Tuesday, November 18, 2014

චූටි සුරතලාගේ සත්ව කරුණාව




ගොඩක් කුරුලු යාලුවො දන්නවත් ඇති බස්සිට ඉන්නවා චූටි හුරතල් නංගි කෙනෙක්. චූටි හුරතල් කිවුවම මට මතක් උනේ අපේ කැම්පස් එකේ සමහර බැචාලට කාර්ඩ් දාල තිවුනු විදිය. අපේ ෆැකල්ටියෙ හිටපු උස…..ම බැචාගෙ කාර්ඩ් එක තමයි “කොටා”. විසාලම ගෑල්ලමයගෙ කාර්ඩ් එක “සිඟිති”. ඇයි බස්සගෙ බැචෙක් හිටිය ඒ අයියා කලුම කලු, දැකුම්කලු උනාට නම “සුදු පුතා”.



තව දිගට මේ නම් ලිස්ට් එක ලියන්න ගියොත් මට ඇටෑක් කරන්න අපේ නගාට අමතරව කැම්පස් එකෙනුත් බැටෑලියන් එකක් සෙට් වෙයි. ඒ හින්දා ආපහු චූටි හුරතල් නංගියා ගැන කතාවට එමුකෝ.







අපේ නංගිගේ රතු මල් කුඩේ ගැන මම කලින් පෝස්ට් එකකත් කියල තියනව නෙව. ඔන්නොය රතු මල් කුඩේ ගැන උන්දෑ බොහොම ආඩම්බරෙන් උන්නු බවත් මම එදා කිවුව නෙව. ඉතින් ඕකෙ පොලිස් විසිල් එක ගලවාපු දවසෙ ඉඳන් මාසයක් විතරම අපේ තංගච්චි මාත් එක්ක ඔරොප්පුවෙන් තමයි උන්නෙ. 



මම ඉස්සර උදේට නැගිටින්න හොරයි. දැන් කියලත් මහලොකු වෙනසක් නෑ තමයි ඉතින්. එකම වෙනස අම්මාගේ චිරප්‍රසිද්ධ වතුර ප්‍රහාරය එල්ල කරල ඇහැරවන්න කෙනෙක් නැති එක විතරයි. ඉතින් ඔහොම පරක්කු වෙලා ඇහැරෙද්දි අපේ නංගියා ආදර්ශමත් දියණියගේ භූමිකාව අති සාර්තක ලෙස රඟදක්වමින් මේස් සපත්තු පළඳිනවා බොහෝම පිළිවෙලට.



ඉන් පස්සෙ උස ස්ටූල් එකට නැගලා, කකුල් පද්ද පද්ද අර “ඇගෙ මාමණ්ඩී මාමණ්ඩී පාර කපනවා” ට්‍රැක් එක නොකඩවා ගායනා කරමින් පොර අම්මට කියලා කොණ්ඩෙ පීරවා ගන්න සුලු කාලය ඇතුලත මං ආලෝකයේ වේගයෙන් දඩිබිඩියේ ලකලෑස්ති වෙනවා. මොකද වෙලාවට කලාවට වැඩ කරන “සිරිමත් මගෙ සකි”ගෙ ආච්චි අම්ම වගේ උන්නු අපේ නගාට හරිම අමාරුයි ඔය ප්‍රමාද වීම් වලට මුහුණ දෙන්න. අනික පරක්කු වෙලා ස්කූල් බස් එකේ උන්දැගෙ ප්‍රියතම ආසනය අහිමි උනොත් ආය ලෝක විනාසෙයි මහා පිපිරුමයි එකට සිද්ද උනා වගේ සීන් එකක් ෂුවර් ඇන්ඩ් ෂොට්.



ඉතින් ඔන්න මේ කියන දවසෙ මං ටිකක් වැඩිපුර හැඩවැඩ වෙන්න ගිහින් පරක්කු උනා. මං පරක්කු වෙන බව දැක්ක නගා පොඩ්ඩගෙ ඉවසීමෙ රතු කට්ට පැනපි. මුන්දැ කොරපු වැඩේ “අක්කා එනකම් පොඩ්ඩක් ඉන්න” කියලා ඉහල තැන් වලින් ලැබුනු අණපණත් තුට්ටුවකට මායිම් නොකර ගාල කඩාගත්තු අස්පය වගේ අර රතු මල් කුඩෙත් කිහිලි ගන්නාගෙන මගට බැහැපි.



මක් කොරන්නෙයි ඉතින්, ගිය යකා ගියාවෙ කියල මාත් නිවාඩු පාඩුවෙ ලකලෑස්ති වෙලා එලියට බැස්සෙ ස්කූල් බස් එක රවුම ගිහින් ළමයි එකතු කරන් ආපහු අපේ ගෙවල් පාරෙන් අනිත් පැත්තට යන්න අඩුම තරමේ පැය කාලක්ත් ගතවෙන හින්දයි.



කල් යල් බලා පාරට බැහැලා ටික දුරක් උඩහට ඇවිදගෙන යද්දි මට ඇහෙනවා හයි පිච් ළමා වොයිස් එකක්;


“දුප්! දුප්! දූඌඌඌප්!!!”


ඒත් එක්කම මගේ පින්බර නෙත් ඉදිරියේ විද්‍යාමාන උනේ මේ ලෝකෙ පහලවෙන පින්වන්තයන් ඉතාම අතළොස්සකට පමණක් තම තමන්ගේ පුණ්‍ය මහිමය නිසාම කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස දකින්නාසේ ඉතාම කලාතුරකින් දකින්නට ලැබෙන දර්ශනයක්.


අපේ නංගි අර රතු මල් කුඩේ පොළව දෙසට අංශක හතළිස් පහක කෝයකින් ඇල කරගෙන වේගයෙන් කැරකෙනවා. ඒ වටේට චූටි බලු පැටව් තුන් දෙනෙක් පිස්සො වගේ උඩ පනින්නෙ ඒකගෙ සපත්තු වල එල්ලෙන්න. කුඩේ පිහිටෙන් වෘත්තාකාර ආරක්ෂක වලල්ලක් නිර්මාණය කරගත්තු අපේ නගා සුනඛ උවදුරෙන් බේරෙන්න කොරන සටනෙ බරපතලකම තේරුම් අරන් දුවල ගෙහුන් උන්දැව බේරගත්තටත් පස්සෙ පොඩ්ඩක් බඩ අල්ලං හිනා උනා කියල මට ලැබුනෙ රැවුම් ගෙරවුම් විතරමයිලු ඕං.








******************************


ඔන්න දවසක් නගා උන්දැ කාමරේට වෙලා පාඩම් කොරනව. මං වගේ නෙමෙයි පොර අධ්‍යාපනයට ලැදි හොඳ කීකරු දරුවා. ඒ නිසාම උන්දෑ පාඩම් කරන වෙලාවට, ගේම් ගහන වෙලාවට, පොත් කියවන වෙලාවට, ෆිල්ම් බලන වෙලාවට, පත්තරේ බලන වෙලාවට මට අපේ නගාගෙ කාමරේ තහනම් කලාපයක් බවට පත්වෙනවා. (යකෝ බලාගෙන ගියාම ඒ කාමරේ හැම වෙලාවකම මට තහනම් කලාපයක් වෙලානෙ තිබිල තියෙන්නෙ!!) ඒ වුනත් ඉතින් ඕපදූපයට ලොල්වූ මගේ දෙසවන් නිරතුරුවම ඒ පැත්තට ටියුන් වෙලා තමයි තිවුනෙ. ඔහොම ඉන්නකොට එකපාරටම ඇහෙනව;







“තාත්තේ…. මැස්සෙක් ඇවිත්!”

“තාත්තේ….. බේරගනියෝ…. මැස්සෙක්!”

“තාත්තේ…..!”

“තාත්තේ…..??”

“තාත්ත එන පාටක් නෑ. හොඳ හිතින් පලයන් මැස්සෝ මාව යකා කරගන්නැතුව!”


“මැස්සො… ඉහි ඉහි අනේ යන්ඩකෝ එලියට කිවුවම අහලා….”


නගා පොර කාමරේ මැද දනගහගෙන මැස්සට ආයාචනා කොරන හැටි මැවිලා පෙනුනත් මම සද්ද නැතුවම ඉවසා වදාරගෙන හිටියා ඉතුරු ටිකත් අහගන්න.


“මැස්සෝ ඔන්න මං 
න ර ක ළ ම ය යි   කි ය න් න  එ පා !!!


“දඩස්!”

මහා හයියෙන් දඩාර පොතක් මේසය මත පතිත වෙන හඬ!


“දඩස්!”

“දඩස් !!” “චක් !!” “දඩබඩස් !!”


නිහඬතාවයක්


“මලා?”

“මලා.”

“අනේ මලානෙ…” 
පොරට ඇඬෙන්න ඔන්න මෙන්න!


“මොකද්ද මැස්සො උඹ මේ කරගත්තු අපරාදෙ?”

“උඹ මලා නේද?!”

“ඔන්න අපි දන්නෑ. අපිට මේ මරණෙට කිසිම සම්බන්ධයක් නෑ.”




******************************



ඔයවගේම තවත් එක් සුන්දර සැන්දෑවක අපේ චූටි සුරතලා කුස්සියට වෙලා තේ බොනවා.  ඔන්න ඔය වෙලාවෙ කිසිම හැලහොල්මනක් නැතුව නිවීසැනසිල්ලේ බිස්කට් එකක් හපහපා හිටපු අපේ අම්මා එකපාරම පුටුවෙන් අහකට විද්දා.


විද්දා කියන්නෙ අර කාලතුවක්කුවකට දාලා පත්තු කලා වගේ තමයි ඉතින්. කෙලින්ම තිරස් ප්‍රක්ශිප්තාකාර පථයක ගමන් කිරීමෙන් අනතුරුව කොස්ස පාමුල නතර වුනා.


කොස්ස ඉතාම දරුණු ආයුධයක් විදියට මානාගෙන දැන් අම්මා කුස්සිය දෙවනත් කරනවා. කබඩ් වලට අනිනවා, ලිප මුල්ලට ප්‍රහාර එල්ල කරනකොර අළු සහ දූවිලි වළාකුලු පාවෙනවා, මේස යටට අනිනවා, ආයෙ උඩ පැනලා පැන්ට්‍රි කබඩ් සමතලා කරන්න යනවා, එක විජ්ජුම්බරයයි.


අන්තිමේ කුතුහලයේ පීක් පොයින්ට් එකෙන් විඩාපත් වුන අපේ සවන් පත් මතට මේ කොසු හරඹයට හේතු භූත වූ කාරණාව ඇම්බියුලන්ස් නාදයක අනුකරණයෙන් අහගන්න ලැබුනා.


“මීයා මීයා මීයා මීයා”


කොසුපාරට දෙදරුම්කාපු භාජන වගයක් සලබලාං සද්දෙන් බිම වැටෙද්දි යළිත් වරක් අම්මාගේ ඇම්බියුලන්ස් නාදය ඇහුනා.


“මීයා මීයා මීයා මීයා”








ඒත් එක්කම අර්තාපල් අලයක් විතර මී පැට්ටෙක් රෝඩ් රනර් ශෝ පරදවමින් අපි ඉඳගෙන හිටපු පුටු පේලිය දිහාවට ඇදී ආවා. අපි එකාවන්ව පුටු උඩ සීරුවෙන් හිට ගත්තා.


ඒත් එක්කම කන පාලාගෙන යන තරම් සද්දෙට ඇහුනෙ අපේ නංගිගේ සයිරන් එක.


“ආ….. ආ ආ ආ ආ….. 
ආ…… ආ ආ ආ ආ….. ආආ……………….”







විනාඩි දෙකකට ආසන්න කාලයක් පැවතුන ඒ සයිරන් නාදය නිහඬ වෙනවාත් සමගම අපේ මහත් පුදුමයට හේතුවුනේ මී තඩියා සයිරන් එක ගහන්න පටන් ගන්නකොට උන්නු තැන එහෙමම නිසොල්මන්ව ඉන්න එක.


“මීයෝ…” අපේ නංගි හෙමින් මීයාව ඇමතුවා.


“ඕයි මීයෝ.. දුවපන්”


මීයා හැලහොල්මනක් නැහැ. මීයාව එලවන්න එකාවන්ව පුටු උඩ නැගී සිටි බැටෑලියන් එකම ඌට ප්‍රථමාධාර දෙන්න රොක් වුනා.


අනේ…. 
ඒ වෙනකොටත් මී අසරණයාගේ හුස්ම නැවතිලා.


එක්කො ඌට හාර්ට් ඇටෑක් එකක් හැදෙන්න ඇති, නැත්නම් කන් අඩි පැලීමෙන් මරුමුවට පත්වෙන්න ඇති කියලා අපි නිගමනය කලා.


“මොකද්ද මීයෝ උඹ මේ කරගත්තු අපරාදෙ?”

“උඹ මලා නේද?!”

“ඔන්න අපි දන්නෑ. අපිට මේ මරණෙට කිසිම සම්බන්ධයක් නෑ.”


සූටි හුතල් නංගියා තොල් මතුර මතුර හෙමින් හෙමින් කාමරේට ඇදුනා.




තාත්තයි - අම්මයි - නංගියි - බස්සියි











94 comments:

  1. ඩූඩ් සහ ඇන්ඩි බස්සිගෙ නෑදෑයොද?

    ReplyDelete
    Replies
    1. බොහොම කෙටි කමෙන්ට් එකකින් බොහොම ලොකු ඇගැයීමක්. තැන්කූ ප්‍රා!!

      Delete
  2. මියා මීයා
    දැකල මට මතක් වුනේ ඩිස්පික්කබල් මී
    මීමෝ මීමෝ මීමෝ.............................

    ReplyDelete
    Replies
    1. ඇනිමේෂන් ෆිල්ම් පිස්සෙක් වුන මම ආසාවෙන්ම බලපු ෆිල්ම් එකක් Despicable me. ^_^

      මීමෝ මීමෝ මීමෝ.............................

      Delete
    2. ප්‍රා.. අන්න පිලුම්... මම දහ පාරක්වත් බැලුවා ඒක.. පික්සාර් එකක් නේ

      Delete
    3. අනේ ඒ අනික. හැබැයි කෑම කන වෙලාවට බැලුවොත් නම් දන්නෙම නැතුව මහත් වෙනවා.

      Croods, Meet the Robinsons, ඇයි තව cloudy with a chance of meatballs. ඒවත් මගේ ටොප් ලිස්ට් එකේ තියෙන ෆිලුම්.

      Delete
    4. Ice age කූල් ෆිලුම. මොන කතාවක් ගියත් මම නම් උනන්දුවෙන්ම බලන්නෙ scratගෙ කතාව.

      Delete
  3. හිනාවෙලා ඇවිත් කොමෙන්ට් කොරන්නම් හොදේ....!!!

    ReplyDelete
    Replies
    1. තාම හිනා ඉවර නැද්ද නිමෝ?

      Delete
  4. හිනා වෙන විිදිය මේ බ්ලො/ග් වල දාන්න ක්‍රමයක් නැද්ද බස්සියෝ.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඉමෝඅයිකන් ගැජට් එකක්වත් එල්ලන්නම්කෝ එහෙනම්. තැන්කූ වේවා දේශෝ....

      Delete
  5. කියල වැඩක් නෑ මේ ලියන ක්‍රමේ නම් නියමයි අක්කේ..
    ‍‍කලින් ලිපිවල ලින්ක්ස් දාලා අපිව අන්තර්ජාලයට ඇබ්බැහි කරවන්න දරන වෑයම තරයේ හෙළා දකිනවා! :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි!
      කලින් ලිපිවල ලින්ක් දාන්නෙ හුදීජන පහන් සංවේගය උදෙසා නෙව. :P

      Delete
  6. මීමෝ මීමෝ මීමෝ.....
    Despicable me....
    මගෙත් ආසම ෆිල්ම් එක. නියමයි බස්සි අක්කෝ. බලු පැටවුන්ගේ සීන් එක මට මැවි මැවි පේනවා. ඒක නම් මරු.නියමයි..
    ගොඩක් හිනා උනා මම.

    ReplyDelete
    Replies
    1. අම්මෝ බලු පැටවුන්ගෙ කේස් එකනම් මට තාමත් මැවිලා පේනවා දිලා...
      තැන්කූ තැන්කූ.... :D

      Delete
  7. මේ... බස්සියෝ... ඔය නංගිට නෑදෑ වෙන එකියක් අපේ ගෙදර ඉන්නවා බොලේ.... ඒකිට මම කියන්නේ අක්කි කියල. අනේ අරන් යන්නකෝ අනේ.... මෙන්න එයාගේ වැඩ..
    පැපොල් ගෙඩිය
    මෙයාගේ ෆැෂන් කරන්න ගිහින් මට වෙච්ච දේ
    මෙන්න එයාගේ තවත් වැඩක්
    දුක හිතෙන වැඩක්
    අය්යා එක්ක තරඟය
    බස් එකේ යාම

    ReplyDelete
    Replies
    1. කතා සේරම කියෝල තියෙනවා උපයෝ... මම හිතන්නෙ උන් දෙන්නටත් වෙලා තියෙන්නෙ පැරලල් වර්ල්ඩ් සීන් එකම වෙන්නැති අනේ.

      Delete
  8. අර ෆොටෝ එකේ නංගි නම් හුරතල් පාටයි . බස්සිට නම් තියෙන්නේ ගුටි කන මුණක්

    ReplyDelete
    Replies
    1. ඒකනේ චූටි හුරතල් නංගි කියන්නේ. බස්සිට තාම තියෙන්නෙ ගුටිකන මූණක්. මේ වීකෙන්ඩ් එකේ ගෙදර ගියාමත් ගුටිකෑමට නියමිතයි මේ පෝස්ට් එක නිසාම.

      Delete
  9. මහා ළොකු කේස් නොවුනට වල්ලා පට්ට ලිවිල්ල.. ආයේ කියන්න වදන් නෑ..

    මට මතක් උනා ගිරිරාජ් දවසක කියපු කතාවක්.. උන්ගේ වත්තට ඌරූ මීයෙක් ඇවිල්ලා සල් වනේලූ. අම්මගෙන මළ වදේලූ ඌව මරන්න කියලා. ඉතින් ගිරිරාජ්ලා දියත් කළ මහා මෙහෙයුමකින් පස්සේ අරූව යකඩ කූඩුවකට අල්ලගෙන. මීය ළොකු නිසා දැන් මරන්නත් අප්සට් ලු. අනික පාරට දාන්න බෑ අහල පහල මිනිස්සු දැක්කම පාරේ දාන පූස් පැටව්න්ගේ එකවුන්ට එකත් බැර වෙන්නේ මුන්ගේ එකවුන්ට් එකට. ඉතින් ඊ ළඟ සතියේ කුණු ලොරිය එනකන් කූඩුවේ ඉන්නවලු.. අනේ අහිංසක සතා කියලා අම්මා කෑම බීම එහෙම දෙනවලු.. පස්සෙ හෙන ආමාරුවෙන් අරූ ගිහින් දාලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මාතලන්...

      ගිරිරාජ්ගෙ කතාව පට්ට. අපේ ගෙදරත් ඉස්සර තාත්තා එළවලු පාත්ති වගයක් හදලා ඕව කන්න එන ඌරු මීයොන්ව අල්ලන්න උගුල් හදලා තියනවා. උදේට මීයන්ව ගිහින් දාන්න වෙලාව නෑ තාත්ත ඔෆිස් යනව. මං කරන්නෙ ඉස්කෝලෙ ඇරිල ඇවිත් තාත්ත එන්න කලින් හෝස් එක උස්සන් ගිහින් අර යකඩ උගුල අස්සෙ ඉන්න ඌරු මීයව නාවනව. ඇත්තටම උන් කූඩුව අස්සෙ ඉන්නකොට හරිම අහිංසක පාටයි.

      Delete
  10. හිනා වෙලා පන ගියා බස්සි. මට මතක් උනේ මගේ දුල දෙන්නව. මකුලුවන්ට මාර බයයි. මරන්න කතා කරන්නේ මට. මම නිකන් ගහලය වගේ. එක පාරක් පුංචිම පුංචි මියෙක් අපේ ගෙදරට ආව. ගේ පිටිපස්ස හදන කාලේ. කට්ටිය ඔක්කොම පුටු උඩ. පූස් තැන ඌව අල්ල ගත්තා. උඩ ඉඳන් කෑ ගහන ඇයො මට කියනවා මීයව බෙර ගන්නලු පුසගෙන්. මොනවා කරන්නද මීය බේරාගෙන ගිහින් පාර්ක් එකක බින් එකකට දාල ආව.

    ReplyDelete
    Replies
    1. ඒ අතින් බලද්දි අපේ ගෙදර ඉන්න පූස්ට වඩා ඔයාලගෙ පූස් දියුණුයි. අපේ පූසව මීයෙක් ඉන්න කාමරේකට දැම්මම එළියට ගන්නකම් දොර පහුරුගගා අඬනව. අන්න ඒ වගේ ධාර්මික පූසො තමයි අපේ ගෙදර ඉන්නෙ.

      Delete
  11. අපේ ගෙදර වහලෙන් මි පැටව් තුන් දෙනෙක් වැටිලා පොඩි මෙන්ඩියා අඩනවලු උන්ව මරන්න එපා කියලා..සදු පාන් තිරෙකින් කිරි පොවලා මම ආවට පස්සේ වහලෙන් තිබ්බා..
    උඔගේ ලියවිල්ල බොක්කට වදිනවා..එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අනේ.... පොඩි මෙන්ඩියගෙ අහිංසක මූණ මේ කමෙන්ට් එක කියවද්දි මැවිලා පෙනුනා බන්. පොඩ්ඩො ඔහොම තමයි.

      Delete
    2. තාත්තා වගේම අහිංසකයි බං...අල්ලපු ගෙදර නංගිත් කියලා තියෙන්නේ පොඩ්ඩට උම්මා එකක් දෙන්න ඔිනේ නම් මට දෙන්න මම ගිහින් පාඩි මෙන්ඩියාට දෙන්නම් කියලා..

      Delete
    3. උඹ නැත්‍තං මං යන්නං ඒක ගන්ඩ !!

      අපි යාලුවන්ට බොක්ක දෙන උං හරී :D

      Delete
  12. හ්සහ්ත හ්ක් හකු ..
    ෙබාලට හෙදෙ ෙවෙඩ් පෝඩ්එවුනයට ක ක එ.ව්වවවවා් කිහ=යනවහට.
    පාරේ බල්ෙලා්්න්ට පුවු..

    ජ හෙව් වෙවස්වකාෙ!!!
    බුදසු සණරයි !!

    ReplyDelete
    Replies
    1. ඈ විදානෙයො! මෙන්න යුනිකෝඩ් වලට වෙරි!

      Delete
    2. අඩෝ බක්ස්සී..., අහ්ිංක යුනකනිකේත වඑල බයි්නන එපා !!

      Delete
    3. මේ මොකද්ද? උඹ යුනිකෝඩ් සම්බන්ධ කරල අලුත් කුණුහරප මාලාවක්වත් සම්පාදනය කලාද? :P :P

      Delete
  13. අප්පේ හරි අහිංසක නංගි පොඩ්ඩක්නෙ ඉන්නෙ : ) : )

    ReplyDelete
    Replies
    1. අක්කා වගේම අහිංසකයි නේ?

      Delete
  14. මම හිතන් හිටියේ නංගියෙක් හරි අක්කෙක් හරි ඉන්න එක වදයක් ඊට වඩා හොඳයි මල්ලියෙක් හිටියනම් කියල ... අය්යෙකුත් අවුලක් නෑ ඉතිං ... ;) ... මේ කතාව කියවන් යද්දී නම් නංගියෙක් ඉන්න එකෙත් නරකකුත් නෑ වගේ. :D

    ReplyDelete
    Replies
    1. මමනම් ආස අයියලාට හංසියෝ.... අයියෙක් ඉන්නකොට ශෝයිනේ... :D

      Delete
  15. හැබැයි බං උඹලගේ නංගිටත් බ්ලොග් එකක් හදලා දීපන්.. එතකොට උඹේ වැඩ ගැන උඹට වැඩිය හොදට නංගි ලියාවි..

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ... එයැයි අධ්‍යාපනේට ලැදි දරුව හින්ද බ්ලොග් ලිවිලි වගේ එව්වට වැඩියෙ හිත යොදවන්නෙ නැත්තෙ වෙලාවට!

      Delete
  16. මේ සිද්දි ටික ලියල තියෙනව ආයෙ සුපිරියටම. කියවගෙන යද්දී මැවිල පේනව. අපේ පොඩි කාලෙ සිද්දීත් මතක් වුණා මේක කියෙව්වම :D. නියමයි. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනා!

      Delete
  17. බස්සිගේ නංගිට ජය වේවා ~!!!!

    අපේ නංගි පැටියාගේ ( පැටියා ඒ කාලේ ) ත් ඔය වගේ සීන් බෝමයි බන්...

    පුංචි කාලේ රස කතා...

    ReplyDelete
    Replies
    1. ඉතින් විභී නගාගෙ සීන් ටිකත් ලියන්නකො අපිටත් කියෝලා හිනා වෙන්න....

      Delete
  18. කලින් ලියපු එකකුත් කියෙව්වා. බස්සි ඒව ලියන කාලෙ මං කොහෙ හිටිය ද මන්දා. ලස්සන කතා ටික.

    ඔය සූටි නංගි බ්ලොග් එකක් ලිව්ව නම් තව තව කතා අහන්න පුළුවන් වෙයි නෙහ්.. :D

    ReplyDelete
    Replies
    1. ඉස්සි ෙග් නංගිට එන්ඩ කයාපිය..
      බොග් එක කරෙගන යන්කනනනන කියා පිය..

      වුප පොඩ් එකා

      Delete
    2. සූටි නංගි බ්ලොග් ලියන්න ගත්තු දාට මං යනෝ මේ බ්ලොග් අවකාශෙන් අතුරුදහන් වෙලා. ඕ යේස්!
      චන්දන අයියා බ්ලොග් විරාමයක් ගත්තු කාලෙ ලියාපුව වෙන්ටැති ඔය.

      Delete
    3. සිකේ මේ විදානපතිරණයා මෙතනත් යුනිකෝඩ් වලට රා පොවලා. :P :P

      Delete
  19. නංගී බ්ලොග් එකක් නොලිවීමේ වාසිය උපරිම ලෙස ලබා ගෙන මෙවැනි මඩ ප්‍රහාර දියත් කරන එක තරයේ හෙලා දකිමිය.

    මොකද අපේ ගෙදරනම් මේ නංගීගේ අඩුව පුරවන්නේ වෙන කිසිවෙකුත් නොව මේ අහිංසක මා විසින්මය.. බුදු අම්මෝ.. මීයන්, ගෙම්බන්, කැරපොත්තන්, හූනන් එමතු නොව බල්ලන් පූසන්ද මෙකලද මට නම් ඊක්... ය.

    ReplyDelete
    Replies
    1. හාපෝ එතකොට TBBT එකේ Penny වගේ ගෙදරට එන මකුලුවන්ව මරන්නෙ කලාගෙ හාමිනේද?

      Delete
  20. ඔය සිදුවීම් අතර බස්සි කරපුවා අහගන්න නංගි හිටියනම් තමා හොඳ

    ReplyDelete
    Replies
    1. එවුවා හඳේ හරිය? එයාට සිංහලෙන්/ඉන්ග්ලිෂ් හෝ දෙමළෙන් බ්ලොග් ලිවීම සපුරා තහනම් කොරල තියෙන්නෙ.

      Delete
  21. ෆට්ට බස්සියෝ

    නාගටත් බ්ලොගක් හදල දෙන්න කෝ

    ReplyDelete
    Replies
    1. නගාට බ්ලොග් හදන්න? වෙන මුකුත් එපා ද? :P

      Delete
  22. නංගිගේ කට හඬේ තියෙන frequency එක හොයලා හොඳ නව නිර්මාණයක් කරන්න පුළුවන් වෙයි වගේ! :D

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ. මම අපේ අම්මට කඩ කැඩෙනකම් කිවුවා නගාව ඔපෙරා ගායිකාවක් කරන්න තිබුනා Bianca Castafiore වගේ කියලා. කෝ ඇහුවයැ.

      Delete
  23. මට තියෙන පුශ්නේ ඕක නංගිට උනාද නැත්නම් බස්සිට වෙලා නගාගෙ එකවුන් එකට බැර කලද කියල :v

    හයියෝ නංගි :D

    ReplyDelete
    Replies
    1. ඔය නගාගේ කතා ලේබල් එක යටතේ සිදුවූ කිසිවක්ම ප්‍රබන්ධ නොවෙයි හොරෝ...........
      :D

      Delete
  24. සින්දු කාරයා හෙන දැවැන්තයෙක්නේ බං

    ReplyDelete
    Replies
    1. සින්දු කාරයා = සින්දු ඇනෝ ද?

      දැවැන්තයෙක් කිවුවම මට මැවිලා පෙනුනෙ සින්දු කියකියා යන මැමත් කෙනෙක්ව.

      Delete
    2. මගුලක් කතා කරනවා ඉදගන

      Delete
    3. හිහිහි.... වෙන මොනා කියන්නද අටම් අයියේ....
      "ඇනෝ" කියලා ප්‍රොෆයිල් එකට නම දාගෙන ඉන්නවනම් අපි එයාගෙ රියල් චරිතෙ දැවැන්තද නැද්ද කියන එක වුනත් හෙලි කරන එක එතිකල් නෑ නෑ වගේ හිතෙනෝ.... ^_^

      Delete
  25. ඔයාගෙ ලිවිල්ලනම් මරු බස්සියෝ.කියවන්න කියවන්න ආසයි.. සදා ජය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුසී....

      Delete
  26. හම්මේ ඉතින් අෆරාදේ කියන්ඩ බෑ හරි හුරතල් දරුවෙක් (නංගි ;) )

    ReplyDelete
    Replies
    1. අයියෝ මන් හිතුවෙ හුරතල් දැරිවි බස්සි කියයි කියලා. :D

      Delete
  27. මේ මේ

    නංගිට තියෙන්නේ ඩයලොග්ද මොබිටෙල්ද දන් නෑ .…

    අහල කියකො :D

    ReplyDelete
    Replies
    1. අක්කා ඩයලොග් එකේ වැඩ නිසා ඩයලොග් වෙන්න ඇති පත්තරයෝ

      Delete
    2. බස්C ඇත්තටම ඩයලොග්ද.....

      Delete
    3. අක්කා ඩයලොග් නිසාම නංගි ඩයලොග් පාවිච්චි කරන්නෙ නෑ කිවුවොත් ප්‍රොෆා මල්ලි මට හිනාවෙන්නෙ නෑ නේද?

      Delete
  28. හෙහේ කොහොම කිවත් උඹත් නංගිට දෙවැනි වෙන්නේ නැතුව ඇති යශෝ.

    ReplyDelete
    Replies
    1. පීස්සුද! මම බොහොම අහිංසක කීකරු යහපත් දරුවා

      Delete
  29. බිසී බිසී ..බලන්න විදිහක් නැතෝ ... පොස්ට් දාන්න එපා යකෝ ... (සොරි යශෝ :P)

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉවෝ මම මේ මාසෙ පෝස්ට් බොහෝම ටිකයි දාන්නෙ. මම බිසී නිසා නෙමෙයි මේ උඹට කියවන්න බැරි නිසාලු. :P

      Delete
  30. පට්ටයි බස්සියේ ...අයෙත් පොඩි කාලේ මතක් උනා .

    උකුලේ ලමැදේ ඉද උණුසුම ලැබු කාලේ..
    නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ..
    තාමත් එහෙමයි - මට අමතක නෑ..
    තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..

    දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ..
    ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ..
    තාමත් එහෙමයි - මට අමතක නෑ..
    තාමත් එහෙමයි - කිසි වෙනසක් නැ..

    අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ..
    රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ..
    තාමත් එහෙමයි - මට අමතක නෑ..
    තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..
    යං යං යං යං අපි සැනසිල්ලේ..
    යං යං යං යං
    යං යං යං යං අපි නැළවිල්ලේ..
    යං යං යං යං ...

    ගායනය : වායෝ සංගීත කණ්ඩායම
    ගී පද : සේනක බටගොඩ
    සංගීතය : සේනක බටගොඩ

    ReplyDelete
    Replies
    1. හොර පූසෙක් - ම්යෑව් ම්යෑව්
      බටු මීයෙක් කටස් කටස්
      හොර පූසියි බටු මීයයි තර‍ඟෙට දිවුවා
      පූසි වැටිල කිරි හැළියක
      මීය වැටිල පැණි හැළියක
      අපට හරි හිනා................

      Delete
    2. වායෝ එකේ සින්දුව මම ආසම එකක්. ඔලුව මාර විදියට රිලැක්ස් කරන සින්දුවක් ඒක. තැන්කූ සින්දු ඇනෝ!

      ඔය හොර පූසයි බටු මීයයිනම් අපේ කසින් කෙනෙක්ගෙ පුතෙක් කොන්සට් එකකට කියන්න බෑඟිරි ගගා කටපාඩම් කොරනව අහල අහල අහලාම මට එපා වෙලා හිටියෙ. හිහීහි

      Delete
  31. අම්මේහ් මටත් ඉන්නව නංගිලා දෙන්නෙක්ම.. ! චූටි නංගි තමා වැඩියෙන්ම ඔය වගේ පික්සු වැඩවලට බර.


    ReplyDelete
    Replies
    1. මටනම් ඉතින් කෝකටත් ඉන්නෙ එකෝම එකයි.

      Delete
  32. බස්සිට ඉන්නෙ දගකාර හැඩකාර නගා කෙනෙක් වගේ..

    ReplyDelete
    Replies
    1. හහා... අපේ නගාට පෙන්නන්න ඕන මේ කමෙන්ට් එක. :)

      Delete
  33. කතා ටික මැවිලා පේන්න ලියලා තියෙනවා... හි..හි.. සෝයි සූටි නංගියෙක්..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තුශා.... දැන් නම් උන්දෑ සූටි නෑ.

      Delete
  34. දැන් මෙතන තියෙන්නෙ සේරම නංගිගෙ වැඩකිඩ...එතකොට අක්කා ගැන අපි කාගෙන්ද අහන්නෙ නංගිගෙන්ද....නංගිටත් බොගක් අටවන්න කියන්න.....

    ReplyDelete
    Replies
    1. අපේ නගාට මං කියල තියෙන්නෙ බ්ලොගක් ලිවුවත් රහස් භාෂාවකින් ලියන්න කියල සිරා අයියේ....

      Delete
  35. අක්කගෙ ම නගා වෙන්න ඇති ඉතින් :-D

    ReplyDelete
    Replies
    1. හහා.... අන්න හරි කුරුට්ටියෝ

      Delete
  36. බස්C ගේ ලිවීම තමයි මේ පොඩි කතා ලොකු කතා කරන්නේ. ඒක තමයි රහස. අපි ලොකු දෙයක් ලිව්වත් පොඩි වගේනේ. Well Done. Keep it up!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ.

      ඔව් ඔයාගේ සුගම ලිවීමේ රටාව නිසාම මහා සංකීර්ණ කතාවක් උනත් අපිට ලේසියෙන් දිරවාගන්න පුලුවන් තරමටම මිහිරි වෙනව. :)

      Delete
  37. ///“ඔන්න අපි දන්නෑ. අපිට මේ මරණෙට කිසිම සම්බන්ධයක් නෑ.”///
    අම්මෝ අක්කේ, පාඩං කරකර ඉන්න ගමං නිකමට පුරුද්දට වගේ මේ පැත්තෙ ගොඩවුණේ!!
    මේක දැකපු පාර, පාඩං කරපු ටිකත් අමතකම වුණා හිනාගිහිං වැඩි කමට!!

    ReplyDelete
    Replies
    1. හහා.... බොහොම ස්තූතියි පිරේ මල්ලි.
      හිනා ගියාම කියව කියව උන්නු පොත ඉස්මොල්ලෙ යන්න ඇති. ඒ කියන්නෙ ඔයාට පාඩම් කරපු එක අමතක වෙන එකක් නෑ මොලේටම යනවනේ...

      Delete
  38. ///“ඔන්න අපි දන්නෑ. අපිට මේ මරණෙට කිසිම සම්බන්ධයක් නෑ.”///
    අම්මෝ අක්කේ, පාඩං කරකර ඉන්න ගමං නිකමට පුරුද්දට වගේ මේ පැත්තෙ ගොඩවුණේ!!
    මේක දැකපු පාර, පාඩං කරපු ටිකත් අමතකම වුණා හිනාගිහිං වැඩි කමට!!

    ReplyDelete