Tuesday, December 22, 2015

The බසු corner!







හැන්දෑවෙ අහස දම්පාට වේගෙන එනකොට තමයි බස්සන්ගෙ දවස පටන් ගන්නෙ. දවසට kick start එක දෙන්නෙ පාන්දරද, හැන්දෑවෙද කියල වෙනසක් නෑ බස්සන්ටත් problems එමට!


හවස tution එකට යනවද, නැත්නම් කට් පාර දාලා සෙටාර් එකත් එක්ක shopping රස්තියාදුවක් දානවද? News බලනවද නැත්නම් අලුතෙන් බාගත්තු TV series එක අදිනවද? බෝඩිමට ආව ගමන් අම්මට කෝල් කරනවද, නැත්නම් කොල්ලට කෝල් කරනවද?


දවසින් දවස choices පැටව් ගහනවා. ඉතින් අපේ ඔළුගෙඩි තම්බපු නූඩ්ල්ස් ගොඩක් වගේ complex වෙනවා.


ක්‍රිස්මස් පාටියට අඳින්නේ frock එකක්ද, glamorous කුර්තා එකක්ද, විච්චූරණ cocktail dress එකක්ද කියන එක වගේ සිම්පල් දේකදිත්, A Level ඉවරවෙලා කෙලින්ම ජොබකට යනවද, results එනකම් ගෙදරට වෙලා මාලු බානවද, ආණ්ඩුවෙ campus එකකට හොම්බ දා ගන්නවද, ප්‍රයිවෙට් කැම්පස් යනවද, එහෙමත් නැත්නම් short term course එකක් පටන් ගන්නවද කියන ජීවිතේ කඩඉම් ප්‍රශ්ණෙකට එනකම් අපිට ගෝනි ගනන් choices ලැබෙනවා.


දෙමං හන්දියකදි නම් යන්න ඕනෙ පාර කාසියක් උඩ දාල decide කරන්න පුළුවනි. ඒත් මචංලා, කඩඉම් හන්දියෙදි පාර අතු දහයකට, පහළවකට බෙදෙනකොට තමයි තනි ඇහැට ඇඬෙන්නෙ.


අන්න ඒ වගේ තැනකදි හරි track එක තෝරගත්තෙ නැත්නම් life එකම totally මස්තබාල්දු වෙලා යන්නත් පුළුවන්.


මෙහෙමයි. ඒ වෙලාවට බලන්න ඕනෙ පොඩි අංජනමක්. අවුරුදු දහයක්, විස්සක්, තිහක් එහාට. කොයි පාරෙ ගියොත්ද අපිට වැඩියෙන්ම සතුටෙන් ඉන්න ලැබෙන්නෙ කියන එකනෙ අන්තිමේදි වැදගත් වෙන්නෙ. සුනාමි, ටෝනාඩෝ එන එක නවත්තන්න බෑ තමයි මචං. ඒ වුනාට අපිටත් කාලගුණේ ගැන පොඩි ඉවක් තියෙනවනෙ. නැද්ද මං අහන්නෙ?


CHOICE එක හැමවෙලාවෙම map වෙන්න ඕනෙ HAPPINESS එකත් එක්ක, ඒත් එක්කම අපේ personal values එක්ක.


අන්න එතකොට දෙමං හන්දියකදි උනත් කාසි උඩදාන්න, දාදු කැට කරකවන්න වෙන්නෙ නෑ. 


මම මේ කල්පනා කරන්නෙ, පිහාටු tint කරගන්නෙ දම් පාටින්ද, dark brown වලින්ද, නැත්නම් hot pink වලින්ද කියලා. ඒකට නම් කාසියක් උඩදාන්න වෙයි වගේ. 


Choices තුනෙන් එකක් select කරගන්න පැති තුනක් තියන කාසියක් හොයාගන්න එකනෙ මචං මොලේ  මැල්ලුං වෙන problem එක!




60 comments:

  1. ටියුෂන් යනවද මොන්ටිසෝරී ළමයි
    උඹට පිස්සු බං
    අපේ ආච්චිත් කිව්වා උඹට පිස්සු කියලා..

    ලොහ් ලොහ්.. ලොබු කටෙන් හිනා උනත් එක්ක..

    පස්සෙ කියනවා..

    අලේ මල්ල්ලැල්ලෑ.. කල්ලල් ලෑ බොල්ලල් ලෑ.. අය වැයේ මක්කක් ලෑ කියලා..

    මාත් දැන් මොන්ටිසෝරි යනවා..

    එත්හන පට්ට බං

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්! නර්සරි රයිම්ස් වලත් පට්ට දේශපාලනයක් තියනවනෙ.හෂිත අයියගෙ කතාවෙත් ඒක කියවුනා එදා. මම ඔය ගැන ලියන්න ඉන්නෙ.

      මොන්ටිසෝරි කොන්සට් ගැන මුකුත්ම නොකියා ඉන්නයි මම තීරණය කලේ. ඒත් ඒ සම්බන්ධව මෙන්න මේ ටික විතරක් කියන්නම් නේද?

      "බත් කන ළමයට කිරි බොන්න පුළුවන්. ඒත් කිරි බොන ළමයට බත් කන්න බෑ. සමහර බත්කන ළමයි කිරි බොන්න ආස නැති නිසා කිරි කියන්නෙ 'මොන්ටිසෝරි බීමක්' විදියට සලකනවා. ඒත් උන්ට මතක නෑ උනුත් බත් කන්න තරමට වැඩුනෙ කිරි බීලා විත්තිය.

      හැබැයි අම්මෙක්ට ඔය වාද බේද බලබලා ලතවෙන්න කාලයක් නෑ. බත්කන ලමයින්ට බත් හදන්නයි, කිරි බොන ළමයින්ට කිරි හදන්නයි, තේ වෙලාවට කෙටි කෑම හදන්නයි, ඔෆිස් යන්නයි, වැඩ අටෝරාසියක් තියෙනවා."

      Delete
  2. Is this your first column on this paper???

    ReplyDelete
    Replies
    1. කන්ගැජ්ලේෂන්ස් කියන්න නෙව.. හැක්.. ඔන්න ඕක හරි. හැබැයි බං සතියකට එකක් දාන්න ක්‍රමයක් හොයාගං.

      Delete
  3. දැන් ඒ කියන්නේ පත්තර බලන එවුන්ටත් අවුල් වෙන්න පුළුවන් ඈ.........

    ReplyDelete
    Replies
    1. පත්තර බලන උන් දැන් ටික කාලෙක ඉඳන් අවුල් වෙනවලු. :D

      Delete
  4. ඕකට කාසියක්ම ඕන නෑනෙ. පැති තුනක් තියෙන වෙන මොකුත් හොයාගෙන හරියන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඕන් කිව්වා. ඕන් කිව්වා කතාවක්!

      Delete
  5. බස්සි අක්කා ලියන විදියට අපි ආසයි.. ඒත් ඔයාට සිංග්ලිෂ්වලින්වලට වඩා ලස්සනට සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්.ඒත් ඉතිං පත්තරේ ඉල්ලන හැටියට සැපයුම දෙන්න වෙනවා නේද..??

    ReplyDelete
    Replies
    1. ඔව් නංගෝ. ඉල්ලුමේ හැටියට සැපයුම. බය වෙන්න එපා බසු බ්ලොගේ ඇතුලෙම විවිධාකාර ස්ටයිල් ගණනාවකින් ලියැවුන ලිපි තියෙනවනෙ.

      Delete
  6. වැහි සහෝදරීගේ කතාවට මමත් එකඟ වෙමි.රාවයේ ලිපිය නම් කදිම ය.ඒත් මං එදා පටන්ම ඔය මව්බිමේ බොහොමයක් ලිපිවල භාෂා විලාසයට නම් කිසි මනාපයක් නැති බව කියන්න ඕනෑ ය.අනේ බස්සි අක්කේ, ඉල්ලුමට අනුව සැපයුම ලබා දෙන්ට ගිහින් ඔයාගේ ලස්සන සහ වටිනා අනන්‍යතාවය යටපත් කරගන්න නම් එපා! :'(

    ReplyDelete
    Replies
    1. ආ අමතක උනා නෙ කියන්න,අර පිහාටු පාට කරන වර්ණ සංයෝජනය තෝරන හැටි ගැන ලියපු ටික නම් ශෝයි :)

      Delete
    2. බසු බ්ලොගේ ඇතුලෙම විවිධාකාර ස්ටයිල් ගණනාවකින් ලියැවුන ලිපි තියෙනවනෙ. මම බසු අනන්‍යතාවය ගොඩනඟන්න උත්සාහ කරන්නෙත් ඒ විවිධත්වය ඇතුලෙ.

      රාවයේ, මවුබිමේ හෝ වෙනත් තැනක පලවෙන එකම ආරක ලිපිවලින් බසු අනන්‍යතාවය පේන එකක් නෑ. බස්සි ඉන්නෙ මෙතන. මේ බ්ලොග් එකේ. කලබල සිහින පොතේ තියෙන්නෙත් තෝරගත්තු හොඳ පිහාටු එකතුවක් පමණයි. බස්සි ඉන්නෙ මෙතන. හැමදාටම එහෙමයි.

      Delete
  7. සුබ පැතුම් බස්සී.ඔයාගේ කවි පොත දොරට වැඩීම ගැන රසිකොලොජිස්ට් ලිපිය දැක්කම සතුටු හිතුනා.
    දිගටම අලුත් දේවල් කරන්න කාලය සහ හැකියාව ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඔමයා අක්කව දැක්ක කල්

      Delete
    2. උඹත් ලියපන්කෝ... අපරාදේ ටැලන්ට් එක...

      Delete
    3. බොහොම ස්තූතියි ඔමා!
      ඔමා දැන් සෑහෙන්න බිසී වගේ? දිගටම ලියනවානම් අපි බොහොම සතුටුයි. :)

      Delete
    4. අපූට මං බුට් එක තියපු දවසේ ඉදලයි ඔය ලියන්නේ නැත්තේ.. කමක් නෑ ලියහං. හැක්

      කෝමද සුදූ.. කාලෙකින් දැක්කේ.. හැක්

      Delete
    5. කමෙන්ට් එක දාද්දි මන් දැනගෙන හිටියා බැනුම් අහන්න වෙනෝ කියලා. මන් ලියනවා ලියන්න ඕනේ . ඇත්ත්ටම බිසී නෑ මන් ඒත් මන් බ්ලොග් ලෝකෙන් ටිකක් ඈතට ගිහින්.ඉක්මනින්ම හිත ගත එක්කාසු කරන් ලියන්න පටන් ගන්න ඕනේ පුලුවන් විදියකට. ස්තූතියි ඔක්කොටම.දේශ් බබී උම්මා ඈ.

      Delete
  8. බස්සි අක්කේ සුභ පැතුම් ^_^

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ අමා. ඔමාගේ හීන වෙනුවට හීන සාප්පුවක්ම දාලා

      Delete
  9. ඔන්න බස්සි පත්තරෙන් ඔතාන එනවය කියන්නේ......
    කොන්ගජුලීසෝන්.....

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. අඟහරුවාදටයි ඔතල ගේන්නේ!
      තැන්කූ මලයා!!

      Delete
  10. මුලින්ම අලුත් වැඩේට සුබ පැතුම් අක්කේ

    තමන්ටම අනන්‍ය වූ රාමුවක් තමන්ම හදාගන්නවා නම් තෝරාගැනීමක් කිරීමට වඩාත් ලේසි..හැබැයි ඒ රාමුව ගැසීමේදී තමන්ට ඕනි ආසා දේ උපරිමව යොදන්න..අල්ලපු ගෙදර එකී කල නිසා මෙහෙම කලොත් කවුරුත් හිනවෙයිද හිතන්නේ නැතුව තමන් අසා තමන්ට ඕනි දේ එකෙන්ම කරන්න

    ReplyDelete
    Replies
    1. අන්න වටින කතාවක්. තැන්කූ ප්‍රොෆා මල්ලී!

      Delete
  11. සාමාන්‍යයෙන් සීරියස් පෝස්ට් වලටත් මට එන්නෙ ජෝක් කමෙන්ට්.
    ඒත් මේකට නෑ. බස්සිට තියන මොලේ මට ඒකාලෙ තිබුනනම්...
    අද්ධ්‍යාපනය අතින්නම් දැන් තියන චොයිසස් ඉස්සර තිබුනෙ නෑ

    ReplyDelete
    Replies
    1. මදැයි. අපරාදෙ මම බෙල්ල කඩාගෙන ලියන සීරියස් පෝස්ටු.

      Delete
    2. Huh? I said THIS I took seriously !

      Delete
  12. Math oyge nirmana rasa widina kenek.eth akke me style eka nam hari na.oyata mita wada lassanata liyanna puluwan.idiri lipi waladi oyage style ekn liynna

    ReplyDelete
    Replies
    1. බසු බ්ලොගේ ඇතුලෙම විවිධාකාර ස්ටයිල් ගණනාවකින් ලියැවුන ලිපි තියෙනවනෙ. මම බසු අනන්‍යතාවය ගොඩනඟන්න උත්සාහ කරන්නෙත් ඒ විවිධත්වය ඇතුලෙ. බස්සි ස්ටයිල් කියලා කියන්නෙ ඒ විවිධත්වයට.

      ඔයා අකමැති ආරකින් ලියැවෙන ලිපි නොකියවා ඉන්න ඔයාට පූර්ණ නිදහස තියෙනවා. අනික, මේ වගේ අකමැති දේ කෙලින් කියන එක මම බොහොම අගය කරනවා හොඳේ!

      Delete
  13. බ්ලොග් ලෝකයේ සිට පත්තර ලෝකයට...
    සුබපැතුම් .....!
    හැබැයි බස්සියෝ පත්තර රහ වැටිල බ්ලොග් අත අරිනව හෙම නොවෙයි ඕං...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ!

      අපෝ නැහැ. මම කලිනුත් කිව්වා වගේ, එක එක පත්තරේට යවන්නෙ එක එක පාට පිහාටු. පොතේ තියෙන්නෙත් වෛවර්ණ බසු පිහාටුවල එකතුවක්. ඒත් හැබෑ බස්සි ජීවත්වෙන්නෙ, හුස්ම ගන්නෙ, මේ බ්ලොග් එක ඇතුලෙ. මොකද, මේකනෙ බස්සිගෙ නවාතැන.

      Delete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. කන්ගැජුලේසන්ස් බස්සි අක්කේ! සිංග්ලිෂ් වැඩේ බස්සිගේ නවාතැනේ කුරුල්ලන්ට ටිකක් විතර හුරු නැති නිසා මදි මදි වගේ දැනුනත් ජීවිතේට බ්ලොගක් නොකියවන එකෙක්ට, සරල බාසාවෙන් කියවලා තේරුම්ගන්න වඩා පහසු කෙනෙක්ට ඔය ක්‍රමය හොඳයි කියලයි සාකියා නම් හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. තැන්කූ සාකියා!
      ඔයාගෙ කතාවට අත් දෙකම උස්සලා එකඟ වෙනවා.

      Delete
  16. මගේ යාලු බස්සියෝ

    උසස් පෙල කරන්න සා/පෙ කරලා ඉන්න එපායෑ

    සා/පෙ කලාට පස්සෙ බලකලේ බයෝ කරපන් කියලා.
    විද්යා, ගනිත, කලා පාරවල් තුනක් තිබුනට අපි ආසා කරන කියන පාරක යන්න ඉඩ ලෑබුනේ නෑ

    ඉඩලෑබුනත් විශ්ව විද්යාලයට යන්න පුලුවන් කීදෙනාටද ලන්කාවෙ?

    අවන්කවම කියනවනම් බස්සියෝ. ....
    චොයිස් නෑ
    අහුවෙන පාරක කෙලින්ම ගියේ නෑ......
    අහුවුන පාරේ දිගටම ගියා.......
    80' චොයිස් එක තමයි ඒක. .....
    ===========================

    බසු කෝනර් කියවන්න "දකුනු සුඩාන්" රටේ කලුම කලු කොල්ලෙක් ආවා අද.
    මගේ පරිවර්තනය අහලා ඌ කියනවා "Your Shiri Lanka poet girl written my kind of a story. But I cannot believe that you translated the blog correct way....bcs this is exactly what's happening to our country's young people....by the way she is a beautiful poet."

    මට හිනා.

    එතකොට ඌ උත්තර දෙනවා මේ විදියට "Can we go to Shiri Lanka...to meet all these poetic people...or can we invite them to my country to show them that how my people live same way and think same way..."

    I said.... "Omg....Srilankan people have way better lifestyle than South Sudanese people. And they live happy without the damn war..."

    He replied.... "we have a war..but minds are not locked up...it's flying high freely".
    That's also true. ...

    දිගටම ලියන්න
    අපි කියවන්නම්....මමත් මොනවිදියටහරි හරි ගෑටගහලා පරිවර්තනය කරන්නම් කලු/සුදු රසිකයන්ට

    ජයවේවා බස්සියෝ

    ===Adrian Channa from Toronto = = =

    ReplyDelete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. සුබ පැතුම්, ඔයාගේ අනන්‍යතාවය තියාගෙන ලියන්න.

    ReplyDelete
  19. පැති තුනක් තියන කිසියක්????


    ජ ය වේ වා !!! හැමදේකටම

    ReplyDelete
  20. කොලම් කියන්නේ දැං කෝලමක් වෙලා...
    කීබෝඩ් එක තියෙන පලියට කොටන එවුං තමයි ඔය තරුණ පිටුවල කොලම් කාරයෝ කියල කෝලං කරන්නේ..
    එහෙම පසුබිමක ඔළුවේ අදහසක් එක්ක ලියන කෙනෙක් විදියට වැඩක් කරන්න පුලුවන් වෙයි කියල හිතනව....
    ගුල්ලක්!!! 

    ReplyDelete
  21. බස්සි අක්කගේ කවි පොත මහේෂ් අය්ය තැපෑලෙන් එවනකන් මග බලන් ඉන්නව. අලුත් වැඩකට අතගහල වගේ ...සුබපැතුම් අක්කෙ :)

    ReplyDelete
  22. අනේ මන්දා ඕයි, මේවා කියවනවට වැඩිය අමාරුයි කෙමෙට් එකක් හිතන එක.

    ReplyDelete
  23. මගුලක් කියනවා! මම මේ පැති තුනක් තියෙන ඝණ වස්තුවක් හොයනවා.

    ReplyDelete
  24. පේපර් ආටිකල් වල යටින් බ්ලොග් එකේ නම දාන්න. වැඩි පුර ඕන අයට එතකොට ඒපාරේ එන්න පුළුවන් වෙයි.

    චොයිසස් දෙකට වැඩි නම් කරන්න ඕන දාදු කැටයක් දාන එක. චොයිසස් තුනනම් අවුට්කම් හයෙන් දෙකක් එක චොයිස් එකකට අදාල කරල.

    ReplyDelete
  25. බස්සීට සුභපැතුම්... මං දැක්ක බුකියෙ උත්තමාවියක් වලියක් අදිනව.. ඔව්ව ගනන්ගන්න එපා.. ඉස්සරහටම යමන්.. ගල් මුල් තියෙවි.. අතාරින්නෙපා..

    ReplyDelete
    Replies
    1. උත්තමාවියක්??? උ කාරය සඤ්ඤක යක් සමග සංයුත වුනොත් නරකද සජ්ජො
      හරිම ලොල් සහගතයි නේ බං

      Delete
  26. පිස්මයක් උස්සල කරකෝල දාහං හැක්..
    පත්තරේකත් පියාඹන්න වර ලැබුණට තන්තෝසයි
    දිගටම කොළමක් යයි කියල හිතනව
    ජයවේවා

    ReplyDelete
  27. අප්පච්චියේ බස්සි අක්කියා, කොලමකුත් ලියනවද? ජයවේවා ! එහෙනං පිහාටු tint කරන්නද යන්නෙ? හා.... ඔය choices කේස් එක මීට කලින් දාන්ටනෙ තිබ්බෙ අප්පා .එහෙනම් මෙතුවට incourse එකට නොලියා දවස් තුනකට කලින් ගෙදර එන choice එක තෝරන්න තිබුණා .

    ReplyDelete
  28. සුබ පැතුම් අක්කේ...
    දිගටම මේ පැත්තට එනවා.
    සුබ නත්තලක් කිව්වා.

    ReplyDelete
  29. මොකද්ද ඇත්තටම මේ පත්තරේ? මව්බිම රාවය නම් දෙක සඳහන් වෙලා තියනවා දැක්කා. රාවය නම් සතිපතා නෙ නේද? මව්බිමත් එහෙමද?

    ඒකෙ නෙමෙයි, කාසියේ පැති තුනක් තියනවා. දාරෙත් එක පැත්තක් තමයි.

    ReplyDelete
  30. අපිට නම් ඉතිං තිබ්බ එකක් ඇන්දා තිබ්බ එකක් කෑවා, යන්න හිතුන තැනක ගියා.. ඔච්චර දේවල් නෑ..

    ReplyDelete
  31. Blogs walata man aluth unath, paththara pissek kiwwoth niwaradei. national news papers walata amatharawa Victor ivonge rawayath, sunanda desappriya sunil madhawala wage aya karapu tabloid paththarath 8o dasakaye aga baagaye endhala kiyawan ena past period ekak mate thiyanne. ethin man kiyanna haduwe bassi wagema thawath blogerslage samahara lipi ithamath ihala mattamaka thiyanawa (samahara lipi liyana style eka witharak tikak wenas kaloth) oonama mattame (news) papers ekaka palakala haki. ethin man wish karanawa bassi me labaagena thiyana awasthawa anith daksa blogerslatath labewaa kiyaa. bassiyo oyaata suba pathanawa sathya wenuwen idiriyata yannata....

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. මේක තමයි මම මුලින්ම කියවපු ඔයාගෙ ලිපිය. ඔයා හරි ලස්සනට ලියනවනේ. වෙලාව තියෙන විදියට ආයෙත් බස්සිගෙ නවාතැනට ඇවිත් යන්න එන්නම්.

    ReplyDelete