Wednesday, June 3, 2015

තිස්ස නවතින්න! (කවියක් සහ සහෘද සටහනක්)






තිස්ස නවතින්න!

එක්ස්ට්‍රීම්ලී සොරී - නවතින්න නම් බැරී
මෙන්න මගෙ කාර්ඩ් එක, අටෙන් පසු අමතන්න!


සැරිසරත් මෙ'වනයෙහි යොවුන් මුව පොව්වෝ
කළුදියෙත් කිමිද උන් සිප් කිරිම සෙව්වෝ
බැනර්-කටවුට්-පෝස්ටර්-හෑන්ඩ් බිල් විදිමි
නොපිට පෙරැලූ වදන් ඇමිණු දුනු දිය අදිමි


එහෙ තිබුන අඹ ගසුත් කැපුවා
මෙහෙ තිබුන අඹ ගසුත් කැපුවා
අඹ ලෑලි ඩෙස් බංකු තනවා  -හෝල් ඇතුලට ගාල් කෙරුවා
වනමලින් පිරි - සමනලුන් සැරි  - හරිත සිතුවම් එඩිට් කරවා
ලැමිනේට් පිටකවර තනවා - ටියුට් බෙදුවා


ඔව් මේ ඉතිරි අඹගස මට මහත් අගී
මගෙ නම් පුවරු එල්ලා ඕ හිඳිත් නැගී


ෆ්‍රී කාර්ඩ් දෙනවදැයි විමසන
නොනෑයොත් නෑකම්ම පවසන
මෙ'වන පෙදෙසෙහි මොණරු නැත්නම්
නෑයෝද නැත - නොනෑයොත් නැත


යශෝධා සම්මානි ප්‍රේමරත්න 
28 - මැයි - 2015




යශෝධාගේ මේ අපූරු කවිය මා තදින්ම සිත් ඇද ගත්තක්. ඇත්තටම ඈ උපහාසාත්මකව කවි පද ගැලපීමෙහි මනා නිපුනතාවයක් දක්වන්නියක්. මේ පොසොන් සමයේ "තිස්ස" ලෙසින් අමතමින් ඈ සිය කාව්‍යයකරණය තුලන් කියන්න යන්නේ කුමක්ද?

" තිස්ස නවතින්න! " 

නූතන වාණීජ කරණයේ රැල්ලට හසුවී මුදල් පසුපස නොනිත් ගමනක හතිහලමින් දුවන ටියුෂන් ගුරුවරු වූ තිස්සලාටම නොවේද? නවතින්න යැයි ඇය ආමන්ත්‍රණය කරනුයේ. ඒ ඇයි?


ඇය ඊට පසුව මෙසේ නූතන තිස්සයන්ගේ පිළිතුර ඉදිරිපත් කරනවා.

"එක්ස්ට්‍රීම්ලි සොරී - නවතින්න නම් බැරී
මෙන්න මගේ කාර්ඩ් එක - අටෙන් පසු අමතන්න!"


චුට්ටක් වත් නැවතිය නොහැකි ලෙස ජීවිත යාන්ත්‍රීකරණය වී ඇති මොවුනගේ ජීවිත වල සැබෑ තත්වය නොවේද? දෛනික කාල සටහනේ සුළු ඉසිබුවක විරමයක් ගත නොහැකි ලෙස මොවුන් මේ දුවන්නේ කුමක් සඳහාද? ආදරණීය අරමුණින් දරුවන්ට සිප් කිරි පෙවීමේ පරම පවිත්‍ර චේතනාවටද?


"සැරිසරත් මේ වනයෙහි යොවුන් මුව පොව්වෝ
කළු දියෙත් කිමිද උන් සිප් කිරිම සෙව්වෝ" 


මේ අද අධ්‍යාපනයේ මං මුලා වූ තත්ත්වයයි. මේ තිස්සලා දුවන්නේ මේ අහිංසක යොවුන් දරුවන්ගේ අධ්‍යාපන සිහිනය පස්සේ නොවේද? ඔවුන් අනාගත සිහින හැබෑ කර ගැනීමට උපරිම වටිනාකම් වගා කර ගැනීමට සුදුසු ඉහලම මට්ටමේ රැකියාවක් ලබා ජීවිතය ජය ගැනීමට දැනුමෙන් සන්නද්ද වීමට අධ්‍යාපන පිපාසාව සංසිදුවා ලීම සදහා නිරන්තරව යෙදෙන අරගලය නෙවෙද ඈ මේ කියන්න උත්සාහ ගනුයේ.


ඉතිං තිස්ස රජවරු මොනවද මේ සදහා දුනු දිය ලෙසින් විදිනුයේ.

"බැනර්- කටවුට් - පෝස්ටර්- හෑන්ඩ් බිල් විදිමි
නොපිට පෙරලූ වදන් ඇමිණූ දුනුදිය අදිමි"


ඇය එය අපූරුවට විස්තර කරන අයුරු පැසසුම් කල යුතුමයි. මෙයයි අද ඇතිවත් බැරි නැතිවත් බැරි ලංකාවේ ටියුෂන් අධ්‍යාපනයේ තත්ත්වය.


ඉතිං දැන් තිස්සලාත් මුව පොව්වනුත් ඉන්නවා. ඇය දැන් අඹ ගස් ගැන කතා කරනවා. මේ නිර්මාණය තුල මේ විදිහට.

"එහෙ තියෙන අඹ ගසුත් කැපුවා
මෙහේ තියෙන අඹ ගසුත් කැපුවා
අඹ ලෑලි ඩෙස් බංකු තනවා
හෝල් ඇතුලට ගාල් කෙරුවා"


අඹ වලට එහෙමත් නැත්නම් ගහකට කොලේකට පරිසරයට ආදරයක් නෑනෙ කපනවා නම්. ඉතිං හැම තැනම ඇති අඹගස් ටික කපල දාල ඩෙස් බංකු ටික හදන මේ රජවරු ඊලඟට මොකද කරන්නේ. මේ දරුවන්ව අන්ඳගැනීමට;

"වනමලින් පිරී- සමනලුන් සැරී
හරිත සිතුවම් එඩිට් කරවා
ලැමිනේට් පිටකවර තනවා- ටියුට් බෙදුවා"


මේ මුදල් ගසාකෑමට දරන ප්‍රයත්නය තුල කූට ලෙස ස්වභාවදර්මයා නසා බොරුව පෙන්වා දරුවන්ගේම මුදලින් ඔවුනගේ සිහින හැඟීම් බලාපොරොත්තු සමඟ අනුගත වීමට ප්‍රෝඩාකාරී රැවටීම යොදා ගන්නා ආකාරය නොවේද?


"ඔව් මේ ඉතිරි අඹ ගස මට මහත් අගී
මගෙ නම් පුවරු එල්ලා ඕ හිඳිත් නැගී "


ඇය මේ කීමට තතනන්නේ කුමක්ඳ? පොසොන් මාසයේ මිහිඳු හිමියන් ප්‍රමුඛ සංඝ රත්නය මිහින්තලා පර්වතයට වැඩමවා හිඳ තිස්ස රපුගෙන් විමසූ පැන හා පිළිතුරු වල අදට සරිලන සේ සැකසූ නූතනාරූඩකරණයක්ද? මට එසේ සිතේ. එසේ නම් මෙය මිහිඳු මහරහතන් වහන්සේ වැනි විද්වත් ශ්‍රේෂ්ඨයෙක්ගේ ඇසින් ලියූවක් විය යුතුයි. තිස්ස රජුනට නවතින්න යැයි කීමට සමතෙක් විය යුතුයි. ඒ ගැන සිතීම ඒ ආකාරයෙන් පසෙක තබා .....


නම් පුවරු එල්ලීමට නැගී සිටිනා බැවින් මේ අඹ ගස වටිනවා යැයි කීම හුදු උපහාසයම පමණක් නොව ඔවුනගේ සංකල්පමීය දුර්වල නිර්ලජ්ජීකම, ශාස්ත්‍රීය ඥාණයේ මඳකම හා පරිකල්පනයේ මන්දෝත්සාහී හීනකම ගැනද මට නම් ඉඟිපායි.


"ෆ්‍රී කාඩ් දෙනවදැයි විමසන
නොනෑයොත් නෑකම්ම පවසන
මෙවන පෙදෙසෙහි මොණරු නැත්නම්
නෑයෝද නැත-නොනෑයෝද නැත"


මේ එළිබහින්නේ නූතන තිස්සලාගේ ගුප්ත යතාර්තයයි. ඔවුනගේ සැබෑ අරමුණ වූ මුදල් කේන්ද්‍රයීය කරගත් සමාජමය ගැටලුවක්ව පවතින නිදහස් අධ්‍යාපනයේ කඩා වැටීමෙන් හිස ඔසවා ඇති වාණීජකරණය වූ අධ්‍යාපනයේ පරිහානීය අගතිගාමී තත්ත්වයයි. යශෝධා ඔබේ උපමා ව්‍යනංගාර්ත යොදාගැනීම් , කවිය තුල දක්වන්නාවූ සංයමය හා කුසලතාවය උපරිමයි. මම ඔබට දිගු රසාලිප්ත මෙන්ම අර්තාන්විත කවිකමකට ආසිරි පතනවා.


- මුදු රේඛා | Facebook -




ප.ලි.

මේ සටහන මට වැදගත් නිසාම මැකී යන්නට හෝ මගහැරී යන්නට පෙර වහ වහා බ්ලොග් බිත්තියේ කොපි පේස්ට් කර ගතිමි.



34 comments:

  1. කවියක සුමුදු 'මුදු රේඛා'.. හැමෝටම අහුවෙන්නෑ.. අගෙයි..

    ReplyDelete
  2. එල ද බ්‍රා කයිය...
    එල ද බ්‍රා ඩබල් පුෂ්-අප් පැහදිලි කිරිම.

    ReplyDelete
    Replies
    1. හික්ස්! තැන්කූ මෙන්ඩෝ...!

      Delete
  3. මෙහෙම ලියපු එක ගැන තදවෙලා කියෝගෙන යනකොටනේ දැක්කේ.... වෙනින් එකෙක් බස්සිගේ කවිය තේරුම් අරන් කියල.... ඇති යන්තම් බස්සියෝ... එකම චැනල් එකේ තව එකෙක් හම්බුනාම දැනෙන සන්තෝසේ කියල වැඩක් නැහැනේ... අම්මේ.... හරියට සිරන්ති නෝනා දැක්කා වගේ!

    ReplyDelete
    Replies
    1. හිහී! ඇයි බොල සහෘද සටහනක් කියලා උඩිම්ම ලිවුවෙ ඒකනෙ. අනික මට පිස්සුයැ යශෝධාගේ කවිය කියකියා මා විසින්ම ලියාගන්න. හරි හරි ඕයි පිස්සු තමා බට් එච්චර අසාධ්‍ය උනේ නෑ තාම.

      අප්පේ ශිරන්ති නෝනව දැක්කම අපේ අම්මව දැක්ක වගේ, එයා අප්පච්චිගෙ වයිප්නෙ ඉතින්.

      Delete
    2. ඇයි බාන්... අර රවියා මාතෘකාව එස්කිමෝ වරු ගැන කියල, පොල් ගස් ගැන ලියනවා, ඒ මදිවට ගල්බෝර ගැන ගල් පැලෙන දේවල් කියනවා. අපි ඉතින් ඔලුව ඩෙස්කුවේ හප්ප හප්පා එව්වා කියෝලා දැන් මාතෘකාව අතැරලා කියෝන එක පුරුද්දකට ගොහින්, කොටින්ම මම බෝඩ් නොබලා බස් එකට නගින තත්වෙට වැටිලා, ඔන්න යහපාලනේ !

      Delete
    3. පල පල යන්න. මමනම් අස්සයා වගේ දුවගෙන ගිහින් බස්සෙකට නගිනවා ආය මලාට බෝඩ් බලන්නෙ නෑ හිටං. ඒක මේ උප්පත්තියෙන් එන දෝසයක්. උඹටත් එහෙමම වෙන්ටැ අනිවා!

      Delete
  4. බස්සි ගැන අළුතෙන් යමක් මට නම් කියන්න නෑ.. බස්සි දස්සි...

    ReplyDelete
    Replies
    1. හෙහේ... තැන්කෝ මාතලන්!

      Delete
  5. මොන්ටිසෝරියෙ පටන් අමතර පන්ති හඹායෑමේ ලංකා අධ්‍යාපනයේ පිළිකාවක් වී හමාරයි. කාළීන මාතෘකාවක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියන්ති!

      Delete
  6. නියමයි බස්සි. මාතෙ අයියා කීවා වගේ බස්සි දස්සි :). තව තවත් මේ වගේ කවි ලිය වේවා!!!
    ජය වේවා!!!

    ReplyDelete
  7. බස්සියේ නියමයි.කාලීන තේමාවක්.නියමෙට ගලපලා තියෙනවා.ඔබට ජය...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නාමල්...!

      Delete
  8. කවිය නියමයි.. පට්ට හින්ට් එකක්..

    සටහනත් අගෙයි ^_^

    ReplyDelete
  9. බස්සී ඕං ආයෙත් මං ආවා,
    යන්තං පණ බේරුනා. විස්තරේ බොගෙ දානවා. මට කවි, නැටුම් වැඩියම තේරෙන්නෑ. එත් ඔය ෆ්‍රී කාඩ් කතාවට මට යමක් කියන්න හිතුනා.
    ආයෙ එක බල්ලෙකුටවත් ඔලුව නමන්නෑ කියල පොර වගෙ පළවෙනි රස්සාවෙන් දොට්ට බැහැල ඇවිත් මමත් ටියුෂන් මස්ටර් කෙනෙක් වුනා. මාසයක් විතර පට්ට ඇඩ්වටයිසින් පාරක් දාලා අදාල දවසෙ කිටක් මරාගෙන ගම්පහ මොන්ටානාවෙ කුලියට ගත්තු හෝල් එකට වෙලා හිටියා !!! මැස්සෙක්වත් ආවෙ නෑ.
    තුන්වෙනි සතියෙ යන්තං නංගිල දෙන්නෙක් ආවා මේ ..........සර් ගෙ පන්තියද කියල අහගෙන. මාත් බොහොම ගාම්භීර විදියට සර් පාට් එක හිතට අරගෙන කතාවට බැස්සා. බලනකොට ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අමාරුවෙන් ඉගෙන ගන්න කෙනෙක් එයා කළින් ගිය class එකේ සර් දිගටම ෆ්‍රී කාඩ් දෙන්න බෑ කියලා.(පස්සෙ දැනගත්ත මම කතාව ඊටත් වඩා දිග පළල එකක් බව).යාලුවො මේ ඇවිත් තියෙන්නෙ අලුත් පංතියක් හින්ද ෆ්‍රී කාඩ් එකක් ගන්න පුලුවන්ද බලන්න. ෆ්‍රී කාඩ් එකක් දෙනවනම් අනෙකා සල්ලි දීල එනව කිව්ව.
    මට මතක් වුනෙ මම A/L කළ කාලෙ අම්මලට අමාරු වුන කාලෙක ප්‍රසිද්ධ chemistry ගුරුතුමෙක් ගෙන් ෆ්‍රී කාඩ් එකක් ඉල්ලලා මට ග්‍රාම සේවක සහතිකයක් ගෙන්න කියපු සිද්දියක්. කොහොම හරි ඒ දෙන්න මගෙ මුල්ම ශිෂ්‍යාවො වුනා.(free card ගත්තු නංගි දැන් ගම්පහ අහල පහල හොස්පිරිතාලෙක වෛද්‍යවරියක් අනෙකා chemistry ගුරුවරියක්.) ඒ කාලෙත් ඔහොමයි .එත් ලමයින්ට ෆ්‍රී කාඩ් දීල අදින්න ඇදුමුත් අරන් දුන්නු සේනාරත්න සර් (physics) වගෙ අයත් හිටියා.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆේ චානාව දැක්ක කල්!

      ඇත්ත චානා ඒවගේ ගුරුවරු තවමත්, අදටත් ඉන්නවා. ඒත් බහුතරයක් දෙනා ඒක බිස්නස් එකක් කරගෙන. එතිකල් මාර්කටින් වලිනුත් එහාට ගිහින්, තමන් එක්ක මේ රේස් එකට අලුතෙන් එකතුවෙන එකෙක් හොඳින් පර්ෆෝම් කරනවනම් ඒ මනුස්සයට තමන්ගෙ ක්ලාස් එකේ ලමයි ලව්වා ගස්සවන තරම් පහතට වැටුන 'ගුරුවරු'ත් හිටියා අපේ පලාතේ. ඒ ළමයි ඊට වඩා හරක් ඉතින්. :3

      හැබැයි ඒ වගේ ගුරු මුදලාලිලා බහුල වෙන්න ප්‍රධාන වශයෙන් බලපෑවෙ අපේ ආකල්පම තමයි. මොණරු නැත්නම් නෑයොත් නැති නිසානෙ කැමැත්තෙන් හරි, අකැමැත්තෙන් හරි එයාල මේ රේස් එකට බහින්නෙ.

      Delete
  10. ටාරා ඇහුවා හිතට වැදුනා. කොහොම හරි කට්ටිය එකතු වෙලා ඇල්බං එකක් කරමුනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම වැඩක් ගැන අදහසක් තියෙනවා. උත්සහයක් දාල කොහොම හරි කරනවා ඒ වැඩේ.

      Delete
  11. මේ රේඛා කියන මිතුරියට හොද විචාර හැකියාවක් තියෙනවනේ.. ඇත්තටම අගය කරනවා ඒක.

    අහ්, උබේ කවිය එලය..

    ReplyDelete
    Replies
    1. හූහ්! මම මුලින් දැක්කෙ උඹ කවිය ගැන මුකුත් කියල නෑ වගේ. උස්සල පොලේ ගහන්ඩ හැදුවෙ. යන්තං බේරුනා. තව පොඩ්ඩෙන් අර අසරණ ආර්චියා අවතැන් වෙනවා. :P :P

      Delete
  12. පුළුල් විදියට හිතා සියුම් උපහාසයක් සමගින් ලියූ මේ කවිය අපූරුයි!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් අනේමන්දා!
      (ඔයාගෙ නම මරු ඈ)

      Delete
    2. තැන්ක් යූ බස්සි අක්කා! :) පොඩි කාලේ ඉඳන් කට්ටිය කියපු නම තමයි.මගේ නමේ අකුරු කීපයක් එකතුකරලා,මාරු කරලා හදපු නම

      Delete
  13. සුප්පා කවියකට ... සුප්පා පැහැදිලි කිරීමක්..

    ReplyDelete
  14. නැවතුනා...
    කියෙව්වා...
    බර ඇති දහමක...
    සිහි ඇති පද...
    ලුහු සිතිවිල්ලක..
    ඔතාලා ඇතිය...

    ReplyDelete
  15. බස්සි වනාහි බස්සිමයැ......නියමයි බස්සියෝ .

    නවතින්න තිස්ස ඇයි මේ
    නුදුවන් මුවාගෙ පස්සේ..
    කියු මිහිඳු රහත් සමිඳා..
    ඒ මිහින්තලා කන්ඳේ.
    මගෙ නාමෙ කියා කවුදෝ
    මේ මට අමතන්නේ..
    (ගායනය - විවියන්ද සිල්වා බොරලැස්ස )

    https://www.youtube.com/watch?v=-t_y7PmsyW0

    ReplyDelete
    Replies
    1. හිහී! තැන්කිව් සින්දු ඇනෝ! මරු සින්දුව නේ?

      Delete
  16. හිත ගස්ස ගැස්සූ
    කවිය සුපිරියි බසූ

    ReplyDelete