් දුරස් වෙලා මලට හඬත් හඳට මලත් එකිනෙකාට පෙනුනත් දෙදෙනාට දෙදෙනා සිතින් එකතු වුනත් ගතින් දුරයි, ඉතින් හඳ ඈත සිට එලිය පාමින් මලට කරන ආලය හරියටම ඔය දෙන්න කියනවා වගේ දුරින් සිට පෙම් කිරීමක්ම තමයි, විලේ පිපුණු මල හඳට තමන් කරා එන ලෙස ඉල්ලා හඬද්දී හඳ එළියෙන් සොමි ගුණයෙන් ඇයට කිමන පලක්ද, හරියට අපිට පෝය දවසට හඳ අල්ලන්න බැරි උනාට හඬ එලිය අල්ලන්න, බිමට වැටිච්ච හඬ එලිය පාගන්න පුළුවන්නේ, ඉතින් දෙදෙනෙකු එකිනෙකා දකිමින් එකිනෙකාට දුරස්ව හදවතින් පමණක් කරන ආලයත් හරියටම මේ වගේ, තනිකරම සිතුවිලි මත පදනම්වයි තියෙන්නේ, ආදරණීය උණුසුමක්, වැළඳගනීමක් කවර කාලකදිවත් නෑ, ඉතින් මේ ආදරය ඇයට හැඟෙන්නේ නෑ, දන්නේනේ නෑ, හඳ එලිය ඇය පාමුලටම එනවා හඳ කොහේ සිටියත්, එත් හඳ ඇගෙන් දුර ඈත, හඳේ ආදරයත් හරියට ඒ වගේ, ඉතින් ඒ වගේ දෙයක් තමයි පළමු පද දෙක කියන්නේ.
//ඈත සිට පිරිනමන භක්තිය
ගෙනත් පාමුල තබන බුහුමන//
අවසන් පද දෙකෙන් කියවෙන්නේ ඇයට ආලය ලැබුනත් ඈ බලාපොරොත්තු වෙන්නේ ඉන් එහාට ගිය ආලයක් බවයි, ඔබ දෙපලගේ විචාරය මනරම්.
හැන්දකට නෙවේ හඳකට :D
Deleteමෙතනින් පටන් අරන් අතනින් ඉවර කොරහන්
ReplyDeleteහම්මේ සිංදුවා කියනකම් උන්නෙ. දැන්මම මෙතනින් පටන් ගන්නන්කො එහෙනං
Delete:P
කොහෙන් පටන් ගෙන කොහොම ලියන්නද නෑ මට වැටහෙන්නේ
ReplyDeleteඒ සීන් එකද දැං වෙලා තියෙන්නෙ
ඕ යේස් මෙයා.
Deleteඋඹ ඔය ලියල තියෙන නිසඳැස නම් සිංදුවකට කියාපු පදවැල් ටික . සින්දුවක් කරලා ගන්න පුළුවන් සිරාවටම ,
ReplyDeleteසිරාවට. එහෙනං බලන්න අර ගිටාර් කෑල්ලෙන් හොඳ තනුවක් දාපන්කො හොඳ ගෙඹිස් වගේ...
Deleteඈ බං! උඹ මේකෙ පළවෙනි කොටස ලියලා තියෙන්නෙ ජූලි 4 වෙන්දා. අද සැප්තම්බර් 9 වෙන්දා. අද වෙද්දි කොටස් තුනක් ලියලා. තාමත් පටන් ගන්න තැනක් හොයනවද යකූ!!!
ReplyDeleteමට නිකම් මඤ්ඤං වගේ!!
දෙයියන්ගෙ නාමෙට ඕක මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් පටන් ගනින් බස්සියො! :D :D
බොලා කොහෙද මකබෑවිලා ඉන්නේ, බොටත් ඩෙංගු ද, ඩෙංගු පොස්ට් එකෙන් පස්සේ බොලා නෑනේ පෙන්න. :D
Deleteප්‍රියාට බැරි බැරියාව බෝ වෙලාලු...
Deleteසොමියා, ශානු, ~ සිරාවටම බැරි බැරියාව තමා බන්ලා. මහ පුදුම කම්මැලි කමක් මේක! :)
Deleteප්‍රියා,
Deleteබෙහෙතක් නං තියනවා........................................
ප්‍රියාගේ සිතිවිලි නොලිවීම ගැන මගේ බලවත් විරෝධය :(((((((((((((((((((
Deleteප්‍රියා සහෝට බෙහෙත් දෙන විදානේ අයියටත් මක්ක වෙලාද? බෙහෙත් වැඩියෙන් ගත්තද? :D
Deleteදිනපතා මිලි 750 කුප්පි බාගය බැගින්.. එතකොට මොනව ලියවෙයිද දන්නෑ..
Deleteමාසෙට එක ගානෙ ලියල තියනවනෙ යකූ. ඒ මදැයි.
Deleteඒක නෙමෙයි කොයි ප්‍රියාගේ අඩවියෙ අලුත් පෝස්ට්. ආව මෙතන මට බයින්න. ගිහින් අලුත් කතාවක් ලියපාම් කම්මැලි නැතුව.
ප්‍රියෝ මේ දොස්තරලා ටීම් එකක්ම ඇවිත් ඉන්නෙ. ඔය කියන බේත් අරන් ලියන්න විතරයි තියෙන්නෙ.
Deleteඉර කොහොමද අප්පා එක්තරා අන්තරාභවේකදි හඳ වුණේ?
ReplyDeleteආ... ඔයා පිට සක්වලින්නේ ආවෙ නේද?
ඕ යේස්. මම අවාසනාවන්ත පිටසක්වලයෙක්මි. :D :D
Deleteපෝස්ට් එකට වඩා රහයි සොමියගේ කොමෙන්ට් එක.. ඒකෙන් කියන්නේ නෑ පෝස්ට් එක රහ නැතෙයි කියලා.. පෝස්ට් එකත් පට්ට.. කොහෙන් හරි පටන් ගන්න එකයි තියෙන්නේ.. මොකෝ ඔහේට කොරට ලියන්න පුළුවන්...
ReplyDeleteමට මේ බ්ලොග් එක දැක්ක ගමන් මතක් වෙන්නේ "බෝයිස් ඕවර් ෆ්ලවර්ස්".. ඒ රහ මේකේ නොඅඩුවම තියෙනවා..
සොමියගෙ කමෙන්ට් පට්ට. මෙතන විතරක් නෙමෙයි අෆ්ෆා සොමියා කොතන කමෙන්ට් කලත් අකුරක් නෑර කියවලා කම්මැලි නැතුව හොඳ කමෙන්ට් එකකුත් දෙනවා.
Deleteඔව් ඔව්. පටන් අරන් ලියාගෙන යන්න ඕනෙ. මේ දවස්වල කම්මැලිකම නිසා ඔහේ පාවි පාවි හිටියනෙ. දැන් ආයෙත් යාන්තම් බ්ලොග් මූඩ් එකක් ඇවිත් තියෙන්නෙ.
බෝයිස් ඕවර් ෆ්ලවර්ස් සේරම බලලා නෑනෙ. කමෙන්ට් එක දැක්කම ඒකත් සේරම බලලා ඉන්න හිතුනලු ඉතින්. ^_^
හරි හරි ඉක්මනට පටන් ගමුකෝ....
ReplyDeleteඔන්න එකෝමත් එක රටක හිටියා ලස්ස්ස්සන කුමාරිකාවක්.................. . . . . .
Deleteඊට පස්සෙ සුපර්මෑනුයි ස්පයිඩර් මෑනුයි හොරුටික අල්ල ගත්තලු.
Deleteඉ ව ර යි
ඊට කලින් නිට්ටඹුවට සිග්නල් දෙන්න වෙයි
Deleteහරි පටන් ගන්න තැන කියන්නනං
ReplyDeleteDCSL - Extra Special - මිලි ලීටර් 375ක්, H2O මිලි ලීටර් 125ක් සමග මුසු කොට පානය කල යුතුයි..
- කොහෙන් හොාාාාාාාාාාා් කමක් නෑ අරඹමු...
ජ ය වේ වා !!!
අපි ඇරඹුවා කියමු. උඹ කොහෙද මේ දාස් වල චුත වෙලා ඉන්නෙ?
Delete"මුතුකැට වන් මැයි මල් යට,
ReplyDeleteහිරි පොදවන් කඳුළු සලන,
හුදකලා පෙම්වතාගේ,
ඇතුළු සිත ඉකිබිඳින,
විරහ ගී රිද්මය....
---- මිල්ටන් -----
මධුමල ලෙස මුදු මගේ ප්‍රියදර මිහිරාවිය වෙතටයි..
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි..
අපමන සිතුවිලි බිහිවි තෙරපී එකිනෙක පැටලෙන්නේ...
කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ..
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ..
පරවි රැජිණියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි...//
මධුමල ලෙස මුදු....
හිත ගොලු වෙනවා අත වෙවුලනවා හදවත ගැස්සෙනවා...
ලිපියේ කොලයට මුහුන යොමන විට නෙත් දෙක පියවෙනවා...
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ..
පරවි රැජිණියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි...//
මධුමල ලෙස මුදු....
පද : කරුණාරත්න අබේසේකර..
සංගීතය : එම්.කේ. රොක්සාමි..
හඬ : මිල්ටන් මල්ලවආරච්චි..
//කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ..//
Deleteමේක තමයි අෆ්ෆා මටත් වෙලා තියෙන්නෙ. කොයි වෙලාවෙ පටන් ගන්නවද කියන එක ඊටත් වඩා පස්නයක්, ඔව්.
ඉවර කරන තැන හිතා ගන්නත් බැහැලුනේ.නැතිනම් යශෝට තිබ්බා අග ඉඳන් මුලට එන්න.
ReplyDeleteඅර අරාබියේ වගේ...:D
/අර අරාබියේ වගේ./
Delete7ක් ????????
අරාබියේ ඒම උනත් ලංකාවේ ඒම වෙන්නෙ නෑ.....
Deleteහෑ. . . 7ක්??
Deleteඔන්න ඔහේ ඕන එකක් කියලා මෙලෝ වැඩකට නැති අස්සකින් පටන් අරං ලියහං.. එතකොට උඹට මේක උනන්දුවෙන් ලියවෙනවා..
ReplyDeleteමගේ උනන්දුව ගැන ඔයාලා දන්නවනෙ ඉඳිකට්ටා අයියේ.... බලමු බලමු. ඊගාව මාසෙට කලින් අනිවා හතරවෙනි කොටස දානවා.
Deleteකැමති තැනකින් පටන් ගනින් බන්..එත් මේ වගේ අග මුල නැති තැන් වලින් නැතුව.
ReplyDeleteපොස්ට් එක නම් ලස්සනයි..එත් අගක් මුලක් හොයාගන්න බැරිව ටිකක් ඉතර අතරමග ගිහින් හිටියේ.
හතරවෙනි කොටසින් පාරට දාන්නම්කෝ
Delete4 th liyamu...
ReplyDeleteඅනිවා. ලියමු ලියමු.
Deleteකෝ අක්කෝ ඔයාගෙ විශ්මියි විරංගයි??