‘චොකලට් පානය – උකු – මද උණුසුම’ අම්මා නළල රැලි ගන්වගෙන නිකෝගේ පාලක පද්ධතියට විධාන යොමු කරමින්. නිකෝ මුළුතැන්ගෙයි මේස ලෑල්ල මත උඩුබැල්ලෙන් පතබෑවීගෙන. සිවිලිම දෙසට අයාගත් උගේ හැඟීම් විරහිත දෙඇස අනුකම්පා දනවන සුළුයි. ජනේලය හරහා ඇදී ආ හිරු කැරැල්ලක්, අම්මාගේ අවුල් කෙස්ස මත වැතිරිගෙන.
“සින්ධූප්, මේ රොබෝවා පාලනය කරන හැටි ඉගෙනගන්න ඇත්තටම ඔයාට උවමනාවක් නැත්ද?” නැහැ තුඩ මත රැඳි උපැස් යුවලට උඩින් මතුවෙන්නෙ අම්මාගෙ නොරිස්සුම්සහගත දෑස.
“ඕකා මහ බූරුවෙක්”
මම සින්කය පාමුල වූ ස්පොන්ජි බෝලයකට පා පහරක් එල්ලකලේ අම්මා වෙතට හාද්දක් පා කරමින්.
“මම – බූරුවෙක් – නෙමෙයි – මාස්ටර් – සින්ධූප් – මගෙ – නම – නිකෝ”
බෙලෙක් කටහඬ. මම රොබෝවාට විරිත්තා නානකාමර දොරට දණිස් පහරක් දුන්නා.
නිකෝ මගේ උපන්දින තෑග්ග. ඌ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කීකරු සහ හැදිච්ච රොබෝවෙක්. 'සින්ධූප් දැනටමත් අනවශ්‍ය හුරතලය නිසා හොඳටෝම නරක් වෙලා. මේකෙන් එයාට හොඳක් වෙයි කියල මං හිතනවා.' උපන්දින සාදය අවසානයේ තාත්තාගේ කටහඬ නිදන කාමරය තුලින් කාන්දු වුනේ යන්තමට සහ අපැහැදිලිව.
ඉතින් මමත් හිතුවා නිකෝගෙන් හොඳක් වේවි කියලා. ඇත්තටම මං එහෙම හිතුවා. දැනටත්, සමහර වෙලාවට මට එහෙම හිතෙනවා. විශේෂයෙන්ම නිකෝ කියන්නේ අසරණ, හීතල ලෝහ කෑල්ලක් බව මතක් වෙද්දි.
ඊයෙ හවස ක්‍රිශෝර් ආවේ සමාජ අධ්‍යයන පැවරුම ගැන කතා කරන්න. ක්‍රිශෝර් අපේ ගෙවල් පාරට හැරෙනවා මං ඈතදිම දැක්කේ හොඳ වෙලාවට. ඒ වෙද්දි මම බලමින් උන්න ටී වී සීරීස් එකේ ඉතිරි පැය තිස් අටකුත්, ආච්චි ගෙනත් දුන්නු බැදපු අලපෙති ජම්බෝ පැකට්ටුවකුත් තියෙද්දි, සමාජ අධ්‍යයන පැවරුමකින් සති අන්තයේ හිතේ සමාදානය විනාස කරගන්න, රටකජු ඇටයක් තරම්වත් මොළයක් තියෙන කිසිම මනුස්සයෙක් කැමති වෙන්නෙ නැහැ.
ඉතින් මම අපේ මෝඩ යකඩයාට කතා කලා.
"නිකෝ, අර පාර දිගේ පරඬැල්ලක් වගේ වැනි වැනි එන සුදුමැලි කොලුවා පේනවද? ඒ මාස්ටර් ක්‍රිශෝර්. තව මිනිත්තු කීපයකින් එයා අපේ ඉස්සරහ දොරට තුං පාරක් තඩිබානවා. උන්දැට විදුලි සීනුව මතක් වෙන්නෙ ඊගාවට. සීනුව කන් පැලෙන තරම් හයියෙන් එකපාරක් සද්ද කරාවි. සාමාන්‍යයෙන් දේවල් සිද්ධ වෙන්නෙ එහෙම."
මම උගුර රැල් බුරුල් ඇරලා නිකෝ දිහා බද්දි උගේ හීතල ඇස් දෙකේ තිබුන අහිංසක පෙනුමට මං රැවටුනා වෙන්නැති. ඔව්, සමහරවිට.
"ආන්න ඒ වෙලාවෙදි, දොර ඇරලා, 'මාස්ටර් සින්ධූප් ගෙදර නැහැ, ආයෙමත් මාස්ටර් සින්ධූප්ව දකින්න ලැබෙන්නේ සඳුදා උදේට.' කියල කියනවා. තේරුනාද ඔහේට?"
නිකෝ සිහින් ගෙරවිලි හඬක් එක්ක කොන්දෙ රුදාවක් හැදිලා වගේ අපහසුවෙන් රවුමක් කැරකුනා. නළල මැද්දේ තියෙන අධි ආලෝක තීව්‍රතා ලාම්පුව පත්තු කරගෙන, බයෙන් වගේ මගෙ දිහා බැලුවේ ඇස් දෙකේ වර්ගඵලය සිව්ගුණේකින් වැඩි කරගෙන.
"මාස්ටර්, මාස්ටර් සින්ධූප් නෙමෙයිද? මාස්ටර් සින්ධූප්ට සම-නිවුන් සොයුරෙක් ඉන්නව - නැහැ එහෙමෙකක් දත්ත ගබඩාවෙ නැහැ. ක්ලෝනකරණය. ගර්ර්ර්ර්! ක්ලෝනකරණය. මාස්ටර්, මාස්ටර් සින්ධූප් නෙමෙයිද?"
ඒ වෙලාවෙයි ක්‍රිශෝර් පුරුදු විදියට හරියටම තුං පාරක් ඉස්සරහ දොරට තඩිබෑවෙ.
"යමං මෝඩයෝ! බොරුවක්වත් කියාගන්න බැරි මහලොකු පණ්ඩිතයා. ක්ලෝනකරණය. පුහ්!" මම නිකෝව පඩිපෙලට තල්ලු කරලා කාමරේ දොර වහගත්තා.
නිකෝ උගේ උරහිසේ හයි කරපු දුරස්ථපාලකයෙ බොත්තම ඔබලා දොර ඇරියා. "ආයුබෝවන් මාස්ටර් ක්‍රිශෝර්!"
අපරාදෙ කියන්න බෑ අමුත්තො ඉස්සරහදි ඌ බොහොම ආචාරශීලීයි.
"මාස්ටර් සින්ධූප් ගෙදර නැහැ. පාඩම් කාමරේ ඉන්න මාස්ටර් සින්ධූප්ගේ සම-නිවුන්නා, එහෙම නැත්නම් ක්ලෝනය කියන විදියටනම් එයාව ආයෙමත් දකින්න ලැබෙන්නේ සඳුදා උදේ, පාසලේදි."
ඉතින් මගේ රෙදි ගැලවුනා. සායම හේදුනා. ක්‍රිශෝර් අද ඉස්කෝලෙ ගිනි තියන බව සහසුද්දෙන්ම දන්න නිසා මම හොර ලෙඩක් අරන් ගෙදර නැවතුනා. මේ සේරටම වගකියන්න ඕනෙ අපේ මේ මරිමෝඩ යකඩයා.
ඔන්න, අදත් ඉස්සරහ දොරේ සීනුව නාද වෙනවා. බොහොම මෘදුව, කෙටි විරාමයකින් පස්සෙ තවත් සීනු නාද දෙකක්.
ගිය සතියේ ආලියා බාද් සිනමා සඟරාවකට කියල තිබුන විදියටනම් ඒකපාර්ශ්වික ආදරයක් කියන්නෙ, 'ආදර සබඳතාවක්' නෙමෙයි. සිනමා නිළියො එහෙමයි. තමන් කියන්නෙ මොනවද කියල තමන්වත් දන්නෙ නෑ. ඒකපාර්ශ්වික ආදරේ දොර ගාව රස්තියාදු වෙන්න ඇරලා බිත්තියේ අලවාපු ආලියා බාද් දිහා බලන් ඉන්න මටනම් පිස්සු වෙන්න ඕනැ.
"ආයුබෝවන්-මිස්-අපූර්වා" බෙලෙක් හඬ, ආචාරශීලීව.
"මට, සින්ධූප්ව මුණගැහෙන්න පුළුවන්ද? එයා අසනීපෙන්ද? මම...."
"ඇත්තෙන්ම පුළුවන්. එයා අසනීපෙන් නෙමෙයි. ඒක සුළු විලිලැජ්ජාවක්."
හත්වලාමයි. ගම කන්නයි යන්නෙ! මම අඩියට දෙකට ආලින්දයට කඩාපාත් වුනා. මෙන්න ඈ පපුව හරහා පහලට වැක්කෙරෙන කොණ්ඩා කරල අගිස්සේ ගැටගහපු රිබන් සමනලයෙක් කොනහමින්. දාහයෙන් රත්පැහැ ගැන්වුනු ඇපල් හැඩේ පිරුණු කම්මුල්.
"නිකෝ, සීතල ලෙමනේඩ් වීදුරු දෙකක්. වැඩිපුර සීනි එක්ක."
අපූර්වාගේ ගවුම් කොලරයේ කහට පැල්ලමක්. අච්චාරු වෙන්නැති. ඈ පොත් මල්ල බිමින් තියලා සෝෆාව කෙලවරක වාඩිවුනා. වන දෙව්ලියක් වගේ හැඩට, සකසුරුවමට, ගවුමෙ රැලි නොකැඩෙන්න සීරුවට.
"සින්ධූප්, ඔයා පරිපථ පුවරු ගැන දන්නවා කියල හැමෝම කියනවා." අහා! ඇගේ ඇහිපිහාටුවල දිග! "මට ඕනෙ ඔයාගෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යා පැවරුමට උදව්වක් ගන්න. ඔයා උදව් කරනව නේද?"
හුහ්! උදව් නොකර ඉන්න මේ මම! පවසන්න සොඳුරිය. ඔබේ එක් සිනහවක් වෙනුවෙන් මම හිමාලය තරණය කර යෝධ හිම මිනිහ, යෙටීගේ දතක් ගලවා මාල පෙත්තක් තනාගෙන එන්න වුනත් සූදානම්.
"ඔයා අපි හැමෝටම වඩා දක්ෂයි කියල තමයි පිරිමි ළමයිනම් කියන්නෙ. මං කිව්වෙ හැම විෂයකින්ම. ඉතින් ඒකට ලස්සනත් එකතු වෙනවා කියන්නෙ බෝනස් එකක්." මම අවශ්‍ය තැනදි ආලලීලා පාන්න දන්නවා. සෑහෙන දුරට සාර්ථකව.
"පිස්සු! දන්නවද? ගිය සතියේ ගණිත පරීක්ෂණයට මට ලකුණු පහළොවයි. ඒක මහ නින්දාවක් නේද?" මේ තරම් වැදගත් අවස්ථාවක අනවශ්‍ය මාතෘකා පටලවාගන්න ගෑණුන්ට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්.
"මට තියන ලොකුම ප්‍රශ්ණෙ ලකුණු මතක නොහිටින එක. ප්‍රශ්ණ පත්තරේ දාපු තැන මතකත් නෑ අවාසනාවට!" මම හිස දෙපසට වනමින් සෑහෙන්න කලකිරුණු මූණක් පෙන්නුවා. "බොන්න අපූර්වා. නිකෝට කුස්සියෙ වැඩත් පුළුවන්. තේ කෝපි, ලෙමනේඩ් හදන්න එහෙම එයා දක්ෂයි."
නිකෝ ඔළුව නමලා 'ස්තූතියි මාස්ටර් සින්ධූප්" කියමින් එතනින් පිටවුනා. 'රොබෝවරු තමන්ව අගයනවා අහන්න කැමතියි. එවිට ඔවුන් තවත් උපකාරශීලී වීම පිණිස දිරිමත් වෙනවා.' මට රොබෝ පරිශීලක අත්පොතේ කොටසක් සිහියට නැඟුනේ නිරායාසයෙන්.
"ඔයාගේ රොබෝවා මාව පුදුම කරවනවා." දෙවියන්ට ස්තූති වේවා! අපූර්වාට ලකුණු ගැන සංවාදය අමතකවෙලා.
"ඔයාව විතරක් නෙමෙයි, ඕකා අපිවත් පුදුම කරවනවා." ඒකනම් මම කිව්වා නෙමෙයි, කියැවුනා.
"අපේ මාස්ටර් ඉලෙක්ට්‍රොනික විද්‍යාවට දක්ෂයි. අංක ගණිතයටත් වඩා දක්ෂයි." මෙන්න මූ ආයෙමත් ඇවිත්. "මාස්ටර් වෙනුවෙන් මම ප්‍රශ්ණ පත්තරේ හොයාගත්තා. ඒක වැරදීමකින් කුණු කූඩෙට වැටිලා."
මම හිතන්නේ මගෙ 'ඉවසීම් මීටරේ' රතු කට්ට පැන්නා. ඉස්සරහට පැන්න මම නිකෝගේ පපුවට දණිස් පහරක් ඇන්නා.
සමබරතාවය බිඳීගිය රොබෝවා ග්‍රැනයිට් බිම මත ඇදවැටුනා. දණිස් පහරින්ද, පොළොවේ ගැටීමෙන් ඇතිවූ කම්පනයෙන්දැයි හරියටම කියන්නට නොහැකි වුනත් උගේ පපු කොටසේ වූ සමචතුරස්‍රාකාර ලෝහමය ආවරණය දෙපළු වී ගිහින්. ටීපෝව යටට විසිවුන පරිපථ පුවරුවෙන් අපැහැදිලි හඬක් නැගෙනවා.
"මාස්-ටර්- සින්-ධූප්-ක්ලෝනකරණය - ලකුණු බිංදුවයි - රතු තීන්තෙන් - ලොකු - බිංදුවක්"
මම පරිපථය විසන්ධි කලා.
"මේක ගන්න." මම විස්මයෙන් විශාලවුන අපූර්වාගේ දෑස් දිහා බලාගෙන කිව්වා
"අපි ඔයාගෙ ඉලෙක්ට්‍රොනික විද්‍යා ව්‍යාපෘතියට මොලේ ඇති 'අලුත්' රොබෝවෙක් හදමු."
එලම කිරි.....
ReplyDeleteදින්ධුප් කියල කිව්වට... මට හිතෙන්නේ මේ ඉන්නේ බස්සියද කියල?
ඔන්න සින්ධූප්ගෙ පින්තූරයක් දැම්මා. බලන්න අඳුනනවද කියලා. :)
Deleteතැන්කූ උපයා!!
මගේ ඔලුවේ තිබ්බේ තරබාරු, කොන්ඩේ නුඩ්ල්ස් භාජනයක් වහේ තියෙන , කලිසම තට්ටමෙන් එල්ලෙන එකෙක්. බලනකොට සම්පුර්ණ අනික්පැත්ත. හෙහ් හෙහ්
Deleteහෙහේ! බස්සගෙ මූණ දාල හදපු එකක් දාන්න හිතුනා නිකමට. හොයලා බලන්න ඕනෙ නූඩ්ල්ස් කොණ්ඩෙ තියන තප්පදෝරු කොල්ලෙක්ව හදන්න පුලුවන්ද කියල මේ ඇප් එකෙන්.
Deleteඔය ෆොටෝ හැදුව App1 මොක්කක්ද ?
Deleteසින්ධූප් ඇත්තටම මෝඩයෙක් තමා, නැත්නම් රොබෝවට කෙනෙහිලිකම් කරනවා වෙනුවට තමුන්ගේ දුර්වලතා තේරුම් අරන් උදව් ලබාගත්ත නම් මොකෑ වෙන්නේ නේ ? ☺ ☺
සඳරු:
Deleteඑහෙම කරන්න යන්නෙ නෑ සින්ධූප් පණ්ඩිතයිනෙ.
ඇප් එක momentcam. :)
'Humans' කියන TV සීරිස් එක බලල තියෙනවද? ඒකෙ ඉන්නේ මිනිස්සු වගේ ඉන්න රොබෝලා ගැන.
DeleteRust in Peace Nico !
ReplyDeleteපව් නේද ඌ? :/
Delete////Rust in Peace//////+++++++
Deleteසම - නිව්න්නා කියන එක අර්ථ දැක්විම අනුවම විකාරයක් කියලයි මට හිතෙන්නේ.. මොකෝ කියන්නේ???
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමිස්ටර් ආතර් ලූස්..
Deleteඔයාට කවද්ද බලය ලැබුනේ.. හැක්.. ඔයාගේ පරිපථ පුවරුවෙන් මට අපැහැදිලි හඩක් ඇහෙනවා..
සම-නිවුන්නා = identical twin
Deleteසම-නිවුන්නු සහ අසම-නිවුන්නු. අහල තියෙනව නේද?
@ Lectu rer,
ReplyDeleteසමේ වර්ණය හා ටෙක්ස්චර් එක පමණක් එක සමාන වෙන නිවුන්නන් අදහස් කෙරේ.
identical twins
Deleteලැක්චරයායි ප්‍රසන්නයි සම නිවුන්නුද ?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසොරි බස්සි, දේශකත් එක්ක කතා කරනකොට නොදැනිම සම්භාවය වෙනවා,
ReplyDelete@දේශක, මං හිතන්නෙ ඒකෙන් අදහස් වෙන්නෙ identical or mirror image twins (as against fraternal or semi-identical twins) සින්ගල් එග් එකක් බෙදා ගෙන එන නිවුන්නු බොහෝ දුරට අයිඩෙන්ටිකල්. එග්ස් දෙකකින් උපදින අය වෙනස්
ස්තුතියි තුමනි..
Deleteඔබතුමා සම්බාවය වෙන එක නවත්තගත්ත නං හොදා.. හැක්..
Because identical twins develop from a single fertilized egg, they have the same genome. So any differences between twins are due to their environments, not genetics. :)
Deleteපට්ටම පට්ට. අපූර්වා නිකන් බස්සි අක්ක වගේනෙ. පින්තූරයක් ඒම තියෙන්නෙ. හිකිස්...
ReplyDeleteඔයා මාව දැකල තියෙනවැයි? :P
Deleteයා යා ලුක් ලයික් බස්සි අක්ක...හැක් හැක්..
Deleteඇයි අප්ප බුකිය පුරාම පොටෝ අලවං ඉන්නෙ....
Deleteඔයා හොඳයිනේ!
Deleteමට නම් ෆේස්බුක් ප්‍රොෆයිල් පින්තූරෙන් මිනිස්සු අඳුනගන්න මාරම අමාරුයි. ඇත්තට මුණගැහුනම අඳුනගන්න බැරිවෙලා හෙනට චා වෙලා තියනව.
අපූර්වා මාර කියුට් ගාල්ලමයෙක් නේද? හැක
ReplyDeleteකතාව ගැන මගේ විචාරය තැපෑලෙන් එවමි. අර මැටි උපේක්ශාගේ විචාර වගේද බලපම් ඒවා හරිය
අනේ දුප් යන්න.. මොකද මේලක් යවන්නේ?? හුහ්.. බයද?
Deleteහරිම රස
Deleteවිදු පබැඳුමක්
මැව් අරුම
@ උපේක්ෂා - හැක හැක
Deleteඅපූර්වී නම් කියුට්. මං එයාව හැබැහිනුත් දැක්කනෙ මේ පාර එයා ලංකාවට ආපු වෙලාවෙ.
Deleteකෝ ඕයි විචාරෙ?
අනේ ඕකගේ කෙබර බස්සියෝ.... දැන් කියයි එව්වා ලියුම, තාම ඊමේල් එන්න දවසක්වත් යනවය කියල.
Deleteරොබෝ..!. මට මතක් වුණේ Wall-E රොබෝ ෆිල්ම් එක....
ReplyDelete//විද්‍යා ව්‍යාපෘතියට මොලේ ඇති 'අලුත්' රොබෝවෙක් හදමු// ඒ කියන්නෙ බොරු කියන්න දන්න එකෙක් නේද? :)
ඔව් ඔව්.
Deleteබොරු කියන්න දන්නැත්තම් වැඩක් තියේයැ.
බස්සි නගෝ, බ්ලොග් වසන්තයට එන්න !
ReplyDeleteකොහොමද එන්නෙ?
Deleteඅප්‍රේල් මාසෙ පෝස්ට් ලියන එක නේද බ්ලොග් වසන්තෙ කියන්නෙ? :)
හැක්.. අර කිවුවත් වගේ සින්ධූපය අමු මැට්ටෙක් තමයි. නැත්තං රොබාගෙ උදව් අරගෙන ඌට බ්‍රයිටෙක් වෙන්න තිබ්බ.
ReplyDeleteපව් බං.....
ReplyDeleteකතාවයි පින්තූරයි දෙකම ලස්සනයි....
ReplyDeleteමරු කතාව...
ReplyDeleteඅනේ මට හිටියෙ නැනෙ ඒ වගේ රොබොවෙක්.. සිංදුප් මහ මෝඩයෙක්...
Elakiri!!!
ReplyDeleteRobot & Frank චිත්‍රපටිය මතක් උනා. රොබොට්ටව හදල ගන්නවා එතන නම්..
ReplyDeleteජයවේවා..!!
මගේ ඇහේ අවුලක් හින්දද මන්ද මට අපූර්වා පේන්නේ බටකොස්සි වාගෙ නොවැ..
ReplyDeleteහයියෝ නිකෝ... ඌ නං සිරාම පොරක් හැබැයි.
ReplyDeleteඒක පොඩි විලිලැජ්ජාවක් කියද්දි තමා මරුවටම තියෙන්න ඇත්තෙ..
හිහි..
පට්ටයි බස්සියො
අපූර්වට ඤ්ඤඤ් වගේ ඇති නේද???හැක්....හැක්....
ReplyDeleteමල්ගුඩි දවස් කතාවල ඉන්න ස්වාමි වගේ මෝඩයෙක්නෙ සින්ධූප්...ලස්සන කතාවක් බස්සි.
ReplyDeleteහරිම අපූරුයි...බස්C ඉතා සාර්ථක දිගු ගමනක් යනවා..සුභ පැතුම්!!!
ReplyDeleteහරිම ලස්සන කතාවක් ඈ! :D
ReplyDeleteඅපූරු කතාව... පින්තූර දෙකත් නියමයි...
ReplyDeleteරසවත් කතාවක්...
ReplyDeleteහැක පව් අර අසරණ රොබෝ, සැක් මට එහෙම එකෙක් හිටිය නම්.
ReplyDeleteනියමයි බස්සියෝ..
ReplyDeleteසුපිරියි...
ඉදලා හිටලා ඇවිත් බස්සි අක්කෙගේ ගෙත්තම් කියවලා යනවා මම. මං හිතන්නේ බස්සි අක්කගේ රටාව අක්කාට හම්බවෙලා. හදවතින්ම සුබ පතනවා අක්කාට.
ReplyDelete- ගයා
ඔන්න ඉතිං අපි දෙන්නත් අපේ වරිගෙ එකීගෙ ලියවිලි බලන්ට ආවා. බස්සි එළියට එන්නෙ රෑට වුණාට අපි නං කරක්ගහන්නෙ දවල්ටයි ඔන්න.
ReplyDelete