Monday, January 19, 2015

ගල් ගහන අත්වලට පුරහඳ හිතනවට වැඩි දුරයි බං









අඩ හඳට ගල් ගහන උන්
පුර හඳට උඩු බුරන උන්
හිතන් උන්නට අහසෙ අයිතිය
කාට කාටත් සමයි බං

අහසෙ වැටවල් ගහන උන්
තරුවලට කෙල හලන උන්
දකින ගානේ හඳේ හාවට
හිනා හිරවෙනවාලු බං

ලබන පෝයට මාධවන්
ෆාතිමාවත් එක්කරන්
එනව කිවුවලු හඳේ හාවට
උඳුපියලි මිටියක් අරං

හීන් හඳ පලුවක් අරන්
තරු තිතක් නැගුනම ඉතින්
අමර නයනා එක්ක ඇවිදින්
හඳේ ඔංචිලි පදිමු බං


අහස සින්නක්කර ලියං
ඔප්පු ගන්නට බෑ ඉතිං
ගල් ගහන අත්වලට පුරහඳ
හිතනවට වැඩි දුරයි බං






57 comments:

  1. ඔව් බං බස්සියේ..ඉගිලෙන බස්සියන්ට නං පුරහඳ ටිකක් ළගයි

    ReplyDelete
    Replies
    1. නලින් අයියා කාලෙකින් නේ? :)

      අතපය සහ ඔලුව බර වැඩි වුනාමනේ ඉගිල්ලෙන්න අමාරු වෙන්නෙ. අඩහඳත් පුරහඳත් දෙකම ඉවසන්න පුරුදු වුනාම හරි.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. එක්සලන්ට් කියලා තමයි කියන්න තියෙන්නේ බස්සියෝ උඹේ කවි හැකියාව.

    හින්ගලෙන් කියන්නේ වල්ලා පට්ට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්. නානසාදුට කොපියක් පෝස්ට් කරන්න ඉන්නේ :D

      Delete
  3. හඳේ ඉන්න හාවාට උඳුපියලිය කවන්න මීට කලින් කාටවත් හිතිල නැතිව ඇති.. ඒක නම් නියම අයිඩියාස් එකකි..

    ReplyDelete
  4. කියෙව්වා බං..
    අපුරුයි යකෝ..

    ReplyDelete
  5. අපූරුයි නොවෑ බස්සියේ ...

    නොකර ඉඳින් -
    හඳට ගල ගහන මෝඩ හපන්කම් ...
    නිවිසැනසිල්ලේ ඉඳං -
    සඳ එළියේ සිසිලස විඳපන් බං ...

    ReplyDelete
  6. හිතේ අදහස් කැටි කරන්
    පෙරලලා කවි වලට දැන්
    ලියන මේ බකමුනි නංගිට
    මල්කොබා සුබ පතමි බන්

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මල්කොබා :D

      Delete
  7. පට්ට කියන්නෙ හොදම එකෙනුත් හොදම එක
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  8. ඔන්චිල්ලාවේ ලනුව
    අපේ අප්පච්චිගේ බං
    ෆාතිමාටයි මාධවන්ටයි
    ඒක අල්ලන්න බෑ බං
    රැස්විහිදෙනවා

    අනික හඳේ තියෙන්නේ
    අපේ සීය හිටවපු ගස් බං
    පිට උන්ට එකේ කෝලම් නටන්න දෙන්න
    බෑ බං

    වල්ලාපට්ට බස්සි

    ReplyDelete
    Replies
    1. අපේ ගොඩක් උන් හිතන් ඉන්නේ එහෙම තමා බන්.
      තැන්කූ ඈ..

      Delete
  9. නියමයි අක්කේ..........

    ReplyDelete
    Replies
    1. ආනේ මෙයත් ඇවිල්ලා... තැන්කූ නංගියෝ...

      Delete
  10. අනේ මන්දා බං,
    අපේ උන් ඇයි මේ තරම් බෙදෙන්න/බෙදන්න කැමති ?

    ReplyDelete
    Replies
    1. ජාති ආගම් විදියට බැරිනම් කුලේ බලල හරි බෙදෙනවා. ඒත් බැරිනම් ගෙවල් දොරවල්, වත්කම් බලලා බෙදෙනවා.

      Delete
  11. ගල් ගහන උන් කිව්වම මෙතන බ්‍රෑන්ඩ් එක ගල් සෙට් එකට මල පනීද දන්නෑ.. ඕං ඒකයි අපි ගල් ගහන්නේ නැතුව කෙළින්ම හඳට යන්න රොකට් ගහන්නේ.. හැක් හැක්..

    කවිය නම් ඉතින් එදා වගේම
    අපූරුයි.. සුන්දරයි..
    උඹේ හැකියාව ගැන
    ආඩම්බරයි බං..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නේ! මෙන්ඩියයි පත්තරයයි නිමෝයි විදානෙයි දැන් මල අතේ අරන් එයිද දන්නෑ මට බනින්න.

      බොහොම ස්තූතියි කලා! :)

      Delete
  12. මං හිතුවා මෙකි මල් මිටියක් වත් ගහලද කියලා :)

    ReplyDelete
    Replies
    1. මගෙන් තව එකෙකුත් ඕකම ඇහුව කියන්ඩකෝ ඉතින් :/

      Delete
  13. ஐலய ரசஙகமய'''''

    ෂහ් මරුනේ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ආ... නිට්ටඹුවට ආයෙ සිග්නල් ඇවිත්.
      තැන්කූ විදානේ...

      Delete
  14. අගය කරන්න වචන නැත..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සංචා...

      Delete
  15. බස්සි හදට පොලු ගහපු උන් හිටිය ගමේද ? කයියෙ අමුතුම කික් එකක් තියෙන බව කිව යුතුමය...

    ReplyDelete
    Replies
    1. අම්මෝ නෑ නෑ. හඳට පොලු ගහපු ගමේ නොවුනට බස්සි හඳට පොලු ගහපු රටේ. :)

      Delete
  16. නියමයි .. සුපිරි...එළ.. etc

    ReplyDelete
  17. හරි අගෙයි . අපූරුයි !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලකසිතට :)

      Delete
  18. අඩේ ඒකේ මාර ගතියක් තියෙනවනේ.. නියමයි..

    ReplyDelete
    Replies
    1. හිහී... තැන්කූ වේවා ඉඳිකට්ටා අයියේ.....

      Delete
  19. නියමයි බක්ෂියෝ .......
    ගල් ගහන උන් හෙලා දැකීම ගැන බලවත් අප්‍රසාදය
    ගල් බලකාය වෙනුවෙන් සින්දු ඇනෝ
    බ්‍රෑන්ඩ් එක ගල් ...

    මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ.....
    මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ.....

    මේ සෙනෙහෙ කන්ද නුඹේ හිතට බර වැඩි වුණු හින්දා
    මගෙ පැතුම් කන්ද නුඹෙ පාමුල විසිරුණිදෝ මන්දා
    නෑසියන් බහට අවනත වී මා හැරගිය හින්දා
    මගෙ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා

    රියසක ලෙස පෙර පින පව අප පසුපස ආවේනම්
    මේ විරසකයක් වෙලා මොටද පෙර පෙම් කෙරුවානම්
    රහසක් නෑ මින් මතුවත් වෙනසක් නෑ මා නම්
    හසරක් නැති ආදරයක් යළි නොපතමි කිසිදා මං

    ගී පද - සුරම්‍යා මාපිටිය
    ගී තනු - නන්දසේන කටුවාවල
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. තැන්කූ සින්දු ඇනෝ... මේ ටිකේ ගල් බලකාය බිසී වගේ.

      ලස්සන සිංදුවක්!

      Delete
    2. නැත නැත බිසි නැත ගල් බලකායෙ කැදවුම්කරැ ලගදිම ලංකාවට සැපත් වන වගයි..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. හම්මේ ඔව් නේද? ළඟදි විශේෂ පදවි ප්‍රාප්තියකුත් තියනව කියන්නෙ.

      Delete
  20. එල ද බ්‍රා මචං..
    මේ වගේ සිතුවිලි ඉතින් එන්නෙ උඔටම විතරයි.

    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. හිහී.. තැන්කූ මෙන්ඩියෝ...

      Delete
  21. ඔහොම වෙන්න බෑ! ජාත්‍යාලේ වඩන්න ඕනේ!

    ReplyDelete
    Replies
    1. අලුත්ම චිත්ත සමාධි භාවනාව. :3

      Delete
  22. කයියනුත් ටොප් ඒකෙන් ඇනපු ටොක්කත් ටොප්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී සිංදුවෝ...!!

      Delete
  23. mata මේකේ ඉස්සල්ලම තුන්වෙනි කවි කැල්ල හිතට වැදුන ඊට පස්සේ යේ කියවන්න හිතිලා කියෙවුව ඒ පරනම් කවියම එකම වගේ පට්ටයිනේ කියල හිතුන. මරු අදහස

    ReplyDelete
    Replies
    1. හිහිහි... තැන්කූ වේවා හොරෝ... :) :)

      Delete
  24. උඹේ කවි හරි රහයි බං
    බුකියෙ හැමවිට දකිනවනෙ මං
    ඒව දැක්කම මට හිතෙන්නේ
    නුඹ කිවිඳියකි පෙර බවේ නම්

    උඹ කිව්වට සොරි හොඳේ :D. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නෙ යාලු ෆිට් එකටනේ. මොකටද සොරි කියන්නේ... තැන්කූ හොඳේ මනා!

      Delete
  25. ඉදලා හිටලා රොකට් එකක නැගලා මාත් සද තරනය කරනවා....
    හදට ගිහින් හදේ ඉදන් මහ පොලවට ගල් ගහනවා.....

    :D
    :D

    ReplyDelete
    Replies
    1. හලෝ...!! මේ එෆ් බී එකේ ලියන මලින්ත වෙන්න ඕන නේද?
      සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට!!!

      Delete