Friday, February 6, 2015

රතු දුඹුරු හිතදැඩි බසය







රතු දුඹුරු කලබල බසය
යාන්තම් උඩ පැන පැන
ගොරව ගොරවා ගාටන


'ස්‍රාස්' හඬකින් පෙරට විසිවී නවතින
ගිලගත්තු සිරුරක් දෙකක් වමාරන
ජනෙල් වීදුරු හෙමින් දිගටම වෙවුලන
කාස ඇංජිම මගදිගට කැහැ කැහැ යන


ඉතා කම්මැලි හෝන් හඬකින්
නිදිකිරන ඇස් ඇහැරන
මග බලන මල් මුහුණු පෙලකට
මහත සැර දුම් ගුලි පිඹින


රතු දුඹුරු කලබල බසය
කැස්සකුත් එක්ක හුස්මක් ඇද
'අනේ මට ඇති ලෙඩක් නෑ' කියන
බෙහෙත් පෙති කොට්ටෙ යට හංගන


හිස බමනකොට නතර කර මග කෙලවර
උස කෙට්ටු මිටි මහත 
සිරුරු සේරම පාර මැදටම අත හරින
පැනඩෝල් පෙති දෙකක් විගහට ගිලින
'හාං දැං හරි යං!' කියාගෙන
ආයෙමත් ගාටන ගමන අරඹන.





62 comments:

  1. Replies
    1. //තේරුන් නෑනෙ.// ඒක තමයි මාත් කියන්නෙ.

      Sorry, just couldn't help being silly

      රතු දුඹුරු කලබල බස en.wikipedia.org/wiki/Brown_Owl_(disambiguation

      Delete
    2. ආං අර චූටි බස්සො!!!

      Delete
  2. අපේ කොන්දාමාමා කෙනෙක් හිටියා මනුස්සයා නිතරම කියන්නේ "රා..යිට් යං" කියලා අපිත් ඒ මනුස්සයට කරන ගරු කිරීමක් වශයෙන් "රා...යිට් මාමා(කාරයා) කියල කිව්වා...

    ජ ය

    ReplyDelete
    Replies
    1. මරු නම ඈ... "රයිටයියා" කිව්වනං මොකෝ...?

      Delete
  3. හෝන් එකනං මටත් ඇලජික්.. :3

    ReplyDelete
    Replies
    1. අෆ්ෆොයි ඔව්. දැන් කාලෙ බස් හෝන් හොඳා අලි එලවන්න.

      Delete
  4. මමනම් බස්වල හිටගෙන යන්න කැමති නෑ . ඒ වෙන අයගේ කකුල් පෑගෙන නිසා වගේම මගෙ කකුල් උන් පාගන නිසා .

    ReplyDelete
    Replies
    1. සපත්තු පාවිච්චියෙන් එම ප්‍රස්නය මගහරවා ගත හැක. :3

      Delete
  5. ආ......Bus සිතිවිල්ලක්......

    ReplyDelete
  6. රතු දුඹුරු බස් කිව්වේ සිලෝන් ටකරන් බස්දෑ....?

    ReplyDelete
  7. අපිනම් දැන් AC දාපු WiFi තියෙන ටිකට් ගන්නත් ඕනා නැති (ඒ කිව්වේ සම්පුර්ණයෙන්ම ෆ්‍රී ) බස් එකක තමයි යන්නේ එන්නේ
    (මැලේසියානු යහපාලනෙට පින්සිද්ද වෙන්න)

    ReplyDelete
    Replies
    1. ඒ බස් එක දම් පාටයි නේද ලොකු මාමෙ...

      Delete
    2. වැඩිපුර තියේනං ඔය යහපාලනේ ඩිංගක් නැවක පටෝලා මෙහෙටත් එවන්නකෝ අෆ්ෆා. තනියෙන් බුක්ති විඳින්නෙ නැතුව.

      Delete
  8. බස් සිට බස් ගැන ලියන්න්න හිතිල

    ReplyDelete
    Replies
    1. බස්සෙකේ යනගමන් ලිව්වෙ.

      Delete
  9. මටත් ඔය කාස ඇංජින් තියෙන ජනෙල් වෙව්ලන බස්වල අගේට නින්ද යනවා. බහිනකොට ඔලුව ගෙඩි ගැහිලා. දැන් බස්වල යනවා නම් කරන්න ඕනේ දේ දන්නවත් එක්ක. අර බෙල්ල වටේ ඇඳගන්න පුලුවන් neck roll එකක් දාගෙන බස් එකේ මුල්ලකට වෙලා නිදා ගන්න එක.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා ඩූඩ් දැක්ක කල්!!! කෝ ඇන්ඩි? ඩූඩ් අතුරුදහන් වෙලා උන්නු කාලෙ අන්න ඇන්ඩි එක්සෑම් පාස් වෙලා කැම්පසුත් යනෝලු. අනේ අපිට ඇන්ඩි කතාවක් ඕන ආයෙම.

      Delete
  10. බස් ඒ මොනාද ඒ??? (යහපාලන වැසියෙක්)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අර පොළොන්නරුවෙ රැස්වීම් වලට පාර දිගේ පේලියට සෙනග ඇද්ද දුවන පෙට්ටි ජාතිය පුතේ...

      Delete
  11. මේක දැක්කද? http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/15683-independence

    ReplyDelete
    Replies
    1. ශෙහ් ඒකනම් පට්ට! නිදහස් දිනේට ලියවුනු හොඳම එකක්!!!

      Delete
  12. කවිය ලස්සනයි බස්සි. 
    මම මෙතනට ගෙනෑවෙ ඔයාගෙ "රන් කැඩපත"

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලූ!
      සාදරයෙන් පිලිගන්නවා බස්සිගෙ නවාතැනට ඔයාව!!

      Delete
  13. හප්පේ ඒ බස් මතක් කරනකොටත් පුදුම කම්මැලිකමක් හිතට එනවා. : D මොකද බස් එකට නැගලා ගමනාන්තයට යන්න සැහෙන කාලයක් යනවනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඈ... කවිය ලීව දවසෙ මට විනාඩි තිහේ ගමනට පැය දෙකක් ගතවුනා...

      Delete
  14. ඉස්සර මට ඔය බස් පෙන්න බෑ. බස් එක පාරේ යනවා දැක්කත් වමෙනේ යනවා . හදිසියෙන් හරි යන්න වුනොත් වමනේ පෙති විස්සක් විතර බොන්න ඕන .. ඔවැක්

    ReplyDelete
    Replies
    1. ඉයැක්කා ඒ මොකෝ? කුන්ෆු අජන්ත ඒ කාලෙ බස් කොන්දොස්තරකමක්වත් කලාද?

      Delete
  15. අපේ පැත්තේ තාමත් තියෙන්නෙ ඔය බස්ම තමා...කවි පද ටික මුමුණනකොට ඇත්තටම මට මතක් වුනේ.මේ පාර නිවාඩුව ඉවර වෙලා ගෙදර ඉදන් ටවුමට ආපු බස් එක...හරිම ලස්සනයි...බස් එක නෙමේ බස් එකේ හිටිය මුවැත්තියො ටික....ඒ වගේමයි බස්සිගෙ නිසදැසත්.

    ReplyDelete
    Replies
    1. මුවැත්තියො යනවනම් යාලට හරි දෙහිවලට හරි යන බස් එකක්ද මන්දා. වැව් ඉස්මත්ත කාලෙකින් මේ පැත්තේ...

      Delete
  16. //ජනෙල් වීදුරු හෙමින් දිගටම වෙවුලන//
    එතකොට පොඩි සද්දෙකුත් එනවා.හරියට ෆෝන් එකක් වයිබ්‍රේට් වෙනකොට එනවා වගේ.
    මම මේ හිතන්නේ උඹ ලීවේ මේ බස් එකක් ගැනද?නැතිනම් බස් එක ඇතුලේ හැංගිලා තියෙන මොනවා හරි දෙයක් ගැනද කියලායි.

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ මේක මේ පුරුදු කවි රටාවෙන් පොඩ්ඩක් එලියට පනින්න ට්‍රයි කරපු එකක්. තාම කාටවත් ඒක තේරුනේ නෑ ඒ කියන්නෙ වැඩේ අසාර්ථකයි.

      Delete
  17. මං නම් මේ දවස්වල හොයන්නේ 'රතු දුඹුරු කළබල ඇස්'.. :p

    හැබෑට යහපාලනේ ආවට තාම බස් වල පාට එහෙම වෙනස් වුනේ නෑ නේද? මොන පාලනේ ආවත් ලංගම ගොඩ දාන එක ලේසි වෙන එකක් නෑ.. 'බස්' සිත් මේ අලංකාර දාල කියල තියෙන්නේ..

    ReplyDelete
  18. අපූරු යි බස්සි... හැම දා ම වගේ. ගමනේ නිමක් නැත!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ කුරුට්ටියෝ...!!

      Delete
  19. ඉස්සර ඕකේ හෝන් එක වදින්නේ පා.........න් පා.......න් කියලා :D හැක හැක හැක මගේ ප්‍රියතම හෝන් එක ඒ කාලේ :D

    ReplyDelete
    Replies
    1. ඒ පරණ හෝන් සද්දෙ සෝයි නේ? මාත් ආසයි.

      Delete
  20. Privet bus නමි එපා වෙනව උන් කොට කොටා යනකොට CTB හොදයි මොකද උන් යනකොට පාරත් අකුලගේන යන්නේ

    ReplyDelete
    Replies
    1. හම්මේ ඔව්. පුදුම හදිස්සී සී ටී බී ඩෑල් වලට

      Delete
  21. බෙහෙත් පෙති කොට්ටේ යටද හැංගුවේ.. මම හිතුවේ උඹ කරන වැඩේ කරන්න ඇති කියලා..

    ReplyDelete
    Replies
    1. හික්ස්! බස් එකට ඒ වැඩේ කොරන්න අදාල ප්‍රතිපාදන සපයලා නැහැල්ලු බං

      Delete
  22. බස්සිගෙ කවි ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ. පේළි දෙක තුනක් ලීවත් හෙන රහයි. වෙනස් මාතෘකාවකට ලිව්ව මේ කවි ටිකත් ඉතින් සුපිරි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ තැන්කූ මනා. මෙයා එෆ්.බී වෝලය කියෝනව වගේ...

      Delete
  23. ෆොටෝ එකේ තියෙන VW Camper වෑන් එක මම ආසම වාහනයක්..මේ වගේ එකක් ඇතුලෙ පුංචි චාරිකාවකට අවශ්‍ය බොහෝ දේ ගබඩා කරගන්න පුලුවන්.

    හැමදාම කියනවා වගේ අපූර්වත්වයක් දැනෙන නැවුම් යෙදුම් වලට මම ගොඩාක් මනාපයි.
    .// ගිලගත්තු සිරුරක් දෙකක් වමාරන // මේ පේළියට ගොඩාක් කැමතියි...

    ReplyDelete
    Replies
    1. පින්තූරෙ වෑන් එකක් බව සිරා අයියා අල්ලගෙන. බස් වල ලස්සන පේන්ටින් එකක් හොයාගන්න බැරිවුන නිසා මේක දැම්මා.

      තැන්කූ වේවා ඈ!!

      Delete
  24. අප්පට බොල දැං එක දිගටම වර්ණ කුලකයක් නෙව එන්නේ.. කලින් නිල්.. ඊට කලින් කහ පාටද කොහේද?? හැක්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා

      සුදුම සුදු හිස් පිටු
      මුතු ඇටේ දැන් කාකි පාටය
      රතු දුඹුරු බසය
      රිදීපාට ආදරේ
      "නිල්" අහස යට

      තව තියෙනව මං හිතන්නෙ.

      Delete
  25. කවිය එලස් ය ....

    බස් එකේ දැක්කේ - මා හා සිනා පෑවේ..
    පුසුඹේ බැරුවා - මා ලඟින් වාඩිවුන්නේ..
    ජනේලයෙන් අහක බැලුවේ..
    මා දෙස හොරෙන් බැලුවේ..
    කොටුවට ටිකට් ගත්තේ - ඒ ලඟම හදත් ගත්තේ..

    වංගු ලාල ලාල ලාල ලා...
    වංගු ලාල ලාල ලාල ලා...//

    හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ..
    ට්‍රැෆික් එකේ වෙනස් වේ..
    දැනේවී පෙම් සිසිලේ..
    ඈ ළඟ සිටින වේලේ..
    හෘදේ සාදයක් සේ..
    මං ලෝකේ පාරාදීසේ..
    මැවේවි හයිලෙවල් පාරේ..

    ළඟින් මෙසේ මෙ බස් එකේ මේ
    රූට් එකේ මුණ ගැසෙයි
    කියා සිතා හිතා මතා
    ඇහෙන වෙලාවටම එන්නේ..
    හිටන් යන්නෙ - ඉදන් යන්නෙ
    දුරින් ඉන්නෙ - ලඟින් ඉන්නෙ
    සාරි අදින - ස්කර්ට්ස් අදින
    සුරගනක්ද ඔෆිස් යන්නෙ...


    ගායනය : Funky Dirt
    ගී පද : මුර්ෂාඩ් හුවයිස්
    සංගීතය : ශෙනාල් මද්දුමගේ

    ReplyDelete
    Replies
    1. අනේ මං ආසම ආසම සිංදුවක් අෆ්ෆා. ඇහෙද්දි විතරක් නෙමෙයි පේද්දිත් නැටවෙනවා.

      //උලාලෙ ලාලෙ ලාලෙ ලා// නේද?
      //යලිත් මෙසේ මෙ බස් එකේ//
      //එ ළඳ ම'හදත් ගත්තෙ//

      Delete
  26. මන් හිතන්නේ මේ කියන්නේ CTB බස් එකක් ගැන :P . මේක කියවද්දී මැවිල පෙනුනේ අපේ ගමෙත් ඉස්සරම ගිය සිලෝන් ටකරන් බසය.

    ReplyDelete
    Replies
    1. අන්න ඒවගේ බස් එකක් තමා කොබා. මම එහෙම එකක යනගමන් තමයි ලීවෙ.

      Delete
  27. දැන් ඔය වගේ CTB බස් ගොඩාක් අඩුයි... ඒත් ගම්වල තියෙනවා...කොහොම උනත් බස්සි අක්කා ගජමන් නෝනා වගේ... ;-) ගජමන් නෝනගෙ ගම් පළාතේ නොඋනට දීග ගියේ ඒ පළාතට මගේ හිතේ... ;-) :-P

    ReplyDelete
    Replies
    1. කරුමෙට එහෙම බස් එකක් අහුවුනා කියන්නකෝ ඉතින්.

      Delete
    2. ව්‍යංගයෙන් කිව්වේ බස්සා අය්යණ්ඩි ගැන නෙවෙයි නෙහ්...? ;-)

      Delete
    3. ව්‍යංගයෙන් කිව්වේ බස්සා අය්යණ්ඩි ගැන නෙවෙයි නෙහ්...? ;-)

      Delete
  28. සෝක් බස් නං කතා බස් ඈ
    අපේ ස්කූල් බස් එකේ උන්නු කොන්දොස්තර අයියට අපි කිව්වෙ මහතුං අයියා කියල උගේ නම මහතුං නෙවී

    ඩැයිවර අයියාට කිව්වෙ ඇරියොයොත් ඇරියා අයියා කියල ඌ එලෝනකොට අපි බස් එකේ යන්නෙ වවුලො වඳුරො වගේ එල්ලිලා ඈ........... පාරට වඩා අඟල් ගාණක් උඩින් ඌ යන්නෙ

    ReplyDelete