Wednesday, September 21, 2016

තොරණෙන් බැස සිල්ගන්නා මකරු – "මකර තොරණ"





සාහිත්‍ය මාසය සහ කියවීමේ මාසය වෙනුවෙන්, අලුත් පොත් ගැන පෝස්ට් කිහිපයක් එකතු කරන්නයි බලාපොරොත්තුව.


“2016 වසරේ නිකුත්වුන හොඳ කෙටිකතා පොත් මොනවද?” මම පහුගිය දවසක ‘පොත් කියවන අය’ FB සමූහයෙන් ප්‍රශ්ණයක් ඇහුවා. ප්‍රභාත් ජයසිංහගේ මකර තොරණ කෙටිකතා පොත ගැන මම මුලින්ම දැනගන්නේ එවිටයි.


‘මකර තොරණ පොත කියවන්න. මම ඒකෙන් අදහස් කරන්නේ එහෙව් කෙටිකතා නොකියවන ඇස් මොකටද වගේ දෙයක්’ කාංචනා අමිලානි කියද්දි, ‘මකර තොරණට තරු පහක්’ දෙන්නට පුළුවන් බව කීවේ සිතුවිලි සිතූගේ පොත්කාවා.


මකර තොරණ කෙටිකතා හතකින් සමන්විතයි. කෙටිකතා රචනයට අදාළ සම්මත රාමු සහ ආකෘති නවා අඹරා නව්‍ය හැඩයක් දෙන්නට ප්‍රභාත් ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීයයි. එකම ආකෘතියක සිර නොවී කතා හත ඒවාට ගැලපෙනම, එකිනෙකට වෙනස් ආකෘතීන් ඔස්සේ ගෙනහැර පෑම නිසා පොත අතින් බිම තියන්නට නොහිතෙන එක සාධාරණයි.


මගේ ප්‍රියතම කෙටිකතාව ‘හොකී විතවුට් ස්ටික්ස්’. සිවිල් වැසියන් ඉලක්ක කර පුපුරුවාහරින ලද ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්, සිංහල, දමිල සහ මුස්ලිම් හොකී ක්‍රීඩකයන් පිරිසක් වසර විසිපහකට පසු මරණයෙන් අවදි කරවන්නට සිතීමම ඔහුගේ විස්මිත පරිකල්පන හැකියාවට සාක්කි!


වස්තු බීජ හතම එකකට එකක් නොපරදින සුළුයි. වෙන කිසිම කෙටිකතාකරුවෙකුට හසු නොවුණු බැවින් පිළුණු සුවඳින් විනිර්මුක්තයි. නැවුම් සහ ආශා දනවන සුළුයි.


අතිශය නූතන ආකෘතීන් ඇතුලත හරඹ පාන අතරේම, පැරණි ජාතක කතා ආකෘතියෙන් කෙටිකතාවක් දිගහරිමින් ප්‍රභාත් කියන්නේ ‘ගණන් නම් ගණන් – ඉලක්කම් නම් ඉලක්කම් – ඔය කොයිකත් මට ටොයිස්’ කියලාවත් දැයි මට හිතුනා.

මගේ රේටින්ග් එක තරු පහෙන් පහයි!


පොතේ නම – මකර තොරණ
කතෲ – ප්‍රභාත් ජයසිංහ
ප්‍රවර්ගය – කෙටිකතා
ප්‍රකාශකයෝ - සරසවි


ප.ලි.

2016 වසරේ හොඳම නවක නිර්මාණකරණය වෙනුවෙන් ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනූ මගේ ඉතා කෙටි කලබලය, කවිපොත් සල්පිලෙන්, සම පොත් කුටියෙන්, සයුර කුටියෙන්, ප්‍රභා කුටියෙන් සහ ගොඩගේ කුටියෙන් ලබාගන්නට පුළුවනි.




12 comments:

  1. ඔය ජජ් පැනල් මොනවද බස්සි.. මෙන්න නියම බඩු.. බස්සි කරා වගේ හින්ට්ස් දෙනව නං අපිට පුලුවන් හොද පොත් තෝරාගන්න.. සම්මාන වලට නිර්දේශිත ඒවාට මගේ ඇහැ යනවා අඩුයි. ජය වේවා..

    ප.ලි. බිසිනිස් නෙහ්.. (හැක් හැක්.. ඕකම තව කෙනෙකුට කියල මාත් එක්ක ඩෝං ගියා. එක නිසා උඹට එහෙම දේවල් කරන්න අදාළ නෑ.. )

    ReplyDelete
    Replies
    1. තැන්කිව් දේශා! මටත් 'සම්මාන ලාභී' කිව්වම පොත ගම්දෝ-නොගම්දෝ කියල හිතිලා තියෙනවා. කොහොමත් අතට අරන් ටිකක් කියවලා බලලාමයි පොතක් ගත්තොත් ගන්නේ.

      බිසීනොස් තමයි. කුඩු නෙමෙයිනෙ, පොත් නේ. :)

      Delete
  2. ඉතා කෙටි කලබල සිහින පොත මට නම් ඉතා දිගු නිස්කලංක සිහිනයක් ම වුණා! මේ 2016 දෙසැම්බර 16 දිනට පෙර කියවා බලන්නට සිතා ගත්තා!

    හැබැයි ඒ බොහොමයක් කවි මං කලින් කියවා තියෙන ඒවා,

    මේ පොත ගැන ඔත්තුවට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. කලින් නොකියවූ කවි කිහිපයකුත් ඇති.
      නිස්කාංසුවේ කියවා බලා හොඳනරක කියන්නකො.

      Delete
  3. බුකියේ කෙලින්ම ප්‍රභාත් ජයසිංහලා විසි පහක් පමණද, අහවල් ප්‍රභාත් ජයසිංහලා සහ ප්‍රභාත් අහවල් ජයසිංහලා ද සමග සිය දෙනෙකු පමණ ද සිටිති.

    ReplyDelete
    Replies
    1. කොළඹ විශ්ව විද්‍යාලයේ අාර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ. ඒ ඔහුය.

      Delete
  4. සම පොත් කුටිය?

    https://en.wikipedia.org/wiki/Anthropodermic_bibliopegy?

    ReplyDelete
    Replies
    1. Btw, "දූල්වල අලංකාරය" හොඳයි වගේ.

      වැලිවිටියේ සොරත හිමි හා ඇල්ල ගාව සිරිසේන ඇස්වත්ත ලියල තියන පාසැල් කාලය (අවු 100කට පමණ ඉහත ) හා කැලෑගම් (අවු 60ක් පමණ ) ගැන පොඩි පොත් දෙකක් තියනවා - සූරිය මං හිතන්නෙ

      Delete
    2. මොන දේකටද මන්දා මට දුල්වල අලංකාරේ ගන්න හිතුනෙම නැහැ.

      කියවන්නත් ඕනෙ. බුක්ෆෙයාරුත් අහවරයි.

      Delete
  5. මන් ඔයා ලියල තියන අකුරු screen shots ගහල සේව් කරගන්නව අක්කේ..කවියට තවම ළදරුවෙකි මං

    ReplyDelete
  6. මන් ඔයා ලියල තියන අකුරු screen shots ගහල සේව් කරගන්නව අක්කේ..කවියට තවම ළදරුවෙකි මං

    ReplyDelete