අඩ හඳට ගල් ගහන උන්
පුර හඳට උඩු බුරන උන්
හිතන් උන්නට අහසෙ අයිතිය
කාට කාටත් සමයි බං
අහසෙ වැටවල් ගහන උන්
තරුවලට කෙල හලන උන්
දකින ගානේ හඳේ හාවට
හිනා හිරවෙනවාලු බං
ලබන පෝයට මාධවන්
ෆාතිමාවත් එක්කරන්
එනව කිවුවලු හඳේ හාවට
උඳුපියලි මිටියක් අරං
හීන් හඳ පලුවක් අරන්
තරු තිතක් නැගුනම ඉතින්
අමර නයනා එක්ක ඇවිදින්
හඳේ ඔංචිලි පදිමු බං
අහස සින්නක්කර ලියං
ඔප්පු ගන්නට බෑ ඉතිං
ගල් ගහන අත්වලට පුරහඳ
හිතනවට වැඩි දුරයි බං
ඔව් බං බස්සියේ..ඉගිලෙන බස්සියන්ට නං පුරහඳ ටිකක් ළගයි
ReplyDeleteනලින් අයියා කාලෙකින් නේ? :)
Deleteඅතපය සහ ඔලුව බර වැඩි වුනාමනේ ඉගිල්ලෙන්න අමාරු වෙන්නෙ. අඩහඳත් පුරහඳත් දෙකම ඉවසන්න පුරුදු වුනාම හරි.
This comment has been removed by a blog administrator.
Deleteඑක්සලන්ට් කියලා තමයි කියන්න තියෙන්නේ බස්සියෝ උඹේ කවි හැකියාව.
ReplyDeleteහින්ගලෙන් කියන්නේ වල්ලා පට්ට.
බොහොම ස්තූතියි මාතලන්. නානසාදුට කොපියක් පෝස්ට් කරන්න ඉන්නේ :D
Deleteහඳේ ඉන්න හාවාට උඳුපියලිය කවන්න මීට කලින් කාටවත් හිතිල නැතිව ඇති.. ඒක නම් නියම අයිඩියාස් එකකි..
ReplyDeleteබොහොම ස්තූතියි ලක්!
Deleteකියෙව්වා බං..
ReplyDeleteඅපුරුයි යකෝ..
තැන්කූ තැන්කූ දේශෝ :D
Deleteඅපූරුයි නොවෑ බස්සියේ ...
ReplyDeleteනොකර ඉඳින් -
හඳට ගල ගහන මෝඩ හපන්කම් ...
නිවිසැනසිල්ලේ ඉඳං -
සඳ එළියේ සිසිලස විඳපන් බං ...
හිහි... තැන්කූ සඳරූ... :)
Deleteහිතේ අදහස් කැටි කරන්
ReplyDeleteපෙරලලා කවි වලට දැන්
ලියන මේ බකමුනි නංගිට
මල්කොබා සුබ පතමි බන්
තැන්කූ තැන්කූ මල්කොබා :D
Deleteපට්ට කියන්නෙ හොදම එකෙනුත් හොදම එක
ReplyDeleteජයෙන් ජයම වේවා
තැන්කුයි මහියෝ.....!
Deleteසුපිරි !
ReplyDeleteතැන්කූ චින්තක :)
Deleteඔන්චිල්ලාවේ ලනුව
ReplyDeleteඅපේ අප්පච්චිගේ බං
ෆාතිමාටයි මාධවන්ටයි
ඒක අල්ලන්න බෑ බං
රැස්විහිදෙනවා
අනික හඳේ තියෙන්නේ
අපේ සීය හිටවපු ගස් බං
පිට උන්ට එකේ කෝලම් නටන්න දෙන්න
බෑ බං
වල්ලාපට්ට බස්සි
අපේ ගොඩක් උන් හිතන් ඉන්නේ එහෙම තමා බන්.
Deleteතැන්කූ ඈ..
නියමයි අක්කේ..........
ReplyDeleteආනේ මෙයත් ඇවිල්ලා... තැන්කූ නංගියෝ...
Deleteඅනේ මන්දා බං,
ReplyDeleteඅපේ උන් ඇයි මේ තරම් බෙදෙන්න/බෙදන්න කැමති ?
ජාති ආගම් විදියට බැරිනම් කුලේ බලල හරි බෙදෙනවා. ඒත් බැරිනම් ගෙවල් දොරවල්, වත්කම් බලලා බෙදෙනවා.
Deleteගල් ගහන උන් කිව්වම මෙතන බ්‍රෑන්ඩ් එක ගල් සෙට් එකට මල පනීද දන්නෑ.. ඕං ඒකයි අපි ගල් ගහන්නේ නැතුව කෙළින්ම හඳට යන්න රොකට් ගහන්නේ.. හැක් හැක්..
ReplyDeleteකවිය නම් ඉතින් එදා වගේම
අපූරුයි.. සුන්දරයි..
උඹේ හැකියාව ගැන
ආඩම්බරයි බං..
ඒකත් ඇත්ත නේ! මෙන්ඩියයි පත්තරයයි නිමෝයි විදානෙයි දැන් මල අතේ අරන් එයිද දන්නෑ මට බනින්න.
Deleteබොහොම ස්තූතියි කලා! :)
මං හිතුවා මෙකි මල් මිටියක් වත් ගහලද කියලා :)
ReplyDeleteමගෙන් තව එකෙකුත් ඕකම ඇහුව කියන්ඩකෝ ඉතින් :/
Deleteஐலய ரசஙகமய'''''
ReplyDeleteෂහ් මරුනේ..
ජ ය වේ වා !!!
ආ... නිට්ටඹුවට ආයෙ සිග්නල් ඇවිත්.
Deleteතැන්කූ විදානේ...
අගය කරන්න වචන නැත..
ReplyDeleteබොහොම ස්තූතියි සංචා...
Deleteබස්සි හදට පොලු ගහපු උන් හිටිය ගමේද ? කයියෙ අමුතුම කික් එකක් තියෙන බව කිව යුතුමය...
ReplyDeleteඅම්මෝ නෑ නෑ. හඳට පොලු ගහපු ගමේ නොවුනට බස්සි හඳට පොලු ගහපු රටේ. :)
Deleteනියමයි .. සුපිරි...එළ.. etc
ReplyDeleteතැන්කූ සුසී...
Deleteහරි අගෙයි . අපූරුයි !!
ReplyDeleteබොහොම ස්තූතියි තිලකසිතට :)
Deleteඅඩේ ඒකේ මාර ගතියක් තියෙනවනේ.. නියමයි..
ReplyDeleteහිහී... තැන්කූ වේවා ඉඳිකට්ටා අයියේ.....
Deleteනියමයි.....
ReplyDeleteතැන්කූ නංගෝ..
Deleteනියමයි බක්ෂියෝ .......
ReplyDeleteගල් ගහන උන් හෙලා දැකීම ගැන බලවත් අප්‍රසාදය
ගල් බලකාය වෙනුවෙන් සින්දු ඇනෝ
බ්‍රෑන්ඩ් එක ගල් ...
මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ.....
මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ.....
මේ සෙනෙහෙ කන්ද නුඹේ හිතට බර වැඩි වුණු හින්දා
මගෙ පැතුම් කන්ද නුඹෙ පාමුල විසිරුණිදෝ මන්දා
නෑසියන් බහට අවනත වී මා හැරගිය හින්දා
මගෙ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා
රියසක ලෙස පෙර පින පව අප පසුපස ආවේනම්
මේ විරසකයක් වෙලා මොටද පෙර පෙම් කෙරුවානම්
රහසක් නෑ මින් මතුවත් වෙනසක් නෑ මා නම්
හසරක් නැති ආදරයක් යළි නොපතමි කිසිදා මං
ගී පද - සුරම්‍යා මාපිටිය
ගී තනු - නන්දසේන කටුවාවල
ගායනය - සුනිල් එදිරිසිංහ
තැන්කූ සින්දු ඇනෝ... මේ ටිකේ ගල් බලකාය බිසී වගේ.
Deleteලස්සන සිංදුවක්!
නැත නැත බිසි නැත ගල් බලකායෙ කැදවුම්කරැ ලගදිම ලංකාවට සැපත් වන වගයි..
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
හම්මේ ඔව් නේද? ළඟදි විශේෂ පදවි ප්‍රාප්තියකුත් තියනව කියන්නෙ.
Deleteඑල ද බ්‍රා මචං..
ReplyDeleteමේ වගේ සිතුවිලි ඉතින් එන්නෙ උඔටම විතරයි.
බ්‍රෑන්ඩ් එක ගල්
හිහී.. තැන්කූ මෙන්ඩියෝ...
Deleteඔහොම වෙන්න බෑ! ජාත්‍යාලේ වඩන්න ඕනේ!
ReplyDeleteඅලුත්ම චිත්ත සමාධි භාවනාව. :3
Deleteකයියනුත් ටොප් ඒකෙන් ඇනපු ටොක්කත් ටොප්
ReplyDeleteබොහොම ස්තූතී සිංදුවෝ...!!
Deletemata මේකේ ඉස්සල්ලම තුන්වෙනි කවි කැල්ල හිතට වැදුන ඊට පස්සේ යේ කියවන්න හිතිලා කියෙවුව ඒ පරනම් කවියම එකම වගේ පට්ටයිනේ කියල හිතුන. මරු අදහස
ReplyDeleteහිහිහි... තැන්කූ වේවා හොරෝ... :) :)
Deleteඋඹේ කවි හරි රහයි බං
ReplyDeleteබුකියෙ හැමවිට දකිනවනෙ මං
ඒව දැක්කම මට හිතෙන්නේ
නුඹ කිවිඳියකි පෙර බවේ නම්
උඹ කිව්වට සොරි හොඳේ :D. ජය වේවා!!!
උඹ කියන්නෙ යාලු ෆිට් එකටනේ. මොකටද සොරි කියන්නේ... තැන්කූ හොඳේ මනා!
Deleteඉදලා හිටලා රොකට් එකක නැගලා මාත් සද තරනය කරනවා....
ReplyDeleteහදට ගිහින් හදේ ඉදන් මහ පොලවට ගල් ගහනවා.....
:D
:D
හලෝ...!! මේ එෆ් බී එකේ ලියන මලින්ත වෙන්න ඕන නේද?
Deleteසාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට!!!