"මං හිතන්නෙ මොන්ටිසෝරියෙදි 'නිවැරදිව පාරේ ගමන් කරන්නේ කෙසේද' කියන පාඩම උගන්නපු දවසෙ මං හොර ලෙඩක් අරන් ගෙදර ඉන්න ඇති."
"අහා ඒකනම් ඇත්ත. ඔයා එක වසරෙදිත් ඒ පාඩම කට් කරන්න ඇති සුවර් එකටම." බස්සා නොනවත්වාම ලැපට කොටන අතරෙ කියනවා.
වෙනදානම් ඔය වගේ කතාවකට උත්තර දෙන්නෙ කොට්ට හෝ මිටිගුලි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් උනත් අදනම් මටත් හිතෙනවා වැඩේ ඇත්ත තමයි කියලා. පාරට බැස්සම මගේ සිහිකල්පනාව කියන එක හැංගෙනව හැංගිල්ලක් ආය මක්කරලවත් බෑ ඒක හොයාගන්න. ඔය හින්දාම ගොඩාක් යාලුවො ටටා බායි කියනකොට "හැප්පෙන්නැතුව පල" කියන හෘදයාංගම ආශිර්වාදයත් අනිවාර් යයෙන්ම එක්කාසු කරනවා.
උදේ පරක්කුවෙලා නැට්ට කරේ තියන් පාරට දුවලා නැග්ගා කියන්නකො බස් එකකට. මෙන්න බොල වෙනදා හැව්ලොක් පැත්තෙන් යන බස් එක එකපාරටම යනවා ටොරින්ටන්, ජාවත්ත පැත්තෙ. ඇස් ගෙඩි තඩි කරන් ඉතාම අසරණ විදියට බස් එක මාවත් අරන් අමුතු රුට් එහෙක යනවා බලන් උන්නු මම එහාපැත්තෙ සීට් එකේ හිටපු ඇන්ටිගෙ පිහිට පැතුවෙ කොන්දා ජන ගංගාව මැද්දෙ පණුවෙක් වගේ ඇඹරෙමින් එහෙට මෙහෙට යාත්‍රා කරනව මිසක බස් රූට් ගැන ප්‍රශ්ණ පත්තරවලට මූණ දෙන්න තරම් යහපත් මූඩ් එකක නොහිටපු නිසයි.
ඇන්ටි කියාපු තොරණෙ විස්තරේට අනුව මං ඇහිල්ලක් බැලිල්ලක් නැතුව අප්ලෝඩ් වෙලා තියෙන්නෙ වැරදි බස් එකට නෙව. ඒ මදිවට ඒ බස් එක ඔෆිස් ටයිම් එකට අමුතු රූට් එකක යන ඉස්පෙසොල් බස් එකක්ලු.
දැන් මම බස් එකේ කවුලුවට ඇස්ගෙඩි දෙක තදකරගෙන අස්සය මැරිච්ච ජොකියා වගේ දහ අතේ කම්පනා කොරනව කොහොමද මගෙ නෝමල් රූට් එකට සම්බන්ධ වෙන්නෙ කියල. මෙහෙම ගිහින් මාව අතුරුදහන් උනොත් සාක්කියක්වත් තියෙන්ඩ එපැයි කියල මතක් උනේ ඒ වෙලාවෙ.
වහාම ගත්තා බස්සට කෝල් එකක්.
"බස්සුවා මාර වැඩක්නෙ උනේ බලන්නකො."
"ම්හ්. අද මොනාද අමතක වෙලා ගෙදර දාල ගියෙ? අයි.ඩී. එකද?'
අයි.ඩී. නෙමෙයි මේ අමුතු රූට්වල යන ඇක්ස්ට්‍රා ඉස්පෙසොල් අමුතු බස්වල ගිහින් මාව අතුරුදහන් උනොත් යන්න වෙයි උන්දැට සී.අයි.ඩී. එකම සාක්කියනෙ ඉතින්.
"නෑ නෑ බස්සුවෝ මං වැරදි බස් එකක නැගලා. මොකද දැන් කරන්නෙ?"
"කොහෙ යන එකක්ද?"
"අමුතු රූට් එකක්.කොටුවට යන්නත් හෙන වෙලාවක් යයි."
ඒක අහපු ගමන් බස්සා ලවක්දෙවක් නැතුව සුපුරුදු විධි ක්‍රියාව පුනරුච්චාරණය කරන්න ගත්තා.
බහින්න.
දැන්ම බහින්න.
කියන එක අහල බහින්න.
මෝඩ තඩියෝ බැහැපිය.
කිව්වම අහල බැහැපිය යකෝ..!!
අනේ ඉතින් බස්සාගෙ අණට කීකරු වෙන මම මගින් බැහැලා පුරුදු පරිදි ටුක් ටුක් වල පිළිසරණ පතනවා.
මම හිතන්නෙ මගේ මොලේට ඔය බස් රූට්, එදිනෙදා ගමනාගමනය වගේ සරල දේවක් සංස්කරණය කරන්න වෙන එක දිරවන්නෙ නැතුව ඇති. අන්න ඒකයි පෙරේදා උදෙත් මම නුගේගොඩින් බස් එකට නැගලා නුගේගොඩටම ටිකට් ඉල්ලුවෙ. කොන්දොස්තර ඇස් ගෙඩි දෙක ඩොගිත්තාගෙන බලන් ඉන්නකොටවත් මට වැරදුනා කියන එක ගැන අංශුමාත්‍ර අදහසක්වත් ඔලුවට එන්නෙ නැත්තෙත් ඒ නිසාමයි කියලයි මට හිතෙන්නෙ.
දවසක් මං ඔපිස් ඇරිලා ටුක්ටුක්කෙක්ගේ නැගලා එන්ට පිටත් වුනා. රතු පාට සෝයි ටුක්ටුක්කා. මගේ බුද්ධි ප්‍රභාව නිසාම මම වාහන විතරක් නෙමේ මිනිස්සුන්ව පවා මතක තියාගන්නෙ පාටෙන්. ඕන් පළවෙනි දවසෙ මුණ ගැහුන එකා දෙවෙනි දවසෙ වෙන ඇඳුමක් ඇඳන් ආවට එහෙම මලාට අඳුරගන්න බෑ.
ටුක්ටුක් අයියගෙ කොණ්ඩෙ තමා කොණ්ඩෙ! මල්කම් ලියකම් කැටයම් ගොඩායි. පින්තූරු ඇඳපු පුට්බෝලයක් වගේ. ඔව් වොව් පාරෙ යද්දි මගේ අතිවිශේෂ තීක්ෂණ දෘෂ්ඨිය මත නාභිගත වෙන්නෙ ඕවගේ වර්ණනාවිෂයාතික්‍රාන්ත දසුන් තමයි. නෑ නෑ දසුන් කියන්නෙ එයෑගෙ නම නෙමෙයි. මං මේ කිව්වෙ ඔලුගෙඩිය ගැන.
කොහොමින් කොහොම හරි පෙරේරගෙයි පුත්තුන්ගෙයි කඩේ පහුකරගෙන ඉදිරියට ඇදෙනකොට අර ස්කූබි ඩූ එකේ වගේ පේස්ට්‍රි හැඩේ සුවඳක් පාවෙලා ඇවිත් මගේ නහයට තට්ටු කොරන්න ගත්තා.
"ඔහොම චුට්ටක් නවත්තන්න" කියලා වහාම ටුක්ටුක් අයියාට කියපු මම එලියට උද්‍යෝගිමත් අස්ස පිම්මක් පැනලා කහඉර තරණය කරගෙන පේස්ට්‍රියක් එලාගන්ට ගියා. කඩේ මල්ලිට කියල පේස්ට්‍රියක් මරාගෙන ආපහු පිම්මේ ඇවිත් "යං" කියාගෙන කඩේ ඉස්සරහ තිවුන රතු පාට ටුක් ටුක් එකට ගොඩ වුනා.
ටුක්ටුක් අයියා පොඩ්ඩක් ලත වෙවී ඉඳලා ඔන්න හෙමීට පාරට දැම්මා.
අන්න එතකොටයි මම ඒ උද්වේගතර, හිත තිගැස්සෙන දර්ශණය දැක්කේ.
ටුක් ටුක් අයියගෙ ඔලුගෙඩියෙ තිවුන මල් කැටයම් ටික සේරම අතුරුදහන් වෙලා!!
ඒ වෙනුවට දැන් තියෙන්නෙ කොලපාට බූල් බෑන්ඩ් එකක් දාපු දිගු වරලසක්.
මම නැවතිල්ලේ ටිකක් වෙලා කල්පනා කලා. ඇත්තටම මනුස්සයෙක්ට මේ තරම් ඉක්මනින් හෙයා ස්ටයිල් එක මාරු කරගන්න හැකියාවක් තියෙනවද! මූ අර රොස්වෙල් ටී.වී. සීරීස් එකේ මැක්ස්ගෙ ඒලියන් බාප්පොච්චෙක් වෙන්ට බැරිද!
අන්න එතකොට තමයි මම ඒ හද කම්පා කරවන දර්ශනය දැක්කේ.
මල් කැටයම් කපාපු ඔලුගෙඩියක් පාර එහාපැත්තෙ තියෙන රතුපාට ටුක් ටුක් එකෙන් බෙල්ල දික්කරගෙන කටත් බාගෙට ඇරගෙන වික්ෂිප්ත බැල්මෙන් බලාගෙන ඉන්නවා.
හදවත කීං ගාපු පාර මම කොණ්ඩාකාර ඩෑල් එකට වහාම නවත්තන ලෙස අණ කොලා. පව් අහිංසකයා පාර එහාපැත්තට අමාරුවෙන් රිංගගත්තා විතරයි. ආං ඒ නිසා දෙකට නැමිලා සොරියක් කියලා පිම්මේ ගිහින් කැටයම් ඔලුගෙඩි අයියගෙ ටුක්ටුක්කට ගොඩ වුනා.
කිවුවට විස්වාස කරහල්ලා ඒ මනුස්සයා හැක හැක ගාල හිනාවෙන්ඩ ගත්තෙ අපේ ගේ ඉස්සරහ නැවැත්තුවටත් පස්සෙ.
දැන් මම මිනිස්සුන්ව මතක තියාගද්දි පාටට අමතරව කොණ්ඩා මෝස්තරේ ගැනත් බලනව.
අහ්! කියන්ඩ අමතක උනානෙ. මම තාම එදා බැහැපු හෝල්ට් එකෙන් බැස්සෙවත්, අර පේස්ට්‍රි කඩේට මංගැච්චුවෙවත් නෑ.
ලැජ්ජාවකට හෙම නෙමෙයි. අහඹු සිදුවීම් නෙව.
බස්සිගේ ඇන්ඩි කතා
1. Mission බෙහෙත් Hiding
2. ඉවුම් පිහුම්
3. එලවේටරන් අත්භූතං - එස්කැලේටර් භයංකාරං
2. සොඳුරු කොට ජීවිතේ
මං මේ බ්ලොග් එකට මීට ඉස්සර ඇවිල්ල තියනවද නැද්ද කියල මේ කල්පනාකලේ
ReplyDeleteඅපිට හොරෙන් පත්තර ගෙදර ගිහින් නිසා මං තරහායි.
Deleteඅද නේද මුලින්ම ආවෙ? ප්‍රා. ලස්සන නම. සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව.
(රහසින් : තාම වෙරි වගේ.)
ආආආ. මේ අර සරල සුගම ක්‍රිස්ටල් ක්ලියර් කවි ලියන බ්ලොග් එක නේ. හරි හරි දැන් මතකයි.
Deleteම්හ්! උත්ප්‍රාසය. :3
Deleteඅපි හිතුවා ඔය ටික වෙයි කියලා..තව දෙකක් ලග නමලා දා ගන්නෙ නැතුව කෑම කන්න ගියාට හොද වැඩේ.
Delete//අපි හිතුවා ඔය ටික වෙයි කියලා..තව දෙකක් ලග නමලා දා ගන්නෙ නැතුව කෑම කන්න ගියාට හොද වැඩේ.//
Deleteමෙන්ඩෝ ?????????????????????????????????????????????
මේ කවුද ? මොනවද කරන්නේ...
Deleteඅපි දන්නෙ නෑ බං...හැබැයි අපි පොඩි ළමයි නෙමේ ඒ වුනාට එල ද බ්‍රා
Deleteඅපිව හලලා ගියා මදිවට පෝස්ට් දදා වරුණාවත් කියලා. :3
Deleteඊයේ රෑ අපේ කැපුවත් කොළ පාට තාත්තා කෝල් එකක් දීලා ..ආ තාත්තේ කොහොමද කියල ඇහුවා....
ReplyDeleteමම හිතාගෙන හිටියේ අපේ තාත්තාට විතරයි මඤ්ඤං කියලා...
හයියෝ... මරු තාත්තා...
Deleteඅපේ අම්ම නං වෙලාවකට වැරදිලා තාත්තට පුතේ කියනවා.
ඔහේ පලයං...... දිගු වරලස තිබ්බ ටුක්ටුක් අයියා බැන්නේ නෑ පුදුමයි.
ReplyDeleteකන්ඩ වගේ එරෙව්ව යකූ! මම ශ්‍රෙක්ගෙ පූසා වගේ අනුකම්පාහිතෙනාත්මක බැල්මක් දාල සේප් උනේ.
Deleteමං හිතුවෙ නෑ අපේ හාමිනේගෙ ජාතිය තව අය මේ ලෝකෙ ඇතිය කියල!
ReplyDeleteගමන් ඔහොම ගියාට බිමන් යත්දි වරද්ද ගත්තොත් ඉතින් කෙලියම තමා
එහෙව් හාමිනේ කෙනෙක් ලැබෙන්න කොච්චර වාසනාවන්ත වෙන්න ඕනෙද ඈ!
Delete"බිමන්" කියන එකේ තේරුම දන්නෑනෙ. කියාදෙන්ට ප්ලීස්...
ගමන් කියන්නෙ බිමින් යන ඒව, බිමන් කියන්නෙ අහසින් යන ඒවට.
Deleteදාන්ඩ බස්සි 5ක් මටත් ඔය වගේ සන්තැසි සිද්ද වුන වාර අපමණයි. ජයවේවා!!
Deleteඅපේ හාමිනේ වගේ ඔහොම වැඩ කරන තවත් දෙන්නෙක් ඉන්න එක සතුටුයි
Deleteබිමන් ගැන දැනගත්තෙ අදනෙ. තැන්කූ වේවා!
Deleteසන්තෝසේ බැරුවා. මම තනිවී නැහැ වගේ....
Delete//බිමන් කියන්නෙ අහසින් යන ඒවට.//
Deleteබිමන් නෙමෙයි හරි වචනෙ බීමන් (beeman) . ඒ කියන්නෙ බීමත් අය ( උදා. ඉවාන් ) උඩින් වගේ යාම
bee + men --> beeman --> biman
Deleteඑතකොට බංග්ලාදේශ් නැෂනල් එයාර්ලයින් එකත් කරන්නෙ ඉවාන්ල වගේ උන්ද? මලා...!
Deleteබොහොම සංතෝසයි අපේ අාච්චි වගේ තව තුන් දෙනෙක් ම ඉන්නවා කියලා දැනගන්න ලැබුණු එක වටිනවා!!!
Deleteඒ කියන්නෙ අපේ අාච්චි තනි වෙලා නෑ!!!
^_^ ^_^ ^_^ ^_^ ^_^ ^_^ ^_^ ^_^ ^_^
පිරේ මං බොට කියන්නෑ ඉතින්.
Deleteකතාව සිත්ගන්නා සුලුයි
ReplyDeleteහැබැයි හදිස්සිය අමතකවීම නම් හොඳ නෑ
ජය!
හොඳ ඇතුව හෝ නැතුව ජීවිතේ අවුරුදු විසිපහක් ගෙවාගත්ත නෙව. ආරේ ගති නෑරේ කියනවනෙ.
Deleteඑන්න එන්න වාඩිවෙන්න .
ReplyDeleteඅය්යෝ අය්යෝ ..
මොකද ඔතන ඇයි හිටගෙන වාඩිවෙන්න වාඩිවෙන්න
මේ මිනිහා හිටගෙන නිදි මෙන්න මෙතැන වාඩිවෙන්න
නම මොකක්ද ? තිරික්කලෙන්
මොකක් කිවා ? තිරික්කලෙන් මන් ආවේ තිරික්කලෙන්
ආපු විදිහ මට මොකටද ඒවා ඇහුවේ කවුරුද
නමයි ගමයි වයස එක්ක කියනවා මට ලෙඩේ මොකද
අපොයි එක මම වික්කා අලුත් එකක් අරගත්තා
දැන් මට ඇති එකම රතේ ගොනා බඳින බර කරත්තේ
හතර වරම් වරම් ගත්තු අනෙ ඇත්තට මෙහෙම පුත්තු
කන ඇහීම අඩු වෙලාද ඉහේ ඇම්ම තද වෙලාද
කුර ගෙවිලා අඩමානෙට කකුල හිටින්නේ බාගෙට
දැම්මත් ලනුවක් නාහෙට ගොනා යන්නේ අනුමානෙට
අසනීපෙන් ඉන්නේ කවුද තමුසේ බෙහෙත් ගන්නේ නැද්ද
මොකද කිව්වේ නැ ඇහුනේ ගහේ හෙරලි නැ පැහුනේ
අවිස්සෙනවා මගේ කෝපේ කාටද ඔය අසනීපෙ
මගේ රතේ බැන්ද ගොනා අසනීපෙන් උන්න නොකා
ඌට දෙන්න ගෙනා බෙහෙත් වැරැද්දකින් මට පෙවුනා
එදා ඉඳල බඩගින්නට තණකොළ ඕනෑමයි මට
කරත්තයක හඬ ඇහුනම යන්න හිතෙනවා පාරට
කලි යුග කාලේ අරුමේ අරුම පුදුම ලෙඩක්නෙ මේ
උන්නැහේ මේ අහනවා ඕකට මේ දේ කරනවා
බෙහෙතක් දෙන්නම් තමුසෙට පොවනවා ඒවා ගොනටා....
ගායනය - ෆ්‍රෙඩි සිල්වා
නියමයි පික්ෂු බක්ෂියෝ ..........
Deleteසැක්! මේ සින්දුව අහලාම නෑ නෙව!!
Deleteබොහොම ස්තූතියි සින්දු ඇනෝ...
මෙන්න අහන්න
Deleteබස්සිව කන්න එපාය
Deleteබොහොම ස්තූතියි සින්දු ඇනෝ....
Deleteකාලයක් තිස්සෙ මේක හොය හොයා උන්නෙ. තැංකු එකක් ස්තුති වේවා සිංදු අැනෝ!! @සිංදුව බාමින්
Delete:-D :-D :-D :-D :-D
යන්ඩ එපා අහුවෙන්ඩ දිගු කොණ්ඩ කාරයා. බස්සට බස්සියක් තියා වැස්සියෙක්වත් හොයාගන්ඩ බැරි වෙයි....ඕං මං කිව්ව
ReplyDeleteතේරුනේ නෑ වැවෝ...
Deleteටුක්ටුක්වල ගියාම මක් වෙනව කිව්වා? ටුක්ටුක්කෙ ගෑල්ලමයින්ට යන්ඩ හොඳ නෑ කියල ආකල්පයක් අපේ ගමේ ආච්චිටත් තිබුනා ඉස්සර.
හැක් මට වැරදිලා වගේ.....හෝව්..හෝවි
Deleteහික්ස්! හා හා.
Deleteමාන්දමිකයි...
ReplyDeleteහැබැයි පට්ට....
පට්ට දවල් දොලහට විතර මේක කියවන්න සෙට්ටුණා නං අර තිබ්බ වහුටු කම්මැලි කම කොහෙන් ගියාද නැතිවෙන්ට තිබ්බ සැක් ඉතරක් ඒකත් බලන්ට පරක්කු වුනා නෙව
ජයවේවා
ඒකනේ... අපරාදෙ නෙව. තැන්කූ ඈ...
Delete///මාන්දමිකයි...///
Deleteඅෑ බං මහේස් අයියා, ඒ අහවල් එකක් ද බං ඒක???
කන දෙයක් ද??
මටත් ටිකක් ඕනේ!!!!!!
බස්සි සහෝදරිය වෙත,
ReplyDeleteමේ ලියන්නේ සිරාවටමය. මට නම් ඔය වගේ එව්වා වෙන්නේ නැත. වෙලා තියෙන්නේ සරල , නින්දිත සිදුවීම් පමණි. එකක් මෙන්න කියවන්න . ඒ වගේම මා වැනි අයෙක් නොගිනිය හැකි තරම් කුඩා වන්නට හේතු ඇත. ඒ මේ වැනි උතුම් යහළුවන් මට ඇති බැවිනි. ඔබට ඇය හඳුන්වා දෙන්නම්. මොකටවත් නෙවෙයි, ඔය වගේ වැඩක් කරපු ගමන් මේ දැරිවිගේ කැරැට්ටුව කියා ඔබේ ජාම බේරා ගත හැකිය. අත්දුටුය. ප්‍රත්‍යක්ෂය.
දැනට ඇතිය,
යන්නං ඈ
නු.කු.
මොකක්ද බන් මේ නු. කු කෑල්ල, මම එකපාරටම දැක්කේ "කුණු" වගේ....!! හැක්...
Deleteනු.කු. = කුනුු
Deleteදැන් කසූ කිව්වම කොහොමද පෙන්නේ?
Delete(තනියෙන් මුමුණමින්) මදැයි කලාකාමී විදියට නම කෙටියෙන් ලියන්න හිතුව. මුන්ට ඒකත් පෙන්නේ ඇදෙටනේ! අර කසුරි වගේ 'නුකුමා' කිව්වොත් ඊට පස්සේ නිකමා කියයි. එකෙක් හැදෙනවා බලාගෙන ඉන්න බැරි ඉරිසියාකාරයෝ.
මම දන්නවනෙ මේව ලියනකොට පිටට තට්ටුවක් දමා සනසන කමෙන්ට් එකක් උපයගෙන් අනිවාර්යයෙන් ලැබෙන බව. :)
Deleteනු.කු. = නුහුගුණ කුඩිච්චිය
Deleteනුහුගුණ - පිස්සුවේ ආරම්භක අවස්ථාව
බස්සි , උපේක්ෂා දෙන්නම එක ජාතියේ :D
Deleteඔව් මූ මගෙ සමාන්තර ලෝකෙ ෆොටෝකොපිය ලු.
Deleteමමත් ඕනේ තරම් ගල්කිස්සෙන් නැගලා බස් එකට ගල්කිස්සටම ටිකට් ඉල්ලලා තියෙනවා.
ReplyDeleteයන බස් වරදින එකත් හරියට වරදිනවා.
ඔන්න දවසක් කුරුණෑගල ඉඳන් කොළඹ එන්න දුර ගමන් බස් එකකට නැග්ගා.හොඳට බෝඩ් එක බලලා නැග්ගේ වරදින්න නැති වෙන්න.බස් එකේ සෙනගත් වැඩියි.දුර ගමන් බස් දන්නවානේ පිඹගෙන යන්නේ.ඔන්න ටික වේලාවක් ගියාට පස්සේ කොන්දොස්තර අවා "කුරුණෑගලින් නැග්ග අය සල්ලි ගන්න" කියාගෙන.මම සල්ලි දීලා කොළඹ කියලා කිව්වාම කොන්දොස්තර අයියා කියපි මේක මේ කොළඹ නෙමේ යන්නේ වවුනියා කියලා.දැන් මොකෝ කරන්නේ මුළු බස් එකේම ඇස් දැන් මගේ දිහාට හැරිලා වගේ හැගීමක් මට දැනුණේ ඒ වේලේ.
ලැජ්ජාවේ පණ යනවා බං.ටක් ගලා බෙල් එක ගහලා බහින්න හැදුවත් ඩ්‍රයිවර් බස් එක ස්ලෝ කෙරුවේ තවත් දුර ගිහින්.බස් එක ස්ලෝ වෙනකොටම මම පැනගත්තා.
හුටා!
මම පැනලා තියෙන්නේ පාලු කැලෑවක් වගේ හරියකින්.
හැක්! බලාගෙන ගියාම මේ මං ඉතා හොඳයි නේ.
Deleteහෝහපුට්ටෙක් නැති පාලු හෝල්ට් එකකින් පතබෑවෙන එක මටත් අනන්තවත් සිදුවී ඇත.
//ඒක අහපු ගමන් බස්සා ලවක්දෙවක් නැතුව සුපුරුදු විධි ක්‍රියාව පුනරුච්චාරණය කරන්න ගත්තා.//
ReplyDeleteබහින්න..
ඉතිං කියන එක අහලා බහින්න.
දැන්ම බහින්න.
කියන එක අහල බහින්න.
මෝඩ තඩියෝ බැහැපිය.
කිව්වම අහල බැහැපිය යකෝ..!!
@#$&(*&^%#%^^ බැහැපිය ..
බැස්සද?
ආ..හරි හරි බැස්සනම් කමක් නෑ..
මොකා ?? ඒ පාර ඔලුවේ මල් කම් කැටයම් කොටපු එකෙක්ගෙ ටුක් ටුක් එකේ යනවා..
මට කියනවා මෝඩ බස්සි ඔයා ඉන්නෙ වඩු මඩුවකද?
ඒ පාර කොල පාට බුල් බැන්ඩ් එකක් දලා ඔලුවට...
ඒ කියන්නෙ ඔයා පෙරේරගෙයි පුත්තුන්ගෙයි කඩේට ගිහින් එන ටිකට ඌ ඔලුව මාරැ කරලද?
ඔයාටත් පිස්සු ඔයාගේ බෝලග් බලන කමෙන්ටු දාන ඔක්කොටම පිස්සු..
ඔන මගුලක් කර ගන්නවා..මම තියනවා..දඩස්.
මෙන්ඩෝ උඹ මගෙ ජොබත් නැතිකොරන්නද හදන්නෙ! වැඩ දාහක් අස්සෙ හොරෙන් මේ මගුල කියවන්න ගිහින් බකබක ගාලා හිනා ගියා යකූ...
Deleteශා මමත් ඔයවගෙම පදාර්තයක් තමා හැබඉ හිතුවෙ නා බොල කදාවත් සජිවී එකියක් හම්බවේ කියල එකෙත් කරුමෙ නෙ!
ReplyDeleteඑල ඈ.. දාන්ඩ පහක්!
Deleteහා හා හා!! :D :D :D
ReplyDeleteපිස්සු හැදෙයි! (රහසින්) කීවම මොකද බස්සියෝ මටත් ඔය ලෙඩේම තියෙනවා..(හයියෙන්) ලෙඩක් නෙවෙයි බං අපි ඉතින් රාජකාරි වැඩි කාර්යබහුල උදවිය නොවැ! :D
මටත් ඔය ටුක්ටුක් මාරුවෙන වැඩේ නම් වෙනවා..උඹ නම් අඩුගාණේ උගේ තට්ටෙ කැටයමවත් මතක තියන්..මට නම් එහෙම කිසිම ක්ලූ එකක් නෑ මොකද මට මූණු මතක හිටින්නේ ටිකක් අඩුවෙන්...මොකද ඒ මෙමරිය ටිකක් සේව් කරගන්නවා ලොසින්ජර කඩ, කඩචෝරු කඩ, අයිස්ක්‍රීම් කඩ, ඇඳුම් කඩ මතක තියාගන්න...හික් හික්..
දවසක් මායි නගයි ඔහොම ටුක්ටුක් එකක ගිහින් ඔය වගේ මම බැහැලා ගියා මොනාටහරි...ආයෙත් එද්දි ටුක්ටුක්කාරයා ඒක වෙන තැනක නවත්තලා..මම දුවගෙන දුවගෙන ගිහින් ඊටපිටිපස්සේ තිබ්බ ඒ පාටම ටුක්ටුකුවකට නැග්ගා..කියන්න ලැජ්ජයි ඕයී, මම අස්වයෙක් වගේ දුවන් ගිහින් ඒකට නගින හැටි අපේ නගා ඔළුව එළියට දාගෙන බලන් ඉඳලා...මම නගිද්දි අම්මටසිරි අපේ නගා නෑ..දැන් කවුද මේකට වග කියන්නේ කියල බලද්දි මේ යෝදී ඉස්සරහ ටුක්ටුක් එකෙන් බැහැලා පෙරලි පෙරලි හිනාවෙනවා...විලි ලැජ්ජයි සන්තෝසයි!! :D :D
//තට්ටෙ කැටයමවත්//
Deleteඑක සැරේට දැක්කේ තට්ටමේ කැටයමවත් වගේ ෂැහ්
තනියා ඇන්ටි , උඹව අහුවෙනකම් ඉන්නේ , එදා මට හයර් එකවත් නොදී වෙන ත්‍රීවීල් එකකින් පැනලා ගියා නේද ? අහුවෙයන්කෝ ,
Deleteමීට ත්‍රීවීල් මල්ලි
CJ තාම ටිකක් වෙරිමතින්දෝ මන්දා අනේ..අද බදාදා...:P :P
DeleteCJ පසුව ලියමි
Deleteඇයි හත් ඉලව්වේ ඒ යකාගේ තට්ටමේ කැටයම් බස්සිට පේන්නේ කොහොමෙයි? ඌ රියැදුරු අසුනේ ඔළුවෙන් හිටගත්තද? :P :P
ඉවාන් : ඇයි බොල උඹේ ටුකුටුකුවේ මෙහෙම ගහල තිබ්බේ ""කොහේටද යන්නේ අපිත් යන්නේ එහෙට තමයි "" මම හිතුවා ඉතින් හිතමිත්‍රකමට ලිෆ්ට් එකක් දුන්නා කියලා..:P :P
Deleteඋඹ මගෙ ජාතියෙම මොළේ ක්‍රැක් ඩෑල් එකක් කියල තේරුනා එදා කලින් දැකලවත් නැති මාව කන්ඩ වගේ බලන් ඉඳල එකපාර බස් එකේ ජනේලෙන් රිංගල ඔයා බස්සිද කියල ඇහුවම. පොඩ්ඩක් හිතහාන්කො බැරිවෙලාවත් ඒ ඇහුවෙ වැරදි එකෙක්ගෙන් නම් කෝමද ආතල් එක! උඹට තව පෝස්ට් එකක්ම ලියන්න තිබ්බා එහෙම උනානම්.
Deleteවිදානේ ටුක්ටුක්වල යන්නෙ ඔලුවෙන් හිටගෙනලු.
Deleteහහ්! උඹත් ඉතින් කවදාවත් දැකලා නැති මා එක්ක මුකුළු හිනා පෑවේ..! මටත් එහෙම හිතුණා බං, කමක් නෑ ගියොත් වචනයක් ආවොත් බස්සියෙක් කියලා අහලා දැම්මා..:P
Deleteහි හි .... මාත් ඔය උඩ එකාගෙ ජාතියෙ... මලාට මූණූ මතක හිටින්නෙ නෑ නේ.... ඉතිං ඒ මනුස්සයගෙ කටින්ම අල්ලගන්න වෙනව කවුද කියල... පුදුම ලෙඩක් තමයි... හැබැයි දෙයියනේ කියල මට බස් නම් පැටලෙන්නෙ නෑ... මොකද මගේ හැටි මම දන්න නිසා හැමතිස්සෙම බස් එකේ ඉස්සරහා බෝඩ් එක කියවල බලලයි නගින්නෙ.... ටුක් ටුක් නං අවුලක් නෑ.. ඒවයෙ යනව බොහොම අඩුයි....
ReplyDeleteමටත් අසාධ්‍ය ලෙඩක් තමා මූණු අමතක වීම. ඊට පස්සෙ අමාරුවෙන් මූණ මතක් කරගත්තට පස්සෙ තියෙන අවුල නම අමතක වීම.
Deleteවර්ස්ට් කේස් එක තමයි නම වෙනුවට නම අයිතිකාරයට හොරෙන් අපි පාවිච්චි කරන පජාත කාර්ඩ් එකක් විතරක්ම මතක් වීම සහ ඒක ඒ මනුස්සයා නොදන්නා බව අමතක වී ඒ නමින් ආමන්ත්‍රණය වීම.
මාගේ දෑස දෙසා බලනුඌඌඌඌඌඌඌඌඋ
ReplyDeleteඔයා දැන් පිස්සියෙක්
ඔව් ඔයා පිස්සි :p
හෙහ්! ඔය මෝහනේ කිරිල්ලෙන් පුලුවන්යැ මම වගේ සුවිශේෂී මොලයක් පිස්සු වට්ටන්න. හිතුවා මදි.
Deleteහැක හැක. අන්න මගේ ජාතියෙ කතා. My genre.
ReplyDeleteහිතපංකෝ අපි කකුලක් කැඩිලා ඉන්නවා කියලා. කැඩිච්ච කකුලේ අමාරුව මදිවට බලන්න එන එවුන් හැම එකාගෙම කකුල් කැඩිච්ච කතා සීරීස් එකක් අහගෙන ඉන්න වෙනවනේ ඔලුව නූල් බෝලෙ වගේ පැටලෙනකල්. මේ ඊයේ පෙරේදත් රැවුල කපන්න ගිහින් මූනේ පෙත්තක් ගැහුනා. ලේ වැක්කෙරෙනව. ඒත් මම නෙවෙයි ප්ලාස්ටරයක් අලවන්න හිතුවේ. ඒ මොකද ප්ලාස්ටරේ ඇලෙව්ව නම් මට අඩුම ගානේ හයසිය අසූපස් දෙනෙකුටවත් විස්තර කරන්න වෙනවා ඇයි ප්ලාස්ටරේ අලවගෙන ඉන්නේ කියලා. ඊට අමතරව මූණ කැපිච්ච කතා අවම වසයෙන් හතලිස් හතක්වත් අහගෙන ඉන්න වෙනවා.
දැන් ඔන්න බස්සිටත් ඒ අත්දැකීමම ලබා දෙන්නයි යන්නේ.
මම ගියා ඉන්ටනෙට් එකට ගෙවලා එන්න කේබල් ඔෆීස් එකට, මේ ලංකාවේ ඉඳලා ආපු ගමන්මයි. ගිහිල්ලා බයිසිකලේ පාක් කරලා ලොක් එකකුත් දාලා වැඩේ කරගෙන ගෙදර ආවා. ඇවිත් බත් පිඟානට වග කියලා නැප් එකක් දැම්මා.
ඔන්න නැගිටලා පාං ගේන්න බේකරි කඩේට යන්න බයිසිකලේ හොයනවා යකෝ ඒක නෑනේ. පස්සේ මගේ හිතට සැකයක් මෝදුවේගන ආවා. මට මතක් වුනා ඉන්ටනෙට් එක අරන් ආපහු එන ගමන් අර බාලු කියන බංගලි ටේලරයට අතට අත දීලා සුබ අලුත් අවුරුද්දක් පැතුව නේද කියලා. බයිසිකලේ එන ගමන් අතට අත දුන්නා නම් හෙම වෙන වැඩේ කියන්න ඕනේ නෑනේ.
මම පාරේ කෙලවරට දුවලා එබිල බැලුවා කේබල් ඔෆීස් එක දිහා. ඒක වහලා ගිහිල්ලත් එක්ක. මෙන්න යකෝ මගේ බයිසිකලේ තියෙනවා අර දවල් නවත්තපු ගමන් එහෙමම.
http://dilagelokaya.blogspot.com/2014/09/blog-post_9.html ඕකට සමාන කතාවක් ලිව්ව මම.
Deleteමම ඩූඩ්ගෙන් කමෙන්ටුවක් බලාගෙනම ඉන්නව මේ වගෙ කතාවක් දැම්මට පස්සේ.
Deleteඔන්න එක දවසක් අපේ තාත්තගෙ යාලුවෙක් එයාගෙ නැන්දම්මව දත් දොස්තර ගාවට එක්කන් ගිහින්. ඒ අංකල් එක්ක නැන්දම්මා ටිකක් වලිත් එක්ක. බයික් එකේ මීගමුවෙ ඩොකා ගාවට එක්කන් ගිහින් දැන් ඩයල් එක කතා කර කර ආපහු වෙන්නප්පුවට එනවලු. නැන්දම්මගෙ දත ගලවල නිසා අමාරුවට මුකුත් උත්තරයක් දෙන්නෙත් නෑ හ්ම් ම්හ් ගගාලු එන්නෙ.
ඔන්න තෝප්පුව හන්දියෙදි ලොරියකට ඉස්සර කරන්න ගිහින් කනේ වැලි ගෑවෙන්න ඇල කරල ඊට පස්සෙ ඉස්සරහට ගිහින් එකපාරට බ්‍රේක් ගහල ජල්බරි ගොඩක් උනාලු. කොහොම කොහොම හරි කතාවෙන් කතාවෙන් පොර ගෙදරටම ආව කියන්නකෝ.
ඇවිත් බලද්දි නැන්දම්ම නෑල්ලු.
වයිෆ් අඬනවලු බනිනවලු ඔලුව කන්න යනවලු. ගිනි විජ්ජුම්බරයයි. බැරිම තැන පොර ආපහු බයික්කෙ හරෝගෙන ගිහින් නැන්දම්ම හොයන්න.
අනේ උන්දෑ අර තෝප්පුව හන්දියෙ බ්‍රේක් ගහපු පාර රූට්ටගෙන ගිහින් පස්ස බිම ඇනිල වැටිල. එතන සීන් එක දැකපු යාලුවෙක්ගෙ බයිසිකලේක නැගලා අර අංකල්ගෙ පතුරු ඇර ඇර එනවලු මග දිගට. දතේ අමාරු කොහෙන් ගියාද නෑල්ලු.
හඃ හඃ හඃ ආතල් සිද්ධිය.. ටුක් ටුක් පොරට මොනවා මතක් වුනාද දන්නේ නෑ ඒ වෙලාවේ :D :D :D
ReplyDeleteමොනව මතක් උනාද දන්නැති හින්දා මම ඒ පැත්ත පලාතෙ ගියෙ නෑ තාම. :P
Deleteෆට්ට ඈ.............
ReplyDelete,මට නම් තියෙන්නේ බහින්න අමතක වෙන ලෙඩේ..කෙල්ලෙක් දිහා හරි පෝන් එකේ දිහා හරි බලන් යනවා දන්නෙම නැතුව බහින තැන පහුවෙනව
මටත් බහින්න අමතක වෙනව ඩී.ජේ.අරාගෙ කතාවක් හරි පැස්බරාගෙ බයිටක් හරි අහන් යනකොට. ගොඩක් වෙලාවට මම කතාව ඉවරවෙනකම් හෝල්ට් එකක් දෙකක් ඉස්සරහට ගිහින් බැහැලා ආපහු අතට එනවා.
Deleteඔව්වා මොනාද බං.. බයික් එක ඔපිස් එකේ තියෙද්දි බස්එකේ ගෙදර එන අපිට...
ReplyDelete(මොනව උනත් ඔලුවේ කැටයමක් කපාගෙන, අතේ පච්චයක් කොටාගන්න ඕන)
ජ ය වේ වා
ඇත්තටම උඹ ඔලුවෙ පච්චයක් කොටාගෙන ආවනම් මගෙ ෆේස් ඩිටෙක්ෂන් අවුල හරියනවා.
Deleteබස්සා : අන්න තව යාලුවෙක්. බායි කියල එන්න.
මම : නෑ.
බස්සා : මෝඩියේ ඒ විදානෙ. ඇයි බොල දෙතුන් පාරක්ම කතා කරානෙ.
මම : හුටා මට මූණ මතක නැත. අහ්! උස. එච්චර උසට හිටියෙ විදානෙ විතරමයිනේ.
ඕකේ නියමම ආතල් එක ගන්න පුළුවන් වෙන්නේ ,වැරදි බස් එකක නැගලා පිච්චි පිච්චි යනකොට ,ළඟ ඉන්න එකා නින්ද ගිහින් ඇඟට කඩා වැටෙනකොට තමා ,
ReplyDeleteනෑ ඕයි, වැරදි බස්සෙහෙක නැගලා පිච්චි පිච්චි යනකොට අර ඉවාන් කියන හෝතඹුවා වොයිස් වෙනස් කොරලා නාඳුනන නම්බර් වලින් ප්‍රෑන්ක් කෝල් දෙද්දි තමා මරුම ආතල් එක තියෙන්නෙ. හැප්.
Deleteහපොයි බස් ලෙඩේ නම් මටත් තියෙනවා. සමහර වෙලාවට කොන්දොස්තර ටිකට් ගනිද්දි බහින තැන අහනකොට එක පාරම අමතක වෙනවා. මටම හිතාගන්න බෑ එහම වෙන්නෙ කොහොමද කියලා .
ReplyDeleteඕකට කරන්න තියෙන්නේ සරල වියායාමයක් . මම නම් කරන්නේ නැගලා කොන්දොස්තර ළඟට එනකල්ම බහින තැන කටපාඩමින් මුමුණ මුමුණ ඉන්නවා. බැරිවෙලාවත් ඉතින් බස් එකේදී ඊට කලින් යාලුවෙක් සෙට් උනොත් හරි කෝල් එකක් ආවොත් හරි පොඩ්ඩක් විතර අනතුරක් තියෙනවා. එක දවසක් ඔය මතුරන්න අමතක වෙලා මට, මම තටම තටම ලෑන්ඩ් මාක් ටික ඔක්කොම ටික කියල ඉඅවර වෙලා බහිනතැන කියන්නම විනාඩි පහක් දහයක් ගියා. කොන්දොස්තර අර ගොතයෙක්ට වචනේ එලියට ගන්න උදව් කරනවා වගේ මට උදව් කර කර හිටියා. පල් එක කියන්නේ අජම පල් !! අපි වගේ බිසී අයට ඔය වගේ දේවල්ද අනේ මතකේ තියාගන්න තියෙන්නේ.. නැද්ද?
Deleteඒකනේ ඒකනේ.. අපි වගේ බිසී අයට කොයිතරම් දේවල් තියෙනවද මතක තියාගන්න.
Delete( රහසින් - මේ ... ඔයාට වෙච්චි වැඩේම මටත් වෙලා තියෙනවා. ඊට පස්සේ බැරිවෙලාවත් ඒ බස් එකේ ගියොත් කොන්දොස්තර බහින තැන කියලා එතනට නේද මිස් කියලා ටිකට් එක දෙනවා හි..හි.. )
//ගොතයෙක්ට වචනේ එලියට ගන්න උදව් කරනවා වගේ//
Deleteමම දන්නව මචං ඒ අත්දැකීමේ සුන්දරත්වය. වටපිට ඉන්න උන් ඇස් නළලෙ තියන් ඒක බලන් ඉන්නකොට තමා ආතල් ඩබල් වෙන්නෙ.
හේ හේ..හැමෝටම පොඩිම හරි අමතක වීමක් වෙනවනේ බස්සි අක්කේ.
ReplyDeleteමට තියෙන ලෙඩේ තමයි රූට් නම්බර් ඒක බලන්නැතුව බස් එකට නැගලා කොන්දගෙන් "මට අතනින් බහින්න පුලුවන්ද" කියලා අහන ඒක.
මම අඩුගානෙ එහෙම අහන්නෙවත් නෑනෙ නංගා. නැග්ග. ඉඳගත්ත. මට යන්න ඕනෙ තැනට ගානට සල්ලි දුන්න. ආයෙ මොන තූත්තුකුඩියක යනවද කියල ගනිච්චියක්වත් නෑනෙ.
Deleteමේ පෝස්ටුවට දාල තියෙන උත්තර ටික දිහා බැලුවම මට සරල නමුත් නිශ්චිත නිගමනයකට එන්න පුළුවන්
ReplyDeleteමුන් වගේ එවුන් දවසකට සියවතාවක් වත් ( අඩුම තරමේ) හම්බ වෙන කොන්දොස්තරවරුන්ගේ ජීවිතය කොතරම් කටුකද?
ලෝකෙ අමාරුම රස්සාව බස් කොන්දොස්තර කමද කියලා මටත් මොහොතකට හිතුනා බන්.
Deletewe are not alone babe. we are not alone! :D
බස්සියෝ මෙන්න මේක කියවලනම් ඇත්තටම හොඳට හිනා උනා............ හිනා උනාට පස්සේ මතක් උනේ ඉන්නේ ඔපීසියේ කියලා....
ReplyDeleteඔය බස් වරදින කාතාව කියෙව්වම මේ ඊයේ පෙරේදා මෙහෙ වෙලා සින් එකක් මතක් උනා......... ලගදි මැලේසියා ආපු විසා නැතුව ඉන්න ලංකාවේ පොරක් අවාලු ටව්මට තව යාලුවෙක් හම්බ වෙන්න පොලොව යන කෝච්චියේ ඇවිත් පොලොව උඩට අවා විතරයි බාප්පලා දෙන්නෙක්ට අහුවෙලා චෙක් කොරලා විසා නැතිනිසා කාර් එකේ දාගෙන යනවලු පොලිසියට යනගමන් කොල්ලගේ තිබිලා රිංගිට් 250ක විතර පොන් එකයි පර්ස් එකේ තිබ්බ තව සල්ලි 250ක් විතරයි බාප්පලා අරගෙන මුව පාර අයිනේ දාලා ගියාලු.... මු ඔන්න හම්බ වෙන්න ආපු යාලුවට කථා කරලා විස්තරේ කියලා කිව්වලු නැගපු තැන ඉඳන් පෑය බාගයක් විතර පොලිස් කාරයෝ අරන් ආවා කියලා......
ඒ පාර යාලුවා කිව්වලු ටැක්සියක් අරන් අර ඉස්ටේසම ළඟටම වරෙන් කියලා..... ළඟ තිබ්බ ටැක්සියකට නැගලා යන්න ඕනා ඉස්ටේසමේ නම කිව්වම ටක්සිකාරයා පාරෙන් එහා පැත්ත පෙන්නනවලු ..... බැලින්නම් පොලිස් කාරයෝ සල්ලිත් අරන් කොල්ලව ගත්ත තැනින්ම පාරේ අනික් පැත්තෙන්ම බස්සලා ගිහිල්ලලු
අලේ ඒකනම් පවුම පවු වැඩේ බන්. බලාගෙන ගියාම පොලොස් කොට්ටෝරුවෝ කොහෙත් එකයි නෙව.
Deleteමටත් මේ මෑතකදී ඉඳල පොඩි පොඩි සීන් අමතක වෙන්න පටන් අරගෙන තියෙනවා. මහලොකු දේවල් නෙමෙයි.
ReplyDelete(ඇල්කොහොල් දෙවියන්ගේ පිහිටෙන් වෙන්න ඇති.... ඔව්වා ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් දේවල් නෙමෙයිනේ, ඒකයි වරහන් ඇතුලේ දැම්මේ )
මට වැඩිපුරම අමතක වෙන්නේ අළුත් පාරවල්. කවදාවත් එක පාරක් දෙපාරක් ගියපු ගෙදරකට ආපහු යද්දී පාර මතක නැහැ.
හැමදාම යන පාරවල් ටිකනම් ශේප්.
ඊළඟට තියෙන අනිත් අවුල තමයි හැමදාම වගේ හාමිනේ එක්ක(බීමෙන් පසු) නින්දට පෙර කතා කරපු දේවල් පහුවෙනිදට මතක නැහැ.
පහුවෙනිදා හවස ගෙදර ආවහම අහනවා "මම ඊයේ ගේන්න කියපු මොනවා හරි ගෙනාවද" වගේ දේවල්. මොනවද කියල අහපු ගමන් බඩුම තමයි.
මම තනියම ගමේ ගිහින් යාළුවොත් එක්ක රස්තියාදු ගහන්නේ එක එක බොරු කියලනේ.
සමහර වෙලාවට මම ගමේ යන්නේ අර වැඩේ තියෙනවා, මේ වැඩේ තියෙනවා කියලා. එයා පහුවෙනිදා අහනවා "අර ගමන ගියාද" කියලා.
මම ඉතින් වැරදිලාවත් ඇහුවොත් එහෙම "මොන ගමනද" කියලා. ඔන්න ඉතින් කේස් තමයි...
එයාගේ කචකචේ ශේප් කරගන්න බොරු දාහක් හමාරක් දෙසා බාන්න වෙනවා.
අනිත් අවුල තමයි බස් එකක ගිහින් හරි හෝල්ට් එකේ බැහැ ගැනීම. කෙළින්ම ටවුන් එකකින් ටවුන් එකකට යන ගමන් අවුලක් නැහැ. හැබැයි පුරුදු නැති තැනක මග බහින්න උනොත් බහින්නෙම වැරදි තැනක. එක්කෝ ඉතුරු ටික ආපහු තව බස් එකක, එහෙම නැත්නම් තුන් සක් රියක.
එක දවසක් ඔය වගේ ගමනක් යන්න ගිහින් කළින් බැහැලා, ඉතුරු ටික යන්න ආපහු බස් එකක නැග්ගා. අන්තිමට දෙවෙනි බස් එකෙනුත් ආපහු බැහැල තිබුනේ හෝල්ට් දෙක තුනක් කළින්. ආපහු ඉතුරු කොටස ත්‍රිවිල් එකේ තමයි.
හැබැයි උඹේ සීන් තරම් මගේ සීන් ටික අවුල් නැහැ වගේ නේද... හෙහ් හෙහ්
ඔෆිස් එකේදිත් වකුගඩුව පාවිච්චි කොරලා වැඩ ටික ලියාගෙන කරගෙන කරන නිසා එව්වනම් ශේප්... :)
හම්මේ මගෙ සීන් තරමටම අවුල් නෑ නේන්නම්.
Deleteමමත් දවසක් යුනියන් ප්ලේස්වල තැනකට යන්න ගිහින් නෙලුම් පොකුණ ගාවින් බැහැලා (වැරදි බස් එකක්.) ආයෙ වෙන බස් එකක බම්බා ගිහින් (වැරදි බස් එක + නින්ද ගියා) ආයෙ ටුක් ටුක් එකේ අනිත් පැත්තට ආවා.
ඒ ගමන ගෙදර ඉඳන්ම ටුක්ටුක් එකේ ගියානම් මට ඊට වඩා ලාබයි.
ෆට්ට කතාව.... හැබැයි පරිස්සමට අක්කෙ නැත්නම් ඔයාව හොයන්න CID තමයි දාන්න වෙන්නෙ...
ReplyDeleteහෙහෙ... තැන්කූ මලයා!
Deleteඅම්මෝ ඔව්. මාව අතුරුදහන් වෙලා දෙපාරක් පොලීසියෙ පැමිණිලි දාල තියෙනව.
අම්මපා මේක නම් මහා බඹා කියන එකා ගෑනු මවද්දී උන මිස්ටේක් එකක්ද කොහෙද. කාන්තා සනුහරෙටම පොදුයි නොවැ
ReplyDeleteසහතික ඇත්ත කතාව උකුස්සෝ...
Deleteමටත් ඔය ඩෑල් සහ නම් මතක තියෙන එකේනම් පොඩි අවුලක් තියෙනවා..
ReplyDeleteහැබැයි උඹට විතරමනම් අවුලක් නෑ නගේ.. කෝකටත් පරිස්සමෙන්.. ගමනක් යනකොට බස්සට කියහන් ෆෝන් එක ඔන් එකේ තියා ගන්න කියල.. හැක් හැක්..
හම්මේ මට නම් "නම්" මතක තියාගැනීමේ හැකියාව බිංදුවයි. මූණු මතක තියාගැනීම සෘණ අගයක තියෙන්නෙ.
Deleteඋඹලා වගේ එවුන් ආශ්‍රේ කරනවට අපිට ගානක් දෙන්න ඕන බං..
ReplyDeleteහෙහ්... වැඩේමයි. දුප් ඉඳිකට්ටා... :P
Deleteසෑම් හියර්... මට තියෙන කේස් එක ඔයිට දරුණුයි.. ඒකට කියන්නේ ඇල්සයිමර්... කරුමේ කියන්නේ පෙට් නේම් නියමට මතකයි.. සාමාන්‍ය නම් ගම් මතක තියෙන්නෙම නෑ..
ReplyDeleteඔයා හොඳයි අනේ.. මම තොරණ හංද්යෙන් නැගලා.. හැමදාම තොරණ හංදියටම ටිකට් එක ඉල්ලනවා.. ඕයා එක දවසයිනේ.. කොළඹින් බස් එකට නැගලා කොළඹටම ටිකට් ඉල්ලනවා..
තනියෙන් ගමන් ආවා කියලා හිතලා.. කෙල්ලන්ගේ නිතබ දිහා බලාගෙන ඉන්නව... නෝනා ඇහුවම කොහෙද ඔය බලන් ඉන්නේ කියලා... ඕන් එතකොට තමයි මතක් වෙන්නේ බැඳලා කියලා.. එයා මට අවුල් කියලා දන්න නිසා අවුලක් නෑ...
හෙහ් හෙහ්. මට වෙලාවකට නම අයිතිකාරයට හොරෙන් අපි ඌව හඳුන්වන්න පාවිච්චි කරන පැට් නේම් එක මතක් වෙනවා. මතක් වෙනවනම් මදෑ, ඒකෙන් ඇමතෙනවා. ඊට පස්සෙ වලක් හාරගෙන වැලලෙන්නම හිතෙනවා.
Deleteනරකද යන එන ගමන් පාවිච්චියට අමතක වෙන දේවල් ලියල තියාගන්න පොඩි නෝට්බුක් එකක් ගත්ත නම්? :v
ReplyDeleteඔයා ඉස්සෙල්ලම මට නෝට් බුක් එකක් ගන්න මතක් කරන්න මල්ලියො. ඊට පස්සෙ හැමදාම නෝට් බුක් එක ගෙනියන්නයි, ඒක ගෙනිච්ච බවත්, අමතක වෙච්ච දේවල් ඒකෙ ලියල තියෙන බවත් මතක් කරන්න. හා ද? :D :D :D
Deleteනියම කතාව (අත්දැකීම) අපේ බිරිඳත් ඔහොම තමා. යතුරු තමා වැඩියෙන්ම අමතක කරන්නේ. හිටපු ගමන් කෝල් එනවා . ළමයි එක්ක එළියේ යතුර නැතෝ කියල. ඉතින් මමත් ආත බුත කඩාගෙන ගෙදර දුවනවා දොර ඇරල දෙන්න.
ReplyDeleteදොර ඇරල දාල යතුර හංගලා යන මගෙ ස්ටයිල් එකට වැඩා ඒක හොඳා නෙව.... :D :D
Deleteමේ නම නම් මරු "පෙරේරගෙයි පුත්තුන්ගෙයි කඩේ" , මට මතකයි මාත් ඉස්කෝලේ එක වසරේදී , අම්ම කියල හිතාගෙන වෙන කෙනෙක්ව බදාගෙන මොනවද කියව කියව ඉන්නවා . . . ඒකනම් බොඩි බබා කාලේ කිව්වහැකි . මේ ලොකු බබාලගේ නාඩගම් නෙ වැඩේ....
ReplyDeleteලස්සන බකුසු කතාව.. . . හ්ම් හ්ම් ...
අනේ ඉතින් මම දැන් මෙහෙමනම් එක වසරෙදි කරපු කියපුව කියන්න ඕනෙ නෑනේ... :) :)
Deleteතෙල් මිළ පල්ලං බැස්සට පස්සෙ දැන් තී වීල් වල ගාස්තුවත් අඩු වෙලාද කෙල්ලෙ....
ReplyDeleteමොන පිස්සුද අයියෝ අඩු කොරල නෑ නෙ. ස්කූල් වෑන්/ ඔෆිස් වෑන් ගාස්තුත් එසේමැයි.
Deleteමට නම් අමතක වෙන්නේ බස් වගේ ඒවා නෙමෙයි.
ReplyDeleteමට අමතක වෙන්නේ දත් මදින්න, මූණ හෝදන්න, ඇඳුම් අඳින්න වගේ පොඩි පොඩි දේවල්.
ඒවා මේ මගේ වරදක් හින්දා වෙන ඒවා නෙමෙයි. උදේට නැගිට්ට ගමන් මම දත් මදින්නේ නෑ වමනේ යන හින්දා. ඉතින් කට හෝදනවා අර කට දන ඒවා දාලා. අන්තිමට නාලා හෙම ඔහේ එලියට යනවා දත් මැදල නෑ කියලා මතක් වෙන්නේ පාරෙ යනකොට.
අඳුම් අඳින එකත් එහෙමයි. මම ගෙදර ඉන්න කොට අඳින ඇඳුම් ටිකක් කොලු ටයිෆ්. ඉතින් හිටි ගමන් ඒවාම ඇඳගෙන වැඩටත් යනවා. පාරට ගියාමයි මතක් වෙන්නේ.
සමහරවෙලාවට මම තනියෙන් ඉන්නේ කියලා මතක වෙලා කෑමත් හදනවා දෙන්නෙකුට තුන්දෙනෙකුට විතර. අන්තිමට ඒවාත් ඔක්කොම මගේ බඩේ.
ඇයි ඇඳුම් ගන්න ගියාම. මට හැමදාම මතක් වෙන්නේ මම ගන්න ඕනෙ ඇඳුම් සයිස් එක මට වඩා සයිස් තුනකින්වත් අඩුව.
පස්සෙ කෙට්ටු වෙනකම් ඉන්නවා ඉතින්...
//සමහරවෙලාවට මම තනියෙන් ඉන්නේ කියලා අමතක වෙලා කෑමත් හදනවා දෙන්නෙකුට තුන්දෙනෙකුට විතර. අන්තිමට ඒවාත් ඔක්කොම මගේ බඩේ.
Deleteඇයි ඇඳුම් ගන්න ගියාම. මට හැමදාම මතක් වෙන්නේ මම ගන්න ඕනෙ ඇඳුම් සයිස් එක මට වඩා සයිස් තුනකින්වත් අඩුව. //
අපරාදෙ කියන්ට බෑ රංගි අක්කා මටත් ඔය ලෙඩේනම් තියෙනවා. අනික ලස්සන ඇඳුමක් දැක්කම පුදුම ගටක් එනව නෙව කෙට්ටු වෙන්න. මොන කෙට්ටු නෙමෙයි මං ගේන සමහර ඇඳුම් අඳින්න නම් ඉරට්ටක් වගෙ වෙන්න ඕන
ඔය ඇඳුම් ගන්න ලෙඩේ නම් අපේ නෝනටත් තියෙනව හොඳම එකෙන්. හැම ඩිසයින් එකකම S එක එයාට ඇති කියල තමයි හිතන්නේ. පිළිවෙලින් S, M, L, XL ට්‍රයි කරල තමයි 2XL එකක් ගන්නේ හම්මෝ මං මහත් වෙලාද අහ අහා. වැඩේ කියන්නේ එකම දවසේ දෙවෙනි ඇඳුම ගන්නකොටත් ආයෙම ඒ ලෙඩේ බෝ වෙනවා.. හැක් හැක්.. (එයැයි එක්ක ෂොපින් යන එක තමයි මගේ ප්‍රියතම විනෝධාංශේ. එවන් ෆන් එකක් ආයි ලොවෙත් නෑ)
Deleteකල්‍යාණ මිත්‍ර ෂොපින් අතර තුර ලබන ෆන් එක පට්ටයි කියා සිතුනි මට...
Delete//මගේ ප්‍රියතම විනෝධාංශේ// spelling වලින් පේනව විනෝදෙ බරපතලකම.
Delete//spelling වලින් පේනව විනෝදෙ බරපතලකම.// +++++++++++++++++++++++ :(
Deleteඋයාත් ඉල්ලන් කන්න හරිම දස්සයා වගේ නේද අක්කෝ
ReplyDelete