Wednesday, May 6, 2015

නරකම ඉරණම







අදවත් නැද්ද ඉස්පාසුවක්
නැවතිලා දොඩමළු වෙන්න වදනක් දෙකක්
මැදිරි කවුලුව අසල - ආසනේ කෙලවරක
මටත් දෙන්නට බැරිද ඉඩ ටිකක්?


ගී කියනවා තමයි අට අටහමාර ගැන
නිදහසේ කරකවා සිහින් අත්
හිතනවද මහත් ප්‍රීතියෙන් යැයි මම මෙතැන
ඔබ දුවනකොට ඔහොම කලබලෙන්
"ඩක ඩකස්" හඬ දිදී දුම් පිඹ
ඇස් කොනින් බැල්මකුදු නොම දෙමින්


පොඩි කුරුල්ලෙක් දෙන්නෙක්
කලාතුරකින්‍ ය ලැගුම් ගන්නෙත්
ටියුෂන් ය, රිවිෂන් ය කියකිය
හදිස්සියකින් ය පියඹා යන්නෙත්
පියානෝ එක්සෑමයේ ගී
විතරමයි කටපාඩමින් මුමුණන්නෙත්


සාරි, කම්බා, ගවොම්, කලිසම්
යන්නෙම දුවන ගමනින්
එන්නෙ ඊටත් වේගෙන්
කරකවා දෙඅත් මම දිගටෝම වැයුවත්
ඉහල නොබලයි වැරදිලාවත්
මැණික් කටුවම බලයි විමසුම් බැල්මෙන්


නරක ඉරණම් කොයිතරමකට තිබුනත්
එයින් මුල්තැන ගන්නෙ කවදත්
නගරෙ හරි මැද - අමතකව ගිය
පණ ගැහෙන ඔරලෝසු කණුවක්!





කවියේ තේරුමක් හිතන්න උත්සාහ කරනවානම්, ඒ ගැන හිතෙන දේ කුරුටුගා යනවානම් මම ගොඩාක් සතුටුයි. කොහොමත්ම තේරුමක් හිතාගන්න බැරි උනොත් අද හවසට තේරුම ලියා යන්නම්කො. මොකද අඤ්ඤකොරොස් කවි ලිවීම ගැන චෝදනා බහුලයි මට.


ප.ලි.

තේරුම මැජික් තීන්තෙන් ලියා ඇත. සිලෙක්ට් කර කියවන්න.




ඔරලෝසු කණුව, මේ ඔරලෝසු කණුව තියෙන්නේ කළබල නගරයක් මැදින් වැටුන රේල්පාරක් පේන මානයේ. එයාට පේනවා ඉස්පාසුවක් නැතිව එහෙමෙහෙ දුවන සීග්‍රගාමී දුම්රිය.


//අදවත් නැද්ද ඉස්පාසුවක්
නැවතිලා දොඩමළු වෙන්න වදනක් දෙකක්
මැදිරි කවුලුව අසල - ආසනේ කෙලවරක
මටත් දෙන්නට බැරිද ඉඩ ටිකක්?//


ඔරලෝසු කණුවටත් ආසයි දුම්රියත් එක්ක වචනයක් දෙකක් නැවතිල්ලේ කතා කරන්න. නැවතිල්ලේ... ඒත් ඔරලෝසු කණුවම තමයි දුම්රියට නොනවත්වා දුවන්න ඕනෙ බව මතක් කරමින් වෙලාව කියකියා කෑ ගහන්නෙත්.


//ගී කියනවා තමයි අට අටහමාර ගැන
නිදහසේ කරකවා සිහින් අත්
හිතනවද මහත් ප්‍රීතියෙන් යැයි මම මෙතැන
ඔබ දුවනකොට ඔහොම කලබලෙන්
"ඩක ඩකස්" හඬ දිදී දුම් පිඹ
ඇස් කොනින් බැල්මකුදු නොම දෙමින්//


හිතන්නකෝ මේ ඔරලෝසු කණුව අර හැඩ දුම්රියට ආදරෙයි කියලා.


හැමෝම රේස් එකක් දුවනවා. වෙන එකක් තියා පුංචිම කුරුල්ලෝ පවා. උන්ට නිදහසේ සින්දුවක් කියන්නවත් වෙලාවක් නෑ. ගොඩක් උන්ට සිංදු මතකත් නෑ. සිංදු ඉගැන්නුවත් ඒ ඉගෙනගන්නෙත් තවත් තරඟයක් වෙනුවෙන්.


//පියානෝ එක්සෑමයේ ගී
විතරමයි කටපාඩමින් මුමුණන්නෙත්//


ඇත්තටම දැන් ඔරලෝසු කණුව අමතක වෙලා ගිහින්. යල්පැන ගිහින් කීවොත් තමයි වඩාත් නිවැරදි. තමන්ගේ කාලෙ ඉවරවුනායැයි දැනෙනකොට ගොඩක් ඔරලෝසු කණුවල වෙලාව නතර වෙනවා. මිය යනවා. ඒත් මේ ඔරලෝසු කණුව තවමත් හුස්ම ගන්නවා, වෙලාව කියනවා හැමෝටම අමතක වෙලා ගියත්.


ඔරලෝසු කණුව කියන්නේ තරුණ කාලෙදි තමන්ගේ බාල පරම්පරාව අති ධාවනකාරී ජීවන රටාවකට හුරු කරවලා අන්තිමේදි ඔවුන් ඒ වේගයෙන්ම තමන්ව පහු කරගෙන යන හැටි බලාගෙන ඉන්න, මැදි වයසේ අවසාන භාගය ගත කරන මනුස්සයෙක් වගේ.


අපිට ඔරලෝසු කණුවට නැගලා අපේ ජීවිතේ දිහා ඉහල ඉඳන් නැවතිල්ලේ එක මොහොතක් බලන්න පුලුවන්නම්. "නරකම ඉරණම" කියන මාතෘකාව හොඳින්ම තේරුම් ගන්න පුලුවන් වේවි.


ඔන්න විස්තරේත් දුන්නා. උපන්දිනේ වෙනුවෙන් කියල හිතාගන්ටකෝ...




86 comments:

  1. උපන්දිනේට කවි දාන මෝඩ බස්සි.. හැක්

    ReplyDelete
    Replies
    1. විශ් කොරානම් ඒත් කමක් නෑ. මෝඩ දේශා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. ප්‍රේමදාස මහත්තයගේ ඔරලෝස කනුවක් තමයි මට නම් හිතට ආවේ. එහෙම බැලුවාම නම් සහතික ඇත්ත. එහෙම හිතිවිල්ලක් එන එක මොන තරම් සුන්දරද...?

    ReplyDelete
    Replies
    1. හිහී! ඔරලෝසු කණු හැදුවේ ප්‍රේමදාස මහත්තයා නේන්නම්! :D

      Delete
    2. මට මතක වුණේ ආණමඩුවේ තියෙන ඔරලෝසු කණුව ගම්උදාවට හදපු.. පව් නේද බස්සි දැන් ඒවාට නම් අතපයත් වාරු නෑ..

      කවිය ලියලා ඒකෙ තේරුම් ලියන්න අවශ්‍ය නෑ මං හිතන විදියට ,මොකද අර පාලි ගාථා වල සිංහල තේරුම අපි පොඩි කාලේ පොත් වල කියෙවුවට මේවා සංස්කෘත නෙමේ නේ බන් අමු සිංහල මොනාට තේරුම් කරන්නද? තේරුම් ගන්න බැරි අය නැවත නැවත කියවාවී..

      ඔයාගේ හැම පෝස්ට් එකකම වගේ මං දකින ඔයාගේ වරදක් ඔයාගේ නිර්මානේ ගැන ඔයා සෑහීමක් නෑ ඒක මට නම් දුකක්,, එක කමෙන්ට් එකකින් මේක මෙහෙම උනානම් හොඳයි කීවම ,, ඔව් නේද කියන්න අවශ්‍ය නෑ,, මේ ලෝකේ අපි හිතන විදියට හැම දේම සිද්ද වෙන්නේ නෑ.. ( පෙර මුහුණු කතාවේ කමෙන්ට් කියවා සහ ඊට පෙර ලිපි සියල්ලට හොඳේ )

      Delete
    3. ඒ වුනාට මචං කවි කියෝලා තේරුම් ගන්න බෑ කියලා කමෙන්ට් වැටෙන එක බ්ලොග් ලෝකයේ බහුලයි. එකම කවිය බ්ලොග් එකෙයි, මුහුණු පොතෙයි දාල බලන්න ලැබෙන ප්‍රතිචාරවල වෙනස. ඒ වෙනසට හේතුව හිතා ගන්න අමාරු වුනත්, බ්ලොග් අවකාශයේ කවි වලට ලැබෙන්නෙ බොහොම අඩු තක්සේරුවක්.

      ඉතින් මම හිතුවා, ඒකට හේතුව වෙන්න ඇත්තෙ ඇත්තටම කමෙන්ට් වැඩිහරියක කියනවා වගේ මම ලියන ඒවා බහුතරයකට අඤ්ඤකොරොස් වීම කියලා. මොකද එෆ් බී එකේ ඉන්නෙ තෝරාගත් සුලු පිරිසක්. බ්ලොග් අවකාශය වෙනස්, කියවන අය වැඩියි. ඉතින් මම හිතන්නෙ බහුතර අදහස නියෝජනය වෙන්නේ මෙතැනදියි.

      ඒ නිසා ඇත්තෙන්ම නොතේරෙන අය වෙනුවෙන්මයි තේරුම ලියන්න හිතුවේ. උපන්දිනේ දවසෙ පෝස්ට් එකක් දැම්මාමත් තේරුනේ නෑ හෝ පිස්සු වගේ කියන අදහස් පහළොවක් විතර එක පෙලට දකින්න ලැබීම පොඩ්ඩක් අවුල් නෙව.

      හිනා යනවත් ඇති ඇත්තටම තේරුම් ගන්න අයටනම්. අනික ගොඩක් අයට මෝඩ පාටට පේනවත් ඇති. ඒක අවුලක් නෑ. මම ඇත්තටම කැමතියි "කවි කියවන" පිරිස වැඩි වෙනවනම්.

      Delete
    4. //ඔයාගේ හැම පෝස්ට් එකකම වගේ මං දකින ඔයාගේ වරදක් ඔයාගේ නිර්මානේ ගැන ඔයා සෑහීමක් නෑ ඒක මට නම් දුකක්//

      මම බ්ලොග් ලියන්න අරන් තවම අවුරුදු දෙකක් ලැබුවෙත් නෑනෙ මචෝ. ඉතින් මගේ කිසිම නිර්මාණයකින් මම සෑහීමට පත්වෙන්නේ නැහැ. ඒ වගේම ඒක කියන්න මම මැලි වෙන්නෙත් නෑ. ඒක මට සතුටක්. :)

      //එක කමෙන්ට් එකකින් මේක මෙහෙම උනානම් හොඳයි කීවම ,, ඔව් නේද කියන්න අවශ්‍ය නෑ//
      ඔව් නේද? හිහිහී!
      පාඨකයා අදහසක් ඉදිරිපත් කරන්නේ අවංකව නම් ඒ ගැන හිතා බලන්න මම විනාඩියක් දෙකක් වැය කරන බව ඔවුන්ට දැන්වීම හොඳයි කියලයි මම හිතන්නෙ. "ඔව් නේද" කියලා රිප්ලයි එක වැටුනම ඔවුන් කීව දේට මම බරක් තිබ්බ බව ඔවුන්ට දැනෙනව කියල මම හිතනවා.

      අනික තමයි අර හැම එකේම වැරදි හොයන අය සහ චාටර් ලියවිලිවලට හොඳ කියලා හොඳ ලිපියකට අඩුපාඩු කියන අය. එයාලගේ හිතසුව පිණිසත් මම "පව් නේද?" නොකියා "ඔව් නේද?" කියනවා.

      // මේ ලෝකේ අපි හිතන විදියට හැම දේම සිද්ද වෙන්නේ නෑ.//

      පිස්සුද බං! හැමදේම නෙමෙයි. බොහෝ වෙලාවට කිසිම දෙයක් සිද්දවෙන්නේ නෑ. ඒකමනේ ජීවිතේ තියෙන ත්‍රිල් එක.

      Delete
    5. හප්පේ කලාතුරකින් කමෙන්ට් එකකට දිග රිප්ලයි එකක් කෙටුවා. මට ගොඩාක් දැනුනා ඔයාගෙ කමෙන්ට් එක. තැන්කූ ඔමා. ඒකෙන් පෙනුනා ඔයා මම ලියන දේ ගැන කොයිතරම් කෙයා කරනවද කියලා. මම කමෙන්ට් වලට රිප්ලයි කරන පැටර්න් එක හඳුනාගන්න තරමටම. ඒක මට ගොඩාක් වටිනව හොඳේ! :*

      Delete
    6. කෝච්චියට වගේම ඉස්පාසුවක් නැති මට මේ පැහැදිලි කිරීම හොදයි. නැත්තම් කමෙන්ට් නොදා ඉන්න වෙනව, එහෙම නැත්නම් මාසෙකට එකපාරක් විතරකමෙන්ට් එකක් දාන්ඩ පුලුවන්.

      Delete
    7. අපේ රවී අයියගේ රිප්ලයි කමෙන්ට් ස්ටයිල් එක හි හි,,

      හරි හරි . බ්ලොග් ලියන හැමෝටම මං එහෙමයි බස්සියෝ, අපි ඉතින් හොඳ ලාලුවොනේ

      ඇක්චුවලි බස්සා කියන්නේ මං ආසම නැති කුරුල්ලා, උගේ මුණේ හිනාවක් නෑනේ කිසිම වෙලාවක රෑ තිස්සේ ඇහැරගෙන මොනා කරනවද ? අනිත් කුරුල්ලෝ නිදාගත්තම උන්ගේ කූඩු වලට පැනලා හොරකම් කරනවද මුන් කියලත් හිතුවා පොඩි කාලේ,, ඒත් දැන් දන්නවා ටක්කෙටම බස්සෝ කරන්නේ මොනාද කියලා :D

      Delete
    8. උඹේ ලිපි සමහරක් මට තේරෙන්නේ නෑ.එහෙම උනහම මම ආපහු ආපහු ඒවා කියවනවා.සමහරක් ඒවා ගැන මම ඇහුවෙත් එදාමයි.එතකොට ඒවා ගැන තව හොය හොයා කියවනවා.(අර හයිකු,ගෑණු ඉව වගේ ඒවා).කවිය ලියලා ඒකේ තේරුමත් දාන එක ගැනනම් තියෙන්නේ පැටලිච්ච අදහසක්.දැනුත් කියවල තේරුනේ නැති නිසා කමෙන්ට් නොකියවා 6 පාරක් කියවලා අදහසක් ගත්තා.ඒක කොටන්න එනකොට යටින් තේරුම දාලා.මම තේරුම්ගත්ත එකයි උඹ දාලා තියන එකයි එච්චර වෙනසක් නොවුන නිසා අවුලක් වුනේ නෑ.ඒත් අපි ඉස්කෝලේ යන කාලේ සාහිත්‍ය පාඩමට විචාර ලියන්න උගන්නන කොට උඹ හිතනවද අපේ ගුරුවරු බර බර වචන දදා අපිට කියල දුන්න විචාර ඇතුලේ ඇත්තටම රචකයාගේ සිතුම් පැතුම් ගැබ්වෙලා තිබ්බා කියලා?උන් ලියන කොට හීනෙන්වත් හිතන්නේ නැතුව ලියපුවා ඔය විචාරකයෝ කියනවා ඇති බං.ලියපු ඈයොත් මම හිතුවට වඩා මේක පට්ට අදහසක්නේ කියලා කටවහගන ඉන්නවත් ඇති.ඒ වගේ මොකක් හරි ලියලා උඹත් කට වහගන හිටු.

      Delete
    9. ක‍ටුසු, මගේ අදහසත් ඕකමයි. ඕක කියලා මම විවේචනය වෙලත් තියෙනවා ඉංග්‍රීසි සාහිත්‍ය ලෝලීන් අතින්. මම ඉංග්‍රීසි සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර ඇගයීම් කලා ලංකාවේ ඉන්න කාලේ විභාග දෙපාර්තමේන්තුව වෙනුවෙන්. නමුත් මමත් හිතුවෙත් අපි මහා ලොකු අර්තදැක්වීම් දුන්නට සමහරවිට නිර්මාණ හිමිකරු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති අපි දෙන සමහර පොර ටෝක් ගැන නම්.

      Delete
    10. මට පේන්නෙ කැමැත්ත අකමැත්ත විමසලා ඡන්දයක් තියන්න වෙයි වගේ නේද කම්මල්?

      Delete
    11. කසුට්ටෝ/ ඩූඩ්,

      හික්ස්! ඔව් ඒකත් හැබෑව! මට මතකයි දවසක් අපේ ඉංගිරිස් ටීචර් අර ඒ ලෙවල් පොතේ තිවුන "ඩෝන්ට් ක්‍රයි ජොනී" ද මොකද්ද මන්දා සින්දුවේ ඉන්න කෙල්ල හෙන දුෂ්ඨ චපල කෙල්ලෙක් කියකියා සින්දුවේ සම්පූර්ණ අනිත් පැත්ත කියවනවා. අන්තිමට අපි ඕකට තර්කයක් දාන්න ගිහින් දණගහන්නත් උනා.

      හැබැයි මටනම් ඉංගිරිස් සාහිත්‍යට හම්බුන සර් මාරයි. එයා විචාරකයෝ කියපුවත් කියලා,ඔය ඩූඩ් කියන කතාවම කියනවා (තමුසෙලාට මම මෙහෙම කියල දුන්නට කවුද දන්නෙ ඕයි අපි මේ ඉගෙනගන්න ඒවා ඕක ලියපු එකාගෙ තුන්හිතකවත් තිබුනද කියලා බ්ලා බ්ලා බ්ලාහ්!)

      Delete
    12. බඩ්ඩක් අහන්නං. මම කටවහගෙන හිටියනම් ඔයාලට "හප්පේ මේක පට්ට ගැඹුරු කවියක්නේ!" කියල හිතෙයිද?

      තේරුම කිවුවම "හැපෝ මේකද මේකි මේ පටලවලා අමාරුවෙන් ලියල තියෙන්නෙ" කියලා එහෙම හිතුනද?

      Delete
    13. මොන චන්දද බස්සියේ ඕකුන් තුන් දෙනාම දවසෙ වැඩිහරියක් නිකම් ඉන්න උන්. ඒ වගේද අපි. ඔන්න ඔයාගෙ නිශේද බලය යොදල තේරුමත් එක්කම දාන්න.

      Delete
    14. චන්දවගේද පින.
      පොහොසතුන්ට නෙමෙයි දෙන්න ඕන දුප්පතුන්ට.
      නොතේරීමේ ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙමින් කාව්යමය රසඥතා මන්දපෝෂනයේ සිටින්නන්න්ට
      ( ලිවීම පොඩ්ඩක් අවුල් වගේ නේද, මට කවි විතරක් නෙමෙයි වගේ බැරි )

      Delete
    15. හැබැයි එකක් තියනව
      මේව තේරිලා සම්බාව්ය විචාර ලියනව වගේද මෙලෝ හසරක් නොතේරී නිකම්ම වාචාලකමට අපි ලියන මලඉලව්වල ආතල් එක.
      ඒකනිසා පිස්සන්කොටුව හොඳට ෆෝම් වුනාට පස්සෙ තේරුම පහුවෙලා දාන එකෙත් ගතියක් තියනව

      Delete
  3. තනිවුණ පරණ ඔරලෝසු කනුවක් ගැන මෙහෙම හිතෙන එකත් කොයි තරම් හොඳද? අනිත තමන්ගේ උපන්දිනේ දවසෙ අනුන් ගැන මෙහෙව් කවියක් ලියවෙන එකත් අගේ ඇති වැඩක්නෙ..

    සංවේදී හිතකට විතරයි සමාජයෙන්, ජීවිතෙන් මග හැරුණු මේ වගේ කාරණා අහුවෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි තරුරසී අක්කේ!!

      උපන්දිනේට ටිකක් කලින් තමා ලිවුවෙ.

      Delete
  4. හැමෝම කලබලේ ඉස්පාසුවක් නැතිව දුවනවා.. ඒ දිහා බලාගෙන ඉන්න ජන ගඟ මැද තනි උන ඔරලෝසු කණුවක් ගැන තමයි මට නම් මැවුනේ...හරිම සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කූ වේවා පුංචි අම්මේ!! හිහී!!

      Delete
  5. අපිට අනූවනම් කවිය තේරුමක් නැත්තේ නැහැ...... ලොකු කතාවක් හැංගිලා තියෙනවා තම්...... ඔරලෝසු කණුවක් කතා කරයි.... ඒක තමා අපේ මාතෘකාව ..... හොදද????

    ReplyDelete
    Replies
    1. එහෙම කිවුවම ඉතින් උඩුපෙල අරුත විතරයි නේද කියවෙන්නේ?

      Delete
  6. ම්ම්....ඔරලෝසු කනුවක්....
    හැ‍ෆි බර්ත් ඩේ බසූ අක්කා....

    ReplyDelete
    Replies
    1. ඔරලෝසු කණුවක් නේන්නම්!
      තැන්කූ මලයා!!

      Delete
  7. අත් ඔරලෝසුවලට ඊරිසියා කරන ඔරලෝසු කණුවක්?

    HBD !!

    ReplyDelete
    Replies
    1. සෑහෙන හරියට කියලා. ව්‍යංගාර්ථයෙන් කියල වගේද මන්දා!
      තැන්කූ ප්‍රා!!

      Delete
  8. කලබල නගරයක් මැද හුදෙකලා උන ඔරලෝසු කණුවක් කියල තමයි හිතෙන්නේ.

    // මැදිරි කවුලුව අසල - ආසනේ කෙලවරක
    //මටත් දෙන්නට බැරිද ඉඩ ටිකක්?
    ඒත් ඒකට මේ පද දෙක ගලපන්නේ කොහොමද කියල නම් මට තේරෙන්නේ නැ.

    //අද හවසට තේරුම ලියා යන්නම්කො.
    මග බලාගෙන ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. තේරුම දැම්මා රොමා. බලන්නකෝ...

      Delete
    2. තැන්කූ වේවා....!

      Delete
  9. හැමෝම රේස් එකක... තනිව හිතන, තනිව වැජඹෙන්න තනන ඉස්පාසුවක් නැති සතෙක්

    ReplyDelete
    Replies
    1. ඉලක්කෙට දුන්න කෙටි පිළිතුරක්! ලකුණු සීයෙන් අනූ හතයි ඈ!

      Delete
  10. සුබ උපන්දිනයක් ,,, අද කූඩුවේ පාටි නෑ කියලා දන්නවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ඔමා!
      හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්

      Delete
  11. සුභ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  12. පරණ සිංහල චිත්‍රපටයක තියෙනවා කොල්ලෙක් කෙල්ලෙක්ට කිට්ටු වෙලා ලයින් පාර පටංගන්න වෙලාව අහනවා. කෙල්ල පෙන්නනවා ඔරලෝසු කණුව. ඔය ඔරලෝසු කණු ගොඩක් ඒවා දුවන්නෙ නැති නිසා දැන් ඒවා යොදාගන්නෙ පාරක් කියන්න වගේ දේවලට.
    ඔරලෝසු කණුව විතරක් නෙමෙයි, පරණ වෙලා වෙනස් නොවී තියෙන දේවල් කීපයක්ම තියෙනවා නගරවල. සිනමාශාලා, පාලම්, පොලීසිය, වතුර ටැංකි වගේ ඒවා. රේල් පාරවල් වල තියෙන ගොඩක් එව්වා හෙන පරණයි.

    සුභ උපන් දිනයක් වේවා! ආයු රක්ඛංතු ආවඩා! ආයි බෝවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධුවෝ!!

      ඒ අතින් බලනකොටනම් ඔරලෝසු කණුවල වෙලාව නැවතිලා තියෙන එකේ පාඩුවත් ගෑණු ළමයින්ටමයි නේද?

      Delete
  13. කේක් කවියට ඉස්කෝතුයි.. අපරාදේ වචනෙන් වචනේ තේරුම ලියුවේ.. යකෝ එහෙකුට දෙන්නෙකුට කවි තේරෙන්නේ නෑයි කියල ඉආසර ඉඳන් මෙහෙම ලියන්න ගියානම් ලෝකේ කවියෝ නැත්තටම නැති වෙලා මෙලහකටත්.. හැක්.
    උපං දිනේට සුභ පතුම්. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අනේ උඹ සීනි කිරන්නැතුව හිටුකො. තේරුම තේරෙන් නැතිව දුක් විඳින් සුළුතරය වෙනුවෙන් මම පෙනී සිටිමි

      Delete
    2. කලා... මම හිතුවා උඹ ඔහොම කියයි කියලා.
      විශ් එකට තැන්කිව් ඈ!

      Delete
    3. කිචී.... අන්න හරි! අයිතිවාසිකම් වෙනුවෙන් නැගීසිටින්න!!

      Delete
  14. තේරුම දැමීම ගැන බලවත් විරෝධය......

    ආසයි මම මේ අදහසට. මිට කලින් දවසක මම මේ ගැනම ලිව්වා. ( බ්ලොග් එකේ? අපෝ නැහැ...) මේ තරම් ලියුනේ නැහැ..

    තේරුම දාන්න එපා පිස්සි. එතකොට අපිත් මොට්ට වෙනවා.

    උපන්දිනේද ඈ ? එහෙනම් විශ් කරන්න වෙන්නේ ඉතින් අම්මට තමයි. අම්මට දෙය්යෝ සිහිවෙච්ච දවසක් වෙච්චි! හික්... ආ ආ... සුබ උපන්දිනයක් ඈ

    ReplyDelete
    Replies
    1. විශ් එකට තැන්කිව් උපයෝ!

      මම දන්නවා කලින්ම ඔයා කවි තේරුම් කිරීමට එරෙහි ටීම් එකේ සාමාජිකාවක් බව. ඔන්න තේරුම කැමති අයට විතරක් බලන්න මැජික් තීන්තෙන් දැම්මා. දැන් ඔයාට පේන්නෙ නෑ. එහෙම හොඳයි නේ?

      Delete
  15. ඇත්තටම දැන් ඔරලෝසු කණු තියෙන්නේ බැනර් එල්ලන්න විතරද මන්දා?

    බස්සි කවි ලියලා ඔළුව කොලොප්පන් කරනව අෆ්ෆා මේ ඔෆීස් ඉන්න වෙලාවේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ ගලයෝ ඔපිස් කොම්පීතරෙන් බ්ලොග් කියවන්න එපාය කියන්නේ. :D :D

      Delete
  16. තේරුම දැමීම පිලිබද මගේ බලවත් ප්‍රීතිය, අකමැති එවුන්ට තේරුම නොබල ඉන්න පුලුවන්නෙ. කෝච්චි පාරක් පේන මානයේ තියන ඔරලෝසු කණුවක් මැවිල පේන්නෙම නෑ. කුරුණෑගල ඔරලෝසු කණුව බස් දිහා බලන් ඉන්න එක තමයි මතකයට ආවෙ.
    සුභ උපන් දිනයක් බස්සියේ.!!!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා කම්මලේ! ඔන්න රාජ්ගේ නුවණැති යෝජනාවක් ක්‍රියාත්මක කරලා හැමෝගෙම හිත සුව පිණිස මැජික් තීන්තෙන් තේරුම දැම්මා.

      Delete
  17. පෙනුමෙන් නම් කාන් ඔරලෝසු කණුව වගේ...
    ඒ වගේම සුභ උපන් දිනයක් බස්සි අක්කේ....

    ReplyDelete
    Replies
    1. හරි හරි!!
      බොහොම ස්තූතියි පූසෝ...

      Delete
  18. තේරුම දැමීම පිලිබද මගේ බලවත් ප්‍රීතිය x 2
    කාලෙකින් කවියක් තේරුම් ගත්තා ෆට්ට ලස්සනයි ඈ

    ReplyDelete
    Replies
    1. යන්ට යන්ට! අපි දන්නවා ඔයා කවි කාලා ඉන්න ප්‍රොෆෙක් බව.
      තැන්කූ මලයෝ!!

      Delete
  19. ඒකාකාරී කලබල කාරී කලහකාරී ජීවන රටාව මිනිස්සුන්ට තමන්ව අමතක කරවනවා. උදේ පාන්දර සහ හැන්දෑවට මරදාන පිටකොටුව ස්ටේෂන් ළග පන කඩං දුවන මිනිස්සු මේ ඇත්ත පෙන්නනවා. අන්තිම කවියනම් ටිකක් පැටලෙනවා බස්සි. උඹ ගොඩක් වෙලාවට සුපිරියට ලියං ඇවිත් එක පාරටම මංඤං කරල යනවනෙ යකූ

    ReplyDelete
    Replies
    1. මේකනෙ කිචි අයියා... ලියාගෙන ලියාගෙන යද්දි බස්සිට කම්මැලිකම්, බඩගිනිකම් වගේ භූත දෝෂ ඇතිවෙනවා. ඉතින් ටුක් ගාලා ඉවරයක් කරලා නිකා ඉන්නවා. මටත් හිතෙනවා ලියන ඒවා ආයෙ බලලා අඤ්ඤකොරොස් අවසානයන් ටික එඩිට් පාරක් දැම්මනම් හොඳ බව.

      Delete
  20. මේ ඔරලෝසු කනුව ජීවිතයත් එක්ක ගලපපු හැටි නම් පට්ටයි. මට නම් විහිළුවටවත් ඔහොම දෙයක් නම් හිතෙන්නේ නෑ. තේරුම දැමීම පිළිබඳව මගේ සාතිශය ප්‍රීතිය.
    ඒ වගේම උපන්දිනයට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොමා! සුභපැතුමත්, ඇගයුමත් දෙකම වෙනුවෙන්!

      Delete
  21. යශෝ,කවිය ගැන උඹේ පැහැදිළි කිරීම සුපිරි.හැබැයි එක නැතිනම් හොඳයි කියලා මට හිතෙන්නේ.මොකද යශෝ ලියපු කවිය ගැන යශෝම අපිට තේරුම් කරලා දෙනකොට පාඨක අපිට ඒ තුලින් නිදහසේ රස විඳින්න බාධා ඇති වෙනවා කියලා මට හිතෙනවා.ඒ වගේම ඔමාට දීලා තියෙන උත්තරේ ඇත්තකුත් නැත්තේ නැති නිසා කවියේ අදහස තේරුම් කර දීම ගැන මගේ ඒ තරම් විරෝධයක්ද නැහැ.

    දැන් නම් ඉතින් තියෙන ඔරලෝසු කණු වල හතර පැත්තේ තියෙන්නේ වෙලා හතරක් නොවැ.

    ReplyDelete
    Replies
    1. දැන් දාලා තියෙන විදිය හොඳයි නේද මනෝ? තැන්කූ ඈ!!

      හාෆෝ වැඩිහරියක් ඔරලෝසු කණු ඇතුලතින් මියගිහින්.

      Delete
  22. මගෙ ආදර බසු කොටේ - සිපගන්නෙමි හොට ඔබේ
    මේ සුන්දර උපන්දිනේ - අසිරි ගෙනෙමි ජයෙන් ජයේ !!

    ReplyDelete
    Replies
    1. පුදුම රයිම් එකක්නේ කවියේ තියෙන්නේ අම්මප !
      ඔන්න බලාපන් බස්සියේ උඹගේ සුබපතන්නියෝ ....

      Delete
    2. මගෙ ආදර පොඩි දිලා
      තුති මල් පෙති සලසලා
      හොට උල් කර හාදු දිදී
      නටමුද අතිනත වෙලා

      Delete
    3. නැතුව නැතුව උපයෝ,
      බසු කොටේ කියන එකට මං හෙන ආසයි.

      Delete
  23. කවිය ලියල ඒකෙ තේරුමත් දැම්ම එක අපරාදෙ කියල හිතෙනව. බස්සිගේ ලිවීමේ හැකියාව ගැන ආයෙ ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. වෙනද වගේම සුපිරි.
    අපිට ට්‍රීට් නොලැබුණත් බස්සිට සුබම සුභ උපන් දිනයක් වේවා කියල විෂ් කරනවා!!! :D
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කූ මනා.

      දැන් තේරුම දාල තියෙන විදිය ශේප් නේද?

      Delete
  24. ඔයාගෙ බ්ලොග් එකේ දාන පළවෙනි Comment එක වෙන්න ඕනෙ මේක.

    කාර්යබහුල නගරයක අසරණව සිතුවිලි ගොඩ නගන වියපත් ඔරලෝසු කණුවක්...
    එහෙම හරිද මන්දා. ඒ මට හිතෙන හැටි.

    සුභ උපන්දිනයක් වේවා ඔයාට.

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කූ ටිරාන් මල්ලි!

      සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!

      Delete
  25. ඩක ඩකස් කෑල්ලක් තියෙද්දී මට හිතුනා කෝච්චියක් ගෑවිලා ඇති කියලා..

    ReplyDelete
    Replies
    1. හික්ස්! අඟහරුවාට කොහෙන් ගියත් කෝච්චියක් අහුවෙනවමයි නේ?

      Delete
  26. එහෙනං හවස තේරුම් කරල දුන්නම් පස්සෙම මොනව හරි කොටන්නම්, නැත්තම් මගෙනුත් එන්නේ අඤ්ඤකොරොස් අදහසක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔයා මේ කමෙන්ට් එක දානකොට මම තේරුම පබ්ලිශ් කරල තිබුනෙ.

      Delete
  27. සුභ උපන් දිනයක් වේවා !!
    ඩක ඩකස් කෑල්ල කියවෙනකොටම හිතුනා දුම් රියකට පෙම් බැඳි ඔරලෝසු කණුවක කවියක් කියලා.
    මැවිලා පෙනුණේ පිටකොටුව විමලධර්මෙ ඉස්සරහා ඔරලෝසු කණුව​. ||සාරි, කම්බා, ගවොම්, කලිසම්
    යන්නෙම දුවන ගමනින්
    එන්නෙ ඊටත් වේගෙන්
    කරකවා දෙඅත් මම දිගටෝම වැයුවත්
    ඉහල නොබලයි වැරදිලාවත්
    මැණික් කටුවම බලයි විමසුම් බැල්මෙන් || කියන එකත් ඒකටම ගැලපෙනවා මේ පැත්ත ඒ තරමටම බිසි.

    තේරුම දැමීම ගැන මගෙත් විරෝධය​. අඤ්ඤකොරොස් භාවයෙත් පොඩි රසයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමා හොඳ කියවන්නෝ... හී!

      :D

      Delete
  28. ප.ලි.ය පසුබිමේ පාටින් දැම්ම නං හරි. සිලෙක්ට් කරල කියවන්න පුළුවන්. මාත් යටටම කියවගෙන ආපු නිසා හිතන්න අමතක උනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාජ්. ඒක ඉතාම සරල වගේම හරියටම ගැලපෙන විසඳුමක්!

      Delete
  29. බස්සිට සුබ උපන් දිනයක්!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ පොඩ්ඩි අක්කේ!

      Delete
  30. තේරුම නොදා හිටියනම් හරි බං..

    ReplyDelete
    Replies
    1. ඉන්විසිබල් ඉන්ක් වලින් දැම්මොත්?

      Delete
  31. කාටත් අමතක වෙලා ගිය අසරණ ඔරලෝසුව....

    මැජික් තීන්තෙන් ලියපුවාත් කියෙව්වෙමි.

    අති විශිෂ්ඨ යි බස්සි..

    සුබ උපන්දිනයක් වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විභී! ඇගැයීමටයි, සුභපැතුමටයි දෙකටම.

      Delete
  32. හොද වෙලවට තේරැම දැම්මට පස්සෙ ආවේ..
    සුභ උපන් දිනයක් මචං..

    බෝතලයක් දියං

    ReplyDelete
    Replies
    1. තැන්කූ මෙන්ඩෝ!!

      වතුර බෝතලයක්දෑ?

      Delete
  33. ඉතාමත් හරවත්, බ්ලොග් එකේ බොහෝ ලිපි ලියවා රසවින්ඳෙමි. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!!

      Delete