Monday, May 11, 2015

ටාරා (බසු ගීත)




වැඩ අධික දවස්! ඔපීසියෙ වැඩවලින් කරවෙලා තියෙන මොළේ ටිකක් නිවා ගන්න ගොඩවදින බස්සිගේ නවාතැන දිහාවත් බලන්න බැරිතරම් වැඩ ගොඩගැහෙන එක ඇත්තෙන්ම අවාසනාවක්. ඇරත් ෆේස්බුකේවත් කවියක් කුරුටු ගාන්න බැරි තරමට මනස අවිවේකී වෙන එක?


හැබැයි නිකම්ම හිටියේ නැහැ. යාලුවො දෙන්නෙක්ගෙන්ම ඉල්ලීම් ලැබුනා සිංදු වගයක් ලියල දෙන්න කියල. දෙන්නම බ්ලොග් ලියන්නෝ.

 
එක්කෙනෙක් අපේ මනා. මනාගේ පින්තාරුව බ්ලොග් අඩවිය කොහොමත් මියුසික් වලටම වෙන්වුන බ්ලොග් අඩවියක් විදියට ගොඩක් බ්ලොග්කරුවන් අතරේ ප්‍රසිද්ධයි. මනා මේ වෙද්දි මාතලන්ගේ, දිලාගේ, ඔමාගේ, ඉවාන්ගේ සහ අටම්ගේ පද රචනා වලට ගීත නිර්මාණය කරල තියෙනවා. ඒව මනාගේ බ්ලොග් අඩවියෙන් සහ මනාගේ යූ ටියුබ් චැනල් එක හරහා රසවිඳින්න පුලුවන්.


මනාගෙන් කාලෙක ඉඳන් ඉල්ලීමක් තිවුනා සින්දු හතරක් ලියා දෙන්න කියල. ඇත්තටම මම මුලින් හිතාගෙන හිටියේ සින්දු ලියන එක බොහොම ලේසි වැඩක් හැටියටයි. ඒත් කවි වගේ ලේසියෙන් සින්දු ලියන්න බැරි බව පළවෙනි උත්සහයෙන්ම මට තේරුනා.

 
මනා වෙනුවෙන් සින්දු හතරක් මම තවමත් ලියමින් පවතිනවා.

 
අනිත් එක්කෙනා බ්ලොගරෙක් වගේම මගේ හොඳම යාලුවා සහන්. සහන්ගේ සිංදු කාලාකාශය බ්ලොග් අඩවිය හරහා රසවිඳින්න පුලුවනි. එතන තියෙන්නේ ගීත පමණක් නෙමෙයි. විවිධ දිශානතීන්ට යොමු වුන කලා හැකියාවන් ගොන්නක එකතුවක්. ඔහු කාව්‍ය නිර්මාණය, කෙටිකතා, පරිඝණක චිත්‍ර නිර්මාණය, සිතුවම් ඇඳීම විතරක් නොවේ ගායනයට සහ වාදනයටද සමතෙක්.

 
ඒත් අවාසනාවකට ඔහුගේ හැකියාවන් අඳුනාගත්තු අය ගොඩාක් අඩුයි. ඒක ඇත්තටම කනගාටුවට කරුණක්.


සහන් ඉල්ලාපු සින්දුව ලියන්න මට කලින්ටත් වඩා අමාරු වුනේ ඒකට අදාල මෙලඩිය කලින් සකස් කල එකක් වීම නිසයි. ඇත්තටම හින්දි සිංදු වලට සිංහල වචන යොදපු අපේ පැරණි ගීත රචකයන්ව කොයිතරම් අගය කරන්න ඕනෙද! 


ඒ වුනාට එහෙම ලේසියෙන් පරදින්න බෑ නෙව. බස්සි දත්මිටි කාගෙන ලිවුවා සින්දුවක්. අහලාම බලන්නකෝ.





ටාරා
____

සියවස් ගණන් සීත කාලේ
හද ගැඹුරේ හැඟුමන් මිදෙනා අතරේ
අඟනක් ඉඟි පෑව ආලේ
විශ තැවරූ මායාවී අඳුරේ
වේදනා දේ ආදරේ
සුසුම් සිරවේ සැමරුම් මියැදේ අඳුරේ

එන්න ආදර ටාරා
ගිලී සඳවතේ උණුහුමේ
ඉන්න සිහිනෙක මා හා
අතිනත පටලා දෑසේ මායිමේ

එන්න ආදර ටාරා
අලුත් පිටුවක් ලියැවේ දෝ
සඳකැන් ගලනා යාමයේ

 
දහසක් මතක පාවි පාවී
අඩ අඳුරේ නෙත්යුග තෙමෙනා අතරේ
සඳකැන් හද ගෑවි ගෑවී
ඉදි කරවූ සෙනේහේ මැදුරේ

එන්න ආදර ටාරා
ගිලී සඳවතේ උණුහුමේ
ඉන්න සිහිනෙක මා හා
අතිනත පටලා දෑසේ මායිමේ

එන්න ආදර ටාරා
අලුත් පිටුවක් ලියැවේ දෝ
සඳකැන් ගලනා යාමයේ

මා හදේ පායා
හාදුවක් මුව තවරා
ඉන්න සොඳුරේ ආයේ පාවෙලා නොයා

සෝ තැවුල් මායා
ආදරේ දී සඟවා
එන්න මිහිරේ ජීවිතේ පුරා


දැන් විවේචන ගොඩක් එන්න පුලුවන් නිසා මේ ටිකත් කියන්නම එපායැ. මේ "ටාරා" සින්දුවේ පට්ට කොලිටි වර්ෂන් එකක් නෙමෙයි. පදමාලාව අතට ලැබිලා සහන් ඒක ගායනා කල දෙවෙනි හෝ තුන්වෙනි වතාව. ෆෝන් කට්ටකින් රෙකෝර්ඩ් කලේ. මගේ කන්කරච්චලේ නිසාමයි මේ තත්වයෙන් සින්දුව ලබාදුන්නෙ. (බස්සිට බ්ලොග් පෝස්ටුවක් ලියූ පසු පබ්ලිශ් කිරීමට ඇති තදියම ගැන දන්නෝ දනිති!)
 

මනාගේ සින්දු තවම මග එනවා. ඒවා මනාගෙ යූ ටියුබ් චැනල් එකට ඇතුලත් කල වහාම බස්සිට තව පෝස්ටුවක් තලාගන්න ඇහැක් වේවි. ;)




66 comments:

  1. උබේ පද ගැලපිල්ල වගේම ඔහුගේ හඩ නාද රටාත් සුපිරි අක්කේ

    ReplyDelete
    Replies
    1. අද මම 1 වෙලා
      කාලාකාශය බ්ලොගේට යන්න බෑ නෙහ් කොහොමෙයි එකට රිංගන්නේ

      Delete
    2. සහනාට පොඩි අවුලක් වෙලා. ඉන්න මම බ්ලොග් ලින්ක් එක වෙනුවට එෆ්.බී. පිටුවේ ලින්ක් එක දාන්නම් දැනට.

      Delete
  2. රස වින්දෙමි....විඳිමින් පවතිමි...
    ///අලුත් පිටුවක් ලියැවේ දෝ//// කියන්න අමාරුයි...සහන්ගෙන් අහන්න..ඒ පද ටිකට මොනා හරි කරමුද?

    ReplyDelete
    Replies
    1. අහලා බලමු නේ.... මටත් දැනගන්න ඕනෙ එහෙම අවුල් තැන් තමයි. තැන්කූ වේවා චෙෆාකි!

      Delete
  3. ලස්සනයි.ගොඩක් දේවල් කියන්න අමාරුයි දැන්ම.තාම දණ ගාන ළමයෙක්නෙ.ඇවිදින කොට බලමු.

    මෙලඩිය වෙනස් නොකර දාන වැඩක්.එහෙම වුනොත් වැඩේ ගොඩ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිශ්මන් අයියේ! තාම බඩගාන ළමයෙක් නෙව.

      Delete
  4. මේ වැඩෙත් බොහොම අගෙයි.

    බස්සිට මගෙත් සුබ පැතුම්....

    ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විභියෝ....

      Delete
  5. ආදර ටාරා....ලස්සන හීනයක් වගේ නංගෝ...මගේ සුභ පැතුම් ඈ

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මල්වත්තේ අක්කියෝ

      Delete
  6. හදවතින්ම සුභ පැතුම් බස්සි...................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු!

      Delete
  7. කාලාකාශයට යන්ඩ බැනේ බං This blog is open to invited readers only කියනව

    ReplyDelete
    Replies
    1. බ්ලොගේ අවුලක්. හදාගත් විගස දන්වන්නම්.

      Delete
  8. මෙලඩිය පට්ට. වොයිස් වල්ලා පට්ට.

    එන්න ආදරේ ටාරා කියන කෑල්ලත් වල්ල පට්ට.. ඒ කියන්නේ කෝරස් එකද කොහෙද.. ඒක බොක්කටම වදිනවා.. අනෙක් වච්න වැඩියි වගේ..

    ඒත් ඔක්කොම එකතු කලාම අර අළුත් කොරියන් ටෙලිඩ්‍රාමාවල යන සින්දු වගේ පට්ට රහයි...

    ReplyDelete
    Replies
    1. පරණ මෙලඩියක්. ඒක ලංකනයිස් කලා.

      තැන්කූ මාතලන්! තාම අපි සින්දු ලියන්න පුරුදුවෙනවා.

      Delete
  9. අනේ මන්දා....මම නම් සින්දු ගැන න්ම දන්නේ නෑ...ඒත් අර ගැණූ ලමයා නම් පංකාදුයි....

    ReplyDelete
  10. අලුත් පිටුවක් ලියැවේ දෝ
    සඳකැන් ගලනා යාමයේ..........

    නියමයි බස්සියෝ ...සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. අපිත් අලුත් සින්දුවක් කළා ....පොස්ට් එකකින්ම කියන්නම් ..

      Delete
    2. නියමයිනේ! පෝස්ට් එකක් දාන්නකෝ

      Delete
  11. බස්සි, පද වැල නියමයි, ගායනයත් එල. අලුත් බ්ලොග් බලන්න පාරවලුත් දාල. ඒකත් මරු. මට ඔය මෙලඩියෙන් ඇහෙන්නෙ Three doors down - Here without you මෙලඩියද? එකද මූලික තනුව. මන්ද, මට ඇහෙන්නෙ නං ඒක... ඔව් ඒකම තමා.. ජයවේවා... https://www.youtube.com/watch?v=kPBzTxZQG5Q

    ( කොමෙන්ටුව එඩිට් කරන්න උනා.. පද වැලට ලියවුනේ කුණුහරුපයක් )

    ReplyDelete
    Replies
    1. උඹ හරියටම හරි.. මටත් ඕකේ පට්ට හුරු ගතියක් තිබුන නිසා තමයි මම කිව්වේ කොරියන් ටෙලියක ගීතයක් වගේ කියලා.. මේක මතක් උනේ නෑ..

      එහෙම අනුන්ගේ මෙලඩියක් උනත් වොයිස් එක නම් පට්ට.. මේක ගීතයක් කරනවා නම් ඒ බව සඳහන් කරලා කරන එක කෝකටත් හොඳයි, පස්සෙ කිච වෙන්නේ නැතිව.. මොකෝ ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි.. භාතියලා කරන්නෙත් ඒකමයි...

      Delete
    2. අනිවාර්යෙන්. ප්‍රසිද්ධ මෙලඩියකට ලස්සන පදවැලක් දාල හැකියාවක් තියන හඬකින් ගායනා කළා කියල කිසි වරදක් නෑ. මාතලන් සහෝදරයා කිව්වා වගේ භාතියල කලෙත් ඕව. භාතිය ලාගේ "වසන්තයේ" සිංදුවෙ මෙලඩිය බාක් ගෙ Air on the G string . https://www.youtube.com/watch?v=ZS-HWIFyLsE
      නිරෝෂා මුලින්ම කිව්වා "සිත හඬයි" සිංදුවෙ මෙලඩිය දෙමළ සිංදුවක් වෙච්ච මේක. https://www.youtube.com/watch?v=WrBIA5WPDDU
      තව කොච්චර නම් තියනවද ඒ වගේ සිංදු.

      මේ දේවල් ලජ්ජා වෙන්න දේවල් නෙවෙයි. උත්තර භාරතීය රාඝධාරී සංගීතයේ රාග වල මෙලඩි අරගෙන තමයි අපේ ඉන්න පරණ පොර ටෝක් දෙන ඔක්කොම සිංදු හදල තියෙන්නෙ. මූලික මෙලඩිය ගැන සඳහන් කිරීම වැදගත්. ජයවේවා..

      Delete
    3. my bad... මේකෙ වීඩියෝ කවර් එකේ දාල තියනවා පළමු සිංදුව ගැන. පොඩි නිසා පෙනුනෙ නෑ..චැනල් එකට ගිහිං ලොකුවට බැලුවම දැක්කෙ...

      Delete
    4. //පොඩි නිසා පෙනුනෙ නෑ//
      අප්පා සජ්ජා සෑහෙන්න වයසයි ඒ කියන්නෙ කොල්ල වගේ හිටියට :P.

      Delete
    5. අයියෝ සජ්ජා ඉතින් මම කියලම තියෙනවනෙ පරණ මෙලඩියක් කියලා. අනික වීඩියෝවෙත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවනෙ..... :D

      Delete
    6. අර මනා කියන්නා වගේ මගේ ඇස් පෙනීමේ අවුලක්. ඔහොම ගියොත් ටික දවසකින් සුදූ කෝඩි පේන්නත් ගියි වගේ... කොහොම උනත් නිර්මානෙ එල. වදන් වැල නියමයි. සහන් නියමෙට ඒ සිංදුව කියනවා... සුබ පතන්නේ නැතුව කොක්කක් දැම්ම නෙමේ. හදවතින්ම සුභපතනවා..

      Delete
    7. තැන්කූ සජ්ජා සීයේ... හිහී!

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. බස්සි බස ගානට වචන ටික බස්සලා - ලස්සනයි

    ReplyDelete
  14. සින්දුව හොඳයි. රස වින්දා.. ඊළඟ පාර ආදරය හැර වෙන තේමාවකට ගීයක් ලියමුද?

    ReplyDelete
    Replies
    1. බලමුකෝ බලමුකෝ අඟහරුවෝ....

      Delete
  15. මනාගේ යු ටියුබ් චනලේ එවස්නන් නෙලුම් යයට දාන්න පුළුවන් වීඩියෝ බ්ලොග් දැන් බස්සි සින්දුව හොඳයි. ඔයාගේ යාලුවත් අපි ගමු ඉස්සරහ වැඩකට.

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. සහන්ගේ බ්ලොග් එකේ පොඩි අවුලක්. ඒක හදාගත් වහාම ඒ බ්ලොග් අඩවියත් එවයි.

      බ්ලොග් වලට දෙන මේ සහයෝගයට අජිත් අයියට බොහොම ස්තූතියි!

      Delete
  16. ලස්සනයි ඒ ටාරා කියන නම, ඒ කොටස එක්ක සින්දුවට අමුතු පණක් එනවා,, අර dafadil මල සින්දුව කසුන් කල්හාරගේ මාෂා ඒ වගේ මේකට මං ආසයි,, ජය වේවා බස්සි

    ReplyDelete
  17. ලස්සන වැඩක්..මනාගෙ කටහඩ ප්‍රේමගීත වලට හොදට ගැලපෙයි...ඒත් අද කලාව කියන්නෙ සල්ලි සහ වාසනාව ඇති අයට යා හැකි ගමනක් බවට පත් වෙලා...ගීතයක් ප්‍රචාරය කරගන්න එෆ් එම් එකකට ගියාම වැටහෙයි..අද ලංකාවෙ කලාව වැටිලා තියෙන තත්වය....සුභ පැතුම් නගෝ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සිරා අයියේ මූ මෙහෙම ටැලන්ට් එකක් තියෙද්දිත් තවම විනෝදට සින්දු කියලා ෆෝන් කට්ටකින් රෙකෝර්ඩ් කරලා යූ ටියුබ් දාන තැන ඉන්නෙ. ඒ වුනාට සල්ලි තියෙනවනම් චාටර් වොයිස් එකක් වුනත් වෙනස් කරලා සින්දුව මුදල් දීලා හිට් කරලා ඕනෙ තරම් ලාභ ගන්න රටක් මේක.

      තැන්කූ හොඳේ :)


      Delete
  18. 3 Doors Down ලගේ මම කැමතිම සින්දුවක්. වෙන මොකකටවත් නෙමේ ඒකෙ මෙලඩි එකට :D.
    නියමයි. සහන්ගෙ වොයිස් එක සුපිරි. දැන ගත්ත එක හොඳයි මෙහෙම ගායනා කරන්න පුළුවන් කියල :). ඒ වගේම ඉතිං බස්සිගේ ලිවිල්ල ගැන කියන්න දෙයක් නෑ. වෙනද වගේම සුපිරි :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ මනා! ඔන්න මනාගේ ඉදිරි වැඩවලට සම්බන්ධ කරගන්න හොඳම වොයිස් එකක්.

      ඔයාගෙ වැඩෙත් කරමු ඈ!

      Delete
  19. මල් පහයි ගස් දෙකයි ඈ! මේකට හොඳ visual එකක් එහෙමත් කරමුකෝ ඈ

    ReplyDelete
    Replies
    1. තැන්කූ නාඩියෝ...

      ඔයා හදන්ටකෝ විෂුවල් එකක්. අපි එන්නම් උදව්වට.

      Delete
  20. උබ ලියපු පද අපුරුවට වෙනස් කරල තියෙනව ගායන්න ලේසි වෙන්න. ඒකයි හැකියාව. ලිරික්ස් අමුවෙන නොගෙන වෙනස් කර ගැනීම.

    ReplyDelete
    Replies
    1. අනිවා.... වචන ටික රහක් නෑ ඇත්තම කීවොත්. තනුවයි ගැයුමයි තමයි රස!

      Delete
  21. අහන්න විදියක් නෑ බං.. වැඩේ අමාරුයි.. මම කියන්නේ සිංදු ලියන එක.. අතාරින්න එපා.. ඔය මනාටයි, සංඛයටයි උණ ගැනෙන්න දීහං..

    ReplyDelete
    Replies
    1. එලස්! බොහොම තැන්කුයි දේශෝ...!

      Delete
  22. මුලින්ම කියන්න ඕන වොයිස් පට්ටේ හොඳ එක. තනුව මරු. පදවැල හොඳයි. එත් ඒ පදවල යුනිෆොර්මිටි එක අඩුයි වගේ දැනෙනවා. උඹ අහලා තියෙනවනේ අමල්ගේ "ප්‍රංශ යුවතියන්" සින්දුව ,එක ගත්තම සින්දුවේ පෙන සොඳුරු රළු බව එක දිගටම තියෙනවා. මෙතන "එන්න ආදර ටාරා" කියද්දී ඒ gathiya දනෙනවා , ඊළඟට ආපහු ටික ටික ඒක අඩුවේගෙන යනවා. මම දන්නේ නෑ එක හදන්න ඕන කොහොමද කියලා . ඒත් කොහොම හරි හදපම්. උඹ දන්නවා ඒක හදන්න ඕන විදිහ.
    හරියටම කිව්වොත් දැනෙන්න ඕන හැගීම හරියට " සිංහයෙක් හංසයෙකුට ආදරේ කරන්න එන්න' කියනවා වගේ හැගීමක්. උඹට මේ කියන හරුපේ තේරෙනවද දන්නේ නෑ. ඒත්. මට කියන්න තේරෙන්නේ ඔහොම තමා .

    ඔය පණ්ඩිත කතා අතාරිය්ම ,සින්දුවම වල්ලා පට්ට . .
    (බනිනවානම් මෙතන බනින්නේ නැතුව පස්සේ කෝල් කරලා බැනපම්) :P

    ReplyDelete
    Replies
    1. //උඹ අහලා තියෙනවනේ අමල්ගේ "ප්‍රංශ යුවතියන්" සින්දුව //

      අනේ යකෝ! මගෙන්ම උදාහරණ අහගෙන පණ්ඩිත කොමෙන්ටකට ඔබනවා.

      හිහිහි... තේරුණා තේරුණා මචෝ. ඇත්තටම දරුවා මම හංසයෙක් වගේ මුදු සහ සුකොමල සිතැත්තෙක් වීම නිසාවෙන්ම ඒ ගතිලක්ෂණ ගීතය පුරාවට තැනින් තැන ඉස්මතු වීමක් සිදුවී තියෙනවා. අන්න ඒකයි මචං සීන් එක. ඕ යේස්.

      Delete
  23. කොහොමද ඉක්මනින්ම ගීත රචිකාවිය කියල කොටසකුත් බක්සි ලේබලේට වැටුනම ජයවේවා අක්කෝ !! උඹට හැමදාමත් මම හදවතින්ම සුබපතනවා !!!

    ReplyDelete
    Replies
    1. //ගීත රචිකාවිය// පිස්සුද හප්පේ... මම සින්දු ලියන්න දන්නෑ. මේ නිකම් ජොලියට කරපු එකක් නේ.

      තැන්කූ පුංචි දිලා!!

      Delete
  24. සුභ පැතුම්!

    ReplyDelete
  25. අහන්න බැහැනේ.ඕඩියෝ ලින්ක් එකක් දියන්කෝ.

    ReplyDelete
  26. උඩ බැලුවත් ආදරේ
    බිම බැලුවත් ආදරේ
    දෙපැත්ත බැලුවත් ආදරේ

    ඒ නිසා ඊළඟ පාර වෙනස් තේමාවක් ගන්නෝ.. මේකත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බලමු. කොහොමත් මම කිසිවක් ලියන්නේ නෑ, ලියවෙනවා මිසක්. ඒ නිසා ඒ ගැන තහවුරු කරලා කියන්න බෑ.

      Delete
  27. ඒක නං අපූරුයි
    ඇත්ත්ටම ලස්සනයි

    ReplyDelete
  28. ඔන්න දැනුයි මේක බලන්න පුළුවන් උනේ.. උඹේ ලිවිල්ල ගැන මුකුත් කියන්න යන්නේ නෑ මම..

    සහනෝ, උඹ වචන ලියව ගත්ත මෙලඩිය මරු මචං.. වොයිස් එකත් එහෙමයි.. උඹේ කවි නම් මම කියවලා තිබ්බට මේ පැත්තෙනුත් උඹ දක්ෂයි කියලා මම දැනන් හිටියේ නෑ.. සුබ පැතුම්..

    ReplyDelete
  29. සින්දුව මුලින් ඇහුවා.. පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි ඊලඟට කියෙව්වා.. ආයෙම ලිරික්ස් ටික බැලුවා.. හම්මේ දැන් කොමෙන්ටෙකක් දා ගන්නවත් පන නෑ.. හැක්. අර ඉවාන් කියුව 'ගැම්ම අඩුවෙන' අවුල මටත් ටිකක් විතර මීටර් උනා.. ඒත් ඒව ඔක්කොම කපල යනව සහන් ගේ වොයිස් එකට. ෆයිනල් ටච් එකක් දෙන්න බලපන් සින්දුව දෙතුන් වතාවක් අහ අහ රෙකෝඩින් එකට කලින්.. මීට වැඩි උදව්වක් දී ගන්න බැරි එක ගැන බලවත් මෙව්වා එක.. මේ දවස් වල ඔන් ටෝස් බ්ලොග් හැර වෙනත් වැඩ අටෝරාසියකට හිරවෙලා..

    ReplyDelete
  30. එල ද බ්‍රා
    මගේ චෙයාමන්ගේ / යාලුවගේ වයිෆ්ලා ටාරා

    ReplyDelete
  31. අපූරුයි බස්සි ! හොඳ වර්ෂන් එකත් අහන්න බලාපොරොත්තුවෙන් සිටිමි..

    ReplyDelete
  32. අපුරුයි අමුතුම හන්ගීමක් දැනෙනවා සංගීතයත් එක්ක පද එකින් එක ඇහෙද්දී. නියමයි බස්සි අක්ක. :D

    ReplyDelete