රතු දුඹුරු කලබල බසය
යාන්තම් උඩ පැන පැන
ගොරව ගොරවා ගාටන
'ස්‍රාස්' හඬකින් පෙරට විසිවී නවතින
ගිලගත්තු සිරුරක් දෙකක් වමාරන
ජනෙල් වීදුරු හෙමින් දිගටම වෙවුලන
කාස ඇංජිම මගදිගට කැහැ කැහැ යන
ඉතා කම්මැලි හෝන් හඬකින්
නිදිකිරන ඇස් ඇහැරන
මග බලන මල් මුහුණු පෙලකට
මහත සැර දුම් ගුලි පිඹින
රතු දුඹුරු කලබල බසය
කැස්සකුත් එක්ක හුස්මක් ඇද
'අනේ මට ඇති ලෙඩක් නෑ' කියන
බෙහෙත් පෙති කොට්ටෙ යට හංගන
හිස බමනකොට නතර කර මග කෙලවර
උස කෙට්ටු මිටි මහත
සිරුරු සේරම පාර මැදටම අත හරින
පැනඩෝල් පෙති දෙකක් විගහට ගිලින
'හාං දැං හරි යං!' කියාගෙන
ආයෙමත් ගාටන ගමන අරඹන.
Brown Owl?
ReplyDeleteතේරුන් නෑනෙ.
Delete//තේරුන් නෑනෙ.// ඒක තමයි මාත් කියන්නෙ.
DeleteSorry, just couldn't help being silly
රතු දුඹුරු කලබල බස en.wikipedia.org/wiki/Brown_Owl_(disambiguation
ආං අර චූටි බස්සො!!!
Deleteඅපේ කොන්දාමාමා කෙනෙක් හිටියා මනුස්සයා නිතරම කියන්නේ "රා..යිට් යං" කියලා අපිත් ඒ මනුස්සයට කරන ගරු කිරීමක් වශයෙන් "රා...යිට් මාමා(කාරයා) කියල කිව්වා...
ReplyDeleteජ ය
මරු නම ඈ... "රයිටයියා" කිව්වනං මොකෝ...?
Deleteහෝන් එකනං මටත් ඇලජික්.. :3
ReplyDeleteඅෆ්ෆොයි ඔව්. දැන් කාලෙ බස් හෝන් හොඳා අලි එලවන්න.
Deleteමමනම් බස්වල හිටගෙන යන්න කැමති නෑ . ඒ වෙන අයගේ කකුල් පෑගෙන නිසා වගේම මගෙ කකුල් උන් පාගන නිසා .
ReplyDeleteසපත්තු පාවිච්චියෙන් එම ප්‍රස්නය මගහරවා ගත හැක. :3
Deleteආ......Bus සිතිවිල්ලක්......
ReplyDeleteBus C ලියපු
DeleteBusC buzzed u with a Bus poem :P
Deleteරතු දුඹුරු බස් කිව්වේ සිලෝන් ටකරන් බස්දෑ....?
ReplyDeleteයා යා එව්වා තමයි.
Deleteඅපිනම් දැන් AC දාපු WiFi තියෙන ටිකට් ගන්නත් ඕනා නැති (ඒ කිව්වේ සම්පුර්ණයෙන්ම ෆ්‍රී ) බස් එකක තමයි යන්නේ එන්නේ
ReplyDelete(මැලේසියානු යහපාලනෙට පින්සිද්ද වෙන්න)
ඒ බස් එක දම් පාටයි නේද ලොකු මාමෙ...
Deleteවැඩිපුර තියේනං ඔය යහපාලනේ ඩිංගක් නැවක පටෝලා මෙහෙටත් එවන්නකෝ අෆ්ෆා. තනියෙන් බුක්ති විඳින්නෙ නැතුව.
Deleteබස් සිට බස් ගැන ලියන්න්න හිතිල
ReplyDeleteබස්සෙකේ යනගමන් ලිව්වෙ.
Deleteමටත් ඔය කාස ඇංජින් තියෙන ජනෙල් වෙව්ලන බස්වල අගේට නින්ද යනවා. බහිනකොට ඔලුව ගෙඩි ගැහිලා. දැන් බස්වල යනවා නම් කරන්න ඕනේ දේ දන්නවත් එක්ක. අර බෙල්ල වටේ ඇඳගන්න පුලුවන් neck roll එකක් දාගෙන බස් එකේ මුල්ලකට වෙලා නිදා ගන්න එක.
ReplyDeleteඅෆ්ෆා ඩූඩ් දැක්ක කල්!!! කෝ ඇන්ඩි? ඩූඩ් අතුරුදහන් වෙලා උන්නු කාලෙ අන්න ඇන්ඩි එක්සෑම් පාස් වෙලා කැම්පසුත් යනෝලු. අනේ අපිට ඇන්ඩි කතාවක් ඕන ආයෙම.
Deleteබස් ඒ මොනාද ඒ??? (යහපාලන වැසියෙක්)
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅර පොළොන්නරුවෙ රැස්වීම් වලට පාර දිගේ පේලියට සෙනග ඇද්ද දුවන පෙට්ටි ජාතිය පුතේ...
Deleteමේක දැක්කද? http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/15683-independence
ReplyDeleteශෙහ් ඒකනම් පට්ට! නිදහස් දිනේට ලියවුනු හොඳම එකක්!!!
Deleteකවිය ලස්සනයි බස්සි.
ReplyDeleteමම මෙතනට ගෙනෑවෙ ඔයාගෙ "රන් කැඩපත"
බොහොම ස්තූතියි යාලූ!
Deleteසාදරයෙන් පිලිගන්නවා බස්සිගෙ නවාතැනට ඔයාව!!
හප්පේ ඒ බස් මතක් කරනකොටත් පුදුම කම්මැලිකමක් හිතට එනවා. : D මොකද බස් එකට නැගලා ගමනාන්තයට යන්න සැහෙන කාලයක් යනවනේ..
ReplyDeleteඔව් ඈ... කවිය ලීව දවසෙ මට විනාඩි තිහේ ගමනට පැය දෙකක් ගතවුනා...
Deleteඉස්සර මට ඔය බස් පෙන්න බෑ. බස් එක පාරේ යනවා දැක්කත් වමෙනේ යනවා . හදිසියෙන් හරි යන්න වුනොත් වමනේ පෙති විස්සක් විතර බොන්න ඕන .. ඔවැක්
ReplyDeleteඉයැක්කා ඒ මොකෝ? කුන්ෆු අජන්ත ඒ කාලෙ බස් කොන්දොස්තරකමක්වත් කලාද?
Deleteඅපේ පැත්තේ තාමත් තියෙන්නෙ ඔය බස්ම තමා...කවි පද ටික මුමුණනකොට ඇත්තටම මට මතක් වුනේ.මේ පාර නිවාඩුව ඉවර වෙලා ගෙදර ඉදන් ටවුමට ආපු බස් එක...හරිම ලස්සනයි...බස් එක නෙමේ බස් එකේ හිටිය මුවැත්තියො ටික....ඒ වගේමයි බස්සිගෙ නිසදැසත්.
ReplyDeleteමුවැත්තියො යනවනම් යාලට හරි දෙහිවලට හරි යන බස් එකක්ද මන්දා. වැව් ඉස්මත්ත කාලෙකින් මේ පැත්තේ...
Delete//ජනෙල් වීදුරු හෙමින් දිගටම වෙවුලන//
ReplyDeleteඑතකොට පොඩි සද්දෙකුත් එනවා.හරියට ෆෝන් එකක් වයිබ්‍රේට් වෙනකොට එනවා වගේ.
මම මේ හිතන්නේ උඹ ලීවේ මේ බස් එකක් ගැනද?නැතිනම් බස් එක ඇතුලේ හැංගිලා තියෙන මොනවා හරි දෙයක් ගැනද කියලායි.
අයියෝ නෑ මේක මේ පුරුදු කවි රටාවෙන් පොඩ්ඩක් එලියට පනින්න ට්‍රයි කරපු එකක්. තාම කාටවත් ඒක තේරුනේ නෑ ඒ කියන්නෙ වැඩේ අසාර්ථකයි.
Deleteමං නම් මේ දවස්වල හොයන්නේ 'රතු දුඹුරු කළබල ඇස්'.. :p
ReplyDeleteහැබෑට යහපාලනේ ආවට තාම බස් වල පාට එහෙම වෙනස් වුනේ නෑ නේද? මොන පාලනේ ආවත් ලංගම ගොඩ දාන එක ලේසි වෙන එකක් නෑ.. 'බස්' සිත් මේ අලංකාර දාල කියල තියෙන්නේ..
යහපාලන ඇස් ද කලා?
Deleteඅපූරු යි බස්සි... හැම දා ම වගේ. ගමනේ නිමක් නැත!
ReplyDeleteතැන්කූ තැන්කූ කුරුට්ටියෝ...!!
Deleteඉස්සර ඕකේ හෝන් එක වදින්නේ පා.........න් පා.......න් කියලා :D හැක හැක හැක මගේ ප්‍රියතම හෝන් එක ඒ කාලේ :D
ReplyDeleteඒ පරණ හෝන් සද්දෙ සෝයි නේ? මාත් ආසයි.
DeletePrivet bus නමි එපා වෙනව උන් කොට කොටා යනකොට CTB හොදයි මොකද උන් යනකොට පාරත් අකුලගේන යන්නේ
ReplyDeleteහම්මේ ඔව්. පුදුම හදිස්සී සී ටී බී ඩෑල් වලට
Deleteබෙහෙත් පෙති කොට්ටේ යටද හැංගුවේ.. මම හිතුවේ උඹ කරන වැඩේ කරන්න ඇති කියලා..
ReplyDeleteහික්ස්! බස් එකට ඒ වැඩේ කොරන්න අදාල ප්‍රතිපාදන සපයලා නැහැල්ලු බං
Deleteබස්සිගෙ කවි ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ. පේළි දෙක තුනක් ලීවත් හෙන රහයි. වෙනස් මාතෘකාවකට ලිව්ව මේ කවි ටිකත් ඉතින් සුපිරි. ජය වේවා!!!
ReplyDeleteඅනේ තැන්කූ මනා. මෙයා එෆ්.බී වෝලය කියෝනව වගේ...
Deleteෆොටෝ එකේ තියෙන VW Camper වෑන් එක මම ආසම වාහනයක්..මේ වගේ එකක් ඇතුලෙ පුංචි චාරිකාවකට අවශ්‍ය බොහෝ දේ ගබඩා කරගන්න පුලුවන්.
ReplyDeleteහැමදාම කියනවා වගේ අපූර්වත්වයක් දැනෙන නැවුම් යෙදුම් වලට මම ගොඩාක් මනාපයි.
.// ගිලගත්තු සිරුරක් දෙකක් වමාරන // මේ පේළියට ගොඩාක් කැමතියි...
පින්තූරෙ වෑන් එකක් බව සිරා අයියා අල්ලගෙන. බස් වල ලස්සන පේන්ටින් එකක් හොයාගන්න බැරිවුන නිසා මේක දැම්මා.
Deleteතැන්කූ වේවා ඈ!!
අප්පට බොල දැං එක දිගටම වර්ණ කුලකයක් නෙව එන්නේ.. කලින් නිල්.. ඊට කලින් කහ පාටද කොහේද?? හැක්
ReplyDeleteආයෙත් අහලා
Deleteසුදුම සුදු හිස් පිටු
මුතු ඇටේ දැන් කාකි පාටය
රතු දුඹුරු බසය
රිදීපාට ආදරේ
"නිල්" අහස යට
තව තියෙනව මං හිතන්නෙ.
කවිය එලස් ය ....
ReplyDeleteබස් එකේ දැක්කේ - මා හා සිනා පෑවේ..
පුසුඹේ බැරුවා - මා ලඟින් වාඩිවුන්නේ..
ජනේලයෙන් අහක බැලුවේ..
මා දෙස හොරෙන් බැලුවේ..
කොටුවට ටිකට් ගත්තේ - ඒ ලඟම හදත් ගත්තේ..
වංගු ලාල ලාල ලාල ලා...
වංගු ලාල ලාල ලාල ලා...//
හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ..
ට්‍රැෆික් එකේ වෙනස් වේ..
දැනේවී පෙම් සිසිලේ..
ඈ ළඟ සිටින වේලේ..
හෘදේ සාදයක් සේ..
මං ලෝකේ පාරාදීසේ..
මැවේවි හයිලෙවල් පාරේ..
ළඟින් මෙසේ මෙ බස් එකේ මේ
රූට් එකේ මුණ ගැසෙයි
කියා සිතා හිතා මතා
ඇහෙන වෙලාවටම එන්නේ..
හිටන් යන්නෙ - ඉදන් යන්නෙ
දුරින් ඉන්නෙ - ලඟින් ඉන්නෙ
සාරි අදින - ස්කර්ට්ස් අදින
සුරගනක්ද ඔෆිස් යන්නෙ...
ගායනය : Funky Dirt
ගී පද : මුර්ෂාඩ් හුවයිස්
සංගීතය : ශෙනාල් මද්දුමගේ
අනේ මං ආසම ආසම සිංදුවක් අෆ්ෆා. ඇහෙද්දි විතරක් නෙමෙයි පේද්දිත් නැටවෙනවා.
Delete//උලාලෙ ලාලෙ ලාලෙ ලා// නේද?
//යලිත් මෙසේ මෙ බස් එකේ//
//එ ළඳ ම'හදත් ගත්තෙ//
මන් හිතන්නේ මේ කියන්නේ CTB බස් එකක් ගැන :P . මේක කියවද්දී මැවිල පෙනුනේ අපේ ගමෙත් ඉස්සරම ගිය සිලෝන් ටකරන් බසය.
ReplyDeleteඅන්න ඒවගේ බස් එකක් තමා කොබා. මම එහෙම එකක යනගමන් තමයි ලීවෙ.
Deleteදැන් ඔය වගේ CTB බස් ගොඩාක් අඩුයි... ඒත් ගම්වල තියෙනවා...කොහොම උනත් බස්සි අක්කා ගජමන් නෝනා වගේ... ;-) ගජමන් නෝනගෙ ගම් පළාතේ නොඋනට දීග ගියේ ඒ පළාතට මගේ හිතේ... ;-) :-P
ReplyDeleteකරුමෙට එහෙම බස් එකක් අහුවුනා කියන්නකෝ ඉතින්.
Deleteව්‍යංගයෙන් කිව්වේ බස්සා අය්යණ්ඩි ගැන නෙවෙයි නෙහ්...? ;-)
Deleteව්‍යංගයෙන් කිව්වේ බස්සා අය්යණ්ඩි ගැන නෙවෙයි නෙහ්...? ;-)
Deleteසෝක් බස් නං කතා බස් ඈ
ReplyDeleteඅපේ ස්කූල් බස් එකේ උන්නු කොන්දොස්තර අයියට අපි කිව්වෙ මහතුං අයියා කියල උගේ නම මහතුං නෙවී
ඩැයිවර අයියාට කිව්වෙ ඇරියොයොත් ඇරියා අයියා කියල ඌ එලෝනකොට අපි බස් එකේ යන්නෙ වවුලො වඳුරො වගේ එල්ලිලා ඈ........... පාරට වඩා අඟල් ගාණක් උඩින් ඌ යන්නෙ