“අප්ප කරපු දේ පුතා නොකලොත්
ඌ නොට්ටිගෙ පුතා”
මේ කතාව ලංකාවෙ අපිට හොඳට ඇහිල පුරුදු කතාවක්. සමහරුනම් කියන්නේ මේ නොට්ටිගෙ පුතා කියන එකෙන් අදහස් කරන්නෙ ‘නොට් උගේ පුතා’ කියන එක කියලයි. කොහොම වුනත්, අප්ප කරපු දේ කරන්න වගේම, අම්මගේ/ අප්පගේ කපාපු පළුව වගේ කියල කටපුරා කියන්න පුලුවන් වෙන්නත් හේතුවෙන දෙයක් ගැන විස්තර ටිකක්, බොහෝම ටිකක් කියන්නයි අද බස්සි කම්පනා කලේ.
ඔන්න එහෙනම් අදත් කට්ටිය හත් අට පොලකින් ඈඳි ගන්නකො පුතා අප්ප වගේ වුන හැටි අහගන්න.
ට්‍රිලියන පන්සියක් සෛල අපේ සරීරේ ඇත්තේ
ඒ හැම සෛලයක් ගානෙ ලියවෙයි ජීවිත තත්තේ
විස්තර එකටෙක අඹරා ඉනිමං හැඩයක් ගත්තේ
ඩී.එන්.ඒ. අණුව තමයි මේකට වගකිව යුත්තේ
බිංදු බිංදු එකතු වෙලා මහ වැස්සක් හැදෙනවාලු
ඩී.එන්.ඒ. එකතු වෙලා ක්‍රෝමසෝම හැදෙනවාලු
ක්‍රෝමසෝම ජෝඩු දමා සෛල ඇතුලෙ පැක් වෙන්නේ
මිනිස් සෛලයක් ඇතුලේ ජෝඩු විසිතුනක් ඉන්නේ
ඩී.එන්.ඒ. එකතු වෙලා ක්‍රෝමසෝම හැදෙනවාලු
හරියටම එක එක බස් වර්ගෙ ඇතුලෙ ගාල් කරන්න පුලුවන් මගියො ගාන වෙනස් වෙනව වගේ, මේ ක්‍රෝමසෝම යුගල් ගණනත් ජීවී විශේෂයට අනුව වෙනස් වෙනවා පින්වතුනි.
චිම්පන්සියාට විසිහතරයි
ඌ කන කෙසෙලට එකොලහකුයි
අනේ අහිංසක පළතුරු මැස්සෝ
උඹැහැටනම් ඇත්තේ හතරයි
ජාන
“ජාන”
විවිධ පන්නෙ ඩී. එන්. ඒ. ක්‍රෝමසෝමයේ ඇත්තේ
පේලි පේලි ඩී. එන්. ඒ. උපදෙස් හංගා ගත්තේ
එහෙව් පේලි “ජාන” නමින් දිසෙයි තැනින් තැන මැද්දේ
“ජාන” විධානය දෙනකොට ප්‍රෝටීනයි පණ ලද්දේ
සමාවෙන්ට සුපින්වතුනි. මෙච්චර වෙලා වටේ ඇවිද්දා මිසක “අප්ප කරපු දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා” වෙන හැටි කියා දුන්නෙ නෑ නෙව. ඕන් එහෙනම් අහගන්ට තොරණේ විස්තරේ වර්තමාන කතාව.
මම මුලින්ම කීව නෙව මිනිස් සෛලයක ක්‍රෝමසෝම යුගල් විසිතුනක් තියෙන බව. ඉතින් සෛල විභාජනයේදි, ඒ කියන්නෙ අලුත් සෛල හැදෙනකොට ඔය ක්‍රෝමසෝම යුගල් ඒ විදියටම අලුත් සෛල වලට පිටපත් වෙනවා. මේකට අපි කියන්නෙ අනූනන විභාජනය කියලා.
අනූනන විභාජනය
ඒත්, ඒත්, ඒත්…..
අපේ ප්‍රජනක සෛල නිෂ්පාදනය වෙන විභාජන ක්‍රියාවලිය මීට වඩා වෙනස්. එතනදි ප්‍රජනක සෛලයකට ඇතුලත් වෙන්නේ අර ක්‍රෝමසෝම 46න් (යුගල් 23න්) 23ක් විතරයි. ඒ කියන්නේ ආත්මීය බැඳීමකින් එකට වෙලිලා උන්නු ක්‍රෝමස්ලා ජෝඩු ටික, අනේ අඬ අඬා සෛල දෙකකට වෙන්වෙලා යනවා.
මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා ඌනන විභාජනය කියලා.
ඌනන විභාජනය
ඌනන විභාජනයෙන් හැදුන ඒකගුණ ඩිම්භ සෛලයක් මෙන්න මේ විදියට එතැන් සිට සිද්ධිය විස්තර කරනවා පින්වතුනි.
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ශුක්‍රාණුවක් ඇවිදින් එය වෙනස් කලේ
ඒකගුණ වෙමු කිව්වත් නෑ – සවන් යොමු කලේ
ද්විගුණ යුක්තානුවක් එයයි බිහිකලේ
යුක්තානුවා බෙදුනේ අනූනනයෙනී
ජෝඩු වී දැන් මගේ තනි මතේ බැරි වුනී
නිලීන වු ඇලීලේ හද විසකටු ඇනී
ප්‍රභලම ඇලීලේ නිති ඉස්මතු වුනී
මේ විදියට ප්‍රභල ඇලීලයි – දුබල ඇලීලයි ගැන ඩිම්භයක් ගායනා කලාට, මම දන්නව ඔය පින්වතුන්ට ඒ කොටස පැහැදිලි මදියි කියල. ඒ නිසා මම පොඩි උදා (eg:) එකක් කියල දෙන්නම්.
මේ උදාහරණෙ ප්‍රැක්ටිකලි කරලා පෙන්වලා සමස්ත ලෝකයාගේම ඇස් කන් නාසා ඇරවීමේ ගෞරවය යන්න ඕනෙ පූජ්‍ය ග්‍රෙගරි මෙන්ඩල් උත්තමයාට. එතුමාව අපි ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙසට හඳුන්වනවා.
අපි මේ කතාව පටන් ගන්නේ පුංචිම පුංචි මෑ ඇටේකින්.
මෑ ඇටේට පාට දෙකයි. සමහර මෑ ඇට කොල පාටයි. සමහර මෑ ඇට කහපාටයි.
අපේ ග්‍රෙගරි පූජකතුමා දවසක් මේ කොල මෑ ඇට තියෙන ගහක්, කහ මෑ ඇට තියෙන ගහක් එක්ක මුහුම් කරනවා.
ඕං බලන්ට වෙච්චි වැඩේ! මෑ දරුවො සේරගෙම ඇට කහපාටයි.
අපේ පූජකතුමා එහෙම ලේසියෙන් සරෙන්ඩර් වෙන මනුස්සයෙක් නෙමෙයි. උන්නැහේ ආයෙමත් ඒ දරු පරම්පරාව මුහුම්කරණයට ලක් කරනවා.
අහෝ! මේ කුමන ප්‍රාතිහාර්යයක්ද! මෙන්න කොල පාට ඇට ඇති දරුවෝ දෙවෙනි පරම්පරාවේ ඉන්නවා. මේක අනුපාතයක් විදියට දැක්වුවොත්,
කහ ඇට : කොල ඇට
3 : 1
ඉතින් ග්‍රෙගරි මෙන්ඩල් තුමා මේ අසිරිමත් සිදුවීම දිහා බලල කියනවා මෙහෙම.
“අහෝ සර්වබලධාරී දෙවියන්ගේ මහිමය! මාගේ නොවක් යැදුම් සහ ස්තෝත්‍ර වලට සවන් යොමු කල දෙවියන් වහන්සේ විසින්, දෙවෙනි දරු පරම්පරාවේ මෑ ඇට කොල පැහැයෙන් වර්ණ ගන්වා. . . . . .”
නෑ නෑ! උන්නාන්සෙ එහෙම කියල පූජාවක් තියල වැඩේ ක්ලෝස් කලානම් අද ප්‍රවේණි විද්‍යාවක් කොයින්ද? ග්‍රෙගරි තුමා ඔය සිදුවීම විශ්ලේෂණය කරනවා මෙන්න මේ විදියට.
මේ රූපසටහනේ තියෙන විදියට Y කියන්නේ ප්‍රමුඛ ඇලීලය. G කියන්නේ නිලීන ඇලීලය. ප්‍රමුඛ ඇලීලයක් එක්ක ඉන්නකොට නිලීන ඇලීලයෙන් කියවෙන රූපානුදර්ශය ඉස්මතු වෙන්නේ නැහැ. කොලපාට මෑ ඇට බිහිවෙන්නේ නිලීන G ඇලීල දෙකක එකතුවෙන්.
ඔය සීන් කෝන් එක පැහැදිලි කලාට පස්සේ මෙන්ඩල් මේ විදියට නියමයන් තුනක් ඉදිරිපත් කරනවා. ඒවා මම ඔබ-තමුන්නාන්සේලාට තේරෙන බාසාවෙන් මෙහෙම කියන්නම්කෝ.
1.
ජීවියෙක් තුල ඇලීල යුගලයක් පවතින අතර ඌනන විභාජනයේදී ඒවා අහඹු ලෙස බෙදීමට ලක්වේ.
2.
2.
3.
සමහර ඇලීල ප්‍රමුඛ ය. සමහර ඇලීල නිලීන ය. ප්‍රමුඛ ඇලීලයක් සහ නිලීන ඇලීලයක් යුගලනය වී ඇති අවස්ථාවන්හිදී ප්‍රමුඛ ඇලීලය නියෝජනය කරන රූපානුදර්ශය ඉස්මතු වී පෙනේ.
ඕං එහෙනම් අදට සෑන්ස් පාඩම ඉවරයි. බස්සි ගොඩක්ම ආස කරන සහ කැම්පුස් ගිහින් ඉගෙනගත්තු සබ්ජෙට්ටුව තමයි මේ. ඒත් මේක ගොඩක් දෙනාට නීරසයි – කලින් සෑන්ස් පාඩම් වගේ නෙමෙයි. ඒත් ඔයාල කැමතියිනම්, අණුක ජීව විද්‍යාව සහ ජාන තාක්ෂණය ගැන කියාදෙන්න බස්සි එවරෙඩි!
හිනාවෙවී ඉගෙනගන්න, බස්සිගේ Fun with Science ලිපි මාලාව.
හොහ්.... මේව අපි ඒලෙවල් කරන කාලෙ දාන්න තිබ්බ ඒවනෙ.
ReplyDeleteමේක කියෝනකොට මට මතක් උනේ අර ජුරාසික් පාක් එකේ තියෙන ජාන කේස් එක ගැන වීඩියෝ එක.
ඒක නේන්නම්. මං හිටියනම් ඒ දවස්වල අගේට ටියුෂන් කඩයක් දාන්න තිබුනා නේ.
Deleteජුරාසික් වර්ල්ඩ් බලන්න යන්න තාම විවේකයක් ලැබුනෙ නෑ නෙව. :(
ඇයි යකෝ...මුං හනිමූන් ගිහින් තියෙන්නේ "ජින්ටෙක්" එකටද?...
ReplyDeleteඅර ප්‍රසන්නයට වගේ මට මතක්වුනෙත් ජුරාසික්-01එකේ වීඩියෝව.
හිහී! 'ප.ලි' කොටහත් කියවන්ටකෝ කසුට්ටෝ....
Deleteඅහ්! ප්‍රසන්න අයියා කියල තියෙන්නෙත් ජුරාසික් වන් එක ගැන නේ! හප්පේ ඒක යද්දි අපි සූටි ළමයි.
ප්‍රබල
ReplyDeleteඅහ්! තැන්කෝ!!
Deleteඇයි මේකට ඇඩම්ස් ඔන්ලි කියල දැම්මේ නැත්තේ.. හරිම නරකයි මේ දැරිවි.. // මේ උදාහරණෙ ප්‍රැක්ටිකලි කරලා පෙන්වලා// මේවා මෙහෙම ප්‍රසිද්ධියේ කියවනවද මං අහන්නේ? හැක්.
ReplyDeleteඋඹ කියුවට විශ්වාස කරයිද දන්නේ නෑ රූප බලන්න ඇස් අහක් කර ගන්න හිතුනේ නෑ මුල ඉඳල අගටම ලියල තියෙන එක කියෙව්ව මිසක.. දෙවෙනි පාරට තමයි රූප ටික බැලුවේ. අන්තිම හරියේ කම්මැලිකමට තාක්ශණික වචනවලින්ම ඇදල ඇරිය නේද? මේ ඉට්ටැයිල් එකෙන් කියල දෙනවනම් ඉතින් අපිත් හොඳ සිස්සයෝ තමයි.
//රූප බලන්න ඇස් අහක් කර ගන්න හිතුනේ නෑ//
Deleteබොරු කියන්න ටිකක් පුරුදු වුනොත් හොඳා කමී!
රූප බලන්න ඇස් අහක් කරන්නෙ මොකටෑ අප්පේ ඔය රූප වචන අස්සෙම ඔබ්බලා තියෙන එක එහෙමම බලාගෙන යන්ට එපාය.
Deleteසිකේ ඇත්තට. ඇඩම්ස් ඔම්ලි කිව්වනම් හිට්ස් ටිකක් තලාගන්නයි, එව්වා මෙව්වා බලන්න ඇවිත් ඉච්ඡාභංගත්වයට පත්වෙන උන්ගෙන් හොඳවැයින් බැනුමක් අහගන්නයි තිබුන නෙව.
කළ්‍යාණ මිත්‍රගේ කතාව හරියට හරි. මෙච්චර කාලයක් නොදාපු දෙයක් එකපාරටම දැන දාන්නේ පහුගිය දොහේ ප්‍රැක්ටිකල් කරපු හින්ද තමයි.
Deleteවෛද්‍ය විද්‍යාවේ ජානගත රෝග හොයා ගන්නේත්, ඉදිරි පරම්පරා වලට ඒවා ව්‍යාප්ත වන එක වලක්වන්න කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා කියන්නෙත් ඔය ප්‍රමුඛ, නිලීන ඇලීල ගැන සලකා බලලා තමයි...
ReplyDeleteහර බර විස්තර ටික බස්සි හරි අපූරුවට තේරෙන බාසාවෙන්ම ලියලා...
ඔව් ඔව් තුශ්! මතකද අර රැජිනගෙන් පරම්පරාවට ගිය හිමොෆීලියාවෙ කතාව?
Deleteබොහොම ස්තූතියි ඈ...
ඔව් ඔව්.. මේක කියවද්දී එක පාරටම මගේ ඔළුවට ආවේ ඒක ... හි..හි...
Deleteහනිමුන් එකට පස්සෙ බං ඔය වගේ ජාන කතා මතක් වෙනවා...
ReplyDeleteමම දවස් පහක ටැස් මැච් එකක් ගහල ඇවිල්ලත් මේ ටික මතක් වුනේ නැහැ. මතක් වුණ එකම එක අර “අසරණයා“ ගේ ලමයි හදන බ්ලොග් පෝස්ට් එක. ටික දොහොකින්.. ඒක ටැස් කරලා බලපල්ලා..
පලි - වැදගත් ලිපියක් ඈ
අනේ අෆ්ෆා ඉතින් අපිටත් බලන්න ලින්ක් එකක් දාහංකෝ ඒ පෝස්ට් එකේ....
Deleteප.ලි. එකට තැන්කූ ඈ... :D
හරි..හරි..ඉක්මනට පොඩි බකුසු පැටියෙක් ගෙනෙන්
ReplyDeleteඔය කිවුවේ ඉතින්.
Deleteමාත් කියන්නමයි උන්නේ!!
Deleteකොහෙද ඉතිං, එක පාරම වැඩ රාජකාරි බහුල වුණායිං, බොලාට හැපි-හැපි මැරිච්ච ලයිප් (Happy married life) එකකට සුබ ප්‍රාර්ථනා කරන්නත් බැරි වුණානෙව!!
පමාවට සමාව අයදිමි ඕං අෑ!!!
පිරිමින්ගෙ ජාන සැකැස්මෙ එක් ජානයක් ක්ෂ්‍ය වීම නිසා ක්‍රම ක්‍රමයෙන් පිරිමින් ලෝකෙන් වඳ වීගෙන යනවා කියලා මං කාලෙකට කලින් කියවපු විදුසර පත්තරේක තිබුනා. ඒක නිසා ලෝකෙ ගැහැණු ප්‍රමාණය පිරිමින්ට වඩා වැඩි වේගෙන යනවලු.
ReplyDeleteකියවලා බලන්න ඕනෙ. මම ඒ ගැන දැනුවත් නෑ.
Deleteමගේ අම්මෝ! හරිම සුන්දරයි! මං bio-informatics කියලා ග්‍රීක් වගේ විෂයක් ඉගෙන ගන්න පටන් ගත්තා! මේ ටික කුප්පියක් දා ගත්තොත් ගොඩ වගේ!
ReplyDeleteඔය කිව්වේ, ඔය කිවුවේ.... බයෝ ඉන්ෆොමැටික්ස් කියන්නෙ වෙන එකක්නෙ. මේ ජෙනටික්ස්. බයෝ ඉන්ෆොමැටික්ස් ලේසියිනෙ. ගණන් හදන්න තියෙන්නෙ.
Deleteඅනේ බස්සි මැඩම් ඔයා මට වඩා ඔච්චර වයසින් බාල නොවී, මට වඩා අවුරුදු පහළොවක්වත් වැඩිමල්ව ඉපදිලා, මගේ සෑන්ස් ටීචර් වුනා නම් අද මං කොහොම ඉඳීද!
ReplyDeleteඒක ටිකක් බර වැඩී වගේ. අංගෝපාංග වැඩියි ඒකට. සම්භාවිතාවත් අඩුවෙනවා එතකොට. අල්ලලා දාහං බං.
හිහී! මං ටීචර් කෙනෙක් උනානම් ළමයින්ට අබ සරණයි. කිවුවට මොකද ඩූඩ්, මම 'කර්මය හා කර්ම ඵලය' තදින්ම විශ්වාස කරන නිසා සක්කරයා කිවුවත් ටීචින් නම් යන්නෙ නෑ. ඇයි හත්දෙයියනේ, ඒ කාලෙ මගේ ටීචර්ලට දුන්නු දසවද මට දිට්ඨදම්මවේදනීයව පඩිසන් නොදෙයි කියල සැකක් නොහිත ඉන්න පුලුවන් කාටද!
DeleteTake my word for it. I did the stupid thing and have been suffering ever after, again and again again and again again and again again and again again and again again and again again and again again and again again and again again and again again and again again and again again and again again and again again and again again and again again and again again and again for what I did.
Deleteඅයියෝ ටීචර් ඇයි ඔයා මගේ සෑන්ස් ටීචර් උනේ නැත්තේ...එහෙනම් මාත් සාපෙන් පස්සේ සෑන්ස් කරනවනේ
ReplyDeleteපලි-මට නම් මෙලෝ මලදානයක් තේරැනේ නැත.කොයි ජානය කොහේට හර කර ඇලීලය කොහේට බැරකරන්නදැයි නොදනිමි...සියල්ල අවිනිශ්චිත ගිණුමට බැර කර අත පිහදා ගතිමි
ටීචර් කෙනෙක්නම් වෙන්නෙ නෑ මලාට!
Deleteසිමාට පින්සිද්ද වෙන්න මටනම් ඔයා අන්තිමට කියපු ග්‍රීක් ටික තේරුනා අක්කේ.
බොලා ටීචර් කෙනෙක් විය ඔව් ඒක තමා හොද
ReplyDeleteසෑහෙන දාසකින් සෑන්ස් පාඩමක් දාල තියෙන්නෙ නෙහ්
ඔව් නේ... අන්තිමට සෑන්ස් පාඩමක් ලියල තියෙන්නෙ ගිය අප්‍රේල් මුල.
Deleteබස්සි ටීචර් කෙනෙක් උනානම් ළමයි ඉගෙන ගන්නේ නැහැ. කාටුන් බල බල ඉඳි. හි හි බස්සි මේ ක්රෝමසෝම කතාව දැම්මේ ඇයි කියල ඉතින් කාටත් තේරෙනවනේ. බැඳලා සුමානයක් වත් නැහැ නේ බස්සි.නේ බස්සි.
ReplyDeleteඔන්න ඉතින් මඩක්! බලන්ටකෝ පාඩමක් කියල දෙන්න ගියාම කියන කතා.
Deleteසිරාවටම මම කැම්පස් එකේදි කුප්පි දාන්නෙ කාටුන් වගේ තමයි. කුප්පි නෝට් එක කුප්පිය අහගෙන නොහිටපු අයට මලාට තේරෙන්නෙ නෑලු. ඇයි ඉතින් වචන නෑ ඒකෙ, පිටු පහක් හයක් එක එක පින්තූර වලින් කතාවක් වගේ තියෙන්නෙ. එක යාලුවෙක් හිටියා කුප්පිය රෙකෝර්ඩ් කරගන්නවා නැත්නම් නෝට් එක දැක්කම පිස්සු හැදෙනව කියල.
මට කියන්න තීයෙන්නෙත් ඩූඩ් කිව්ව එකයි අජියා කියපු එකම තම්යි ඕන්
ReplyDeleteහිහී! තැන්කූ මාතලන්...!
Deleteඕලෙවල් කාලෙ ආසම සෑන්ස් පාඩම මේක තමයි. (ඇත්තවශයෙන් ම මට සියක් දහසක් වූ වටිනා පාඩම් මාලාවෙන් පැහැදිළි ව තෑරුනේ ඔය ජාන ගැන විතරයි හි හි) ඒ නිසා ඔන්න මට නං අර හරබර වචන හැර අනිත් සේරෝම තේරුනා හොඳේ!
ReplyDeleteසාකියා මටත් එහෙමයි. ආසාවෙන් ඉගෙනගත්තු එකම කොටස. ඕලෙවල්වල තිබුන ඒ පොඩි කොටස නිසාම බයෝ කරලා කැම්පස් එකෙත් ඒකම ඉගෙනගන්න තරමට "උණක්" ඇතිකලේ ඒ එකොළහ වසරෙදි කියවපු පිටු දෙක තුනක පාඩම තමයි.
Deleteනියමයි බං ..අවුරුදු තිස්පහකට පස්සෙ අපේ ඒ ලෙවල් සත්ත්ව විද්‍යාව පංතිය මතක් වුනා. සත්ත්ව විද්‍යාව මගෙ ප්‍රියතම විෂයය ඒ කාලෙ...ඒකෙනුත් ජාන විද්‍යාව....ඒ කාලෙ අපි සත්ත්ව විද්‍යාව උද්භිද විද්‍යාව කියල විෂයයන් දෙකක් කලා. දැන් නම් ඒ ලෙවල් වලට තියෙන්නෙ ඒ දෙකම එකතුකරල ජීව විද්‍යාව කියල එක විෂයයක් නේද?
ReplyDeleteඔය පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණය වීම උගන්නනකොට දිවරෝල් කිරීමේ හැකියාව සහ කන්පෙත්ත ඇති/නැති බව ගැනත් කියල දෙනව නේද? ජාන කිටුව, පීසම් සැටයිවම්, නිලීණ ජාන, ප්‍රමුඛ ජාන ආයම මතක් වුනා...බොහොමත්ම ස්තූතියි....ග්‍රොසුලරියාටා, ලක්ටිකලෝර් වචන දෙකත් මතකයි..ඒ මොක්කුද?.... සමනලයො නේද?
ජානා ඕ මෙරෙ ජානා.... මගේ ජාන ගැන කියන සිංදුවකුත් අපි ඉගෙන ගත්ත මතකයි...
පලි - ජාන තාක්ෂණය ගැන කියවන්න අයෑම් එවර් රෙඩි.....:)
මම කැමතිම ජාන විද්‍යාවට කියලා කියනකොට අපේ ක්ලාස් ටීචර් පවා නිකම් අමුතු සතෙක් දිහා බලන්නැහෙ මා දිහා බලන්නෙ ඒ කාලෙ. මොකද මං ගොනා හැර අපේ බයෝ ක්ලාස් එකේ අනිත් තිස් එක් දෙනාටම ඕනෙ වෙලා තිබුනේ වෛද්‍යවරියො වෙන්න.
Deleteඅපිට තිබුනෙ ජීව විද්‍යාව කියලා එක විෂයයක්. හැබැයි මට එපාකරපු වැඩේ තමා සත්තු කපන එක. එදාට අනිවා පීරියඩ් කට් කරනවා. අනික තමා බයෝ ලැබ් එකෙන් එන්නෙම මහ අප්‍රසන්න කෙමිකල් ගඳක්. මම ආසම විෂයය කෙමෙස්ට්‍රි.
කන්පෙත්ත. මහපට ඇඟිල්ල, ඇස්වල පාට, දිවරෝල් කිරීම ඔයවගේ ලක්ෂණ හයක් ගන්නව නෙව උදාහරණ වලට.
ඩුඩ් ගේ කොමෙන්ටුවම තමයි මටත් කොටන්න වෙන්නේ ...මගෙත් ප්‍රියතම විෂයක් බස්සියෝ ...
ReplyDelete(වහෙන් ඔරෝ බාසාවෙන්ම කිව්වා නේද හොඳ අල බැදුමක් හදන්න ගිහින් අඩිය ඇල්ලුවා කියලා ...හැක් හැක් )
සන්තෝසයි අප්පා මේ සබ්ජෙට්ටුවට ආසා මං වගේ පිස්සො තව ඉන්නවා කියල දැනගත්තු එකත්.
Deleteඇහ්! මට දැන් හොඳට උයන්ඩ පුලුවන් හරිය? බොරුනන් අහන්නකෝ බස්සගෙන්! :P
හිකිස් ...
Deleteගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න.............
හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන්
ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්
හොදී ඉදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන්
අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම්................
මල් හිටවන්නත් පුළුවන් වල් ගලවන්නත් පුළුවන්
පහන් පැලක් වගේ ගෙපැල සුවඳ කරන්නම්
හොඳට අඬන්නත් පුළුවන් නාඬම ඉන්නත් පුළුවන්
ටික දොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම්........
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
දැන් කියහල්ල බලන්න බකුස් ඩබල හිටෝපු ඇටෙන් පැලවෙන්නෙ මොන පාට පැලයක්ද?
ReplyDelete1. බස්ස වගේ සුදු පාට ද ?
2. බස්සි වගේ කළු පාට ද ?
බස්සියෙ තැන්කූ පාඩමට , අපේ සයන්ස් ටීචර්ට අසනීප උනා සා.පෙ කාලෙ පාඩමේදි. මට අම්ම කියල තියෙන්නෙ මයෙ චූටි පුතා ගෙනාවෙ රෝස කැලෙන් කියල. ඒක මට හොදයි වගේ. : D
කම්මල අයියා මේ ෂෝට් ෆිල්ම් එක බලලා තියෙනවද?
Deletehttp://www.youtube.com/watch?v=-a6Pe1ovKHg
හෙක්...හෙක් එලනෙ. මේක අපේ දෝණිට පෙන්නන්ඩ ඕනෙ.
Deleteහෙක්...හෙක් එලනෙ. මේක අපේ දෝණිට පෙන්නන්ඩ ඕනෙ.
Deleteබොහොම ස්තූතියි! මේක පෙන්නන්න ඕනි පොරක් (පොරියක්) අපේ ගෙදර ඉන්නවා, අගෝස්තුවල එල්ලන්න නියම වෙච්ච එකෙක් වගේ. අනේ බස්සියො තව බයෝ පෝස්ට් දෙකතුනක් දාකො...හොඳ බස්සිනෙ.
ReplyDeleteඅගෝස්තුවල එල්ලන්න නියමිත පොරියක්නම් මධු අයියේ මේ පෝස්ට් ටිකත් පෙන්නන්න. (ලින්ක්ස් තියෙනවා මේ පෝස්ට් එකේ පසු ලිවීම විදියට.)
Deleteසැලෙන ලෙලෙන උකුළු තලේ - Science behind big butts
පෘතුවිය හැදුනේ කොහොමද?
කොයි ලෙසටද ජීවය බිහි වූයේ.....
මටත් ඒ ලෙවල් කාලේ මතක් උනා. මම හිටිය පන්තිය ටිකක් ලොකු එකක්. අර අරූගෙ අඩවිය ලියන උන්දෑ කියල තියෙන පන්තියට පන්ති දෙකක් එහායින්. පන්තියේ කළු ලෑල්ල එක කොණක ඉඳන් අනික් කොණ වෙනකම් දිගයි. මම හිටියෙ අනික් පැත්තේ පිටිපස්සේ. පන්තියට එහා පැත්තේ පිට්ටනිය නිසා බෝඩ් එකෙන් හරියටම භාගයක් දිලිසෙනවා. ටීචර්ලත් මේවා එක කොණක ඉඳන් අනික් කොණ වෙනකන් ලිව්වම, මම ලියාගන්නේ මට පේන හරිය විතරයි. විභාගයක් එහෙම ලං වුනාම ආයි කියවන්න බලනකොට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. කොහොමහරි ගෙම්බෝ සහ කැරපොත්තෝ සෑහෙන ගාණකගෙ ජීවිත විනාශ කරල සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තකට ගියා. මතකය අළුත්කරාට ඉස්තූතියි. පාඩමෙන් ඊට වඩා දෙයක් ගැනීමට උත්සාහ කිරීම මීටරයට හොඳ නැති වෙන්න පුළුවන්
ReplyDeleteගෙම්බෝ කැරපොත්තෝ කැපීම අපේ කාලෙ සිලබස් එකෙන් සෑහෙන දුරට අයින් කරලා තිබුනේ. ඒත් අපේ ටීචර් මාර උනන්දුයි අවුට් ඔෆ් සිලබස් කැපිලි වලට. අර සිහිනැතිකරලා පණුවො මරන සීන් එහෙම ඉතාම අප්‍රසන්නයි මටනම්.
Deleteඉයන් බාගෙට හරි නෝට්ස් ලියලනේ. අපි ඉස්සර සබ්ජෙක්ට් සේරම ලියන්නෙ එකම පොතේ. හැබැයි ටියුෂන් නෝට්ස් නම් පිලිවෙලට ලියනව ඉතිං.
බැන්ඳ ගමන් මේ ගැන හිතුන එක එක අතකට පුදුමෙකුත් නෙමෙයි.. ඔහොම යං ඔහොම යං..
ReplyDeleteඔන්න කිවුවා... ඕන්න කිවුවා... දුප් හොර ෆාමසිකාර ඉඳිකට්ටා! :P
Deleteකසාද බැන්දා විතරයි මෙකිට මොකද මේ වුනේ..
ReplyDeleteසයන්ස් උණ හැදිලා.. :O
අපේ අප්පේ.. මේවා දැක්කම බදින්නත් බයේ බැහැ..
හෑ! යකූ මේ උණ තියෙන්නෙ දහය වසරෙ ඉඳලා.
Deleteමොණරි දැන් පත්තරේට ලියන එව්වා සිරා ඈ! ආඩම්බරයි!
බොලා දෙන්නගෙන් බිහිවෙන බසු පැටවුන්ගෙ මොන ජානද ප්‍රමුඛ වෙන්නෙ? ආට් ජානද, අයිටී ජානද?
ReplyDeleteඋස ජානද / කොට ජානද ?
Deleteකවුද හැබෑට ආට් කලේ? හිහී!
Deleteඋස ජාන ප්‍රමුඛ වුනොත් මට එතනත් කොටා කියල අපහාසෙ.
ආට් නොකළට බොලාගෙ ආට් හැකියාව ඉහළයි. ඒක ගැනයි මං කිව්වෙ. :-)
DeleteCH3-CH2-OH, වගේ...
ReplyDeleteජයවේවාඅ