“දෙසැම්බර් මාසය පුරා 70% දක්වා වට්ටම්!” කියලා රතුපාට ලොකු අකුරෙන් ලියපු කොලයක් මගෙ අතේ හැප්පිලා නවතිනවා. දිවිල්ලේම කොලය අත්මිටට ගුලි කරන ගමන් මම බෙල්ල පිටිපස්සට කරකවලා බලනවා. දූවිලි තැවරුනු විසාල කළු බූට් සපත්තු දෙකක් ළඟ ඉඳලා ඉහලට දුවන ඇස් දෙක රතුපාට නත්තල් තොප්පියක් ගාවින් නතර වෙනවා. නත්තල් තොප්පියෙන් බාගෙට මුවාවුන රැළි වැටුන පළල් නළලක් ඇස් දෙක අහකට ඇදගන්න තත්පරේදි මට යන්තමට පෙනිල නොපෙනිලා යනව.
ඔෆීසියේ තරප්පු පේළිය දිගට සරුවපිත්තල සැරසිලි ඇලවෙනවා. පඩි දෙකක් උඩ ඉනිමඟක් අඩමානෙට වාරු කරගත්ත නිල් යුනිෆෝම් කමිසයක් සීලිමේ ප්ලාස්ටික් තරු එල්ලනවා. ෆ්ලොරොසන්ට් එළි මැද්දෑවෙ රිදී පාට හිම පියලි හැඩේ සැරසිලි නිනව් නැතුව රවුමට රවුමට කැරකෙනව. හිම පියලි මැද්දෙ අල්පෙනෙත්තකින් අමුණාපු පුංචි නත්තල් තොප්පිය වමට - දකුණට - ඉස්සරහට - පිටිපස්සට පැද්දෙනව.
නත්තල් නිවාඩුවට ගෙදර ගෙනියන්න නියමිත බඩු ලැයිස්තුව මතක්වෙද්දි සුක්කානම කඩවීදියකට හැරවෙනවා. කහදුඹුරු පාට යුනිෆෝම් ඇඳගත්ත සිකියුරිටිගාඩ් මහත්තුරු දෙන්නෙක්, නත්තල් තොප්පි දාගෙන එහෙ මෙහෙ දුවමින් පර්චස් එකක කොටුවක් ඇතුලෙ පෙට්ටි වාහන සීරුවට අඩුක් කරනවා. පාර්කින් ටිකට්ටුව ලියන සිකියුරිටි මහත්තයාගෙ නත්තල් තොප්පියේ රැළි වාටිය තෙතට, බරට, තදට නළල දිගේ ඇලිලා තියෙනවා මට පේනව. දකුණු කන ගාවින් පහලට දාඩිය බිංදුවක් රූටාගෙන පල්ලම් බහිනව.
සීනි, පරිප්පු, කිරිපිටි, විස්කෝතු එක්ක ට්‍රොලිය තල්ලු කරගෙන මම ජපමාලෙ තරම් දිග බිල් පෝලිමේ කෙලවරට එකතු වෙනවා. හෝරාවකුත් පහු වුනාට පස්සේ බිල් කඩන ගෑණුළමයගෙ නුරුස්නා මුහුණ පේන්න ගන්නවා. රතු යුනිෆෝම් ගවුමක් ඇඳගෙන, පරිඝනක තිරයට ඔරවමින් ඈ බිල ලියනවා. බිල කඩලා කස්ටමර් දිහාවට හැරෙන ඇසිල්ලට ඇගේ දෙතොල් මෑත්වෙලා හිනාවක් ඇඳෙනවා. හීන් හඬින් "තෑන්ක් යූ සර්" කියනවත් ඇහෙනවා. ආයෙමත් තොල් තදින් පියාගෙන ඔරලෝසුව බලන ඇගේ නළල මැද, හරස් අතට ඉරි දෙකක් ඇඳෙනවා.
"අන්තිම කෝච්චියත් මිස් වෙනවා බං." යාබද කවුන්ටරයේ උන්නු ගෑණු ළමයා මුමුණන හඬ ඇහුන නෑහුන ගානට මම ට්‍රොලිය කවුන්ටරය මතට හිස් කරනවා. නත්තල් තොප්පිය යටින් වෙහෙසයි, නොරිස්සුමයි ඉඳිකටු වගේ හතර අතේ විසිරෙනකොට, ජපමාලෙට වඩා බිල් පෝලිම දිග බව කියමින් මගෙ හිත ඇතුලෙ අකුණක් කොටනවා.
නුවර පාර දිගේ ඉස්සරහට ගලාගෙන යන්න බැරිව හිටි තැනම නතරවුන වාහන ගංගාව මැද්දෑවෙ අතරමංවෙච්ච නෝක්කාඩු ඇස් දෙක පදික වේදිකාව කෙලවරෙන් මතුවුන විසාල කහ මාර ගහ දිගේ ඉහල නගිනවා. නත්තල් තොප්පිය මුදුනෙ ගැටගහපු නූලකින් කහ මාර අතුවල එල්ලිච්ච හුලං පුරවාපු නත්තල් සීයලා දෙසැම්බර් හුළඟේ තාලෙට ඒ මේ අත පැද්දෙනවා. නත්තල් තොප්පියක් දාගත්තු වෙලෙන්දා ලෑලි තට්ටුවට වාරුවෙලා මාරු කාසි ගනිනවා.
"ගවහලේ... පිදුරු මිටිය මට වෙන්නට තිබුනානම්..." රූකාන්ත රේඩියෝ එක ඇතුලෙන් අත දාල කනට තට්ටු කරනවා. මම ගැස්සිලා බ්‍රේක් ගහනවා.
“දෙසැම්බර් මාසය පුරා 70% දක්වා වට්ටම්!” කියලා රතුපාට ලොකු අකුරෙන් ලියපු කොලයක් බාගෙට ඇරුන වීදුරු කවුළුවෙන් ඇතුලට වැටෙනවා.
ඔය සුපර් මාර්කට් වල ළමයින්ට ට්‍රාන්ස්පෝට් දෙනවා නේද...?
ReplyDeleteප්‍රධාන සුපර් මාකට් චේන්වලනම් එහෙම දෙනවා ඇති. :)
Deleteනත්තල වෙළදාමක් බවට පත්වෙච්චි නිසා ඔය ඔක්කෝම සෙල්ලම් දාන්නේ අපේ බෝනස් එකට විදින්න නේ.
ReplyDeleteඅන්නේකයි!
Deleteනත්තල, වානිජකරණය,වෙළඳාම, ජීවිතය. නියමයි. ආයෙ ලියන්න ගත්ත එකත් නියමයි.
ReplyDeleteතැන්කූ බස්සා!!
Delete++++++
ReplyDeleteThankuuu
Deleteනත්තල වගේම වේගයෙන් ඉවර වෙලා ගිය ලිපියක්.හැමෝම තරගෙට දුවනවා.නත්තල්,වෙසක් කියලා වෙනසක් නැතුවම.
ReplyDeleteලියන්න වෙලාවක් නැත්තෙත් ඒ දිවිල්ල නිසානෙ මනෝ
Deleteඅවුරුද්දක් ඉවර කරගන්න කරන සුකුරුත්තං!
ReplyDeleteනත්තල් ලාබයි!
කියලා වැඩක් නෑ නාඩියෝ. නත්තල් සේල්.
Deleteරටට ඔරොත්තු නොදෙන ජනගහණයක් ඉන්න විට හැම දෙයටම ඒක බලපානවා
ReplyDeleteහොයාගෙන හොයාගෙන ගියොත් ඒකත් එක කොණක් තමයි.
Deleteඑක අතකින් ආදරේ හිතෙන කරදරයක්....
ReplyDeleteඑක අතක ආදරය, අනිත් අතේ කරදරය. අන්තිමට අත් දෙකම හිස්.
පොකට් එකත් හිස්
Deleteහහ්.... අර සීයට හැත්තෑවෙ හොම්බට ඇණිල්ල හරියටම පන්ච් වෙලා තියනවා.
ReplyDeleteමං අර ගවලෙනෙ වහු පැටියෙක් වෙන්න හිතනවා... පිදුරු මිටිය කන්න.
සුබ නත්තලක් වේවා...!
පිදුරුනම් මෙහේ ඕනෑතරම් අංකල්. :) :D
Deleteසුභම සුභ නත්තලක් වේවා!
අන්තිම කෝච්චියත් මිස් වෙනවා බං...
ReplyDeleteඅද කාලේ තාරුණ්‍යයේ ශෝකාලාපය.. නේද.. අපිට නම් ඉතිං නත්තල් නැත.
"එදා නත්තල දිලින්දාටය! අද නත්තල වෙලෙන්දාටය! මේ නත්තල...........!"
ReplyDeleteහිතට වදින ලියවිල්ලක් බස්සි....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමන් ඔයාව හමු උනා අක්කෙ BMICH එකේදි ගිය සැරේ..ඔයාට මතක නම් නැතුව ඇති..ඒත් ඒකනම් මට ලොකූ සතුටක්..ඔයා ලියන ඒව කියවන්නෙ ආසවෙන්..ලස්සනට ලියන්න තවත්..
ReplyDelete