Friday, September 16, 2016

පම්පෝරි සහ කයිවාරු




ඇත්තටම නම් මේක ස්තූතියක්, දැනුවත් කිරීමක් සහ සතුට බෙදාහදාගැනීමක්. හැබැයි ඒ වගේ අරමුණකින් ලියැවෙන ලිපියක් වුනත් සිරිලංකන් ස්ටැයිල් එක ඇතුලේ “පම්පෝරි සහ කයිවාරු” විදියට හඳුනා ගන්න ඇති ඉඩකඩ වැඩියි.


පසුගිය අගෝස්තු නමවැනිදා 2016 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශිත ග්‍රන්ථ නාම ප්‍රකාශයට පත් කලා. එහි කාව්‍ය කැටගරිය යටතේ මගේ පළමු කෘතිය දක්නට ලැබීමම මට මහත් සතුට දනවන කාරණයක් වුනා.




ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය නමවැනිදා, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුනා. එහිදී මගේ ප්‍රහර්ෂය දෙගුණ කරවමින්, “වසරේ නිර්මාණශීලීම නවක දායකත්වය – කාව්‍ය” සම්මානය හිමිකරගන්නට ‘ඉතා කෙටි කලබල සිහින’ සමත්වී තිබුනා.




“ඉතා කෙටි කලබල සිහින” එලිදැක්වූයේ පහුගිය දෙසැම්බරයේ. කුඩා කාලයේ ඉඳන් ලිවීමට ඇල්මක් දැක්වුවත්, ඒ නිර්මාණ ජනතාව අතරට ගෙනයාම මට මගහැරී තිබුනා. කලා ක්ෂේත්‍රයට සම්පූර්ණයෙන්ම පරිබාහිර අංශයකින් උසස් අධ්‍යාපනය ලැබීම එයට හේතු වෙන්නට ඇති.


එහෙව් නිර්මාණ ජනතාව අතරට ගෙනයන්නට මට උදව් වුනේ මේ බ්ලොග් අඩවිය. තව තවත් ලියන්නට දිරි දුන්නෙත්, බ්ලොග් අවකාශයේ සිට අන්තර්ජාලයේ තව තවත් වේදිකාවන් වෙත මා මෙහෙයවූයේත්, ෆේස්බුක්, ඉන්ස්ටා, ට්විටර අතර සිරවෙනට යන මාව කන්කෙටියෙන් අල්ලාගෙන නැවතත් බ්ලොග් අඩවිය මතට දක්කාගෙන එන්නෙත්, ආදරණීය ඔබ.


ඉතින්, මේ මල් මිට, ඔබට!


‘ඉතා කෙටි කලබල සිහින’ මරදාන ගොඩගේ පොත්මැදුරෙනුත්, නුගේගොඩ සරසවි පොත් හලෙනුත් ලබාගන්නට පුළුවනි.


දුර පලාත්වල වෙසෙන ඔබට, www.bookurbook.lk වෙබ් අඩවිය හරහා පොත ඇනවුම් කර ගෙදරටම ගෙන්වාගන්නටත් පුළුවනි. මීට අමතරව, යුරෝපීය රටවල්වල වාසය කරන ඔබට ‘සත්පොත්’ හරහා පොත ඇනවුම් කර ගෙන්වාගන්නට හැකිවේවි.


සැප්තැම්බර් 16 සිට 22 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේත් ‘ඉතා කෙටි කලබල සිහින’ ගැවසෙනවා. සන්ථව ප්‍රකාශකයන් විසින් පවත්වන ‘කවිපොත් සල්පිල’ කුටියෙනුත්, ‘සම’ ප්‍රකාෂකයන් (කුටි අංක: K308), ප්‍රභා ප්‍රකාශකයන් (කුටි අංක: D179), සයුර ප්‍රකාශකයන් (කුටි අංක: L407)  සහ ගොඩගේ කුටි වෙතිනුත් ‘ඉතා කෙටි කලබල සිහින’ මිලදී ගන්නට පුළුවනි.




පොත ගැන ඔබේ අදහස් දැනගන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. පාඨක සම්මානයට අලගු තබන්නට හැකි වෙනත් සම්මානයක් ගැන මම දන්නේ නැහැ.



76 comments:

  1. සතුට උතුරා යන විට බස්සිගෛ්් සද්දය. චියර්ස්

    ReplyDelete
  2. සුභ පැතුම් බස්සි. තවත් නිර්මාණ බිහිවේවා..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලිශාන්!

      Delete
  3. සුබපැතුම් සුබපැතුම් සුබපැතුම් බස්සී

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ තැන්කූ MPP!

      Delete
  4. ලැනරෝල් නම් ලේඛකයෙකු තීරු ලිපි ලීවා නවයුගය සඟරාවට "හපන්කම්, මෝඩකම් සහ පුරසාරම්" නමින්.

    ReplyDelete
    Replies
    1. ඇ. ලයනල්ද සිල්වා- මල්පියලි අයිතිකරුගේ පොත් පෙළක් තියෙනවා
      "ගොන්කන්, බුරුකන්, හපන්කන්" කියල

      Delete
  5. මගේ සුබ පැතුම් යසෝදා!

    ReplyDelete
  6. රෙෂ්පට් සහෝදරී.. උඹ ගැන ආඩම්බරයි !!!!

    ReplyDelete
  7. සුභ පැතුම් බස්සි අක්කා.. තවත් රස නිර්මාන කරන්ටත් අපිත් එක්ක ඒවා බෙදා ගන්නත් ලැබේවා.. :-)

    ReplyDelete
  8. හැම තිස්සෙම විෂ් කරන්න බැ බං.. :D

    උබෙ අලුත් වචන, හැකියාව ගැන අපි දැක්කෙ එදා ඉදන්...

    ජයෙන් ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. උඹ ෆේස්බුකේ පදින්චිවෙලා හිටියට, බුකි නොයා බ්ලොග් එකම කියවන ජනතාවකුත් ඉන්නවනේ. තැන්කූ සෑමෝ!!

      Delete
  9. තව ටික කලෙකින් අර පිස්සු කතන්දර ටික පොතක් විදියට දාපන්. ඔයිට වඩා තැනකට එනවා අනිවාර්යයෙන්...

    ReplyDelete
    Replies
    1. අදහසක් තියෙනවා මාතේ. බලමුකෝ.

      Delete
  10. තමන්ගේ හැකියාව ගැන කියන්න බස්සි අනිත් අයට බය වෙන්න ඕන නැ.. අනිත් අය මොනවා කිව්වත් උපන් හැකියාව මරන්න කාටද පුලුවන් කෙනෙක්ගේ??? නැද්ද මං අහන්නේ බස්සි.. අඩුම ගානෙ අපේ පරම්පරාවෙන් හරි ඒ පුරුද්ද ලාංකිකයන් විදිහට අපි අයින් කර ගන්න හිතුවොත් අපේ දරුවන්ගෙ දරුවෝ වත් නිදහසේ ජීවත් වේවි ...

    සුබ පැතුම් බස්සී..තවත් පොත් ලියන්න එළි දක්වන්න ඔබට ඉදිරියටත් මේ වගේම අවස්ථාවන් උදා වෙන්න කියලත් කියන්නම ඕන..

    One day ur unique talent will give u strength to overcome fear of society.. go ahead until that u find ur mind freedm.. don't stop. :)

    ReplyDelete
    Replies
    1. අපේ පරම්පරාවෙත් බොහෝ දෙනෙක් ඉන්නවා හංවඩු අතේ තියාගෙන. ලංකාවට ගැලවීමක් නෑ මට පේන හැටියට.

      Delete
  11. මගෙනුත් සුඹ පැතුම්, බස්සිට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීම " සුභ පැතුම් "

      Delete
    2. ස්තූතියි දුමින්ද!

      Delete
  12. ශුභම ශුභ පැතුම් මචෝ.... අයෙමත් , සම්මාන අතරින් හොඳම සම්මානය උඹට තියෙන බව පොත එළිදැක්වීමේදී ඔප්පු වුනානේ , ඔහොම යමු . ජයවේවා උඹට .....

    පාටිය දීපිය :D

    ReplyDelete
    Replies
    1. පාටි කියන්නෙ මොකද්ද බම්? මට මතක නෑනෙ එහෙම වචනයක්.

      Delete
  13. උණුසුම් සුභපැතුම් ඔබට... හොඳ ආරම්භයක්..!
    ජයවේවා..!!

    ReplyDelete
  14. සුභ පැතුම් හදවතින්ම!

    ReplyDelete
  15. පත්තරවලින් දැක්කා. ජයවේවා!!!! අමුතුවෙන් කියන්න ඕන නැහැනේ දිගටම නිර්මාණයේ යෙදෙන්න. ඔබ දක්ෂයෙක්!!!!!!

    ReplyDelete
  16. සුභ පැතුම් බස්සි. ෆේස් බුක් එකෙනුත් දැක්කා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් අයියේ

      Delete
  17. උණුසුම් සුබ පැතුම් බස්සී...

    ReplyDelete
  18. බුර බුරා නැගෙන සුභ පැතුම්. මල් පොකුරෙන් එක මලක් අරන් කනේ ගහගත්තා

    ReplyDelete
    Replies
    1. ඇයි Dude බුරන්නෙ ? පිස්සු බල්ලෙක්වත් හැපුවද?

      Delete
    2. තැන්කූ තැන්කූ ඩූඩ්!
      මල කනේ ගහගෙන ඉන්න හැටි මැවී පෙනෙනවා.

      Delete
  19. සුභ පැතුම් නංගෝ......

    ReplyDelete
  20. ජ ය වේ වා...!!!

    ReplyDelete
  21. ජ ය වේ වා...!!!

    ReplyDelete
  22. සුබ පැතුම් බස්සි නගෝ...

    ReplyDelete
  23. සුබ පැතුම් බස්සි...!!!

    ReplyDelete
  24. Itha ketiyn unath kala bala sihina ekin eka sihinayata awith...anagi!!! Bassii

    ReplyDelete
  25. Itha ketiyn unath kala bala sihina ekin eka sihinayata awith...anagi!!! Bassii

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රියා!

      Delete
  26. හෘදයාංගම සුභපැතුම් බස්සී ...!
    තව තවත් රසවත් හරවත් නිර්මාණ බිහිකරන්නට හැකිවේවා ...!

    ReplyDelete
  27. සුබ පැතුම් යශෝ...!
    යශෝගේ පොත තියෙනවා නිවාඩු පාඩුවේ තමයි කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. නිවාඩුපාඩුවේ කියවලා විචාර විවේචන මටත් කියන්නෝනෑ හොඳද?

      Delete
  28. Congrats !!!!!!!!!!!!!!!


    Skin Publishers?

    ReplyDelete
  29. සුභ පැතුම් බස්සී...තව තව ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!

    ReplyDelete
  30. සුභ පැතුම් බස්සී...තව තව ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!

    ReplyDelete
  31. giya awurudde bookfair eken math me potha gaththa. mulinma potha thama qwe. facebook haraha obe nirmana deka thibuna. ekai potha gaththe. blog eka kiyawanna gaththe ahamben. mul wathawatai comment krnne. obata jaya bassi akke

    ReplyDelete