Saturday, May 21, 2016

අකුරක් ඇහිඳින්න පිහිටක් වෙමුද?




ගංවතුර සහ නාය යාම් එක්ක අසරණභාවයට පත්වෙලා ඉන්න අපේම සහෝදර ජනතාව වෙනුවෙන් මහපොළවට බැහැපු සයිබර් අවකාශයේ සහෝදරත්වය මේ වෙනකොට ඉතාම කැපවීමෙන් ඒ කටයුතුවලට දායක වෙනවා.


ඇත්තටම අපිට කරන්න පුළුවන් තවත් දේ තියෙනවාද? කාටත් අමතක වුන, ඒත් අත්‍යාවශ්‍ය යමක්?


ඔව්. එහෙම පිරිසක් ඉන්නවා.


තමන්ගේ පාසැල් පොත්, සටහන්, ටියුට්, ප්‍රශ්ණ පත්තර දියබත් වුන ළමයි. තව මාස තුනකින් උසස් පෙලට වාඩි වෙන්න හිටපු ළමයි. තව මාස හයකින් සාමාන්‍ය පෙළ ලියන්න බලාගෙන උන්නු ළමයි.


කොටින්ම කිව්වොත් අපේ පාසැල් වයසේ දූ දරුවෝ.


එයාල මුතු ඇට අත් අකුරෙන් සටහන් ලියපු, බ්‍රවුන් පේපර් පිටකවර දාගෙන ආදරෙන් පරෙස්සම් කරපු සටහන් පොත් ඒ විදියටම අපිට ආපහු දෙන්න බැරිවෙයි. ඒත් අපිට පුළුවන් එයාලව බිංදුව මට්ටමේ ඉඳන් ටිකක් හරි ඉහළට ඔසවලා තියන්න.


ඒ වෙනුවෙනුයි athahitha.org වෙබ් අඩවිය පටන් ගත්තේ. මේ වනවිට අපි වෙබ් අඩවිය නිර්මාණය කරමින් ඉන්නෙ.


තමන්ගේ සහෝදර සහෝදරියො එක්ක තමන් විභාගය වෙනුවෙන් සූදානම් කල කෙටි සටහන් ආදිය හුවමාරු කරගන්න කැමැති ආදරණීය නංගිලා මල්ලිලා පිරිසක් එක්කාසු කරගන්න අපිට පුළුවන් වුනා. හෙට අනිද්දා දින දෙක තුල ගුරුවරු කීප දෙනෙක් මුණගැහිලා ඔවුන්ගෙනුත් නෝට්ස් ඉල්ලාගන්න බලාපොරොත්තු වෙනවා.


අපි ඒ සටහන් සේරම ස්කෑන් කරලා pdf විදියට මේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරමු.


නෝට්ස් scan කරලා pdf විදියට එවන්න පුලුවන්නම් ලොකු උදව්වක් ඒක. Scanner එකක් නැත්නම් camscanner කියන android app එක පාවිච්චි කරල ෆෝන් එකෙන් වැඩේ කරගන්න පුලුවනි.
Subject-wise pdf හදලා, විෂයයේ නම email subject එකේ දාලා මට ඊමේල් කරන්න පුලුවන්ද?


sammani.premaratne@gmail.com මගේ ඊමේල් ලිපිනය


“පුහ්! මුන්ගෙ ගොබ්බ මොලේ! හැම ළමයටම ඉන්ටනෙට් තියනව කියලද? මේක තනිකරම ධනේශ්වර පංතියට ආවඩන විසඳුමක්!”


අන්න ඒ විවේචනය එල්ල කරන්න බලාගෙන ඉන්න මිතුරු මිතුරියනේ. ඔයාල වෙනුවෙනුයි මේ ව්‍යාපෘතියේ දෙවන අදියර නිර්මාණය වෙන්නේ.


සෑම විෂය ඒකකයක් වෙනුවෙන්ම මුද්‍රිත පොත් කට්ටලයක් නිර්මාණය කරමු. 

ඔබට පුළුවන් ඒ සටහන් කට්ටල ඡායාපිටපත්ගත කරන්න උදව් වෙන්න.


ඒ විදියට සකසාගන්න සටහන් කට්ටල අරගෙන අපි ගමෙන් ගමට යමුද? ඔබ මොකද කියන්නේ? අපිත් එක්ක එකතු වෙනවා නේද?

.


27 comments:

  1. ඔන්න අක්කේ උඩින්ම මගේ නම කොටා ගනින්! මං උඹත් එක්ක!

    ReplyDelete
  2. හොද වැඩක් අනිවාර්යෙන් මමත් එනවා

    ReplyDelete
  3. Pdf එවන්න. Sathsarag@gmail.com.
    Print කර දෙන්නම්.අද හෙට අනිද්දා දවස වල. බත්තරමුල්ලෙන් ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔබට මගේ ආචාරය සමග තුති කුසුම්

      Delete
    2. බොහොම ස්තූතියි!

      ආරංචි වෙන විදියට තව බොහෝ දෙනෙක් මේ මුද්‍රිත සටහන් බෙදාහරින වැඩේ පටන් අරගෙන තියනවා. Y fm නාලිකාවත් ඒ වැඩේට අතගහලා මුද්‍රිත සටහන් ඉල්ලන බව සැලයි.

      ඉතින් මම තීරණය කලා වෙබ් අඩවියට අප්ලෝඩ් කරන සටහන් මුද්‍රණය කරලා බෙදාහරින්න ඒ ඒ සත්කාර කණ්ඩායම්වලට සහය වෙන්න. මොකද එකම වැඩේ හතරපස් දෙනෙක් කරන එක පලක් නැති නිසා.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. කරන්න පුලුවන් උදව්වක් කරන්න ලෑස්තියි.

    ReplyDelete
  6. හොඳ අදහසක් බස්සි
    ඇදගෙන යං ……

    ReplyDelete
  7. විභාගය අත ලඟ තියාගෙන නෝට්ස් වතුරේ යනවා කියන එක!!

    මේක සේවයකට එහා ගියපු ලොකුම ලොකු පිනක් !!

    බස්සි අක්කේ උදව් කරමි!

    ReplyDelete
    Replies
    1. සටහන් ලබාදීමෙන් විසල් කල සුවිසල් උදව්වට පින්!

      Delete
  8. ඉාතාම වටිනා වැඩ පිළිවෙලක්

    ReplyDelete
  9. අපට ඉතින් මොකක්ද කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් නැහැ අජිත්. මොකද දැන් ආරංචි වෙන විදියට තව බොහෝ දෙනෙක් මේ මුද්‍රිත සටහන් බෙදාහරින වැඩේ පටන් අරගෙන. ‍Y FM නාලිකාවත් ඒ වැඩේට අතගහලා මුද්‍රිත සටහන් ඉල්ලන බව සැලයි.

      ඉතින් මම තීරණය කලා වෙබ් අඩවියට අප්ලෝඩ් කරන සටහන් මුද්‍රණය කරලා බෙදාහරින්න ඒ ඒ සත්කාර කණ්ඩායම්වලට සහය වෙන්න. මොකද එකම වැඩේ හතරපස් දෙනෙක් කරන එක පලක් නැති නිසා.

      Delete
  10. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/4042-2016-05-21-22-34-18

    ReplyDelete
  11. ඇත්තටම ඉතාමත් වටිනා ක්‍රියාවක් ..මේ දින කිහිපයේ ඔවුන්ට කෑම - බීම , ඇඳුම් - පැළඳුම් ලැබුනත් ඉන් ඉදිරියට ඔවුන් වෙනුවෙන් ලොකු වැඩ පිළිවෙලක් අවශ්‍යයි. මේ ඒකට පදනම් දාන්න හොඳම විදිහක් ....

    වෙබ් අඩවියට Note Upload උනහම මං ටිකක් Print කරලා දෙන්නම්. ( මං මුද්‍රණ ක්ෂේත්‍රයේ ව්‍යපාරයක් හෝ ‍රැකියාවක නියුතු කෙනෙක් නෙමෙයි. නමුත් හැකි විදිහට උදව් කරන්න කැමතියි. )

    ReplyDelete
  12. ගමක් ගමක් බැරිනම් පාරක් පාරක් ගානේ යන්න හරි මම එනවා ගණන් තතියාගනින් අක්කේ මාවත්..pdf පුළුවන් ඉක්මනින් එවන්නම්

    ReplyDelete
  13. ඔවුන්ගේ අනාගතය ගං වතුරකට දියකරන්න දෙන්න බෑ.. අගේ ඇති වැඩපිළිවලක්.
    ජයවේවා..!!

    ReplyDelete
  14. ඔබලාගේ වැඩ කටයුතුවලට ඉතසිතින් සුබ පතනවා. අපිත් හැකි මට්ටමෙන් යම් යම් ක්‍රියාකරකම් සඳහා දායකවෙනවා. ඔබේ යුතුකමට අපි ගරුකරනවා.

    ReplyDelete
  15. එහා ගෙදර නංගිගෙන් ඉල්ලගත්ත s,p.d නෝට් එකක්. ෆොටෝ ගහල පීඩීඑෆ් කලා. එවන්නෙ කෝමද.

    ReplyDelete
  16. good work !!!! ..just downloaded camscanner.will send notes soon.

    ReplyDelete
  17. බස්සිගේ වැඩට මමත් කැමතියි. මොන උදව්ව කරත් ඉගෙනගන්න ලමයින්ට උදව්වක් කරන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද ? ගමින් ගමට යනවානම් කලින් කිව්වොත් නිවාඩු එහෙ මෙහෙ කරගන්න පුලුවන්.

    ජයවේවා !!!

    ReplyDelete
  18. බස්සිට සපෝර්ට් එකාට් මේකත් ලිව්වා.
    https://kolambagamaya.blogspot.co.uk/2016/05/blog-post_22.html

    ReplyDelete
  19. note book ekak dunnoth type karala denna puluwan.

    ReplyDelete
  20. Bohoma pin... Ill share this on Facebook.and also ill send some notes.thank you

    ReplyDelete
  21. අපූරු වැඩක්. ඉගිල්ලිලා එන්න හිතෙනවා. සුබපතන්නෙමු.

    ReplyDelete
  22. Notes kisiwak dan langa naha.siyalla aadara sandaha laba dunna.haki sama dena danuwath karannam. a athare delkanda ACME institute eke notes ekathu karanawa.haki nam ethanatath notes laba dena lesa haki aya danuwath karanna.jaya wewa..!

    ReplyDelete