ඒ පාර තමයි පාර. කළුම කළුපාටට මාගලක් වගේ ඒ පාර ඈතට ඈතට, තව තවත් ඈතට ඇදෙනවා. සිහින් දූවිළි අංශු මුහුවෙච්ච හුළඟක් මගේ ඉසකේ එක දෙක ගලවගෙන ටවුන් එක පැත්තට පාවෙලා යනවා. අන්න ඒ වෙලාවෙයි සුදුපාට දිග නැවක් වගේ ඉන්ටර්සිටි බස් එකක් කරාස් සද්දෙකින් මගෙ ඉස්සරහ බ්‍රේක් පාරක් ගැහැව්වෙ.
“නගින්න, නගින්න”
කොන්දොස්තරා මහා හදිස්සියකින් කෑ ගැහැව්වා.
මම දඩිබිඩියේ හෑන්ඩ් බෑග් එක බදාගෙන බස් එකට ගොඩ වුනා..
‘මේක නිකම් උත්තරධ්‍රැවයට ගියා වගෙයිනෙ.’
බස් එක ඇතුලෙ තිබුනෙ ලේ මිදෙන තරමේ සීතලක්. කොන්දොස්තරා මාව පැත්තකට තල්ලු කරලා සවලක් අරන් මී මැස්සෙක් වගේ කඩිමුඩියේ හිම ඉවත් කරන්න පටන් ගත්තා. කහපාට නළල මුදුනෙන් පටන් ගත්තු හීන් දාඩිය බිංදුවක් කම්මුල දිගේ අනවරත ගමනකින් පහළට ගලාගෙන යනවා. ඒ එක්කම නහය මුදුනෙන් පටන් ගත්තු දාඩිය බිංදුවක් එල්ලය බලලා එකපාරටම කම්මුල උඩට පැන්නා. ඒ ඝට්ටනයත් එක්ක දහදිය බින්දු දෙක කුඩා මුතු ඇට එකොළහක්බවට විච්ඡේදනය වෙලා හිම මිදුන පොළවට වැටුනා. අන්න ඒ වෙලාවෙයි සීට් මැද්දෑවෙන් කළුපාට රබර් පාපිස්න පැලවෙන්න පටන් ගත්තෙ.
මම බෑග් එක බදාගෙනම ඉස්සරහට යන්න පටන් ගත්තා. දකුණු පැත්තෙ ඉස්සරහම සීට් එකේ හිටියේ හිමවළස් පවුලක්. අම්මයි, තාත්තයි, ඇට්ටර පාට වළස් කොලුවෙකුයි. අම්මා ක්‍රීම් ක්‍රැකර් එකක් කෑලි කඩ කඩා කොලුවගෙ කටේ ඔබනවා. ඌ හැපිකව් චීස් නැතුව ක්‍රීම් ක්‍රැකර් කන්න බැරියැයි කියමින් මුළු බස් එකටම ඇහෙන්න බෑඟිරි තියනවා.
දෙවැනි සීට් එකේ ඉඳන් උන්නු ජේත්තුකාර පෙන්ගුයින් ළමිස්සි මූණ හපුටු කරගෙන අයිපොඩ් එකේ ඉයර් ෆෝන් දෙක තව ටිකක් කන ඇතුලට ඔබා ගත්තා. ඉන් පස්සෙ බීට් එක වරද්ද වරද්දා උල් සපත්තුවෙන් පාපිස්නට තඩිබාන්න වුනා.
බස් එක එකපාරටම සැර බ්‍රේක් පාරක් ගැහැව්වා. මාව විසිවෙලා ගිහින් පිටිපස්සෙ සීට් එකේ වෙල්වට් කුෂන් කොට්ටෙක පස්ස ඇනිලා නතර වුනා.
කවුළුව අයිනෙ ඉඳගෙන උන්නු කොල්ලා මා දිහා බෙල්ල කරකවල බැලුව. මුලින්ම කණ්නාඩි කුට්ටම ඇතුලෙන්. මම දත් තිස්දෙකම පෙන්නල හිනා වුනා. ඒ ගමන එයා කණ්නාඩි කුට්ටම නහයට දාගෙන ඊට උඩින් බැලුවා. ආයෙමත් කණ්නාඩි කුට්ටම නළලට දාගෙන ඊට යටිනුත් බැලුවා.
ඉන් පස්සෙ, එයා දණිස් දෙකට හිරකරගෙන ආපු ට්‍රන්ක පෙට්ටියක් අරන් උකුලෙ තියාගත්තා.
“ඕයි ගෑණු ළමයෝ!”
එයා ඒ කතා කලේ මට. මම ඒක අනුමාන කලේ එයාගෙ බැල්මෙන්. හරියටම නාකි කිකිළියෙක් පොළව හාරනකොට මතුවෙච්ච, එක කටකටවත් නොසෑහෙන පණු පැටියෙක් දිහා බලනව වගෙයි.
“මොකද?”
මම කඩාපනින ස්වරයකින් ඇහැව්වෙ. කොහොමත් ඒ මනුස්සයගෙ බැල්ම මට ඇල්ලුවෙ නෑ. අනික ඒ කටහඬත් මහ ගොරහැඩියි. තානය වලහැඩියි. ඉතින් මම කඩාපැන්න. මට පුලුවන් උපරිම අසංවර ස්වරයෙන්.
“මොකද??”
“මම යන්නෙ උත්තරධ්‍රැවයට.”
ඒක ඒ අවස්ථාවට කොහෙත්ම නොගැලපෙන ප්‍රතිචාරයක්නෙ. නැද්ද මං අහන්නෙ? ඉතින් විය යුතු පරිද්දෙන්ම මගෙ කට ටයර් එහෙකට අහුවෙච්ච කෙහෙල් ලෙල්ලක් වගේ ලා චෝරු වුනා. එයා කිසි ගානක් නැතුව අර විසාල ට්‍රන්ක පෙට්ටියේ පියන ඇරගෙන මොනවදෝ හොයනවා.
සෙල්ලං ගිගිරියක්, බාගෙට අලවපු අටපට්ටමක්, ඇකෝඩියන් එකක තත් කීපයක් ට්‍රන්ක පෙට්ටිය ඇතුලෙ එහෙ මෙහෙ වෙනව මට ඇහැ කොනට අහුවුනා.
ඊට පස්සෙ එයා එලියට ඇදල ගත්තෙ සීක්වීන්ස් වලින් වැඩදාපු තද දම්පාට වූල් ස්වෙටරයක්. අන්න ඒ වෙලාවෙ මට තදින්ම සීතල දැනුනා. මම අත් දෙක පෙරවගෙන අත්ලෙන් වැලමිටි දෙක මිරිකා ගන්නත්, බාහු යුගල තදින් පිරිමදින්නත් පටන් ගත්තා.
“සීතලද?”
නෑ එයා එහෙම ඇහුවෙ නෑ. එයා ස්වෙටරය අතට අරන් ඒකෙ උස් කර වටේට අල්ලලා තිබිච්ච තාරුකා හැඩේ සීක්වීන්ස් දෙකක් ගලවලා අරන් අහසට විසිකලා.අහසට කිව්වේ අහසටමත් නෙමෙයි, මං කියන්න ඕනෙ වහළෙට කියලා. බස් එකේ වහළට. එතකොටම බස් එකේ වහළෙන් ඇබිත්තං හිම පියළි වැටෙන්න පටන් ගත්තා.
මම තවතවත් තදින් බාහු පිරිමදින්න වුනා. හීන් කෙඳිරියකුත් පිටවුනා. එතකොටයි මම එයාගෙ ඔලිව් පාට මූණයි, ඝන සැරේට වැවුනු ඇහිබැමයි පැහැදිලිව දැක්කෙ. අර පීඩාකාරී සීතල පොඩ්ඩක්වත් අඩු නොවුනත්, මගේ ඇතුලතින් ඇවිලීමක් හටගත්තා. ඇතුලත ඇවිලීම වැඩිවෙන තරමටම පිටත සීතලත් දැඩි වෙන්න වුනා. අන්තිමේ මාව මැලේරියා රෝගියෙක් වගේ සට සට ගාලා වෙව්ලන්නත් පටන් ගත්තා.
අන්න ඒ වෙලාවෙනම් එයා දැක්ක මට සීතල බව. ස්වෙටරය දිගෑරලා මට අන්දවනකොට මම ප්‍රතික්ෂේප කලේ නැහැ. නිකම් රිතික් රෝෂන් වගේ. ඇත්තෙන්ම, රිතික් රෝෂන් කෙට්ටුවට හිටියනම් ඒ වගේ වෙන්න ඇති. නැත්නම් ශාරුක් ඛාන් වගේ?
වැදගත්ම දේ තමයි මට අර ස්වෙටරය අයිති වුන එක. තියාගන්නම ගන්න කියල කිව්වෙනම් නැහැ තමයි. ඒත් එයා දුන්න විදියෙන් මට ඒක දැනුනා.
ඉන් පස්සෙ එයා ට්‍රන්ක පෙට්ටියෙන් එලියට ගත්තේ හදවත් හැඩේ බෙහෙත් පෙති වගයක්.
“මොනවටද?”
කට පියාගෙන ඉන්න බැරිකමට මම ඇහැව්වා.
“පපුවෙ අමාරුවට.”
“ම්හ්?”
“සීතලේ වෙව්ලන අතරේ ඇතුලෙන් ගිනිගන්නව කියන්නේම හෘදයාබාධ හැදීමේ අවධානම බොහොම ඉහළයි කියන එකයි.”
එයා පෙති දෙකක් උගුරට හලා ගත්තා. කබා කර උඩට වැටිල තිබුන කැටි හිම ටිකක් එකතු කරගෙන නිල්පාට ප්ලාස්ටික් කෝප්පෙකට දාගත්තා. ඓන් පස්සෙ ඒ කෝප්පෙ පපුවෙ වම් පැත්තට කිට්ටු කලා. හිම ටික දියවෙලා වතුර වුනා.
ඉන් පස්සෙ එයා ගුඩු ගුඩු ගාලා ලොකු වතුර උගුරු බීගෙන බීගෙන ගියා. හදවත් හැඩේ පෙති දෙක දැන් පහළට ගහගෙන යනව ඇති.
පිටිපස්සෙ සීට් එකේ කෙලවරේ උන්නු තරුණ පෙන්ගුවින් ජෝඩුව චොකලට් පෙත්තක් හුවමාරු කරගනිමින් ප්‍රංශ හාදුවක. ඇත්තටුවල හිම වැටුනු තැන් සුදු පුල්ලි වගේ දිලිසෙනවා.
“දෙන්නද?”
එයා තව පෙති දෙකක් අතේ තියාගෙන ඇහැව්වා.
මං ටක් ගාලා කෝප්පෙට කැටි හිම ටිකක් එකතු කරගෙන පපුවට තුරුළුකරගත්තා. ටිකක් වම් පැත්තට වෙන්න.
~ මොළේ cRaCk උන පිස්සු බස්සියෙක් ~
ඉතිං ඊට පස්සෙ ????????
ReplyDeleteඑත්තලයිනෙ.
Delete//"මාව විසිවෙලා ගිහින් පිටිපස්සෙ සීට් එකේ වෙල්වට් කුෂන් කොට්ටෙක ""පස්ස"" ඇනිලා නතර වුනා."//
ReplyDeleteකවදද පස්ස ආපහු හොයාගත්තේ ??? :O
පංචිකාවත්තෙන් අලුත් එකක් ගත්ත බං. :3
Deleteඅනේ ඔන්න හිටපු ගමන් කරන්ට් කැපුව වගේ අතර මග නවත්තන්නා එපා හොඳේ. ඉක්මනින් ඉතිරු හරියත් ඕනිමයි
ReplyDeleteමේ කතාව මෙතනින් ඉවරයි.
Deleteකොටස් කතාවල අගට මම අනිවාර්යයෙන්ම 'මතු සම්බන්ධයි' කියල දානවා.
මේපාර තමා තේරුනේ ඒ සී බස් වලටත් අපූරු දේවල් කරන්න පුලුවන් බව. මේ ඉටිචෝරු ස්ටෝරි ඔක්කොටොම ආසයි ඈ බකූ මං.... වෙල්ඩන් ඈ
ReplyDeleteතැන්කූ සුදු අමක්කී!
Deleteමේපාර තමා තේරුනේ ඒ සී බස් වලටත් අපූරු දේවල් කරන්න පුලුවන් බව. මේ ඉටිචෝරු ස්ටෝරි ඔක්කොටොම ආසයි ඈ බකූ මං.... වෙල්ඩන් ඈ
ReplyDelete
Deleteරවුම් කහ ලොම් හිස්වැසුම් ඇඳි
ඉන්ටසිටි ඒ.සී. හුළඟ
නිදිකිරන ඇසිපියට හීනියට තට්ටු කර
කනට ලං වී හෙමින් මුමුණයි
"හිම කබායක් හෙම නැද්ද ළඟ?"
මටත් ඇත්තේ මේ ලේන්සුව විතරය.
හිර ඩෙනිම් කලිසමට - තුනී කපු කමිසෙට
ඔහේ හිමකටු විදින හැටි නම් වැරදිය
මං කියන්නේ ළමයෝ,
අයිස් කඳුවලට තව සෑහෙන දුරය.
මෙන්න මේ පොඩි මල් ලේන්සුව පොරවගන්න.
අකුලගෙන ඔය හිම මැසිම
අතන දොර ළඟ පහල පඩියේ නිදාගන්න!
(ඔයාට මතකද මේ කවිය? පරණ එකක්.)
එල එල
ReplyDeleteතැන්කෝ
Delete//අයිපොඩ් එකේ ඉයර් ෆෝන් දෙක තව ටිකක් කන ඇතුලට ඔබා ගත්තා. ඉන් පස්සෙ බීට් එක වරද්ද වරද්දා// කොහොමද බීට් එක වරද්දුව් කියල දන්නේ ඔයාට ඇහුනද එයා ඉයර් ෆෝන් ගෙන ඉන්දැද්දී ? අනිත් ඔක්කොම ඇත්ත වගේ මේක විතරයි අප්සෙට්.
ReplyDeleteඑහෙම පේනවනෙ. සාමාන්‍යයෙන් අයිපොඩ් ගහගෙන ඉන්න අය සිංදු කියද්දි තාලෙ වරදින බවයි, බීට් තියද්දි අවුට් යන ඒවයි ළඟ ඉන්න එකාට මීටර් වෙනවනෙ. :D
Deleteමට මතක් උනේම Narnia!
ReplyDeleteසුපිරි ආ....
මම කැමතිම කතා මාලාවක් නාර්නියා.
Deleteමල් පෙත්තේ... මල් පෙත්තේ... උතුරු දෙසට දකුණු දෙසට..
ReplyDeleteපුංචි ශේන්‍යා හත් පෙති මලේ පෙත්තක් කඩලා උත්තරධ්‍රැවය සෙල්ලම කරන්න කියපු හැටි මතක් උනා... නියමෙටම තියනවා..
ජයවේවා..!!
බොහොම ස්තූතියි ගස් ලබ්බෝ!
Deleteවෙනද වගේම බස්සි ස්ටයිල් පෝස්ට් එකක් හරිම ලස්සනයි (කියවන්න අරන් නම් ගොඩක් කල් අද තමයි ඉස් ඉස්සෙල්ලම කොමෙන්ට් කලේ)
ReplyDeleteබොහොම ස්තූතියි කවිකාරි!
Deleteසාදරයෙන් පිලිගන්නව බස්සිගේ නවාතැනට ඔයාව.
බස්සිගේ මනෝ ලෝකය හරිම සුන්දරයි නොවෙද...?
ReplyDeleteබොහොම ස්තූතියි දසත!
Deleteමෙහෙම මනෝ ලෝකයකට යන්න බස්සිගේ නිර්මාණාත්මක බවමයි හේතුවෙන්නේ. වෙනම අනන්‍යතාවක්...
ReplyDeleteඒකනේ මේ කැටගරියට "බස්සිගේ විස්මලන්තය" කියන්නෙ.
Deleteතැන්කූ නොකී කතා!
එළ එළ
ReplyDeleteසිරාවටම මටත් හිතෙන්නෙ මොළේ ක්‍රැක් වෙලා කියල ඒත් ඕක ක්‍රැක් කරපු කෙනා මේව කියවනවද දන්නෑ
හිහි
ජයවේවා
ක්‍රැක් කරපු කෙනා මෙව්වා නොකියවන එක තමා දුක. :/
Deleteඅලේ මඤ්ඤංඤෑෑෑෑ.......................................
ReplyDeleteමදුවට පිස්සු හැදිලා!
Delete//“දෙන්නද?”
ReplyDeleteඑයා තව පෙති දෙකක් අතේ තියාගෙන ඇහැව්වා.//
පෙත්ත ගන්නෙ නැතුව ලියපු එකක් නේ?
හික්ස්!
Deleteනැත්නම් "පෙති" අරන් ලියපු එකක් වෙන්නත් පුලුවනි.
ඌ දන්නේ නැතිව ඇති බස්සිට පෙත්තක් දෙන්න තියෙන අමාරුව...
ReplyDeleteඇක්සොලන්ට් හොඳේ...
කාංචනා අම්ලානිගෙ වැඩේට යන කොට මම හිතුවා මෙහෙම වෙයි කියලා....
පිච්චු නැත්නම් චෝක් අනේ ඔයා.....
හා හා හා! බස්සිගේ පෙති බීම මතකයිනේ "මිෂන් බෙහෙත් හයිඩින්" කතාවෙ තිබුනා. තැන්කූ මාතලන්!
Deleteඅපරාදෙ ඔයා එදා ආවෙ නැත්තෙ. පිච්චු නැත්තම් චෝක් කට්ටිය හෙන ගොඩක් ඇවිත් හිටියා. ඒ පොත ඉතින් පට්ටේ හොඳම එක.
ඔය ඒ.සි බස් වල යන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි වගේ!
ReplyDeleteඒකනෙ. ලියන්නෙම මඤ්ඤං එව්වා ඒ.සී. බස්වල යමින් ගමන්.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකියවෙන දේ තේරුම් ගන්න තරමට කොමොන් සැන්ස් දමොළ ගෙඩියක් ද නැත. ඒ වුනාට බස්සී පිකිස් පන්තියේ දි ක්‍රස් කොර කොරා හිටි බව ඔප්පු වෙනවාය.
ReplyDelete/* බස් එක එකපාරටම සැර බ්‍රේක් පාරක් ගැහැව්වා. මාව විසිවෙලා ගිහින් පිටිපස්සෙ සීට් එකේ වෙල්වට් කුෂන් කොට්ටෙක පස්ස ඇනිලා නතර වුනා.*/
බට්ටී මිට්ටී වුවත් විචික් විය යුත්තේ ඉස්සරහටය.
අනේ මචං,
Deleteහිමවළස්සු හැපිකව් චීස් කනවද?
පෙන්ගුයින්ලා උල් සපත්තු දානවද?
වහළෙන් හිම වැටෙනවද? පාපිසි වැවෙනවද?
Sorryයෝ හැම ඉලව්වක්ම මෙහෙම ඇට්ටැක්ටිව් විදියට ලියන්නෙ කොහොමද කියලා අහන්ඩ අමතක වුනාය. ඇත්තට කොහොමද ඈ?
ReplyDeleteඑව්වා රාජ්‍ය රහස් අප්පා. පුලුවන්නං ඔය පිචිස් තියරියක් දාලා හොයාගන්න බලන්න!
Deleteප්‍රා කියුවැහේ ඔය පෙත්ත බොන එක සුමානෙකට දවසක්වත් අමතක කරහන්.. නැත්නම් අපේ ක්‍රැක් වෙච්චි මොළ මේ වගේ ඉඳල හිටල හීල් වෙන එක වෙන්නේ නෑ. සුපර් ඈ!
ReplyDeleteබස්සි පෙති බොන්න විඳින වදේ කළනේ කියෝල නැද්ද?
Deletehttp://bassigenawathana.blogspot.com/2014/08/mission-hiding.html
හප්පා මටත් ඒ සී බස් එකක යන්ට හිතුනා...මේ චොකලට් පෙත්තක් හුවමාරු කරන ගමන් ප්‍රංශ හාදුවක් දෙන්නෙ කෝමෙයි ? කතාව නම් නියමයි අක්කා
ReplyDeleteවරෙංකො වෙලාවක කරල පෙන්නන්න. :P
Deleteහි හි කාර්ටුන් එකක් බැලුවා වගේ බස්සි,,,නියමයි
ReplyDeleteතැන්කූ වේවා ඔමා!!
Deleteකාලෙකින් ආවෙ... ෆැන්ටසි ආ.... අනේ මන්ද බං.. මෙව්වා රසවිඳින්න බැරි තරමට මොලේ කචල් මේ දවස් වල....
ReplyDeleteඑහෙම තමයි නේද පීතෲ තනතුරේ වැඩ බාර ගත්තට පස්සෙ. බ්ලොගක් කියවලා ලියලා ටිකක් රිලැක්ස් වෙන්න ඒ උනාට.
Delete