මට තියෙන අසහාය හැකියාවන් කීපයක්ම ගැන මම ඔයාලට පහුගිය පෝස්ට් වලින් කියල ඇතිනේ.
අද කියන්න යන්නෙත් ඒ වගේම තවත් එක් අනුපමේය, අසහාය, සහ සියොළඟ කිළිපොලා යන සුවිශේෂී හැකියාවක් ගැන. ඒ තමයි; "මේ හිටියා මේ නෑ!"
ඔය හැකියාවට සීයට අනූපහක්ම දායක වෙන්නෙ ඕනෑම වැදගත් අවස්ථාවක සිහින කල්පනා අතරේ අතරමං වීමේ හැකියාවක් ඇති මගේ අතිවිශිෂ්ඨ චිත්ත ඒකාග්‍රතාවය. ඒ හින්දාම ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද කියලා මෙලෝ අදහසක් නැතුව ජීවිතේ ගෙවන සුන්දර අවස්ථා බහුලයි.
ඉස්සර ක්ලාස් යනකොට තනියම යන සිරිතක් නෑනෙ. ඕනෙම ක්ලාස් එකකට සම්පූර්ණ බැටෑලියන් එක පිටින්ම බස්සනව. හැබැයි අවාසනාවකට ඒ පොදු සමීකරණයෙන් අපගමනය වුන කෙමෙස්ට්‍රි ක්ලාස් එකකට මට තනියම යන්න සිද්ද වෙලා තිබුනා.
අවාසනාවක මහත කියන්න පින්වතුනි, ඒ වෙලාවටම අපේ සැට් එකේ අනිත් උන් අට දෙනෙක් විතරම මීගමුව ටවුන් එකේ අනිත් කෙලවරේ තිබුන ක්ලාස් එකට යනවා.
නමුත්. වාසනාවක මහත කියලත් කටපුරා කියන්න පුලුවන් වෙන්නම අරඅරයා හෙවත් මගේ ඒ කාලයේ ක්‍රස් එක (මගේ ක්‍රෂ් නිකම් ඔරේන්ජ් ක්‍රෂ් වගේ කාලෙන් කාලෙට අළුත් වෙන ජාතියක්!) ඒ ක්ලාස් එකටම එනවා.
එදත් සුපුරුදු පරිදි අපි සියල්ලෝම මීගමුව බලා ධාවනය වෙන මලකඩ කාපු ටකරං බස් එකකට අප්ලෝඩ් වුනා. දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි කියන්නැහෙ ඊගාව හෝල්ටෙකේ පිරිමි ඉස්කෝලෙ ගාවින් අරඅරයා සඳක් වගේ බස්සෙකට පෑව්වා කියහල්ලකො.
අරඅරයා සුදෝ සුදුයි. මූණ නිකම් හඳක් වගේ. තොල් රෝස පාටයි. අක්බඹරු හිසකේ. ලැජ්ජාශීලී, කුලෑටි, අනියමාර්ථයේ අසම්භාව්‍ය බැල්ම. . . . එක්ස්කියුස්මී පින්වතුනි මේ කියන්නේ ඉන්තේරුවෙන්ම පිරිමි ළමයෙක් ගැන. හැබැයි ඉස්කෝලෙ යන කාලෙ මං කොච්චර අවිහිංසකද කියනවානම් අපේ උන් බලන් හිටියේ මම අරඅරයාගෙ වටේ රවුමක් කැරකිලා, දැලි පිහියකින් බෙල්ල කසන ගමන්, “ඇයි නංකී අපි කළුද?” කියලා අහන ආදරණීය, සිනමාත්මක අත්දැකීමක් ඇස් පනාපිට දැක බලාගැනීමේ භාග්‍යය උදාවෙනකම්.
හැප්පුනොත් පිටගැස්ම හැදිලා මැරෙන මලකඩ බස්සෙකේ මං හිටගෙන උන්නු තැන ආසන්නයේම තඩි හිලක්. ඉක්කෝලෙ කාලෙ සෙටාර් එකේ කුඩාම ජීවියා වෙච්ච මං මීගමුවට යන්න කලින් ඔය හිලෙන් වැටිලා අතුරුදහන් වේවියැයි කැට තියමින් අනිත් උන් අර අරයාගේ හඳ මුහුන ඉස්සරහ තියාගෙනම අසරණ මාව සිත්පිත් නැති ලෙසින් බයිට් එකට ගන්නවා.
අනේ ඉතින් අපේ කලාස් එකට යන්ට සෝට්කට් පාරක් සහ දිග පාරක් තියෙනවා. වෙනදා අපි යන්නේ සෝට් කට් පාරෙන් උනත් මෙන්න අර අරයා දිග පාර පටන් ගන්න තැනින් බහිනවා. පොරගෙ අතේ මම සෙනසුරාදා ක්ලාස් එකේ දාල ආපු කුඩේ තියනවා මම දැක්කෙ ඒ වෙලාවෙයි.
ඇත්තටම මම ඒ චංචලා ස්ටැයිල් කුඩේට හිත පුරෝල ආදරෙයි. ඔව් ඒක අනාදිමත් කාලයක සිට පවතින සාංසාරික, ආත්මීය බැඳීමක්. අන්න ඒ එකම එක හේතුව නිසා මම අනිත් එකෙක්වත් දකින්ඩ කලින් වහවහා බස්සෙකෙන් ඩවුන්ලෝඩ් උනා.
(හා! දැන් තොපි බලන් ඉන්නේ කුඩේ ඉල්ලගත්තු කතාව අහන්ටනේ. එව්වා හඳේ හරිද පින්වතුනි!)
ඉතින් මම අර අරයාට අතිශය රොමෑන්තික, බඩවැල් ඇඹරිලායන මරණ තර්ජන කරමින්, යලියලිත් කුඩේ ඉල්ලා පිංසෙණ්ඩු වෙමින් සහ හිත යටින් හිටිපිණුම් ගහමින් ක්ලාස් එකට සම්ප්‍රාප්ත වුන අතරේ. . . .මගේ අතිජාත සමාන සුඛ දුක්ඛ මිත්තරයෝ බස් එක පීරමින් මාව සෙවීමේ මෙහෙයුමක් අඹරලා.
අන්තිමේදී සවස හතර දක්වා මීගමුව නගරය පීර පීරා මාව සොයනා අතර අතිසාර්ථක ලෙස තමන්ගේ කෙමෙස්ට්‍රි ක්ලාස් එකද කට් කරපු සෙටාර් එකට අන්තිමේදී අපේ ටියුෂන් ක්ලාස් එකෙ ඇතුලේ මම බැරිවෙලාවත් ඉන්නවාදැයි සෙවීමට තරම් ප්‍රඥාවක් හදිසියේම පහලවෙලා.
"ඔයාගෙ යාලුවො පහල බලන් ඉන්නවා. මොනවද කියනවා අපිට තේරෙන්නෙ නෑ."
ඒ පණිවුඩය එන්නේ අතින් ඉරපු, පොඩිවෙච්ච තනිරූල් කොලයක කැතම කැත අකුරුවලින්. ඉබ්බා දියේ දැම්මට ඇන්නෑවේ කියන්නැහේ මම දණිපණි ගාලා බෑග් එක කරට අරන් වහවහා පල්ලම් බැස්සා.
එතැන් සිට මීගමුව බස්ටෑන්ඩ් එක ගාවට යනකං තියපු අඩියක් අඩියක් පාසා කන් දෙක පිරෙන්න ටකරමකට වැහි වැටෙන්නැහේ බැනුං අතරෙ සෑම වචන දහයකට වරක්ම මලියා අතිශය උදාර ලීලාවෙන් “ආයෙ තෝ යාපනේ ගිහින් අතුරුදහන් උනත්, අපි ඇහැක් ඇරලා බලන්නෑ” කියන්න අමතක කලේ නෑ.
*****************
එදායින් පස්සෙ මම මොන තූත්තුකුඩියක ගියත් අරුන් මාව හොයන්නෙ නෑ කියන ස්ථාවරයේ තදින් ඇලිලා ගැලිලා හිටියෙ සීනි සිරප් එක්ක ඇඹරිච්ච ඇඹලයො වගේ.
දැන් ඒ ලෙවල් විභාගය කිට්ටුයි. ක්‍රෂ් එකක් පවා තදබල හිත් රිදවීම් ඇති කරන්න හැකි තරමට සමීපයි. නරක වයස කියන්නේ කට කහනවටම නෙමෙයි.
(හා! දැන් තොපි ආයෙම බලන් ඉන්නේ රොමැන්ටික් නොම්මරයක් ඩයල් වෙනකම් නෙ. එව්වා හඳේ බව මතක තියාගෙන හයියෙන් සාදු කියන්න පින්වතුනි!)
අපේ කෙමෙස්ට්‍රි ක්ලාස් එක ඇරෙන්නේ මගේ බැටෑලියන් එක යන ක්ලාස් එක ඇරුනට පැය එකහමාරකට පස්සේ. මගේ සිලිටි මල් සිත (සහන්ගෙන් ඉස්සූ වචනයකි.) තැලී පොඩිවී ගිය දවසක අපේ එවුන් ටික ආයෙම මම ක්ලාස් ඇරිලා එනකම් ඉන්න පොරොන්දු වෙනවා.
ඔන්න හවස හයට හයහමාරට ක්ලාස් ඇරෙනවාත් එක්කම මම අත් දෙක සතර අතේ වීසි කරමින් තනියෙන් බස්ටෑන්ඩ් එකට යන්න පිටත් වෙනවා. අරඅරයා මයෙ පස්සෙන් එන්නේ මිහිකත නළවාලා තාලෙට සුලලිත ගමනින්. මම ශෙල් ගෑස් සිලින්ඩරයක් බවට රූපාන්තරණය වෙමින් පසු නොබලා ගමන් ගන්නවා.
පාර පනින්න හදනකොටම මට පේනවා බස් එකක්. ඒක ඇතුලේ අපේ සැටාර් එක ඉඳගෙන ඉන්නවා. මම වාහන ගංගාව තරණය කරමින් වහ වහා දුවගෙන ගිහින් බස්සෙකේ ඉස්සරහ දොරේ එල්ලෙනව. ඉන් පස්සෙ ජන සන්නිපාතය අතරෙන් ගැඩවිල් පණුවෙක් වගේ ඇඹරෙමින් බස් එක මැද්දෑව බලා යාත්‍රා කරනවා.
මලකෙලියයි. අපේ උන් එකෙක්වත් ඒ බස්සෙකේ නෑ.
මම බහින්න හිතාගෙන දොර ගාවට දුවනවා. බස් එක හුලං කපාගෙන අද්දනවා. බස් එක දෙදරවන දමිත් අසංකගේ විරහ ගීයක් හින්දා ඕං මගෙ හිත බරවෙනවා. ඒත් එක්කම ළඟ සීට් එහෙක ඉඳන් උන්න අංකල් කෙනෙක් නැගිටිනවා.
"මේ ලෝකෙ හැමදේම දෘෂ්ඨි මායාවල් විතරයි සහෝදරයා. දෘෂ්ඨි මායාවල් විතරයි." මං හිතිවිල්ලේ පස්ස සීට්ටෙකට බර කරනවා. මනෝ පාරක් ගහගෙන ගෙදර යනවා.
රෑ නමයට විතර, සිංදුවක් කනේ ගහගෙන ශෝකභරිත මනෝ පාරක කිමිදෙන්න මම තඩි ෆිසික්ස් පොතක් ඉස්සරහ වාඩි වෙනවා. ඔව් ඉතින්, නිකම්ම මේසෙට ඉඳගත්තහම පිළිකුල් භාවනාව වඩන්න බැහැ නෙව, ඒකට නිමිත්තක් එපැයි.
ඔන්න සන්ටෙල් සී.ඩී.එම්.ඒ. තෙලබනුව නාද වෙනවා.
"හෙලෝ!"
"#$%@ %^#@ &^#!!"
"මොකද යකෝ?"
"#$%@ %^#@ &^#!! 7#$%@ %^#@ &^#!!"
මල හත්තිලව්වට ගහපු කලාබරේ කියන්නැහේ මට එතකොට මතක් වෙනවා මුන් මට උන් එනකම් ක්ලාස් එක ගාව බලන් ඉන්න කියපු බව.
"අපි බස් එකේ එනකොට දැක්කා තෝ අස්පයා මැරිච්ච කව්බෝයි වගේ ඔලුව බාගෙන අතපය විසික් කොරගෙන ඇවිදං එනවා. අපි ටක් ගාලා පිටිපස්සෙ දොරෙන් බැස්සා."
"ඉත්තින්!"
"බැහැලා අරූගෙන් ඇහැව්වා උඹ කොයි කියලා. ඌ කිව්වා එකපාරට සෙනග අතරෙ අතුරුදහන් උනා කියලා. ඊගාවට අපි මීගමුව පීරලා තෝව හෙව්වා. රෑ අට වෙනකම් හෙව්වා."
"මලකෙලියයි ඉත්තින්!"
"ඊට පස්සේ අපිට ගෙදර යන්ඩ බස් නෑ. උඹලගෙ ගෙදරට කෝල් කරන්නත් බයයි. හොඳ වෙලාවට අරයගෙ යාලුවො කට්ටියත් ආව උඹව හොයන මිෂන් එකට. අන්තිමේ කොල්ලො ටික මාරවිලට යන බස් එකකට වැඳලා වගේ මාදම්පෙට යන්න කතා කරව ගත්තා. මේ දැන් ගෙදර ඇවිත් පණ බයේ උඹලගෙ ගෙදරට ගත්තේ!"
"???"
"මට හොඳටම සුවර් උඹව තමයි අපි ඒ බස් එකේ ඉන්නකොට දැක්කෙ! අපි හිතුවෙ උඹව මොකෙක් හරි පැහැරගෙන ගිහින් කියලා. සිරාවටම උඹට මොකද උනේ?"
"තොපි කියන්නෙ අර කහපාට තොරොම්බල් බස්සෙකද?"
"ඔව් යකෝ ඔව්."
"අඩේ! එහෙනම් ඒක දෘෂ්ඨි මායාවක් නෙමෙයි!"
"මොකක්ද?"
"මම දැක්කා උඹලා බස් එකේ ඉන්නව. ඉතින් මම ටක් ගාල පාර පැනල ඉස්සරහ දොරෙන් නැග්ගා. නැගල බලද්දි උඹල නෑ."
"ඉතින් ඇයි තෝ බැස්සෙ නැත්තෙ හිවලො?"
"මං ඉතින් හිතුවා ඒක දෘෂ්ඨි මායාවක් වෙන්න ඇති කියල බං. මේ ලෝකෙ හැමදේම දෘෂ්ඨි මායාවල් නෙව. මම එහෙම හිතලා එන්න ආව."
"#$%@ %^#@ &^#!!"
අපොයි දෙයියනේ මගේ අසනීපෙම තියෙන තව අය ඉන්නවා එහෙනම්.මමත් එකසැරයක් ක්‍රෂ් එකක් පස්සේ සියනෑවේ ඉදලා රජරටටම ගියා කොච්චියේ. ගියාට පස්සෙයි තේරුනේ ආවේ දෘෂ්‍ය මායාවක් පස්සේ කියලා
ReplyDeleteආපෝ එහෙම එව්වා නොකල කොල්ලෙක් නෑ මං හිතන්නෙ ඔය වයසෙදි!
Deleteඒත් සියනෑවෙ ඉඳන් රජරටට! දෙයියෝ සාක්කි!
තනියෙන් නෙවේ බස්සි අක්කේ ජාතියේ පහන්ටැබේ සෙට් එකක් එක්කමයි ගියේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාෙල් ඇතුලටම.
Deleteඋඹෙ නම් පිස්සු!
Deleteඒ කතාව කියවා ඇත!
Deletehttp://sudupoosa91.blogspot.com/2015/04/1.html
Deleteස්තූතියි ලින්ක් එකට! :)
Deleteයාළුවෝ ටික පවු අනේ.... මටත් වෙලාවකට පේනවා නොපෙනෙනවා වගේ තමා බස්සියෝ
ReplyDeleteඅක්කේ වීඩියෝ එක දානවයි කිවුවා නේද..... ඉක්මනට දාන්ට බසිසියේ...
Deleteහිතන්ඩ උන් මොන දුකක් විඳින්න ඇතිද මං නිසා!
Deleteදානවා දානවා. ගෙදර ගිහුන් දානවා.
DeleteThis comment has been removed by the author.
ReplyDelete//දෘෂ්ඨි මායාවල් //
ReplyDeleteමගෙත් ඉන්නව යාළුවො ටිකක් උනුත් ඔය දෘෂ්ඨි මායාවල් වගේ තමයි. කය එතන නැතත් මම දන්නව හිත හොදයි කියල.
මගෙ යාලුවොත් මං ගැන එහෙම හිතනවානම්...
Deleteඋන්ටත් කියන්ටෝන අතුරුදහන් වෙන ලෙඩේ තිබ්බට මයෙ හිත හොඳයි කියලා.
හැක්.... හැක්......
ReplyDeleteපිස්සුම පිස්සු පොරක්.
හිහී!
Deleteඅන්න ඔයාගෙ පොත ලව්පූසා අතේ එව්වා. :)
බඩ්ඩක් අහන්ටෝන. මේල් ඇඩ්‍රස් එක එවනවද?
ඔය කාලේ හැටි................... පස්සේ ඔ්වා හරියනවා....
ReplyDeleteඅනිවා කුරුටු!
Deleteමාතලන්ගේ පෝස්ට් එකේ කමෙන්ට් එක ගැන. බස්සියෝ ඔයාගේ කවි මම නම් හැමදාම කියවනවා. ඒවා තේරුම් ගන්න අතිරේක දේශන නම් ඕන නැහැ. ඒ උනාට යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා ගොඩක් වෙලා අහගෙන ඉන්න උත්සාහ කලා. මීටරේට සෙට් වෙන්නෙ නැත්නම් යන්න යන එක උපන් පුරුද්ද. අපේ කට්ටිය එක්ක වෙන ප්ලෑන් එකකුත් නොතිබ්බ කිව්වොත් බොරුවක්. ඒ කියන්නේ ඔයාගෙ බුක් ලෝන්ච් එක සමහර අය ඉවර කරල තිබ්බෙ රෑ 12 ට. බොහොම ස්තූතියි.
ReplyDeleteසමහරු එදා ගෙදර ගිහින් තිබ්බේ රෑ 01:00 ත් පහුවෙලා...
Deleteඉයන්, ලොකූ :
Deleteමේ පෝස්ට් එක සහ මේ මාතෘකාව ලියලා තිබුනෙ මාසෙකටත් කලින්. හිතට සෙට් උනේ නැති නිසා පෝස්ට් කලේ නෑ. ඒත් කාර්යබහුල වීම නිසා පොඩ්ඩක් එඩිට් කරලා දැම්මා.
ඔයාලා ගිය එකට මගෙ කිසිම අවුලක් නෑ. ආපු එක කොයිතරම් වටිනවද? වරදවා වටහාගන්න එපා.
ස්තූතියි ඔයාල හැමෝටම දුර කතර ගෙවාගෙන ආවට.
Deleteමමත් මේ හිටියා මේ නෑ ටයිප් එකේ වැඩක් කලා ඊයේ පෙරේදා තිබ්බ බුක් ලෝන්ච් එකකදි..ඒකනං කලේ කවුද ගෑල්ලමෙක් වෙස්මූනක් දාගෙන මගේ පොත අස්සන් කොල නිසාම නෙමෙයි ඕන්.....!
ReplyDeleteජයම වේවා...!
එතන භූමි දෝෂයක් තිබිලා තියෙන්නේ.....එතන වාඩි වුන හැමෝම විසි වුනා...
Deleteකතාකරන්නම් කියලා බලනකොට මාරුවෙලා!
අයියෝ චෙෆා, මේ පෝස්ට් එක සහ මේ මාතෘකාව ලියලා තිබුනෙ මාසෙකටත් කලින්. හිතට සෙට් උනේ නැති නිසා පෝස්ට් කලේ නෑ. ඒත් කාර්යබහුල වීම නිසා පොඩ්ඩක් එඩිට් කරලා දැම්මා.
Deleteඔයාලා ගිය එකට මගෙ කිසිම අවුලක් නෑ. ආපු එක කොයිතරම් වටිනවද? වරදවා වටහාගන්න එපා.
ඒ වෙස්මූණ නැත්නම් ඔයාල මාව අඳුනගන්නෙ නෑනෙ ඉතින් :)
රූපේ! අලපාන් නම් දෙන්ඩ බැරිඋනා. කෑම අවුලක් නෑනෙ? :P
Deleteඅඩේ පට්ටයි බස්සි අක්කා හිනාකාලම මැරුණා.ආය බලද්දී යන්තම් පණ තියෙනවා. ඒ පාර කමෙන්ටුවක් දැම්මා .
ReplyDeleteඅර first love කියලා තායිලන්ත පික්චර් එකක් තියෙන්නෙ . ඒ අටමගලත් මතක් වුණා .
හිහී! තැන්කූ මෙතුවෝ...
Deleteමම ඒ පිලුම නම් බලලා නෑ. මේ lankanized andi griffith ලේබලේ යටතේ ලියන්නෙ මට සිද්දවුන අනුවේදනීය සත්‍ය කතා අෆ්ෆා.
පොත එල....
ReplyDeleteඒකට අපේ යාළුවෝ....ඔහොම නම් ලොවෙත් හොයන්‍ේන නෑ!!
අන්න දැක්කනෙ ඒකටත් එක්ක අපේ යාළුවො. :)
Deleteඅර ක්‍රෂ් එක බස්සිට පොසිටිව් බවක් පෙන්නුවේ නැද්ද...
ReplyDeleteඉස්කෝලේ යන කාලෙයි, කැම්පස් කාලයි මමත් ක්‍රෂ් එකක් වෙලා හිටිය. හෙහ් හෙහ්...
ආයෙත් අහලා! පොසිටිව් නැත්තං මීගමුව පීරන්ඩ උදව් වෙන්නෑනෙ අරවගේ පිස්සු කෝච්චි සැට් එකකට. හාහ්! දැන් මම 'අනුත්තරා' හරි 'සාගරය සේ ආදරෙයි' හරි කියයි කියලනෙ හිතේ මෙතන. එව්වා හඳේ! :P
Deleteඅපි නම් සදාකල් ඔරේන්ජ් ක්‍රෂ්. මම හිතන්නෙ මට මැරෙනකම් එක එක ආකාරෙ ක්‍රෂ් තියේවි.
අපෙ අප්පොච්චියෙ.. ඔන්න ඉතිං ඔරෙන්ජ් ක්‍රෂ් මතක් කළා... දැ ඉතිං දවස් දෙක තුනක් යනකං මනෝ මන්දිර තමයි..... හි හි... ( මට නං දැං ගාන මතකත් නෑ... හි හි)
ReplyDeleteඅන්න ඒකනේ මම මනෝ මන්දිර කියලා බ්ලොග් කට්ටක් ලියන්නේ....
Deleteමතක් කරලා නිකම් ඉන්න එපා. අපිටත් බලන්න බ්ලොගේ දාන්න හොඳේ!
Deleteමේ හිටියා.. මේ නෑ.. විදිහේ වැඩක් මාත් කොලේය මේ ඊයේ පෙරේද දවසක... මේ නෑ... කියන්නහරි මේ හිටියනේ... නැද්ද මං අහන්නෙ. අර දිග දේශනේ යන අතරේ පොත කියෙව්වෝය.... ඊට පස්සෙ මේ නෑ... ය. පොත හංගන් ඉන්නවෝය... "සජ්ජාට බස්සිගෙන් ආදරය සමගින්" වැකිය දැක්කොතින් ගෑණිගෙන් පොළුපාර වදිනවෝය... හැමෝගෙම පොත් ඔල බස්සි එලෙසින්ම ලිව්වෝය... ගෑණි ඒ බව දන්නේ නැතෝය... ඇනෝපිලිස් පවසන පරිදි මම GGBය. හා හා .. එව්වයින් වැඩක් නැතෝය.. වැඩේ ඉස්තරම්ය. අති සාර්ථකය.. ආයෙත් සුභාපතනවෝය..
ReplyDeleteසජ්ජෝ, මේ පෝස්ට් එක සහ මේ මාතෘකාව ලියලා තිබුනෙ මාසෙකටත් කලින්. හිතට සෙට් උනේ නැති නිසා පෝස්ට් කලේ නෑ. ඒත් කාර්යබහුල වීම නිසා පොඩ්ඩක් එඩිට් කරලා දැම්මා. :)
Deleteඅනේ ඉතින් හැම පොතේම ලිව්වෙ එහෙමනෙ.
බස්සිගේ උත්සවේ ගැන යමක් එකතු කරන්න මෙතන ඉඩ හදාගන්නවා... මොකද බස්සිව අඳුනගත්තෙ මෙතනින් මිසක් වෙන කොහෙන් වත් නොවන නිසා සහ උත්සවය ගැන ලියා තිබුණු රසිකගේ පෝස්ටුවේ මේක නොලිය මෙතනම ලියන එක කෙලින්ම මූනට කිව්වා වගේ මට දැනෙන නිසා ...කොහේදී නමුත් දැක්කා හාමුදුරුවෝ මූලාසනයට තනියම හිටියට (වැඩ සිටියට) අනිත් උදවියටත් එතනට ආරාධනා කළාට ඉස්සරහින් වාඩි උනාය කියල. කෙසේ නමුත් මම නම් බස්සිගේ උළෙලින් බලාපොරොත්තු වෙච්ච වෙනස නෙවෙයි ඒ.. මූලාසන, පොල්තෙල් පහන්, සාම්ප්‍රදායික නින්දයන මොඩලයේ ගවුගණන් දිග දේශනා ඇත්තටම මම එතැනදී බලාපොරොත්තු උනේ නෑ.. වෙස් මූණු ඕකේ, මේපල් කොළ ඕකේ.. ඒ තමයි බස්සිගේ රිද්මය. හැබැයි හාමුදුරුවෝ, පොල්තෙල් පහන් සහ ඉලාස්ටික් දේශනා මට හිතෙන විදියට පොඩ්ඩක් විතර අවුල්.. මට හිතුනේ එහෙමයි..පොතේ කවරය මට නිකං මදි මදි වගේ.. මගේ පුද්ගලික අදහස. ඔන්චිලි පදින යුවතිය නොගැලපෙන බවකුයි මම දැක්කෙ.. ඒ වගේම කවි අතරට කටුසටහන් වලින් හෝ (මුද්‍රණයට යන මුදල් ගැන මා දන්නෙ නෑ සහ වෛවර්ණ පිටු දාන්නත් බැරි නිසා) යම් වෙනසක් සිදුවියයුතුව තිබුණා නම් හොඳයි යන අදහසේ මම ඉන්නෙ. උත්සවයේ පැයක් පමණ රැඳී සිටි නිසා එයින් ඔබ්බට කියන්න දන්නෙ නැති නමුත් වේලාසනින් පිට උනේ නෝක්කාඩුවක් නිසා නම් නොවෙයි. අතනට ආවේ හදවතින්ම සුභාපතන හැඟීමෙන් සහ දයාබරත්වයෙන් මිසක උත්සවය ගැන වැරදි හොයන්නත් නෙවෙයි. එකතුවූ පිරිස දුටුවම උත්සවයේ සහ අදාළ වැඩේ සාර්ථකත්වය ගැන කියන්නට දෙයක් ඉතුරුවෙලා නැහැ.. හදවතින්ම යලිත් වරක් සුභපතනවා සහ ඉදිරියටත් මේ වගේ උත්සව ගොඩාක් පවත්වන්න ලැබේවා කියා පතනවා... දැනුම් නොදුන්නත් ඉස්සරහට එවැනි දේවල් වලට අනිවාර්යෙන්ම එනවා... ජයවේවා....
Deleteඅදහසට ස්තූතියි සජ්ජෝ! අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න මේ වචන බොහොම වැදගත්.
Deleteඅතීතයට එක්වූ පිස්සුවක්.දැං ඉතිං බඩගාන පොඩි එකා ලඟත් හෑන්ඩ් පෝං තියෙන නිසා ඔය වගේ අස්පට් වෙන්නෑ.මිසිං උනොත් සරළව නවතින්නෙත් නෑ.. හෙහ් හෙහ්.... ආපහු පරණ දේවල් මතක්කොරනවා බොලාගෙ ලියවිල්ල..
ReplyDeleteමේ.. පොත ගන්න විදිහක් ගැන පෝස්ට්ටෙකක් දාහල්ලකො.
(අඩු ගානෙ මේල්ලෙකක්කත්..gaslabba1@gmail.com)
අස්සං කොරලා දෙන්නෝනෙ ඔන්න.
ජයවේවා..!!
අනේද කියන්නෙ. හෑන්ඩ් ෆෝන් නෑනෙ ඒ කාලෙ.
Deleteතව කතාවක් තියෙනවා මම අතුරුදහන් වෙලා තාත්තා පොලීසි යන්න ගිය.
මටත් තියෙන ලක්ෂණයක්නේ ඕක.. බ්ලොග් වලට නෑකම් කියන ලක්ෂණයක්ද මන්ද...
ReplyDeleteමට කිව්වෙ මේ හිටිය මේ නෑ නෙවෙයි හැම තැනම ඉන්නව කියල...
ඉස්කෝලේ යද්දී සයන්ස් සෙක්සන් එකේ හොස්ටල් යාළුවෝ එක්කයි ආට් එකේ ගංජ යාළුවෝ එක්කයි ප්‍රයිමරියේ අම්මලවයි මැඩම්ලවයි බලන්න යන සෙට් එක එක්කයි එකම පැය ඇතුලේ ඉන්නවා... ස්පෝර්ස් සංගම් දහයක විතරයි මං හිටිය... ඉස්කෝලේ සර්ලට මැඩම්ලට හොඳට නේට් මගේ රස්තියාදුව!
හොස්ටල් එකේ හිටපු 165 එක්කම මං දවස් දෙකකට සැරයක් හරි දීර්ඝ චැට් එකක් දැම්ම ඒ කාලේ!!
දැනුත් ඒ ලක්ෂණ තියෙනවද මංද! !
අඩෝ බොක්කෙන්ම ඔය කෙස් එක මටත් තිබ්බ..සෙක්ෂන් 4ම එක පීරියඩ් එකක් හරි හිටියා
Deleteමං හිතුව හරි!! බ්ලොග් වල ඉන්න වුන් ගොඩක් මේ ලෙඩ් තිබුණ උන් වෙන්ටැ
Deleteඅපේ සැට් එකටත් ඔය ලෙඩේ තිබ්බා. ලෙඩේ උග්‍රම එකා මයෙ හොඳ යාලුවෙක්. ලස්සන වැඩේ ඌ බයෝ පන්තියෙ උනාට ඒකා කරන්නෙ බයෝ ද මැත්ස් ද කොමස් ද ආර්ට්ස් ද කියල දන්නෙ ක්ලාස් ටීචරුයි අපි හතරපස් දෙනෙකුයි ඉතරයි. ඒ තරමට ඌ එකපාර හැමතැනම දෘශ්‍යමාන වෙනවා.
Deleteඋඹ පුදුමාකාර බඩ්ඩක් නේ බන්...
ReplyDeleteඔහොම අසනීප තියෙන එවුන් ඉඳලා හිටලා අපි දැකලා තියෙනවා වුනාට තමුන්ට එහෙම ලෙඩක් තියෙනවා කියලා ප්‍රසිද්දියේ ප්‍රකාශනයට පත් කරන එකෙක් මේ දැක්කාමයි...
උඹේ අර බැටාලියන් එක ත් උඹට ම කැපෙන සෙට් එකක්ම තමයි...
ආයෙත් අහලා. ඇන්ඩි ස්ටයිල් කතා සේරගෙම තියෙන්නෙ ඇදගෙන නා ගැනීම තමයි.
Deleteදැන් කුඩේ තාම එයා ගාවද?
ReplyDeleteනැත නැත. ඉල්ලා ගතිමි.
Deleteහා හා හා! අඩේ මේක පට්ට! අපි හයියෙන් සාදුකාරයක් දීගෙන කට ඇරන් හිටියේ කුඩේ කතාව අහගන්න..කොහෙද මේ හිවලා..!
ReplyDeleteහුහ්! එව්වා හඳේ පින්වතුනි. සාදු කියන්ට.
Deleteසුදෝ සුදුයි. මූණ නිකම් හඳක් වගේ. තොල් රෝස පාටයි. අක්බඹරු හිසකේ. ලැජ්ජාශීලී, කුලෑටි,// අනේ මේ වගේ කොල්ලො තමා දැන් වැඩිපුරම ඉන්නේ. උන් වටා ලස්සන කතා තියෙනවා. සැරපරුෂ පෙම්වතුන්ගෙ සැමියන්ගෙ තාඩන පීඩන ගොරහැඬි අත්දැකීම් සිත්වේදනා සියළු රිදවීම් වලින් පීඩිත පෙම්වතියන්, බිරිනදෑවරුන්ගේ සිත අරක් ගන්නේ මේ වගේ ලාමක ටිං ටිං ලා ගාව තමා.
ReplyDeleteඒකනම් අහගන්න වෙන්නෙ ඔය කියන අත්දැකීම් තියන එක්කෙනෙක්ගෙනුයි.
Deleteමම නම් මෙව්වට පට්ට ලැයික් ඈ...
ReplyDeleteතැන්කූ වේවා...
අපිටත් හීනියට කනටම දීලා නේ....
අනේ!! මේක මාසෙකටත් කලින් ලිව්වේ... :(
Deleteඇන්ඩි කතාවලට මාතලන් ලැයික් බව මම දන්නවනෙ ඉතින්.
මන:කල්පිත මන්දිර හෙවත් මනෝමන්දිර නේද ඔය.
ReplyDeleteඅනිවා..!
Deleteයකඩෝ මේකිව ශුවර් කරලා මෙලෝ වැඩක් කරන්න හොද නෑ ඒ කියන්නේ.
ReplyDeleteඅනිවා! කොයිවෙලේ අතුරුදහන් වෙයිද සුවර් නෑ.
Deleteha ha මාර කතාවක්. මේක ඇත්තටම බස්සිට වෙච්ච දෙයක්ද නැත්නම් මායාවක් වගේ හිතිච්ච දෙයක්ද?
ReplyDeleteLankanized andy කිව්වොත් ඉතින් අනුවේදනීය සත්‍ය කතා තමයි.
Deleteහැබැයි දෙවුරුවන් සර්ගෙයි පෝල් සර්ගෙයි දෙන්නගෙම chemistry හොදයි.
ReplyDeleteඇයි කාශ්මියර් සර්ගේ කෙමිස්ට්‍රිත් හොදයි.. අපි ක්ලාස් ගිහින් නිදා ගත්තට
Deleteඅපි ගියේ පොතුපිටිය මිස් ළඟට.
Deleteමීගමුවෙ මම ගිය ක්ලාස් එක මිස් නිර්මාලිගෙ. අනිත් බැටෑලියන් එකම බහින්නෙ කැශ්මියර් සර්ගෙ කලාස් එකට තමා.
පීටර් අයියෙ : පෝල් සර්ට නිවුන්නෙක් හිටියලු. සර් වගේම. හෙනට බොනවා. අපේ තාත්තගෙ යාළුවෙක්. පාර්ටි ඉවරවෙලා ඌ පාරෙ පිස්සු කෙලිද්දි සර්ගෙ ගෝලයො දැක්කම පුදුම වෙලා බලන් ඉන්නවලු.
මමත් මීගමුවේ ක්ලාස් යනවා කිව්වට අවුරුදු දෙකම කළේ අතුරුදහන් වෙන එකම තමා!
ReplyDeleteඕක කොට ඩයල් වල ලෙඩක් වගේ :3
Deleteහපොයි !!! මොනා කියනවා ද ස්කොලේ උන් සේරෝටම තියෙන්නේ එකම ලෙඩේ නොවෑ.. ;)
ReplyDeleteමේ අලඅලයා දැන් කොයි :3
අල අලයා දැන් පොලේ අල විකුණනවා. හිහී!
Deleteඅපෝ මතක් කරන්න එපා කෙමෙස්ට්‍රි ක්ලාස් නම්..
ReplyDeleteකෙමෙස්ට්‍රි ක්ලාස් එකේ එක්කො දවල් හීන බලනවා. නැත්තම් හොඳට දොයියනවා. එහෙමත් බැරි උනාම දවල් වෙද්දි බස්සි කිව්ව වගේ පල්ලම් බහිනවා.
ඇත්තටම බස්සියේ අතුරුදහන් වෙන ලෙඩේ නම් මටත් තියේ. ඒත් ඉතින් ඔය වගේ වැඩ නම් වෙලා නැතෝ.. මේක කියවන ගමන් හිනා වෙන්න ගිහින් එහා පැත්තෙ ඉන්න එකාටත් ඔන්න ලින්ක් එක දාන්න වුනා. නැත්තම් ඒක හිතයි මං තනියම හිනා වෙනවා කියලා.
හිහිහි! ඕකනෙ කියන්නෙ ඔපීසියේ ඉඳන් බස්සිගේ ඇන්ඩි කතා කියවීම මාරාන්තිකයි කියලා. :
Deleteතැන්කූ හොඳේ බසුබ්ලොගට ලබා දුන්නු ප්‍රචාරණයට!
බසු ස්ටයිල් කෙමෙස්ට්‍රි පාඩම් කියවලා තියේද? අන්න සති දෙකකට වරක් රාවයේ යනවා. ඊට වඩා විකාරාත්මකව Fun with Science ලේබලය යටතේ මේ බ්ලොගේම තියෙනවා.
This comment has been removed by the author.
ReplyDeleteබය වෙන්ට එපා...
ReplyDeleteයාපනේ අවිත් අතුරුදහන් වුණොත් මම හොයා ගන්නම්කෝ...
මටත් තියෙනවා ඔය දෘෂ්ඨි මායා...
ඇන්ඩි කතා හඳුන්වා දීපු කෙනා දැන් කොයි???
මේ ඩෙමෝ මිස්ලා එක්ක බෑ අනේ අදහස් ටයිප් කරන්ට...
ඩෝන්ට් යූස් ඉන්ටර්නෙට් කිය කියා ඉන්නේ කොච්චරවත්...
මම නෝට් පෑඩ් එකක් අරන් ඒකේ ටයිප් කරන ඒවා පිටපත් කර කර තමයි අදහස් දාන්නේ...
ඔයාගේ බ්ලොග ජංගම දුරකතනයෙන් කියවන්ටත් බෑනේ...
(ඔන්න බලන්ටකෝ දැන් වුණ වැඩක්...
මම "Publish" කියන එක ඔබන්ට ලෑස්ති වෙලා මිස් බලන් ඉන්නවද කියලා බලන කොට
එයා ආවානේ...
ඇවිත් අහනවා අවුල මොකක්ද කියලා...
මම නැති අවුලක් මවලා පෙන්වලා එයාව යැව්වා...)
{වෙනදා මට එහා පැත්තේ ඉන්න කෙනා දැන් ඉස්පිරිතාලේ... මිස් ඇවිත් මට එහා පැත්තේ වාඩි වුණා...
නෝට් පෑඩ් එකේ ටයිප් කරන එකත් මාට්ටු...}
ඇන්ඩි කතා ලියන ඩූඩ් නිවාඩුවකට ලංකාවට ඇවිත්. උන්දැව එහෙදි අල්ලගත්තත් මෙහෙදි අල්ලගන්න ලේසි නෑ.
Deleteඔයා ජැෆ්නා යුනිද? බසු නගාව දැක්කොත් හායි කියන්ට ඈ.
දැන් ඇත්තෙ ක්‍රෂ් නොවෙයි හොර ලව් නේද?
ReplyDeleteඅහ් එහෙමද? ඔයාටද?
Delete//මේ හිටියා මේ නෑ //
ReplyDeleteප්‍රවීන බ්ලොගර්ස්ල බුක් ලෝන්ච් එකක ....මතක් වුනා
අනේ එහෙම මගුලක් නෙමෙයි අයියෝ
Delete>_<
thank you!
ReplyDeleteපිස්සු හැදෙනෝ නේ :D
ReplyDeleteඒ උඹ බ්ලොගක් පටන් ගත්තද?
Deleteබස්සියෝ
ReplyDeleteඅපි හෑමෝටම ඔය ලෙඩේ තියෙනවා
නෑ කිව්වොත් අමු බොරුවක්. .......
කල්පනා කර කර ඉන්න ගමන් කිලෝමීටර් දාස් ගහන ඈතට හදිසියේ ගමන් කරලා. .......කරන කියන දේවල් අමතක වෙන එක නම් සාමාන්ය
දෙයක්
=================================
මාතලන් ලොක්කා සහ ඔබගේ මිතුරු බ්ලොග් නඩය ඔබගේ පොත කියවා සතුටු වෙන්න අති.
කුඩයට මොකද උනේ. ....?
එක හුස්මට කියවපු බස්සිගේ තවත් ලස්සන කතාව
තව ලියන්න දිගටම...
නතර කරන්න එපා
මේපල් කොල විතරක් නෙමේ. ..... මේපල් සිරප් බෝතලයක් එවන්න ලෑබුනානම් ඔය බ්ලොග් මිතුරන්ටිකට පොවන්න තිබුනා.
නමුත් "ගල්-පොල්" රස බලන බ්ලොග් සහෝදර සමාගම මේපල් සිරප් රසට ආසා වෙයිද මන්දා. ..?
Thank you again....
Write more.....
===Adrian Channa from Toronto===
ඔන්න ඉතින්! ඔයත් ඉඳලා ඉඳලා අහන්නෙ කුඩේ කතාවක්!
Deleteඔව් එදා බ්ලොග් මිතුරන් බොහෝ දෙනෙක් ආවා. ලොකු සතුටක් වුනා කස්ටියව දැකගන්න ලැබීමම! මේ ටිකේ පිස්සුහැදෙනාත්මක බිසී වීමක් නිසා කැප්ශන් සහිතව ඉවෙන්ට් එකේ ෆොටෝ දාන්නවත්, අඩුම තරමේ පොත් ටික බෙදාහරින ක්‍රමයක් සකසාගන්න එකවත් කරගන්න බැරි උනා. ඉක්මනින් ඒ ගැනත් දන්වන්නම්.
මේපල් කොල, බසු වෙස්මූණු සහ කොඩිවැල් ගොඩක් අයගේ සතුටටත්, සමහරුන්ගේ විවේචනයටත් ලක්වී තිබුනා.
This comment has been removed by the author.
ReplyDeletePost eka kiyewwa lassanai, matath thiyennathi magema nowana oyawage kaalayak... maathege post ekaka bassi (potha) gana dee thibu rekamadaaruwa nisaama bassige pot ekata awith lipi kihipayakma kiyawala sathutu una. ekinekata wenas lipi lassanai.ithin haduna gannath ooni nisaa me post ekata commentuwak liyanna kiya hithuna. potha labaganna hakiuna vitaka kiyawanawa, danata subapathanwa...
ReplyDeleteබොහොම ස්තූතියි සෙනරත්! දිගටම බස්සිගේ නවාතැනට ඇවිත් යන්න එන්න හොඳේ!
Delete//මලියා අතිශය උදාර ලීලාවෙන්//
ReplyDeleteමා හැර තවත් මලියන් මේ ලොව සිටීද?
අනිවා අනිවා. ඒ මලියා මගේ පාසැල් වියේ දකුණු අත වැනියැ.
Deleteඅම්මියෝ ඉතින්... මං අදුරන අය්ය කෙනෙක් උන්න, මිනිහගෙ කාඩ් එක දිෂ්ටියා.ඔයා වගෙ මේ ඉන්නව මේ නෑ. ඒක නොවේ.. ඉතා කෙටි කලබල සිහින කොහෙන්දෑ මිළ දී ගන්ට තියෙන්නෙ??
ReplyDeleteලබන සතිය දිහාට සරසවිය පැත්තෙ ගොහින් බලන්ටකො. නැතත් මම කස්ටියට පොත් තැපැල් කරන්න කියල බැලුවෙ. දුර සහ එරොප්පේ ඉන්න කුරුල්ලොත් ඉන්නවනෙ.
Deleteබස්සා දැක්ක නම් මේක මොනවා හිතෙයිද ...? බස්සියෝ ...
ReplyDeleteබස්ස මේක දැක්කා.
Deleteබස්සට ෆේස්බුක් මැසේජයක් දැම්මනම් ඔයාටම දැනගන්න පුලුවන් හිතුනෙ මොනවද? වගේ වැඩි විස්තර. :)