Wednesday, August 19, 2015

වීරයා මැරුනේ පෑන හිරවීමෙන්ද?



කාලෙකින් මොකුත් නොලියවෙනකොට (දැන් මට වෙලා තියෙනව වගේ) අදාල පුද්ගලයට වැළඳිලා ඇති කියල සැක කරන්න පුලුවන් ප්‍රධාන රෝග දෙකක් තියෙනව මුලින්ම මතකෙට එන.


1. රයිටර්ස්  බ්ලොක්

2. බිසීවීමේනියාව


ඔය කියන බිසීවීමේනියාවෙන් පෙලෙන දවස් වලත් මම අඩුම තරමේ දවසකට කවි දෙක තුනක්වත් ලියනව ඔෆිස් යන එන අතරෙ පාරට රස්තියාදු වෙන කාලය ඇතුලතදි. ඒත්, පහුගිය ටිකේ එහෙමවත් නොලියවුනු නිසා මම හොයා බැලුව මොකක්ද මේ රයිටර්ස් බ්ලොක් කියන්නෙ කියලා.





රයිටර්ස් බ්ලොක් කියන්නේ තනි සාධකයක් නෙමෙයි. එක් එක් රචකයන්ට අනන්‍ය වූ පොබ්ලම් කිහිපයක් පත අට එකට සිඳුවලා එක ගෝනියකට දාලා කට මහලා ඒකට “රයිටර්ස් බ්ලොක්” කියන ලේබලය ඇලවීමයි සිදුවෙලා තියෙන්නෙ.



1. පටන්ගැන්මට කලින්ම නතර වීම


මේ තත්වය ‘හිස් පිටු සින්ඩ්‍රෝමය” (Blank page syndrome) නමිනුත් හඳුන්වනවා. රචකයා  හිරවෙන්නේ ලියන්න පටන් ගන්නත් කලින්. හිස් පිටුවක් දිහා ඔරවාගෙන ඉන්නවා මිසක අලුත් අදහස් එකක්වත් ඔලුවට එන්නේ නැහැ. 


වෘත්තීය රචකයෙක් නම් මෙතැනදී ලිවීම් අභ්‍යාස කිහිපයක් කරලා පරණ පුරුදු තත්වයට පත් වෙන්න පුලුවනි. කෙටිකතා සඳහා සුදුසු ආරම්භක, ‘නොගැලපෙන වචන තුනක් දීලා ඒව එකතු කරල ප්ලොට් එකක් ලියන්න’ වගේ අභ්‍යාස අන්තර්ජාලයේ ඕනෑ තරම්.


එහෙමත් නැත්නම්, “ලියන්න දෙයක් නෑ, මොලේ හිස් වෙලා මචං.” කිවුවාම ටොන් ගණන් අයිඩියා දෙන යාලුවෝ ඉන්නවනම් ඒකත් ලොකුම වාසනාවක්.



2. ලියන්නට දේවල් බොහොමයක් තිබුනත් ලියන්නට හිතක් නැතිවීම


හිතේ අයිඩියා ටොන් ගානක් තියෙන්නත්, ඡේද කිහිපයක් ලියා සියල්ලම එක කී බෝර්ඩ් ෂෝර්ට්කට් එකකින් ඩිලීට් කර දමන්නත් සිදුවීමයි මේ තත්වය. එක් මාතෘකාවකින් තවත් මාතෘකාවකට පැන පැන යනවා මිසක අන්තිමේදි කිසිවක් ලියවෙලා නැහැ.





ඒ ලියන දේවල් එක්වරම මකා දමන්න තරම් අකීකරු වෙන්න එපා. ඩ්‍රාෆ්ට් විදියට සේව් කර තියෙන කුඩා ඡේද කැබලි දවසක ඔබේ හොඳම ලියැවිල්ල බවට පත්වන කුඩා නිධාන වෙන්නටත් පුලුවන්.



3. ඒ සීන් එක පන්නා ගන්නට නොහැකි වීම


ප්ලොට් එකත් සුපිරිය. දැන් කතාවේ හතරෙන් එකක් ලියා අහවරය. නමුත් වීරයා මියයන අවස්ථාව/ කෙල්ල ඇමතියාගේ කනට ගහන සීන් එක/ පොලීසියෙන් පිකට් එකට කඳුළු ගෑස් ගහන කොටස වැනි එක කොටසක් ලියා ගන්නට බැරුව හිරවෙලාය. කිසිම කික් එකක් නැත. කතාවම එතැන හිරවෙලාය.


මෙහෙම වෙන්න හේතු දෙකක් තිබෙන්නට පුලුවනි.


එක්කෝ ඔබ පට්ට සුපිරියට ලියාගෙන ආවායැයි හිතන කතාවේ චරිත ගොඩනැගීම ඉතා දුර්වල වෙන්නට පුලුවන්නි. පට්ට සිරා ප්ලොට් එකේ ඔබට නොපෙනී මගහැරුන ලොකු හිලක් ඇති නිසා අර ‘වැදගත් සීන් එක’ ඒ සිදුරෙන් පහලට වැටී කුඩු වී යනවා වෙන්නටත් පුලුවනි.


එහෙමත් නැත්නම්, ඔබ හිතනවා වැඩි ඇති. ඕනෑවට වඩා වෙහෙසී ක්‍රෑම දාන සමහරු එක්සෑම් අනාගන්නේ සබ්ජෙක්ට් එක එපා වී වහකදුරු මෙන් තිත්ත වීම නිසයි. ඒ නිසා අදාල කොටස ලිවීම ගැන ඔබ ඔබවම පීඩාවට පත්කර ගැනීමෙන් වලකින්න.



4. ඊට පස්සෙ මොකද ඕයි වෙන්නෙ?


මෙහෙම වෙන්නේ මම වගේ සැකිල්ලක් නැතිව ලියන උදවියටයි. බොහෝවිට ලිවීම තුලින් මම ෆැන්ටසිමය තත්වයකට පත්වෙනවා. ඉන් පස්සේ කතාවක චරිත හැසිරෙන්නේ උන්ට ඕනෑ විදියට මිසක් මට වුවමනා විදියට නොවෙයි. 


ඔන්න හිටිගමන් ඔබ පෙරකී මත් ගතියෙන් යුත් ෆැන්ටසියෙන් අවදි වෙනවා. ලැප්ටොප් එක වහලා උයන්න/ කන්න/ රෙදි සෝදන්න/ ආයතනික රැස්වීමකට සහභාගි වෙන්න දුවනවා. ඉන් පස්සෙ ආයෙමත් අර ෆැන්ටසියට ඇතුලු වෙන්න අමාරු බව දකිනවා.


සිහින තුලට, ෆැන්ටසි තුලට බලෙන් කඩාවදින්න බැරි නිසා ඒක අමතක කරලා දාන්න. දවසකින් දෙකකින් ඔබ ආපහු සුපුරුදු ගංජා මූඩ් එකට නිරායාසයෙන්ම පත් වේවි.



5. වීරයෝ ඔක්කොම මලා





මේකත් අර මම කලින් කියපු ගංජා මූඩ් එකේම ප්‍රතිඵලයක් වෙන්න පුලුවනි. ඔබේ මුරණ්ඩු චරිත අර සිහිනමය තත්වයේදී පිස්සු කෙලීම නිසා ඔබ හීනෙන්වත් නොහිතූ දෙයක් ලියැවී තියෙන්න පුලුවනි.


මම නම් කියන්නේ කලබල වෙන්න එපා. උන්ට උන් ඉල්ලන නිදහස දෙන්න. මම “හුදෙකලා මියැසිය” ලියන්න ගන්නේ මෙලෝ රහක් නැති නපුරු කොල්ලෙක් සහ ඒ කොල්ලගෙ පස්සෙන් යන පිස්සු කෙල්ලෙක් ගැන. අන්තිමේදි මම ‘ඇහැරෙනකොට’ මෙන්න මේ බූරුවො දෙන්න අත අල්ලගෙන හාදු දෙනවා! ඉතින් ඔබ ලියන්නේ ඒ සිහිනමය තත්වයේදි දැනෙන සැහැල්ලුව විඳින්න නම්, කලබල නොවී ඒ හාදුව රසවිඳීම තමයි නුවණට හුරු.



6. කුසීත චරිත


ඔබේ චරිත කරන්නේ කොණ්ඩෙ ගොතන එකයි, බල්ලො නාවන එකයි, රස්සාවට යන එකයි විතරයිද? පිටු පහළොවකට පසුවත්? 


බොහෝවිට ඔවුන් ඔබේ කියවන්නනුත් අකැමති කුසීතයෝ වෙන්න පුලුවන්. නරකද අලුතෙන්ම පටන්ගත්තොත්?



7. කතාවේ අතරමැදදී හොල්මන් කරන විචාරකයෝ


මුද්‍රිත මාධ්‍යකදිනම් විචාරකයෝ, සයිබර් අවකාශයේදීනම් ඇනෝලා හෝ අතිපණ්ඩිත කුණු අහුලන්නෝ ඔබේ ලියැවිලි අපමණ පීඩාවට පත් කරනවා වෙන්නට පුලුවන්.





නමුත් ඔවුන්ට බැහැනේ ඔබව නවත්වන්න. සමහරවිට ඒ අසීමිත ඉරිසියාවක් වෙන්නත් පුලුවනි. ඒ නිසා අර විචාරකයන්ගේ සහ අතිපණ්ඩිත කුණු අහුලන්නන්ගේ සමාජමට්ටමේ, අධ්‍යාපන මට්ටමේ ඉන්න වෙනත් රසිකයෝ ඔබට යහපත් ප්‍රතිචාර ලබාදෙනවාදැයි විමසා බලන්න. එහෙමනම්, අරුන්ට කුද ගහගන්නැයි කියා, ඔබ ඔබේ කතාව ලියන්න.



ඉතින්, මාව පෙලන්නේ හිස් පිටු සින්ඩ්‍රෝමය. මම ආයෙමත් කියන්නේ, “ලියන්න දෙයක් නෑ, මොලේ හිස් වෙලා මචං.” කිවුවාම ටොන් ගණන් අයිඩියා දෙන යාලුවෝ ඉන්නවනම් ඒක ලොකුම වාසනාවක්. 

එහෙම නේද මචං?





81 comments:

  1. උපදෙස් ටික නම් නොසෑහෙන්ට වටිනවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කැමා!
      [මං දැක්කා කමෙන්ට්වල ඔයාට 'කැමා' කියල නමක් දාල. මමත් ඒ නම පාවිච්චි කලාට අවුලක් නැහැ නේද?]

      Delete
    2. චැහ්.. කැමරා කටා කියල අච්චර ලස්සන නමක් තියෙද්දි :D

      Delete
    3. බස්සි,
      අවුලක් නෑ... ඕක අපෙ මෙන්ඩයියා දාපු නමනෙ...

      පාද්රේ,
      කාපිය මාව.... :D

      Delete
    4. මට අහන්නත් බැරිවුනා. පත්තරේ කවද්ද පාද්රේ පදවිය ලැබුවේ?

      Delete
    5. දූ පැටියට තාම සති හයයි නගේ … !!

      Delete
    6. උණුසුම් සුභපැතුම් පත්තරේ! ඒ විස්තරේ කියලවත් දාන්නකො පෝස්ටුවක් බට්ටිච්චිගෙ පින්තූරයක් එක්ක.

      Delete
  2. එහෙම නේද මචං ? නැතුව නැතුව !!!

    ReplyDelete
  3. මාව පෙලන්නෙත් හිස් පිටු සින්ඩ්‍රෝමයෙන් තමයි මට හිතෙන්නෙ.
    ස්තුතියි ලෙඩේ හොයාගන්න සැලැස්සුවට.

    ReplyDelete
    Replies
    1. %^&&#$&!

      හිස් පිටු සින්ඩ්‍රෝමෙ නෙමෙයි, අවුරුද්දට එකම එක පෝස්ටුවක් විතරක් ලියවෙන්න කික් එකක් එන්නෙ කොහොමද කියන එකයි හොයාගන්ට ඕනෙ. :P

      Delete
    2. /මාව පෙලන්නෙත් හිස් පිටු සින්ඩ්‍රෝමයෙන් තමයි මට හිතෙන්නෙ./
      වාසනාවන් මං හිතං හිටියේ සිරෝසීස් වලින් කියලා... හැක් හැක්..

      Delete
    3. මං ආසම බ්ලොග් එක :D

      Delete
    4. එතකොට විදානෙව පෙලන්නෙ මොන සින්ඩ්‍රෝමෙද හැබෑට?

      Delete
    5. ඒක ලොවෙත් නැති කොන්ක්‍රීට් බ්ලොග් එක!

      Delete
    6. @ මලදානේ, ඒකට තව කල් තියෙනව බොල
      @ පත්තරේ, කොමෙන්ට් ටිකට වෙන්ටැ
      @ බස්සි, උෟට එක සින්ඩ්‍රොමයක් කියල නෑ.

      Delete
  4. 7 වැනි උපදේසෙ නම් සැබවින්ම අත්දුටුවා බස්සි අක්කේ...

    ජයවේ ඔබට

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ තමන්ගේ ලිවීමේ අඩුපාඩු සුහදව පෙන්වා දෙන අය ගැන නෙමෙයි. ලියන දේවල් වලට තේරුමක් නැතුව විරුද්ධ අදහස් ප්‍රකාශ කරන කුහකයො ගැන.

      උදා :

      ඔයාගෙ කවියෙ මේ "රොබරෝසියා මල්" කියන වචනෙ අහවල් කවියෙන් හොරකම් කලා නේද?

      මේ මාතෘකාව දැක්ක ගමන් මටනම් මතක් වෙන්නෙ අහවල් කතාව. (උඹේ කතාව ඒ කතාවෙ අහලකින්වත් තියන්ඩ බෑ)

      මෙය හුදු සාහසික ඒක දෘෂ්ඨික වර්ගවාදී ෆැන්ටසිමය බෝම්බයකි.

      මේ කෙටිකතාව කියවලා අපේ අනාගත පරම්පරාව හිතයි අනියම් සබඳතා කියන්නෙ මහා සුචරිතවාදී දෙයක් කියල. නොදකිං!

      Delete
    2. මගේ බ්ලොග් එකෙ සබරෙ ඇනෝ ලියපු කවියකට එක ඇනෝවෙක් මහ කැත දීපු කමෙන්ට් එකක් ගැන මම කිව්වෙ
      http://warnakulakaya.blogspot.com/2015/08/blog-post_18.html
      බලන්නකො අක්කෙ ඒ වගේ කුහකයෙක් නෙමේද කියලා

      Delete
    3. මම කියන්නෙ ඔන්න ඔය ජාතියේ කමෙන්ට් ගැන තමයි මල්ලි.

      Delete
    4. @ වර්ණ කුලකය
      එය ලියා ඇත්තේ ඔබ දන්නා හඳුනන කෙනෙකු වීමට ඇති ඉඩකඩ බොහෝයි. නොදන්න අයෙකුට මෙහෙම ලියන්න කාලය නාස්ති කරන්න අවශ්‍යතාවක් නෑ.

      කෙසේ වෙතත්, බ්ලොග් ලියන්න ආ යුත්තේ කබර හමක් එක්කයි, නැති නම් කමෙන්ට් වැසිය යුතුයි!

      Delete
    5. අනිවාර්යයෙන්ම, අනික තමයි බ්ලොග් අවකාශයේ කාලයක් රැඳෙනකොට ඇනෝවා කවුද කියා අනුමාන කිරීමටත් හැකිවීම.

      Delete
  5. පස්ට..මං හිතන්නෙ මට තියෙනවා අර මාතෘකා පැන පැන යන එකයි...බාගෙට නවත්තලා ආයෙත් පටන් ගන්න තියෙන කම්මැලිකමයි..
    මං යෝජනා කරනවා "බොග් පෝස්ට් ලියන්නේ කෙසේද?" කියලා අර අභ්‍යාස ටිකක් හිංගලෙන් උගන්නන්ට කියලා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පෝස්ට් ලියන්නේ කෙසේද කියන මාතෘකාවෙන් දැනටමත් ලිපි සීරීස් එකක් මහාචාර්ය මාතලන් විසින් කැම්පස් සින්ඩියේ කොටස් වශයෙන් පල කරල තියෙනව මලියෝ...

      Delete
  6. ඔව් මචං....

    එකම ජාතියේ ලව් ඉස්ටෝරී ලිය ලියා හිටපු බස්සියගෙ ටැලන්ට එක දැකලා... මේන් මේවා ලියපිය කියලා, පලු යන්න බනිද්දිත්, හැමදාම උඹට කොමෙන්ට් දාපු මාත් එහෙම එකෙක් නිසා.. මටත් තියෙන්නේ පට්ට ආඩම්බරයක්....

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙ Destructive criticsලා ගැන මිසක් තමුන්නැහැගෙ වගේ constructive criticsලා ගැන නෙමෙයි.

      Delete
  7. ඔව් මචං ඒක ඇත්ත. මට ඔය ලෙඩ දෙකම තියෙනවනෙ. මේ ලඟදිම ලියපු පෝස්ට් එක තමයි හොඳම උදාහරනයක්. ලියන්න කියලා වාඩි වුනු දේ නෙවෙයි අන්තිමට ලියවිලා තියෙන්නේ. මේකෙන් හරි තියෙන ලෙඩ ටික හොයාගන්න පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
  8. Replies
    1. තැන්කූ නලින් අයියා මචං

      Delete
  9. ඕලාරික හිතද මොකක්ද කියනවා නේද ඔය මොකක්ද එකට?

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියනවද? ඕලාරික කියන්නෙත් ඉතින් මෙලෝ රහක් නෑ වගේ සීන් එකක්නෙ නේද?

      Delete
    2. නෑ බං. දුවන පනින සිත කියන එක.

      Delete
  10. නෑ බස්සි. පෑන නෙවෙයි. යතුරු පුවරුව

    ReplyDelete
    Replies
    1. මටත් පෑනෙන් දිගට ලියන්නම බෑ දැන්.

      Delete
  11. හරි මචං බස්සි...
    මට හිතෙන්නේ මට ඔය කියන ඹක්කොම තියනවා වගේ.. ලියාගෙන ඇවිත් අතරමග නතර කරපුවා හතරක් පහක්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඇයි අර උඹ අමාරුවෙන් සිංදුවක් ලිව්වම ඒක සෑහෙන කාලෙකට කලින් සුනිල්.ආරියරත්න ලියල තිබ්බෙ :D

      Delete
    2. ෂැහ් ඒක නං කැතම සීන් එකක් තමයි..
      අඩෝ සුනිල් පේස් ටු පේස් වරෙන්.. කොපි කරන්න එපා...හැක් හැක්

      Delete
    3. විදානේ පටන් ගත්තු ගමන් ආයෙත් ලිවිල්ල ඇණහිටියද?!

      Delete
    4. පත්තරේ, සුනිල් ආරියරත්න කරපු වැඩේ නං කැතයි නේද? පව් විදානෙයා.

      Delete
  12. එහෙම නෙමෙයි මචං..
    ආයෙ බොලාට අයිඩියා දෙන්නෙ අහවල් එකටද? මම ඉල්ලීමක් කොරන්නම්. ලියහංකො කතාවක් අවුරුදු පහලවට අඩු හතරට වැඩි වගේ වයස් කාණ්ඩෙ ඉලක්ක කරලා..(කියවන්නෙ ඉතිං අපි තමයි.. අපිත් මල් වගේ උදවිය නෙව.) අර ෆැන්ටසි සීන් අස්සෙන් ඒත් දරාගන්න ඇහැකි බරකුත් එක්ක..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හප්පේ පැපූ මෙන්න ඔයාට උම්මා එකක්. මේ යක්සයො එකෙක්වත් දුන්නෑ අයිඩියාවක් ඔයා මිසක. අනිවාර්යයෙන්ම ලියන්න ට්‍රයි එකක් දෙන්නම්!

      Delete
  13. දැන් මට තියෙන ලෙඩේ හොයාගන්න ඕනේ! ඉන්න උන් ලියන්න අයිඩියා දෙන එකක් යැ! මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරපං! අර කෝඩ් එක වැඩ කරන්නේ නෑ. පොඩ්ඩක් බලපන්! ලබන මාසේ meeting එකට budget පාස් උනාද බලපන්! රෙද්ද!

    දියන්කෝ අක්කේ බලන්න අයිඩියාස් එකක්!

    ReplyDelete
    Replies
    1. නාඩියා එහෙනං ඔයාට තියෙන්නෙ රයිටර්ස් බ්ලොක් නෙමෙයි බිසීවීමේනියාව.

      මම දෙන්නද අයිඩියාස් එකක්? අපේ එලොකියුෂන් ටීචර් ගැන ලියන්න. එයාගෙ බල්ලො කන්දරාව, දවසක් හෑන්ඩ් බෑග් එක කියලා බලු පැට්ටෙක් කිහිල්ලෙ ගහන් ආපු හැටි, උස යන්න මැග්නටික් ට්‍රීට්මන්ට් කියල කාන්දමක් දාලා වතුර බොන එක....

      Delete
  14. //අතිපණ්ඩිත කුණු අහුලන්නෝ//

    ----------------------------------------------------------------------------------

    ReplyDelete
    Replies
    1. ප්‍රා ට ඒ තොප්පිය හරියන්නෙ නෑ.

      Delete
    2. ප්‍රා :

      කෙලින්ම කියන්න එපැයි ප්‍රා. අදාල මනුස්සයට පොඩි ෂොක් එකක් දෙන්නවත්.

      Delete
    3. රසික :

      මෙතන වෙන කෙනෙක්ට තොප්පියක් දාන්න උත්සහ කරන කමෙන්ටුවක් විදියට දැක්කෙ මේක විතරයි. හිහී!

      Delete
    4. කම්මල :

      එකෙන්ම එකඟයි. ප්‍රා කියන්නේ මගපෙන්වන්නෙක් මිසක් ඝාතකයෙක් නෙමෙයි.

      Delete
  15. ලියන්න දෙයක් නැත්තං ඒ ගැන හරි ගියන්න පුළුවන් වීම මාරයි...! :-)

    කොහොමද, “මෙතෙක් කල් දුටු බස්සා තුලින් මතුවන නොදුටු බස්සාගේ භූමිකාවන්“ ගැන ලිව්වොත්?

    ReplyDelete
    Replies
    1. හිහී! වෙන ලියන්න දෙයක් තිබුනෙම නෑ ඩ්‍රැකියෝ.

      මට ඔයාගෙ මාතෘකාව පැහැදිලි මදි. හැබැයි වචන ටික සිත් ඇදගන්නා සුළුයි. තව ටිකක් පැහැදිලි කරනවානම් මම බොහොම කැමතියි ඒ ගැන ලියන්න.

      Delete
    2. මං අදහස් කළේ, විවාහයට පෙර අපි දකින 'පෙම්වතා / පෙම්වතිය' - විවාහයට පසු අපට හමුවන 'සැමියා / බිරිඳ' අතර තියෙන වෙනස්කම... ඔයා මේක නොදකින්නත් පුළුවන් බස්සගෙන්. මංදා මං නං ඩ්‍රැකියානිගෙන් මේ දේ හොඳින්ම දැක්කා. අපි දෙන්නට ඒ දේවල්ට හුරුවෙන්නත් ටික කාලයක් ගත වුණා.

      Delete
    3. අහා! ලියන්නංකෝ...

      එහෙම අවුල් සීන් තියෙන්නෙ බොහොම ටිකයි. මට මේක ලිවීමේදි තියෙන එකම අවුල "උඹේ පවුලේ දේවල් අපිට මොකටද" කියලා කියවන්නන්ගෙන් ගල් වදින්නට පුලුවන් වෙන එක.

      Delete
  16. බලෙන් හිස් පිටු පුරවන්න හොඳත් නැහැ. පිරවෙද්දි නිකං ඉන්න හොඳත් නැහැ.....

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. වීරයා මැරුනේ කිව්වාම මම හිතුවා මේ අර අහවලා ගැන කියනවා කියලා හිටං.

    මොකක්ද දන්නේ නැහැ මචං ඔතනින් මට තියෙන ලෙඩේ.

    ReplyDelete
    Replies
    1. උඹට මේ අවුල් ඔක්කොම තියේද මන්දා. කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලන්නැහේ කලාතුරකින්නෙ ලියන්නෙ.

      Delete
  19. මටත් කාලෙන් කාලෙට ඕක එනවා,
    නමුත් මේ දිනවල නම් කෝච්චියට නැග්ගා, කම්පියුටරේ ඇරියා, කොට ගොන කොට ගෙන ගියා, ආපහු එනකොටත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මමත් බ්ලොග් පෝස්ට් ලියන්නේ ඔෆිස් යන එක අතරේ. හැබැයි ෆෝන් එකෙන්.

      Delete
  20. මං හිතන්නේ මට තියෙන්නේ නොම්. 2 සහ 7 අවුල. හොයල දුන්නට තැන්කිව්

    ReplyDelete
  21. නෑ බොලේ 2 සහ 6, අංකත් ටැපලෙනවා අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. හප්පේ ඒ කියන්නෙ ලෙඩේ දරුණුයි!!

      Delete
  22. අරුන්ට කුද ගහගන්නැයි කියා, ඔබ ඔබේ කතාව ලියන්න.

    ඒක නම් ඇත්ත තමා අක්කේ.........

    මටත් අදහස් එන්නෑ අප්පා.... පොඩ්ඩක් හරි මනෝ පාරක් දාගෙන හිටියොත් අපේ අම්මා ලොක විනාසෙ වගේ කෑ ගහනවනේ ඉතින් කෝමැයි මක්කවත් හිතන්නේ

    ReplyDelete
    Replies
    1. අපේ අම්මමාට අනුව නම් මම කුරුල්ලෙක් වගේ නිතරම කියවිය යුතු සත්වයෙකි... ටිකක් හරි මනෝ ගැහුවොත් මට මාරාන්තික රෝගයකි

      Delete
    2. හොඳ වෙලාවට මම නිවසේදී තනිවම සයිඩ් ගසා සිටීමට සහ මනෝ ගැසීමට පුහුණු වූ සත්වයෙක් නිසා අපේ අම්මා අවුල් යන්නේ මම ටිකක් වැඩිපුර කතා කරනවා ඇසීමෙනි.

      එහි සම්පූර්ණ විරුද්ධ පැත්ත යහළුවන්ය. මගේ කට විනාඩි දෙකක් වැසී තිබුනොත් උන් අම්බානක කලබල වෙයි.

      Delete
  23. යකෝ නිවිහැනහිල්ලෙ බලාන යනකොට ලියන උඹලට මෙහෙමනං බොලාල ඔය ලොවෙත් නැතුං ලියන මඤ්ඤං බඩකඩිත්තු ඔක්කොම කොනක ඉඳං පිස්සො වගේ කියවන අපි වගේ පිස්සු හුටංලට කොහොම අවුල් ඇද්ද අම්මප......

    ReplyDelete
    Replies
    1. හැක හැක! ඒකනම් මටත් හිතුනා පෝටරේ. මගේ විකාර කියවන උඹලට කොහොම මඤ්ඤං ඇද්ද? මඤ්ඤංම පාඨකයා වෙනුවෙන් සම්මානයක් දෙන්ඩ වටිනවා!

      Delete
  24. පෝස්ට් එකයි ,කමෙන්ට් ටිකයි කියෙවුවහම දාන්ඩ කමෙන්ට් එකක් නැති වෙන එකයි මට තියන අවුල.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ කම්මල අයියට හැදුනෙ commentor's block

      Delete
  25. හ්ම්.. හ්ම්... එහෙමයි තමයි..

    ම්... හපොයි... මේ ලෙඩ ඔක්කොම මට තියෙනවද මන්දා... ‘හිස් පිටු සින්ඩ්‍රෝමය” ගොඩක් දරුණුවටම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියල සේප් වෙන්න බෑ. ලියන්න අයිඩියාවක් දීල යන්න. :P

      Delete
  26. අක්කා මට නම් මේ post එක කණට ගැහුවා වගේ වැදුනා. ස්තුතියි ගොඩක්ම.මට තියෙන ලෙඩේ අඳුන ගත්තා.( හඳුන්වා දුන් ප්‍රතිකාර ක්‍රම ක්‍රියාවට නංවමින් )

    ReplyDelete
  27. සමාර අය ලෙඩේ සරුව පිත්තල කරලයි පෙන්නන්නේ..

    ReplyDelete
  28. මටත් ලගක් වෙනකම් රයිටර්ස් බ්ලොක් ලෙඩේ දෙවැනි අදියරය කාලයක්ම තිබිලා ලගදි හොදවුනේ.

    ReplyDelete
  29. දුහුනන්ට මේ ... අපි වගේ උන්ට නියමයි......

    ReplyDelete
  30. දුහුනන්ට මේ ... අපි වගේ උන්ට නියමයි......

    ReplyDelete