ඊයෙ රෑ නිදාගත්තෙ කීයටද කියලා මට මතක නෑ. දහයට, එකොළහයි තුන්කාලට, නැත්නම් පාන්දර එකයි දශම තුනයි අටට වෙන්න ඇති. හැබැයි කොහොමින් කොහොමහරි ඇහැරෙද්දි මං හිටියෙ සල්මලක් මැද්දෑවෙ. එකපාරටම සමනලයෙක්ගේ අත්තටු කෙලවරක් කම්මුලේ වැදිලා මං ගැස්සිලා ඇහැරුනා.
"අද ඉරිදා!"
ඌ මගේ කනට මිමිණුවා.
මිමිණුමක් උනාට උගේ කටහඬ මහා සද්දයි. මං ඔය ඇහැව්වමයි කෑ ගහන සමනලයෙක්ගෙ සද්දෙ. මහ ගොරහැඩි කටහඬක්. කන ඇදුම් කෑව උනාට මම ඒ සද්දෙ නිසා හොඳටම ඇහැරුනා. ඔව්. කලින් ඇහැරිලා උන්නෙ සියේට දශම ගානයි. කවුරු වුනත් ඇහැරෙනෙ එහෙම තමයි. දශමෙන් දශමෙ. ගණන් බැරි නිසා ගොඩක් උදවියට ඔය අවදිවීමේ සමීකරණෙ තේරුම් ගන්න අමාරුයි.
ඇඟපතේ හිරි කඩලා පුරුදු විදියට මං පෙණහළු පිරෙන්න හුස්මක් ඉහලට ඇද්දා.
හුස්මත් එක්ක සල්මලෙන් ගැලවුන කහපාට පරාග මගෙ ස්වසන පද්ධතියෙ සීරුවට අඩුක් වෙනව මට දැනුන. ඒක මුලින්ම ගෙනාවෙ තෘප්තියක්. හැබැයි අන්තිමට පරාග සුණු නැහැ තුඩේ දැවටෙනකොට කරදරකාර කිතියක් දැනෙන්න ගත්ත.
එන්න එන්නම කිතිය වැඩි වුනා. නහය මුදුනෙ කූඹි පේළියක් යනව වාගෙ. බලනකොට පරාග සුණු පේළියක් හැදිලා නහය වටේ කාවාඩි නටනවා. ඒ ගමන මං ලොකුම ලොකු කිවිසුමක් පිටකලා. එකක් නෙමෙයි කිවිසුම් පේළියක්ම.
ඉන් පස්සෙ මට හොඳ සනීපයක් දැනුන.
කිවිසිල්ලත් එක්ක පිටට විසිවුන පරාග මගෙ වටේට ඉහිරිලා තිබුන. ඒවා බලන් ඉඳිද්දි සල් මල් පෙතිවල වැටිලා තිබුන සමනල් බිත්තර එක්ක සංසේචනය වුනා. අන්තිමේ හැම පැත්තෙන්ම අමුතු හැඩේ පැළෑටි මතුවෙන්න පටන් ගත්තා.
ඒ හැම පැළෑටියකම ඉරිදාවල් තුනක් ගනනේ පිපුනා. හැබැයි සම්පූර්ණ ඉරිදාවල් නෙමෙයි. පැය අටේ නමයේ ඉරිදා පොහොට්ටු.
"අද ඉරිදා! අද ඉරිදා!! අද ඉරිදා!!"
ඉරිදා පොහොට්ටු ලතාවකට ගායනා කරන්න පටන් ගත්තා. හරියටම පුංචි කාලෙ ඇහිච්ච නැළැවිලි ගීතයක් වගේ.
ඉතින් මට ආයෙමත් ලොකු නිදිමතක් දැනුනා.
හවස් වෙලා ඉරිදා පැලවලට වතුර ටිකක් ඉහින්න ඕන. පැය හතළිස් අටක ඉරිදාවක් වවා ගන්න පුලුවන් නම් සතිඅන්තේ පොළේ තියල හොඳ ගානකට විකුණ ගත්තැකි. ඉරිදා පැළ ඉරිදා පොළේ විකුණන එක තහනම්ද දන්නෙ නෑ. හොයල බලන්න ඕනෙ!
ඒත්,
අද සඳුදාය කියන්නෙ!
එතකොට මම මේ ගෙවන්නෙ පැය හතළිස් අටේ ඉරිදාවක්ද?
~ මොළේ cRaCk උන පිස්සු බස්සි ~
අම්මෝ බස්සි අක්කේ මටනම් මුකුත් තේරුනෙ නෑ.ඇත්තටම මෙක ලියපු වෙලේ බස්සිගේ මොලේCRACK වෙලාද කොහෙද?
ReplyDeleteබස්සිගේ මොළේ ඉතින් කොයිවෙලෙත් ක්‍රැක්ඩ් තමයි මල්ලි. වැඩියෙ හිතන්න එපා ඕවා... :D
Deleteනියමයි මම තමයි මුල්ම COMMENT එක දැන්මේ!!!
ReplyDeleteහහා ඔව් නේන්නම්! මෙන්න එහෙනම් ඔයාට පැය අටේ ඉරිදා පොහොට්ටුවක් නොමිලේ...!!
Deleteමොෙළ් ක්‍රැක් වෙලයි කීවෙ...
ReplyDeleteකවුද ක්‍රැක් කරපු සොට්ටෙයා ඉංජිනියර්...
හිහි
පට්ටයි ඈ....
මං කීවෙ තේරුණේ නං නෑ තමා... ඒ හන්දම පට්ටයි
තැන්කූ තැන්කූ මහේෂ්!!
Deleteසොට්ටෙයා ඉන්ජා මොළේ ක්‍රැක් කොරලා බොහෝ කල් මෙයා.
මේ මොලේ වෙන කොටසක් ඇඳ ඉහත්තාවෙ ඔලුව වැදිල ක්‍රැක් වෙලා....
බස්සියෝ...... බස්සියෝ.....
ReplyDeleteමටත් දීපන්කො ඔය ජාතියෙන් පැලයක්! ඇහැක් වගේ බලාගන්නම්!
පැල නං දෙන්නෙ නෑ ඔන්නම් ඉරිදා පොහොට්ටුවක් දෙන්නම්.
Deleteපැල දුන්නොත් මගෙ බිසිනොස් එකට කෙලවෙනවනෙ! :P
පැය හතලිස් අටක ඉරිදාවක් ඇවිත් පැය 12 ක් සදුදෙක් ආවොත් නං මම කපෝති.. එළය
ReplyDeleteතැන්කූ ඈ...
Deleteකපෝති! දේශා ඉරිදා ඔපිස් ගිහින් සඳුදා නිවාඩු ගන්නවද?
එසේ වුවහොත් එසේම විය හැකිය..
Deleteඑළය, පට්ටය, වල්ලා පට්ටය. ඔන්ලි ෆ්‍රොම් බට්ටිගෙන්මය. මගේ මොළේටත් අර මක්කාදෝ ගියා වගේ ගතියක් දැනි අඤ්ඤා කොංඪඤ්ඤ් වප්ප බාල්දිය උනා වගේ එකක් උනේය.
ReplyDeleteමොකා.. බට්ටි.. බොට ලෙඩක්ද හැක්..
Deleteතැන්කූ තැන්කූ මාතලන්...
Deleteමොළේට මොකද්ද ගියාලුනෙ. හැබැයි නම අමතක වෙන එකනම් අවුල්ම සීන් එක. හිහිහි
Deleteඅර කාන්තා දිනේට මිනිහා ලියපු සිංදුව මතක් වෙලා පරණ නමක් මතක් වෙන්ටැති බං. නැතිව වයර් සෝට් එහෙම නං නෑ. අවුලකට තියෙන්නේ නටන්න ගියාම හුලං ගහන එක තමා.. හැක්
Deleteමගේ පැලේ ශුවර් නේද?
ReplyDeleteSure sure (y)
Deletemeka kiyawanakota apith Crack enawa aluth widyaathmaka lipiyak liyanna
ReplyDeleteවිද්‍යා විනෝද ලිපියක් ලිවුවම මම කියන්නම්කෝ ඔයාට. මොළේ ක්‍රැක් උනානම් සොරි හොඳේ.....
DeleteFacebook එකේ දලා තිබුනා නේද? එතකොට කියෙවුවා ලස්සනයි ලස්සනයි
ReplyDeleteතැන්කූ නිදහස්. එෆ් බී එකේ ප්‍රතිචාර හොඳ නිසා බ්ලොගෙත් ඇලෙව්වා. :)
Deleteසඳ මෝල් වෙනවා කියන්නේ මේ වගේ සිද්ධි වලට තමා. පෝය ගෙවීගෙන යද්දී වෙන්නේ!
ReplyDeleteහැක හැක. නාඩියා ඉතින් පෝයට පිස්සු තදවීම ගැන අත්දැකීම් තියෙන එක්කෙනානේ.... :P
Deleteඅඩේ මරු බං... මල් අටයි. පට්ටයි. සුපිරියි.. පික්සු හැදෙයි.. රියදුරු දෑතට දෙවි පිහිටයි..!! :)
ReplyDeleteතැන්කූ තැන්කූ චන්දන අයියේ....
Delete:D
බස්C මටත් එක පැලයක් වෙන් කරන්න. අපේ හාමිනේට නම් මෙහෙම එකක් තියෙනවා කියන්න නරකයි. විසිහතරේ ඉරිදා එයාට හොඳටම හොඳායි.
ReplyDeleteපැල නම් දෙන්නේ නෑ. මගෙ බිසිනොස් එකට කෙලවෙනවා. ඉරිදා පොහොට්ටු පැක් එකක් එවන්නම්කෝ...
Deleteඔහොම වෙනවා දැන්වත් ප්‍රදීප් අයියා හම්බුනොත් හොඳා.
ReplyDeleteෂැගියා මට කලින් උඹ යමන්. හීතලේ පෝස්ට් කොටන්නෙ සොල්දරේ සෑහෙන්නම අවුල් උනාමලු.
Deleteහික්ස්..ඈස් යූෂුවල් මේකත් මරු..නිකන් පිස්සුවෙන් වගේ ලියවෙච්ච එකක්ද මන්දා... :D
ReplyDeleteබොහොම ස්තූතියි සුසී! මට ඉතින් කොහොමත් පිස්සුනේ මෙයා.
Deleteපොහොට්ටු එපා මල් පිපුන දවසට එන්නම් :)
ReplyDeleteඅන්න මොළේ ඇති දැරිවියක්!
Deleteමටත් ඉරිදා පොහොට්ටු දෙකක් ඕන..
ReplyDeleteකීයද බන් ගාන ?
--------------------------
මේක කියෝලා මෙච්චර කල් මගේ ඉස්සරහ කිසි අවුලක් නැතිව තිබ්බ තිබ්බ මේස කැලැන්ඩරේ දිහා මාත් අමුතුවෙන් බැලුව බන්...
ඔය වචන උඹේ ඔලුවට කොහෙන් එනවද මන්ද...\
පස්ට ..පස්ට..
තැන්කූ තැන්කූ විභියෝ.....!
Deleteඋඹේ මොලේත් කචල් උනා කියන්නෙ එහෙනම් පෝස්ට් එක සාර්තකයි නෙහ්.
සල්ලි වලට නෙමෙයි මං කල්පනා කලේ සමනළ් බිත්තරවලට හුවමාරු කරගන්න.
මගෙත් මොලේ කචල් වෙලා කටත් ඇරගෙන ඉන්න කොට මොකෙක්දෝ මැස්සෙක් රිංගුව කට අස්සට. ගන්න හැදුව හැදුවා.. මොන. :D
Deleteඅඩේ අසරණ මැස්සා.... මරියානා ආගාධෙට ගියා වගේ ඇති දැන්.
Deleteඉරිදයි සදුදයි ගලපන්න ගිහින් අපෙත් මොලේ ක්‍රැක් වෙනවා :v :D
ReplyDeleteඒ කියන්නේ ඔයාගෙ අන්නසෝත්‍රය පරාග වලින් වැහිලා ගිහිල්ලා? අපූරුයි!
Delete~ මොළේ cRaCk උන පිස්සු බස්සි ~ මේක දැක්කම මට මතක් වුණේ මේ පහල ලින්ක් එකේ තියන ෆොටෝව. කවුද, බස්සි ද ගත්තෙ ? :D බස්සා තමයි ඕක ගෙනල්ල පොඩ්ඩිලගෙ අලුත් බ්ලොග් එකේ දාල තිබුණෙ. :)
ReplyDeletehttp://img.thesun.co.uk/aidemitlum/archive/01463/funny-owl_532_1463394a.jpg
හැක්! අන්න බස්සෝ... මාත් දැම්මා ඕක Crazy Bassi පේජ් එකේ.
Deleteඋඹට පිස්සු උනාට අපිට පිස්සු හදන්නේ නැතුව ඉදහං..
ReplyDeleteපිස්සුලන්තෙන් ආපු එකා කියන කතාව බලහල්ලකෝ. ෆුහ්! :P
Deleteඒක තමා බං කිවුවේ.. ආයේ හදන්නේ නැතුව ඉදහං කියලා..
Deleteමට පිස්සු...
ReplyDeleteමට පිස්සු...
මට පිස්සු...
මට පිස්සු...
උඔ ලියන විදිහ එල ද බ්‍රා
සන්තෝසායි!
Deleteසන්තෝසායි!
සන්තෝසායි!
සන්තෝසායි!
තැන්කූ තැන්කූ මෙන්ඩියෝ...!
//හවස් වෙලා ඉරිදා පැලවලට වතුර ටිකක් ඉහින්න ඕන. පැය හතළිස් අටක ඉරිදාවක් වවා ගන්න පුලුවන් නම් සතිඅන්තේ පොළේ තියල හොඳ ගානකට විකුණ ගත්තැකි.//
ReplyDeleteපිස්සු හැදිල සනීපවෙලා ආයි හැදුනා. එළ!
සනීපවෙලා කියන ටික කියද්දි බයේ හාට් එක කීං ගාල ගියා. හොඳවෙලාවට ආයෙ හැදුනෙ. දැන් බයක් නෑනෙ.
Deleteඅෆ්ෆා මේක කියෙව්වට පස්සෙ නිකන් මොකද්ද වගේ :D සිංහලෙන්ම කියනවනම් මොංගල් වගේ හිහී :D නියමයි. ජය වේවා!!!! :)
ReplyDeleteතැන්කූ තැන්කූ මනා....!
Deleteඔන්න මටත් ඉරිදා පොහොට්‍ටුවක් ඕනේ............ :D
ReplyDeleteහහා.... අනිවා දෙන්නම්!
Deleteඋබට පිස්සු, ඒවා කියවන මට හොදටම පිස්සු....!!!!
ReplyDeleteඋඹට හොඳටම පිස්සු කියන ප්‍රකාශයට අවිවාදයෙන් එකඟ වෙමි!
Deleteශා මේක නම් නියම ලියැවිල්ලක් . පොඩි කාලේ බලපු සුරංගනා කතා පොත් වල තිබුණු භාෂා ශෛලිය එහෙමම තියෙනවා මේ කතාවේ . අපූරු පරිකල්පනයක් ...
ReplyDeleteමෙහෙම පොහොට්ටු තිබ්බනම් මොකෝ :)
බොහොම ස්තූතියි සකූ!
Deleteබොටත් හිතෙන දේවල්...ලගදි නෑවෙ නැත්තං පොඩ්ඩක් නානවා හොදයි...එතකොට ඔය වගේ භයානක අදහස් හිතට එන එකක් නෑ.
ReplyDeleteආෆෝ පිස්සුද අනේ ඔයා මේ ප්‍රසිද්ධ වේදිකාවේ නාන්නැති කතා කියන්නෙ!!!
Delete