Wednesday, July 29, 2015

හතරරියන්ගේ කින්ඩි හිනාව





සිද්ධිය ඇරඹෙන්නේ මීට වසරකුත් මාස තුනකට පෙරය. ආයතනික පුහුණු සැසියකදීය. ඉතා කාර්යබහුල මොහොතක ය.


පෙරදින රාත්‍රී අට වන තුරු පුහුණුවය. උදෑසන හතට යළි පුහුණු සැසිය ඇරඹෙයි. උයන්නට වේලාවක් නැත. පිරිමින්ට ගෙදර බත්පත ලැබෙති. ගැහැණුන් කන්නේ කඩයෙනි.


"කඩෙන් කන්න ඇවිදින්නෙ මොකටද? හවස ටෙස්ට් එකක් නේද? මං නොදන්නවද ඔයා ගැන. කන්න නොගිහින් ලන්ච් බ්‍රේක් එකේ පාඩම් කරාවි."

"මම උදේට එන්නම් කෑම එකක් අරගෙන!"


තමන් ආදරය කරන පිරිමියා එහෙම පැවසීම සාමාන්‍ය මනසක් ඇති සාමාන්‍ය කෙල්ලක වූ මට නම් රොමෑන්තිකය. ගොටුකොල සිහින්ව ලියා නොතිබුනු බව ඇත්තය. කැරට් කැබලි විවිධ හැඩයෙන් යුත් බවත් ඒ තරමටම ඇත්තය. නමුත් එහි ආදරය ගැබ්ව තිබුනේය.


පෙම්වතා අතින් පිසූ බත්පතේ කතාව එක්තරා අක්කියෙක් දැක්කාය. පෙරකී රොමෑන්තික භාවය හැර හැම දෙයක්ම ඈ දැක්කාය. බත්පතේ මහ කළුගල්ද, ඒ කළුගල් මත වූ නොඑක් පිපිරුම් ලකුණුද දැක්කාය.


"කොල්ල තමා උයන්නෙ. 
කෑම උයලා බැඳලා ගෙනත් දෙන්නෙ. පව්." 

ඉතින් ඈ කියකියා යනවාය. හැමෝමත් හූමිටිත් දෙනවාය. ඇස් ඇතැයි - කන් ඇතැයි හිතා ඉන් මිතුරන්ද ඈ එක්ක කොස්සන් හිනා දෙනවාය.


රියැදුරු බලපත්‍රයක් හිමි වීම ගැහැණියකට ආඩම්බරයක් වන්නේ යම් සේද, බතක් උයන්නට හැකි වීම පිරිමියාටත් ආඩම්බරයට කරුණක් විය යුතු. තමන්ගේ රෙදි පෙරෙදි තමන් සෝදාගන්න ලැජ්ජා නොවිය යුතු. ගැහැණිය සෝදා, උයා, පිහා, කවා, පොවා, නහවා, ඇඳුම් අන්දවන තුරු සැටි පුටුවක වාඩි වී සිටින කශේරුව බිඳුනු අබ්බගාතයෙක් නොවිය යුතු. පිරිමිය මෙන්ම ගැහැණියද තම දෙපයින් සිටගත යුතු.


සිනාවට කරුණ නම්, උයන්නට උදව් වෙන පිරිමියෙක් හිමි ගැහැණුන්ට ඇඟිලි දිගුකර හිනාවෙන්නෙත් ගැහැණුන්ම වීමය. එළැඹිය හැකි ආසන්නතම උපකල්පනය නම්, ඔවුන් කොස්සන් ලා හිනාවෙන්නේ තමන්ගේම නොලැබීමට බවය. උදේ සිට හවස් වන තුරු කොම්පැණිවලට කඹුරා, ගෙදර ගියාට පසු, දෙපා සෝපාව උඩ වඩා හිඳුවාගෙන රූපවාහිනිය තුල කිමිදෙන සැමියන්ගේ අල්පමාත්‍ර වූ සහයක් හෝ නොමැතිව සෝදන-උයන-පිහන, තනි ඇහැට ඇඬෙන ඉරණමට බවය.


"ඇයි වේලාසන ගෙදර යන්නේ? 
හස්බන්ඩ් නෙ උයන්නේ පිහන්නේ?"

ඕ අසයි. බොහෝ දෙනා හැරී බලයි. යල් පිනූ මොළයකට රොමෑන්තිකභාවය උගැන්වීමට වඩා බළලෙකුට අවකලනය උගැන්වීම පහසුය. එබැවින් මම මුවින් නොබැණ සිටිමි.


ඔව්. අද රාත්‍රී ආහාරය පිසින්නේ මම, ඔහු සමගය. ඔහු ෆ්‍රීලාන්ස් වැඩක් හෝ ආයතනික වැඩක් ගෙදර ගෙනාවොත්, උයන්නේ මමය. මම ලෙඩින් වැටුනොත් උයන්නේ ඔහුය. කවන්නෙත් ඔහුය. රෙදි සෝදන්නේ මමය. බරැති ඩෙනිම් කලිසම් පිරුණු රෙදි බාල්දිය බැල්කනියට ඔසවාගෙන යන්නේ ඔහුය. රෙදි වනන්නේ ඔහුය. රෙදි ගෙට ගන්නේ මමය.


දෙරියන් සමග හවුලේ කිරි එලදෙනක් ගත් හතරරියන්, මේ වෙනකොට පශ්චත්තාප වෙනවාත් ඇත. සමහරවිට දෙරියන්ගේ ගුණ ගයමින්, සාර්ථක හවුල් ව්‍යාපාරවලට කින්ඩි හිනාවක් දමා සැනසෙනවා ඇත.


ඉතින්, මිනිස්සු එහෙමය. පොල් පරාල ඇසැතිව, අනුන්ගේ ඇහේ පොල් කෙන්දට බණිනවාය. කුණු පිරි අතැතිව, විශබීජ නාශක දියරට දත නියවනවාය. වෙන කරන්නට දෙයක් නැතියෙන්, අපි "අනේ පව්!" යැයි කියනවාය.





137 comments:

  1. බැන්දට පස්සේ බස්සි ලියන කතා වෙනස් වෙලානේ? :P

    පිරිමි උයනකොට මාර සෙක්සිනේ බස්සි? :D

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්නකො බස්සි බැන්දට පස්සෙ ලියපු ලිපි ටික. පොඩ්ඩි අක්කගෙ කමෙන්ටුව නිසාම ඒව මොනවද කියල ආපහු බලන්න හිතුන මටත්,

      1. බස්සි නැවතත් කරළියේ! (අතුරුදහන්වීමට හේතු දැක්වීමක් සහිත පිස්සු ලිපියක්.)

      2. අප්පගේ පුතා සහ නොට්ටිගේ පුතා (Fun with Science)

      3. නිලා කූරකින් ප්‍රේමය දල්වන්න පුලුවන් ද? (කෙටිකතාද මන්දා)

      4. කොලිටියට ආතල් දීම - Funky DiRt (චිත්තරපටි හා කලාබර කතා)

      5. ලොඩියෝ! (කවි.)

      6. ත්‍රාසජනක ෆිසික්ස් පංතිය (ඉක්කෝලෙ කාලෙ කතා)

      7. උගත් මැවිසුරු බළලුන් (කවි.)

      8. මම යනවා. ඔබත් එනවද? (පොත් ඔත්තු.)

      9. උත්තරධ්‍රැවයේ බස් එක සමහ හදවත් පෙති (බස්සිගේ විස්මලන්තයෙන්)

      10. හතරරියන්ගේ කින්ඩි හිනාව (කන හරහා ඇස් ඇරෙන්න ලියන ඒවා)


      ඒ කියන්නෙ පෝස්ට් දහයක් තියෙනව. ආගිය කතා, ෆැන්ටසි, කෙටිකතා, කවි, විද්‍යා විනෝද කතා, කන හරහා ඇස් ඇරෙන්න ලියන කතා, නොස්ටැල්ජික් කතා, කලාබර කතා වගේම පොත් ඔත්තුවකුත් තියෙනවා. ඉතින් මේකෙන් නිගමනය කරන්න වෙන්නෙ බස්සි බැන්දාට පස්සෙ කලින්ටත් වඩා බ්ලොග් එක බැලන්ස් වෙලා කියන එක නේද?

      Delete
    2. යා යා! කොණ්ඩෙ අවුල් කරගෙන, මූණෙ චුට්ටි දාඩිය බිංදු මතුවේගෙන එනකොට සෙක්සි පාටයි නේන්නම්!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. //පිරිමි උයනකොට මාර සෙක්සිනේ බස්සි? :D//

      //යා යා! කොණ්ඩෙ අවුල් කරගෙන, මූණෙ චුට්ටි දාඩිය බිංදු මතුවේගෙන එනකොට සෙක්සි පාටයි නේන්නම්!//

      අම්මප ...කැරට් සැලඩ් එකක් කන්න ඕනෙ හාව වගේ, මුරුංග අත්තෙ කරටියේ ඉදං

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. //අම්මප ...කැරට් සැලඩ් එකක් කන්න ඕනෙ හාව වගේ, මුරුංග අත්තෙ කරටියේ ඉදං//
      +++++++++++++++++++++++++++++++++++++++++++++++
      කම්මලයෝ ඉදින් මාත් එනකල්. ඔය සැලඩ් එක බෙදාගෙන කමු .....

      Delete
    7. ඊළඟ වතාවේ ගෙදර ගියාම ටෙස්ට් කරල බලන්නෝනේ.. (වැඩේ සාර්ථකනම් ආපහු කොළඹ ආපු දවසේ ඉඳලා උයාගෙන කන්නේ.. හැක්.)

      Delete
    8. //යා යා! කොණ්ඩෙ අවුල් කරගෙන, මූණෙ චුට්ටි දාඩිය බිංදු මතුවේගෙන එනකොට සෙක්සි පාටයි නේන්නම්!//

      මොකද අනේ කරන්නේ .. අයියෝ වතුර හලල හැමතැනම. ඔන්න මොබ් කරන්න හොඳේ ..
      කෝ මේකෙ මූඩිය ??
      ඔයාම මේ ටික හෝදලත් දානව නේද ??

      ඔක්කොමත් හරි

      " හී හී …මේ හොඳ ළමය වගේ උයන්නෙ රෑට රස්තියාදුවෙ යන්න නේද..අනේ අනේ "

      අන්න ඒක නෙවැ යකෝ කාල ඉන්න බැරි :D

      Delete
    9. //හී හී …මේ හොඳ ළමය වගේ උයන්නෙ රෑට රස්තියාදුවෙ යන්න නේද..අනේ අනේ //
      මචෝ උඹට ෂුවර් ද මෙහම කතා කරනවා කියලා ..මතක් කරපන් අල්ලපු ගෙදර කතාවක්ද දන්නේ නැ .හැක් හැක්

      Delete
    10. අල්ලපු ගෙදර එකාවනං දණ ගස්සලත් තියනවා. කණත් මිරිකනවා .. ඌ පව් බං :.D

      Delete
    11. අද ඉඳන් කට්ටිය සේරෝම ගෙවල්වල උයන්න පිහන්න පටන් ගනී වගේ. ඔන්න පොඩ්ඩි අක්කේ අපි ලොකු පිනක් කරගත්තා. :P

      Delete
    12. උඹලගේ අල්ලපු ගෙදර ඉන්නේ මෙන්ඩද?

      Delete
    13. අයියෝ අර අසරණ මෙන්ඩා!

      Delete
  2. මමත් පුල් සපෝර්ට් එකේ තමයි වැඩ කරන්නේ .."අපි වෙනුවෙන් අපි "....(මොකෝ ගෙදර උන්දැට උදව් කරන්නේ නැතිව අල්ලපු ගෙදර උන්දැට උදව් කරන්න පුළුවන් යැ ප්‍රසිද්දියේ .නැද්ද මන් අහන්නේ හැක් හැක් ...)

    පාන් කිරිත්තා තක්කිට තරිකිට
    උඩ පැන පැන නටතෙයි
    පාන් කිරිත්තී රබාන අරගෙන
    කර බාගෙන වයතෙයි...
    උන්ගේ පැටවුන් වටේට ඉඳඟන
    දෑතින් හඬ තලතෙයි
    මේවා බල බල තනි කෑදැත්තෙක්
    කීචි බීචි කියතෙයි...

    පාන් කිරිත්තා තමන්ගෙ පාඩුවෙ
    නැටුම පටන්ගත්තේ
    අහල පහළ කිසිවෙකුටත් ඒකෙන්
    හිරිහැරයක් නැත්තේ...
    කොහේද ඉඳ පැමුණුනු කෑදැත්තා
    වහලා අර අත්තේ
    උන්ගේ නැටුමට බාධා කරමින්
    ගීය පටන්ගත්තෙ...

    පාන් කිරිත්තා නැටුම නවත්තා
    කේන්තියෙන් ආවා
    කෑදැත්තාගේ කළු අත්තටුවෙන්
    අල්ලා සෙලවූවා...
    ඊට පස්සෙ ඌ සට සට ගාලා
    මොන මොනවද කීවා
    ළඟට කිට්ටු වී මා ද ගොළු වතින්
    ඊට සවන් පෑවා...

    අනුන්ගෙ වැඩ ගැන විවේචනය
    කර කර ඉන්නවට වඩා
    තමන් දන්න දේ හරියට කරපන්
    කියලා කීය හඬා......

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. //මොකෝ ගෙදර උන්දැට උදව් කරන්නේ නැතිව අල්ලපු ගෙදර උන්දැට උදව් කරන්න පුළුවන් යැ ප්‍රසිද්දියේ //

      ඔය කිවුවේ දවසේ කතාව. එල ඈ!

      Delete
  3. ඔව්වා ඔහොම තමයි. අපි වයිෆ්ට උදවු කරන කොට, දරුවා බලාගෙන සපෝට් එක දෙන කොට, එහෙම නොකරන විවාහක එව්වො අපිට පශ්චාත්භාහෙනුත් හිනාවෙනවා. කමක් නෑ මහත්තුරුනේ, කවදා හරි දවසක අපේ දරුවො හරි අපි ආදරෙන් හිටි බව තේරුම් අරන් උනුත් එහෙම ඉඳියි.

    ReplyDelete
    Replies
    1. //කවදා හරි දවසක අපේ දරුවො හරි අපි ආදරෙන් හිටි බව තේරුම් අරන් උනුත් එහෙම ඉඳියි//

      සහතික ඇත්ත සඳුන්. අපේ තාත්තයි අම්මයි ගෙදර වැඩ කරද්දි තිබුනෙ මේ සහයෝගයමයි. බස්සලාගෙ ගෙදරත් ඉරි ගහලා රාජකාරි වෙන්කරගෙන නැහැ.

      දවසක් අපේ නංගිගෙ යාලුවො වගයක් ඇවිත්. අම්මා ඔෆිස් වැඩවගේක හිරවෙලා. මම කැම්පස් එකේ. ඉතින් තාත්තා තමයි කට්ටියට උයල දීලා කට්ටිය එක්ක පිස්සු කියෝ කියෝ ඉඳල තියෙන්නෙ. අන්තිමට එයාල ඒ ගැන ගෙවල්වලදිත් කියලා ඒ ළමයිනුයි, දෙමව්පියොයි අපේ තාත්තට පුදුම විදියට ලෙන්ගතු වුනා.

      Delete
  4. ඉරිසියාව... ඕකට කියන්න වෙන වචනයක් නෑ...

    ReplyDelete
    Replies
    1. බොහෝවිට ඉරිසියාව. නැත්නම් මොළේ මකුළුදැල් බැඳීම වෙන්නත් පුලුවනි.

      Delete
  5. බස්සි මේක ෆේස්බුක් එකේ දාලා තියෙනව දැක්කම කියන්න කතාවක් මතක් උනා.. ඒ වෙලාවෙ කොටන්න කම්මැලි හිතුන...

    මීට අවුරුදු දෙක තුනකට කලින් දවසක් මම අම්මලත් එක්ක කොටුවෙ බඩු වගයක් ගන්න ගිහින්, අව්වෙ ඇවිදල ගෙදර ආවෙ පුදුම ඔලුවෙ කැක්කුමකින්... ගෙදර ඇවිත් ඇඳට වැටුන විතරයි නින්ද ගිහින්, ඇහැරුනෙ අපෙ මහත්තය ගෙදර ඇවිත් දොරට තට්ටු කරන සද්දෙට.. ‌දොර ඇරල දීලා මං ආපහු ඇඳට වැටුනලු... ආපහු ඇහැරුනෙ නහය ළඟ දුං දානව දැනිල.. බලද්දි මෙයා වෙනදට මං කරන විදියට කැරට් බෝංචි බීට් අල ඔක්කොම ප්‍රෙෂර් කුකර් එකට දාලා තම්බල... අල චොර වෙලා.. ඔක්කොම දම් පාට වෙලා... ඒ මදිවට මෙයා බතලත් සුද්ද කරල ඒකටම දාලා.. හි හි... ඒ උනාට මට මාර ආදරේ හිතුන.. ඇඳේම ඉඳන් අර ටික කාලා මං ආයිත් වැටිල නිදා ගත්ත... අදටත් මට ඒ කෑම ටිකේ රස මතකයි...

    (වැ‌ඩේ කියන්නෙ මං ඔය කතාව කාටහරි කිව්වම, එයා හිතන්නෙ මං එයාව චාටර් කරන්න කියනව කියල.. අනේ මන්ද තේරෙන්නෙ නැද්ද කියල මං ඒක කියන්නෙ එයාට තියෙන ආදරේ හින්ද කියල.... පිස්සු පිරිමි.... හි හි... )

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඔය කතාව කියන්නෙ ආදරේටයි කියල ඒ උන්නැහේට ඔච්චරටම නොතේරෙන්නෙ මොකද? ඔයා ඕකෙන් ලස්සන කතාවක් ලියන්න. එතකොට තේරේවි එයාට. :)

      Delete
    2. උන්දැ මේ කිසි දෙයක් කියවන්නෙ නෑ නේ බං.. හි හි...

      Delete
  6. අපේ අම්මා බැඳපු අළුත තාත්තත් කුස්සියට ඇවිත් උදවු කරනවළු.දවසක් තාත්තා පොල්ගගා ඉන්නකොට එයාගේ නංගි ඇවිත් කුස්සියට "ආනේ...අයියා දැන් පොළුත් ගානවාදැයි" ඇහුවළු.එදා ඉඳන් අම්මා කවදාවත් තාත්තාට කුස්සියට එන්නදීලා නෑ.

    බස්සිට අද ටිකක් යකා වැහිලා නේද?

    ReplyDelete
    Replies
    1. වෙලාවට මටනම් නෑනලා නැහැ.

      අර මොකටෙයි කසුට්ටෝ මට යකා වැහෙන්නෙ? ඇරත් මේ පෝස්ට් එක ලිව්වෙ ඊයෙ. :)

      Delete
  7. Lovely Post... And my Salute...!
    "යල් පිනූ මොළයකට රොමෑන්තිකභාවය උගැන්වීමට වඩා බළලෙකුට අවකලනය උගැන්වීම පහසුය..."
    කලාතුරකින් ගැහැණියෙක්ගෙන් අහන්නට ලැබෙන හෘදයාංගම සටහනකි...

    "වයිෆ් බලාගෙන ඉන්නව.. ඉක්මනට යන්න ඕනෑ..." කිව් විට ඔවුන් කට කොනකින් සිනාවෙති...
    "හැන්දෑවේ යන ගමන් පොලේ යන්න තියේ... ඉන්න වෙන්නේ නෑ.." කිව් විට ඉඟි මරා සිනාසෙති...
    "වීක් එන්ඩ් එකට පොඩි සපෝට් එකක් දෙන්න ඕනෑ ගෙදෙට්ට... සතියම තනියෙන් රන් කරනවනේ.." කියූ විටද ඉඟි මරති..
    පිරිමි නොවේය - ගැහැණුන්මය...
    පිරිමි යහළුවන් නම් "අපෝ උඹ පරාණ බයයි නේද?" යැයි හයියෙන්ම කියා.. "හරි හරි පලයන් පලයන් අපිත් දන්නව මචං ගෙවල් වල වැඩ ලෝඩ් එක... ඊලඟ එකටවත් වරෙන් " කියති..

    එහෙම ඉඟි මරා සිනාසී ශ්‍රවනාගාරවල පීතෲ මූලික මානෝරාජිකයකට අම්මාමෝ නැතිව බැන පොත් ලියා එලිදක්වති!
    යුග දිවිය අවුල්කරගත්ත පිරිමින්ට දෙසුම්වලටද ආරාධනා කරති!!
    තමන්ගෙන් විය යුතු රාජකාරි නැන්දම්මාටත් මාමණ්ඩියටත් බාරදෙන්නවුන් ඔජද වඩති!!

    ReplyDelete
    Replies
    1. "ජොබ් එක සංස්ථාවෙ ඩෝන්ට් කෙයාර් මං
      නිවාඩු නැත්තං මෙඩිකල් දාපු එකා මං
      ඕවර් ටයිම් කිසි දවසක කරලම නෑ මං
      දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
      දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං "

      Delete
    2. මේක නම් මටම ඇම් ඇස් හදාපු එකක් ඇන්දු සිනා..!

      Delete
    3. බොහොමත්ම ස්තූතියි තිස්ස!

      ඔයා කිව්ව උදාහරණ ටික නම් හරියට හරි. ඔය ඉඟිමරන, ඇස් කරකවන උදවියනම් ඕනෑ තරම්. වැඩිහරියක් එහෙම කරන්නෙත් ගැහැණු. පොල් ටිකක්, කැරට් ටිකක් ගාල දෙන පිරිමි ගැන පුදුම අනුකම්පාවක් තියෙන්නෙ එයාලට.

      ඔය ගෙදර වගකීම් ටික නැන්දම්මගෙයි මාමණ්ඩිගෙයි කරපිට දාලා ආතල් එකේ ඉන්න එක වෙනමම පෝස්ට් එකකින් කතා කරන්න ඕනෙ දෙයක්. කෙටියෙන් කියන්නෙ තියෙන්නේ, සාමාන්‍යයෙන් ලංකාවෙ ලමයෙක් තනියම වැඩකරගන්න “ලෙහෙලා ඇරියම” අවුරුදු දහ අටක්, විස්සක් වෙද්දි මූණ දෙන Sඅට්ටනයටම, මේ කැටගරියෙ අය අවුරුදු තිස්පහක්, හතලිහක් නැත්නම් පනහක් වෙද්දි මූණ දෙනවා. තරුණ කාලෙ “ලෙහෙල ඇරියම” ඇනගත්තත්, ගොඩ යන්න සප් එකක් දෙන්න දෙමව්පියන්ට පුලුවනි. ඒත් “දිගේලි කරල ඉඳලා” පුරුදුවෙලා මැදිවයසෙදි එකපාරම අත්වැල කැඩුනහම මුහුණදෙන්න වෙන ඝට්ටනයෙන් ගොඩ එන්න පට්ට අමාරුයි.

      Delete
    4. මේ වචන මෙව්වා කියවන අය සීරුවට ගන්නවනං ඔලුවට මල් මසුරං ...
      කියන්නා වාගේම ජීවිතේ ඔය කාරනා නිසාම බිඳගත්තු අය, දුකට පත්කරගත්තු අය මුණ ගැහිල තියනව...
      කල් ඇතිවම ලැබිල තියන නුවණ අපූරුයි...

      මෙතන බස්සි "ලමයෙක්" කියල යෙදන යෙදුම කාටත් වැදගත් ගැහැණු / පිරිමි කියල නොයොදා...
      අලස නොවී, පංගු පේරු නැතිව ජීවිතේ එක්ක ඔට්ටු වෙන්න හොඳම වයස තමා තරුණ කාලේ...
      ඒ අත්දැකීම මග ඇරගත්තා කියන්නේ ඉතින් ඔය බස්සි කිව්ව දේ වෙන්න සෑහෙන්න ඉඩ තියන කාරණයක්..
      බස්සිලා වගේ සිතන /පතන/ ක්‍රියාකරන අයගෙන් තමා ඊලඟ පරම්පරාවලට යමක් ගන්න ඇහැකි!
      ජය!

      Delete
    5. ගොඩක් ස්තූතියි!

      මේ දේවල් මෙතරම්ම විශ්වාසයෙන් කියන්න පුලුවන්කමක් ලැබුනෙත්, මාවත් අවුරුදු දාහතක්, දහ අටක් වෙද්දිම "ලෙහෙලා ඇරපු" නිසයි. ගොඩක් දෙමව්පියො ආදරේ කියල කරන්නෙ තමන්ගෙ තරුණ ළමයින්ගෙ කොඳුනාරටිය බිඳල දාන එක. අනිවාර්යයෙන්ම මෙතනදි ගැහැණු පිරිමි කියල වෙනසක් නෑ. තරුණ ගැහැණු ළමයි කියන්නෙ තවදුරටත් ඇහිපිල්ලමක් යට තියාගෙන පරෙස්සම් කල යුතු පිරිසක් නෙමෙයි. කරපටියක් දාල දම්වැල අතේ තියාගෙන ලමයෙක්ව හසුරවනවට වඩා, ස්වාධීනව ජීවත්වීමේ කලාව ඒ ලමයට කියාදෙන එකයි වටින්නේ.

      Delete
    6. //අලස නොවී, පංගු පේරු නැතිව ජීවිතේ එක්ක ඔට්ටු වෙන්න හොඳම වයස තමා තරුණ කාලේ...

      //කරපටියක් දාල දම්වැල අතේ තියාගෙන ලමයෙක්ව හසුරවනවට වඩා, ස්වාධීනව ජීවත්වීමේ කලාව ඒ ලමයට කියාදෙන එකයි වටින්නේ
      +++++++++++++++++++

      Delete
  8. කෑම එකක් උයල, රෙද්දක් හෝදල යකෝ බස්සට දීල තියන ලකුණු, මේ දැනගනින් බස්සො මේව ප්‍රාථමික අවස්තාව ඊට පස්සෙ බබා හම්බවෙන්න ඉන්නැද්දි කකුල් මසාජ්, සීසර් කලාට පස්සෙ පස්ස හෝදන්නත් වෙනව. බබාගෙ රෙදි ඇතුලු ගෙදර රෙදි සේරම සහ සුද්ද පවිත්‍ර කිරීම් දේවල් කෑම ඉවීමට අමතරව කරන්න වෙනව.

    ප.ලි - ඔවුව පැහැදිලි ඉරිසියාව , තමන්ගෙ හස්බන්ඩ් කෑමටිකක් උයන්න දන්නැති හෝ උයල නොදෙන නිසා ඇතිවන ඉරිසියාව. එම රෝග ලක්ශනේ තියන පිරිමිත් ඉන්නව කාගෙ හරි වයිෆ් කාරෙකක් එලවනවනම් ඉගෙනගන්නවනම් ඔයවගේ දරාගන්න බැරි එවුන් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඒව ඒ කාලෙට බලමුකො කම්මලේ. දැනට සද්ද නොකර හිටු.

      අනිවා! මතකනෙ අර BMW කේස් එකේදි ගෑණු කෙනාගෙ හැසිරීම ගැන නැතුව ඩ්‍රයිව් කරපු වාහනේ ගැනයි ඇඳුම ගැනයි පරල වෙලා පොලවෙ පස්කාපු අපේ ඩයල් ටික.

      Delete
    2. ///එම රෝග ලක්ශනේ තියන පිරිමිත් ඉන්නව කාගෙ හරි වයිෆ් කාරෙකක් එලවනවනම් ඉගෙනගන්නවනම් ඔයවගේ දරාගන්න බැරි එවුන් ඉන්නව.///
      මගේ වයිෆ් ගොයියට වාහන එළවන්න බැරි කමෙන් මට පාටිනම් කියල කීයක් මිස් වෙලා තියෙනවද...
      වහාම උගන්නන්න ඕනේ දෙයක් කියලයි මමනම් හිතන්නේ...

      Delete
    3. හික්ස්! අන්න බලන්න ඒකෙත් තියෙන වාසි!

      Delete
  9. උයන වැඩේනම් ගින්නක් නෑ ......එපා වෙන්නේ වලං ,පිගන් හෝදලා අස්කරන වැඩේ!

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් පිරිමි අස්පස් කිරිල්ලට ටිකක් කම්මැලී තමා.

      Delete
  10. මිනිසුන් විවිද ලෙස හිතති. කියති. එසේම මිනිසුන් විවිධාකාරය. කඩෙන් කෑවාද, උයා කෑවාද,අමුවෙන් කෑවාද, ඉව්වේ කව්ද වැනි දේ තම තමුන්ට පවුද්ගලිකය. ඒවා තැන තැන කියවීම මෙන්ම ප්‍රශ්න කිරීමද හරියට වැසිකිලියට ගොස් වතුරෙන් හේදුවාද නැති නම් කඩදාසි පාවිච්චි කලාද වැනි මොට්ට දේය (මම වතුරෙන් හේදුවා කියා අනෙකාට ප්‍රශ්නයක් නැත. ඒවගේම ඌ කිව්ව පලියට මම කඩදාසි පාවිච්චි කරන්න යන්නේද නැත) අත්දැකීම් ඇතුව ලියමි. බොහෝ එව්වන් පුල පුලා බලා ඉන්නේ පවුලක් තුල ප්‍රශ්නයක් මතුවන තුරුය. අලුත බැඳපු ජෝඩු එකාට එකා විරවාගෙන ඉන්නවා නම් උන් ප්‍රීතියට පත්වෙති. ජෝඩුව කසාදේ දික් කර ගන්නා වගක් පෙනුනොත් හෙම පිනා යති. කසාදයෙන් කලක් ගිය තැන ළමයින්ව අල්ලා ගනිති. ඊළඟට ළමයෙකුගේ දොසක් දකින තුරු ඇස් ඩොගිත්තාගෙන සිටිති. වරදක් නැති නම් නැති වැරදි මවා පෙන්නති. (ඔයාගේ පුතාට මේ සැරේ මැත්ස් වලට ලකුණු අඩුයි නේද..අපේ පුතා ඒත් කිව්ව 'රොටියට' එච්චර අඩු උනේ මොකද මන්ද කියල. අපේ එක්කෙනාට 95 ක්ද කොහෙද තිබ්බා). ලේසිම දේ මෙවැනි අයට ඔවුන් බලාපොරොත්තු වන උත්තර දී ප්‍රීතියෙන් ප්‍රීතියට පත් කිරීමය

    උදා:
    උයන්නෙ හස්බන් නේද?
    ඔව් අනේ.. එයා කියන්නේ මට රෑට මහන්සි නොවී සෙක්සි පිට ඉන්න කියල..

    රෙදි හෝදන්නේ හස්බන්ඩ් නේද?
    ඔව් අනේ.. එයා බයයි එයාගේ කලිසම් සාක්කු වල තියල මට *** පැකට් හම්බවෙයි කියල.

    පුතාට ලකුණු අඩුයි නේද?
    ඔව් අනේ. ඌට උගන්නල වැඩක් නැති නිසා මුද අයිනෙන් ඉඩමක් අරන් හොටෙල් එකක් දාල දෙන්නයි යන්නේ.

    ReplyDelete
    Replies
    1. රොටියා කියන දේ ඇත්තය. මෙතන අවුල තියෙන්නේ පෞද්ගලික දේ අපි කියවන්නට යන්නේ නැතුව පාඩුවේ ඉන්න හැමවිටම උඩපැනපැන ඒ ගැන අසමින්, එතකිනුදු නොනැවතී කරන කියන හැම දේටම නහය පොවමින් යන මිනිස්සුන්ගේය.

      කාලයක් ගතවෙනකොට ළමයින්ගේ ඇදකුද සෙවීම ආරම්භවෙන බව මමත් අත්දැකීමෙන්ම දන්නේ ඒ වගේ සුලිකුණාටුවලට නිතරම භාජනය වූ ළමයෙක් විදියටය. ලකුණුවල අඩුපාඩුවක් නැතිවුනොත් ඔය අම්මණ්ඩිලා ඊගාවට හොයන්නේ පාටේ අඩුවක්, මූණේ ගෙඩියක් හෝ කනේ ඇදයක් වැනි ජාත්‍යන්තර ගැටළුය. බස්සාගේ අම්මත් බසු කොණ්ඩය නිසා මහත් චිත්ත පීඩාවට පත්ව සිටි හැටි මට හොඳට මතකය. ඒ අව් අස්සේ කොරේ පිටට මරේ කියන්නැහේ බස්සා කාලයක් ටැටූවක් කොටාගැනීමේ දොලදුකකින් පෙලීම නිසා තව ටිකෙන් රටත් ගිනිගන්නවාය.

      Delete
  11. බස්සි එක්ක එකඟයි. මගෙ ආදර බර භාර්යාව එක්ක එකට වැඩ කරන එක තරම් ආස්වාදනීය අත්දැකීමක් මටත් නෑ.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි ඩ්‍රැකී! :)

      Delete
  12. බස්සි අක්කේ මං මේකට කොමෙන්ට් දාන්නැ‍තෝ.......

    අදහස පක්ෂග්‍රාහී වන බැවින් නුඹ මාව සොයා ගන්නවෝ්්්

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ?
      "අදහස පක්ෂග්‍රාහී වීම" කියන එක තේරුනේ නෑ. ඒ කියන්නේ සබරේ ඇනෝ මම සැබෑ ජීවිතයේ දන්න කෙනෙක්ද?

      Delete
  13. ඔය කතාවේ විදියටම අපේ කොල්ල මම කවන්නේ නැතිනම් කන්නේ නෑ කිව්වාම, මම හෝදපු රෙදි බැල්කනියේ වනනකොට, ලමයි කක්ක කරහම පැම්පස් ගලවල හොදනකොට අපේ අම්ම මගේ දිහා බලන්නේ " අය්ය්යොඉ මගේ කොල්ල විදින දුකක්. ජෝකෙක්වත් හොදගත්ත කොල්ලෙක්ද" කියන්න වගේ.
    හැබැයි ඕකෙ තව පැත්තකුත් තියනවා. අපේ වයිෆ්ගේ තාත්තා ගෙදර රෑට ඉවිය යුතුමයි කියන ප්රිනොමිනිසෝන් එකේ අම්ම ඉන්නේ. මට ඉතින් පව් කියලත් හිතෙනවා ලොක්ක ගැන. විදුහල්පති කෙනෙක් නේද මේ හාල් ගරන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. අන්න එතැනදිනම් පොඩ්ඩක් වෙන් වෙලා, ස්වාධීන වෙලා ජීවත් වෙන එකේ අගේ තේරෙනවා මං හිතන්නෙ.

      හයියෝ ඇමරිකාවෙ ජනාධිපති නේද මේ උයන්නෙ? හිහී!

      Delete
    2. ස්වාධිනවෙලත් එම තමා. ගෙදර ආවාම

      Delete
  14. මම නම් ඉව්වේ බඳින්න කලින්... ඒකාලේ අපේ ගෙදර ඉරිදට උයන්න ඕනේ ළමයි ටිකයි තාත්තයි... අම්මා එදාට ගේ අස් කරනවා, මල් හදනවා, මහනවා වගේ වැඩ.
    බැන්දට පස්සේ මම සෑහෙන්න නිදහස් උනා... මොකද වයිෆ්ගේ විනෝදාංශය උයන එක.... මම ඇවිත් කුස්සිය අවුල් කරනවට කැමතිනෑ... හැබැයි එයා උයනකන් කුස්සියට වෙලා ඉඳගෙන කථා කරකර ඉන්න ඕනේ. වෙන කිසිම වැඩක් ගන්නේනෑ... ඒ ඉන්න ගමන් බොන්න තේකක්/බීම එකක් එහෙමත් එයාම හදලා දෙනවා...
    ඒ පුරුද්ද කැඩෙන්නේ කස්ටිය අපේ ගෙදර ඇවිත් සෙට් වෙන දවසකට විතරයි. ඒ උනත්, එදාට එයා බයිට් එකත් හදල‍ා දෙනවා ලෙසටම....

    ReplyDelete
    Replies
    1. //උයනකන් කුස්සියට වෙලා ඉඳගෙන කථා කරකර ඉන්න ඕනේ.//
      ඒ කරන උදව්වම මදැයි අනේ. මමත් ඔය එක එක සුකුරුත්තම් කෑම හදද්දි හරි ආසයි (ඉස්සර නම් තාත්තා, දැන් බස්සා) ලඟට වෙලා කතාකරකර ඉන්නවට. රෙසිපිය පොඩ්ඩක් වැරදුනොත් ඉතින් මඩ ප්‍රහාරත් එල්ල වෙනව තමයි. හිහී!

      කොහොමහරි, ඔයාට උයන්න පුලුවන් කියන්නෙ ඉතින් වයිෆ් අසනීප වුන දවසකට උනත් ගෙදර ලමයින්ට කඩෙන් කන්න වෙන්නෙ නෑ කියන එකනෙ.

      Delete
  15. */යල් පිනූ මොළයකට රොමෑන්තිකභාවය උගැන්වීමට වඩා බළලෙකුට අවකලනය උගැන්වීම පහසුය/*
    අමූලික ඇත්ත..!

    ReplyDelete
  16. අපේ උන්දැත් සමහර පොඩි පොඩි වැඩ වලට මට උදව් කරනවා. රෙදි ටික අව්වට දානවා. හවසට ආපහු ගන්නවා. රෙදි නවලා අස් කරලා අල්මාරියට දානවා. මකුළු දැල් කඩනවා, අතුගානවා, හැමදාම උදේට ඇද අස් කරනවා. උයන්න නම් බෑ ඉතින් ;) බැන්දට පස්සෙම මට ඔම්ලට් එකකුයි තේ එකකුයි විතරයි හදල දිල තියෙන්නේ. දෙන්නම වැඩට යන පවුලක් උනාම එහෙම සහයෝගයෙන් නැතුව වැඩ කරගන්න අමාරුයි. මොකද ඉතින් බිරිඳක් කියන්නේ වහලියක් වැඩකාරියක් නෙමෙයිනේ. ටිකක් හරි අනුකම්පාවක් ආදරයක් ගෑවුන ස්වාමි පුරුෂයෙක් නම් පොඩි හරි උදව්වක් කරනවා. wife ට අමාරු වෙලාවක උයන පිහන husband කෙනෙක් ඉන්නවා කියන්නේ වාසනාවක්. ඒ වාසනාව නැති එවුන්ට මේවා ඇහේ කටු අනිනවා වගේ ඇති බස්සියෝ. ඔය ඕවා ගණන් ගන්න එපා. ඔයාව බයිට් එකට ගත්තට උන් හිත ඇතුලෙන් දුක් වෙනවා ඇති තමන් ගැන හිතලා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ චූටි. ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් පිරිමි අය එහෙම උදව් කරන එක මදිකමක් කියල හිතන්නෙ නැහැ. අනික එහෙම උදව් නොකර දෙන්නම ජොබ් කරන පවුලක් කොහොමද ඉස්සරහට යන්නෙ. සමහරුනම් වැඩටික දෙමව්පියන්ට බාර දෙනවා. ඒකෙන් වෙන්නෙ ඊට වඩා අවුලක්නෙ.

      ඔය ඇහේ කටු ඇනෙන කේස් එක තමයි තියෙනව ඇත්තෙ. ඒකනෙ හැමෝටම ඇහෙන්න බෙල්ල මිරිකුව වගේ කෑගහන්නෙ.

      Delete
  17. අපේ නම් ඉතින් රුටීන් එක සම්පූර්ණයෙන්ම වෙනස් නේ.. මං කොළඹ ඉඳලා නිවාඩු කියලා (හිතලා) ගෙදර යනකම් ගෙදර උන්දෑ බලං ඉන්නේ එයා නිවාඩු ගන්න.. උයනෙක කෙසේ වෙතත් උයන්න සපෝට් කරනෙකේ ඉඳලා වැඩි හරියක්ම වැඩ ඒ දවස් දෙක තුනට මං සතුටින් බාර අරං කරනවා.. මටනම් එහෙම කරනකොට පොඩි ආඩම්බරේකුත් දැනෙනවා ඇයිද මංදා.. සමහරවිට හැමදාම දකින්න ගත්තොත් කරමලේ සුදු වෙයිද දන්නේ නෑ ඉතින්..

    ReplyDelete
    Replies
    1. //හැමදාම දකින්න ගත්තොත් කරමලේ සුදු වෙයිද දන්නේ නෑ ඉතින්..//

      ඉස්සර අපේ ගෙදර මම තමයි වැඩිහරියක් ගෙදරින් පිට ඉන්නෙ. ඉතින් ගෙදර ආපු දාට මාර සැලකිලි. එතකොට තාත්තයි නංගියි දෙන්න බනින්නෙත් ඔන්න මූ ආවත් හරි අපි සුදුකරමල්ලු වෙනව කියලා.

      Delete
  18. Replies
    1. බොහොම ස්තූතියි කළණේ!

      Delete
  19. දණ ගහගෙන ඉන්නවට වඩා උයන එක සැපයි බං :D ඕ යේස්

    ReplyDelete
  20. කුස්සි වැඩ වලට දෙන සපෝට් එක බාල්දු වැඩක් කියන අදහසක් මගේ හිතේ නං නෑ... බරිවෙලාක්වත් " පොල් ටිකක් ගාල දුන්නොත් අත ගෙවෙනවද" වගේ ටෝක් එකක් දුන්නොත් නං ඔන්න කුස්සියේ පස් පාගන්නෙ නෑ.. තාම එහෙම සීන් එකක් වෙලා නෑ... කාලෙකින් ආවෙ... ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ඔන්න මගේ කට නලියනවෝ .. ගස් බෙනේකට වත් කියල එන්නං .....

      Delete
    2. + කුස්සියෙ වැඩකට උදව් උනා කියල උඹව මැරෙන්නෙ නෑ.
      = ඔයා ඔහොම කිවුවට නිකං මොකටද අවදානමක් ගන්නෙ!

      Delete
    3. මුද්දා.. අහුවෙයන් තෝ....

      Delete
  21. පිරිමියෙක්ට උයන්න පිහන්න, රෙදි හෝදන්න පුලුවන් වීම කියන එක ලැජ්ජාවට කාරනාවක් නෙමෙයි.
    හැම දෙයකටම වගේ මේකෙත් ඇදයක් දකින එවුවො තමන්ට ඒ දේ නැතිවීම පිළිබඳ ඉරිසියාව තමයි ඒ ප්‍රකාශ කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. "අනේ පව්" කියල කටපියාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

      Delete
  22. කුකින් කියන්නේ බොහෝම ආදරෙන් කරන්න ඕන වැඩක්. අම්මගේ කෑම රහයි කියන්නේ, අම්මලා අඩුම කුඩුම වලට මතරව කෑමට ආදරයත් එකතු කරන නිසා.

    ඉස්සෙල්ලම කෑල්ලකට වහ වැටෙනවා. ඊට පස්සේ ඒක කරකාරෙට ගන්නවා. ඊට පස්සේ හාමිනාගේ කෑමට වහ වැටෙනවා. සම හරක් කසාද බඳින්නෙත් ඒකටමයි.

    ඕක තමයි අපේ සිඟිස්කුරුතිය. අපිට පුළුවන් ඔය සඟිස්කුරුතිය වෙනස් කරන්න. හාමිනාට උදේම තේ එකක් හදලා දෙන්න. දන්න කෑමක් මොන නූල් සූත්තර හරි දාලා හදලා දෙන්න. එතකොට එයාලගෙ ඇස් බලල් ඇස් වගේ ළොකුවෙලා දීප්තියෙන් බැබලෙනවා. ඒ ඇස් තුල තියෙන්නේ වික්ෂිප්තබාවය වගේම, නොපැතූ නොසිතූ ආදරයක්. බස්සි පෝස්ට් එක ලියන්න හේතුවත් ඒකයි.

    ඒකට පඩු නෑ.. රෑ කෑම වේල බොහෝම රසට ලැබෙනවා, මේ කර ගත්තා වූ කුසල කර්මය හේතුවෙන්.. රෑ කෑම කිව්වේ ඩිනර් එක නෙමෙයි.. වෙන දෙයක්...

    ReplyDelete
    Replies
    1. පට්ටෙ හොඳම එක .. ඕ යේස්

      සත්‍යයේ සටහන - බුද්ධියේ විමසුමට !!!

      Delete
    2. ඒක ඇත්ත. උයන එකයි, කෑමට ගන්න එකයි දෙකම, බොහොම නිවීසැනසිල්ලේ කරන්න ඕන දෙයක්. තරහෙන් පුපුර පුපුර උයන්න ගියොත් ඉතින් උයන කෑමත් වහ වෙන්න බැරි නෑ.

      //ඉස්සෙල්ලම කෑල්ලකට වහ වැටෙනවා. ඊට පස්සේ ඒක කරකාරෙට ගන්නවා. ඊට පස්සේ හාමිනාගේ කෑමට වහ වැටෙනවා.//
      ඒ ඉස්සර අනේ. දැන් කෑම උයන ප්‍රශ්ණෙ එන්නෙ කසාද බැන්දටත් පස්සෙ. ඊට කලින් වහ වැටෙන්නෙ වෙන වෙන එව්වටනෙ.

      අන්තිමට කියපු එව්වට දෙන්න තියෙන උත්තරේ
      >_< මෙහෙම රවල බලන එක තමයි.

      Delete
    3. //ඉස්සෙල්ලම කෑල්ලකට වහ වැටෙනවා. ඊට පස්සේ ඒක කරකාරෙට ගන්නවා. ඊට පස්සේ හාමිනාගේ කෑමට වහ වැටෙනවා. සම හරක් කසාද බඳින්නෙත් ඒකටමයි.//

      මම නම් කරේ ඕකේ අනිත් පැත්ත.... ඒ කාලේ වටේ හිටපු කෙල්ලෝ දෙතුන්දෙතාගෙන්ම කෑම ගෙන්නන් කාලා බලලා.... කෑම රසටම උයන එකීව කසාද බැන්දා..... දැනට අවු. 8යි ඒත් තවම නම් මට ඒ තීරණයෙන් නරකක් වෙලා නෑ... (අරුන් හරක් නම් මම මීහරකෙක් කියයිද මන්දා....)

      ඇයි යකෝ අනිත් දේවල් නම් මොනව කරල හරි ගොඩදාගන්න පුළුවන්.... කෑම එහෙමද??????

      Delete
    4. ඇයි බන් මාතර බත් කඩ හඳෙත් තියෙන්නේ..

      Delete
  23. පොල් කඩලා ගාලා දෙන්නම්
    රෙදි සෝදා වේලා දෙන්නම්
    උදව් දෙනවාද අනේ.........
    උදව් දෙනවාද අනේ........ බෑ නොකියා

    ReplyDelete
  24. අනේ මන්දා මේවාට මොනවත් කියන්න විදිහක් නැහැ අපේ උන්දැත් මේ කොමෙන්ටු දකිනවානේ?????

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් ඔයාගෙ ප්‍රොෆයිලේ හැක් වුනා කියන්න බැරියෑ. කියන්න තියෙන අදහස ඔන්නොහෙ ලියල දාන්න.

      Delete
  25. මම ගෙදර ඉන්නවනම් ගොඩ වෙලාවට වයිෆ්ට පැත්තකට වෙන්න කියලා විශේෂ හොදි වර්ග එහෙම හදනවා.
    මම මස් හොද්දක් එහෙම හැදුවොත් ඉතින් ඒකට ඇපත් නැති වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.
    වලන් අඩිය ඉතුරු වෙනකල් හරි ඒකට වග කියනවා. වෙනද බත් පොඩ්ඩක් හරි පොඩි කෑමක් හරි කාල ඇඟ මේන්ටේන් කරන්න හදන මනුස්සයා කිසි ගේමක් නැතුව බත් පිඟන් දෙකක් විතර කෙළලා අරිනවා...

    සමහර වෙලාවට මම වැඩ ඇරිලා රෑ වෙලා ගෙදර ගිය දවස් වලත් මම කියනවා මම කෑම හදා ගන්නම් කියලා. ඒකට හේතුව අපි දෙන්න ගොඩ වෙලාවට රෑට කන්නේ කෑම වර්ග දෙකක් වීම. මම කන්නේ එළවලු තම්බලා / සුප් / සළාද වර්ග / කඩෙන් ගන්න තියෙන ඊස්ට් නැති රොටි(ඉඳල හිටලා). එයා කන්නේ පාන් කෑල්ලක් / බත් පොඩ්ඩක් වගේ දේවල්.

    අනික උයන වැඩේ පට්ට ආතල් මටනං, ට්‍රිප් ගියාම මමනම් කැමැතියි ගෑනුන්ව පැත්තකට කරලා තියලා පිරිමි සෙට් එක එකතුවෙලා කෑම උයන්න.
    වැඩෙත් ඉක්මන්, ප්‍රශ්ණ මුකුත් ඇත්තෙත් නැහැ... :)

    අනිත් එක තමයි කොළු පැටියගේ වැඩ, ගොඩ දවසට රෑට උගේ ඇඟ හෝදන්න වෙන්නේ මට. පොඩි එකා කෑ ගහනවා ඒ වැඩේ මම කරන්න ඕනේ කියලා.
    උගේ පුක හෝදන එකේ ඉඳල සැලකිය යුතු වැඩ කොටහක් පුළු පුළුවන් වෙලාවට මමත් කරනවා.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තාත් මස් මාළු හදන්න එක්ස්පර්ට්. ට්‍රිප් ගියාම එහෙම උයන්නෙත් එයා. සාමාන්‍යයෙන් පිරිමි අයට පුලුවන් වැඩි පිරිසකට උයනකොට පදම වරද්දගන්නෙ, චොර කරගන්නෙ නැතුව වැඩේ ගොඩදාන්න.

      බලාගෙන ගියාම ලොකු පුතාගෙ ගෙදරත් සෑහෙන සහයෝගයෙන් වැඩපල කෙරෙනව. හිහී! පොඩි අය ඇඟ හෝදන වැඩේට විස්වාස කරන එක්කෙනෙක් ඉන්නව, අම්ම හෝ තාත්තා. එයා නැතුව වෙන එකෙක් නාවන්න, හෝදන්න, දත් මදින්න ගියොත් ඉතින් ලෝක මහා යුද්දෙ තමයි.

      Delete
    2. මු පොඩියි කිව්වට ගොඩක් පොඩියි, තාම වයස 2 යි.
      හරියට කතා කරන්නෙත් නැහැ, නමුත් ඒ භාෂාව අපිට පුළුවන්.
      මටත් වඩා හොඳට බබාගේ අම්මට තමයි තේරෙන්නේ... හෙහ් හෙහ්...

      Delete
  26. අගට කිට්ටුව මාතෙගෙ කමෙන්ටුව විතරක් කියවලයි මේ කමෙන්ටුව දාන්නෙ අනික්වා පස්සෙ බලන්න.

    බස්සියො, උඹ, ඔමා වගේ කෙල්ලන්ගෙ පෝස්ට් මම කියවන්න කැමතිම හේතුවත් මේ පොස්ට් එක ඇතුලෙ හැංගිලා තියෙනවා. සම්ප්‍රදායිකව ගෑනි ලව්වා සේරම කොරෝගන්න පිරිමි වගේම පිරිමියාගෙ සේරම ආවතේව කරංට සැදී පැහැදී ඉන්න ගෑනු වගේම පිරිමින්ගේ පුරුෂාධිපත්‍යය ගැන කිය කියා ලතෝනි ගහන ගෑණුත් සේරම උඹලා ඉස්සරහ පොල්කුඩු ගානයි බං.
    මේ ස්වභාව ධර්මය ගෑණු පිරිමි වෙනසක් ඇතිකරලා ආයිත් ඒ දෙක ලෝකෙ අනික් හැම සම්බන්ධයටම වඩා සංකීර්ණව මුහු කරන්නෙ සාර්ථක ප්‍රතිඵලයක් ලබන්න. ඒකට විවිධ කැපවීම් උවමනායි.
    මාත් හොඳට උයන්න දන්නවා බං අපේ මාධවීට පිංසිද්ද වෙන්න.

    ReplyDelete
    Replies
    1. //මාත් හොඳට උයන්න දන්නවා බං අපේ මාධවීට පිංසිද්ද වෙන්න //

      හා … හරි :D

      අපි ෂැට් එකම එන්නංකො උඹේ අතිං රහට කෑම ටිකක් කාල යන්ඩ..

      එහෙනං ලබන පාර පාටිය උඹලගෙ දිහෑ :D …හරිනේ !!!!!

      Delete
    2. අ...ආ... (කෙළිය තාප්පෙට!) මචං මේ ටිකේ ගෙදර අස් කරනවා බං වෙන ගෙදරකට යංට... අලුත් තැනට ගිහාමම බලමු නේද?
      (හැක් හැක්... සන්නපුලේට එංට ඇහැකිනං කෝමහරි... ඉතිරි හරිය ඉතිං බලාගංට බැරියැ)

      Delete
    3. තැන්කූ මධුවෝ!

      කොහොමත් පිරිමි ඉවිල්ලෙදි ටිකක් නිර්මාණශීලියි. අලුත් අලුත් රස අත්හදා බලනව. හැබැයි ගැහැනු ඉවිල්ලෙදි කඩිසරයි.

      Delete
  27. හනමිටිය මිමතැබීමට නොදෙන්නේද කාන්තාවන්මය.

    මම නම් උයන්න යන්නේ නැත්තේ කාරණා කීපයක්ම නිසා.
    එකක් මම ඒ වෙලාවට වෙනත් වැඩක්
    එක්කෝ රෙදි මදිනවා
    එක්කෝ බාතෲම් මදිනවා
    ඔන්න ඔය වගේ
    එහෙම නැතිනම් මම ඒ වෙලාවට ඉන්ටර්නෙට් එකේ.
    අපේ වයිෆයි කනෙක්ෂන් එක එක වෙලාවට එක්කෙනාට විතරයි පාවිච්චි කරන්න පුලුවන්. කනෙක්ටිෆයි මී එකට කෙලවෙලා නිසා.
    එහෙමත් නැතිනම් මම උයනවට දීපා කැමති නෑ. මොකද සතියක් කන්න පුලුවන් තුනපහ වගේ දේවල් මම එක වේලට කෙලලා අරිනවා කියලා.
    අනික කුස්සියෙ බඩු තියෙන layout එක මට අප්සෙට්. ඒ කියන්නේ බෝතල් වල හෙම ලේබල් නෑ. ඒවා ඉවෙන් ඕනෙ හොයා ගන්න. අනික ඒවා තියෙන තැන්වල තියෙන ලොජිකල් ඕඩර් එක මට මතක නෑ. ඉතින් මම කුස්සියට එනවට දීපා කැමතිත් නෑ, ඉස්සර අපේ අම්මා කැමතිත් නෑ. හැබැයි මම සමහර එළවලු කපලා දෙනවා.

    හ්ම්ම්ම්. ඒකටත් එච්චර කැමති නෑ. ඒක රහසක්. ඇහුවොත් විතරක් කියන්නම්. නැහිනම් බ්ලොග් පෝස්ට් එකක් ලියනවා පස්සෙ.

    ReplyDelete
    Replies
    1. අර එලවලු කපන එකට නිවැසියන්ගේ විරෝධතා එල්ලවීමට හේතුව ඇන්ඩි ට්‍රාන්ස්ලේශන් ඉට්ටැයිල් එකෙන් ලියන්න කියලා අපි ඉතාම යටහත්පහත්ව ඉල්ලා හිටිනවා.

      රෙදි මදින එක, බාත් රූම් මදින එක බොහොම හොඳ වැඩ. අපි දෙන්නම හෙන කම්මැලී රෙදි මදින්න. වාසනාවට කැම්පස් යන කාලෙ වගේම ඩෙනිම් කෑල්ලක් ඇඳගෙන රස්සාවට යන්න හැකියාව තියෙනව. නැත්නම් කාල හමාරයි.

      Delete
    2. මම ලංකාවෙ ඉන්නකල්ම රස්සාවට ගියේ ඩෙනිම ඇඳගෙන. ඕකට විරෝධතා එල්ල නොවුනම නෙවෙයි සමහර ආයතන වලින්. නමුත් මෙහෙ ඩෙනිම් ඇඳගෙන යන්න බෑයි කියලා නීතියක් තියෙනවා. අනික ටයි පොලුත් එල්ලගෙන ඉඳීම අනිවාර්යයි. ඉතින් කොහොමත් අයන් කරලා තමයි අඳින්නේ.

      බොල මම ඒ වැඩ දෙක විතරක් නෙවෙයි. වැක්‍යූම් කිරිලි (මේක අත්‍යාවශ්‍යයි මොකද මම දූවිල්ලට මකුළු දැල් වලට ඇලර්ජික් නිසා) මාලු ටැංකි නඩත්තු කිරිලි, ලංකාවේ ඉන්නකොට මිදුල අතුගෑවිලි(මෙහෙ මිදුලක් නෑ අතුගාන්න), තණකොළ ගැලවිලි, වාහන හේදිලි මේසන් වැඩ, ඉලෙක්ට්‍රිකල් වැඩ, පයිප්ප වැඩ ඔක්කොම කරනවා.

      මම එළවලු පළතුරු කපනකොට මගෙ තියන කෘමිනාශක භීතිකාව හන්දා මම ඒවා ඩිෂ්වොෂ්, ඩිටර්ජන්ට් දාලා හෝදනවා, ගෝවා කොලෙන් කොලේ ගලවලා හෝදනවා. ලීක්ස් විච්ඡේදනය කරනවා අර විදියට හෝදනවා. ඉතින් මම එච්චර ජනප්‍රෛය නෑ කුස්සියේ. මම එනවටවත් කැමති නෑ. උයන්න අකමැති එවුන් එළවලු සබං දාලා හෝදපල්ලා.

      වොෂිං මැෂීන් එකක එළවලු ඔක්කොම දාලා හෝදන්න පුලුවන්ද කියලා මම බලන්න ඉන්නේ මම දීපා ගෙදර නැති වෙලාවක. ඇත්තටම මට ඕක හිතිලා තියෙන්නේ. හැක හැක.


      Delete
    3. අයන් කරන්න මම හිතන් හිටියේ කම්මැලි මම විතරයි කියල. පොල් කඩන එකා වගේ ඩෙනිමක් ගහල, ටොප් එකක් දාගෙන වැඩට යන කාලේ තියා දැනටත් මම එහෙම තමයි. ( අඩේ මගේ කසාද ඉල්ලුම බහිද මන්ද... එක්කෝ බය වෙන්ට දෙයක් නැහැ. මට ඇප්ලයි කරන එකෙක් කොහොමත් මේ බ්ලොග් ලෝකේ ඉන්න විදියක් නැහැ නොව)

      ඩුඩ් නම් භයානක පොරක් වගේ. කෘමිනාශක භීතිකාවට මම නම් එක එක ජාති ට්‍රයි කරලා තියෙනවා. ලුණු වතුරේ දාල තියෙන්න අරින එක, විනාකිරි වලින් සෝදන එක වගේ. දීපා ඉලපත ගන්නවා ඇති එහෙනම්! හෙහ් හෙහ්... මකුළුදැල් වලට ඇලජික් කිව්වා? මම ඔය ඇහුවමයි. ඒක නම් පුතෝ වාසිදායක ලෙඩක් දීපාට. හෙහ් හෙහ්

      Delete
    4. //අඩේ මගේ කසාද ඉල්ලුම බහිද මන්ද... එක්කෝ බය වෙන්ට දෙයක් නැහැ. මට ඇප්ලයි කරන එකෙක් කොහොමත් මේ බ්ලොග් ලෝකේ ඉන්න විදියක් නැහැ නොව)//
      හැග්.......... යකෝ ඉවානය මෙච්චර ට්‍රයි කරලත් තාම දන්නෙ නැද්ද?.

      Delete
    5. කම්මල:
      ඈ ?? ඌ එහෙම එකක් කරා?? ඈ ?? මේකද යකෝ යහපාලනේ ??? එක්කෝ මට ඔය ඇප්ලිකේෂන් එක මේ පාර චන්දෙ ඉල්ලන උන්ගේ ඇප්ලිකේෂන් එක්ක ටපලෙන්න ඇති. ලඟදි ගත ජායාරුපයක් සමඟ කෙලින්ම එන්න කියහන්

      Delete
    6. ඩූඩ්ගේ ලෙඩවලින් කෘමිනාශක භීතිකාව සහ මකුළුදැල් පේන්න බැරිවීම මටත් තියෙනවා. මම නම් ගෝවා උයන්න ගියාම කොලෙන් කොලේ සෝදලා පැයක් විතර අධිසාන්ද්‍ර ලුණුවතුරෙත් ඔබල තියලයි ගන්නෙ.
      බිත්තර සබන් දාල සෝදන ලෙඩේ ඩූඩ්ට නැද්ද?

      Delete
    7. හැක හැක!
      ඒකත් ජයසිරි මංගලම් වෙයි වගේ. කෝ මේ ඉවානයා?

      Delete
    8. මලුළුදැල් තිබ්බට අවුලක් නෑ.. කැඩුවොත් නම් පෙනහැල්ල එලියට එන ලෙඩේ ගස්ලබ්බටත් තියෙනවා.. ඒ නිසා මකුළුදැල් ආට් බල බල ඉන්න එක තමා කොරන්නෙ.ඒකෙත් ලල් එකක් තියෙනවා..
      ජයවේවා..!!

      Delete
  28. ඔය යන්නේ පවුල් ජීවිතේ ලස්සනට. පහුගිය අප්‍රේල් මාසයේ බැන්ද අපේ දෝණියන්දෑ සහ බෑණනුවාට නම් බෑණා ගේ මවගේ සහාය ලැබෙනවා. මම අදටත් අපේ උන්දැට උයන්න පිහන්න ටිකක් උදව් එනවා.

    මොනවද අනේ ගන්නකො රෙදි හෝදන යන්තරයක්. මොකෑ නිකං නහින්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය අම්මලා තාත්තලාගෙ උදව් ගන්න එක ගැනනම් මට තියෙන්නෙ ටිකක් වෙනස් කියැවීමක් විචා තුමෝ. ඒ කතාව ටිකක් දිගට ලියන්න වෙනවා.

      අනික තමයි රෙදි සෝදන යන්තරේ කතාව. ඕකටම කියන්න පුලුවනි ෆ්‍රිජ් එකේ කතාව, මයික්‍රොවේව් එකේ කතාව බ්ලා බ්ලා බ්ලා කියලා.

      මං මේ කියන එක නිකං මාරම ගොඩේ වගේ හිතෙයි සමහරුන්ට. මේ අපේ පෞද්ගලික මතය.

      ගෙදරදි රෙදි අතේ සෝදගන්න මේ වයසෙදි අපිට පුලුවනි. ඒක ව්‍යායාමයක් වගේම තව දෙයක්, අපි දවසක වොශින් මැශින් එකක් ගන්නෙ ඇත්තටම කාලය ඉතිරි කරගන්න ඕනෙ උනාම. ඒ කියන්නෙ නියම අවශ්‍යතාවය ආවම.

      ඔය කතාවමයි ෆ්‍රිජ් එකක් ගැනත් කියන්න තියෙන්නෙ. දවස් දෙකකට සැරයක් අලුත් එලවළු අරගන්න එකත්. ඒ වෙලාවෙ උයන දේ ෆ්‍රීස් කරකර තියාගන්නෙ නැතුව අලුත්පිට ආහාරයට ගන්න එකත් කරන්න ලැබෙන්නෙ බොහොම ටික කාලයයි, ඒ කෙටි කාලෙ ඇතුලත ඒ දේවල් කරන්න ඕනෙ.

      මයික්‍රොවේව් එකක් නොගන්නෙත් ඔය කියන හේතුව නිසාමයි. සතියට දවසක් දෙකක් බස් එකේ වැඩට යන එක, හෝල්ට් දෙක තුනක් දුර ඇවිදින එක අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑනෙ.

      මේ අපි දකින විදිය. ඒ විදිය පට්ට මෝඩයි කියල හිතන්න ඕනෙම කෙනෙකුට සාධාරණ අයිතියක් තියෙනවා.
      :)

      Delete

  29. හෙටම බදින්න ඕන!! බස්සිට දුක හිතිල වගේ ටිකක්. ගනන් ගන්න එපා මෙයා

    ReplyDelete
    Replies
    1. සාශා කාලෙකින්! දැන් ලියන්නෙම නැති තරම් නේද?

      Delete
    2. නොලිවුවට කියෝනවා. ලියන්නම්කො ලියන්නම්කො

      Delete
  30. ඉවීම කලාවක්, උයන්න් ආස කෙනා ඒක කරන්නේ එක එක හේතු කියලා එක එක්කෙනා අර්ථ දක්වන්න පුළුවන් , ඒත් ඇත්තම කතාව ඒ කලාවට තියෙන ඇල්ම . ඒකෙන් උයන්නා වගේම එයාගේ වටේ ඉන්න හැමෝමත් ලොකු ආශ්වාදයක් ලබනවා... බොරුනම් චෙෆාකිගෙන් අහන්න ....
    ඉවීම ගැහැනුන්ට අයිති දෙයක් නෙවෙයි. ලෝකේ කොහෙවත් ඉහලම සුපවෙදියෝ අතර කාන්තාවක් ඉන්නවනම් ඒ බොහොම කලාතුරකින්. ඉතිං පිරිමි ඉවීම කියන කාරණය ගැන හිනාවෙන අය ලිං මැඩියන්ටත් අන්ත ලෙස නොදන්නාකම පෙන්වන පිරිසක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කලාව ඕනෑම තැනකදී හමුවෙන්න පුලුවන් කියල මේ ලඟදි දවසක ගප්පියත් කිවුවා. ඉවීම කලාවක්. මම නම් ඉතින් දන්නෙ කෑමවල හැඩේ වෙනස් කොරකොර සුකුරුත්තම් දාන්න තමයි.

      Delete
    2. මුලින්ම හතර රි‍යං හිනාව කිව්වහම මට හිතුනෙ මේ ... අර.... ලූෂා මහත්තය ගැන පෝස්ට් එකක් කියල

      Delete
    3. @ IP, ඇයි චෙෆාකිගෙන් අහන්නෙ? ඉවීමට අටම්උතුමා හැර වෙන කවුද?

      Delete
    4. හතර රියන් නෙවෙයි ප්‍රා , ඒක අටරියන් හිනාවක් ඕ..යේස්

      බෙරි පරිප්පු කියලානේ ඔය කියන්නේ ,ශික් කැතයි හොඳේ

      Delete
    5. අටරියං? හූහ්! මම+සපත්තුදෙක ලව්පූසා මහත්තයට වඩා අඟලක් උසයි.

      Delete
  31. අනික බං මෙහෙම කියලනේ කැන්දන් එන්නේ .. ඉතිං ඉව්වම මොකෝ

    කුමටද සොබනියෙ කදුළු සලන්නේ
    හේතුව මම නොදනිම්
    ගිරිහෙල් අරනේ ඇති මගෙ නිවසට
    මම ඔබ ගෙන යන්නම්
    ඔබ හට හැම සැප එහි දෙන්නම්...//

    සඳ පායන කල ගඟබඩ ඉදගෙන
    ‍ඔබෙ හිස පීරන්නම්...
    මල් පෙති විසිරුනු සුදු වැලි මතුපිට
    ‍ඔබ ගෙන ඇවිදින්නම්..
    සොදුරියෙ ආදර බස් දෙන්නම්..//

    කුමටද සොබනියෙ...//

    තණ අග දිලිසෙන පිණි කැට අරගෙන
    ඔබෙ ඇග දෝවන්නම්..
    ඉරපායන විට පුබුදින මල් ගෙන
    ඔබෙ හිස සරසන්නම්..
    කොමලියෙ ආදර බස් දෙන්නම්...//

    කුමටද සොබනියෙ...//

    නරි බෑණා නාට්‍යයෙන්

    http://www.youtube.com/watch?v=dka-zxGvU_c

    ReplyDelete
    Replies
    1. හිහී! කාලෙකින් ඇහුවෙ ඒ සින්දුව. තැන්කූ ලව්පූසෝ!

      Delete
  32. උයන එක මමත් පට්ට ආස වැඩක්. හැබැයි අපේ පවුල නම් බින්දුවක් වත් කැමති නැහැ මම උයනවට. ඉස්සරහ දොරේ පාපිස්සේ ඉඳල පිළිකන්නේ අගුවට යනකල් ළුණු පොතු අතුගාන්න වෙනවලු.
    තවත් පොඩි කේස් එකක් තියෙනවා. මම හදන්නේ තොසේ ඉටලි උඳු වඩේ වගේ පිපෙන්න මුහුන් දාන්න ඕන කෑම ජාතිම තමා. ඕවට ඉතින් රා මන්ඩි ටිකක් දාන්න ඕනනේ. ටිකක් ගන්න මොකක්ද වගේ නිසා ලීටර් දෙකේ බෝතලයක්ම උදේට අරගන්නවා.

    ReplyDelete
    Replies
    1. 'ඉවීමේ මුවාවෙන් වෙනත් වැඩ කිරීම' කියලද මේකට කියන්නේ?

      Delete
    2. // ඉස්සරහ දොරේ පාපිස්සේ ඉඳල පිළිකන්නේ අගුවට යනකල් ළුණු පොතු අතුගාන්න වෙනවලු.//
      එකම ඉට්ටෝරිය තමයි එහෙනම්. අපේ තාත්තා ඉස්සර උයද්දිත් ඔහොමයි. බස්සත් ඒ සැම්පලේමයි.

      අර රා සීන් එකනම් "දඹුලුත් ගොහින් තලගොයිත් මරා ගැනීම"ක් නේද?

      Delete
    3. ඔන්න ඉතින් බස්සි රෝන් ටෝක්දානවා.
      රා නැතිව කොහොමද පිටි පිපෙන්නේ.
      අනික මන්ඩි ටිකක් ඉල්ලන්න ලජ්ජා නැද්ද

      Delete
  33. මේකට උත්තරයක් දෙන්න ගියොත් බස්සියේ.... ඉල්ලන් කෑමේ උපරිම වෙයි. තමුන්ට ආසා උනත් නොලැබෙන දේවල් වලට ඊර්ෂ්‍යා කිරීමත් වෛර කිරීමත් කියන්නේ බාලම ගතියක්. ඒ ගැන දෙකක් නැහැ.

    අර කියාපු අනික් දේවල් ගැනත් ලියමු පෝස්ටුවක්

    ReplyDelete
    Replies
    1. හැක හැක. මට මේ කමෙන්ටුවෙන් වැටහී ගියේ, උපයාගේ කුකින් හැකියාව පිළිබඳව අගනා පෝස්ටුවක් දැකබලා ගැනීමට අපි තවමත් ප්‍රමාද නැති බවයි. හා නැද්ද?

      Delete
    2. උපයා උයනකොට කුස්සිය ඇතුලේ නිකං අන්තිම කාලේ පුදුකුඩිඉරිප්පු වගේලු .. හැක

      Delete
    3. Ivan : ඔව් ඔව්... ඩිංගක් ඔලුව දාහන්කො කුස්සියේ දොරෙන් ඇතුලට.... වලං කරක් එක්ක ගිහෑකි

      Delete
    4. බස්සි: හිටහන් මම ලියනවා එකක්, උඹට දත් නැතුව බත් කන්න! ( හරිනේ උපමාව නැද්ද? බස්සියන්ට කොහෙද හලෝ දත්.. හෙහ් )

      Delete
  34. ඔව්වා ඔහොම තමයි අනේ... ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න කියලා තමන්ගේ පාඩුවේ ඉන්න එකයි කරන්න තියෙන්නේ..

    මම නම් අපේ අම්මට ඉරිදාට නිවාඩු දෙනවා... හැබැයි ඉතින් කෑම වලට මල්ලිගෙන ලැබෙන ප්‍රතිචාර තමයි ඉතින් ඉවසගෙන ඉන්න අමාරුම. මොනවා දාලා හැදුවත් රසයිමනේ කියන්නේ හි... හි...

    ReplyDelete
    Replies
    1. හප්පේ අයියල මල්ලිලා ඉන්නවනම් ඉතින් ඔය වරුණාව අහගන්නම වෙනවා. ඒ වුනාට අම්මට සතියට දවසක් නිවාඩු දෙන එක කොයිතරම් හොඳද!

      Delete
  35. අපෝ නෑ එයාට හොදට උයන්න පුලුවන්

    ReplyDelete
  36. ‍හාමිනේගෙ කාල සටහනේ හැටියට සතියට වේල් පහක් විතර මට තනියම උයන්න වෙනව. අනෙක් වෙලාවටත් පොල් ටිකක් ගාල මිරිකල දීල එනව. ඉවිල්ල නං ටොප් එකට කරන්න පුළුවන් දැං.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ හදිස්සියෙ තනියෙන් උයාගන්න වුනොත් කිසි ගේමක් නෑ කියන එකනෙ. මරු මරු!

      Delete
  37. හ්ම්..අපේ මහත්තයත් හරියටම කරන දෙයක් තමයි පොල් ගෑම.මම උයන්න කියලා හිතන් උයනගෙට එනකොටම එයා පොල් බෑය අතට ගන්නවා......ඒත් අනිත් වැඩ වලටනම් මාර කම්මැලියි අප්පා.තාමත් මේන් හවුස් වයිෆ් නැන්දම්මානේ.මං සති අන්තෙට ගෙදර බෝඩ් වෙන්න එන බෝඩින් කාරයෙක් විතරයි.මේ රජයේ රස්සා වල මාරුවක් හදා ගන්නනේ බැරි අෆ්පා

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අප්පා. එක එක්කෙනාගෙ ලයිෆ්ස්ටැයිල් වෙනස්නෙ අප්පා. හැබැයි ඉතින් අවුරුදු ගාන සම්පූර්ණ උනාම මාරුවක් හදාගන්න එක අවුලක් නැහැලු නේද?

      Delete
  38. මගේ හබී ට ත් රසට උයන්න පුළුවන් ලු!
    (එයා උයන්නේ තියෙන ජාති ඔක්කොම - තුනපහ, ගරම් මසාල, සෝයි සෝස්, වැනිලා වගේ - දාල !) :D

    ReplyDelete
    Replies
    1. //" තුනපහ, ගරම් මසාල, සෝයි සෝස්, වැනිලා වගේ"// :O මොකක් ? මේවා ඔක්කොම දාලා කේක් හදනවද? නැත්තම් පරිප්පු උයනවද? මරු

      Delete
    2. දාන්න පහක් නිරෝ අක්කා!
      මේ ඇත්තට එයා පරිප්පු හොද්දටත් වැනිලා දානවද? අපේ බසූත් සුදුළුුණු මෙව්වා එකක් වක්කරනව හැම හොද්දටම.

      Delete
  39. හි… හි… ඔයාගෙ කටත් ඇරිලා, හෙන්රී!
    අනිත් බ්ලොගේ පල කරපු එව්වා හිමීට මේ බ්ලොගට ඇදලා මකුළු දැල් කැඩීමෙන් ශේප් වීම පිලිබඳව ඇගේ බලවත් මෙව්වා එක පල කල මෑතදී විවාහප්‍රාප්ත බස්සි Y.A.S.Hon. මැතිණිය ලියූ හතරරියන්ගේ කින්ඩි හිනාවේ අන්තර්ගතය සහ ප්‍රතිචාර දැකීමෙන් දෛවයේ සරදමකට මෙන් එම වැ‍රැද්දම නැවත කිරීමට සිත් වූ වගයි.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින්, මම උපරිම වශයෙන් විරුද්ධයි. අවුල තියෙන්නෙ මට ඔය පරණ පෝස්ට් බොහොමයක් කටපාඩමින් වගේ මතක තියෙන එකනෙ. අනික රි-පෝස්ට් කරන්නෙ තියෙන ඒවයින් හොඳටම මතක, සුපිරිම ඒවනෙ.

      Delete
  40. මං අද මාලන්/ජේමිස් බණ්ඩා බ්ලොගයේ සාරි ඇඳීමේ නීතිය ගැන කතාවේ දී ලීවා වගේ- කාන්තාවන්ට ඇති පීඩනවලට පිරිමි විතරක් නොවෙයි කාන්තාවනුත් වගකිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. වැඩිහරියක් ඒකට වගකිව යුත්තේ කාන්තාවන්මයි. කතාව ඇත්ත.

      Delete
  41. මේ දැන් Dude අයියාගේ පොස්ට් එක කියවලා මේකට කමෙන්ට් කරන්න ආවේ! උයන්නම්.. රෙදි ටික වනන්නම්.. බාල්දියත් උස්සන් යන්නම්.. අනේ රෙදි හෝදන්න නම් බෑ! (කොහොමත් අපේ අම්මා බනිනවා තෝ රෙදි හේදුවොත් රෙදි අදින්න වෙන්නේ මාසයයි කියලා! )

    ReplyDelete
    Replies
    1. හැක්! නාඩියා සේරම වැඩපල කැමැත්තෙන්ම කරල දෙයි වගේනෙ.

      Delete
  42. බස්සි හරිම වාසනාවන්තයි නේද? කොහොම නමුත් පංගුපේරු නැතිව දෙන්නට දෙන්න උදව් පදව් කරගෙන උයන පිහින එක තමයි වෙන්න ඕනෙ. ඒත් ගොඩක් තැන් වල නොවෙන්නෙත් ඕකම තමයි නෙ...?

    ReplyDelete
    Replies
    1. ගොඩක් තැන්වල ඒක වෙනවා, අන්තිමේ වෙන වෙන අයගේ අතපෙවීම් නිසා ඉබේම ජීවිත රාමුවෙනවා.

      Delete
  43. ඉවීම ගැන මටත් අත්දැකිම් ඇත.පුතා ලැබෙන්න ඉද්දි ඇදේම වැතිර කැරකෙනවා යැයි කියද්දී මා බෝංචි වෑංජනයක් සෑදුවේය.එහි මිරිස් රහ නියමෙට තිබිණ.ඇයට කඩෙන් බත් ගෙනත් දෙන්නට සිදු විය.මිරිස් බෝංචි තුන් වේලටම මම වැළදුවේය.දුව ලැබෙන්න ගොස් තත්ත්වය දරුණු විය.හෙල්ලීමත් ජිවිත අවදානමක්ය.මම ආප්ප හැදුවෙමි.තෝසේ හැදුවෙමි.ගුරුවරයා ඒ කවර වල ගසා තිබෙන උපදෙස්ය.ඒවානම් පට්ටය.අතේ දිය පට්ටය.ජෙන්සන් වයලට් වැලමිට සිට ඇඟිලි දක්වා තැන තැන තවරා ගත් මා වෙනත් ලෝකයකින් ආ එකෙක් බඳුවිය.......අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නැහැ කියන්නෙ නැත.මතකය අතරින් එබෙන හිනාවට මොකද්දෝ ලල් එකක් ඇත....ෂෙල්ටන් පයාගලයන් නිතරම කිව්වේ අදින්න ගෝනි පඩංගුවත් වැදගත් බවය..රහ තියෙන්නෙ අදින එකේය.බස්සිට සුබ පතමි.

    ReplyDelete
  44. ඇයි බං ශොපිං කරත්තෙ නැග්ගම වෙන සීන්.. ගස්ලබ්බි ෆිටෝන් එකට,වොශ් රූම් ගොහිං එනකං හෑන්ඩ් බෑග් එකත් උස්සං ඉන්න ගස්ලබ්බ දිහා කිණ්ඩියට බලන්නෙත් කෙල්ලොමයි.ගස්ලබ්බ නං එහෙව් කෙල්ලන්ට ඇස් ගහන එකයි කොරන්නෙ...
    ජයවේවා..!!

    ReplyDelete
  45. මා හට නම් තවමත් වයිපරයක් නැත.ඒත් මම අම්මාට මට ඉඩ ඇති විදියකට උදව් කරනවාය.දිනක් අප නිවසේ ඉල්ලි්‍ීගල් වැඩ සිද්ද වෙනවාද කියා සොයා බැලීමට නව රජය විසින පත් කරන ලද කොමිසමේ සාමාජිකයකු වූ අප අසල්වාසී කාන්තා පරානයක් අපගේ අවසරයකින් තොරවම කුස්සියටම පැමින,මා පොල් ගාමින් සිටිනු දැක අදාල කොමිසමේ වාර්ථාවේ ඒ බවද සදහන්කොට මුලු ගමෙන් බාගෙකටත් වඩා එම වාර්ථාව නොමිලේම බෙදා හැර ඇත.මා හට ඇති ප්‍රශ්ණය නම් මා මාගේ නිවසේ පොල් ගෑ විට අදාල කාන්තාවට ඇති වන විලි රුදාව කුමක්ද යන්නයි.

    එළ කිරි සමඟ ජූල් කිරි..!!

    ReplyDelete