Wednesday, June 22, 2016

බොලොග් ගැටළු සහ විසඳුම් - 1




ඊයේ අපේ සමියා කාලෙකට පසු බොලොගක් දාන්න කල්පනා කරලා. අවුරුදු ගානකින් බොලොග් අවකාසෙට පය තිබ්බේ නැති නිසා වෙන්ට ඕනෙ, බොලොග පබිලිස් කලත් උන්දැගෙ බොලොග බොලොග්-රෝලේ අප්ඩේට් වෙලා නැහැ.


අන්න ඒ වෙලාවෙ තමයි සමියා අන්තර්ජංජාලෙ දෙවනත් වෙන්න ෆේස්බුක් එකේ කෑමොර දෙන්න පටන් ගත්තෙ.


මේ වගේ ප්‍රශ්ණ කාලෙන් කාලෙට බොලොග් අවකාසේ සැරිසරන කාටකාටත් උද්ගත වෙන්න පුළුවනි. ඒ නිසා මම හිතුවා එහෙම වෙලාවට ගන්න පුළුවන් ලේසි පියවර කිහිපයක් ගැන පොඩි සටහනක් තියන්න.


පළවෙනි බෙහෙත


1. පබිලිස් කරපු බ්ලොග් ලිපිය නැවතත් revert to draft කරන්න.

2. පබිලිස්ගේ වෙලාව automatic කරන්න.

3. දැන් ආයෙමත් පබිලිස් කරන්න.




දෙවැනි බෙහෙත


පළවෙනි බෙහෙත හරියන්නේ නැත්නම්, බොලොග් පෝස්ට් එකේ content එක නෝට් පෑඩ් එකට copy කරගන්න. දැන් ඒ අවාසනාවන්ත පෝස්ටුව ඩිලීට් කරල දාන්න.


ඊගාවට බ්ලොගර් එකවුන්ට් එකෙන් log out වෙලා. ආපහු වතාවක් දකුණු අත පෙරට තියා login වෙන්න. 


දැන් දෙයියන් බුදුන් සිහි කරගෙන අර නෝට් පෑඩ් එකට copy කරගත්ත content ටික අළුත් පෝස්ටුවකට paste කරලා පබිලිස් කරන්න.



තුන්වැනි බෙහෙත


බොලොග් settings වලට යන්න. ඔය settings menu එකේ තියනවා other කියලා tab එකක්. ආං ඒකට යන්න.



එතන "site feed" කියන තැන settings මෙන්න මේ විදියට වෙනස් වෙලා තියනවද කියල බලන්න.
(නැත්නම් බලන් ඉන්න එපා බොලව්, ඒව වෙනස් කොරපියව්!)




දැන් ආපහු වතාවක් දකුණු අත පෙරට තියල පෝස්ට් එක පබිලිස් කරල බලන්න. එහෙම නැත්නම් පොඩි 'test' පෝස්ටුවක් දාන්න.



හතරවෙනි බෙහෙත


ඔච්චර කරලත් හරියන්නේ නැහැ කියන්නේ ගූගල් බ්ලොගරයාගේ ජාතිය අමතන්න කාලෙ හරි. ඒ නිසා Blogger Options වලට ගිහින් Send Feedback ක්ලික් කරන්න.



ඔන්න එතකොට අපිට ලැබෙනවා මේන් මේ වගේ form එකක්.




ඒකෙ 'Describe your issue or Share your ideas' කියන තැන වෙලා තියන සන්තෑසිය හොඳට ලුණු ඇඹුල් ඇතුව ලියන්න. එතනදි අනිවාර්යයෙන්ම බ්ලොග් අඩවියේ URL එක පැහැදිලිව සටහන් කරන්න.


ඊගාවට තියෙන්නේ අවුල වෙච්චි තැන ඉස්කිරින් සොට් එකක් ගන්න එක. (වැඩි හොඳට කියලා) ඒකට 'include screenshot' කියන තැන tick කරන්න. එතකොට screenshot එක ගන්න මෙන්න මේ වගේ toolbar එකක් ලැබෙනවා.




ඕකෙ කහ පාට කොටුව පාවිච්චි කරලා අපිට කරන්න ඕනෑ කොටස් ලකුණු කරන්නත්, කළු පාට කොටුව පාවිච්චි කරලා අපිට ගූගලයාගෙන් හංගන්න ඕනෑ විස්තර වහල දාන්නත් පුළුවනි.

කහ පාට කොටුවෙන් හයිලයිට් කරන හැටි

කළු පාට කොටුවෙන් අනවශ්‍ය විස්තර බ්ලොක් කරන හැටි


ඊගාවට තියෙන්නේ send බොත්තම ඔබන එකයි.

කොහොමත් මේ අන්තිම බෙහෙත දුන්නම පැය හතළිස් අටක් වගේ ඇතුලත ගූගල් දෙයියා වැඩේ ෆික්ස් කරලා දෙනවා.


ඔය හතරවෙනි ක්‍රමය මට ගුරු මුට්ටි නොතියා ඉගැන්නුවේ අපේ නිමෝ. ඒ ගැන නිමෝට විශේෂ ස්තූතිය!



55 comments:

  1. අර අන්තිමට තියෙන කොට්ටෙ ගූගලාට සුද්ද සිංහලෙන් ලියල යැවුවොත් කොහොමට හිටීද.

    ReplyDelete
    Replies
    1. මාත් මේ හිතුවා විතරයි. අපි සිංහලෙන් බොග දාන එකේ සිංහලෙන්ම නොයවා හරියන්නෙ නෑනෙ. ඌට ඕනෙනම් සිංහල ඉගෙන ගෙන විසඳලා දෙන්න ඕනෙ.

      Delete
    2. මං ඉතිං ඒ ටික ලිව්වෙ නෑ, කියවන අයට තේරේවිනේ කියල. ඕන්නං සුද්ද සිංහලෙන් ලියලා බලන්න. ගූගලයා ට්‍රාන්ස්ලේට් කරගනීවිනෙ.
      :P

      හරී : ඉඳලා ඉඳලා ඇවිත් තියෙන්නෙ කිණ්ඩියක් දාල යන්නලු ඈ.

      Delete
  2. කෝල් එකක් ඇරංම කියන්ඩ තිබ්බනං තමා හොඳ :D

    ReplyDelete
    Replies
    1. ඩයලොග් එකට කෝල් එකක් ගත්තා වගේ තියෙයිද දන්නෙ නෑ..

      Delete
    2. චැහ් … මං අහන්නෙ ඔහොමත් අපහාස කරවනවදෑ :D හැක්

      Delete
    3. චැහ් … මං අහන්නෙ ඔහොමත් අපහාස කරවනවදෑ x 2

      Delete
  3. මේ සටහන මට වටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  4. බොහෝම ලස්සනට ලියලා තියෙනවා... උඹට තිබුනේ ලෙචෙක් වෙන්න...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මාතේ! ලෙචෙක් උනාම උගන්නන්න ඕන මෙලෝ යකෙකුට නොතේරෙන්න නෙව.

      Delete
  5. useful for tech retards like myself, tks

    ReplyDelete
  6. බබා නැගිටලා.. ඔච්චර දගලන්ඩ ලොකු බේත් ඕන නෑ. රිවට් ටු ඩ්‍රාඨ්ට්ස්.. බොරු එඩිටින් පාරක් දාලා ආයි පබිලිස්.. එක පාරයි. නැත්නං දෙපාරයි.. උපරිම තුන්පාරයි.. ලව්පුසා වගේ එකෙක්ට නං පස් පාරක් ඇති.. හැක්

    ReplyDelete
    Replies
    1. හහා... ඔය සේරම කරලා හරි නොගිහින්, හතරවෙනි බෙහෙත දීලා දෙවතාවක්ම ගොඩ දාගත්ත නිසයි විස්තර ඇතුව ලිව්වෙ. මං හිතන්නෙ දේශාගෙ බ්ලොග් එකට ගූගල් එකෙන් විශේෂ සැලකිලි දීලා ඇති කවදාවත් මෙහෙම නොවෙන්න. ;)

      Delete
    2. ගූගල් එකෙන් ip එක හොයලා ඔරිමජිනල් එකක්ය කියල සැටිපිකේට් එකකුයි ඇක්සසුයි දීල..මද්යස්ත මතදාරියගෙ එක තාම නැවේ එනවා. ඕ යේස් .

      Delete
    3. @ බස්සි

      හපොයි මක්කට කියනවද පුල් සැලකිලි. එක පාරක් ඔහේට කියන්න,. මගේ බ්ලොග් එකේ දාන පෝස්ට් මාස තුනක් විතර යනකං සුරුස් ගාලා දාන්නත් කලින් පලවෙනවා. නෑ අනේ.. හැංගෙනවා.. අන්තිමට රාජ් තමා කිව්වේ ගූගල් කාරයා රවට්ටන විදිය.. ඒක හරියටම හරි.. ඕ යෑස්

      Delete
  7. කාලෙකින් අප්ඩේට් කළේ නැති හින්දා මටත් මෙහෙම කොරන්න වෙයිද දන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. ඒකනේ. අපි නාඩියගෙ බ්ලොග් එක දැන් කියවන්නෙ දිනමිණෙන්.

      Delete
  8. මාත් ඔය කට්ට කාලා තියෙනවා කාලෙකට කලින්.

    ReplyDelete
    Replies
    1. ඒ කට්ට එකපාරක් හෝ කන්න වෙලා ඇති ඉස්සර ඉඳන් බ්ලොග් ලියන අපේ බොහොමයක් දෙනෙකුට. මාත් කට්ට කාලම ඉගෙනගත්ත පාඩමක් මේක.

      Delete
  9. මට ඔය දේ වෙලා තියෙනවා සින්ඩි වල Update වෙන්නේ නැතුව, ඔබ කිව්ව තුන්වෙනි විදියේ Blog Posts Feed එක විතරක් Short දුන්නා නම් ඔය ගැටළුව හදා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අහා.
      ස්තූතියි අනුෂා!

      Delete
  10. හොඳ සටහනක්... එල...

    ReplyDelete
    Replies

    1. ස්තූතියි නිර්මාණි :)

      Delete
  11. තාක්සනේ ග්‍රීක් අපට මෙව්වා මසුරන් වටී..
    ජයවේවා..!!

    ReplyDelete
  12. බොහෝම වටිනවා
    අපි තාම බ්ලොග් ලෝකේ අඳුරේ අත පත ගාන උදවිය

    ReplyDelete
  13. ඔය එකක් වත් හරි යන්නේ නැත්නම් පැත්තකට වෙලා ඉන්න.

    මටත් ඔය සීන් එක හිටි ගමන් වෙනව බං. හැබැයි වැඩිය දගලන්න යන්නේ නැතුව එහෙම තියෙන්න ඇරලා පස්සෙ බලද්දී බඩු පබ්ලිශ් වෙලා. එහෙම එකකුත් තියේ.

    ReplyDelete
    Replies
    1. ඈ බං, උඹ කරල බලන්නෙවත් නැතුව //ඔය එකක්වත් හරියන්නෙ නැත්නම්// වගේ අනාවැකි නිකුත් කරන්නෙ පේන කියන කෝස් එකක්වත් කලාද?

      මම නම් සෑහෙන දවසක් දඟලලා හතරවෙනි බේත දුන්නම පැය විසිහතරෙන් වැඩේ ගොඩ යනවා.

      ගූගල් දෙයියා උඹේ බ්ලොගට ස්පෙෂල් ඇටෙන්ෂන් දෙනව ඇති මයෙ හිතේ.

      Delete
    2. හෙහ් හෙහ්. මම ලංකාවට ගිහින් ආපු වෙලේ ඉදන් ඔය පෝස්ට් කොහේවත් අප්ඩේට් වෙන්නේ නැති සීන් එක තියෙනවා. මමත් මුල් ටිකේ දහ අතේ දැගළුවා. පස්සේ දැන් කරන්නේ පොස්ට් එක දාලා රෑට දාලා හිත හදාගෙන බුදියනවා. උදේ බලද්දී බඩු අප්ඩේට් වෙලා.

      Delete
  14. ඔය මක්ක කොරලවත් හරියනවැයි පබ්ලිස් කරන්න දෙයක් කොටන් නැතිකොට..

    හික් ..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. විදානේ,
      මටත් දරුණුවට තියන ප්‍රශ්ණයක් ඕක.

      Delete
  15. Good.. only problem as vidane said.. what to publish. . :))

    ReplyDelete
  16. වැදගත් සටහනක් බස්සි නංගි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි <3

      Delete
  17. බ්ලොග් වෙනුවට බොග යැයි ලියා තිබෙනු දකින විට මට පොඩ්ඩක් අපුලයි. පබිලිස් කියන කොට එහෙම දැනුනේ නෑ!

    ReplyDelete
    Replies
    1. ඇයි රසිකත් පබිලිස්ගෙ වල් කොල මැල්ලුං කාල තියෙනවද?

      Delete
    2. මටත් එහෙම දැනුනා, ඒ නිසාම කොමෙන්ට් එකකුත් දැම්මා වචනයේ නියම අර්ථය ගැන කියලා (අහලා තියන විදියට).

      Delete
    3. රසික :
      මට තියන අවුල තමා බ්ලොග් --> බොග් සහ පබ්ලිශ් --> පබිලිස් දෙකම එකවගේ විසුලු සහගතව පේන එක. කමක් නෑ පබිලිස්ට හරි ආසා වුනානෙ ඔයැයි.

      Delete
    4. ප්‍රසන්න :

      මම නං කාල තියෙන්නෙ පබිලිස්ගෙ අරලියා කොල තැම්බුම.

      Delete
    5. Ashoka D :

      ඔබතුමා puns ගැන අසා තියේද? හැබැයි දරන්නට බැරි තරම් අපහසුවක් දැනෙනවා නම් නොකියවා සිටීමේ නිදහස ඔබතුමා සතුයි.

      Delete
    6. මගේ සිතට අපුලක් දැනෙන්නේ බොග යනු අපි ගූ වෙනුවට විශ්ව විද්‍යාලයේ දී භාවිතා කළ වචනය නිසයි.

      බොග යන්න විශේෂණ පදයක් ලෙස යොදා ගත්තේ යමක් පහත් කොට පැවසීමටයි.

      අප ඉතා කැමති දෙයක් වන බ්ලොග් සඳහා බොග යැයි කීම අවුලක් ලෙස දැනෙන්නේ එනිසායි.

      Delete
  18. මෙච්චර කල් ඉංගිරිසියෙන් blog කියන වචනෙට සිංහලෙනුත් ඒ විදියටම ‘බ්ලොග්‘ කියලා යොදන ආකාරයකුයි දැකලා තිබුණේ. ඇත්නතටම ඒ සඳහා හරිහමං වදනක් අපේ බාසාවෙ නැති හැඩයි. ඒ වෙනුවට මේ පෝස්ටුවේ (පෝස්ට් එකේ) බොග කියලා දාල තියනවා. ඒ වචනය සාමාන්‍ය කතා ව්‍යවහාරයෙදිනම් යොදන්නේ වැසිකිලියට යාමේ අවශ්‍යතාවය තිබෙනවා කියන්නටයි. උදා: “මචං, බොගක් සෙට් වෙන්න වගේ, මං ඒ වැඩේ කරලම එන්නම්.“ මට හිතෙනවා බ්ලොග් කියන ඉංගිරිසි වචනයට හරියටම හරියන එකක් හොයාගන්නකම්, නැතිනම් හදාගන්නකම් බ්ලොග් කියලම ලිව්වානම් හොඳයි කියලා.

    ReplyDelete
    Replies
    1. punned, pun•ning. n. 1. the humorous use of a word or phrase so as to emphasize or suggest its different meanings or applications, or the use of words that are alike or nearly alike in sound but different in meaning; a play on words.

      :)

      Delete
    2. හොඳම වචනය වියමන නමුත් මේක දැන් රෙජිස්ටර් වෙලා ඉවරයි.

      Delete
  19. ෆට්ට වටිනවා ස්තුති බස්සි අක්කේ...උඹට තිබුනේ ලෙචෙක් වෙන්න...X 2

    ReplyDelete
    Replies
    1. තැන්කූ ප්‍රොෆා මල්ලි :)

      Delete
  20. දෝෂ දෙන පෝස්ටුවේ අන්තර්ගතය Copy කරගෙන එම පෝස්ටුව Delete කර, කලින් අරන් තබාගත් බ්ලොගයේ Backup එකක් install කලත් හරි යාවි නේද බස්සී?

    ReplyDelete
  21. බස්සී, ඔබ බ්ලොග් වෙනුවට " බොග " යන වචනය පාවිච්චි කීරිම සහ ඒ ගැන මෙහි සඳහන් අන් අයගේ අදහස් කියවු මට මෙහෙම ලියල යන්න හිතුනා..

    ඔබ බ්ලොග් ලෝකයට ඉතාම ආදරය කරන බවත් එය ඔබේ ජිවිතයේ කොටසක් ලෙස සිතන බවත් මේ ලිපියෙන් පවා ඔබ අදහස් කර ඇත්තේ බ්ලොග් ලොවට වැඩදායි දෙයක් තිලිණ කිරිම බව මගේ අදහසයි.. ඔබගේ ලිපි කාලයක් කියෙව්වත් "ඔබව" කියවා නැති අය සිටිය හැකියි. එය සාමාන්‍යයි. එනිසාවෙන් හිතට එකඟව ඔබට ඔබේ අදහස ඔබේ වචන ගලපා ලිවිය හැකියි ( නිදහස් අවකාශයක ) එය කියවන අය වෙනත් අර්ථයන් සිහියට නඟා ගත්තත්..එයින් සිත් රිඳිම ඔබට අදාල කරුණක් නොවේයැයි මට සිතේ.. තැනක "ඔබ" ශිලාචාර වචනයක් වුවද තවත් තැන්ක "උඹ" ශීලාචාර වේ.. නමුත් හැඳින්වෙන්නේ එකම කෙනාවය.. ලියන කෙනා යොදා ගත් අර්ථය විචාරත්මකව තමන්ගෙන් පරිබාහිරව වටහා ගැනීමද කියවන්නෙකුගේ කාර්‍යභාරක් ලෙස මම හිතනවා..

    ReplyDelete
  22. මේක කවදා හරි ඕනෑ වේවී බ්ලොගර් අයියා පාට් දානකොට.

    ReplyDelete
  23. හරිම උත්තරය දාලා නෑ. මම කියන්න යන්නේ නෑ. තව පොඩ්ඩක් ගූගල් කරලා බලන්න.

    ReplyDelete