ජීවිතය
හිම කිරමකි
නොඑක් පැහැ ගැවසී ඇති
කැරමල්ද කජු පියලිද
ඝනවු චොකලට් කැබැලිද
වියළි මුද්‍රික ඵලද
තැන තැන විසුරවා ඇති
සරත් සමයෙහි නිති
සිහිල් සුව ගෙනදෙනු ඇති
දිවගා උරනු රිසි වෙති
එළඹුන පසුව සිසිරය
දෙතොල හිරිවට්ටනු ඇති
සියොළඟම වෙව්ලුම් දෙති
ජීවිතය
හිම කිරමකි
දින දින දියව වැගිරෙති
අත තබා කල්මරන්නෝ වෙති
රස තැන් උන්ට නොදැනිම
ගැලැවී බිම පතිත වෙති
රසින් පැහැයෙන් වියැකුන
සුවඳක් රැඳුන නොරැඳුන
සිහින් කෙටි ලී පතුරක්
අතැඟිලි අග ඉතිරි වෙති
~~~~@~~~~
අයිස් ක්‍රීම් කෝන් එකක් කාලා සිහිනි කෙට ලී පතුරක් ඉතුරු කර ගන්නේ කොහොමද?
ReplyDeleteනියම කකා-ස්ටයිල් කමෙන්ටුවක්. ස්තූතියි! :D
Deleteසමහර අය නං තමන්නෙ එකත් කාල අනුන්නෙ ඒවත් කන්න තනනව...
ReplyDeleteහිහි...........................................................................................
හිහිහි. ඒකත් ඇත්ත තමයි නේ
Deleteඑළයැ.. අයිස් කිරිම් මැවි මැවී පෙනුනි වටෙන්ම... ඉතිරි වූ කිසිත් නැති හිම කිරම ගැනත් සිතුවෙමි..
ReplyDeleteස්තූතියි දේශා :D
Deleteසෝයි කවිය.. !! :)
ReplyDeleteතැන්කූ තැන්කූ ^_^
Deleteහිමකිරම දිවනොගා ගිලිනවුන්ද ඇති.
ReplyDeleteචුට්ට චුට්ට කෑවාම තමා රහ.. :D
Deleteඑක කටට කාලා ලෙඩ හදා ගන්න අයත් සිටිත්
DeleteLife is an ice cream
ReplyDeleteEnjoy it before it melts
කවුද එකෙක් එහෙම කිව්වා.
ඒ අතරේ තව එකෙක්
Life is a bitch
කියලා කියාපි.
Life is a bitch විතරද? වෙන මුකුත් කියල නැද්ද? :D
DeleteKarma is a bitch කියලත් කවුදෝ කිව්වා. :D
Deleteතව පොඩ්ඩෙන් මල මගුලයි......!!!! මං අයිස් ක්‍රීම් කන්නේ නැති නිසා හොදට ගියා....!!! :ඩ්
ReplyDeleteහිහිහි... නිමෝගෙ වාසනාව එහෙනම්!
Deleteදියව වැගිරේනං
ReplyDeleteකන්නත් හිතක් නැත්නං
බලා ඉන්නේ නිකං
ඕක ෆ්‍රීසර් එකට දාපං
හහා.... මරු කවි පොඩිත්ත
Deleteමම නම් අහල තියන්නේ මෙහෙම-
ReplyDeleteජීවිතේ කවියක්...
ආදරේ එහි- සොඳුරුතම වදනක්...
කඳුලැලි බිඳක්... - හසරැලි පොදක්..
එකට එක් වූ විට දැනේ..
පෙර නොවිදි රසයක්..
- ගජමන් නෝනා.-
+++++++++++++
Deleteමමත් ආසම ගීයක් අඟහරු මල්ලි
Deleteහිමකිරිම
ReplyDeleteකාගිල්ස්ද?
අයිස්කීම් මාමගෙ
බයිසිකලෙංද?
අන්තිමේ මේ දෙකම
එකම නේද?
අයිස්ක්‍රීම් බයිසිකලෙන් ගන්න
Deleteවතුරට කලරින් දාපු පොප්සිකල් එක
කැෂූනට්, කැරමල්, චොකලට් මුසු
කාගිල්ස් අයිස්ක්‍රීමට වඩා
රහට දැනෙන්නත් පුලුවනි නේද?
අපූරූ උපමා උපමේය... බස්සි ඉස්පෙසොල්...
ReplyDeleteමට පරණ කතාවක් මතක් උනා.. පෝස්ට් එකක් දාන්නම්..
අයිස්ක්‍රීම් කතාවක්ද! ලියන්න ලියන්න. ^_^
Deleteඋඩ ෆොටෝව දිහා බලාගෙන කවිය කියවල පල්ලෙහාට අවම, කකා කියන්නැහෙ මමත් කම්පනා කලේ ලී පතුර ආවෙ කොහෙන්ද කියල. :)
ReplyDeleteඅපූරු සංකල්පනාවක් !
බොහොම ස්තූතියි DDT!!
Deleteදියවැඩියාව තියෙන අපි වගේ උන්ට කන්න ශුගර් ෆ්‍රී එකකුත් තියෙන්න වෙනවා.. නැත්නම් මැරෙනකන් අතේ විතරයි.. කටට දා ගන්න හම්බෙන්නෑ..
ReplyDelete/නැත්නම් මැරෙනකන් අතේ විතරයි/
Deleteමොනවද මේ කියන කථා අප්පා..
සුගර් ෆ්‍රී අයිස්ක්‍රීම් වුනත් මිහිරි රසයි නේද?
Deleteවිදානෙයා විදානපතිරණ වුනාට පරණ කතාලතාවනම් වෙනස් වී නැති හැඩයි.
Deleteකන්න ඉස්සෙල්ලාම් අන්තිමට ඉතිරි වෙන ලී පතුරේ කැටයම් දාන එක ටාගට් එක වුනා නම් අයිස්ක්‍රීම් එකේ කැරමල් රහ බෝනස් එකක් වෙන්න තිබ්බා . කොහෙද ඉතින් ..
ReplyDeleteලී පතුරේ කැටයම් කපන්න අති විශේෂ හැකියාවක් ඕන :)
Deleteලස්සන කවියක් ලස්සන අදහසක් ....මේක මුලින්ම කියවද්දී කැන්ටිමේ කාපු සෝය අයිස්ක්‍රීම් මතක් උනා ..කාලෙකින් කන්න හම්බුනේ නෑ :(
ReplyDeleteමමත් සෝයා ලෝලියෙක්. අවුරුද්දකින් සෝයා කන්න බැරිවුනා. :/
Deleteපාසල් ජීවිතේ, කැම්පස් ජීවිතේ ඉවරවෙනවත් එක්ක මගහැරුන එක දෙයක්.... :(
හැබෑනේ බොලේ... මමත් හිතන් ඉන්නේ ජිවිතේ කියන්නේ අයිස්ක්‍රීම් එකක්මයි කියල. ඒ තරම් අයිස්ක්‍රීම් කෑමක් කන්නේ... හැක් !
ReplyDeleteඋපයා නම් පැරලල් වර්ල්ඩ් එකක ඉන්න මගෙ කොපියක්ම තමයි. මාත් අයිස්ක්‍රීම් කනවා කෑමක් ආයෙ නෑ.... මං ආසම ඔය මැච් වෙන්නෑ කියන රස වර්ග හතරක් පහක් එකට දාලා කන්න.
Deleteකොමහරි ලී කැල්ලක් ඉතුරු වෙනවා නේ අපි නම් ඉස්සර ඔක අරන් ගිහින් අර දිවුල් ගෙඩි රබර් ඇට කැකුණ ඇට එහෙම මැදින් හිල් කරලා හදා ගන්න පොඩි නූල් කැල්ලක් දලා කරවකවන එවා තියෙන්නෙ එව හදනවා ,.....ඉවරයි කියලා හිතුවට ඉවර නෑ ...හැක්
ReplyDeleteමෙල යටින් ගහලා තියන්න පුළුවන් නම්
ඒකත් ඇත්ත. ලී පතුරකට වුව ගෙනෙන්නට හැක මිහිරක්.
Deleteඅන්තිමට කියන එක තේරෙන්නෙ නෑ. email address එකද?
ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
ReplyDeleteඅනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
දිවිය කැපකළ උතුම් මිනිසුනි
මිනිස්කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
ඉසුරු සුව රස පහස හැරදා
කටුක දුක රුපු ගැහැට වළඳා
සියල් සත වෙත වතල කුළුණින්
ලොව පහන් පියසක් කරන්නට
ජීවිතය පුද දුන් ඒ උතුම් මිනිසුන්
පෙළෙන සිත් තුල නැගෙන සුසුමන්
දැවෙන නෙත් අග කෙවෙන කඳුලැල්
දැනී කම්පිත සිතින් නැගෙමින්
මිනිස් මහිමය හෙළි කරන්නට
ඥාණනය ලැබ දුන් ඒ උතුම් මිනිසුන්
ගී පද - කුලරත්න ආරියවංශ
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
අපූරු සින්දුවක් සින්දු ඇනෝ... ගොඩක් ස්තූතියි!
Deleteඅනේ බස්සි අක්කා ඔයා අර එෆ් බී දාල තිවුන ෆොටෝ එක දාන්න එපැයි මේකට. ඒක තමයි මේකට මැච් වෙන්නෙ. අපරාදෙනෙ.
ReplyDeleteකෝම උනත් අදහස පට්ට ලස්සනයි. අපි කාගෙත් කතාව.
තැන්කූ නංගා....
Delete(කම්මැලිකමට දැන් එෆ්.බී. කවි බ්ලොගේ අලවන්නෙ. හොරේ අහුවෙලා මෙයාට.:/)
ඒ ෆොටෝ එක හොයාගන්න බැරිවුනානෙ.
දියවෙලා වැටුන දවසට ඔක්කොම ඉවරයි :D
ReplyDeleteඒකනේ හොරෝ...
Delete//ජීවිතය
ReplyDeleteහිම කිරමකි
දින දින දියව වැගිරෙති
අත තබා කල්මරන්නෝ වෙති// මේ කොටසට වඩා ආස යි. අලුත් ම උපමාවක්. හැම දා ම වගේ නියම යි!
බොහොම ස්තූතියි කුරුට්ටියේ වැඩ ගොඩක් මැද ඉඳගෙනත් හැමදාම බස්සිව කියවනවාට!
Deleteජීවිතේ ඉතින් ඔහොම තමයි බං..
ReplyDeleteජීවිතේ ජීවිතේ
Deleteපාව යයි ජීවිතේ....
:)
එතකොට කෝ තිත්ත පැත්ත??
ReplyDelete// එළඹුන පසුව සිසිරය
Deleteදෙතොල හිරිවට්ටනු ඇති
සියොළඟම වෙව්ලුම් දෙති//
මේ තියෙන්නෙ.