Wednesday, August 5, 2015

ඒ 'ලෙවල්' කුඩු කර ඔබ ඔබම වෙන්න!






මේ කතාව මම හොඳින්ම දන්නා කෙසඟ, සුදු පිරිමි ළමයෙක් ගැනයි.


ඒ එක්දාස් නමසිය අනූ ගණන්වල අග භාගයයි. අපි හඬකැවූ ටෙලි කතා මාලාවන්ට වහ වැටී උන් පොඩි එවුන්ව සිටි කාලයයි. ඔය කාලයේ ටීවී එකේ ‘පරිඝණක දඟයෝ’ (Crash Zone) නමින් කතා මාලාවක් විකාශය වෙයි. ඒ වීඩියෝ ගේම් නිෂ්පාදනය කරන සමාගමක රැකියාව කරන teenagersලා පස් දෙනෙක් ගැනයි.


කෙට්ටු, සුදු පිරිමි ළමයාගේ ගෙදර පිහිටියේ කතා පොත්වල ලියැවෙන හැඩයේ ගමකය. ඒ කාලේ ගෙදරට ලයිටුත් නැත. පිරිමි ළමයා ටී.වී. බලන්නේ සීයලාගේ ගෙදරින් ආරෝපණය කරගෙන එන කාර් බැටරියකිනි. එහෙම ටී.වී. බලන අතරේ පිරිමි ළමයාටත් පරිඝණක දඟයෙක් වෙන්නම හිතෙනවාය.





ඕ/ලෙවල් පංතියේදී පරිඝණක පාඨමාලාවකට ශිෂ්‍යත්වයක් ලැබෙද්දිත් පිරිමි ළමයාගේ ගෙදර කම්පියුටරයක් නැත. පිරිමි ළමයාගේ අයියා ඉංජෙකු වෙන්නට මොරටුවට යද්දිත් ගෙදරට කම්පියුටරයක් නැත. ගෙදරට කම්පියුටරයක් වඩින්නේ ඊටත් පසුවය. 


ඉතින් පිරිමි ළමයා තනියම කම්පියුටරේ අතපත ගාමින් ඉගෙන ගන්නවාය. අයියා ගෙදර එන නිවාඩුවට පිරිමි ළමයා බොහොම බිසී වෙන්නේ අයියාගේ සටහන් කියවා ඒ අත්හදා බලන්න ය.


පිරිමි ළමයා ඒ ලෙවල් ලියනවාය. මොරටු යන්න ලකුණු මදිය. ඕනෙ දෙයක් වෙච්චාවයි කියා තේරුණු කැම්පස් එකට එනවාය. 


අයියාගේ උදව්වෙන් මෘදුකාංග සමාගමක පාර්ට් ටයිම් ජොබකට යනවාය. අමාරුවෙන් ලැපක් ගන්නවාය. එදා ඉඳන්ම රෑ තිස්සේ video tutorial බලනවාය. Freelance වැඩ කරනවාය.


ඔය අව්අස්සේ මේ ලමයා යාලුවොත් එක්ක රොබෝලා වගයක් හදලා ප්‍රදර්ශනයක් තියනවාය. එතනදී බාගෙට අහවර කල ව්‍යාපෘති හතරක් එක්ක ලැප්ටොප් එක රහත් වෙනවාය. 


තර්ඩ් ඉයර් එකේදී මේ පිරිමි ළමයා ජොබ් ඉන්ටර්විව් එකකට යනවාය. ඒ යන්නේ අත් දෙක වනවනාය. සැටිපිකට් කෝ කියා ඉන්ටව් බෝඩ් එකෙන් අහනකොට, ‘මගේ පෝට්ෆෝලියෝ එක ඊ මේල් කලා. ඕනෙනම් පෙන් එකෙත් තියෙනවා.’ යැයි පිරිමි ළමයා කියනවාය. සැටිපිකේට් ඔතාගෙන නො ආවේ ඇයි කියා අහනකොට, “සොරි, මං ආවේ වැරදි තැනට” කියමින් එතනින් පිටවෙනවාය.


ඔය අතරේ ක්ලාස් එකක් එක්ක අවුට් වෙන ලමයා කැම්පස් එකේම demonstrator කෙනෙක් විදියට වැඩ පටන් ගන්නවාය. ඒ අතරේ මේ පිරිමි ළමයා මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට ජොබකුත් කරන්න පටන් ගන්නවාය. පස්සෙන් පහු පූර්ණකාලීන මෘදුකාංග ඉන්ජෙක් වෙනවාය.


ආයතනයෙන් දෙන සැටිපිකේට් එක මත මේ ළමයා මෘදුකාංග සම්බන්ධව MSc එකක් කරන්න පටන් ගන්නවාය. ඒ අතරේ මොරටුවේ විසිටින් ලෙක්චර්ස් වගේකුත් කරනවාය. ළමයාගේ මොරටු කැම්පස් යාමේ සිහිනය හැබෑ වෙන්නේ එහෙමය.


ඒ පිරිමි ළමයාගේ ඔපීසිය ‘පරිඝණක දඟයන්ගේ” ඔපීසිය වගේමය. හැබැයි දැන් ඒ කෙට්ටු, සුදු පිරිමි ළමයා ටිකක් මහතය.





මම මේ කතාව කිවුවේ ඒ/ලෙවල් පාස් වී කැම්පස් යන එක ඔබේ අනාගත හීනයට දොර විවරකර ගන්න තියෙන එක ටිකැට් එකක් විතරක්ම බව කියන්නය. ඒ ටිකට් එකෙන් හරි පාරේ ගිය උනුත්, පල්ලම්වල ගිහින් අතපය ලෙලි ඇරගත් උනුත් සමෝසමේ ඉන්න නිසා ඒ ටිකට් එක ගැන සියේට සීයක් විශ්වාසය තියන්නත් බැරිය.


ඔබේ සිහිනය ටයි පොල්ලක් පැළඳ, අට-පහ රස්සාවක් කරන මහත්තයෙක් වෙන එක නොවුනාට අවුලක් නැත. මොකද අර පිරිමි ළමයා සිහින මැව්වේ ඩෙනිම් – ටී ෂර්ට් ඇඳ, කැමති වෙලාවක කඩාපාත් වී ජොබ කරන්නට හැකි, හිතුන වෙලාවට ගෙදර දුවන්නට හැකි, ෆ්ලෙක්සිබල් රස්සාවක් ගැනයි.


මම  කියන්නේ, ඔබේ සිහින අයිති ඔබටය. අම්මාටවත්, තාත්තාටවත්, කොළඹ ඉස්කෝලෙක හිටපු විදුහල්පති කෙනෙක් වුන ලොකු මාමාටවත්, කැනඩාවේ ඉන්න චූටි නැන්දාටවත් නෙමෙයි, ඔබටම පමණක්ය. ඔබට විශ්වාසය සහ ශක්‍යතාව ඇත්නම්, ගැහැණු ළමයෙක් වීම පයිලට් කෙනෙක් හෝ නාවුක ඉංජිනේරුවරියක් වීමේ සිහිනයට බලපාන්නේ නැත. 


පොඩ්ඩක් ඉන්න, ගල් පහරවල් වැදීමට නියමිත නිසා මම හෙල්මටයකට හිස ඔබා ගන්නකම්! මම දැන් කියන්නේ, ඔබට සිහිනයක් ඇත්නම්, ආත්ම විශ්වාසයක් ඇත්නම්, ඔබ ලෝකයේ හොඳම Nude model වුනා කියලා කාගේවත් මූණුවල දැලි ගෑවෙන්නේ නැත. මොකද, තමන්ගේ සිහින අයිති තමන්ටය.





වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්නා මිතුරෙක් දවසක් මට මෙහෙම කියනවා; 

“එපා වෙලා ඉන්නෙ ඕයි. ඒ අස්සෙ මේ ගෑණු, ළමයි හම්බවෙන්න අමාරුවෙලා යටිගිරියෙන් මරහඬ තලනව. මල පනිනව කියන්නෙ කුණුහරුපෙන් බනින්න හිතෙනව වෙලාවකට.”


අම්මාගේ කන්කරච්චලයෙන් ගැලවෙන්නට බැරිව වෛද්‍යවරයෙක් වෙන්න යනකොට එහෙමය. කුඩා කල සිටම රැට් රේස් එකක් දුවන නිසා හිතේ යන්තම්වත් තෙතමනයක් ඉතුරු වෙන්නේත් නැත. එහෙම තිබුනානම් තමන්ගේ අම්මාත්, අර අම්මලාත් අතර වෙනසක් නැති බව පසක් කර ගන්නට ඔහු අපොහොසත් වෙන්නේද නැත. එහෙව් දොස්තරෙක් වෙනවාට වඩා රෙදි වෙලෙන්දෙක් හෝ රටකජු වෙලෙන්දෙක් වෙන එක බොහොම වැදගත්ය, වටිනවාය.


මගේ බැචියකට නිළි පිස්සුව තදින්ම වැළඳී තිබුනේය. තුන්වන වසරේ සිට ඌ ගෙදරින් අරන් එන ලොකු බත්මුල්වලට පවා කඩා පනින එක නවත්තනවාය.  ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරනවාය. ඒ මොඩ්ල් කෙනෙක් වෙන්නටය. (කැම්පස් හිටපු එවුන්, මේ ගෙදර බත් මුල්වල වටිනාකමත්, ඒවාට කඩා නොපැන සිත හික්මවා ගැනීම කොයිතරම් දුෂ්කරද කියන එකත් දන්නවාය) ඈ කැම්පස් එකේ ‘Stylish Marketer’ කියන හොඳම නිරූපකයා සහ නිරූපිකාව තෝරන ඉවෙන්ට් එකට සහභාගි වෙනවාය. එතනින් පටන් අරගෙන, අවුරුදු දෙකක් යන්නත් කලින් ඈ නිළි සිහිනය හැබෑ කරගන්නවාය. මේ අවුරුද්දේ ජනප්‍රියම ටෙලිය වූ “උතුම්-පැතුම්” ටෙලිය බැලුවොත් ඈව දැකගන්න පුලුවන්ය.


ඔබට අයිස්ක්‍රීම් වෙලෙන්දෙක් වෙන්න සිහිනයක් තිබේනම්, හිත සසල කරගන්න එපා. ඒ සිහිනය දකින්න. වැඩිම ෆ්ලේවර්ස් ගණනක් ඇති, ආසියාවේ ලොකුම අයිස්ක්‍රීම් කඩය හොයාගෙන අපේ රටට විදෙස් සංචාරකයන් එනකොට කාටද ආඩම්බර?


ඔබ ඔබම වෙන්න. ලංකාවට අවශ්‍ය දොස්තරලා, ඉංජිනේරුවරු සහ නීතිඥවරු පමණක් නොවෙයි. ඒ දොස්තරවරුන්ට අලුත් ස්ටෙතස්කෝපයක් නිර්මාණය කරන්න. ඒ නීතීඥ මහතුන්ට අලුත් මාදිලියේ සපත්තු ඩිසයින් කරන්න, බඩගිනි වුන ඉංජිනේරුවන්ට කෑම කන්න නව පන්නයේ ආපනශාලා දාමයක් ආරම්භ කරන්න. සිත්තරෙක් වෙන්න. කවියෙක් වෙන්න. ක්‍රීඩකයෙක් වෙන්න.


ඔබ ඔබම වෙන්න!





ප.ලි.


මේ ලිපිය ලියන්නට හිතුනේ "තිලක සිත" බ්ලොගයේ 'කණෙන් ඇදලා ගොඩ දැමීම' ලිපිය කියවූ පසුවයි.






115 comments:

  1. විභාගය යනු සියලු දේම නොවේ. තමා යන මග තීරණය කිරීමේ අයිතිය තමා සතුව තිබිය යුතුය. හැබැයි ඒ අයිතිය නිසි මග යැවීමද තමා සතුය. නැත්තං ඉතිං සොරි තමාය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. සිහින දකින්නෙක් කියන්නේ රස්තියාදුකාරයෙක් හෝ කාලකණ්නියෙක් නොවෙයි. ජීවිතේ ගොඩ දා ගැනීමේ වගකීම තමන්ටය. ජීවිතේ ඇනගත්තොත්, ඒ වගකීම බාරගන්න ඕනෙත් තමන්මය.

      Delete
  2. මුලින් කියපු මෘදුකාංග ඉංජිනේරුවට මොලේ මොංගල් කරන කෙල්ලෙක් හම්බ උනේ නැද්ද ? සාමාන්‍යයෙන් ජීවිතේ ආතල් එකේ ඉද්දි හෙනයක් පාත් වෙනවම තමයි. දන්න එකෙක් නම් පරිස්සමින් ඉන්න කියහං බස්සියෙ.
    A/L , පස්සෙ කිසිම විභාගයක් ,නැති රස්සාවක් හොයපු අපි වගේ එවුනුත් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. කම්මලගේ ප්‍රශ්ණයට මම ආස්ක් ද ඕඩියන්ස් අවස්ථාව ලබාගන්නවා. :P
      //ජීවිතේ ආතල් එකේ ඉද්දි හෙනයක් පාත් වෙනවම තමයි// සහතික ඇත්ත! එව්වා වලක්වන්ඩ සක්කරයටවත් බෑ.

      ඒ විදියට රස්සාවෙන්ම ඉහලට යන උනුත් ඉන්නව. ඒකනෙ මම මේ පෝස්ට් එකෙත් කියන්නෙ. විභාගයක් සමත්වීම කියන්නෙ එක ඩොරටුවක් විවෘතවෙන ටිකට් එකක් විතරයි. තව ඉස්සරහට යන්න පාරවල් ඕනෙතරම් තියෙනවා.

      Delete
    2. හැක් හැක්.. මොලේ නෙවෙයි එන්ජිම හරියට ටියුන් වෙච්චි නැති වයිබ්‍රේශන් නිසා මොළේ ක්‍රැක් වෙච්චි කොට මොඩල් පිස්සු කෝච්චියක් හම්බුනා බං අර ලැප නැති වෙච්චි කාලේ.. අන්න ඒ කතාව ඇරෙන්න අනිත් ඔක්කොම ඌ ගොඩ.. හැක්.

      Delete
    3. ඊස් ඇට් ඔළුව බිත්තියේ හප්පා ගනිමින්.

      Delete
    4. ආසක් ද ඕඩියන්ස් එක අවස්ථාවද තියෙන්නේ? නැත්නම් ඔලුව කුඩු වෙන්නම ද්හෙන්න තිබ්බා. හැක හැක ..

      Delete
    5. ඒ පිස්සු කෝච්චියේ වස් දොස් ලැපේ පිටින් ගිහින් යසට හිටිය කොල්ල දැන් කොන්ඩෙත් බදිනවා..

      Delete
    6. කාර්ඩ් කුඩු කරගැනීමට අනවශ්‍ය නිසා ආස්ක් ද ඕඩියන්ස් අවස්ථාව අත්හිටුවීමට තීරණය කරමි.

      Delete
  3. හරියටම හරි බස්සි.. අකුරක් ගානෙ එකඟයි !!

    ඊට වඩා උඹ ගැන ආඩම්බරයි !!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ පත්තරේ! :D

      Delete
    2. කාන්තා පාර්ශවය කියනදේට අකුරක් නෑර එකඟවීමේ විෂයය පිලිබඳ ආචාර්ය උපාධියක් මෙන්ම හසල පලපුරුද්දක් ඇති ඩොක්ටර් පත්තර්

      Delete
    3. හැක් …
      අපරාදෙ මං මගේ ඇඳුම් වලට වියදං කරන සල්ලි :D

      Delete
    4. Pra :
      එතකොට මේ ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? :D

      Delete
    5. පත්තරයාගේ කමෙන්ට් එකම මම Copy pest කරා වගේ තමයි මගේ කමෙන්ට් එකත්

      Delete
    6. තැන්කිව් මෙන්ඩා!

      Delete
  4. අපේ බුවෙකුත් හිටියා.. ඌත් පට්ට හීන දනින්නා.ඌගෙ මාර හීන තිබ්බෙ. විනාකිරි වලට දෙහි ඇඹුල් කලවං කොරල රොකට් යවන්න... බයිසිකල් රිම් එකෙන් හෙලිකොප්පට්ටැට්ටරයක් හදන්න. හුලං බලෙන් ලි‍ඳෙන් වතුර අදින්න යනාදී විවිදාකාරයේ හීන තිබ්බ උගෙ හීන පෙට්ටියෙ. පිස්සු බංප්පෙනව ඕයි...සික්...අන්න හීන දනින්නො. පහුවෙනකොට වඩා හොඳ ක්ලියර් එකට හීන දකින්නය කියල කුඩු ගැහුව.හරිය. දැන් ඌ පට්ට කුඩ්ඩ. සික්... අන්න කුඩ්ඩො. but ඌ තාමත් හොඳ හීන දනින්නෙක්.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ගොඩ දා ගැනීමේ වගකීම තමන්ටයි. ජීවිතේ ඇනගත්තොත්, ඒ වගකීම බාරගන්න ඕනෙත් තමන්මයි.

      මමත් අඳුරන කුඩ්ඩෙක් ඉන්නවා. ගත්කතුවරයෙක්. කවුරුත් එයාට 'කුඩ්ඩා' කියන්නෙ නෑ. අන්න එයා සාර්ථක සිහින දකින්නෙක්. ඔබේ මිතුරා ඒ වගේ සාර්ථක නොවෙන්න ඇති. ඒ නිසා ඔබ එයාට 'කුඩ්ඩා' කියනවා.

      ඉතින් හොඳ මිතුරෙක් විදියට ඔයා දැන් කලයුත්තේ ඒ 'කුඩ්ඩා' සිහියෙන් ඉන්න වෙලාවක් බලලා එයාව නිවැරදි මාවතට ඇදගන්න සුළු උත්සහයක් හෝ දරන එකයි.

      Delete
    2. බස්සි.. මං හිතනවා උඹ,ඉවාන්,කමියා,අටමා වගේ එකෙක්ට මේ කමෙන්ට් එක හොඳ ප්ලොට් එකක් කියලා බං.. ඒක පෝස්ට් එකකින් එනකං අපි කියවන්න බලාගෙන ඉන්නවා .

      Delete
    3. සිරාවටම. කමෙන්ට් එකේ මුල් කොටසෙන් කතාව ගොඩනගලා අන්තිම පේලි දෙකතුන ඇන්ටික්ලයිමැක්ස් එකක් විදියට දුන්නනම් ඉවාන් ඉට්ටැයිල් එකේ පට්ට කතාවක්.

      Delete
    4. අපි නොකරපු දෙයක් නෑ ඌව ගොඩ දාන්න. ඒත් ඌට ඒ උවමනාව නැත්තං ඌව ගොඩ ගන්න බෑ. ඌ උගේ හීන වලට වගේම කුඩු වලටත් පෙරේතයි.ඌට ඕන කමක් නෑ උගේ ඒ ලෝකෙන් මිදෙන්න... ඌත් එක්ක ටික වෙලාවක් කයියක් ගහං හිටයම උගේ හීන අපිටත් කාන්දුවෙලා අපිත් නිකං කුඩු ගහල වගේ දැනෙන්න ගන්නව.. ආං එහෙමයි උගේ හැටි.
      නෑ... අපි ඌට කුඩ්ඩ කියන්නෙ අපහාසෙට නෙමෙයි. ඒ අපි අතරෙ උගේ නම. ඌත් ඒක ගනන් ගන්නෙ නෑ. අපිට අප්සෙට් වගේ උනාම ඌ කියන්නේ... අඩෝ ඉතිං ඒක ඇත්තනෙ මචං මම කුඩ්ඩනෙ... හෙහ්..හෙහ්... එච්චරයි. ඌ හරි අවංක ලස්සන මෘදු අහින්සක හිතක් තියෙන පොරක්. ඌ කුඩ්ඩ කියල අපි ඌව අයින් කරල නෑ. කුඩු වලට සල්ලි හොයන්න නං ඉතිං බ්‍රහ්ම ගේම් දෙන්නෙ. හොරකං නෙමයි. නැත්තෙමත් නෑ.. සමහර ඒව පට්ට ක්‍රියේටිව්. බ්‍රහ්මයත් බ්‍රහ්ම වෙලා යනව. අපි බඩ අල්ලං පස් කනව. ආං එහෙමයි උගේ හැටි.

      හෑ..??? එලනෙ... හෙනං ඉවානයට කියමු ඉටිකිරිස් මෙව්ව එකක් ලියන්න කියල.

      Delete
    5. කුඩු ගහල , දන්න හැමතැනම පුනුරුත්තාපනය කරල ,ආයෙත් ඒ වලටම වැටෙන එකෙක් අපි ගොඩ දැම්ම . ටිකක් අමාරු වැඩක් කවුරුහරි හැමතිස්සෙම ඌව ලග තියාගෙන සික් එක එන වෙලාවට පොඩි ශොක් ට්‍රීට්මන්ට් එකක් දෙන්න ඕනෙ.
      දැන් දෙදරු පියෙක් හොද ජොබ් එකක් කරල ඉදල හිටල ඩ්‍රින්ක් එකක් දාල ඉන්නව. දුම් බිවුවොත් තාමත් පොරට ගුටි කෑම ෂුවර්.
      අපේ ක්‍රමේටම තව සෙට් එකක් එකෙක්ව ගොඩ දැම්ම දන් ඌ ගුරුවරයෙක් අමධ්‍යපයි.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. අපෙත් එකෙක් හිටියා මාධව කියලා.. දැන් නම් කුඩු ගහන්නෙ නෑ . බ්ලොග් එකක් බලාගෙන කම්මල කියලා කමෙන්ටෙකක් දාගෙන දෙයියනේ කියලා බබාල එක්ක හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගෙවනවා.. ඒ උනාට කුඩු ගහපුවගෙ සයිඩ් ඉෆෙක්ට් හැටියට පොඩි නුහුගුණ ගතියක් තියනවා. ඕ යේස් . !!!

      Delete
    8. //ඒ උනාට කුඩු ගහපුවගෙ සයිඩ් ඉෆෙක්ට් හැටියට පොඩි නුහුගුණ ගතියක් තියනවා. // එකම කමෙන්ට් එක දෙපාරක් දානවා වගේ එකක්ද? :D

      Delete
    9. හුකෑස් .. අන්න හරි බං .. තව හිටපු ගමං ලැයිට් කණු වල බඩගානවා..වහ බොන්න යනවා..සමනල්ලු පස්සෙ දුවනවා.. :D :D

      Delete
    10. X-porterට තියෙන්නෙ යාලුව වෙනුවෙන් අපේ කම්මල යෝජනා කරපු ක්‍රමෙත් අත්හදා බලන්න.

      Delete
    11. පත්තරේ මේ පුරුද්ද කොහෙ නවත්තන්නද ? අවුරුදු දහ අටක් කුඩුත් එක්ක. ගැහිල්ල කෙසේ වෙතත් විකුනල කීයක් හරි හම්බකරගන්න එකනෙ. හෙක් ..... පල යන්ඩ නෝටි සමනලය.
      ඉවාං, මේ දවස්වල බොන්නෙ ග්‍රීන් ටී ඉතිං ටිකක් ........ ඒකයි මේ නුහුගුනේ.

      Delete
    12. කම්මලයෝ අන්න ඕනේ කරන ජාතිය ඩිලාන් ලොක්ක ගාව තියෙනවා...

      Delete
  5. කොපි දෙක තුනක් ගහල යවන්න ඕනි අපෙත් ඉන්නවා ඊලඟ පරම්පරාවේ ත්‍රිබලක් මෙදා පාර ඔය කඩයිම පනින්න.. මං කියුවෙත් උඹ ඔය කියපු ටිකම තමයි ඉතිං.. ඒත් උන්ගේ අම්මලා අප්පලා මට බයිනවද දන්නේ නෑ.. හැක්.

    ReplyDelete
    Replies
    1. සමහරවිට උඹේ පතුරු යවනව ඇති බැනලා. මාත් මේ ළඟදි පණ්ඩිතකම් කියවන්න ගිහින් හොඳවැයින් අහගත්තා.

      Delete
  6. බස්සි මම ඔයාව ඊයේ බස් එකේදී දැක්කා :D ඩාලි රෝඩ් එකෙදී, හෝමාගමට යන CTB බස් එකක නේද ඊයේ හවස ගියේ. දැකපු ගමන් මම ඔයාමද කියලා හරියට අදුරගන්න දිග කොන්ඩේ පේන්න තියනවද කියලත් බැලුවා. මමත් ඒ බස් එකේම තමයි හිටියේ. ඔයාට කතාකරන්න අස්සවෙන් හිටියේ. එත් මම සැහෙන්න important call එකක හිටිය නිසා ලගට ඇවිත් කතා කරන්න බැරි උනා . ;)

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියේ ඒ මම තමා. රෝසපාට චෙක් බ්ලවුසය සහ අළු පාට ඩෙනිමකි. මේ ඒ CTB bus එක හැමදාම එන්නෙ ඒ වෙලාවටද ඈ? පැය බාගෙන් නුගේගොඩ නෙව!

      අයියෝ අනේ ඉම්පෝටන්ට් කෝල් එක ටිකකට සාක්කුවෙ දාලා හායි කියන්න තිබ්බනෙ ඉතින්. මට දැන් හොඳට පුරුදුයි පාරෙදි 'බස්සී බස්සී!' කියල කතාකරනකොට අනිත් මිනිස්සුන්ගෙ ඇස් ජිල්බෝල සයිස් වෙන හැටි නොදැක්කා වගේ ඉන්න.

      කොටින්ම කිවුවොත්, හනිමූන් ගිය හෝටෙල් එකේ එහාපැත්තෙ කොටේජ් එකේ ඉඳල තියෙන්නෙත් බ්ලොග් ෆෑන් කෙනෙක් කියන්ඩකෝ! ඔන්න බ්ලොග් එකක් ගිය දුර!

      Delete
    2. අප්පට සිරි තනිතරුව ඉට්ටයිල් එකේ මාට්ටු වීමක් නේ මිස් වෙලා තියෙන්නේ .

      Delete
    3. තනියා විතරක්නම් මදෑ.

      තනියා, ගාලුවා, නිසුපා අක්කා, හෂාන්, නම නොදන්නා ඇන්ටිලා දෙන්නෙක්, කෝච්චියෙ ගිය අක්කෙක්, රොෂාන්, සඳලි, බස්සාගේ අයියාට මගුලක් බලන්න ගිය ගෙදර මනමාලිගේ අක්කලා දෙන්නා, ජෙට්වින්ග් එකේදි මුණගැහුනු අයියා, කැමීලියා, සහන්, සත්සර සහ තවත් අටෝරාසියක් බුකි ගා බ්ලොගි රසිකයෝ. හයියෝ සල්ලි!

      Delete
  7. වෙන කා ගැන කියන්නද..මම ගැන කියනවා නම්, මම ආකිටෙක්චර් නැතුව අම්මලාට ඕනිවෙච්ච ඉන්ජිනියරින් කරන්න ගියානම් තාම කැම්පස් එකේ විභාග ෆේල් වෙවී...බස්සි කියන්නැහෙ..මොක උනත් තමන් කැමති සහ විශේෂයෙන්ම තමන්ට පුලුවන්ය කියලා හිතෙන දේ තමයි කරන්න ඕනි වෘත්තියක් තෝරගන්නකොට...කාගෙවත්..ඒ කියන්නේ අම්ම තාත්තාගෙවත් හීන හැබෑ කරන්න අපි බැඳිලා නැහැ. හැබැයි අපිටමය කියලා හීනයක් තියෙන්න ඕනි..සහ ඒක හැබෑ කරගන්න වලිකන්නත් ඕනි.
    ආකියෙක් කොහොමද ෂෙෆෙක් උනේ කියන එකේ තමයි ඔය හීනේ ඊලඟ කථාව තියෙන්නේ...එක හීනෙන් එලිවෙන්න දෙන්න එපා. ඔක්කොම හීන වලට වලිකන්න ඕනි. බැහැයි කියල බැහැයි කියල බෑ.....!

    මම ආකිටෙක්චර් කඩේකුයි බත් කඩේකුයි දෙකම දැම්මා..හැබැයි අපේ අම්මා නම් තාමත් වලි බත් කඩේ දැම්මට...ඒකෙන් යවන කෑමක්වත් කන්නේ නෑ...ඔන්න ඇත්ත...

    ReplyDelete
    Replies
    1. අම්මා ,අප්පච්චි නම් කවදාවත් මට මොකෙක් වෙන්න ඕනද කියලා කිව්වේ නෑ. සමහරවිට හිතේ තියෙන්න ඇති . එත් ඒ කාලේ මම ආකියෙක් කියන්නේ මොකෙකේද කියලවත් දන්නේ නෑ.දැනගෙන හිටියනම් ආකියෙක් වෙන්න ට්‍රයි කරන්න් තිබ්බා . දැනගෙන හිටියේ A/L පාස්වෙන්න ඕන කියල විතරයි . ඒ නිසා ගිහිං මෙහම වුනා ... අයියෝ සල්ලි :P

      Delete
    2. //අපිටමය කියලා හීනයක් තියෙන්න ඕනි..සහ ඒක හැබෑ කරගන්න වලිකන්නත් ඕනි.//
      ඒක ඇත්ත. එතනදි තමයි ආත්ම විශ්වාසය සහ ශක්‍යතාව කියන ආවුද දෙක අතට ගන්න වෙන්නෙ.

      අනිත් විශේෂම දේ තමයි "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" කියන කියමන කුඩේ කුඩු කරපු එක. එහෙම උදවියට මම බොහොම ගරු කරනවා. මොකද මගේ අරමුණට යන්න මාව ඉන්ස්පයර් කරන්නෙ එහෙම අය.

      Delete
    3. ඉවාන් :
      ඉතින් උඹේ හීනෙ ඉංජෙක් වීම වෙන්නැති. ලෝකෙට සාමාන්‍ය ඉන්ජො වගේම පිස්සුපීකුදු බීස්ටේක් වෙච්ච ඉන්ජොත් ඕනෙ නෙව.

      Delete
    4. බස්සි ඔය ඉවානයා කියන්නේ ඔය වෘත්තීයේ ගරුත්වය නැති කරපු එකෙක්...
      ඒකයි ඌව බිස්ටේක් වෙලා තියෙන්නේ.

      චෙෆ් මමත් ෆීල්ඩ් එක මාරු කරගෙන හරකයි බුරුවයි වගේ වැඩ කරගෙන ඉන්න එකෙක්.
      කලේ මැටිරියල්, ඉන්නේ සිවිල් ෆීල්ඩ් එකේ. කරන්නේ සිවිල් උන්ගේ වැඩ වල කොලිටි හොඳද නරකද කියල බලන එක සහ උන්ට ඇඩ්වයිස් දෙන එක. තව ආතල් එකට ප්ලෑන් අඳින එකත් කරනවා.
      තව අතින් පාඩු කරගෙන බුසිනොස් එහෙමත් කරනවා.

      ඉස්සරහට තව ප්ලෑන් එකක් තියෙනවා සර්ප කොටුවක් දාගෙන විස එකතු කරන්න. දැන් අවසර ගන්න ක්‍රමයක් හොය හොය ඉන්නවා ඒකට. ඒ වැඩේට නම් ටික කාලයක් වයි වගේ.
      උඹලටත් ඕනේ උනොත් වරෙල්ලා විස දෙන්නම් ඇති වෙන්න... ;)

      Delete
  8. මං දැකපු සිහිනයක් බොඳ වීම හේතුවෙන් (තාවකාලිකව ) යම්තාක් දුරකට පසුබෑමකට ලක්ව සිටියෙමි. මේ සුන්දර බක්ෂි ගේ මේ ලිපිය නිසා මට හෙන මොරාල් එකක් ලැබුණු බව කිවමනාය . ස්තුතියි අක්කා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ මොරාල් අප් කිරීමකට දායක වෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි නංගා!

      Delete
  9. සම්පූර්ණයෙන් එකඟයි. මේ ලැච්චර් එක කොරන්ට ඔනැන්නේ අද්දියාපන සැලසුම් හදන එවුන් ඔකොම හොඳ තණකොළ පිට්ටනියකට ගාල් කොරලාය.

    දරුවන්ට මෙය කියාදෙන ලෙස ගුරුවරු ඔක්කොම අරවගේ පිට්ටනි දෙතුන් සීයකට එකතු කොරලා කියාදීම යෙහෙකි.

    අනේ අර පරිඝණකය පරිගණකය කරන්නකෝ.

    ReplyDelete
    Replies
    1. අයියෝ විචාතුමාට ඉප්පෙලින් මිස්ටේක් එකක් පේන්න බෑ නෙව.

      ඔයාට පුලුවන්ද මම පොතක් ගහන දවසට සෝදුපත් බලලා ඉප්පෙලින් මිස්ටේක් හදල දෙන්න?

      Delete
    2. ඊ මේල් කරලා එව්වොත් බොහොම සතුටෙන් කරලා දෙන්නම්

      Delete
    3. බොහොම ස්තූතියි විචාතුමෝ!

      Delete
  10. බස්සිගේ මේ පෝස්ට් එක දැකලා මටත් මතක් වුන දේවල් අනන්තයි.
    1. මන් A/L වලට කරන්න ආසාවෙන් හිටියේ ලොජික්. ඒත් අන්තිමට කරන්න වුනේ බී.සී.
    2. කැම්පස් එකේදි කරන්න හිටියේ සන්නිවේදනය. හැබැයි අන්තිමට මම අකමැති සිංහලත් කරලා. (වියාකරන හැර)
    3. දැන් ඩිග්රි එකට නොකරපු මේ ලැප බදාගෙන ඉන්නවා.
    මේවට මොකද හිතෙන්නේ බස්සියේ? මටනම් හිතෙන්නේ අන්තිමට හරි මට පුලුවන්, මට ඕන දේ හම්බුනා.අර කැම්පස් යන උන් ගැන කියපු ඒවා ගැන තවත් විස්ටර කෝටියයි නේද? හොඳ වගේම නරකත් පිරුනු තැනක්.

    ReplyDelete
    Replies
    1. 1. මං ඒ ලෙවල් වලට කරන්න ආසාව තිබුනේ ඉංග්‍රීසි සාහිත්‍ය. පොයෙට් කෙනෙක් වෙන්න. අන්තිමට කලේ බයොලොජි.
      2. ඒ ලෙවල් කාලෙ ආස වුනේ අණුක ජීව විද්‍යාව ඉගෙනගන්න.
      3.ඉන් පස්සෙ මට ඕනෙ උනේ සිමා කරන ගමන් ජොබක් පටන් ගන්න. ඒ වුනාට සිද්ධ වුනේ කැම්පස් යන්න.

      3. දැන් කරන්නෙ ඩිග්‍රියට කිසිම අදාළත්වයක් නැති ජොබක්. හරි, ඔන්න මැනේජ්මන්ට් පැත්තෙ ජොබක් කරන හීනෙ හැබෑ වෙලා.
      2. කැම්පස් ගිහින් ඉගෙන ගත්තෙ අණුක ජීව විද්‍යාව.
      1. මම හිතනවා මං පොයෙට් කෙනෙක් වේවි කියලා.

      Delete
    2. මට ඕනෙ උනේ ලෝ කරන්න.. ඒත් ආර්ට් කරන්නත් උවමනාව තිබ්බ... කොහොමත් කැම්පස් යන්නෙ නෑ කියල හිතපු හින්ද ඔන්නොහෙ ආර්ට් කළා.. ( ඒ කිව්වෙ චිත්තර...) ඊට පස්සෙ ලෝ එපා උනා... කම්පියුටර් අතපත ගාන්න චාන්ස් හම්බුන හින්ද ග්‍රැෆික් වලට බැස්ස... මීට අවුරුදු 15කට කලින් අද වෙනකොට ළමයින්ට තියෙන චාන්ස් ටික තිබ්බ නං මං ඒ ලෙවල් කරන්නෙවත් නෑ... ඒ කාලෙදිම ග්‍රැෆික් ඩිසයිනින් වලට මාරු වෙනව... ( මං දන්න හොඳ බුලට් ටිකක් ඕලෙවලුත් අතෑරලා අවුරදු 18 වෙනකොට ජොබ් පටං අරං මේ වෙනකොට.. උන්ට ඕනෙ අවුරදු 22 වෙනකොට තමන්ගෙම කම්පැණියක චෙයාර්මන්/චෙයාර්වුමන් වෙන්න.. ආඩම්බරයි බං...)

      Delete
  11. බස්සිගේ පෝස්ට් එක මගේ පෝස්ට් එකට වඩා විවෘත හා විචිත්‍ර ඉසව්වකට යනවා. හරිම සතුටුයි අලුත් පරපුර හිතන පතන පරාසය ගැන සහ මේ ඉන්ස්පිරේෂනල් ලියමන ගැන .
    පොඩි දෙයක් එකතු කරන්නට ඕනි . අපේ සමාජේ බොහෝ දෙනෙකුට හීන නෑ , තියෙන්නේ රැල්ලක් විතරයි . මම කතා කරපු උදාහරනේ මැණික් ගරන්න ගිය අර අයියා සහ පිරිස ළඟ මැණික් ගැන වැඩිපුර ඉගෙනගන්නවත් ක්‍රමානුකුල සල්ලිකාරයෙක් වෙන හීනයක්වත් තිබ්බා කියල මම හිතන් නෑ . ඒ ගිය අනිත් පිරිස කසිප්පු බොන්න පුරුදු වෙලා , මැලේරියා හදාගෙන කලින් කසාද බැඳලා ඉක්මනින් නන්නත්තාර වුනා . අර තාත්තා කණින් ඇදගෙන ඇවිත් හරි තමන්ගේ පුතා එතනින් ගලවාගැනීම කළ යුතුම දෙයක්. අරමුණක් හීනයක් නැති followersලා බහුතරයක් සඳහා කණින් ඇදලා හරි නිසි මග යොමු කරන කෙනෙක් ඉන්න ඕනි කියා මම හිතනවා .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තිලක අයියේ.

      අනිවාර්යයෙන්ම, වෙන වැඩක් නැති නිසා බලන්නන්වාලේ හීන බලලා නම් වැඩක් නෑ. ඒක නිසාමයි මම අර ආත්මවිශ්වාසය සහ ශක්‍යතාව කියන වචන දෙක අවධාරණය කරල තියෙන්නෙ.

      කොහොමත් අවුරුදු පහළව-දහනමය කියන්නෙ ජීවිතේ අයාලෙ යන්න වැඩිම හැකියාවක් තියෙන කාලෙ. ඉතින් ඒ කාලෙදි දෙමව්පියන්ගේ කණෙන් ඇදීම සෑහෙන දුරට අවශ්‍යයි.

      Delete
  12. වඩු වැඩ ඉගෙන ගැනීමේ සිහිනය සෑබෑවක් කරගැනීමට මේ දිනවල උත්සාහ දරමි...

    ReplyDelete
    Replies
    1. අන්න මරු!
      මමත් කවියෙක් වීමේ සිහිනයකින් පෙලෙමි.

      Delete
  13. සිහින සැබෑකරගන්න කැපවෙන්න ඕන, තමුන් දකින සිහින් වලට අරුතක් ලැබෙන්නේ එහෙමයි , එහෙම නැතුව දකින්නන් වාලේ සිහින දැකීමෙන් කාටවත් සෙතක් නෑ. සිහින් දකිනවාට වඩා නිර්මාණශීලී සහ ඵලදායී චින්තනයේ තමයි වටිනාකම තියෙන්නේ .

    කියවලා තියෙනවා නේද මඩොල් දූව පොත , පන්තියෙන් දඩබ්බරයෙක් කියලා හංවඩු ගැහෙන උපාලි , ජින්නා එක්ක ගිහින් මිනිහෙක් පයගහන්න බයවුණු දූපතේ වගා කරලා සාර්ථක වැවිලි කරුවෙක් වෙන හැටි. ඒ වගේම රොමාගේ වාසනාවේ රොමා , අඹ යාළුවො කතාවේ දුප්පත් නිමල් , ගම්පෙරළියේ නන්දාගේ නෑ පිරිවර වෙතින් ගැරහුම් ලබන පියල් ජීවිතය සාර්ථක කරගන්න හැටි .. ඒවා අපිට ඒ කාලේ ඉඳන්ම කියවලා අත්දකින්න තියෙනවා , එත් තේරුම් ගන්නේ නෑ බහුතරය

    ReplyDelete
    Replies
    1. //නිර්මාණශීලී සහ ඵලදායී චින්තනයේ තමයි වටිනාකම තියෙන්නේ//
      එහෙම කියන්නෙ මචං, අපි රාමු කරගෙන ඉන්නවා මෙතනින් එහා පැත්තෙ තියෙන්නෙ හීන, මෙහා පැත්තෙ ධනාත්මක චින්තනය කියලා.

      උදා;
      1.චෙෆාකි අම්මට කියනවා මට ආකියෙක් වෙන්න ඕනෙ කියලා.
      අන්න ඒක ලංකාවෙ හැටියට ධනාත්මක චින්තනය. චෙෆාකි අම්මගේ හොඳ පුතා ඒ වෙලාවෙ.

      2.චෙෆාකි අම්මට කියනවා මට ලොකු රෙස්ටුරන්ට් චේන් එකක් පටන්ගන්න ඕනෙ කියල.
      අන්න නිකමා. පිස්සා, නූගතා විදියට ලංකාවෙ මිනිස්සු චෙෆාකිට ලේබල් අලවනවා

      3.චෙෆාකි අම්මට කියනවා මම ආකියෙක් වෙනවා. උයන්න ඉගෙනගෙන ලොකු රෙස්ටුරන්ට් චේන් එකකුත් පටන්ගන්නවා කියල.
      අන්න ලංකාවෙ විදියට දවල් හීන දකින්නා.

      Delete
  14. එළකිරි බස්සි.
    මම මේ කල්පනා කරේ මම අයිති වෙන්නේ ඔයින් මොන ජාතියටද කියලා...

    ReplyDelete
  15. මමත් Crash Zone බලලා මෘදුකාංග ඉංජිනේරුවෙක් උනේ Virgil එක්ක වැඩ කරන්න ඒත් තවම Virgil හම්බවුනේ නෑනේ.......

    ReplyDelete
    Replies
    1. මාත් හරි ආසයි අනේ Virgil ට හම්බුනොත් මටත් කියන්නෝ

      Delete
    2. ඉතින් අනේ ඔයා හදන්නකෝ වර්ජිල් කෙනෙක්ව.

      Delete
    3. ව............ර්....ජිල් ම්හු හදන්ට බෑනේ අක්කේ..... මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙච්ච ගොයියත් වර්ජිල් ව හොයන එකේ මේ මං කොහෙ හදන්ටද අක්‍කා.............

      Delete
    4. Virgil කියන්නෙ අපිට ගොඩාක් ගොඩාක් දුරින් තියන හීනයක්....

      Delete
    5. හ්ම්ම් ඒක ඇත්ත ඒත් ඒක බලපුවාම හරි ආසයි නේ.

      Delete
  16. එකතරා රටක බොහෝ කාළයක් කුරුල්ලෙක් වගේ ජීවත් උන මාතලන්, ලංකාවෙත් ඒ වගේ නිදහස් ජොබ් එකක් කොරන්න තියේනම් කියන සිහිනේ ජීවත් උනා... ඩෙනිමක් ටී ෂර්ට් එකක්, සැන්ඩ්ලස් දෙකක් ඇඳගෙන... (හරි හරි ඉතින්, අහන්න දෙයක් නෑ... යටට ජොකත් අඳිනවා...) සැලින්කෝ එක බුන්වත් උනයින් පස්සේ මගේ ඒ සිහිනය සැබෑ උනා... ඊට පස්සේ ආසාවක් ආවා... කොට කලසමක්, ටී ෂෑර්ට් එකක් ගහලා මගේම වගේ ජොබක් කරන්න ඇත්නම් කොයිතරම් නිදහසක්ද කියලා...

    ඔහේට කියන්න බස්සියෝ ඒ හීනෙත් හැබෑ උනා... කොයි තරම් නිදහස්ද කියනවා නම්, යටටවත් අඳින්නේ නෑ දැන්...

    ReplyDelete
    Replies
    1. ඒ හීනෙ හැබෑ වුන එකෙන් සිද්දවෙච්ච එකම අවුල අදාල ජොබ් එකේ නිදහස කෙරෙහි ආශක්ත වුන මාතලන් බ්ලොග් ලිවීමේ සීඝ්‍රතාව මදින් මද අඩු කිරීම තමයි.

      එක හීනයක් විතරක් දකිනවට වඩා වටින්නෙ හීන සීරීස් එකක්ම බලන එක තමයි.

      Delete
  17. හප්පට සිරි බස්සියේ මට දැන් කවුරු වෙන්නද කියලා හිතාගන්නත් බැරියෝ

    රගපාන්නද... හෝටලයක් දාන්නද ........එක්කොත් ඔන්නෑ අයිස් ක්‍රීම් කඩයක්ම දානවා.......

    ReplyDelete
    Replies
    1. අන්න මරු අයිඩියාව. මට ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට දෙනවද කොෆී ෆ්ලේවර්ඩ් ඒවා?

      Delete
  18. අර Little Johnny (සිංහලෙන් නම් ඇම්ඩන්) කිව්ව වගේ මම කැමතියි බස්සි හිතන විදියට. නමුත් අපි අතරම ඉන්න කී දෙනෙක්...

    හැමදේම ලැබිය යුතු A හතර ගන්න ළමයින්ට විතරයි කියලා හිතනවද?
    විභාග ක්‍රමය වැරදියි කිය කියා නමුත් ඒකටම ඔජ වඩනවද
    A4 නැති උන් ඔය prestigous jobs වලට නුසුදුසුයි කියලා හිතනවද
    කෙනෙක් foundation course එකක් කරලා තමන්ට අවශ්‍ය තැනට යන්න හදනකොට අවඥාවෙන් බලනවද?
    විදේශ උපාධි සැහැල්ලුකොට තකනවද?
    ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අනුව ට්‍රැක් එකෙන් විසි නොවී පෞද්ගලික ආයතනයකින් උසස් අධ්‍යාපනය ලබා ගන්න උන්ට ගරහනවද?
    ලෝකෙ දියුණුම රටවල පවා තනිකරම සයන්ස් ස්ට්‍රීම් එකම නොකරත් වෛද්‍ය විද්‍යාලවලට යන්න පුලුවන් කිව්වාම කට ඇරගෙන බලාගෙන ඉන්නවද?
    ලෝකෙ විශ්ව විද්‍යාල ග්‍රේඩ් කරලා තියෙන ලැයිස්තුවල අපි ඉන්න තැන හොයලා බලලා තියෙනවද?
    එහෙම තියෙද්දිත් අපි අපි ගැන මොනතරම් මාන්නයක් පෙන්නනවද?

    මට යන්න තියෙනවා.
    මටත් හෙල්මට් එකක් අරං තියාපං නැතිනම් මේකට තව එකතු කරපං.

    ReplyDelete
    Replies
    1. හප්පේ තව තියෙනව. තව තියෙනව.

      ඒ ලෙවල් විභාගෙ එකපාරක් කරල ඉන් පස්සෙ තමන් කැමති පාරකින් උසස් අධ්‍යාපනය ලබන එකා මෝඩයා.
      මොරටුව ඉන්ජිනියරින් නොයා ප්‍රයිවෙට් කැම්පස් එකක අයි.ටී. කරන්න යන එකා පිස්සා. (අපේ නංගිටත් පිස්සු.)
      ගණන් වලට ලකුණු සීයයි - සිංහල ලකුණු විස්සයි : දක්ෂයි.
      සිංහල සාහිත්‍ය ලකුණු සීයයි - ගණන් ලකුණු තිහයි : මී හරකෙක්
      ඉංග්ලිශ් ලිට් වලට ඒ - සිංහලවලට බී : අප්පේ ඒ ළමයා පොශ්
      පන්තියේ අන්තිම පේලියෙ ඉන්න එකා : උඹ නම් අනිවා එෆ් තුනයි (මට අපේ බයෝ ටීචර් කිවුවෙ.)

      ඒ විතරක් නෙමෙයි, තව තියෙනවා.

      ආහාර තාක්ෂණ උපාධිය : ඔයා චෙෆ් කෙනෙක්ද? චීයා!
      ඒ ප්‍රොෆෙසර් ඉගෙනගෙන තියෙන්නෙ ජැපෑන්වල : මෙහෙ ලමයින්ට උගන්නන්න එයා ස්මාට් මදි.
      මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එයාර් හොස්ටෙස් කෙනෙක් : ආ.. බඩුවක්!
      මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඇක්ට්‍රෙස් කෙනෙක් : ආ.. බඩුවක්!
      මම පොයෙට් කෙනෙක් : ඔයා ඩ්‍රග්ස් ගන්නවද?
      එම්.ඕ.ආර්.ඒ. මෝරා! අපි තමයි ලොවෙත් ඩයල්.
      පේරා යුනි : ඕකට ගිය කෙල්ලෙක් ගිය විදියටම ආපහු ආවොත් ඉස්සරහ ඉන්න සිංහයට පණ ඒවි.
      ලැගුම්හලේ සීසීටීවී කැමරාවල : පට්ට ** (පූසි යන්නට රයිම් වෙන වචනයක්.)
      මගේ හොඳම යාලුවා කොල්ලෙක් : අනිවා ඌ හොරෙන් අදිනව ඇති.
      අවුරුදු විසිපහේදී සහකාර කලමණාකාර තනතුරට : බොසාට දීලා ඇති.
      එයාලගෙ පුතා සැලෝන් එකක් කරනවනෙ. : හ්ම්ම්... පී ඩයල් එකක්.

      අත රිදෙනව ඩූඩ්. දැනට ඔය ඇති නේද?

      Delete
    2. ඇති නෑ. නමුත් බස්සි මැතිණිය ඔබේ තොරතුරු ‍රැස්කිරීම සහ ඉදිරිපත් කිරීම අද්විතීයයි. අනභිබවනීයයි. ආනන්දනීයයි.
      දැන් ඇති නේද? හක්ක පැන්නවගේ. :D

      Delete
    3. ඒ ටිකනම් පට්ට බස්සියෝ.... තව කියහන්කෝ........

      Delete
    4. ///එම්.ඕ.ආර්.ඒ. මෝරා! අපි තමයි ලොවෙත් ඩයල්.///
      බට කොස්සි තව ටිකක් කොට වෙන්න හදන්නේ ටොකු කාලා...

      Delete
    5. මේ ලිස්ට් එකෙන්ම ලිව්වැකි වෙනමම පෝස්ට් එකක්. :3

      Delete
    6. ලොකු පුතා :
      සිරාවටම, මෑත කාලෙ, අපි ගැටෙන පරම්පරාවෙ මෝරා ඩයල් බහුතරයකට ඔය "ලොවෙත් ඩයල්" මානසිකත්වය තියෙනවා. මම දන්නෙ නෑ ඒකට හේතුවනම්. හැමෝම එහෙම නෑ ඉතින්.

      Delete
  19. යන්න තියෙන එකම පාර ඒක කියල දැනගෙන හිටපු ඒ ලෙවල් කොහොමහරි ගොඩ දාගෙන මගේ ඒ කාලේ හීනේ ගොඩ දා ගත්තා...
    දැන් අලුත් හීන දැක දැක ඉන්නේ, මමනම් කොහොමත් මගේ හීන සහ ටාගට් ලේසියෙන් අත අරින්න ලෑස්ති නැහැ.

    මගේ ඊළඟ හීනේ මම උඩ හරියේ කමෙන්ට් එකක ලිව්වා...

    ReplyDelete
    Replies
    1. ආයෙ එනකොට කලිසම ගසල, සපත්තු ගලවල වරෙන් . අහක ඉන්න සර්පයො අපේ රෙද්ද අස්සෙත් රිංගයි.

      Delete
    2. ලොකුපුතාගෙ නයි ෆාම් සිහිනයට ඔන්න උණුසුම් බසු සුභපැතුම් හොඳේ!

      Delete
  20. මගේ උපකල්පනය නම් හැම පරම්පරාවක්ම තමන්ගේ පරම්පරාව ගැන හිතන්නේ මෙහෙමයි. හැබැයි ඊලඟ පරම්පරාව එනම් ඔවුන්ගේ දරුවන් ගැන ඔවුන්ගේ දෙමව්පියන් මෙන් ගතානුගතිකව සිතයි. මේ සම්බන්ධව මගේ පෞද්ගලික අත්දැකීමක් ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබේ එක් පෞද්ගලික අත්දැකීමකින් උපකල්පනයක් ගොඩනැගීමට ඇති අයිතිය මම ප්‍රශ්ණ කරන්නට යන්නේ නැහැ. නමුත්, එහෙම නොවෙන අවස්ථා ගැන මට පෞද්ගලික අත්දැකීම් කිහිපයක්ම තියෙනවා.

      එකක් තමයි ඉන්ජිනියරින් යන්න රිසාල්ස් තියෙද්දි අපේ බසුනගා ප්‍රයිවට් කැම්පස් එකක උපාධිය කරගෙන යන්න තීරණය කිරීම ගැන අපේ තාත්තා බොහොම සතුටුවුන එක. කාලය කියන එකේ වැදගත්කම ගැන ලොකු ලෙක්චර් එකකුත් දුන්නා නගාට. :3

      මගේ මිතුරියකගේ බොහොම සාම්ප්‍රදායික දෙමව්පියෝ ඈ උසස්පෙලින් පස්සෙ පිරිමි ලමයින්ට පමණක් සුදුසුයි කියල හිතෙන රැකියාවක් තෝරාගැනීම ගැන මදක්වත් කනගාටු නොවීම, ඈ ගැන ආඩම්බර වීම.

      මගේ දෙමව්පියෝ, ඔවුන්ගේ ආයතනයෙ මගේ ඩිග්‍රියට අදාල රජයේ රැකියාවක් පහසුවෙන් ලබා දීමට පුලුවන්කම තියෙද්දිත්, මම කැමති කොහොමද කියල විමසන්නත්, මගේ තීරණය සාධාරණ බව දැකීමත්, කවදාවත් ඒ ගැන ඇණයක් නොවීමත්.

      තව උදාහරණ තිබුනත් ඒවා ඒ ඒ අයගේ පෞද්ගලික දේවල් නිසා මම මෙතන කියන්න යන්නෙ නෑ. එපා වෙනව අප්පා පෝස්ට් එක ලියද්දියි, කමෙන්ට් දාද්දියි 'උඹේ අර සීන් එක උදාහරණෙකට ලිව්වට අවුලක් නැද්ද?' කිය කියා අහන්න ගියාම.

      Delete
    2. මගේ උපකල්පනය මගෙ දෙමව්පියන්ගේ පරම්පරාව සහ මගේ පරම්පරාව අදාල කරගෙන කළ එකකි. බස්සි මට පසු පරම්පරාවේ කෙනෙක්. ඔබගේ සහ ඔබගේ මිතුරන්ගේ අත්දැකීම් අනුව දැන් එය වෙනස්වී ඇත්නම් ඒ ගැන ඉතාමත් සතුටුයි.

      Delete
    3. මම ඔබේ පරම්පරාවේ කෙනෙක්... ඒත් අපේ පවුල්වල් මේ වගේ දේ අනන්ත සිද්ද උනා.... මගේ අයියා කෙනෙක් ලන්ඩන් ගියේ මැඩිකල් ඉස්පැසොලිස්ට් කෙනෙක් වෙලා එන්න.. ඒත් ලංකාවට ආවේ අති දක්ෂ ටේලර් කෙනෙක්... අද ලංකාවේ සුප්‍රසිද්ධ චරිතයක්...

      Delete
    4. මාතලන්ගේ ඒ අත්දැකීමත් එක්ක මට මගේ උපකල්පනය අපේ පවුලට පමණක් අදාල එකක් වශයෙන් 18 වන සංශෝධනය සම්මත කරගන්න තීරණය කළා.

      Delete
  21. උඹ කියන දේ ඇත්ත යශෝ,තමන්ගේ ජිවිතේ යන්න ඕනේ කොහාටද කියන එක තීරණය කල යුත්තේ තමාමයි.දකින හින සැබෑ කරගන්න විභාග පාස් වෙන්නම ඕනේ නැහැ.අවශ්‍ය කරන කැපවීම තියේනම් ඕනේ හීනයක් හැබෑ කරගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවා මනෝ. බොහොම වටිනවා උඹේ කමෙන්ටුව.

      Delete
  22. මට අද වෙලා මදි හෙට එන්නම්.

    ReplyDelete
  23. මේ දේ තේරුම් නොගත් නිසාවෙන් දැන් මට වැරදි ඇත :(
    නැවත අලුතෙන් පටන්ගමි මගේ හීනේ හොයන් යන්න.
    මේක ගොඩක් වටිනවා බසු අක්කේ :* :* <3

    ReplyDelete
    Replies
    1. අලුතෙන් පටන්ගන්නවා කියල අමුතු දෙයක් කරන්න නෑ. දැන් ඉන්න තැන ඉඳන් ටාගට් එකට යන පාර හදාගන්නයි තියෙන්නෙ මල්ලි.

      Delete
    2. ඉස්කොතුය් :*
      ආදරෙය් ඈ (y) <3

      Delete
  24. තමන්ට යන්න හැකියයි සිතෙනවානම් ඒ දුර තීරණය කළයුත්තේ දරුවන්. දෙමාපියන් නොවේ. ඔවුන් ක්‍රියාකලයුත්තේ දරුවන්ට ආරක්ෂක දැලක් ලෙසින් මිස දරුවන් කොටුකරන දැලක් ලෙස නොවේ. කාලීනව හොඳට දැනෙන මාතෘකාවක් බස්සියා.

    ReplyDelete
    Replies
    1. //දෙමාපියන් ක්‍රියාකලයුත්තේ දරුවන්ට ආරක්ෂක දැලක් ලෙසින් මිස දරුවන් කොටුකරන දැලක් ලෙස නොවේ//

      නියම කතාව මාධව අයියේ. ගොඩක් වෙලාවට ලමයින්ව තමන්ට වුවමනා පාරෙ බලෙන් දුවවන එකයි දෙමව්පියො කරවන්නෙ. අර පරම්පරාවෙ දැලි ගාන කතාව කියවෙන්නෙත් ඒකට උත්ප්‍රේරකයක් විදියට.

      Delete
  25. ඔයාගේ අදහසට සම්පූර්නයෙන්ම එකග වෙනවා බස්සි(අක්කි).මාත් ඒ ලෙවල් ෆේල්.ඔව්,මං එකසැරයයි කලේ.මං වෙනම ගමනක් ය්න්න ඉන්නේ,ඒකයි මගේ ජීවිතේ.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ජීවිතේ අයිති තමන්ටනේ. හොඳ තීරණයක් මලියෝ. සුභපැතුම්!

      Delete
  26. මල් මසුරන් කතාවක්! මං සහසුද්දෙන්මැ එකඟයි මේකට! උදාහරණ ඕනේ තරම්!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. නාඩියා මල්ලි රටතොටේ සැරිසරන, මිනිස්සු එක්ක ගැටෙන ප්‍රමාණය වැඩි නිසා ඒ අත්දැකීම් එක්ක මේ ගැන උදාහරණ දෙන්න පුලුවන් චරිත ඕනෙ තරම් මුණගැහිල ඇති.

      Delete
  27. ඔව් බස්සී මාත් ඔයත් එක්ක සීයට සීයක් එකඟයි...

    හීනේකට යන්න පාරවල් ගොඩක් තියෙනවා. එක පාරක යන්න බැරි වුනොත් හුඟ දෙනෙක් ඒ හීනේ බොඳ කරගෙන ආපස්සට හැරෙනවා මිසක් ඒ හීනෙට යන්න තව පාරවල් තියෙනවද කියලා හොයලා බලන්නේ නෑනේ.

    ඒ වගේම ඒ හීනේ වෙන කෙනෙක් දකින හීනයක් නොවී තමන්ම දකින හීනයක් වුනොත් තමයි මොනතරම් බාදක ආවත් ඒ හීනේ හැබෑ කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබම වෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි.
      මට කියන්න ඕනෙ වුන දේවල් තුශානි ලස්සනට summarize කරලා.

      Delete
  28. බස්සියේ මේක ළමයින්ට නෙමෙයි උන්ගේ දෙමවුපියන්ටයි ටොකු ඇණලා පෙන්නන්න ඕන.තමන්ගෙ බොඳවෙච්ච හීන ළමයි හැබෑ කරන්න ඕන කියලයි එයාල හිතන්නේ...ගොඩක් ළමයින්ට හීන නෑ...උදේ ඉස්කෝලෙ ඇවිත් හෝම් වර්ක් නොකරම හවස වැලි ගොඩදාලා ගෙදරට කීයක් හරි හම්බ කරල දෙන මගෙ ළමයින්ට හීන දෙන විදිය මට තේරෙන්නෙත් නෑ....මගේ හීන නම් අග ඉඳන් මුළටම ටිකින් ටික හැබෑ වීගෙන යනවා..ඒත් වටිනාම හීන 3න් එකක් මග.අනිත් දෙක පේන තෙක් මානයක නෑ.මට තවම 29යිනේ.ඉදිරියේ සැබෑ වේවි

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ හීන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මමත් සුභපතනවා!

      Delete
  29. බෂ්ෂි, මං ඒ ලෙවල් කරන කාලෙ හිටිය නං... :-( ඇත්තටම මට මගෙ පාත් එක ගැන කණගාටුයි. ඒත් මාත් අතඅරින්නෑ...

    ReplyDelete
    Replies
    1. එක හීනෙන් එලිවෙන්නෑනෙ ඩ්‍රැකියෝ. අත අරින්න එපා!

      Delete
  30. වැඩේ කියන්නේ බස්සියෝ හැබෑ වෙන එක හීනෙකුත් එක්ක තව හීන වැලක්ම දළු දාන එකනේ....හීන හීන හීන....ඉවරයක් නෑ......ඇත්ත ..ජීවත් වෙනවා කියන්නෙම හීන සැබෑ කර ගැනීමක්

    ReplyDelete
    Replies
    1. හිහී! එහෙම තමයි ජීවිතේ.

      Delete
  31. වැරැද්ද අපේ අධයපන ක්‍රමේද නැත්නම් සම්ප්‍රදායට රාමුවකට කොටු වෙච්ච අපේ ජිවිත වලද කියන්න මම දන්නේ නෑ.හිතේ කලෙක ඉදල තියෙන කල කිරීමක් පොස්ට් එකක් ලියන්න හිතන් ඉන්න කොට තම බස්සි අක්කගේ එක දැක්කේ එකෙන් ගිහින් තිලක සිත පොස්ට් එකත් කියෝලා ආවා..
    වෙයන්ට හපන් නෑයන්ටයි ගම්මුන්ටයි ඕන කුදයක් ගහගන්න කියල මගේ ජිවිතේ මට ඕන විදියට ගෙවන්න මම මාර ගේමක් දෙනවා..එකේ මම උපරිම තෘප්තියක් ලැබුවත් වට කන්කරච්චලෙයි අනවශ්‍ය ඇගිලි ගැසිමුයි නිසා එන මානසික වදේ කියල නිම කරන්න බෑ.
    AL වලට මේක කරපන් කියල අපේ ගෙදරින් නම් කවදාවත්ම කියල නෑ.අපේ ඉස්කෝලේ ඇග්රෝ තිබ්බ නම් මම එක කරනවා.එක නොතිබුන නිසා තිබ්බ ඓත් ටික සලකල බැලුවම ඩොකෙක් වෙන්න තුන් හිතකවත් නෑ අනික මට නිදි මරන් පාඩම් කරන්න බෑ එක නිසා බයෝ අතහැරිය ඊළගට කොමස් එක කල නම් මලාට වලක් බහින්න වෙන්නේ නෑ අපේ අම්ම කොම මිසෙක් පොත් පෙරලපු ගමන් වැඩ මට්ටු අනික අම්ම උගන්වන්න ගනී මට එක නිසා එකත් අත්හැරිය..ආර්ට් බෑ දිගට දිගට පැනෙන් ලියන්න කම්මැලි අනික මම ලියන ඒවා කියවන්න පුළුවන් එහෙමත් කෙනෙක්ට ඉතුරු උනේ මැට්ස්..ගින්නක් නැතිව කරන්න ගත්තා.කළා ෆේල්.ලොකු රිසල්ට් එකක් බලාපොරොත්තුවක් කොහොමටවත් තිබ්බේ නැ..හැබැයි කෙමා හොදට පාස් පිසික්ස් උත ගොඩ කම්බයින් වල හහිතුව s කට්ටක් එඉ කියල පන්ති නොගිහින් පීරියඩ් එකේ බාහිර වැඩ කරලා කොහෙන්ද පාස් වෙන්නේ.හිත හදාගත්තා.
    මගේ හොදම යාළුවෙක් කරපු බලු වැඩක් නිසා කම්පියුටර් හාඩ්වෙයාර් කොස් එකක් කළා එකෙන් අස හිතිල සොෆ්ට්වෙයාර් වලින් ඩිග්රියක් කරන්න ගත්තා.කරගෙන යනවා හැබැයි මට එකේන් ජොබක් කරන්න හිතක් නෑ.
    අනිත් උන් වගේ උබලත් මට පිස්සෙක් කියන්න එපා..මගේ ආසාව ඇග්රෝ ෆීල්ඩ් එක.තාත්තගේ ඇක්වා ෆර්ම් එක කරගෙන තිය්ර්ණ වතු වල වවාගෙන ෆුල් ආතල් එකේ ඉන්න.
    ෆ්‍රීලර්න්ස් ජොබක් හම්බ උනොත් කරනවා විවේකේ තියෙන විදියට IT වල..
    දොස්තරලා ඉංජිනේරුවෝ විතරයි හම්බ කරන්නේ කියල හිටන් ඉන්න සමාජේ අහන්නේ කොලබ ඉස්කෝලෙක ඉගෙන ගත්තේ මඩේ ලගින්නද කියල..ඕකෙන් ම්නවද හම්බ වෙන්නේ
    අහවල් දොස්තර මාසෙන් මාසෙට වාහන මාරු කරන එකයි අහවල් ඉන්ජිනේරුවාගේ පුතා රට ගිය එකයි විටරයි මිනිස්සුන්ට කට කරන්න තියෙන්නේ.අපේ ගෙදර උන්ටත් ලොකුවට ඕන කමක් තිබ්බ මව රට යවන්න..මම කැමති මෙහෙම නම් මොනවා කරන්නද.
    මම වගේමයි මගේ තාත්තත්.බුවා මැට්ස් වලින් AL කරපු එකෙක් කියල මම දන්නේ ලගදි.ඊට පස්සේ ඉගෙන ගෙන තියෙන්නේ මෝටර් මිකනික් හැබැයි කරන්නේ ඇග්රි.එයාගේ පුතා වෙච්ච මම එහෙම නොකර ඉදි ඩ..
    දැන් මම ගෙදෙට්ට විල්ල ඕක කියවන උන් ව එලොනවා..ඔකුන්ගේ කන්දොස්කිරියාව ඉවසනාවට වඩා හොදා එහෙම නෑයෝ නැති එක..එකෙක් ගෙන් නම් ඇහුව මම මඩ නාන එක ගැන වැඩ වෙන්නේ දුවව දෙන්නද කියලා

    ReplyDelete
    Replies
    1. හැක්! අපේ සනුහරේ නෑයොන්ටත් ඉතින් ඔයවගේ දැවෙන ප්‍රශ්ණ තියෙනව අපේ අධ්‍යාපනේ ගැන. එව්වා ඉතින් නවත්තන්න බෑ ප්‍රොෆා මල්ලි.

      සිරාවටම මිනිස්සුන්ට පේන්න අහවල් ඩොකා කාරෙකක් ගත්තා, අහවල් ඉන්ජා ගෙයක් හැදුවා කියන එක විතරයි. රෙදි කඩ කාරයෙක් මාසෙන් මාසෙට වෙහිකල් මාරු කලත් ඒවා පේන්නෑ. ඒ ඉතින් ඒ මිනිස්සුන්ගෙ ඇස් හුරුවෙලා තියෙන හැටි.

      ඒ.ලෙවල්වල තියෙන විෂ්ය ධාරා ප්‍රමාණය නම් මදි. ඒක ඇත්ත. ඒක ටිකක් ලොකුවට කතා කරන්න ඕනෙ මාතෘකාවක්.

      Delete
  32. අද කාලේ ගොඩක් දෙමව්පියන්ට ඕනේ තමන්ගේ දුව/පුතා එහා ගෙදර එකාට වඩා ඉහළට යවන්න. එහෙම නැත්තම් ඥාතින්ගෙ ළමයින්ට වඩා ඉහළට යවන්න. ඒ හැමෝගෙම සිහිනෙ එක්කො ඩොකෙක් නැත්තං ඉංජෙක්. කවදාවත් ළමයට වෙන්න ඕනෙ මොකෙද්ද කියල අහල බලන්නෙ නෑ. ඒ ක්‍රමේ වෙනස් වෙන්න ඕනෙ ගෙදරින්. ඊළඟට අධ්‍යාපන ක්‍රමයෙන්. ඊළඟට සමාජය හිතන හැටිත් වෙනස් වෙන්න ඕනෙ. වාසනාවට මගේ දෙමව්පියො කළින් සඳහන් කරපු ගොඩේ නෙමේ. ඒ හේතුව නිසාම අද මටත් සතුටින් මං හීන මැවුව විදිහම වැඩක් කරන් ඉන්න පුළුවන් වෙලා තියෙනවා.

    හොඳ ලිපියක් බස්සි. නියමයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඉතින් වැට දෙපැත්තේ ගෙවල් අතරෙ තියෙන සදාතනික ගැටුමක්නෙ. ඕක ඔය විදියමයි ඔෆිස් එකේ එක ලඟ උන්ගෙ ලමයි එකම ඉස්කෝලෙට යද්දිත් වෙන්නෙ.

      මට මතකයි අපේ අම්මලාගෙ ඔපීසියෙ අයගෙ ලමයි ලමයි අතරටත් යනවා ඔය දෙමව්පියන්ගෙ වලි. ඒ මදිවට ගෙදරින් එන ප්‍රෙෂර් එක නිසා ඒ ලමයි එක එක්කෙනාගෙ පේපර්ස් හංගන්න, නෝට්ස් හොරකම් කරන්න තරම් පහත් තත්වෙටත් වැටෙනව.

      මනා ඔයා වෙනසක් කරපු, ඉදිරියට වෙනස් ගමනක් යන්න ශක්‍යතාව තියෙන කෙනෙක්. ජයම වේවා!

      Delete
  33. හම්මේ...

    සිහින සැබෑවන්නේ කැපවීමෙනි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානේ කාලෙකින් මේ පැත්තෙ.

      ජයවේවා ඈ!

      Delete
  34. This is a nice post.

    There is something to share , My father is a retired government teacher ( Science ). He wanted me to be a doctor.But I wanted to be an Engineer because I was interested in electronics , gadjematics and more. But I had to do A/L in BIO stream.I failed it not one time but 3 times ( 95 , 96 , 97 ) . After that nothing to do. But I had a dream . There was a small computer at our school around 94 , we used to learn it , I was too enthusiasm with it.In 98 I started to follow B Tech in Computer Engineering at OUSL. in 2005 graduated as a en Engineer having a 2nd upper. Now working in the IT filed as a Manager . I made my dream true and inspired others as well. Ur post made me remember my past , thankssss.

    ReplyDelete
  35. මං මහ විකාර පොරක් කියල හැම එකෙක්ම කියනවා මට හැමදාමත් ඕනෙ උනේ මට කැමති දේ විතරක් කරන්න ,මට ඒකට ගෙදරින්නම් කිසිම බල පෑමක් කරලත් න කරන්නෙත් නෑ කියල මං හොදටම දන්නවා ,මට ඉන්නෙ මගෙ අම්ම විතරක් උනාට මං එයා කිව්ව හම දෙයක්ම නොකලට කවදාවත්ම එයා මට පාඩම් කරන්ඩ කියල කියලම නෑ මට O/L කියන 1 එච්චර වැදගම්මකට ඇති මගුලක් කියල දැනුනෙත් නෑ,මන් ඒකට මැරීගෙන පාඩම් කලෙත් නෑ ,ඔන්න ඔහෙ ඔය මගුලත් ඉවර කරනව කියල ලිව්ව විතරයි මන් හිතුවටත් වඩා හොද රිසාල්ට් එකක් ආවම මට උන් හිටි තැන් අමතක වුනා a8යි B1යි මන් 2018 a/ලෙවල් ලියන්න ඉන්න පොඩි එකෙක් උනාට මගේ හිතේ හියෙන දේවල් උඩ කතාවෙ ඉන්න එක්කෙනාගෙ කතාවට සමානයි ,පොඩි කාලෙ ඉදන්ම තිබ්බ ආසාවට උ.පෙට බයෝ කරන්න ඉන්නෙ පොඩි පොඩි නව නිර්මාන ටික්කුත් කරා මට බයක් තිබ්බ උ.පෙ ගොඩ ගියෙ නැත්තං මගෙ ජීවිතේම ඉවරයි කියල ඒත් උඩ ආටිකල් එක කියෙව්වහම මගෙ හිතට පොඩි ෆිට් එකක් ආව ,මගෙ මැරිච්ච තාත්තටයි අම්මටයි පින් සිද්ද වෙන්න මන් අද උ.පෙ කරනව ,මාත් පොඩියට ක්ලාස් ටිකක් කරන්නත් පටන් ගත්ත ඉබේ අහසින් සල්ලි පාත් වෙන්නෙත් නානෙ.ඔයාල අපි වගේ පොඩි එවුන්ට දෙන සප් එකේ වටිනාකම නම් කියල නිම කරන්න බෑ,ඔයාට තෙරුවන් සරනයි

    ReplyDelete