ඇබිත්තං කළු කූඹියෙක් කම්පියුටර් ස්ක්‍රීන් එක දිගේ ඉබාගාතේ ඇවිදිනවා. කූඹියා වගේ තුන් හතර ගුණයක් විශාල අකුරු ටයිප් කිරීම එහෙමම නවත්තල මම උගේ අමන රස්තියාදුව දිහා බලන් ඉන්නව. ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද කියල තඹේකට මායිම් නොකරන නිදහස්, හිතුවක්කාර ප්‍රාණියෙක්, කම්පියුටර් ස්ක්‍රීන් එකෙන් ලක්ෂෙන් පංගුවක් තරම්වත් විශාල නොවෙන ක්ෂුද්‍රප්‍රාණියෙක් නිසා මගේ රාජකාරිය ලත් තැනම ලොප් වෙලා.
ඔන්න මට මේ කුඩා අමනයා ගැන කේන්තියක් මතුවෙනවා. දබරැඟිල්ලයි මහපටැඟිල්ලයි කූඹියා පිටිපස්සෙ පන්නනවා. ඌ පිටිපස්ස හැරෙන්නෙවත් නැතුව දුවනවා. දිවිල්ලෙන්ම අතුරුදහන් වෙනවා.
ඌ අතුරුදහන් උනේ කොහොමද? මම ඇඟිලි දෙක ඇහැට ලං කරල බලනවා. නියතුඩුවල කළුපාටට හිරවෙලා තියෙන්නෙ කළුකූඹියාගෙ අඬු කෑලිවත් ද? සමහරවිට මට නොදැනිම ඌ මහපටැඟිල්ල යට ඇඹරෙන්න ඇති. තලපයක් වගේ!
එහෙමත් නැත්නම් දබරැඟිල්ලෙ හැප්පිලා කම්පියුටරෙන් පහලට පෙරළුනා වෙන්නත් පුලුවනි. කම්පියුටර් ටේබල් එකෙනුත් බිමට වැටුනනම් ඌ දැන් අළු පාට කාපට් එක උඩ මුණින් අතට වැටිලා අඬු පඬු හතර අතේ විසිකරකර ලතෝනි දෙනව ඇති. එහෙමත් නැත්නම්. . . .
“සර්ගෙ කොෆී එක.”
සිරිපාලගෙ කටහඬට මම ගැස්සිලා පිටිපස්ස බැලුවා. කළු කූඹියව සිරිපාලගේ සෙරෙප්පුවලට අහුවෙලා තැලිලා ගියාවත්ද?!
“ඔහු බූවල්ලෙක් වැන්න. එක් පාදයකින් සහෝදර පුවත්පත් කලාවේදී වගීෂ තිලකරත්නගේ ලයට ගිනිබිඳින මේ කෲර පාලකයා තවත් අඬු යුගලකින් ගමේ පන්සලේ නව ධාතු මන්දිරයට මුල්ගල තියයි, සිල් ඇත්තන්ට තම උඩුකය සේයාරුව මුද්‍රිත බිත්ති ඔරලෝසු බෙදයි.”
අකුරු පේළිය ඇකිලිලා කුඩා කූඹි පේලියක්බවට රූපන්තරණය වුනා. ඉන් පස්සෙ ස්ක්‍රීන් එක පුරාම වමට, දකුණට, ඉහළට, පහළට, කෙලින් සහ ඇදේට ඉබාගාතේ ඇවිදින්න වුනා.
මම ඇස් දෙක තදින් පියාගෙන කෝපි උගුරක් උගුරෙන් පහලට තල්ලු කලා. උණු කෝපි දියරය උගුර පුච්චාගෙන පහලට ගලාගෙන යනවා.
“මචං, මට උඹ ගැන බයයි.”
වයිබර් චැට් බුබුලක් මොබයිල් ෆෝන් එක දෙදරවාගෙන පොප්-අප් වුනා.
“ලන්ච් ගත්තද?”
ඒක නොගැලපෙන ප්‍රතිචාරයක් තමයි. ඔළුව පුරා කළුකූඹි දුවන වෙලාවක ඒ අස්සට පත්තෑයෙක් වගේ නලියනලියා දෂ්ඨ කරන්න සම්භාවිතාවක් ඇති සංවාදයක් ඔබ්බවාගන්න මට කොහෙත්ම වුවමනාවක් තිබුනෙ නැහැ.
“මට උඹ ගැන බයයි. මං මහ නරක හීනයක් දැක්කා.”
ආයෙමත් මොබයිල් ෆෝන් එක දෙදරන්නේ මේසයත්, කීබෝඩ් එකත්, ඒ උඩ එහෙමෙහේ දුවන අත්දෙකත් කම්පනය කරවගෙන. මොබයිල් එකේ දෙදරිල්ලට කී බෝඩ් එක සහකම්පනය වෙනවා. එතකොට වගීෂගේ මරණය ගැන? සෙනෙවිගෙත්, තාරිගෙත් අතුරුදහන්වීම් ගැන?
මම අහක බලාගෙනම වයිබ්‍රේශන් ඕෆ් කලා. ඒ කියන්නෙ කම්පනය අවසන් කලා.
“නිදා සිටින්නන් ඇහැරවීම අපහසුය, එහෙත් ඒ නොකල හැක්කක් නොවේ. වඩා දුෂ්කර කාර්යය වන්නේ නිදා සිටින්නාක් මෙන් රඟපාන උදවිය ඇහැරවීමයි. මිනී කන ව්‍යාඝ්‍රයෙක්, සුරතලයට ඇතිකරන බළල් පැටවෙක් ලෙස කරන මාධ්‍ය සංදර්ශනය නිද්‍රාවෙන්ම අනුමත කරන ජනතාවක් යනු. . . . .”
ආයෙමත් කළු කූඹි. මම ලියලියා උන්නු ලිපිය එහෙමම නවත්තලා බැල්කනියට ගියා. එතනට බම්බලපිටියේ මුහුද පේනවා. මුහුදෙන් මිලියනේකින් පංගුවකටත් වඩා කුඩා බෝට්ටුවක් විසාල රළගෙඩි අතරේ ඉහල පහල යනවා.
අත් ඔරලෝසුවක් බඳින පුරුද්දක් මට කවදාවත් තිබුනෙ නැහැ. මේ වෙලාවෙ අතේ මැණික් කටුව වටේ එතිල තියෙන්නෙ මැදපු පොල්කටු කෑලිවලින් හදාපු බ්‍රේස්ලට් එකකුයි, රොකීගෙ බෙල්ලෙ තියන එකට වඩා පොඩ්ඩක් හීනි ඇලුමිනියම් පාට දම්වැලකුයි. පුරුද්ද මොබයිල් එකේ වෙලාව බලන එක. තුනයි හතලිස්පහයි.
මිස්ඩ් කෝල් දෙකක්. උණ සන්නිපාතෙ හැදිලා වගේ දඟලන වයිබර් සහ මැසෙන්ජර් අයිකන්. යූ ගොට් අ නිව් ටෙක්ස්ට් මැසේජ්.
“කෝල් කරපියකො. තමුසෙ මැරිලද ඕයි. මට බයයි.”
සුලු නොරිස්සුමක් එක්කයි මම ඇමතුම ගත්තෙ. ඒත්, ටකරං වහලෙකට වැහි බිංදු වැටෙන්නා වගේ හෙලෝ කියන්නෙවත් නැතුව ඒකි බනින විදියට මට හිනා ගියා.
“ඔලමොට්ටලයෙක් වගේ හිනා වෙන්න එපා ඕයි. තමුසෙට ඇත්තටම තමුසෙගෙ ජීවිතේ වටින්නෙ නැද්ද? අනික, අනික, ඇයි යකෝ අච්චර මැසේජ් එවද්දි කෝල් කරද්දි උන්නද මලාද නොකිය ගල්බීත වෙලා ඉන්නෙ?”
“මට ඇහුනෙ නෑ බං.”
“ඈ ඕයි, තමුසෙ බීරෙක්ද? හා. හා, එහෙනම් උඹ බීරෙක්මයි කියමු. මැසේජ් නොපෙනෙන්න ඇස් දෙකටත් හෙන ගහලද?”
ඒ වෙලාවෙ මට ටිකක් හයියෙන් හිනා ගියා. හිතල කල දෙයක් නෙමෙයි. හැබැයි නොහිතා කල දෙයක් කියන්නමත් බැහැ. කොහොමහරි මට හකහක ගෑවිල්ලේ හිනා ගියා. අන්න ඒ නිසයි එකපාරටම ඉකිබිඳුමක් පුපුරා හැලෙන්න ගත්තේ.
"ඒයි, හරකි, අඬන්න එපා බං. මොන මගුලක්ද?"
"උඹට, උඹේ ලිපිවලට උන් ඇහැගහගෙන ඉන්නෙ ආදිත්‍ය. ඇයි දෙයියනේ මම කියන දේ තේරෙන්නෙ නැත්තෙ? උඹට උඹේ ජීවිතේ වටින්නෙ නැද්ද ආදි? මං අහන්නෙ, ඇයි අර විශේෂාංග පිටුවට තීරු ලිපියක් දෙකක් ලියාගෙන පාඩුවෙ ඉන්න බැරි උඹට?"
ඒ ඒකි අඬනව මට ඇහුන පළමුවෙනි වතාව. ඒ නිසා මම තරමක් කලබල වුනා. ටිකක් නෙමෙයි, මම සෑහෙන්න කලබල වුනා.
"ආදිත්‍ය, මේ අහපන්. උඹට උඹේ ජීවිතේ වටින්නේ නැති වෙන්න පුලුවන්. ඒත් මට, මට උඹව වටිනවා."
අන්න ඒ වෙලාවෙ තමයි අකුණක් කෙටුවෙ. හරියටම මුහුද මැදට. මම වමට, දකුණට, මුහුද පේනතෙක්මානෙට ඇස් දිවෙව්වේ අර තනි බෝට්ටුවේ සලකුණක් හොයාගන්න. ඒත් සලකුණක් නොතියාම ඒක අතුරුදහන් වෙලා තිබුනා. සමහරවිට ඒ බෝට්ටුව රළගෙඩිවලට පැරදිලා දියබත් වෙන්න ඇති. එහෙමත් නැත්නම් මගෙ ඇස් මානෙන් එහා, මුහුදෙ කෙනහිලිකම් මැද්දෙ තවමත් යාත්‍රා කරනව ඇති.
"මං හවසට එනවා. දැන් ඔය චුරුචුරුව නවත්තගන්නවා." මම බෝට්ටුවේ ඡායාවක් ඇහැට අහුකරගන්න, මුහුද පුරා දුවන අතරේ කිවුවා.
"මං හවසට එනවා. දැන් ඔය චුරුචුරුව නවත්තගන්නවා." මම බෝට්ටුවේ ඡායාවක් ඇහැට අහුකරගන්න, මුහුද පුරා දුවන අතරේ කිවුවා.
* * * * * * * * * *
"මටත් ආසයි නයෙක් අරින්න." ප්‍රාර්ථනා අහස දිහා බලාගෙන කියනවා. මම බලාගෙන හිටියේ මූදු හුලඟ එක්ක ඉහළ යන්න පොරබදින ඒකිගෙ ලා දුඹුරුපාට කොණ්ඩ කැරලි දිහා. කෘතිමව වර්ණ ගන්වලා තිබුනත්, ඒ කොණ්ඩ කැරලිවලින් මට දැනුනෙ ස්වාභාවික සුන්දරත්වයක්.
"ඕයි, මටත් ආසයි" ඒ කඩාපැනීම ඉවරවෙන්න කලින් මම අනපේක්ෂිත විදියට ඒකිගෙ තොල් දෙක හරහට දබරැඟිල්ල තියල තද කලා. වෙනදා වගේ කට මිරිකීමක්, නැත්නම් කුඩා කම්මුල් පහරක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඕනෙ ඒකි ඇස් දෙක දොඹ ගෙඩි වගේ ලොකු කරගෙන මගෙ දිහා බලාගෙන හිටියේ.
"ඇයි නයෙක්? කොම්බුවෙක්, උකුස්සෙක්, නැත්නම් ප්ලේන් එකක් අරින්න කැමැත්තක් නැද්ද?" මම මෙලෝ රහක් නැති ප්‍රශ්ණයක් ඉතාම රොමෑන්තික විදියට ඒකිගෙ කන ගාවට පහත් වෙලා අතඇරියා.
"කෙහෙල්මල"
එකි එහෙම කියන්නෙ කියාගන්න දෙයක් නැතිවුනාම කියල මම අත්දැකීමෙන් දැනගෙන හිටියා.
"නයෙක් උනත්, හුලං හමන අතට ඔහේ පාවෙන්න ඉඩදෙන්නෙ නැතුව, ඊට ප්‍රතිවිරුද්ධ අතට හුලං කපාගෙන යන්න ඉඩදෙන්න බැරිද?"
ප්‍රාර්ථනා ඇස්දෙක හීනි කරල, දෙබැම එකට ගෑවෙන නොගෑවෙන තරමට ලං කරන් මගේ සිතුවිලි පරිලෝකනය කරන්නා වාගෙ බැල්මක් වීසිකලා.
"පණ්ඩිත කතා" ඒකි ඊගාවට කිවුවා. "පැහිච්ච මෝඩ කතා."
මිනිස්සු, නානාප්‍රකාර මිනිස්සු මුහුදු වෙරළ පුරාම නිදහසේ එහෙ මෙහෙට ඇවිදිනවා. සරුංගල් අරිනවා. රැල්ල පාගනවා. පැටි වයසේ එවුවො වගේම හිතෙන් පොඩි ළමයි වුන මහ එව්වොත් තරඟෙට වැලි මාලිගා හදනවා. කඩල කනවා. අන්නසි අච්චාරු කනවා. පාට පාට අයිස්පලම් කනවා. හාදු දෙනවා.
මම ප්‍රාර්ථනාගෙ පිරුණු කම්මුලකට හාද්දක් දුන්න. හාද්දක් කියනවට වඩා දෙතොල් පහරක් කිව්වොත් තමයි වඩා නිවැරදි. කැළල් නොහිටින පහරක්.
ඉන් පස්සෙ ඒකි දෙබැම ඇකිලුවෙ නෑ. ඇස්ගෙඩි දෙක තඩි කරන් කන්න වගේ බලන් උන්නෙත් නෑ. වෙනෙකක් තියා ඇස් හීනි කලෙත් නෑ. ඒ වෙනුවට බෙල්ල පැත්තකට ඇල කරල, මූණ වම් පැත්තට හරවලා, විනිවිදින සුළු බැල්මකින් මාව සිදුරු කරන්න වුනා.
අන්න ඒ වෙලාවෙ ආයෙමත් අපි වටේ කළුකූඹි කැරකෙන්න පටන් ගත්තා. සරුංගල් අරින, රැල්ල පාගන, වැලි මාලිගා හදන, කඩල, අන්නාසි අච්චාරු, අයිස්පලම් කන කළු කූඹි. තම තමන්ගේ ලෝකවල ඉබාගාතෙ ඇවිදින කළුකූඹි. තම තමන් තුලටම, වඩවඩාත් ගැඹුරට ඇතුලුවෙන, තම තමන් තුලම සඟැවෙන කලු කූඹි. උන්ගෙන් අබැටක් තරම්වත් අවධානයක් නොලැබෙන නිසාම මට ඒකිගෙ ස්ට්‍රෝබෙරි සුවඳ දෙතොල ආක්‍රමණය කරන්න හිතුවටත් වඩා පහසු වුනා. කළු කූඹි ස්තර ගණනාවක් මැද්දෙන් අපි දීර්ඝ හාදුවක් තුලට කිමිදෙන්න ගත්තා.
* * * * * * * * * *
ප්‍රාර්ථනාගෙ පිරුණු රෝස පාට තොල් අතරින් සිගරැට්ටුව ඇතුලටත් පිටතටත් ගමන් කරන හැටිත්, ඒ වඩවඩාත් දීප්තිමත්ව දැල්වෙන හැටිත්, උණුහුමැති දුම් වළලු ඉහළ නගින හැටිත් සමාධියකට සමවැදෙන්න අපූරු කමටහනක්. ඉතින් මම එරමිණිය ගොතාගෙන සමාධිගත වෙන්න උත්සහ කලා. ඇස් අඩවන් කරගෙන, කුඩා කෙඳිරීමක්වත් නොනගා ඉන්න තතනමින්, වරින් වර බර හුස්ම පහරවල් පමණක්ම පිට කරමින් මම සමාධිගත වුනා. තවදුරටත් ඒකිගෙ දෙතොලින් ස්ට්‍රෝබෙරි සුවඳ නොහමන එකම මට සමාධිගත වෙන්න උපකාරයක් වුනා.
ප්‍රාර්ථනා දෙතොල් උල් කරලා මගේ පපුව මැදට විසාල දුම් ගුලියක් පිම්බා. එක්වරම දරුණු ඇවිලීමක් හටගත්තා. උස් ගිනිදළු සිරුර පුරා විහිදෙනකොට, මද ගැස්සීමක් සහිත විදුලි කාන්දුවකින් සමාධිය අවසන් වුනා.
ඒකි නිකට දෙ'අත්ල මත තියාගෙන මා දිහා බලන් උන්නා.
"මමත් කළු කූඹියෙක් වෙනවා." මං පිරිසිදු සුදු තුවායක් ඉනවටා දවටා ගනිමින් කිවුවා.
"ම්හ්?"
"මමත් අර විශේෂාංග පිටුවට තීරු ලිපියක් දෙකක් ලියාගෙන පාඩුවෙ ඉන්න කළු කූඹියෙක් වෙනවා."
"ඒ ඇයි?"
"මට ජීවත් වෙන්න සිද්ධවෙලා තියෙනව. ප්‍රාර්ථනාවක් තියෙනව. නැද්ද? මම හිතන්නෙ, අද දවල් මගේ කම්පියුටර් ස්ක්‍රීන් එක උඩ අරගල කරපු කළු කූඹියට දැන් මොනව වෙලා ඇතිද? මට හිතෙන්නෙ, ඌ කම්පියුටර් ටේබල් එකෙන් පහල වැටිල සිරිපාලගෙ සපත්තුවට පෑගෙන්න ඇති. මට මේ වෙනකම් ඒක කල්පනා උනේ නෑ."
ප්‍රාර්ථනා මගේ උරහිසට උඩින් නැමිලා කනට කිට්ටු වුනා. කන් පෙත්තෙ තොල් ගෑවෙන නොගෑවෙන තරමටම.
"මම එහෙම හිතන්නෙ නැහැ."
"ම්හ්?"
"ඒ කළු කූඹියා මේ වෙද්දිත් උඹේ කම්පියුටර් එක ඇතුලට රිංගගෙන කෑල්ලෙන් කෑල්ල හෙමින් කාල දානව ඇති. සමහරවිට ඌගෙ වම් පැත්තෙන්, ගෑවි නොගෑවි ඉන්න පෙම්වතියකුත්, හරි හරි, අපි කියමු ජීවන සහකාරියක් එහෙමත් නැත්නම් සයිඩ් කික් එකක් කියල. ඒ දෙන්න දෙපැත්තකින් කම්පියුටරේ කාල දානව ඇති. කොහොමද ඒක?"
ඈ අඩක් හමාර කල සිගරැට්ටුව මා අතට දුන්නා. මම උස් වීදුරු දොර විවර කරගෙන බැල්කනියට ඇතුල් වෙද්දි මුහුදු හුලං වලට වඩා සියුම් හුස්ම පහරක් ගෙල පිටුපස උණුහුම් කරන්න වුනා. බැහැගෙන යන ඉර වියරු රත් පැහැයෙන් දැල්වෙනවා. කළු කූඹි පිච්චි පිච්චි ක්ෂිතිජය අද්දරින් මුහුදට වැටෙනවා.
"තනි කූඹියෙක්ට කරන්න බැරි ගොඩක් දේවල්, හවුල් සමාගමකට කරන්න පුලුවනි."
මම ලොකු දුම් ගුලියක් පිම්බා. වියරුවෙන් ගිනි ගනිමින් තිබුණු ඉර, ඒ දුම් ගුලියෙ දියවෙලා මුහුදට වැක්කෙරෙන්න පටන් ගත්තා.
Complicated, yet interesting
ReplyDeleteThankz Upaya. :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඉඳිකටු අගිස්සක් හිත කිචි කැව්වා වගේ. කං හැන්ද කලාඳුරු හොයං කණ ඇතුළට යනවා වගේ.
ReplyDeleteකිචී අයියට කතාවකින් කිචිකවන්න පුලුවන් වුනා කියන්නෙම ලොකු සතුටක්.
Deleteකාලෙකින් කියවපු හොඳ කතාවක්. කෙලින්ම හොම්බට ඇන්නා වගේ නොකියා මෙහෙම කියන එක ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තූතියි බසු සහෝදරයා. බස්සිගෙ නවාතැනට බසුකුලේ එක්කෙනෙක් ආවම හෙන සතුටුයි ඉතින්.
Deleteනියමයි බස්සියේ...ටෝනෙඩෝවකට අහුවෙලා කැරකිලා ගිහින් මල මුහුදට වැටුනා වගේයි හිතට දුනුනේ
ReplyDeleteබොහොම ස්තූතියි අක්කා!
Deleteබොහොම කැමැත්තෙන් කියවූ වෙනස් මාදිලියක කතාවක්. බස්සිගෙ පරිකල්පනය අපව වෙනස් මානයකට ගෙනියනවා.
ReplyDeleteබොහොම ස්තූතියි යාලු!
Deleteඋඹේ පරිකල්පනය උඹට වඩා ගොඩාක් උසයි බට කොස්සි .... සුපිරියි.
ReplyDeleteඋඹ සංකේත භාවිත කරන මේ සම්ප්‍රදාය ඉක්මවාගිය නිර්මාණාත්මක රටාවගැන උඹෙන් ඉගෙන ගන්න හිතෙන තරමට ඒක ආකර්ශනියයි .
දවසක්දා මොකක්ද කම්පැනියකින් කතාකරලා උඹට පොසිටිව් තින්කින් ගැන ලෙක්චර් එකක් කරන්න කිව්වා නේද? :P
ඒකනං බැරියෑ ..හැක්
Deleteඇයි උඹට අර රට ඉඳං කවුදෝ මංද ඇවිල්ල කෝල් කරේ :D ඕ යේස්
එතකොට රට ඉඳන් ආපු එකා ගෙට ගොදවෙන්නත් කලින් ,මහා රෑ දොළහට මම උගේ ගෙදරට ආවේ :D ...ඕ යේස්
Deleteබොහොම තැන්කූ වේවා මචෝ!
Deleteඋඹනෙ ඉතින් මට කෙටිකතා ලියන්න කියලා නිකං ඉස්ටේජ් එකට තල්ලු කරලා දානවා වගේ එකක් කරපු ගුරා. බොහොම පින් හොඳේ!
ඈ යකූ හැන්ගවුට් මැසේජ් බලපිය. කතාව පබිලිස් කරන්න කලින් අඩුපාඩු බලමුද අහල එව්වා උඹ තාම ඒ මැසේජ් එක බලල නෑ. මැට්ටා. :3
ආ ඔව් ඔව්. ඔය පත්තරේ කියන්නැහේ මම ඒ පොසිටිව් තින්කින් ලෙක්චර් සීරීස් එක රට ඉඳන් ආපු ගෑල්ලමයෙක්ට පැවරුව නෙ. ඇයි එයා උඹට කෝල් කරලම ලෙක්චර් එකක් දුන්නෙ.
Deleteහැක හැක හැක ,ඔන්න මේ කමෙන්ට් එක දැක්කට පස්සෙනම් හැන්ගවුට් මැසේජස් බැලුවා , හා එහෙනං අඩුපාඩු බලමු ... හැන්ගවුට් මැසේජ් දැම්මා කියලා දැනුම් දීපිය :P
Deleteහුරේ ..
ReplyDeleteඅපේ "සිංදු ඇනෝ" බොක්කගේ හැපි බර්ත් ඩේ නෙවැ අද..
බොක්කෝ උඹට සුභම සුභ උපන් දිනයක් වේවා.. !!!!!!!!!!
හැපී බර්ත්ඩේ වේවා සිංදු ඇනෝ... පත්තරයාගෙන් බේරිලා ඉන්න හැකි සුබ අනාගතයක් වේවා
DeleteHBD !
Deleteහැපි බිලේටඩ් බර්ත්ඩේ සින්දු ඇනෝ!!!
Deleteකතාව නං මාරයි.
ReplyDelete//"තනි කූඹියෙක්ට කරන්න බැරි ගොඩක් දේවල්, හවුල් සමාගමකට කරන්න පුලුවනි."// කියන කතාව නං හරිම වැදගත්.
හැබැයි සහෝදර සමාගමකට නොවෙයි නේද?
අපෝ නෑ. මම කියන්නේ කුහුඹු සමාගමක් ගැන.
Deleteබොහොම ස්තූතියි නොකී කතා!
අන්න ලියැවිල්ල...
ReplyDeleteනොකියා කියවෙන ටික නියමයි.
හැබැයි මීට පස්සෙ නියපොතු කපපං..
//නියතුඩුවල කළුපාටට හිරවෙලා තියෙන්නෙ කළුකූඹියාගෙ අඬු කෑලිවත් ද? //
නැහැ අත් හෝදන්නැති උබේ කුණු කෑලි (වම් අතේ කහ පාට නම්, කක්කා කෑලි)
තැන්කූ සෑමෝ!!
Deleteඉයෑක්කයි. උඹ කිව්වොත් ඔහොම කතාවක් තමා ඉතිං. :(
නියමයි. බස්සිගේ හැකියාව නම් මාරයි. වෙනම ලෝකෙකට ගියා වගේ කතාවට සම වැදුනා. මං නම් කියන්නෙ ඔය කෙටි කතා ටික එකතු කරල පොතක් කරමු කියල :). දැන් ඒකට කාලෙ හරි නේද?
ReplyDeleteජය වේවා!!!
තැන්කූ මනා!
Deleteමම පොතක් කලා කියමු. කවුද බං මේව කියවන්නෙ?
ඇයි බොලේ අහපු කැත විතරක් . අපි ඕව කියවන්න බලං ඉන්නව කියල දන්නේ නැතුවයෑ මේකි .
Deleteඑහෙනං උඹල ටිකදෙනාට ඇතිවෙන්න පිටපත් තිහක් තිස්පහක් ගහල වැඩේ ගොඩ දා ගත්තැකි. :P
Deleteනියමයි බස්සි ...කතාව ඇතුලේ ,,,කතාවේ රටාව ඇතුලේ සාමන්‍ය කෙටිකතා කරුවෙක් නොකියන කතාවක් ඔයා ලියලා වගේ මට දැනෙන්නේ,,
ReplyDeleteතැන්කූ ඔමා!
Deleteකතාවේ ඇතුලෙන් කියන්න හදන දේ තේරුනා කියන්නෙ එල!
පට්ට...
ReplyDeleteමේක අර කවි වලට වඩා දැනෙනව .....
හහා...
Deleteපොයෙට් කෙනෙක් වීම සිහිනයක් පමණයි වගේ.
ලස්සසනයි බස්සි අක්කේ...... කාලෙකින් දැනෙන කතාවක් කියෙවුවා
ReplyDeleteතැන්කූ සබරේ!
Deleteඔන්න අපිත් ආවා බස්සිගේ නවාතැනට.මානසික ගැටලු ගැන ලියවෙන ලිපි පෙල කියවන්න ඇවිත් යන්න
ReplyDeleteමනෝ මන්දිර
//කඩල, අන්නාසි// මේ දෙක එක ලඟට දාපු එකට මං මනාප නෑ.. කලින් එක ලඟ අහල හුරුවක් තියෙන වචන දෙකක්නේ.. යූ නෝ වට් අයි මීන්.. කළු කූඹියෙක් වෙනුවට දිමියෙක්ගේ ෆොටෝ එක දාපු එක හැරෙන්න වෙන අඩු පාඩුවක් හොයා ගන්න බැරි උනා.. අනිත්වා (කාලානුරූපී වීම ඇතුළුව..) (ගොඩක්) හොඳයි.. වැඩිය පුම්බල තියන්නත් හොඳ නෑ ඒ වුනාට.. හැක්.
ReplyDeleteඇත්තටම //කඩල, අන්නාසි// වචන දෙක එක ළඟ යෙදෙන තැනක් මුහුදුවෙරළ. ඒ නිසා, ඒ නමින් සාහිත්‍ය උළෙලක් තියෙන එක මෙතනට පටලවා ගත යුතු නැහැ කියලයි මමනම් හිතන්නෙ.
Deleteකමියා පොටෝසාප්පුවෙන් මට ඔය දිමියව කළුකූඹියෙක් කරල දෙන්න බැරිද?
තැන්කූ ඈ...
ඇත්තම කීවොත් මම මේ කතාව ගැන තෘප්තිමත් නැහැ.
අඩේ තවම කළු කූඹි රොත්තක් මගෙ ස්ක්‍රීන් එකේ කැරකෙනවා වගේ දැනෙනවා මට. නියමයි.අනර්ඝයි අක්කා. ඔයා තවත් හුඟක් පරිණත වෙලා ලොකු අදහස් ගොන්නක් වක්‍රාකාරයෙන් දීල තියෙනවා .හදවතින්ම සුබපතනවා. පොතක් කරමු අක්කේ . නියමයි.
ReplyDeleteපොතක් කියන්නෙ ලොකු වැඩක්. තව ටිකක් ලොකුවෙලා බලමු නේ?
Deleteතැන්කූ නංගෝ!
ඈ අඩක් හමාර කල සිගරැට්ටුව මා අතට දුන්නා.//
ReplyDeleteමට වැදුනම තැන..
හිහී! තැන්කුයි මෙන්ඩෝ!
Deleteමේ වගේ ඒව වෙනම අරගෙන රසවින්දනයක්,එහෙම නැත්තං විචාරයක් වගේ කොරන්න වටිනවා ලේඛණ කලාව දන්න උදවිය විසින්.එක්කො මෙතනම කොමෙන්ට් විදිහට,නැත්තං වෙනම තැනක.ඒවා කියවන අපි වගේ අංකුර කාරයන්ට හොඳ පොහොරක් වැටෙයි.. මක්කෙයි කියන්නෙ?
ReplyDeleteජයවේවා..!!
අන්න ඒ යෝජනාවනම් ගොඩක් වටිනව පැපූ.
Deleteහැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ
ReplyDeleteහෙහේ! තැන්කූ හොඳේ!!
Deleteකතාව ලියල තියන විදිහ හරි ලස්සනයි.උපමා කරලා තියන විදි නියමයි.... කතාව කොහොම උනත් හැබෑ ජීවිතේ මට ඔය එක කූඹියෙක් වත් පෙන්න්නන්න බෑ .මහ නපුරෝ කරදරකාරයෝ ටිකක් .
ReplyDeleteබොහොම ස්තූතියි හංසියෝ!!
Delete