Sunday, November 2, 2014

රන් කැඩපත, මේ අහන්න ! (Mirror mirror - on the wall)






කැඩපත, හොඳ රන් කැඩපත
මේ අහන්න
නයිට් ක්‍රීම් තැවරනකොට
කුරුලෑ ලප වියැකෙනකොට
හැඩයි නේද මගෙ නළලත
මට කියන්න


කැරළි වැටුන දිග කෙහෙරැලි
උරහිස තෙක් ලේයර් කර
රීබොන්ඩින් කලා මමත්
මේ බලන්න

ඉර අවුවට – ටැප් වතුරට
මැකෙනව කෙස්වල දිස්නය
යන්න වේවි ඉක්මනටම
ෂැම්පු ගන්න
ඔයිල් ගන්න
ඉරිදත් මම යනවා
ඕ ටී කරන්න


රෑට නොකා ඉන්න එකෙන්
පිරිමහගන්නට පුලුවනි
ඇහිබැම දෙක හදා ගන්න
පෙඩිකියු එකකුත් කරන්න
කොලර් බෝන් පේන තරම්
ස්ලිම් වුනාම හැඩයි නේද?
ඒකලු ලේටස්ට් ට්‍රෙන්ඩ් එක
සුමාලි අද ලන්ච් වෙලේ
කිවුව ඔන්න


කැඩපත, හොඳ රන් කැඩපත
තව පොඩ්ඩක් ළඟට එන්න
ඇස් යට ලා කලු පැල්ලම්
මේ බලන්න

ඉරිදත් ඕ ටී කරකර
ඇස් මහන්සි කරන්නැතුව
රෙස්ට් කරන්න කියල
කියන්නෙපා ඔන්න
ක්‍රීම් එකක් අන්ඩර් – අයි
දින විසිහතරක් ගෑවම
කලු පැල්ලම් මැකිල යාවි
ඉක්මනින්ම


විසිහත්වෙනිදට හැමෝම
සීසනල් ශොපින් යනවලු
ඊට කලින් සැලරි අතට
ලැබෙයි නේද?
මොණර පියාපතක හැඩේ
අලුත් පැටන් බෑග් එකක්
කොහොමින් හරි
ගන්න ඕනෙ
ඔෆිස් යද්දි අරන් යන්න



කැඩපත, හොඳ රන් කැඩපත
මම යන්නම් නිදාගන්න
ඔටුන්න හිමි කුමාරයා
සුදු අසුපිට නැග එනකොට
අස් කුර හඬ ඇහුන විගස
අනේ මාව ඇහැරවන්න!






77 comments:

  1. අද කාලේ "කුමාරිකාවාගේ" සාඩම්බර ඉකිබිඳුම!

    ReplyDelete
    Replies
    1. "සාඩම්බර ඉකිබිඳුම" ගැලපෙනම හැඳින්වීමක් නාඩි මල්ලි.

      Delete
  2. ඊයෙත් ඇහුවට කිව්වේ
    බොරුවක් නොව 'වෙන ඇත්තක්'

    හැමදාමත් අහන හින්ද
    හිත රිද්දන්නත් බැරුවට
    'ඇත්තක්' කියනෙමි උඹහට
    මගේ මන්තර කුමාරියේ....

    අදවත් කියනට කලින්ම
    යන්න එපා සුව නින්දට


    -----කැටපත

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්....

      මායා කැඩපතක් වුව
      හිත හදාගන්නේ කොහොම
      තිත්ත ඇත්තක් කියන්න

      Delete
  3. අයියෝ සල්ලි !!!

    ReplyDelete
    Replies
    1. සල්ලි විතරක්ම නෙමෙයි, සින්තටික් සිහින

      Delete
  4. අහිංසක බලාපොරොත්තු...

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන අයියේ... සේරිවාණිජලාගේ මාර්කටින් උඩ ඉදිවෙන අහිංසක හීන මාලිගා

      Delete
  5. කෙල්ලන්ගේ, විච්චූරණ , හීන , අහිංසක බලාපොරොත්තු ...

    // කැඩපත, හොඳ රන් කැඩපත මේ අහන්න ...
    හැඩයි නේද මගෙ නළලත, මට කියන්න ... //

    ගෑණු ළමයෙකුට " කැතයි " කියලා කියපු කැඩපතක් කොහේ හරි තියෙනවද ? :D :D

    ReplyDelete
    Replies
    1. කැඩපත ලස්සනයි කියනකම් නෙ ඔය සේරම කරන්නෙ.

      Delete
    2. කැඩපත විතරද?

      Delete
    3. ඇයි කුමාරයගෙ අස්පයා :P

      Delete
  6. ඉරිදට විතරක් ඕටී
    සල්ලි ඇද්ද වැඩ ටිකටම...

    ReplyDelete
    Replies
    1. ඉරිදට ඕ.ටී කතාව සහතිකෙන්ම කන් දෙකටම ඇහුන එකක්. :D

      Delete
    2. කන් දෙකටම ඇහුන නිසා වෙන්ටැති ඩබල් වෙලා තියෙන්නේ.. හැක්. හැක්

      Delete
    3. ඇයි දේශාගෙ එක කනයිද ඇහෙන්නෙ? :O

      Delete
    4. හැක් මං කිව්වේ.. තැන් දෙකකම ඉරිදා ඕටී එක ගැන ලිව්වේ කන් දෙකන් දෙපාරකට ඇහුන හින්දා වෙන්ටැති කියලයි..

      Delete
    5. ඒ වගේ අඩුපාඩු බහුලයි තමයි අපි ආධුනික නිසා. හැබැයි ප්‍රවීන බ්ලොග් කරුවෝ වෙන ඔයාල ඒවට හිනා වෙනවට වඩා උපදෙසක් දෙන එකෙන් තමයි ඔයාලගෙ වැදගත්කමත් වැඩි වෙන්නෙ.

      Delete
    6. අනේ ගොං හරකියෝ.. ඕකනේ බොලාත් එක්ක බැරි.. ඩිංග ඇත්නං වල්ගේ පාගගන්වා.. මම කිව්වේ කන් දෙකටම ඇහුනා කිව්වම ටයිමින් තියල කන් දෙකට දෙපාරකට ඇහිල කියලා.. ඕනවට වඩා සීරියස් උනාම ඔය වගේ සීන් වෙනවා. මොකද කලින් පාරත් එහෙම නේ.. හැක්...

      Delete
    7. අනේ සොරි මචෝ. මම කලබල වුනා වැඩියි.

      Delete
  7. පව් අපේ අහිංසක කෙල්ලෝ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පව්. තමන්ට දරන්න පුලුවන් තරමකට ෆැෂන් කිරීම කිසිම වරදක් නෑ. ඒත් සමහරුන්ගේ මුලු ජීවිතේම ඕක. ආදායමට ගැලපෙන්නනේ වියදම සකසාගන්න ඕන.

      Delete
  8. මීට මොහොතකට ප්‍රතම කැඩපතේ උන් එකාට පිස්සු තදවී මායා මානසික රෝහලේ නවත්වන ලදී...
    කරුණාකර ඔබේ ප්‍රශ්න වලට වෙන කොහෙන් හෝ විසදුම් සොයාගන්න

    ඉස්කෝතුයි විස්කිරිඤ්ඥයි

    ReplyDelete
    Replies
    1. කැඩපතක් හින්දාම හොඳයි.

      Delete
  9. මං බාල කාලේ
    උන්නු කෙල්ලක් ගෙවල් දෑලේ
    රෝස මල් මාලේ
    බැන්ද වාගේ මූණේ ආලේ

    කැම්පස් දුවන්නට
    පුළුවන් ලකුණු අතරට
    හැකිවුනි පනින්නට
    ඇයත් දැන් විවි යනව ඕසෙට

    අවුරුදුම හතරක්
    හිච් වී ටවුමෙ කොල්ලෙක්
    ගම ගැන වග වගක්
    ඔහේ නෑ දැන් කොළඹ කකුලක්

    පොශ් ජොබ් කරන්නේ
    එලිවේටරෙන් යන්නේ
    පීස හට් කන්නේ
    මයිල් බානට සැලොන් යන්නේ

    ලඟදි මං දවසක්
    දැකලා ලඟදි කඩයක්
    පෑවා හිනා වදනක්
    මට මතක් උනෙ කාලි බලියක්... :D

    ReplyDelete
    Replies
    1. පොශ් ජොබක් කෙරුමත්
      එලවේටරේ යාමත්
      පීසා හට් යාමත්
      දකින් නෑ ඒකෙනම් වරදක්

      තමනට දරන්නට
      ඇහැකි වියදමෙ ගානට
      හැඩවැඩ දැමීමට
      තහනමක් නෑ කිසිම කෙනෙකුට

      සීමා නොදන්නේ
      අනුකරණය කරන්නේ
      සල්ලි මදි වෙන්නේ
      එහෙම උන් ඇනගන්නේ

      කොණ්ඩය සකසතී
      සාත්තුවකුත් නොමැතී
      කෙස් මුලින් කැඩෙතී
      වයස විස්සෙන් කෙසුත් ඉදෙතී

      දිගටම ෆැශන් කෙරුවොත්
      හරිහැටි නොකා හිටියත්
      සුදු අසු අරා ගත්
      කුමරු පැමිනෙන සිහින මැවි එත්

      හැඩ වැඩ දැමීමේ
      නැත කිසිවිටක අරුමේ
      අගේ වැඩි වෙන්නේ
      පමණ දැනගෙන කෙරුමේ

      Delete
    2. හයි ටෙකි හයි වේ ට
      ලැම්බෝගිනිද රට වට
      රට දුවන තාලෙට
      කියන්නෑ මම යන්න වනයට

      එකඟයි කතාවට
      ඕන කෙලියක් පමණට
      ඉහත කී කෙල්ලට
      හිත බිඳුනෙ මගෙ කරුණු දෙකකට

      කොළඹට පැමිනියදු
      සොබාවික රුව නෑ ලැජ්ජ විය යුතු
      මුල අගද දත යුතු
      ගමේ කම හා නම රැකිය යුතු...

      Delete
  10. //රෑට නොකා ඉන්න එකෙන්
    පිරිමහගන්නට පුලුවනි
    ඇහිබැම දෙක හදා ගන්න
    පෙඩිකියු එකකුත් කරන්න// හපොයි හපොයි :-(((

    ReplyDelete
  11. සුදු හඳුනෙං කිලෝ එකයි
    වෙනිවැල් ගැට කිලෝ එකයි
    කස්තුරි කහ පන්සීයයි
    බිත්තර හයසිය පණහයි

    මේ ටික එකවර ගන්නට
    අරගෙන ස්ටොක් කරන්ට
    මතක් කරනවද කැඩපත
    බෝනස් එක ලැබුණු දාට

    ReplyDelete
    Replies
    1. සුදුහඳුන් ඉලුවේ
      කස්තුරි කහ ගැල්වුවේ
      වෙනිවැල් තැවරුවේ
      අත්තම්මලා නෙව ඉලවුවේ

      චන්දනාලේපය
      කස්තුරි ෆේස් ක්‍රීමය
      වෙනිවැල් සෝප් බුබුලු ය
      බියුටි නම් හර්බල් ප්‍රඩක්ට්ස්මය

      :D

      Delete
  12. පට්ටයි බස්සියෝ...

    ReplyDelete
  13. පාලු කරට නුඹේ අත නොගැටෙන්නයි
    වීදුරු කැඩපත බිම දැම්මේ ....

    ReplyDelete
  14. පලවෙනි කමෙන්ට් එකේ තියන එකම තමා මමත් දාන්න කියල ආවේ.. අද කාලේ කෙල්ලෝ නාවල ගත්තම කිලෝ 5ක් බර අඩු වෙනවා කියනවනේ.. :D
    ඔන්න මම නම් නෙවේ අත්දැකීම් තියන කට්ටිය කියන්නේ.. මම ටෙස්ට් කරලා බැලුවේ නෑ.. හැබැයි මගේ මූනෙත් කුරුලෑ තිබ්බ හරියට අර ඇමරිකාවෙන් බෝම්බ ගහපු හිරෝෂිමා වගේ මගේ මූණත්.. මම නම් ක්‍රීම් ඉලුවේ නෑ..

    ReplyDelete
    Replies
    1. අයියෝ මලයා... ඔයත් කැඩපතෙන් අහලා පිම්පල්ස් අවුට් ක්‍රීම් එකක් ඉලුව නම් හරි නිවාඩු කාලෙ.
      උණුවතුර හුමාලය අල්ලලා, ඊට පස්සෙ මද රස්නෙ වතුරෙන් මූණ හෝදලා තෙතමාත්තු කරලා, මුං ඇට උරච්චි කරලා ගාන්න. :)

      Delete
  15. ඔය ඔක්කොම හරියනවා ... සූර්යග්‍රහණයක් අල්ලලා බීපම් වදකහ ....

    බිව්වා නේද වදකහ සුදිය
    බස්සි බිව්වා නේද වදකහ සුදිය

    ReplyDelete
    Replies
    1. වදකහ සුදිය බොන කාලෙ අපි ඉපදිලත් නෑ (ලු.)
      ඉවානයට නම් ඔහොම උනේ වදකහ බීලා කියල ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වෙනවා.

      Delete
    2. ලස්සණ කමෙන්ට් එක බස්සියෝ...:P

      Delete
    3. පොඩ්ඩි අක්කත් ඔච්චර හැඩ උනේ වදකහ බීල ලු නේද?

      Delete
    4. අත්තම්මා බීවද දන්නේ නෑ. අහලා බලන්ට ඕනි. බොන හැමෝම ගැන පුරාණ ග්‍රන්ථවල තියෙනවලුද? :P

      Delete
    5. අපෝ නෑ ඔය ඉවාන් වගේ පුරාණ මානවයො ගැන විතරලු ඒ ඉතිහාස ග්‍රන්ථවල තියෙන්නෙ. පොඩ්ඩි අක්කගෙ ආතම්මා ගැන නැතුව ඇති, සමහරවිට ආත්තම්මගෙ ආත්තම්මා ගැන සඳහන් වෙනව ඇති.

      Delete
  16. ඒ උනාට බස්සි අක්ක මහතයි නෙහ්

    ReplyDelete
    Replies
    1. ඕ යේස් බස්සි අක්කා මිටියි. මහතයි, කට්ට කලුයි. කාලගෝලගෙ අක්කා වගේ. :P

      Delete
  17. කැතැයි කියපු දවසට,
    කැඩපත කුඩු කරලා - අළුත් එකක් ගන්න වෙයි..

    හැක් හැක්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කැඩපත කවද්ද ඇත්තක් කිවුවෙ. මූණ පෙන්නන්නෙත් වම දකුණ මාරු කරල නෙව.

      Delete
  18. බස්සි අක්කෙ රන් කැඩපතට එක දෙයක් කියන අමතක වුනානේ අර ඔටුන්න හිමි කුමාරයා එද්දී ඉලක්කම් පහක හයක චෙක් එකකුත් ගේන්න කියල පණිවිඩයක් යවන්න කියන්න නැත්නම් කොහොමද මේ ඔක්කොම හැඩ වැඩ කරන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හංසියෝ සුදු අස්සයෙක් පිටේ එන කුමාරයෙක් වෙනුවෙන්ම මග බලන් ඉන්නෙ.

      Delete
  19. මාකටින් මාකටින් ටින් ටින් තමයි ඉතින්. ගොඩක් අය අහු වෙනව. අපරාදෙ සල්ලි. සාමාන්‍යයෙන් පෙනුම හොඳින් තියා ගන්න නින්දයි, වතුරයි දෙක ගොඩක් බලපානව නේද.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. නින්ද අඩු වුනාම එක්කො කෝටුවක් වගේ වෙනව, නැත්නම් තරබාරු වෙනව. වතුර ගොඩක් වැදගත් හිසකෙස්වල සහ හමේ නිරෝගීකමට.

      Delete
  20. හැඩ වෙන්න කියලා
    ණය වෙන්න එපා නංගිලා
    තියෙන ලස්සන බලලා
    හිනා විලා හිටින් උඹලා.

    ReplyDelete
    Replies
    1. ණය නොවී කොහොමා
      මේ රටේ ඉහ ගැහුමා

      :D

      Delete
  21. හැඩ
    කා
    වෙනුවෙන්ද?

    ඒ කා ට
    ඕනේ
    මොනවද
    ඇත්තට?

    ReplyDelete
    Replies
    1. ඒ කා ට
      ඇත්තටම
      ඕනෙ
      "හැඩ" විතරද?

      Delete
    2. නෑ
      පිට ඔපයට
      යටින් ඉන්න
      මනුස්සයව

      Delete
  22. සහතික ඇත්ත!
    අපේ සමහරුන්ට වෙන්නේ ඕකේ සීමාව නොදැන ඉන්නා එකයි..එතකොට ජීවිතේම කොස්මෙටික්ස් තමයි! :D

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත තනියෝ... අනේ මන්දා කන්න බොන්න, පොතක්පතක් ගන්න, ගෙදරට යවන්න සතපහක් වෙන් නොකලට ජීවිතේ රන් වෙන්නෙ කොස්මෙටික්ස් උඩ.

      Delete
  23. මෙවුවට මුකුත් කියලා බෑ.. අපි ඉතින් කෙල්ලන්ට ෆාමසියේ ක්‍රීම් විකුණන හන්දා.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ පාමසිකාර මාර්කටින් ටින් ටින් ලා. :P :P

      Delete
  24. අපේ දුවගේ යාළුවෙක් කොළඹ ඔය බියුටි කචල් එකක් කරබවා. ඒ දුව නිවාඩුවකට මෙහේ ආවා. මම ඇහුවා කොහොමද බිස්නස් කියලා. අන්කල් කෙල්ලෝ ඉන්නකම් බියුටි සැලොන් වැහෙන්නේ නැහැලු. ඒ ළමයින් නම් පිලිවෙලට කරනවා. ඔය ඉලව් ගාලා ගාලා කොයි වෙලාවක හරි ඔළුවත් ගැලවිලා අතේ තියෙයි.

    ReplyDelete
    Replies
    1. පිලිවෙලට ඕක කරන තැන් හරිම අඩුයි නෙව. වැඩිහරියක් ඉන්නෙ කලබලේට මොනාහරි කපරාරුවක් කරන අයනේ. අනිත්කාරනේ ඔය ප්‍රකෘති රූපෙට කරන වෙනස්කම් කරගන්න කලින් බලන්න ඕන ඒවා මේන්ටේන් කරන්නත් තමන්ට කාලය හා මුදල් තියනවදකියලා.

      Delete
  25. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට කියලා සිරසේ කියන එක මෙන්න මෙතනට තමා ගැලපෙන්නේ.

    යථාර්ථයේ කැඩපත දිහා බලාගෙන නේද ඔය කතාකරන්නේ.

    ReplyDelete
    Replies
    1. යථාර්තයේ කැඩපතත් අද කතාකරන්න බයයිලු විචා තුමා. :)

      Delete
  26. නියමයි බස්සි.....මේ කවිය කියෙව්වා ටැබා ගෙන් ඒත් කොමෙන්ට් දන්නා හම්බ වුනේ අද.....නියමයි කියන්නේ නියමෙනුත් නියමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැපියෝ. මමත් මේ අමාරුවෙන් ෆෝන් එකෙන් කොටන්නෙ. හැපියාව කියෙව්වත් කමෙන්ට් නොකලෙත් ඒකයි.

      Delete
  27. අද කාලේ මිනිස්සු කොන්ඩේ ශාම්පුගාල රිබෝන් කරලා අලුත් උනත් අග පුරා පවුඩර් බබ්බු වගේ හිටියත් මුණ බලන්නේ පරණ කන්නාඩියෙන්මයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් ඇත්තක් තියෙනව නේන්නම් හොරෝ. ^_^

      Delete
  28. හෑ :o කවුද යකු සුමාලි :o මගේ නම යුස් කොරලා >_<

    ඒ අස්සේ මොණර පියාපතක් ගැනත් කියෝනෝ නේ අම්ම්මපා..

    පද ටික නම් ලස්සනයි බස්සියේ :D

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි නංගා. මම ඉතින් මගේ ජීවිතේට වැදගත් පුද්ගලයො ගැන නම් ඉඳහිට කවිකතා ලියනව. එහෙම ඒව පලකරන්න කලින් එයාලට යවල ok එක ගන්නව. ඉතින් ඔයා ගැන ලියන්න උනොත් එදාට මං අනිවා ඔයාට කියයි.

      මොණර පිහාටුවලින් කරපු හෙයා බෑන්ඩ් සහ ඉයර් රින්ග්ස් ට්‍රෙන්ඩ් එකක් තිබුන නංගි ඒක ගැනයි ලිව්වෙ.

      මං දැනගෙන උන්නෙ ඔයාව Aruni kalupahana කියන නමින්.

      ඇගයීමට ගොඩක් ස්තූතියි නංගා!!

      Delete
  29. අපේ ආතත් රන් කැඩපත ගෙනද් දුන්නා ආච්චිට

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ රන් කැඩපත පරම්පරාගත උරුමයක්ද අටම් අයියේ.

      Delete
  30. කැරොල් කරත්තයක් සයිඩ් කන්නාඩියකට කියන කවියක්

    ReplyDelete
  31. ගොඩාක් රස වින්දා...නගාට අමුතුම සිතුවිලි තමයි පහල වෙන්නෙ නේද...බොලාව දැකලා නැති නිසා මට හිතාගන්න බෑ කැඩපත මොනවා කිව්වද කියලා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා අයියේ...!! මට ඉතින් කැඩපත මොනවා කියන්නද අනේ අනිච්චේ දුක්කේ කියල බලං ඉන්නව ඇරෙන්න. :P

      Delete