කැඩපත, හොඳ රන් කැඩපත
මේ අහන්න
නයිට් ක්‍රීම් තැවරනකොට
කුරුලෑ ලප වියැකෙනකොට
හැඩයි නේද මගෙ නළලත
මට කියන්න
කැරළි වැටුන දිග කෙහෙරැලි
උරහිස තෙක් ලේයර් කර
රීබොන්ඩින් කලා මමත්
මේ බලන්න
ඉර අවුවට – ටැප් වතුරට
මැකෙනව කෙස්වල දිස්නය
යන්න වේවි ඉක්මනටම
ෂැම්පු ගන්න
ඔයිල් ගන්න
ඉරිදත් මම යනවා
ඕ ටී කරන්න
රෑට නොකා ඉන්න එකෙන්
පිරිමහගන්නට පුලුවනි
ඇහිබැම දෙක හදා ගන්න
පෙඩිකියු එකකුත් කරන්න
කොලර් බෝන් පේන තරම්
ස්ලිම් වුනාම හැඩයි නේද?
ඒකලු ලේටස්ට් ට්‍රෙන්ඩ් එක
සුමාලි අද ලන්ච් වෙලේ
කිවුව ඔන්න
කැඩපත, හොඳ රන් කැඩපත
තව පොඩ්ඩක් ළඟට එන්න
ඇස් යට ලා කලු පැල්ලම්
මේ බලන්න
ඉරිදත් ඕ ටී කරකර
ඇස් මහන්සි කරන්නැතුව
රෙස්ට් කරන්න කියල
කියන්නෙපා ඔන්න
ක්‍රීම් එකක් අන්ඩර් – අයි
දින විසිහතරක් ගෑවම
කලු පැල්ලම් මැකිල යාවි
ඉක්මනින්ම
විසිහත්වෙනිදට හැමෝම
සීසනල් ශොපින් යනවලු
ඊට කලින් සැලරි අතට
ලැබෙයි නේද?
මොණර පියාපතක හැඩේ
අලුත් පැටන් බෑග් එකක්
කොහොමින් හරි
ගන්න ඕනෙ
ඔෆිස් යද්දි අරන් යන්න
කැඩපත, හොඳ රන් කැඩපත
මම යන්නම් නිදාගන්න
ඔටුන්න හිමි කුමාරයා
සුදු අසුපිට නැග එනකොට
අස් කුර හඬ ඇහුන විගස
අනේ මාව ඇහැරවන්න!
අද කාලේ "කුමාරිකාවාගේ" සාඩම්බර ඉකිබිඳුම!
ReplyDelete"සාඩම්බර ඉකිබිඳුම" ගැලපෙනම හැඳින්වීමක් නාඩි මල්ලි.
Deleteඊයෙත් ඇහුවට කිව්වේ
ReplyDeleteබොරුවක් නොව 'වෙන ඇත්තක්'
හැමදාමත් අහන හින්ද
හිත රිද්දන්නත් බැරුවට
'ඇත්තක්' කියනෙමි උඹහට
මගේ මන්තර කුමාරියේ....
අදවත් කියනට කලින්ම
යන්න එපා සුව නින්දට
-----කැටපත
හ්ම්ම් හ්ම්ම්ම්....
Deleteමායා කැඩපතක් වුව
හිත හදාගන්නේ කොහොම
තිත්ත ඇත්තක් කියන්න
අයියෝ සල්ලි !!!
ReplyDeleteසල්ලි විතරක්ම නෙමෙයි, සින්තටික් සිහින
Deleteඅහිංසක බලාපොරොත්තු...
ReplyDeleteඔව් චන්දන අයියේ... සේරිවාණිජලාගේ මාර්කටින් උඩ ඉදිවෙන අහිංසක හීන මාලිගා
Deleteකෙල්ලන්ගේ, විච්චූරණ , හීන , අහිංසක බලාපොරොත්තු ...
ReplyDelete// කැඩපත, හොඳ රන් කැඩපත මේ අහන්න ...
හැඩයි නේද මගෙ නළලත, මට කියන්න ... //
ගෑණු ළමයෙකුට " කැතයි " කියලා කියපු කැඩපතක් කොහේ හරි තියෙනවද ? :D :D
කැඩපත ලස්සනයි කියනකම් නෙ ඔය සේරම කරන්නෙ.
Deleteකැඩපත විතරද?
Deleteඇයි කුමාරයගෙ අස්පයා :P
Deleteඉරිදට විතරක් ඕටී
ReplyDeleteසල්ලි ඇද්ද වැඩ ටිකටම...
ඉරිදට ඕ.ටී කතාව සහතිකෙන්ම කන් දෙකටම ඇහුන එකක්. :D
Deleteකන් දෙකටම ඇහුන නිසා වෙන්ටැති ඩබල් වෙලා තියෙන්නේ.. හැක්. හැක්
Deleteඇයි දේශාගෙ එක කනයිද ඇහෙන්නෙ? :O
Deleteහැක් මං කිව්වේ.. තැන් දෙකකම ඉරිදා ඕටී එක ගැන ලිව්වේ කන් දෙකන් දෙපාරකට ඇහුන හින්දා වෙන්ටැති කියලයි..
Deleteඒ වගේ අඩුපාඩු බහුලයි තමයි අපි ආධුනික නිසා. හැබැයි ප්‍රවීන බ්ලොග් කරුවෝ වෙන ඔයාල ඒවට හිනා වෙනවට වඩා උපදෙසක් දෙන එකෙන් තමයි ඔයාලගෙ වැදගත්කමත් වැඩි වෙන්නෙ.
Deleteඅනේ ගොං හරකියෝ.. ඕකනේ බොලාත් එක්ක බැරි.. ඩිංග ඇත්නං වල්ගේ පාගගන්වා.. මම කිව්වේ කන් දෙකටම ඇහුනා කිව්වම ටයිමින් තියල කන් දෙකට දෙපාරකට ඇහිල කියලා.. ඕනවට වඩා සීරියස් උනාම ඔය වගේ සීන් වෙනවා. මොකද කලින් පාරත් එහෙම නේ.. හැක්...
Deleteඅනේ සොරි මචෝ. මම කලබල වුනා වැඩියි.
Deleteපව් අපේ අහිංසක කෙල්ලෝ...
ReplyDeleteඇත්තටම පව්. තමන්ට දරන්න පුලුවන් තරමකට ෆැෂන් කිරීම කිසිම වරදක් නෑ. ඒත් සමහරුන්ගේ මුලු ජීවිතේම ඕක. ආදායමට ගැලපෙන්නනේ වියදම සකසාගන්න ඕන.
Deleteමීට මොහොතකට ප්‍රතම කැඩපතේ උන් එකාට පිස්සු තදවී මායා මානසික රෝහලේ නවත්වන ලදී...
ReplyDeleteකරුණාකර ඔබේ ප්‍රශ්න වලට වෙන කොහෙන් හෝ විසදුම් සොයාගන්න
ඉස්කෝතුයි විස්කිරිඤ්ඥයි
කැඩපතක් හින්දාම හොඳයි.
Deleteමං බාල කාලේ
ReplyDeleteඋන්නු කෙල්ලක් ගෙවල් දෑලේ
රෝස මල් මාලේ
බැන්ද වාගේ මූණේ ආලේ
කැම්පස් දුවන්නට
පුළුවන් ලකුණු අතරට
හැකිවුනි පනින්නට
ඇයත් දැන් විවි යනව ඕසෙට
අවුරුදුම හතරක්
හිච් වී ටවුමෙ කොල්ලෙක්
ගම ගැන වග වගක්
ඔහේ නෑ දැන් කොළඹ කකුලක්
පොශ් ජොබ් කරන්නේ
එලිවේටරෙන් යන්නේ
පීස හට් කන්නේ
මයිල් බානට සැලොන් යන්නේ
ලඟදි මං දවසක්
දැකලා ලඟදි කඩයක්
පෑවා හිනා වදනක්
මට මතක් උනෙ කාලි බලියක්... :D
පොශ් ජොබක් කෙරුමත්
Deleteඑලවේටරේ යාමත්
පීසා හට් යාමත්
දකින් නෑ ඒකෙනම් වරදක්
තමනට දරන්නට
ඇහැකි වියදමෙ ගානට
හැඩවැඩ දැමීමට
තහනමක් නෑ කිසිම කෙනෙකුට
සීමා නොදන්නේ
අනුකරණය කරන්නේ
සල්ලි මදි වෙන්නේ
එහෙම උන් ඇනගන්නේ
කොණ්ඩය සකසතී
සාත්තුවකුත් නොමැතී
කෙස් මුලින් කැඩෙතී
වයස විස්සෙන් කෙසුත් ඉදෙතී
දිගටම ෆැශන් කෙරුවොත්
හරිහැටි නොකා හිටියත්
සුදු අසු අරා ගත්
කුමරු පැමිනෙන සිහින මැවි එත්
හැඩ වැඩ දැමීමේ
නැත කිසිවිටක අරුමේ
අගේ වැඩි වෙන්නේ
පමණ දැනගෙන කෙරුමේ
හයි ටෙකි හයි වේ ට
Deleteලැම්බෝගිනිද රට වට
රට දුවන තාලෙට
කියන්නෑ මම යන්න වනයට
එකඟයි කතාවට
ඕන කෙලියක් පමණට
ඉහත කී කෙල්ලට
හිත බිඳුනෙ මගෙ කරුණු දෙකකට
කොළඹට පැමිනියදු
සොබාවික රුව නෑ ලැජ්ජ විය යුතු
මුල අගද දත යුතු
ගමේ කම හා නම රැකිය යුතු...
//රෑට නොකා ඉන්න එකෙන්
ReplyDeleteපිරිමහගන්නට පුලුවනි
ඇහිබැම දෙක හදා ගන්න
පෙඩිකියු එකකුත් කරන්න// හපොයි හපොයි :-(((
:D :D
Deleteසුදු හඳුනෙං කිලෝ එකයි
ReplyDeleteවෙනිවැල් ගැට කිලෝ එකයි
කස්තුරි කහ පන්සීයයි
බිත්තර හයසිය පණහයි
මේ ටික එකවර ගන්නට
අරගෙන ස්ටොක් කරන්ට
මතක් කරනවද කැඩපත
බෝනස් එක ලැබුණු දාට
සුදුහඳුන් ඉලුවේ
Deleteකස්තුරි කහ ගැල්වුවේ
වෙනිවැල් තැවරුවේ
අත්තම්මලා නෙව ඉලවුවේ
චන්දනාලේපය
කස්තුරි ෆේස් ක්‍රීමය
වෙනිවැල් සෝප් බුබුලු ය
බියුටි නම් හර්බල් ප්‍රඩක්ට්ස්මය
:D
පට්ටයි බස්සියෝ...
ReplyDeleteතැන්කූ දිලා!!
Deleteපාලු කරට නුඹේ අත නොගැටෙන්නයි
ReplyDeleteවීදුරු කැඩපත බිම දැම්මේ ....
මේ ඒ ගීතයේ සීසන් ටූ!
Deleteපලවෙනි කමෙන්ට් එකේ තියන එකම තමා මමත් දාන්න කියල ආවේ.. අද කාලේ කෙල්ලෝ නාවල ගත්තම කිලෝ 5ක් බර අඩු වෙනවා කියනවනේ.. :D
ReplyDeleteඔන්න මම නම් නෙවේ අත්දැකීම් තියන කට්ටිය කියන්නේ.. මම ටෙස්ට් කරලා බැලුවේ නෑ.. හැබැයි මගේ මූනෙත් කුරුලෑ තිබ්බ හරියට අර ඇමරිකාවෙන් බෝම්බ ගහපු හිරෝෂිමා වගේ මගේ මූණත්.. මම නම් ක්‍රීම් ඉලුවේ නෑ..
අයියෝ මලයා... ඔයත් කැඩපතෙන් අහලා පිම්පල්ස් අවුට් ක්‍රීම් එකක් ඉලුව නම් හරි නිවාඩු කාලෙ.
Deleteඋණුවතුර හුමාලය අල්ලලා, ඊට පස්සෙ මද රස්නෙ වතුරෙන් මූණ හෝදලා තෙතමාත්තු කරලා, මුං ඇට උරච්චි කරලා ගාන්න. :)
ඔය ඔක්කොම හරියනවා ... සූර්යග්‍රහණයක් අල්ලලා බීපම් වදකහ ....
ReplyDeleteබිව්වා නේද වදකහ සුදිය
බස්සි බිව්වා නේද වදකහ සුදිය
+++++++++
Deleteවදකහ සුදිය බොන කාලෙ අපි ඉපදිලත් නෑ (ලු.)
Deleteඉවානයට නම් ඔහොම උනේ වදකහ බීලා කියල ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වෙනවා.
ලස්සණ කමෙන්ට් එක බස්සියෝ...:P
Deleteපොඩ්ඩි අක්කත් ඔච්චර හැඩ උනේ වදකහ බීල ලු නේද?
Deleteඅත්තම්මා බීවද දන්නේ නෑ. අහලා බලන්ට ඕනි. බොන හැමෝම ගැන පුරාණ ග්‍රන්ථවල තියෙනවලුද? :P
Deleteඅපෝ නෑ ඔය ඉවාන් වගේ පුරාණ මානවයො ගැන විතරලු ඒ ඉතිහාස ග්‍රන්ථවල තියෙන්නෙ. පොඩ්ඩි අක්කගෙ ආතම්මා ගැන නැතුව ඇති, සමහරවිට ආත්තම්මගෙ ආත්තම්මා ගැන සඳහන් වෙනව ඇති.
Deleteඒ උනාට බස්සි අක්ක මහතයි නෙහ්
ReplyDeleteඕ යේස් බස්සි අක්කා මිටියි. මහතයි, කට්ට කලුයි. කාලගෝලගෙ අක්කා වගේ. :P
Deleteකැතැයි කියපු දවසට,
ReplyDeleteකැඩපත කුඩු කරලා - අළුත් එකක් ගන්න වෙයි..
හැක් හැක්..
ජ ය වේ වා !!!
කැඩපත කවද්ද ඇත්තක් කිවුවෙ. මූණ පෙන්නන්නෙත් වම දකුණ මාරු කරල නෙව.
Deleteබස්සි අක්කෙ රන් කැඩපතට එක දෙයක් කියන අමතක වුනානේ අර ඔටුන්න හිමි කුමාරයා එද්දී ඉලක්කම් පහක හයක චෙක් එකකුත් ගේන්න කියල පණිවිඩයක් යවන්න කියන්න නැත්නම් කොහොමද මේ ඔක්කොම හැඩ වැඩ කරන්නේ :D
ReplyDeleteඒකනෙ හංසියෝ සුදු අස්සයෙක් පිටේ එන කුමාරයෙක් වෙනුවෙන්ම මග බලන් ඉන්නෙ.
Deleteමාකටින් මාකටින් ටින් ටින් තමයි ඉතින්. ගොඩක් අය අහු වෙනව. අපරාදෙ සල්ලි. සාමාන්‍යයෙන් පෙනුම හොඳින් තියා ගන්න නින්දයි, වතුරයි දෙක ගොඩක් බලපානව නේද.
ReplyDeleteඔව් ඔව්. නින්ද අඩු වුනාම එක්කො කෝටුවක් වගේ වෙනව, නැත්නම් තරබාරු වෙනව. වතුර ගොඩක් වැදගත් හිසකෙස්වල සහ හමේ නිරෝගීකමට.
Deleteහැඩ වෙන්න කියලා
ReplyDeleteණය වෙන්න එපා නංගිලා
තියෙන ලස්සන බලලා
හිනා විලා හිටින් උඹලා.
ණය නොවී කොහොමා
Deleteමේ රටේ ඉහ ගැහුමා
:D
හැඩ
ReplyDeleteකා
වෙනුවෙන්ද?
ඒ කා ට
ඕනේ
මොනවද
ඇත්තට?
ඒ කා ට
Deleteඇත්තටම
ඕනෙ
"හැඩ" විතරද?
නෑ
Deleteපිට ඔපයට
යටින් ඉන්න
මනුස්සයව
සහතික ඇත්ත!
ReplyDeleteඅපේ සමහරුන්ට වෙන්නේ ඕකේ සීමාව නොදැන ඉන්නා එකයි..එතකොට ජීවිතේම කොස්මෙටික්ස් තමයි! :D
සහතික ඇත්ත තනියෝ... අනේ මන්දා කන්න බොන්න, පොතක්පතක් ගන්න, ගෙදරට යවන්න සතපහක් වෙන් නොකලට ජීවිතේ රන් වෙන්නෙ කොස්මෙටික්ස් උඩ.
Deleteමෙවුවට මුකුත් කියලා බෑ.. අපි ඉතින් කෙල්ලන්ට ෆාමසියේ ක්‍රීම් විකුණන හන්දා.. හෙහ්..
ReplyDeleteඔය ඉන්නෙ පාමසිකාර මාර්කටින් ටින් ටින් ලා. :P :P
Deleteඅපේ දුවගේ යාළුවෙක් කොළඹ ඔය බියුටි කචල් එකක් කරබවා. ඒ දුව නිවාඩුවකට මෙහේ ආවා. මම ඇහුවා කොහොමද බිස්නස් කියලා. අන්කල් කෙල්ලෝ ඉන්නකම් බියුටි සැලොන් වැහෙන්නේ නැහැලු. ඒ ළමයින් නම් පිලිවෙලට කරනවා. ඔය ඉලව් ගාලා ගාලා කොයි වෙලාවක හරි ඔළුවත් ගැලවිලා අතේ තියෙයි.
ReplyDeleteපිලිවෙලට ඕක කරන තැන් හරිම අඩුයි නෙව. වැඩිහරියක් ඉන්නෙ කලබලේට මොනාහරි කපරාරුවක් කරන අයනේ. අනිත්කාරනේ ඔය ප්‍රකෘති රූපෙට කරන වෙනස්කම් කරගන්න කලින් බලන්න ඕන ඒවා මේන්ටේන් කරන්නත් තමන්ට කාලය හා මුදල් තියනවදකියලා.
Deleteසත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට කියලා සිරසේ කියන එක මෙන්න මෙතනට තමා ගැලපෙන්නේ.
ReplyDeleteයථාර්ථයේ කැඩපත දිහා බලාගෙන නේද ඔය කතාකරන්නේ.
යථාර්තයේ කැඩපතත් අද කතාකරන්න බයයිලු විචා තුමා. :)
Deleteනියමයි බස්සි.....මේ කවිය කියෙව්වා ටැබා ගෙන් ඒත් කොමෙන්ට් දන්නා හම්බ වුනේ අද.....නියමයි කියන්නේ නියමෙනුත් නියමයි
ReplyDeleteබොහොම ස්තූතියි හැපියෝ. මමත් මේ අමාරුවෙන් ෆෝන් එකෙන් කොටන්නෙ. හැපියාව කියෙව්වත් කමෙන්ට් නොකලෙත් ඒකයි.
Deleteඅද කාලේ මිනිස්සු කොන්ඩේ ශාම්පුගාල රිබෝන් කරලා අලුත් උනත් අග පුරා පවුඩර් බබ්බු වගේ හිටියත් මුණ බලන්නේ පරණ කන්නාඩියෙන්මයි.
ReplyDeleteඒ කතාවෙත් ඇත්තක් තියෙනව නේන්නම් හොරෝ. ^_^
Deleteහෑ :o කවුද යකු සුමාලි :o මගේ නම යුස් කොරලා >_<
ReplyDeleteඒ අස්සේ මොණර පියාපතක් ගැනත් කියෝනෝ නේ අම්ම්මපා..
පද ටික නම් ලස්සනයි බස්සියේ :D
මෙහෙමයි නංගා. මම ඉතින් මගේ ජීවිතේට වැදගත් පුද්ගලයො ගැන නම් ඉඳහිට කවිකතා ලියනව. එහෙම ඒව පලකරන්න කලින් එයාලට යවල ok එක ගන්නව. ඉතින් ඔයා ගැන ලියන්න උනොත් එදාට මං අනිවා ඔයාට කියයි.
Deleteමොණර පිහාටුවලින් කරපු හෙයා බෑන්ඩ් සහ ඉයර් රින්ග්ස් ට්‍රෙන්ඩ් එකක් තිබුන නංගි ඒක ගැනයි ලිව්වෙ.
මං දැනගෙන උන්නෙ ඔයාව Aruni kalupahana කියන නමින්.
ඇගයීමට ගොඩක් ස්තූතියි නංගා!!
අපේ ආතත් රන් කැඩපත ගෙනද් දුන්නා ආච්චිට
ReplyDeleteඒ කියන්නේ රන් කැඩපත පරම්පරාගත උරුමයක්ද අටම් අයියේ.
Deleteකැරොල් කරත්තයක් සයිඩ් කන්නාඩියකට කියන කවියක්
ReplyDeleteහික්ස්!!
Deleteගොඩාක් රස වින්දා...නගාට අමුතුම සිතුවිලි තමයි පහල වෙන්නෙ නේද...බොලාව දැකලා නැති නිසා මට හිතාගන්න බෑ කැඩපත මොනවා කිව්වද කියලා...
ReplyDeleteබොහොම ස්තූතියි සිරා අයියේ...!! මට ඉතින් කැඩපත මොනවා කියන්නද අනේ අනිච්චේ දුක්කේ කියල බලං ඉන්නව ඇරෙන්න. :P
Delete