Friday, July 1, 2016

අහස් රහස්




සිලිටි අතැඟිලි විහිද විහිදා
කඩනකොට කඩුපුලක් නිදිගැට 
තව අලුත් 'දහවලක්' ඇරඹෙයි
වළාකුළු ගිම් නිවන නිම්නෙට


උදුල මිණියෙන් බැබලි බැබලී
තරු ගැටව් එළියට බහිනකොට 
ගැටිස්සියො සාදෙට අඳින්නේ
නිවෙන දිලිහෙන මිනි-ගවොම් කොට




කාර් බස් පාරවල් නැතියෙන් 
ඕනෙ කෙනෙකුට - ගමන බිමනට
පොරකකා නැගගන්න වෙනවා
'රෑ බදුලු' යන රේල්ලුවකට


වීදි පහනකටත් තමන්ගෙම
නිදහසක් ඕනෑම හන්දා
කුඩා අත්තටු දෙකක් අලවා
'කදෝකිමි' යැයි නමක් බැන්දා





දවස් විසි අටකට වතාවක්
මෙගා මේලා සතුටු සාදෙට
මහා පැණි පුඩිමකි ඉදෙන්නේ
'හඳ' කියන්නේ අන්න ඒකට


එහෙම දවසක - එන්න මිදුලට
සැර විදුලි එලි නිවා විගහට
'හඳෙන්' පොලවට - පෙරෙන පැණි බිඳු
දිව ගගා අම රස විඳින්නට




ප.ලි.

අද බස්සිගේ නවාතැනට අවුරුදු තුනක් පිරෙනවා. දවසින් දවස කාර්යබහුල වීමත් එක්ක බ්ලොග් එකෙන් ඉඳහිට ඈත් වෙන්න සිදුවුනත්, මේ වෙනකම් ආ ගමන ගැන හිතට දැනෙන්නෙ ලොකු සතුටක්.


ආසාව තියෙන්නෙ තරුවක් වෙන්න. තරුවක් වගේ පේන, ඇහැ රවටන අහස්කූරක් වෙන්න නෙමෙයි. ඒක තේරුම් ගත්ත, "බස්සි"ට සහ "බස්සි" ලියන දේට ආදරේ කරන, අඩුපාඩු පෙන්වන හැමදෙනාටම බොහොම ස්තූතියි! එහෙනම්, අපි හැමෝම එකට, එකම අහසක පායමු!





43 comments:

  1. තුන් වසරක්
    තුන්පත් රටා සමග
    රැදීසිටි බස්සිට
    සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමින්ද!

      Delete
  2. උණුසුම් සුභ පැතුම් බස්සියේ..
    හැමදාම මේ විදියටම ලස්සන ලිපි ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔයාට!

      Delete
  3. Only three years? Looked like a lifetime. Congratulations and Way to go!

    ReplyDelete
  4. තුන්වන සංවත්සරයට සුභ පැතුම් බස්සි.
    දිගින් දිගටම ලියන්නට ශක්තිය දිරිය ලැබේවා!!!

    ReplyDelete
  5. මලක් ගහල තුන සමරමු.. හැබෑට අර හිරුවයි, බෝධිනියි එක්ක ගියපු කතාව මොකක්ද බං මුණුපොතේ. මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ ඒකේ හැක්.. ජය වේවා

    වෙඩ්ඩගේ කවියක මට මතකයි බං තිබුනා හඳ කියන්නේ මිලිග්‍රැම් දාහක පොලිෆින් පෙත්තක්ද මොකක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. යළි නිදන්නෙමි (ඉස්පිරිතාල සිතිවිලි)
      ______________________________

      මිලිග්‍රෑම් දහසක
      ඩොලිප්‍රෑන් පෙත්තකි
      හඳ..........

      බෙතඩින් ය - ඔව් ඒ සුවඳ පමණි ය
      ගත වෙලෙන ස්නේහය ම.
      නිකොටින් ය සිහිනයෙ ම.

      සේලයින්
      පමණෙකි ය
      ඔන් ලයින්.

      වේදනාවේ
      සැනසුම
      දුම් උගුරක් ය
      මතකෙට.
      මාපකේ උණුහුම
      ගල් උගුරක් ය
      සිසිලට.
      රුධිර පීඩන යන්ත්‍රය
      මතුරන රුදුරු මන්ත්‍රය
      පංච තන්ත්‍ර ය.

      ගල් බාගයක
      මූඩියක් කැරකේ ය
      කන ගාව.
      සිහිය ඒ - අවසන් ය මුර්ජාව.
      මග්දලේනා හඬෙකි.....
      ජනිත වූ හදවතේ පිළිරාව.
      ජනිත වූයේ එ හඬ
      ගල් ගසන
      මිනිස්සුන්
      හට දාව

      දෑසින් සැලෙයි
      නන්නාඳුනන හෝඩිය....
      නො තේරෙන කවි
      පේලි ගන්වයි
      පත් ඉරුවක් ව
      කොට්ටය....
      නිහඬතාව
      සෙත් කවියක් ය
      නින්දට.

      මිලිග්‍රෑම් දහසක
      ඩොලිප්‍රෑන් පෙත්තකි
      හඳ..........

      - මංජුල වෙඩිවර්ධන -

      Delete
  6. ආ මග කෙටියි.. යා යුතු මඟ දුරයි.. නුවණින් අවදියෙන්.. තරණය කරන්න සුභ පැතුම්.. ජය වේවා!

    ReplyDelete
  7. දැන් උඹ දිදිලෙන තරුවක් වෙලා ඉවරයි...

    එකම දේ දීප්තිය අඩු වෙන්න දෙන්න එපා.... අඩු ගානේ සතියකට පැය කීපයක් මේ වෙනුවෙන් වෙන් කර ගනින්....

    ReplyDelete
    Replies
    1. ඔන්න උපදෙස පිලිඅරගෙන මේ සතියෙනම් කෙටිකතාවක් ලිව්වා.

      Delete
  8. තුන්වන සංවත්සරයට සුභ පැතුම්

    ReplyDelete
  9. සුභ පැතුම් අක්කේ... තව තවත් නිර්මාණ කරන්න ලැබේවා....

    ReplyDelete
  10. අව්රුදු තුනක්ම ගියා එහෙනම්. සුබ පැතුම් ඈ!

    ReplyDelete
  11. අවුරුදු තුන වෙනුවෙන් සුභපතනවා බස්සි.. අර මුද්ද කියන්නා වගේ අනාගතය තියෙන්නෙ සයිබරයේ මිසක් මුද්‍රිත පොත් පත් වල නෙවෙයි. ඒ නිසා සයිබරය අතාරින්නෙපා....

    ReplyDelete
    Replies
    1. තැන්කූ සජ්ජා!
      අනිවාර්යයෙන්ම. සයිබරය අතාරින්නෙ නෑ.

      Delete
  12. සුබ පැතුම් යශෝ...!
    බ්ලොග් එකට අවුරුදු තුනක් උනත් උඹව හඳුනාගෙන අවුරුදු ගාණක් වගේ දැනෙනවා බං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ!

      ඇත්තටම බ්ලොග් එකෙන් ලැබුන වටිනම දෙයක් තමයි හොඳ මිනිස්සු පිරිසක් අඳුනගන්න ලැබුන එක.

      Delete
  13. සුබපැතුම් සුන්දරී..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගෝ!!

      Delete
  14. සුබපැතුම්.. ජයවේවා !

    ReplyDelete
  15. සුබ පැතුම්... බස්සි...

    ReplyDelete
  16. සුබ පැතුම් නංගි...ඒ වගේම නිර්මාණයත් බොහොම සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කා!!

      Delete
  17. බස්සී , අවුරුදු 3ට සුබ පැතුම්..

    තරු කියන්නේ දිලි දිලි රැස් විහිදන ගිනි ගොඩවල්. එත් ඈතට පේන තරුව හරිම ලස්සනයි... පාර හොයාගන්න අනිත් අයට මඟ කියන්නත් තරුවට පුලුවන්... ඉතින් ජීවිතෙත් ලං වෙලා බැලුවම තරුවක් වගේම ගිනි ගොඩක්.. හැබැයි අපි අපේ ජීවිත වල දැවෙන ගිනි පදමට රත් කරලා නමලා නේක රටා මවලා අනිත් අයගේ ජීවිත වල ගිනි නිවන්න පුලුවන් නෙක තරු රටා හදනවා ජිවිත වලට සිසිල ගේන්න... මම දකින්නේ බ්ලොග් අවකාශයේ විතරක් නෙමේ, මේ ලොකේ කොහේ ගත්තත් ඉන්නේ නොනිමෙන තරු, ආයේ අමුතුවෙන් තරු වෙන්න දෙයක් නැහැ..

    එත් ඈත් අහසේ දිලෙන තරුව දන්නේ නැ කී දෙනෙක් තරුවෙන් එළිය ලබනවද .. මඟ හොයාගෙන අතරමන් නොවී යනවද කියන එක..දන්නවා නම් තරුව ලබන සතුට මේ ලොකේ වෙන කොහෙන්වත් හොයා ගන්න බැරි බව තරුවට වැටහේවී.. ඒ දැන ගත්තත් තරුව සදාකල් දැවෙනවා...දැවි දැවි ලොකේට එළිය දෙනවා..මේ විශ්වය පවතිනකන්ම.

    ReplyDelete
    Replies
    1. ඒ වචන ටික පුදුම ලස්සනයි.
      ගොඩක් ස්තූතියි ඔයාට!

      Delete
    2. ස්තුතියි බස්සි, මට කියන්න ඕන වුනේ ලෝකයා පිළිගත්තත් නැතත් ඔයත් තරුවක් කියලා මේ අනන්ත විශ්වයේ දිලෙන.. :)

      Delete
  18. සුබ පැතුම් අක්කා!

    ReplyDelete
  19. සුබ පැතුම් බස්සි!!!!!!

    ReplyDelete
  20. තුන්වන සංවත්සරයට සුභ පැතුම් !

    ReplyDelete
  21. තුන්වන සංවත්සරයට හදවතින්ම සුබ පැතුම්. උඹේ ගමන තව හුඟාක් දුරයි. අන්න ඒක මතක තියාගනින්.. ජය...

    ReplyDelete
  22. සුභ පැතුම්..!
    ජයවේවා..!!

    ReplyDelete