එදාමෙදාතුර මොනතරම් පොත් පෙරලුවද පොතක් අවැසි
වූ විට එය සොයා ගැනීම බස්සීට අපහසු කාරියක් වූයේ නැතිය. තාත්තා රස්සාවට යන කාලයේ
නම් පොතක් අවැසි වූ විට එය කියන්නට යන මහන්සිය ඉතරය. සතියකින් තාත්තා මුලු
කොළොම්පුරයම පීරා කෙසේ හෝ බස්සිට අවශ්‍ය පොත ගෙනැවිත් දෙන්නේ ය. තිබුනේ ඇඳ මුල්ලට
ගුලිවී කියැවීම පමණය. තාත්තාටත් සොයා ගැනීමට අපහසු වූ එකම එක පොතක් මගේ මතකයේ තියෙනවාය.
ඒ නම් ජෙරල්ඩ් ඩරල් විසින් රචිත හාස්‍යයෙන් පදම් කර, සොබා අසිරියෙන් වර්ණ ගැල්වූ My Family and other animals කෘතියේ සිංහල පරිවර්තනය වන "මගේ පවුලයි අනිත් සත්තුයි"
පොත ය.
ඒ වුනත් මෑත කාලයේදී බස්සිට පොතක් අතපත් වන
තුරු නොසෑහෙන කාලයක් බලා ඉන්නට සිදුවන අන්දමේ ගිරහ යෝගයක් උදා වුනේය. පොත ගැන
දැනගත්තේ මීට මාස ගණනාවකට පෙර අපේ සිහිනයාගේ බ්ලොග් අඩවියේ පල වුන කවිපොත් ඔත්තු පෝස්ටුවක් නිසා ය.
බස්සි මැසිවිලි නගමින් පොත හොය හොයා කඩයෙන්
කඩයට ඇවිද ගිය හැටිත්, පොතක් මිළදී ගැනීමට සිදු නොවන තැනටම
ඉතා දරුණු ග්‍රහචාරයක් යෙදී තිබුන හැටිත් දන්නවානම් පොත් රචකයා හෝ ප්‍රකාශකයාම
අනුකම්පා කර පොතක් එවනවාය. ඒත් "වසන්තය උදා වෙනවා සත්තයි" යනුවෙන් ගුරු
ගීතයේ දුයිශේන් බිණූ වදන් සැබෑවක් කරමින් ඔන්න, පහුගිය සඳුදා හවස මට ඇය හමුවුනා ය.
ඒ හැටේ වත්තේ මග්දලේනා ය.
http://www.cultura.lk
සිහිනගේ ලිපිය කියවීමෙන්ම මග්දලේනා කියවීමේ
පිස්සුව හදාගත් මම ඉන් පසුව එළැඹි පළමු සති අන්තයේම ඈ සොයා නික්මුණා ය. ගියේ පොත්
තුනක් හොයන්නටය. "වෙනස් එකෙක්", "අසම්මජ්ජාති ආදරය" සහ "හැටේ වත්තේ මග්දලේනා" ඒ පොත්
තුනය. ඇවිදින අතරමගදී පිස්සුවට මෙන් මුහුණු පොතේ අහවල් පොත් තුන සොයා ඉගිලෙමි
යනුවෙන් ස්ටේටසයක් කුරුටු ගෑවාය. ප්‍රතිඵලය ආවේ හැරෙන තැපෑලෙන්ය.
"මොනවද බන් මේ ෆේස්බුක් දාන කුණුහරුප?"
ඒ මගේ පාසැල් වියේ මිතුරෙක්ය. මම අම්බානකට බයවුනා ය.
"ඇයි.. ඇයි මොකද වෙලා තියෙන්නෙ??"
එසමයෙහි මගේ නමින් ව්‍යාජ ගූගල් ප්ලස් ගිණුමක්
ඇරඹූ අසහනකාරයෙක් බ්ලොග් අඩෙවිවල පහරා තිබූ හෙයින් මම තැතිගත්තා ය.. ගිනි
පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බයය. ෆේස්බුක් ගිණුමත් දෙවරක් හැක් වුනේ ය.
බේරා ගත්තේ අමාරුවෙන් ය. යළිත් මොකෙක් හෝ හැකෙක් පිස්සු කෙළිනවා වෙන්නට හොඳටෝම ඉඩ
තියෙනවාය.
"අසම්මජ්ජාතිකමේ යනවනම් පලයං. ඒක ලෝකෙට කියන්න
ඕන නැහැනෙ."
"මො.. මොකක්???"
"උඹ ෆේස්බුක් දාල තියෙන්නෙ අසම්මජ්ජාති ආදරයක්
වෙනස් එකෙක් මොනමොනවද මන්දා සොයා ඉගිලෙමි කියල. උඹට පිස්සුද? මිනිස්සු මොනවද හිතන්නෙ උඹ ගැන."
ඌ
කියවාගෙන යනවාය. මම පටස් ගා අදාළ ස්ටේටසය මකා දැමුවාය.
ඔන්න පොත් කඩ කිහිපයක් පසු කොට මම නුගේගොඩ
පිහිටි එක් "මහා පොත්හලකට" ඇතුල් වුනාය. පොත්හල සිසාරා ඒ ටු ඉසෙඩ්
පිරික්සුවත් හමුවූයේ "වෙනස් එකෙක්" පමණය. "අසම්මජ්ජාති ආදරය"
ගැන විමසන්නට ගොස් "පොත් අලෙවිකරුවන්ගේ" කින්ඩිය මුසු වූ මන්දස්මිතයට
ලක්වීම එපා වෙලා ය. ඒ හින්දාම රාක්කයක් අසල කවිපොත් අහුරමින් සිටි නිල් පැහැ
සාරියක් හැඳ සිටි යුවතියක් වෙත කිට්ටු කලා ය.
"එක්ස්කියුස් මී මිස්. හැටේ වත්තේ මග්දලේනා පොත
කොතනද තියෙන්නෙ?"
ඇගේ මුවින් "බකස්" ගා හිනාවක් පුපුරා
ගියේය.
"මොන.... මොන ලේනා?? ඒ කවුද ඒ? හිහිහි.... පොතේ නම කියන්නකො..."
ඇයි හත්දෙයියනේ මේ පොත් කඩවල සේවකයෝ ය. මුන්ට
අලෙවිකරණය ගැන අබැටක තරමවත් දැනුමක් නැත්දැයි මට හිතෙන්නේ ය. එහෙම තිබුනා නම් මේ
විදියට පාරිභෝගිකයාට කෝලිත්තම් කරන්නේද නැත්තේ ය.
තවත් රවුමක් යනවිට හමුවූ පිරිමි සේවකයෙක්ගෙන්
පොත ගැන විමසූවාය. පිටපත් විකිණී අහවරය. ඔහු නම් පොත් ගැනත්, අලෙවිකරණය ගැනත් හදාරා ඇත්තෙක්ම ය. කවි පොත්
අතර සරමින් අලුත් පොත් කිහිපයක්ම ම' අත පත් කලේය. මාර්කටිං කියන්නේ ඒකය.
මගේ කමකට නැති පට්ට බිසී ජීවන රටාව නිසාම පොත්
රස්තියාදුවලට ඉසිඹුවක් ලැබෙන්නේ අහම්බෙන්ය. පසුගිය කාලය තුල මග්දලේනා සොයා කඩවලට
ගොඩවැදුනු වාර ගණනින් හතරක්ය. ඒ හැම වතාවේම ඇය මට හොරා අතුරුදන් වී තිබුනා ය.
අන්තිමේ ඔන්න අපි බුක් ෆෙයාර් ගියෝය. එදා කවි
පොත් සල්පිලෙත් ඈ සිටියේ නැත්තේය. සුපුරුදු පිළිතුර ය. පිටපත් විකිණී අහවරය.
මම ඈ සිතෙන් අතහැරියා ය.
ඒත් පොත් රස්තියාදුව අහවර කරන්නට ඉඩ නොලැබුනේ 'පොත් ප්‍රදර්ශණයෙන් සොයා ගත නොහැකි වූ
සන්නස්ගලගේ "අම්මා" කොහෙන් හෝ අරන් වර!' යනුවෙන් අපේ නංගී විධානයක් පැණවූ හින්දාය. පහුවදා පාරට බැස්සේ
"අම්මා" හොයන්න ය.
මේ නම් මගේ දරුණුම අපල සමයකි. දැන්
"අම්මා" පිටපත් සියල්ල විකිණී අහවරය.
ඒත් හදිසියේම මම කල්පයක් විතර සොයමින් හිටි ඇයව
දුටුවාය. මෙන්න රාක්කයක් අසල, අහුරන්නට මොහොතකට පෙර බිම ගොඩගැසූ පොත්
කන්දක මුදුනේම ඉන්නවා ඇය. ඒ හැටේ වත්තේ මග්දලේනාය.
විශ්වාස කරන්න. මම එතැන් සිට පොත දෑතින් බදා
අල්ලාගෙන හිටියේ කොයි මොහොතක හෝ ඈ මගෙන් මිදී පැන දුවතැයි බයෙන් වාගේමය.
දැන් මම බිල් කවුන්ටරය අසල පෝළිමේය. මට
ඉදිරියෙන් උන්නේ මැදිවියේ මවක් සහ ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ නිල ඇඳුමෙන් සැරසුනු ඇගේ දරු දෙදෙනාය.
අම්මා මගේ අත රැඳි එකම එක පොත දෙස හොරෙන් බැලුවාය.
"දුව මට ඔය පොත චුට්ටක් පෙන්නන්න." ඇය
ඉල්ලා සිටියා ය. මමත් පොත් ඇයට දෙන අතර දැරියන් අත වූ පොත් දෙස විමසුම් බැල්මක්
හෙලුවා ය.
Half of the Yellow sun, Host, Deception point ඒ පොත් මිටියෙන් සමහරක් ය. සියල්ලම මා කියවා
ඇති පොත් ය. මට අපේ නංගීව සිහිවුනේය. ඇයත් මේ වාගේමය.
"ඇයි මේ පොතම ගත්තෙ?" ඈ වමත රැඳි රහස් පරීක්ෂණ කතා ගොන්න දකුණතට මාරු
කරනතර මගෙන් විමසනවාය.
"මේ හොඳ කවි පොතක්. රාජ්‍ය සාහිත්‍ය සම්මානය
ලැබුන පොත." මම පොතේ කතාව සැකෙවින් ඇයට කිවුවා ය.
"ඔයා කැම්පස් නේද?" ඈ අසන්නීය. 'නේද?' කියා අසන පැනයකට කැම්පස් අවුට් වී
ජොබක් කරන වැල්වටාරම් අවැසි නැත්තේය. ඉතින් මම හිස සැලුවා ය.
"අම්මා කොහොමද කිවුවෙ ඒ අක්ක කැම්පස් බව?"
එක් දැරියක් මවගෙන් සෙමින් අසන්නීය. හැබැයි
ඉංගිරිසියෙන් ය.
"එයා අතේ තිබුනෙ පොඩි කවි පොතක් විතරනෙ. මෙච්චර ඩිස්කවුන්ට් තියෙද්දි අරන් තියෙන්නෙ එක පොතයි. ඔහොම 'අමුතු' පොත් ගන්නෙ කැම්පස් ළමයි. අනිවාර්යයෙන්ම ආර්ට් ෆැකල්ටියක ළමයෙක්
වෙන්නම ඕන. සිංහල සාහිත්‍යය වගේ විෂයයක් කරන ළමයෙක් වෙන්න ඇති. " අම්මා සෑහෙන බර තබමින් රහසින් කියනවාය. ඒත් මට නොතේරේයැයි හිතන
කඩුවෙන්ම ය.
අනේ මට කට කොනින් හිනාය.
එතකොට කැම්පස් යන ළමයි සේරම පොතක් ගන්න අතේ සතේ නැති හිඟන්නො ද? අනික සිංහල උපාධි කරන උන්ට ඒ අම්මාගේ කඩු හරඹ තේරෙන්නේ නැති ද? කොටින්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යනු උපහාසයට ලක්විය යුතු අයෙක් ද?
මම සාමාන්‍ය පෙළින් පසු සිංහල හදාරා නැත්තේය.
දහතුන වසරෙන් පසු කිසිවක් සිංහල මාධ්‍යයෙන් උගෙන නැත්තේ ය. ඉතින් එහෙව් මම කියවිය
යුත්තේ අණුක ජීව විද්‍යාව ගැන ලියැවුන බරසාර කඩු පොත් විතරද? නැත්නම් මිල න්‍යාය, කලමනාකරණය අනම් මනම් ගැන ලියවුන ඉලක්කම් හරඹ විතරද මට කැප? අනේ කලා-උපාධියක් නැති අපිට කවි අකැපද?
ඒ දරු දෙපලට කියවන්න දෙවන මහලේ ඇති මේ අපූරු
කවි පොත ගෙනයන්නැයි කී මම අතේ පිච්චියක් නැතිව එක පොතක් ගෙදර ගෙනියන, බරසාර ඉංගිරිසි පොත් අකැප, ඔවුන්ගේ සරල කතා-කඩු ද නොතේරෙන එකෙක් ලෙස
නිගමනය වී හමාර ය. සිනා වෙන්නද, අඬන්න ද කියා නොතේරේය.
මම සිනාසීමට තීරණය කෙරුවා ය. කාර්ඩ් එකෙන්
නොගෙවා. පසුම්බිය දෙස සෝ බර බැල්මක් හෙලා, අත් බෑගයේ සාක්කු අතගා බස් එකට දෙන්නට තිබූ මාරු සල්ලි කොල එකතු කර,
රැලි නවා දිගහැර කවුන්ටරයට දිගු කලාය. වුවමනා
වෙලාවට මටත් රඟපාන්නට බැරිකමක් නැතිය.
මදැයි. ලියන්නට හිතුවේ පොත ගැනය. ලියැවුනේ
අතුරු කතාය. දැන් පොත ගැන නොකියමි ය. ඔබම අරන් කියවන එක වඩා හොඳ ය.
මගේ ප්‍රියතම කවි පොත "හිතේ කෙටූ
ටැටූ" ය. "මග්දලේනා" ට ෆේවරිට් රැඩිකල් ලැයිස්තුවේ දෙවැනි තැන හිමි වුනේ නිතරඟයෙන්ය. එහි
මගේ ප්‍රියතම කවිය 'සුපින්වත් දේශය' (පිටුව 36) ය. 'දියමැටියෝ' (පිටුව 23) කවියටත් ඒ තරමටම ආසා ය.
සෞම්‍ය සඳරුවන් ලියනගේ, ඉන්දික ගුණවර්ධනලාගේ පරම්පරාවේ පට්ට කවියෙකි.
මට උඹ පොරක් ය. අපිට වුවමනා,
රටට වුවමනා උඹලා වගේ නිර්මාණකරුවන්ව ය.
ඒ නිසා මග නොවරද්දාගෙන ඉස්සරහටම පලයන් ය.
උදෙන්ම ඇහැරුනා හින්දා මම 1
ReplyDeleteහිහිහි... සිරිමත් මගෙ සකි - යහපත් ළමයෙකි කිවුවලු. :P
Deleteමම දාපු වෙලේම කියෙවුවා කොහෙද class එකෙක් ඉදියේ.ෆෝන් එකෙන් කොමෙන්ට් කොරන්න බෑ නේ :/
Deleteකියවන එකනෙ වටින්නෙ මලයා. හැබැයි ඉතින් ක්ලාස් එකේ සර්ට හොරෙන් බ්ලොග් කියවීම වැරදිය. මොකද එක්සෑම් එකට අහන්නේ බස්සිගේ නියම ගැන නෙමෙයි නේ.
Delete//සෞම්‍ය සඳරුවන් ලියනගේ, ඉන්දික ගුණවර්ධනලාගේ පරම්පරාවේ පට්ට කවියෙකි. මට උඹ පොරක් ය. අපිට වුවමනා, රටට වුවමනා උඹලා වගේ නිර්මාණකරුවන්ව ය. ඒ නිසා මග නොවරද්දාගෙන ඉස්සරහටම පලයන් ය.//
ReplyDeleteHats Off. මමත් බස්සි අක්ක වගේම ඔය පොත් දෙකම සොයනවාය. තවම ලැබුනේ නැත. :(
පොත් දෙකම පට්ටයි දිලා. මට හිතේ කෙටූ ටැටූ පොතට පස්සෙ තදින්ම හිතට වැදුන කවි පොත මේක.
Deleteහෙහ්.... අපි කිවුවොත් දෙයක් හොදයි කියලා අයේ සුපිරි තමයි හරිය අක්කේ ! :පී
ReplyDeleteඒක දන්න නිසානෙ සිහිනයා මමත් නැට්ට අතේ අරන් රට වටේ පොත් හොයන්න ඇවිද්දෙ. :P
Deleteඔව් ඔව්...සිහිනයා කිව්වොත් පට්ටම පොතක් වෙන්න ඕනා...මෙකා ගිය අවුරුද්දෙද කොහෙද මතක හැටියට ''මාගම්සෝලිය'' පොත ගැන ඔත්තුවක් දුන්නා..මාත් කොමන්ට් කරා ලංකාවෙන් ගෙන්නම් කියවන්න ඕනා කියලා...ඔන්න පොත ලැබෙන්නේ ලබන සතියේ.......කෙල පෙරාගෙන කියවන්න බලාගෙන ඉන්නවා
Deleteඔය ඔත්තු දුන්න පොත්වල ඊබුක් තියෙන ඒවා මම ඔයාට හොයල එවන්නම් අක්කියා. ඊ-බුක් ගැන මෙතන නොකිවුවෙ පොත් ලියපු ඇත්තන්ට අසාධාරණයක්නෙ ඒක කියල හිතලයි.
Deleteඔය සිහිනයා සිහිනයා කිව්වම මට කැහුටු කොල්ලෙක් මතක් වෙන්නේ. ඒක නිසා වහාම මඩාරා හරි මහිමා හරි සාමලි හරි නමක් භාවිතා කරන්න.. හැක් හැක්..
Deleteසිහිනයා කිව්වෙ ඔය උඩ ඉන්න මදාරාට ද.. අඩෙ අම්මප මං හිතුවෙ බ්ලොග් ලියන වෙන කවුරු හරි කොල්ලෙක් කියලමයි. හයියෝ මුං ... :D
Delete@දේශා - කිවුවා කියලා හිතා ගනින් හරිය...
Deleteහයියූ ඒ නම් තුනෙන් ලස්සන මදාරා විතරයි සුට්ටක් හලි. මූට ගැලපෙන නම සිහිනයා. ඕ යේස්. මූ ලියන ඒවත් එක්ක මට හිතෙන විදියට ගැලපෙනම නම තමයි ඒක. අනික ඒකෙ පොඩි "රැඩිකල්" ගතියක් තියෙනවා. නැද්ද?
Deleteපව් නේ අර අම්මා.. මට නම් පුදුම කළකිරීමක් තියෙන්නේ මේ වගේ මිනිස්සු ගැන.. ඔයා දන්නවද දෙයක්.. ඔය ළමයි පස්සෙ කාළෙක ඔය අම්මලට හිනා වෙනවා.. මම මගේ අත්දැකීමෙන්ම දන්න දෙයක් ඒක.
ReplyDeleteමට දුක හිතුනෙ ඒ ළමයි දෙන්නා ගැන. ඒ දෙන්නගෙ අතේ තිබුනෙ කඩු පොත් විතරක් උනාට ඒ සේරම හොඳ පොත්. හොඳ රසවින්දනයක් තියෙන ළමයි දෙන්නෙක් වෙන්න ඕන. අනික Half of the yellow sun කියවපු ළමයෙක්ට මේ වගේ කවි පොතක් කියවලා රසවිඳින එක අමාරු දෙයක් නෙමෙයි. ඒ අම්මා හිනා වුනේ මට නෙමෙයි එයාටමයි. :)
Delete@Maathalan
Delete//ඔය ළමයි පස්සෙ කාළෙක ඔය අම්මලට හිනා වෙනවා// +++++++++++++++++++++++
@බස්සි
//ඒ අම්මා හිනා වුනේ මට නෙමෙයි එයාටමයි.// +++++++++++++++++++++++++++++++
තැන්කූ මකසි :)
Delete"ඇයි හත්දෙයියනේ මේ පොත් කඩවල සේවකයෝ ය. මුන්ට අලෙවිකරණය ගැන අබැටක තරමවත් දැනුමක් නැත්දැයි මට හිතෙන්නේ ය." සහතික ඇත්ත..පොත් කඩවලදී මටත් යකා වැහෙන සීන් එකක්. ඕක..දන්නා අටමන්ගල්ලෙකුත් නෑ ඒ උනාට ඉන්නේ ඔක්කොම පොත් කියෝපු උන් වගේ..නුගේගොඩ ප්‍රසිද්ද කඩ 2කෙම මම ඕක අත්විදලා තියෙනවා
ReplyDeleteලාබෙට කැමකන්නයි ප්‍රදර්ශන බලන්නයි ඇර කැම්පස් නොගිය මමත් ඔය කතාව ඔහොන්මම අහලා තියෙනවා..
ඔයාගේ ඇඩ් එක මත් රගලා තියෙයි බස්සි අක්කේ..රබර් සෙරෙප්පු 2කක් දාගෙන ශොට හරි ඩෙනිමට හරි ටි ෂර්ට් කැල්ලක් එල්ලන් යනකොට බර කඩු වදන් වදිනකොට හිනාව නවත්තන්නේ හෙනම අමාරුවෙන්..
දෙල්කද පැත්තේ වාහන කෑලි විකුණන කඩවලින් බදු අරන් එනකොට මගේ අත මිට මොලොන එක සමනය දෙයක්..උන් දන්නවා නම් මම බදු ගන්නේ ගෙදර වාහන වලට කියලා මාවත් පාර්ට්ස් කරලා විකුනනවා රගපෑමේ හොදකමට...
හික්ස්.... ඇයි ඉස්කෝලෙ යන කාලෙ කට් කරල තනියම ගෙදර ඉන්නකොට ඔය ආධාර පත්තර කාරයො එහෙම එද්දි මම පොඩි ගවුම් කෑල්ලක් ගහගෙන ගේට්ටුව ගාවට ගිහින් ඔලුව කහකහ කියනවා "නෝනල ගෙදර නෑ පස්සෙ වෙලාවක එන්න." කියල. ඒ ඇක්ටින්වල ආතල් එක දන්නෙ එහෙම කරපු කෙනෙක්ම තමයි නේද මල්ලි! :) ;)
Deleteඅපේ රටේ මිනිස්සු සේරම මනින්නෙ පිට පොත්තෙන්. ඒකයි දුක.
අක්කේ scout වල ජොබ් වීක් ගියාම ඔහොම කියන අයට මගේ ගව තිබ්බ හොද උත්ටරයක්...
Delete"අනේ නෝනලා නැති උනාට කමක් නෑ ඔය ගාව නැද්ද රුපියාල් 100 ක් විතර ගන්න කියල.." ඒ වෙලාවට මුඋනු බලන්න ලස්සනයි අප්පා...
මට වගේම හොද කටවල් ටිකක් තිබ්බ මගේ උන්ටත්..සමහර වෙලාවට වැඩ කරන උන් ඇවිල්ල පණිවිඩේ අහන ගෙට ගිහින් එවිල්ල කියනවා නෝනලා නෑ කියලා..එහෙම උන්ව නම් මැඩෝනව එලට..ජනේලෙන් දැක්ක කියනවා..අහවල තම එන කිඋවේ කියනවා මතක් වෙනකොටත් අසයි අප්පා ඒ ඇතිතේ
ස්කවුට්ලාට, දහම් පාසල් ළමයින්ට, පරිසර භටයන්ට නම් එහෙම කරන්නෙ නෑ සමවයසෙ ලමයිනෙ. හැබැයි අපේ පැත්තේ තියෙනවා "අනාථ-නිවාස ආධාර පත්තර ජාවාරමක්". අදාල අනාථ නිවාසවලට කිසිම සම්බන්ධයක් නැති උදවියයි මේ එන්නෙ කියල ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ දැනගෙන හොඳ පාඩමක් ඉගැන්නුවා කට්ටියට. අන්න ඒ අය ඉස්සර එනකොට තමයි ඔය රඟපෑම දාන්නෙ. ;)
Deleteහික්ස් මාවනම් මඩවලා නෑ කවුරුත්. :D
පිටතින් මිනිස්සු මැනීම...... කරුමයක්ද.....? බොහෝ අය තීන්දු තීරණ ගන්නේ...... ඔය විදියට තමා බස්සියෝ.....
ReplyDeleteරහස් පරීක්ෂක කතා කියවා ෂර්ලොක් හෝම්ස්ගේ විදියට හැසිරෙන අම්මා කෙනෙක් වෙන්න ඕන නිහිංසා. කරුමයක් තමයි ඒත් අපේ කරුමයක් නම් නෙමෙයි නේද?
Deleteඋඹලට අහුවෙන්නෙම පුදුම පොත් කඩ සේවකයෝ නෙව.. අන්න ඒකට මට...
ReplyDeleteමම ගියා සරසවි එකට.. ලාස්සන සුදු කෙට්ටු මිසී හිටෙගෙන කම්පීතරේ ගාව මොකක් හරි ඔබනවා. ඔය මම ගියපු පළවෙනි දවස. අප්පොච්චියේ තියෙන පොත් සම්බාරය දැක්කම සාම්බාරැ කෑවටත් වඩා අමරුයි. ඒ පාර මක්කැයි කරන්නේ.. තිලක සිත තිලක සිත කිය කිය පොත් වටේ රවුං ගානක් ගියත් මට ඒ මගුල් හිත හොයාගන්න බැරි උනා. බැරිම තැන නිල්පාට පටියක් කරේ දාං සුදු ෂර්ට් එක ඇදල ඉන්න බුවෙක්ගෙන් ඇහුවම මිනිහා කිව්ව අර මිෂීට කියන්න කියලා.. අනේ ඉතිං අර එබිල්ල ඉවර වෙනකං හිටගෙන ඉන්න අර ලස්සන මිසි දිහා මමත් හිටගෙනම බලං හිටියා. වැඩේ ඉවර වෙලා හෙමින් සීරුවේ මූණ උස්සන කොට මගේ ලස්සන දැකලද කොහේද ඒ මිෂිට පියකරු හිනාවක් ගියා. ඔන්න එතකොට මම ගිහි්ල්ල කාරණාව කිව්වම ඒක බුදු උණා. මිෂි ටාර් ගාලා ආවා අළුත් පොත් රාක්කේ උඩින්ම ගොඩ ගහල තිබුන පොත් අස්සෙන් මගුල් සිත අරන් මගේ අතේ තිබ්බා. මාත් තැන්කුයි කියල සිරික්කියත් දාලා එන්න ආවා. එ්ක නෛයමි බොලාට ඒක හාරසීයටද අර මසුරු සිටානෝ වික්කේ.. මට බං රැපියල් හතලිහක්ම අඩු කරා.
දෙවැනි පාරට ඕං මම ගියා ඊයේ මහ දවල් අවුවේ තැම්බීගෙනම. වෙන මක්කටවත් නෙමෙයි අර ඩෝසන් කියන පෝරිසාදයා ලියපු හකාවති පොත ගන්න. ඊයෙත් එදා වගේම මිසී කම්පිතරේ ගාව හිටගෙන.. මම එබුනේ නෑ. ගිහිල්ල හෙමින් සීරුවේ මිසීගේ සාරියෙන් මෑත් වෙච්චි සුදු පාට ඇග දිහා බෝම කෑදරෙන් බලන් ඉන්න කොට එයාට ඒක තේරිලාද කොහේද සාරිය ඉස්සරහින් පොඩ්ඩක් ඇදල හදාගන්න හදනකොටම කන්න වගේ බලන් ඉන්න මාව දැකලා... මතක ඇති මතක ඇති. මොකද මං සුදු උෂ ලෂ්ෂන කොල්ලා නේ.. ඇවිත් ඇහුවා මොකද කියලා. මං කිව්වා ඩෝසන් ප්‍රීතිගේ හකාවති කියලා. මෙන්න කෙටිකතා කෙටිකතා කියාගෙන මිෂි ටිකක් දුර තිබුන රාක්කෙකට ගිහින් සුරුස් ගාලා පොත ගෙනැත් මට දුන්නා. තිලකයා වගේමයි මේ ඩෝසන් පවා මසුරෙක්.. ඒත් අර මිෂිගේ අනුග්‍රහයෙන් 225 පොත මට රු 200 ට දුන්නා මාරු තුනක් ඉල්ලුවට තියෙන එකම තුන දීල ඇහැක. මං ආවා...
හැටේ වත්තේ යන්න පස්සේ එන්නං.. හැක්..
කොතනද දේශෝ ඔය කියන ලස්සන සුදු මිසී ඉන්නෙ? කඩු පොත් ෆ්ලෝ එකෙත් ඉන්නව ඔයවගේ අපූරු මිසී කෙනෙක් "පොත්" ගැන දන්න කෙනෙක්. අෆ්ෆෝ මට පොත් ගන්න යද්දි ඔහොම වැඩ අනන්තවත් වෙනව.
Delete'තිලක සිත' ගත්තෙ විදර්ශන එකෙන් නෙව. සීයට විසිපහක්ද තිහක්ද අඩුකලා සල්ලි සල්ලි කියල බලන්නැතුව. අන්න එතනනම් ඉන්න හැම සේවකයම පාහේ පොතුත් අඳුරනව, පාඨකයන්වත් අඳුරනව. අන්න ඒවනෙ මාර්කටින්! මාර්කටින් විතරක් නෙමෙයි එතන කස්ටමර් සර්විස් එකත් සුපිරි!
හැටේ වත්තෙ යන්න ගොහිනුත් මිස්ගෙ සාරි අස්සෙන් බලන්න ගියොත් නම් දේශාට හදිසි අනතුරු වාට්ටුවට යන්න වෙයිද දල්ලෑ. පරිස්සමින් පලයන්. :P
කියන්න බෑ. ඔයැයි ගිහිල්ල කියාවි.. එක එක යක්කු ආවට උදව් කරල සිරික්කි දාන්න එපැයි කියලා.. ඔව් ඉදගෙන..
Deleteඒ කියන්නේ උඹ 20 වෙනිදා දවල් සරසවි එකේද? හත් ඉලව්වේ මාමත් එදා දවසෙන් තුන් කාලක්ම සරසවි එකේ . තෝ අහුවුනේ නෑනේ . ශික්... එහෙනම් උඹද දන්නේ නෑ , මගේ කකුලත් පාගලා පොත් ටිකත් බිම දාපු ගල් මූසල මූණක් තිබ්බ හැලපයා .
Deleteගල් මූසල මූණක් තිබ්බ? එහෙනම් ඕකා තමයි සුවර් එකටම. :P
Deleteහොද වෙලාවට උඹ නොදැක්කේ . දැක්ක ගමං දත් ඇන්ද බඩට අරින්ඩ හිතෙන මූණක් ඒකට තියෙන්නේ
Deleteහෆොයි දේශා විනාසයි!!
Deleteපොත් කඩවල දැන් වැඩකරන හුඟක් එවුන් හිතාගෙන ඉන්නේ අපි යන්නේ කුකරි පොත් ඩ්‍රෙස් මේකින් පොත් ගන්න කියලා. සිසිරකුමාර මානික්කආරච්චි කියන නම එකෙක්වත් දන්නේ නැහැ. පොත් කඩේ මැනේජර්වත් දන්නේ නැහැ. කඩේ නම තියනවා සරස්වතියගේ නමින්.
ReplyDeleteඔය ගම් වල වැඩ කරන උන් හොද පොත් කඩ වලට ගත්තමයි, ගං කබරයෝ පොත් කඩ වලට යනකොටයි ඕවා වෙනවා. අන්න ඒකට අපි.. හැක්.. උඩ උඩ...
Deleteඅනේ මන්ද විචාරක තුමෝ සමහර උන් කුකරි පොත් ගැනවත් දන්නෙ නෑ ඔය කිවුවට. මටත් ඔන්න ඔය කියන පොත්කඩේ සේවය තිත්ත වෙලා. එතන තියන පොත් හොඳ නිසා යනව ඉතින්.
Deleteදේශා : හොඳ සේවකයො නැත්තෙ නෑ. ඉන්නව. ඔය කියන කඩේ හිටපු එක මහත්මයෙක් අර 'කෙල්ල සිරික්කිය දාපු' සීන් එකට පස්සෙ මගෙන් හොයන පොත අහල ඒකෙ පිටපත් අහවර බව කියල මගෙ ටේස්ට් එකට ගැලපෙන අපූරු පොත් කිහිපයක්ම හොයා දුන්න.
Deleteඅලෙවිකරණය නොදන්නා සේවකයන් නිසා වෙන කරදරේ පොත්කඩවල විතරක් නෙමෙයි ඇඳුම් සාප්පු, සුපර්මාර්කට්වල පවා තියෙනව. :)
ReplyDeleteමගේ පොත් සෙට් එක මග එනවා.... ''හිතේ කෙටු ටැටු' හොයා ගන්න බැරි උනා......හැටේ වත්තේ පොතත් මුහු......ආව දාසක හොයා ගන්නවා...අනිත් පොත් හොයලා දෙන්න උදව් කරපු යාළුවා රස්තියාදු කරන්න බැරි කමට කට පියන් හිටියා...... ''අම්මා'' පොත වෙන්නප්පුව රඹසෙවන බුක් ෂොප් එකේ තියෙනවා කියලා ඔත්තුවක් ලැබුනා...... උඹ දෙන පොත් ගැන ඔත්තු නම් වටිනවා මචෝ
ඊ බුක් සොයාගත හැකි උනොත් එවන්නම් මචෝ. නැත්නම් අනිවා හොඳ කවි ටික වයිබරෙන් හරි එවන්නම්කෝ.
Deleteමම දැක්කා ක්‍රිශ්නි අක්කා පොත් වගයක් අරන් එෆ්.බී දාල තිබුන. අනිවා කිඹුල් ශානුවට වෙන්නැති. :P
My parents hate books ecept my note books and text books :D .
ReplyDeleteඉතින් මාත් කවදා හරි ජොබක් කරන දවසට පොත් කියවනො. :D හොරෙන් කියවලා එපා වෙලා ඉන්නේ
That's too bad and it made me realize the value of my parents even more... :)
Deleteමං ඉස්සර කලා වගේ පොකට් මනී ඉතුරු කරල ඒකෙන් බුක්ෆෙයා ගිහින් පොත් ගන්නත් පුලුවනි.
ඒ අම්මගෙ අතේ තිබුණ පොතුත් හොඳයි. ඒත් මොන විදියෙන්ද දන්නේ නෑ එයා පොත් මනින්නෙ, ඊට වඩා අතේ තියෙන පොත ගැන දන්නෙවත් නැතුව, ඒ ගැන තීරණයකට එළඹිලා ඒ පොත අතේ තියාගෙන ඉන්න අය ගැන මනින්නෙ.
ReplyDeleteඅවුලකුත් නෑ, ඔය මිනිස්සුන්ට හැටේ වත්තේ මග්දලේනා කියෙව්වට තේරෙන්නේත් නෑනෙ.
ඔය නුගේගොඩ මහා පොත්හලේ ඉන්න කෙල්ලො ටික නම් මෙලෝ වැඩක් නෑ, දන්න පොතකුත් නෑ. කාඩ් එක දුන්නම ඒකෙන් සල්ලි ගන්නයි සල්ලි දුන්නම ලාච්චුවට දාගන්නයි නම් දන්නව,
ඒ වුණාට දෙවෙනි තුන්වෙනි තට්‍ටු වල ඉන්නවා පිරිමි අය 2,3ක් , ඕන පොතක් තියෙන තැන දන්නව. ඒ අතරින් තව එක්කෙනෙක් ඉන්නවා සාහිත්‍ය පොත් වල වටිනාකමත් දන්නව, අපි හොයන්නෙ මොනවගේ පොත්ද කියලත් දන්නව.....
ඒ අම්මගෙ අතේ තිබුනෙ චන්දන මෙන්ඩිස්ගෙ පොත් වගයක් සිඳු අක්කේ. අර පොත් ටික තිබුනෙ දුවලා දෙන්න ගාව. ඇත්තටම ඒ පොත් කියවන්න පුලුවන්නම් මේ පොත නොවටින්නෙ මොකද කියල මටත් හිතා ගන්න බෑ.
Deleteඔය මිනිස්සු අනිත් අයව මනින මිනුම් දඬුනම් ආය ලොවෙත් නෑ. හිනා ගිහින් පණ යනවා.
ඔව් මටත් උදව් කලේ එහෙම පිරිමි එක්කෙනෙක් අන්තිමේදි. විදර්ශන එකේ මිනිස්සුන්ට පොත් ගැනයි පාඨකයා ගැනයි තියෙන දැනුම එක්ක අර නිල් සාරි අඳින සූටි කෙල්ලන්ට හැරෙන්නවත් බෑ.
ආයෙත් අහලා කාර්ඩ් එකෙන් සල්ලි ගන්නයි. කෑශ් දුන්නම ලාච්චුවට දාන්නයි විතරයි ගොඩක් උන් දන්නෙ.
මම නම් පොත් ගත්ත තරමක් ගත්තේ අර ලේක් හවස් එකලගින් පටන් අරගෙන පාර ඉවර වෙන අනික් කොනේ අර මොකද්ද පිචර්හෝල් එක ළඟ තියෙන රවුන්දබවුට් එකට ඉස්සෙල්ලා (යකඩෝ පාරේ නමවත් පිචර් හෝල් එකේ නමවත් මතක නැනේ බොලව් ) තියෙන කඩ පෙලියෙන්ම තමයි...... මේ කොනේ කඩේ ඉන්න මාමාගෙන් ඇහුවනම් පොතේ නම එහාකොනේ කඩේ කඩේ පත තියෙන තැන ඉඳලාම කියනවා .....
ReplyDeleteගාමිණී හෝල් එකනෙ මැලේ ඔය කියන්නෙ? මොන ලෝකෙන්වත් හොයාගන්න බැරි පරණ පොත් තියනවා එතන.
Deleteමග්දලේනා මට හම්බුනේ 14 වෙනාදා පට්ට හවස කවි පොත් සල්පිලේදීය. බොහොම ආදරෙන් තුරුලු කොරං ගෙදර ගෙනාවේය.
ReplyDeleteඅහෝ දුකකි ඉරක තිතකි පොලිස් පොල්ලකි. මීළග මීවිතෙන් මත්වී හුන්මගේ සාංසාරික ආතල එක කුඩේ කුඩු කර දැමුවාය ඈ. බොහෝ වෙලාවට කවි වලටම පිස්සු වැටී කවි පොත් උඩම හක්කලං ගහන මට මග්දලේනා නිසා අපේක්ෂා භංගත්වයකට පතවන්නට සිදුවිණ. මට දැණුන එකම දේ නම් මීළග මීවිත අහසක් නං මග්දලේනා පොළව වගේ් කියා පමණි.
ඉන්දික ගුණවර්ධන ගැන The Sahan අපූරු කවියක් ලියා තිබුණි. පෝං එකෙන් ඒක හොයා දාන්නට අසීරු බැව්න් ඒ ගැන කියන්නට යළි පැමිණෙමි.
ටැටූ හොද වුණාට ටැටූ ගහන එකා නං හොද නැත
//ටැටූ හොද වුණාට ටැටූ ගහන එකා නං හොද නැත//
Deleteඅපි රසවිඳිය යුත්තේ නිර්මාණය මිස නිර්මාණකරුවාව නොවේ.
කඩවල වැඩ කරන සමහර සේවකයින් ගැන නම් කියල වැඩක් නෑ. මං හිතන්නෙ පුංචියට හරි පුහුණුවක් දෙන්නෙ නැතුව ඇති පාරිභෝගියයෙක් ආවම කරන්න ඕන දේ ගැන.
ReplyDeleteඅර අම්මා... පව් ඉතින්. ටෙලිවිසොන්, පත්තර, ඉන්ටර්නෙට් අනම් මනම් සේරම තිබුනත් සමහර අයගෙ අවබෝධයෙ තරම තමා.
//වුවමනා වෙලාවට මටත් රඟපාන්නට බැරිකමක් නැතිය.// උන්දැගෙ ආතල් කඩන්න ඕනයැ.. නේද බං? ඒ ටික කරපු හැටියට නම් මට හිනාත් ගියා. :D ඔය කියාපු පොත් නම් කියවල නැත.
චන්දන කියවල බලන්න මෙයාගේ ඇන්ඩි කතා , රඟපෑම් බලන්න , හෆ්ෆා දෙනවක හාමිනේ පරාදයි :P
Deleteමොනවා තිබුනත් සමහරුන්ගෙ ඔලුව ඇතුලෙ තියෙන අවශ්‍යම එක පුස්කෑවම ඔහොම සීන් වෙනව චන්දන අයියේ. මට පේන්නම බැරි දෙයක් තමයි අපේ සමහර අය විදේශිකයන් ඉස්සරහදි ඔවුන්ට හිනාවෙන්න සිංහලෙන් එක එක ඒවා කියන එකයි, අපේම මිනිස්සුන් ගැන උපහාසාත්මක කතා කියන්න කඩුව පාවිච්චි කරන එකයි.
Deleteඉවාන් අනේ තැන්කූ මචං. දෙනවක හාමිනේ මොනතරම් දක්ෂ නිළියෙක්ද!
Deleteඅර අම්ම මොන සියවසේද ඉන්නෙ කියලා අහා ගන්න බොට බැරි උන හැටි!! මේ සියවසේ නම් වෙන්න බෑ මචො. :D :D
ReplyDeleteඅනේ මන්දා ප්‍රියෝ... :D :D
Deleteඅපි බෙදිලා වෙන්වෙන්න හරීම කැමති ජාතියක් බස්සි...
ReplyDeleteසයන්ස් උන්...සයන්ස් නොවෙන උන් (මටත් හිතට දැනෙනවා සයන්ස් කරන්නේ උගත් උන් කියලා...එත්, ඒක පරම සත්‍යය නෙමෙයි)
කැම්පස් උන්...ඒක බැරිවුණ උන් (මෙතනදි හිනා යන්නේ ලකුණු තිබිලත් පවුල ගොඩගන්න රස්සාවට ගිය මට ඒක බැරිවුණ නිසා..අඩුගානෙ පස්සෙවත්)
ඉංග්‍රීසි පුලුවන් උන්..බැරි උන්
සිංහල උන්...සිංහල නොවන උන්
බෞද්ධ උන්...බෞද්ධ නොවන උන්
අපි බෙදෙමු...මේ දෙබෙදුම් සුචියයි
හික්ස්! සහතික ඇත්ත. අපි දෙබෙදුම් සුචි වලට ප්‍රිය කරන ජාතියක්.
Deleteසමස්ත මිනිස් ප්‍රජාවම එහෙමයිනෙ.
ඕකෙ 21 වෙනි කවිය කියවපු ගමන්ම මගෙ ඔලුවට ආව මේක මං කලින් කොහෙ හරි කියවල තියනව කියල..
ReplyDeleteමතක් කරල බැලින්නං http://rasthiyaadukaaraya.blogspot.com/ බොගේ..
මේක මං හෙන ආසාවෙන් කියවපු බොගක්..දැංනං අප්ඩේට් වෙන්නෙත් නෑ.. එතකොට තමයි දැනගත්තෙ මේ බොග ලියල තියෙන්නෙත් සෞම්‍ය සඳරුවන් කියල..
එහෙමද?!. රස්තියාදුකාරයාගෙ පෝස්ට් මමත් ඉඳහිට කියෙවුවා. කියන ඒවා පට්ට අමුයි. ඒ නිසාම රහයි. නිතර ලියන්නෙ නෑ නේද ඒකෙ.
Deleteඇයි බං ඊයෙත් ලිව්වා නේ එකක්..
Deletehttp://rasthiyadukarayamo.blogspot.com/2014/09/blog-post_19.html
Deleteමෙයා ගැනද කිව්වෙ සංචෝ.
දේශාගෙ එක නෙමෙයි අදාළ බ්ලොග් එක සංචා දාපු එක. මෙන්න ලින්ක් එක
Deletehttp://rasthiyaadukaaraya.blogspot.com/
'සැමියා බිරිඳගේ දෙවියාය' කියන පොත තියෙනවද මිස්?
ReplyDeleteප්‍රබන්ධ තියෙන්නේ අර පැත්තේ සර්.
හෙක්... අනේ අම්මප හෙන්රි... උඹට පිස්සු නෑ බං
Deleteසුරංගනා කතා පොත් තියෙන්නෙ උඩ ළමා පොත් එක්ක සර්..
Deleteහික්ස්... පට්ට කතාව ඩූඩ්!
Deleteහිතේ කෙටු ටැටූ නම් මාත් බදාගෙනම රස වින්දා..
ReplyDeleteකාටවත් පේන්නවත් තිබ්බේ නැ උස්සගෙන ගොහින් මගේ හුගල් පොත් වලට කරපු සන්තැසියම සිද්ද වෙයි කියල..
මේ පොතත් හොයාගන්න ආසාවක් ආව
මමත් හිතේ කෙටූ ටැටූ පොත කාටවත් දෙන්නෙ නෑ පැන්ඩෝ. මොකද අතුරුදහන් වුනොත් හොයාගන්නත් අමාරුයි නෙව.
Deleteකොහොමත් ඔය ගෙන්දගම් පොළොවේ පැය ගහපු සම(හරක්) හිතාගෙන ඉන්නේ හරිම අමුතු විදිහට
ReplyDeleteඒකනම් ඇත්ත නාඩියෝ....
Deleteබස්සි මස්ඉඹුල ගේ කවි කියවල තියේ ද?
ReplyDeleteමසිඹුලගේ කවිවලටත් මම කැමතියි කුරුට්ටියෝ. දක්ෂ කවියෙක් සහ ඔහුගේ කවි වලට ප්‍රස්තුත වන්නේත් අපිට හිතෙන්නේවත් නැති සිදුවීම්. හැබැයි මම ගොඩක්ම කැමති රිද්මය කඩා ගන්නෙ නැතිව සාම්ප්‍රදායික රාමුවෙන් පිට පැනපු කවි වලට.
Deleteඅනේ මටනම් මග්දලේනා හොයාගන්න කිසිම අමාරුවක් වුනේ නෑ. උඹ ඔය කියන නුගේගොඩ ලොකු පොත් සාප්පුවේ ඇතිවෙනකොටම , සරසවි ප්‍රකාශන කියන රාක්කෙ මග්දලේනා දිලිසි දිලිසී හිටියා . අනික් පොත අසමජ්ජාති ආදරය පොත් තිබ්බා අලුත් පොත් රාක්කෙ . එතනම තිබ්බා තරු රසි මේ සැරේ දාලා තිබ්බ පොස්ටුවේ තිබ්බ " මේ රහස් කවුළුවෙන් එබෙන්න පොත "
ReplyDeleteකොහෙද උඹට ඉතින් ඒවා බලන්න උස තියෙන්න එපැයි :P
අර අම්මා ෂර්ලොක් හෝම්ස් වගේ උඹව නිරීක්ෂණය කරලා පට්ට නිගමනයක් දීලා තියෙන්නේ . ෂර්ලොක් හෝම්ස් දන්නවනම් වහ කාලා කැලේ රිංගනවා
ආ කියන්න අමතක වුනා , මග්දලේනා කියෙව්වා , මටත් එහෙම නිසඳැස් කවි ලියන්න පුලුවන්නම් මරු බන්
Deleteමටනම් හම්බුනේ දෙවනි මහලේ තිබිලා.
Deleteහයියෝ සල්ලි. අලුත් පොත් තියෙන රාක්කෙටනම් මම උසයි යකූ. හැබැයි ඇත්තටම එපා වෙන වැඩක් තමයි පොත් ගන්න ගියාම උස රාක්ක වලට ලං වෙන්න තියා හිතන්නවත් බැරි එක. ඔය හේතුව හින්දා ඉස්කෝලෙ කාලෙනම් පොත් ගන්න යද්දි අපේ "කිරිහාමියා"ව (සෙට් එකේ ඉන්න උසම එකා) එක්කන් යනවා.
ඔය පොත් රාක්ක වල දෙපැත්තෙ පොඩි ඉනිමං දෙකක් වගේ තියෙනවනම් සිරාවටම ප්‍රයෝජනවත් නේද! මට මතකයි එහෙම ලයිබ්‍රරියක ෆොටෝ වගයක් දැක්කා කොහෙදිහරි.
සිරාවට යකූ මටත් හිතුනා ඕකම. එහෙම ලියන්න පුලුවන් උනානම් පට්ටයි නේ....
මම වයස 14දී කියෙව්වා 'පරාක්‍රම කොඩිතුවක්කුගේ - ක්ෂේමභුමි ' වගේ නමක් තියෙන කවි පොතක්. ඇත්තටම මම ඒ කවි තනියෙන් විචාරය කළා. හෙක්.. හිනත් යනවා දැන් නම්.. මම කවි ලියන්න ගත්තේ මටත් පුළුවන් කියල 'ලොකු සීන් ' එකක් හිතාගෙන. අපෝ තාමත් මම දනගානවා!
ReplyDeleteගන්න ඕනේ පොත... ඉන්ට අනේ... මේ දවස්වල හරි බිසී !
අන්න මම උපේක්ෂාගෙ ඉන්වර්ස් එක එතනදිනම්. වැඩක් පටන් ගන්නෙ "අනේ මට බැරියෝ" කියාගෙන නෙ. (කෑ ගහල කියන්නෙ නෑ ඒත් මම මටම කියාගන්නව එහෙම.) අන්තිමට ලිවුවට පස්සෙ වටේ ඉන්න උන්ට එකම කන්දොස්කිරියාවයි "මේක හරියන්නෑ නේද, කැතයි නේද, චා නේද" කියකියා හැටහුටහමාරක් කතා අහල වද දෙනව. ඒකනම් මගේ බරපතල නෙගටිව් පොයින්ට් එකක්.
Delete:D :D :D
එං දවසක් මජං කිටත් ගහගන පොත් කඩේකට ගියහම ( මට ගන්ඩ නෙමෙයි බං තෑග්ගක් දෙන්න , මට කියල පොතක් ගත්තේ නැ සැහෙන කාලෙකින් ) එතන හිටිය නෑම්බියො ටික මා දිහා බැලුවේ .................අනේ මේ මජං ගාගත්ත අපතයෝ කියවන පොත් ................වගේ බැල්මකින්
Deleteඋඩ තටුටුවට නැගල රාක්කවල යාලුවගේ චොයිස් එකට හරියන පොත් හොයන කොට තව එකෙක් නැට්ට වගේ මගේ වටේ කැරකි කැරකි ඉදලා.........
මොනවද බැලුවේ කියල අහනව
උස්සන්ඩ නෙමෙයි මල්ලි ආවේ ..ඔයාල ලග තියෙන්නෙම පරන බපාත්නේ කියුවහම අකුලගන පල්ලට බැස්සා
ඔහොම තමයි අටම් අයියේ අද කාලෙ ගොඩදෙනෙක් මිනිස්සුන්ව මනින්නෙ ඇඳුමෙන් පැළඳුමෙන්.
Deleteහොඳ පොත් දෙකතුනක් ගැන අහන්න තිබ්බෙ අර යකාගෙන්, කතුවරුන් ගැනත් සඳහනක් කරල. ඒත් වැඩක් නැතිවෙයි. ඕවයෙ ඉන්න උන් වැඩිහරියක් පොත් ගැන දන්නෙ නෑනෙ.
ආදරනිය වික්ටෝරියා..එල ද බ්‍ර
ReplyDeleteකුරැලු හදවත... නැව් ගත කල නොහැක
මගේ ආදරනිය යක්ෂනි...යොදාගත් අමුදව්‍ය අනුමත තත්වයේ නැත
සුපිරි.. හැක්.. එළ බ්‍රන්ඩා..
Deleteආදරණීය වික්ටෝරියා කියවන්න ගත්ත මෙන්ඩෝ. අනිත් පොත් දෙක අපේ නගාගෙ අත්අඩංගුවෙ නෙව.
Deleteඅන්තිම පිටු දෙක වැඩි අවධානයකින් කියවන්න
Deleteනුගේගොඩ මහා පොත් සැල අනිවාර්යෙන් සරසවි වෙන්න ඇති.
ReplyDeleteසන්නාගේ අම්මා පොත හොයා ගන්න මොකද බං අමාරු වුණේ.ඔය ප්‍රදර්ශණයේ හැම තැනකම වගේ තිබ්බේ.
ඔය කවි පොත් මම කියවලා නැහැ.කියවන්න හිතයි හොයා ගෙන.
ප්‍රදර්ශනේදි මගේ නට්ලූස් කමකටද මන්දා මටනම් ඒ පොත හම්බවුනේ නැහැ බන්. ඒ පොත කියෙවුවාට මට ඒක සෙට් වුනේ නෑ. ආත්මකථනයකට වඩා ඒක අධි-සංවේදී ප්‍රබන්ධයක් වගේ.
Deleteඅරන් කියවලම එන්නම්කෝ, බොලා කියවන කොට කියවන්න හිතෙනවා
ReplyDeleteකියවලාම දීපන්කො උඹේ විචාරාත්මක කමෙන්ටුවක්. ඒ කමෙන්ට් එකක් නැති වුනාම පෝස්ට් එකත් පාලුයි.
Deleteපෙනුමෙන් මිනිස්සු මනින එක අපෙ මිනිස්සු උපතින්ම ගෙන එකක් බන්.මගෙ නන්ගිගෙ වෙඩිම දවසෙ අපෙ ආපු නැයො ගොඩකට ඔන වෙලා තිබුන මටයි අයියටයි හොද ලස්සන ඇදුම් අන්දන්න.දෙන්නම හිටියෙ ඩෙනිම් දෙකක් ගහගෙන ටි ශර්ට් වලින්.ගෙදර වැඩ කරන්න බැනෙ බන් කිට මරල. එව කොච්චර ලස්සන වුනත් පිරිසිදුවට හිටියත් එයාලගෙ හිතට මදි.අනෙ අපිටනම් සතපහකට ගානක් නැ.
ReplyDeleteඔහොම තමයි දමිත් ගොඩක් මිනිස්සුන්ට පිරිසිදුකම සහ පිළිවෙල කියන එක වැදගත් නෑ. මාසයක් නෑවෙ නැතුව හරි කමක් නෑ කිට මරල ඉන්නවනම් එයා තමයි පොර!
Deleteඔය පොත් වල නම් කියුවම හිනාවෙන එක මටත් වෙලා තියෙනවා,ගෑනු අය හිටියම් තමයි ඔහම කරන්නේ ,මම සමහර වෙලාවට ඕන පොත් ටික කොලේක ලියල ගෙනියනවා,කිය කිය ඉන්න එකට වඩා ලේසියි
ReplyDeleteඅර මහා පොත් සාප්පුවෙනම් ගෑණු අය ගොඩක් එහෙමයි. හැබැයි එයාලගෙ ඉංග්‍රීසි නවකථා තියන තැන ඉන්නවා සේවිකාවක් පොත් ගැන සෑහෙන දුරට අවබෝධයක් තියෙන කෙනෙක් එයා.
Deleteපොත් ගැනත්, පාඨකයා ගැනත් එකසේ සැලකිලිමත් කාර්ය මණ්ඩලයක් ඉන්නෙ විදර්ශන එකේ තමයි.
මේ පොතට නම දැම්මේ ඇත්තටම බ්ලොග් ලියන එකෙන්ද දන්නේ නෑ. :) ඒ අම්මට දෙන්න තිබුනේ මේ බ්ලොග් එකේ ඇඩ්රස් එක. එහෙම වුණානම් සතියක් වමනේ දායි. :)
ReplyDeleteඒ පොත ලියල තියෙන්නෙ බ්ලොග් ලියපු කෙනෙක් තමයි සුදීක අයියේ....
Deleteහැක්... මේක කියෙවුවනම් ඒ අම්මට හයි බ්ලඩ්ප්‍රෙෂර් හැදිලා.