බස්සි පොඩි එකා කාලෙ පොත් කාවෙක්. පොත් ගුල්ලෙක්.
කොටින්ම කිවුවොත් බුක්මාර්ක් එකක්.
පොත් කියවීම පටන් ගන්නෙ අකුරු කියවන්නත් කලින්. ඒ කාලෙ අපේ තාත්තා ඔෆිස් වැඩවලට සතියට තුන් වතාවක් කොළඹ යනවා. ගිහින් එන හැම වතාවකම බස්සිට ලැබුනෙ අලුත් අලුත් කතන්දර පොත්.
ආපු ගමන් ඇඳුම් මාරු කරන්නත් කලින් තාත්තා බස්සිව උකුලේ තියාගෙන පොත කියවා දිය යුතුයි. ඒක තමයි නීතිය. දෙපාරක් විතර කියෙවුවාම තාත්තට වොශ් දාන්න යන්න නිදහස ලැබුනට ආයෙමත් ඇවිත් පොත කියවන්න ඕන. සිය පාරක් හරි, බස්සිට කතාව මතක හිටිනකම්.
අන්න ඊට පස්සෙ තමයිලු අකුරු නොකියවූ බස්සි බබා ගෙදරට එන අමුත්තන්ව හෙම මවිත කරමින් කටපාඩමින් පොත දිහා බලාන ශබ්ද නගා කතාව කියවන්නෙ.
කොහොමින් කොහොම හරි අවසානයේ පොත් කියවීම අනිත් අයටත් වදයක් වෙන ඇබ්බැහියක් බවට පත් වුනා වගේම බස්සිට හත වසර වෙනකල්ම “හොඳම යාලුවෙක්” නොහිටින්නත් මේ පොත් ඇබ්බැහිය තදින්ම බලපෑවා.
දෙක වසරෙදි බස්සිගේ ස්කූල් බෑග් එකේ තිබිලා යාලුවෙක්ට අහු වුනා “කල්ලන්දූවේ මුතු කොල්ලය ”.
“කාගෙද මේ පොත? මේ ලොකු පොත් ස්කූල් ගේන්න තහනම්.”
“ඕක මගේ. එහෙම රූල් එකක් නෑ, බොරු කියන්නෙපා.”
“නෑ මං මේක ටීචර්ට දෙනව.”
අන්තිමේ බටු ඇටයක් සයිස් බස්සිව තල්ලු කරදාපු යාලුවා පොත ටීචර්ට බාර දුන්නා. හවස අම්මා දුරකථනයෙන් කල දීර්ඝ පැහැදිලි කිරීමකින් පස්සෙ බස්සිට ලැබෙනවා පොත. ඒත් ඒ වෙනකොටත් බස්සිට “බොරුකාරයා” කියල කාඩ් වැදිල හමාරයි. ලොකු අයගේ පොත් කියවනවාය කියාපු බොරුකාරයා. දැන් මතක් වෙද්දි ලොල් සහගත උනාට ඒ කාලෙ මම පුදුම තරම් ලැජ්ජා වුනා ඒ ගැන.
ඔහොම ගිහින් බස්සි බබා තුන වසරට පාස් වුනා කියමුකෝ. තුන වසරේ ටර්ම් ටෙස්ට් එකට අපිට ලැබෙනවා ප්‍රශ්ණ පත්තරයක්. ඕකෙ එක ප්‍රශ්ණයක් තිබුනා පින්තූර තුනක් දීලා මේ සත්වයන්ව නම් කරන්න කියල.
බස්සි පින්තූර තුන බැලුවා.
බොලේ මේ ඉන්නෙ බල්ලෙකුයි, පූසෙකුයි, නරියෙකුයි.
පැන්සල මිටි කරන් ලිවුවා උත්තර තුන.
බල්ලා, පූසා, නරියා
මොකක් හරි පරහක් තියෙනවා වගේ මේ ලියාපු උත්තරවල. ආයෙත් බලමු.
“බල්ලා” –
ආපෝ බල්ලා කියන වචනෙ පොඩ්ඩක් ග්‍රාම්‍ය වැඩියි. ළමා පොත්වල උන්නෙ බලුහාමි. අනික “රංසිරිගේ සංග්‍රාමය” පොතේ මිනිස්සු බැනගන්නවත් එක්ක “බල්ල” කියල. ඒක හරි නෑ. මම ලියන්න ඕන “සුනඛයා” කියලයි.
“පූසා” –
ටිකක් හුරතල් වැඩියි වගේ. පූසා කියල ලිවුවොත් හිතයි මං අවුරුදු තුනේ හතරෙ පොඩි එකෙක් කියල. එහෙනම්…. “බළලා කියල ලියන්නම්කො.
බෑ බෑ බළලා හරියන්නෑ. අපේ අම්ම තරහගියාම ගෙදර පූසිව එලවන්නෙත් චිප් බළලා කියල.
අහා මෙන්න මතක් වුනා වචනෙ. මම ලියනව “බිලාලයා” කියල.
“නරියා” –
නෑ නෑ මේකනම් හරියන්නෙම නෑ. පට්ට චාටර්. ‘නරියෙක් වගේ මිනිහෙක්.’ කියලා මිනිස්සුන්ටත් බනිනව. නරක වචනයක් වගෙත් හිතෙනව. ඒ නිසා ලියන්නෝන “හිවලා” කියල. ඒක ටිකක් වැදගත් පාටයි.
විභාගය ඉවරවෙලා අලුත් වාරෙදි තමයි අපිට රෙකෝර්ඩ් බුක් දෙන්නෙ.
අළුත් ටර්ම් එකේ ඉස්කෝලෙ ගියාම මෙන්න තුන වසරෙ අනිත් පන්තිවල ටීචර්ලා සැරින් සැරේ එනව අපේ ක්ලාස් එකට. ඇවිත් මගෙ දිහාට අත දික්කරල අහනව මෙයාද ළමය කියල. ඊට පස්සෙ හිකි හිකි ගගා හිනාවෙනව. මාත් ඉතින් පුටුවෙ ගුලි වෙලා මේ මොන විනම්බෑසියක්දැයි කල්පනා කරමින් හිටිය.
හොරෙන් හොරෙන් සීන් එක දිහා බලද්දි තමයි තේරුනේ අපේ ක්ලාස් ටීචර් ඒ ටීචර්ලට පෙන්වන්නෙ මගෙ පේපර් එක බව. මං අම්බානක බය උනා ලකුණු බිංදුවක්කත් ඇවිත්ද කියලා.
පහුවදා පේරන්ට්ස් මීටින්. පණ බයේ හිටියෙ මොකද මගෙ පේපරේ බලල ටීචර්ල හිනාවුනේ හොඳකටනම් නෙමෙයි කියල දන්න නිසා.
ඒත් එදා රෑ බස්සි බබා දොයි කියල හිතාගෙන අම්ම තාත්තට කියනව පේරන්ට්ස් මීටින් එකේ විස්තරේ.
"මේ ළමය පණ්ඩිත වැඩියි කියල ටීචර් හිනාවුනා අනේ. සත්තු ගැන නම් කරන පාඩමක බල්ල වෙනුවට සුනඛයා කියල ලියල කියල ඒ මිස් හොඳටම හිනාවෙනව."
මට ඇහෙනව තාත්තත් හෙමින් හිනාවෙනව. දැනුයි තේරුනේ. බල්ලා කියන්නෙ නරක වචනයක් නෙමෙයි. සුනඛයා කියන එකයි නරක වචනෙ.
"අර ඔයා අලුතින් ගත්ත වනසරණ පොත හංගල තියන්න. නැත්නම් අපි ඔෆිස් යනකම් ඉඳලා ඒකටත් හොට දායි."
"ආ ඒක අර වෝල් කබඩ් එකේ උඩම තට්ටුවෙ තියෙන්නෙ. මෙයාට එතෙන්ට නගින්න බෑ."
අම්ම ආඩම්බරෙන් කිවුව.
කබඩ් එක ගාවට මගෙ මේසෙ ඇදන් ඇවිත් ඒක උඩින් උස පුටුවක් තියල එතනට නැගල ඇඟිලි තුඩු වලින් ඉස්සුනාම ඔය 'උඩම තට්ටුවට' මං උස බවත්, ඒකට නැගල ජීවිතේ පරදුවට තියමින් අම්මගේ "යෞවනත්වය සහ මාතෘත්වය" පොත මං කියෝල ඉවර කලේ ගිය සතියෙ බවත් අම්ම දැනගත්තොත් මොන ගිනිවිජ්ජුම්බරයක් වෙයිද කියලා හිත හිතා ඉන්න අතරෙ මට දන්නෙම නැතුව නින්ද ගියා.
පොත් ඔත්තු
කල්ලන්දූවේ මුතු කොල්ලය - කුලසේන ෆොන්සේකා
රංසිරිගේ සංග්‍රාමය - කුලසේන ෆොන්සේකා
වනසරණ - ඒ පී ගුණරත්නගේ පරිවර්තනයක්
(මුල් කෘතිය - ආර්. එල් ස්පිට්ල්ගේ Savage sanctuary)
යෞවනත්වය සහ මාතෘත්වය - දයා රෝහණ අතුකෝරල
සාහිත්‍ය මාසය වෙනුවෙන්, පොත් ගුල්ලන්ගේ පහන් සංවේගය පිණිසද, ට්‍රෙන්ඩ් එකට බුක් ෆෙයාර් යන්නන්ගේ රස්තියාදුව "අරුත්බර රස්තියාදුවක්" කිරීමටද දරන පුංචිම පුංචි වෑයමකි - පොත් ඔත්තු
ReplyDeleteහෙහ්, මේකිව උල තියන්න එපැයි බලාගෙන යද්දී..
ReplyDeleteහෙහ්.... මාව උලතියන්න එහෙම ලේසි නෑ ඩෝ. :P
Deleteස්පිටල්ගෙ පොත් නම් ඔක්කොම වගෙ මම කියවල තියනව,මටත් අම්මා අරගෙන දීපු පොත් වලින් එකක් වන සරන.කාටහරි මතකද ගුනසේන එකෙන් ගහපු කුමර කතා.රුසියන් පරිවර්තන ඒ කාලෙ ගත්තෙ කොම්පඤ්ඤ වීදියෙ තිබුන රුසියන් පොත්ම විකුනපු කඩෙන් නම දැන් මතක් වෙන්නෙ නෑ.බස්සි කියවල තියනවද වැවදෙනියේ ඇල්.ඩී.මැන්දිස් මහත්මයා ලියපු පොත්?
ReplyDeleteකුමර කතා මටත් චුටිකාලෙ තාත්තගෙන් තෑගි ලැබුනු පොතක්. නැහැ මට ඔය කියන කතුවරයාගෙ නම නම් මතකයේ නෑ. එයා ලියපු පොත්වල නමක් දෙකක් කිවුවොත්නම් මතක් වේවි...
Deleteපොත්.... අඩා පොත් නම් කියවන්නේ නෑ... උබලා ලියන එව්වා කියෙව්වම ඇති..
ReplyDeleteඒකත් නරක නෑ නේද නිමෝ....
Deleteමාත් ගුටි කකා පොත් කියවලු කාලයක් තිබ්බ අප්ප.. දැං නං බෝම අමාරුවෙන් පොතක් කියවන්න කාලෙ හොයාගන්නෙ
ReplyDeleteකාලය මැව් වෙනසක අරුමේ....
Deleteඒ කාලෙ ඔච්චර පොත් කියවන්න එපා ඇස් නරක් වෙයි කියල අම්ම පලුයන්න බනිනව. වේලාසන ඇඳට එලවනව දොයියන්න කියල.
ඒවට මාරම අකමැතියි. අපි බලන් උන්න කවද්ද ලොකු වෙන්නෙ කියල.
දැන් අපිට පොතක් කියවන්න නිදහසක් නෑ. අවශ්‍ය තරමට නින්ද නෑ.
දැන් අපි කල්පනා කරනව ආයෙත් පොඩිකාලෙට යන්න ඇත්නම් කියල.
මමත් 9 පන්තියේ රචනාවක "සායනය" ගැන ලියලා, ළොකු හුටපටයක් ගියා. හොරෙන් පොත් කියවීම කෙසේ වෙතත්, අම්මා තාත්තට ලියපු ලව් ලෙටර් නම් පොඩි කාළෙම හොරෙන් කියෙව්වා. ඒවල මාර සාහිත්ත රසයක් අප්පා තිබුනේ. තාත්තා ලියපු ලියුම් නම් අහු උනේ නෑ. පස්සෙ කාළෙක අහලා බැලුවාම, අම්මා ලියුම් ලිව්වට එයා ලියුම් ලියලා නෑ. හරියට මම වගේ. මමත් අනුන්ට ලියුම් ලියලා දුන්නට, මගේ කෙල්ලන්ට ලව් ලෙටර් දුන්නේ නෑ. ඕවා නිකං උසාවී ගානෙ රස්තියාදු වෙන වැඩ.
ReplyDeleteඒ දැන්...... ඉස්සර කවුරුත් උසාවි ගියේ නැ......
Deleteහෙහෙ අපේ Lit සර්රුත් කියනව ඉස්සර ලව් කලාට කමක්නෑ ලව් ලෙටර්නම් දෙන්න එපා කියල. ලිඛිත සාක්ෂි නෙව. පොඩ්ඩ වැරදුනොත් ගස්.
Deleteමාතලන් කියවලා තියෙනවද Kate walkerගෙ "Love Letters" කියන short story එක?
පොඩි මෙන්ඩාටත් එකම කතන්දර පොත විසි තිස් පාරකට වඩා කියලා දෙන්න ඔිනේ.
ReplyDeleteඋඔ ලියන විදිහ එල ද බ්‍රා.
තැන්කූ මෙන්ඩියා. පොඩි මෙන්ඩියාට කියලා දෙන්න රෝල් ඩාල්ගෙ, ඇස්ට්‍රඩ් ලින්ග්‍රන්ගෙ, ඩේවිඩ් විලියම්ස්ගෙ එහෙම පිස්සු කතා. සාහිත්‍ය මාසෙ ලොකු ඩිස්කවුන්ට්ස් තියෙන නිසා පොත් ගෙනිහින් තියාගෙන පොඩි මෙන්ඩියාව surprise කරමින් දවස් කීපෙකට සැරයක් පොතක් දෙන්න පුලුවන්නෙ. ඉස්සර මං අපේ තාත්ත ගැන හිතුව වගේ පොඩි මෙන්ඩියත් එතකොට හිතයි තාත්තගෙ කබඩ් එක ඇතුලෙ අච්චු කන්තෝරුවක් තියෙනව කියල.
Deleteඑල බ්‍රා අයිඩියා එක
Delete:)
Delete//දැනුයි තේරුනේ. බල්ලා කියන්නෙ නරක වචනයක් නෙමෙයි. සුනඛයා කියන එකයි නරක වචනෙ.// මේක තමා පට්ටම කෑල්ල. හැක් :D
ReplyDeleteපොඩි එක්කෙනාට මාත් දැන්ම ඉදන්ම කතන්දර පොත් චිත්‍ර පොත් එහෙම නම් එකතු කරනවා! :)
ඒකනම් හොඳම වැඩක් ප්‍රියෝ..... අද කාලෙ ගොඩක් දෙමව්පියො ළමයින්ව සනසන්නෙ ෆෝන් එකේ ගේම් එකක් දාල දීල ෂේප් වෙන එකෙන් නෙ. ජූනියර් ප්‍රියා ගර්ල් වාසනාවන්තයි ඔයා වගේ තාත්තා කෙනෙක් ලැබුන නිසා.
Deleteපණ්ඩිත කෙල්ලෙක්. මේකි කියවලා තියෙන්නේ වයසට ගැලපෙන පොත් නොවේ. මම 6 වසරේ ඉන්න විට 9 10 11 වසර වල විද්‍යාව, සමාජ අධ්‍යනය සහ ඉතිහාසය වගේ පොත් කියවලා තේරුම් ගෙනත් ඉවරයි.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමචෝ මගේ යාළුවෙක් හිටියා මිනිහා උසස් පෙළ කරද්දි.. නෝට් එක ලිව්වේ නෑ.. කියන දේ අහං ඉදල පොඩි කොල කෑල්ලක කෙටි සටහනක් ගහනවා.. හැබැයි ගෙදර තඩි පොත් ටිකක් තියාගෙන ගනං හැදුවා..
Deleteඌ අද ඉංජෙක්...
හාපෝ මමනම් හයවසරෙදි හය වසරෙ ඉතිහාස පොත්වත් කියෙව්වෙ නෑ.
Deleteහැබැයි විද්‍යාව, සිංහල, ආගම වගේ පොත් නම් කියෙව්ව, පරණ සිලබස් එකේ ඒවා.
අපෙත් හිටිය විදානේ ඔහොම එකෙක්. ෆිසික්ස් ගෲප් ක්ලාස් එකේ. මිස් ගාණ කියවද්දි අපි ඒක ලියාගෙන පැය ගනන් කල්පනා කරනව. මූ මිස් ගාණ කියවන අතරෙ ඒකෙන් ඩේටා අරන් මිස් කියවල ඉවර වෙනකොට උත්තරේ කියනව.
Deleteබස්සියෝ දන්නවද මේ කතාව ...' පන්ඩිතයට ඒදන්ඩේ යන්න බැ ' ඉස්සරහටත් කල්පනාවෙන්.....
ReplyDeleteහැබැයි මහෞෂධ පඩිතුමා නම් කිහිරි දන්ඩෙත් අග මුල හරියටම හෙව්වා.
Deleteවෙලාවට අපේ පැත්තෙ ඒදඬු නෑ
Deleteමොනා නැතත් බස්සි අක්කෙ ඔය හංගල තියන පොතුත් කියවල තිබුණු ආකාරයෙන්ම ස්ථානගත කිරීමේ අනුපමේය හැකියාව මටත් තිබුන. දැන්නම් කියවන්නෙ එළිපිටනෙ. තැන්කියු ඔත්තුවට. 1,2 සහ 4 ඉවරයි.
ReplyDelete3ත් කියවල බලන්න. සුදුහූරාගෙ පොතක්නෙ. :)
Deleteහෙක් හෙක් බස්සි බබා අමුත්තෝ ඉස්සරහා පොත් කියවාලා පොර සීන් දාපු විදිය නම් පට්ට, මමත් එක දෙක වසර වලදී හෙනම පණ්ඩිත සීන් තමා දැම්මේ, එක වසරේදී රයන්නයි ටයන්නයි ලියලවලා රට කියලා ලියවද්දී මම පිටු 4ක රට ලියලත් ඉවරයි, තව රට හාවොත් ඇඳලා, ඒ පොත් මෑතක් වෙනකන් තිබුනා, කාවෝයි මීයෝයි වැඩේ දීල :(
ReplyDelete10 වසරේ ඉද්දි මම හදනවා සීමාව ගණන් සහ අවකලනය, භාහිර ගණන් පන්තියේ ගණන් සර්ට ජ්‍යාමිතිය උගන්නලා පන්තියේ තියන විභාග ප්‍රශ්න පත්තර බලන්න උනේ මට, එකත් පට්ට ආතල්, හතුරෝන්ගේ ලකුණු කපලා දානවා ලස්සනට. :D
හෙක් හෙක් සසාර මදිර මන් මුලින්ම කියෙව්වේ 7 දීද කොහෙද, ඇයි ඒ දවස් වල x file පිස්සුව, ඒ අතරේ මට සිග්මන් ප්‍රොයිඩ්ගේ පොත් වගයක් කියවන්න හම්බ උන, දැන් නම් මතක නෑ,
මන් කියවපු ආසම පොතත් අද මන් ළඟ නෑ, එකේ නම "කෝණා", දුටු ගැමුණු රජතුමාගේ කණ්ඩුල ඇතාගේ ඇත ගොව්වා වෙච්ච වැඩි ළමයෙක් වටේ කතාව ගොඩ නැගලා තියෙනවා, ඇත්තටම ලස්සනයි, ඒවගේ ඉතිහාස කතාවලින් වීදීය බණ්ඩාර, විජයබා කොල්ලය, වගේ පොත් ඇත්තටම ලස්සනයි.
ඒත් අදටත් හිතට වදින පොත් දෙක ලේ දන්දීමේ පොතයි, පොඩි කාලේ පොටෝ තියෙන පොටෝ පොතයි තමා. අක්කගේ ලිස්ට් එකේ 1,3,4 කියෙව්වා දෙක සෙට් වෙලා නෑ. බුක් මාර්ක් එකට තැන්කු.
රන්දිව / golden island ඩෙනිස් ක්ලාක් මේකේ තමයි කොනා ඉන්නේ
Deleteස්තුතියි unknown, පොතේ නම දනන් උන්නේ මම කියෙව්වේ එකේ පරිවර්තනය වෙන්න ඕනේ එහෙනම්, පොත ආයෙත් හොයාගෙන කියවන්න ඕනා.
Deleteසොමියා ලකී. අති පණ්ඩිත වීම ගැන ලැජ්ජා වෙන්න වෙලත් නෑ. කවුරුත් සැක කරලත් නෑ. බොරු කියනව කියලා අනිත් ළමයි හිනාවෙලත් නෑ. මටනම් ඔය සේරම වුන හින්දා මගේ ළමාවිය ඒ තරම් ලස්සන එකක් වුනේ නෑලු ඉතින්.....
Deleteහැක්...අපි කියෝපුවා බස්සිට හිතාගන්නවත් බෑ, හරිද? මං තුනේ පංතියෙදි කියෙව්වෙ ලොකු අක්කගෙ යාන්ත්‍රික විද්‍යාව, ප්‍රකාශ විද්‍යාව වගේ බර බර පොත් ඈෑෑ...(ඒ වුනාට ලමයි හැදෙන හැටි දැනගත්තෙ හයේ පංතියෙදි යාලුවංගෙං තමා...හූ...)
ReplyDeleteඅම්මෝ ඒමද? මමනම් යාන්ත්‍රවිද්‍යාව සහ ප්‍රකාශ විද්‍යාව පොත් දැක්කෙත් දොළහ වසරෙදි. මොකද අපේ පවුලෙ වැඩිහරියක් ඉන්නෙ ඉකෝන් සහ කොමර්ස් කාරයො.
Deleteරන්සිරිගේ වික්‍රමය මට අහුවෙලා නැ...
ReplyDeleteදයරෝහනගේ පොත් මම කියවන්නේ 6 වසරේ ඉදලා..
මම 5 වසරේදී එදිරිවිරයන්ගේ මලගිය ඇත්තෝ කියවන්න ගිහින් තමා ප්‍රොෆ කාඩ් එකත් හදාගත්තේ...
ඒ වගේම මනරම් අතකුරු නිසා ගුරුවරු මට කිඋවේ වෙදා කියලා.ඒ වෙදායි ප්‍රොෆයි එකතුවෙලා තම අද ආචාර්ය තුමා ගොඩනැගිල ඉන්නේ..
පොටක් එක්ක දැහැන්ගත වෙන්න පුළුවන් මට ලෝකේ පෙරලෙන වෙලාවක උනත්..ඔය 5 වසරෙදී මගේ ආදරණිය රේණුකා මිස් ඇවිල්ල උගන්නල යනකන් මම දන්නේ නැ..ඒ තරමට මට අවට වට පිටාව අමතක වෙනවා..මිස් පන්තියෙන් යන්න අයිබෝවන් කියන්න මම නැගිටිනෙන් නැති කොට තම ලගට ඇවිල්ල බලල තියෙන්නේ..ලගට ඇවිල්ල තට්ටු කරනකන් මම දන්නේ නෑ..
මිලදීගන්න හැම පොතම පුස්තකාලයට පරිත්‍යාග කරන එක මගේ සිරිතක්..
ඒ හින්ද මගේ ගව පොත් එකතුවක් නම් නෑ..ලග තියෙන එකම පොත 5 වසරෙන් ඉස්කෝලෙන් අස් වෙනකොට රේණුකා මිස් මට දුන්න සැඩමුහුදේ වික්‍රමය පොත විතරයි
රංසිරිගේ සංග්‍රාමය. වික්‍රමය නෙමෙ. පරණ පොතක්. :)
Deleteඅහා එහෙනම් ඒකයි මෙයාට ප්‍රොෆා කියන්නෙ. අද අහුවුනා නමට හේතුව!
මමත් ළමා කතානම් පුස්තකාලවලට දෙනවා. ඒත් මම ආසම පොත් එකතුවක් විදියට ළඟ තියාගන්නව. උදාහරණයක් විදියට විරාගය පොත එහෙම ඩොනේට් කලා. ඒත් ඒක නැතුව පාලුයි පාලුයි වගේ හිතිලා මේ පාර බුක් ෆෙයාර් එකෙන් ආයෙත් ගත්තා.
හුලංදාවේ මිනි මරල කොළඹ පැන්න ජොකියා නේද ? :D
Deleteඔව් ඔව් එයා තමයි.
Deleteමම එක පොතක් දෙතුන් පර කියවන්නේ නෑ අක්කේ..ඉතින් තියන් වැඩක් නෑ නෙහ මට..මම ඉස්කෝලේ පොතක් වත් දෙපාර කියෝලා නෑ
Deleteහැබැයි 12 gb දැවැන්ත ebook ගබඩාවක් නම් තිබ්බා
මට ප්‍රශ්නයක් ඇත....
ReplyDeleteමේක ඇත්තම සිද්ධියක් නම්...
එක්කෝ පැරලල් වර්ල්ඩ් එකක් තියෙන්ට ඕනේ... මම ඒකෙ ඉන්නවා වෙන්න ඕනේ... වෙන්න බෑ.. එහෙම නම් මේ වගේම වෙන සිද්ධියක් එපෑ වෙන්න..
නැත්තම් එක වගේ උන් හත්දෙනෙක් ඉන්නවා කියනඑක ඇත්ත වෙන්න ඕනේ.... වෙන්න බෑ .. බස්සි මම වගේ කළුත් නෑ , කොටත් නෑ..
කොහොමද බොලේ උඹ මම වගේම මෙහෙම කොලේ? මමත් ඔහොම සත්තු වත්තේ කූඩුවට අලුතෙන් ගෙනාපු ඇලි කාක්කා වගේ අල්ලපු, උඩ පංතිවල උගන්නන ගුරුවරුන්ගේ නිරීක්ෂණයට ලක්වෙලා තියෙනවා, සමහර වෙලාවට ඔහොම පේපර් එකේ ලියන දෙයක් හින්ද, එක්කෝ කවියක් ලියල තරගෙකට ඉදිරිපත් කරන්න ගිහිං.
ඔය කියන ඔක්කොම පොත් මමත් ඒ කාලෙදිම කියෙව්වා. වෙලාවට මම හිතන්නේ අපේ අම්මට එව්වා මීටර් උනේ නැහැ.. හි.. හි..
උඩ කොමෙන්ටුවේ සොමිය කියල තියෙනවා වගේ.. මමත් 7 වසර වෙනකොට 'සංසාර මන්දිර' පොත කියෙව්වා. අදටත් සමහර ජේද මතකයි. ඒ වගේම 'ගෝරා' , 'කළු දල මල', 'ඇටමැස්සා' , 'තුන් යහළු වික්‍රමය' , 'පිං ළමයා' වගේ කතාවල් පොත ගෙදර නැතත් හිතේ පොපියනවා තවමත්.
තව දෙයක් කියන්න අමතක උනා...
Deleteමම කියෝපු අනර්ඝම පොතක් තමයි 'මුමූ' කියෝපු කෙනෙක් දන්නවා ඒ පොතේ තියෙන වටිනාකම. පිටු 80ක් වත් නැහැ.
මුමූ ගැන තව කියපියෝ එහෙනම් :D
Deleteගෙරාසිම්ගෙයි, බලු පැටියාගෙයි කතාව මං හිතන්නේ.. හරිම සංවේදී කෙටි කතාවක්.. :)
Deleteගෙරාසිම් තත්‍යානා සහ මුමූ . ඇඬෙන කතාවක්. මමත් පොඩිම කාලෙ කියෙව්වෙ. එ පොතේ ටොල්ස්තොයි ගෙ රත් මිණි වළල්ලත් තිබුනා.
Delete//බස්සි මම වගේ කළුත් නෑ , කොටත් නෑ..//
Deleteකොට නෑ, කවුද කියන්නේ..??? ඔය තියෙන්නෙත් කොට ජිවිතයක් තමා. :D
උස අඩි තුනහමාරයි කියන්නේ මට නං කොට තමා … :D
Deleteනැද්ද නිමෝ
හිහිහි උපේක්ෂා පැරලල් වර්ල්ඩ් කතාව කෙසේ වෙතත් ඔයාගෙයි මගෙයි සෑහෙන්න ෆීචර්ස් එකයි වගේ කියල මටත් හිතිල තියෙනවා/ විශේෂයෙන් ඔයාගෙ බබා කාලෙ කතා එහෙම කියද්දි. ලොකුම වෙනස තමයි ඔය නෙට්බෝල් පාරක් ගැසීම සහ චෙස් ඇදීම හැරෙන්න මම ක්‍රීඩිකාවක් නෙමෙයි.
Deleteකළු දල මල = බ්ලැක් ටියුලිප් වෙන්ට ඕනා. හිහිහි ඕක කියවන්න අරන් යනකොට ලයිබ්‍රරියෙ ඇන්ටිත් ඇහුවා එනිඩ් බ්ලයිටන්ගෙ පොතක් තෝරලා දෙන්නද කියලා. හයියෝ සල්ලි.
මුමූ මාව අඬවාපු කතාවක්. මුලින්ම කියෙවුවෙ කෙටිකතා එකතුවක තිබිලා. පස්සෙ මුමූ නමින් වෙනමම පොත් පිංචක් තියෙනව දැකලා ඒකත් ගත්තා. පුදුම තරම් සංවේදී කතාවක්.
Deleteනිමෝ & පත්තරේ :
Deleteඔව් කොටයි තමා යකුනේ. ඒකට කියන්නෙ ශෝර්ට් ඇන්ඩ් ස්වීට් කියලා.
මුන්ගෙ බොරු උපේක්ෂා මන් කොට උනාට අඩි තුනහමාරට වඩානම් උසයි. >_<
අහා කට්ට කලු නෑ. සුදුත් නෑ. තලෙලුයි.
බස්සියෝ... මුන් අපේ තියෙන කියුට්, ෂොට් ගතියට අපහාස කරලා නේද අම්මප? හුහ්.. මුන් දන්නෑ මේ මගේ හැටි එහෙනම්! අල්ලලා කොපි ගහේ බැඳලා දිමිගොටු දාන්නේ හරිද?
Deleteකොටියම කාපිය!
මම කිව්වේ.. මුමූ කියෝපු කතාව ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මම කියෙව්වේ තනි පොතක් විදියට. තාමත් මගේ ඇතුලේ ඒ කම්පනය තියෙනවා. පොත් ගැන ඉතින් කියන්න ජාති ගොඩායි... ලියන්න ගියොත් ලොකු ඇනකොන්ඩාවෙක් යැව්වා වෙනවා.
ඔව් ඔව් බ්ලැක් ටියුලිප් තමයි. ඒ වගේම 'ඇනා කැරලිනා' මම ආසම එකක්. කියෙව්වෙත් 7 වසරේදී වගේ.
බස්සියෝ: අපරාදේ අප්පා... ඔය චෙස් ඇද ඇද ඉන්න එකේ මම වගේ උස යාමට වෙන වෙන සෙල්ලම් කරන්න එපෑ.. හි.. හි.. මම හිතන්නේ ඒ හින්දද කොහෙද මම මගේ ඔරිමජිනල් ගානට වඩා අඟල් කීපයක් වත් උස ගියේ.. හි.. හි.. අපේ ගෙදර කොහොමත් ටෙඩිබෙයාර් පවුලක්..
අනේද කියන්නෙ මුන්ගෙ ඉරිසියාව උපේක්ෂා. අපිටනම් අපරාදෙ කියන්න බෑ උස පිළිබඳව තනි තීරණේ අරන් තියෙන්නෙ අම්මගේ ජාන වලින්. තාත්තට ප්‍රශස්ත මට්ටමක උසක් තිබුනට ඉතුරු අපි සේරම අඩි පහේ කෑලි.
Deleteආයෙ මක්කටෙයි තව තව ස්පෝර්ට්ස් කොරලා තියෙන අඬු ටික කඩාගන්නෙ කියල නිකම් හිටිය අනේ. ස්පෝර්ට්ස් කොරල උස යනව කිවුවට කොහෙද ඔය අපේ නගාත් ඉන්නෙ තවම අලගෙඩිය වගේ.
කමක් නෑ අනේ ඇනකොන්ඩාවෙක් යැවුවා කියලා හිනාවුනත් හිනාවෙන්නෙ ලැප් එකට මිසක්ක අපේ මූණටයැ. මට නම් අර ඉස්කෝලෙ කාලෙ බකපණ්ඩිතකම කියකියා කස්ටිය දාන කින්ඩි සිරික්කිය ඇරුනම අනිත් ඕනෙම ප්‍රතිචාරයක් අහන එක සැපයි.
සමාවෙන්න ඕන අක්කේ අදයි ඛ්ලොග් පැත්තේ එන්න ලැබුණේ. ඇත්තටම මාවත් පුංචි කාලෙට අරන් ගියා ඈ.. :D
ReplyDelete//ජීවිතේ පරදුවට තියමින් අම්මගේ "යෞවනත්වය සහ මාතෘත්වය" පොත මං කියෝල ඉවර කලේ ගිය සතියෙ බවත්.....// :v :v
මම තුන වසරෙදි ආතර් සී. ක්ලාක්ගේ 2001 පොත ඉස්කෝලෙට ගෙනිහින් කියවද්දී (මෙලෝ දෙයක් තේරුණේ නෑ ඒ වුණාට.. :/ ) ටීචර් කට ඇරන් බලාගෙන හිටපු හැටි තාම මතකයි.. :D
බ්ලොග් මගහැරුනට කමක් නෑ, අධ්‍යාපනික වැඩ ඊට වඩා වැදගත්නෙ මලයා.
Deleteහම්මේ ඔව් මටනම් දිරවන්නෙම නැත්තෙ ඔය ටීචර්ලා බලන බැලිල්ලයි ඉන් පස්සෙ කින්ඩියට වගේ දාන සිරික්කියයි තමයි.
ReplyDelete//බස්සි පොඩි එකා කාලෙ පොත් කාවෙක්. පොත් ගුල්ලෙක්.
කොටින්ම කිවුවොත් බුක්මාර්ක් එකක්. // same hear :D :D
එත් ඉතින් හෙන පොඩි කාලේ ඒ
ඇයි ඒ පොත් ගුල්ලා දැන් කැමරා ගුල්ලෙක් වෙලාද?
Deleteවාහනේ එද්දී ලයිට් කණු පහු කරද්දී පහු වෙන පහු වෙන ගානට පොතකින් රූල් දෙක තුනක් කියෝපු කාලයක් මටත් තිබ්බා
ReplyDeleteඅර බටු ඇටයක් සයිස් එකට ඉඳගෙන ලොකු ස්පෙක්ට්ස් දෙකක් දාගෙන, ශෝර්ටක් ගහන් ලොකු අයියලා අක්කල ඉන්න ක්ලාස් එකට ආපු කාලෙ නේද ඒ? :P
DeleteOyaa pandithai thamai bassiyoooo... Eeeth eee panditha kama oyaaa niyameta paawichchi karanawa. Dana ganna pandithai kiyanneth naraka deyak nemei. :) :D
ReplyDeleteපණ්ඩිතයට ඒදණ්ඩෙ යන්නත් බෑලු නෙ ඒ උනාට. තැන්කූ කවී අයියේ....
Deleteහි..හි.. බස්සිත් කරලා තියෙන වැඩ.. පොත් කියවන එක නම් මාත ආසම වැඩක්. පොතක් කියවන්න ගත්තහම නිදිමරාගෙන හරි කියවල ඉවර කරනවා.
ReplyDeleteඕ යේස්. මට මතකයි දවසක් අපේ අම්ම මට තරු පනින්න ෂොට් එකක් දීල කිවුව ඔය පොත් විසික්කරලා නිදාගත්තෙ නැත්නම් උඹව එංගලන්තෙ ඇරල හෝම්ස්ට බන්දල දෙනව කියල.
Deleteබස්සී, මහෙත් හීනයක් තිබ්බා ඉස්කෝලේ පුස්තකාලේ තියන ඔක්කොම පොත් ටික කියවන්න ඕන කියලා.. වෙලාවට බැරි උනා..
ReplyDeleteවෙනද වගේම මනරම් බස්සි...
ජ ය වේ වා
නමය වසරේ විද්‍යාව පොත නං කටපාඩං ඇති !!!!!!!
Deleteඕ යේස් …
මටත් බැරිවුනා විදානේ ඒ වැඩේනම්. අපේ පුස්තකාලෙ තිවුන තඩි සයිස් කිතු දහම ගැන ලියැවුනු පොත් සෙට් එක කියවන්නම අවුරුදු ගාණක් ගතවෙනවා නෙව.
Deleteවිද්‍යාව නෙමෙ බොලන් සෞඛ්‍යය පොත.
Deleteකුලසේන ෆොන්සේකගේ පොත් දෙක කියෝල තියේ මිස්.. එකෙන්ම !!!!
ReplyDeleteමරු! ජයවේවා!!!
Deleteපොත් ගුල්ලිට ජය වේවා!
ReplyDeleteඑසේම වේවා කුරුට්ටිටත්!!
Deleteඔත්තු පොත් හතරෙ තියෙන උඩම පොත් තුනම දෙතුන් වතාවක් කියවල තියෙනවා. ඒ තරම්ම රහයි. කල්ලන් දූවේ මුතු කොල්ලයේ කොටසක් 8 වසරද කොහෙද සිංහල පොතකත් තිබ්බා.
ReplyDeleteකුලසේන ෆොන්සේකා මහත්තයගෙ යොවුන් කතා සියල්ලම අපූරුයි.
Deleteමේකනං නියම කතාව.
ReplyDeleteඒකට නැගල ජීවිතේ පරදුවට තියමින් අම්මගේ "යෞවනත්වය සහ මාතෘත්වය" පොත මං කියෝල ඉවර කලේ ගිය සතියෙ බවත්//
:-)
ජීවිතේ පරදුවට තැබීමක් නේන්නම් ඒ කාලෙ මගෙ කොටභාවය තවත් වැඩියි නෙව. :D
Deleteමේක පට්ට බන්...
ReplyDeleteඅපි නම් ඒ කාලේ ගේමේ කියෙව්වේ වැල පත්තර විතරද කොහෙද... හැක හැක හැක
හාෆෝ මදැයි කිවුව. තාමත් එහෙමද ඈ?
Deleteතැන්කූ සිංදුවෝ....
කුලසේන පොන්සේකාගේ අර සුනිල්,අජිත්,රුවන් ඉන්න පොත් ටිකත් රන්සිරිගේ පොතත් කියවා තිබෙනවා.
ReplyDeleteහැබැයි ඉතින් ඔය උඹ ජිවිතේ පරදුවට තියලා නම් පොත් කියවන්න ගිහින් නැහැ.:D
6 වසරෙ ඉඳන් 11 වසර වෙනකංම මට සිංහල උගන්නපු මුණසිංහ මැඩම් මට මතක් වෙනව මේක කියෙව්වම.... ඒ දවස්වල මට තිබුන ලොකුම කේස් එක තමයි මොන පීරියඩ් එකේ උනත් ඩෙස්ක් එක යට පොතක් තියාගෙන කියවන එක. අපේ ගණිතය උගන්නපු මැඩම්ට මේක අහු වෙලා මාව පංතිය ඉස්සරහ දන ගහල තිබ්බ දවසෙ මුණසිංහ මැඩම් ඕපන් ෆෝරම් හෙන ගේමක් ඉල්ලුව ගනං මැඩම්ගෙන්. මූ පොත් කියවන එකට මොකුත් කියන්න එපා මමයි ඌට පොත් කියවන්න කිව්වෙ කියල. ඊට පස්සෙ ස්ටාෆ් රූම් එකට මාව ගෙන්න ගත්ත මුණසිංහ මැඩම් මට අම්ම කෙනෙක් වගේ කිව්වෙ පුතේ පොතක් උනත් කියවන වෙලාවක් තියනවනෙ..... කියල.
ReplyDelete