සබාවෙන් අවසරයි!
ගිය දෙසැම්බරේ බස්සි බසුබුක් එකක් එළියට දැක්කුව බව ඔබතුමන්ලා/තුමීලා කාට කාටත් මතක ඇතැයි සිතමි. (මතක නැත්තං මතක්කර ගනිල්ලකො. ඇයි වදේ). ඒකෙ තිබුන බසු කවි කියවන්නට ඇතැයිද සිතමි.
සාමාන්‍යයෙන් පොතක් කියවාගෙන යනකොට ඒකෙ කොලිටිය අනුව සහ කියවන එකාගේ මූඩ් එක අනුව එක එක ජාතියේ එව්වා ඔළුවට එන බව රහසක් නෙමේය. සමහරුන්ට බස්සිව අල්ලාගෙන උම්මාවක් දෙන්ටද, තවත් සමහරුන්ට බස්සිගේ ඉස් මුදුනට හොඳවැයින් පොල් ටොක්කක් අනින්නද හිතෙන්නට ඇත. 'ඕකිව උස්සලා පොළවෙ ගහන්ටෝන ගෙම්බෙක් වගේ' කියා සමහරු හිතන අතර තවත් අය "බස්සි ඔයාට කවි ලියන්ඩ බෑ ඔයා දැන් රිටායර් වෙන්ඩ" කියන්න කට මැදගෙන බලා ඉන්නවා වෙන්නටද පුළුවන.
ඉතින් ඒ හැමෝගේම අදහස් උදහස්, විචාර, විවේචන, ගල් මුල් සහ මල්වලට වෙලාවක්, වේදිකාවක් ඕපන් වෙලා තියෙනවාය. ඒ විතරක් නොවෙයි. ඔබට ෆුල් කුජීත ලෙස දැනුන කවි තව එකෙක් රහ කරන හැටිත්, පට්ට මාවලස් කියා හිතපු තැන් තවත් උන් තූ කියා විවේචනය කරන හැටිත් බලා පහන් සංවේග උපදවා ගන්නත් පුලුවන්ය.
දවස හෙට ඒ කියන්නේ අප්‍රේල් අටවැනිදාය. වෙලාව හතරය. තැන; බොරැල්ල කාසල් රෝහලට කෙලින්ම පාරෙ එහාපැත්තේ තියෙන පුවත්පත් මණ්ඩලය හෙවත් ප්‍රෙස් කවුන්සිල් එකය.
(Designed by THE SAHAN)
සාහිත්‍ය කතාබහට පින්සිද්ද වෙන්න නිදිමත උපදවාගන්නා අයගේ පිහිටට එන්නේ අවුළුපත් සමග උණු තේ පැන්ය. ඕනෑම කෙනෙකුට එන්න තහනමක් නැත. වැඩේ ෆුල් ඕපන් සහ ෆුලේ ෆුල් හැපනිං ය. තවම පොතක් ගත්තේ නැති අයට 'එදින දොරටුවෙන්' පොත් මිලදී ගන්නත් පුලුවන් නිසා ඔබ තුමන්ලා/තුමීලා එනවා ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙන්නෙමිය.
ඉස්තූතියි,
මෙයට විස්සාසී
බස්සි.
පොතක් දුන්නොත් විචාරයක් දෙමි. අමතර ගාස්තු ඇත. කොන්දේසි සහිතයි.
ReplyDeleteප්පුහ්
Deleteසද්දෙන් කිව්වැකි මලක් පිපිලා කියල
Deleteදුහුප් කිව්වේ !!
හැක හැක හැක
Deleteකලින් දන්නවනම් එදා පොතක් දෙනවනේ මැට්ටි. WTC එකට පොතක් එවන්නද?
Deleteඑන්නට ලැබෙනම් වෙරි හැපීය...ඒත් විභාග
ReplyDelete...
විභාග කාර්තුව ඔහොම තමා නේ. ඒක ගොඩදාගෙන ඉමුකෝ
Deleteබොසා ගෙන් මරාලයක් කඩා පාත් වුන් නැති නම් එන්ට බලාපොරොත්තු වෙමි..
ReplyDeleteසිතූගේ බොසා මරාලයක් කඩාපාත්කර ඇති බව අනුමාන කරමි. :P
Deleteදෙන්නං බැටේ
ReplyDeleteඕක ලියන්නේ මෙහෙමයි.
Deleteදෙඤ්ඤං බැටේ!
ඕක ලියාගන්න බැරුව තමා මෙහෙම ලිවේ
Deleteගෙම්බා! තෝ ආවෙ නෑනෙ.
Deleteඑන්ට වෙන්නේ නැත.. ඒත් ආදරයෙන් සුබ පතමි..!!
ReplyDeleteබොහොම ස්තුතියි නංගියෝ!
DeleteOwlපත් සමග තේ?
ReplyDeleteසුබ පැතුම්!
හෙහ් හෙහ්
Deleteතැන්කූ ප්‍රා!
DeleteOwlපත් = බසු පිහාටු.
වැඩේ එළකිරි වගේ හරියන්ට සුභ පැතුම් බස්සි අක්කේ!!!
ReplyDelete//මෙයට විස්සාසී බස්සි// මට නම් කිසිම විස්වාසයක් නෑ... හි.. හී...
විස්සාසී කියපු කෑල්ල තමා වැරදුනේ නෙහ්?
Deleteවැඩේ එකෙන්ම බබා වගේ යන්ඩෝනැ !!!
ReplyDeleteරෙෂ්පට් නගේ.… !!
තැන්කූ වේවා පත්තරේ!
Deleteකොහෙද ඉතිං උඹලා එන්නෙවත් නෑනෙ මෙව්වට. :P
බස්සි අක්කෙ සිකුරාදා එන්න විදිහක් නැහැ ලෙක්චර්ස් නිසා event සාර්ථක වෙන්න මගෙන් සුබපැතුම් :)
ReplyDeleteඅවුලක් නෑ හංසියෝ. කැම්පුස් කට්ට ගැන මම දන්නැතුවයැ. :)
Deleteනියමයි ඈ...
ReplyDeleteතැන්කූ ඩ්‍රැකි!!!
Deleteඕන් අක්කේ මාත් ආවා...
ReplyDeleteඉන්නේ දුර නිසා එන්න බැරි වේවී..
වැඩේට එක හිතින්ම සුභපතනවා...
බස්සිගේ නවාතැනට සාදරයෙන් පිලිගන්නවා නිර්මාණිව!! බොහොම ස්තූතියි හොඳේ :)
Deleteවැඩේට සුබ පැතුම් !..බ්ලොග් එකේ තිබෙන කතන්දර ,කෙටි කතා ඒ විදිහට පොත් පින්චකට ගොනු වෙනවා නම් ඉතා අගේ ....
ReplyDeleteමේ අවුරුද්දේ අන්තිම වෙද්දි ඒ යෝජනාවත් සලකා බලමුකෝ නේද
Deleteතේ නම් බැහැ...
ReplyDeleteකෝපි ???
Deleteසුබ පැතුම්...
ReplyDeleteබොහොම ස්තූතියි !! :)
Deleteසුපැතුම්.... ආවා නම් නෙලන්න තිබුනා පොරි හැලෙන්න...
ReplyDeleteඑන්න වෙන්නේ නෑ බස්සියෝ....
තැන්කූ මාතේ!
Deleteදවස අවුල් නේ. අවුරුදු කටේ. ගොඩක් අය අඩුවුනා ඒ නිසා.
මඩගහන්න බලං එමි
ReplyDeleteආවෙ නෑනෙ මැටි උඩුවා :P
Deleteඑන්න වෙන එකක් නෑ වගේ.. සුබපතනවා හදවතින්ම
ReplyDeleteබොහොම ස්තූතියි!!
Deleteසුබපැතුම් බස්සි ඒ් ගන්න බැරිතරං දුර රටක සිට සුබපතනවා නැවත නැවතත්
ReplyDeleteඑන්නට ලැබෙන්නේ නැත. සුබපතමි.
ReplyDeleteබස්සියේ එන්න පුලුවන් උනොත් අනිවා එනවා ය.
ReplyDeleteවැඩේ සාර්ථක වේවා..!! රසබර විචාර,සංවාද කෙරේවා..!
ReplyDeleteජයවේවා..!!
හද පිරි සුභ පැතුම් !!!
ReplyDeleteඋඹේ වැඩේ මේ පාරත් මිස් වෙනෝ.. හෙට වරුවෙන් අපි ඕෆ්.. පවුල වෙනුවෙන් කරන්න ඇරියස් වෙච්චි වැඩ ගොඩක් තියෙන නිසා එහෙමම පිටත් වෙනවා ගම රට බලා.. ජය වේවා!
ReplyDeleteDear Bassiyoo
ReplyDeleteI always admire your poetry.
And try to understand as much as possible.
Bcs mostly those are "Modern day topics of Srilankan young people".
Unfortunately. ...
I live other side of the world.
That means.....I won't be able to come to see you.
Hope to see you some day....
Good luck to your "poetry work"..
==Adrian Channa from Toronto===
Dear Bassiyoo
ReplyDeleteI always admire your poetry.
And try to understand as much as possible.
Bcs mostly those are "Modern day topics of Srilankan young people".
Unfortunately. ...
I live other side of the world.
That means.....I won't be able to come to see you.
Hope to see you some day....
Good luck to your "poetry work"..
==Adrian Channa from Toronto===
උබ දැන්ම ඉදන් කාසල් එක ලගම තැන් තෝර ගන්න එක ගැන අපේ හද පිරි මෙවුවා එක. ගල්මුල් නැතත් සබන් පවුඩර් ටිකක් වත් අරන් එන්නම්.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteEnda kiyaa bassi netha, davalne thaama, es👀 penenne NEH vente😊
ReplyDeleteජෝබත් එක්ක 8 එන්න බැරි උනාට සොරි වෙන්ට, එත් 23 එනෝ.
ReplyDelete