Thursday, November 13, 2014

ජීවිතය හිම කිරමකි









ජීවිතය
හිම කිරමකි

නොඑක් පැහැ ගැවසී ඇති
කැරමල්ද කජු පියලිද
ඝනවු චොකලට් කැබැලිද
වියළි මුද්‍රික ඵලද
තැන තැන විසුරවා ඇති


සරත් සමයෙහි නිති
සිහිල් සුව ගෙනදෙනු ඇති
දිවගා උරනු රිසි වෙති

එළඹුන පසුව සිසිරය
දෙතොල හිරිවට්ටනු ඇති
සියොළඟම වෙව්ලුම් දෙති


ජීවිතය
හිම කිරමකි

දින දින දියව වැගිරෙති
අත තබා කල්මරන්නෝ වෙති
රස තැන් උන්ට නොදැනිම
ගැලැවී බිම පතිත වෙති

රසින් පැහැයෙන් වියැකුන
සුවඳක් රැඳුන නොරැඳුන
සිහින් කෙටි ලී පතුරක්
අතැඟිලි අග ඉතිරි වෙති



~~~~@~~~~







51 comments:

  1. අයිස් ක්‍රීම් කෝන් එකක් කාලා සිහිනි කෙට ලී පතුරක් ඉතුරු කර ගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. නියම කකා-ස්ටයිල් කමෙන්ටුවක්. ස්තූතියි! :D

      Delete
  2. සමහර අය නං තමන්නෙ එකත් කාල අනුන්නෙ ඒවත් කන්න තනනව...
    හිහි...........................................................................................

    ReplyDelete
    Replies
    1. හිහිහි. ඒකත් ඇත්ත තමයි නේ

      Delete
  3. එළයැ.. අයිස් කිරිම් මැවි මැවී පෙනුනි වටෙන්ම... ඉතිරි වූ කිසිත් නැති හිම කිරම ගැනත් සිතුවෙමි..

    ReplyDelete
  4. හිමකිරම දිවනොගා ගිලිනවුන්ද ඇති.

    ReplyDelete
    Replies
    1. චුට්ට චුට්ට කෑවාම තමා රහ.. :D

      Delete
    2. එක කටට කාලා ලෙඩ හදා ගන්න අයත් සිටිත්

      Delete
  5. Life is an ice cream
    Enjoy it before it melts
    කවුද එකෙක් එහෙම කිව්වා.
    ඒ අතරේ තව එකෙක්
    Life is a bitch
    කියලා කියාපි.

    ReplyDelete
    Replies
    1. Life is a bitch විතරද? වෙන මුකුත් කියල නැද්ද? :D

      Delete
    2. Karma is a bitch කියලත් කවුදෝ කිව්වා. :D

      Delete
  6. තව පොඩ්ඩෙන් මල මගුලයි......!!!! මං අයිස් ක්‍රීම් කන්නේ නැති නිසා හොදට ගියා....!!! :ඩ්

    ReplyDelete
    Replies
    1. හිහිහි... නිමෝගෙ වාසනාව එහෙනම්!

      Delete
  7. දියව වැගිරේනං
    කන්නත් හිතක් නැත්නං
    බලා ඉන්නේ නිකං
    ඕක ෆ්‍රීසර් එකට දාපං

    ReplyDelete
    Replies
    1. හහා.... මරු කවි පොඩිත්ත

      Delete
  8. මම නම් අහල තියන්නේ මෙහෙම-
    ජීවිතේ කවියක්...
    ආදරේ එහි- සොඳුරුතම වදනක්...
    කඳුලැලි බිඳක්... - හසරැලි පොදක්..
    එකට එක් වූ විට දැනේ..
    පෙර නොවිදි රසයක්..

    - ගජමන් නෝනා.-

    ReplyDelete
    Replies
    1. මමත් ආසම ගීයක් අඟහරු මල්ලි

      Delete
  9. හිමකිරිම
    කාගිල්ස්ද?
    අයිස්කීම් මාමගෙ
    බයිසිකලෙංද?

    අන්තිමේ මේ දෙකම
    එකම නේද?

    ReplyDelete
    Replies
    1. අයිස්ක්‍රීම් බයිසිකලෙන් ගන්න
      වතුරට කලරින් දාපු පොප්සිකල් එක
      කැෂූනට්, කැරමල්, චොකලට් මුසු
      කාගිල්ස් අයිස්ක්‍රීමට වඩා
      රහට දැනෙන්නත් පුලුවනි නේද?

      Delete
  10. අපූරූ උපමා උපමේය... බස්සි ඉස්පෙසොල්...

    මට පරණ කතාවක් මතක් උනා.. පෝස්ට් එකක් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. අයිස්ක්‍රීම් කතාවක්ද! ලියන්න ලියන්න. ^_^

      Delete
  11. උඩ ෆොටෝව දිහා බලාගෙන කවිය කියවල පල්ලෙහාට අවම, කකා කියන්නැහෙ මමත් කම්පනා කලේ ලී පතුර ආවෙ කොහෙන්ද කියල. :)

    අපූරු සංකල්පනාවක් !

    ReplyDelete
  12. දියවැඩියාව තියෙන අපි වගේ උන්ට කන්න ශුගර් ෆ්‍රී එකකුත් තියෙන්න වෙනවා.. නැත්නම් මැරෙනකන් අතේ විතරයි.. කටට දා ගන්න හම්බෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. /නැත්නම් මැරෙනකන් අතේ විතරයි/
      මොනවද මේ කියන කථා අප්පා..

      Delete
    2. සුගර් ෆ්‍රී අයිස්ක්‍රීම් වුනත් මිහිරි රසයි නේද?

      Delete
    3. විදානෙයා විදානපතිරණ වුනාට පරණ කතාලතාවනම් වෙනස් වී නැති හැඩයි.

      Delete
  13. කන්න ඉස්සෙල්ලාම් අන්තිමට ඉතිරි වෙන ලී පතුරේ කැටයම් දාන එක ටාගට් එක වුනා නම් අයිස්ක්‍රීම් එකේ කැරමල් රහ බෝනස් එකක් වෙන්න තිබ්බා . කොහෙද ඉතින් ..

    ReplyDelete
    Replies
    1. ලී පතුරේ කැටයම් කපන්න අති විශේෂ හැකියාවක් ඕන :)

      Delete
  14. ලස්සන කවියක් ලස්සන අදහසක් ....මේක මුලින්ම කියවද්දී කැන්ටිමේ කාපු සෝය අයිස්ක්‍රීම් මතක් උනා ..කාලෙකින් කන්න හම්බුනේ නෑ :(

    ReplyDelete
    Replies
    1. මමත් සෝයා ලෝලියෙක්. අවුරුද්දකින් සෝයා කන්න බැරිවුනා. :/
      පාසල් ජීවිතේ, කැම්පස් ජීවිතේ ඉවරවෙනවත් එක්ක මගහැරුන එක දෙයක්.... :(

      Delete
  15. හැබෑනේ බොලේ... මමත් හිතන් ඉන්නේ ජිවිතේ කියන්නේ අයිස්ක්‍රීම් එකක්මයි කියල. ඒ තරම් අයිස්ක්‍රීම් කෑමක් කන්නේ... හැක් !

    ReplyDelete
    Replies
    1. උපයා නම් පැරලල් වර්ල්ඩ් එකක ඉන්න මගෙ කොපියක්ම තමයි. මාත් අයිස්ක්‍රීම් කනවා කෑමක් ආයෙ නෑ.... මං ආසම ඔය මැච් වෙන්නෑ කියන රස වර්ග හතරක් පහක් එකට දාලා කන්න.

      Delete
  16. කොමහරි ලී කැල්ලක් ඉතුරු වෙනවා නේ අපි නම් ඉස්සර ඔක අරන් ගිහින් අර දිවුල් ගෙඩි රබර් ඇට කැකුණ ඇට එහෙම මැදින් හිල් කරලා හදා ගන්න පොඩි නූල් කැල්ලක් දලා කරවකවන එවා තියෙන්නෙ එව හදනවා ,.....ඉවරයි කියලා හිතුවට ඉවර නෑ ...හැක්

    මෙල යටින් ගහලා තියන්න පුළුවන් නම්

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. ලී පතුරකට වුව ගෙනෙන්නට හැක මිහිරක්.

      අන්තිමට කියන එක තේරෙන්නෙ නෑ. email address එකද?

      Delete
  17. ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
    අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
    දිවිය කැපකළ උතුම් මිනිසුනි
    මිනිස්කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි

    ඉසුරු සුව රස පහස හැරදා
    කටුක දුක රුපු ගැහැට වළඳා
    සියල් සත වෙත වතල කුළුණින්
    ලොව පහන් පියසක් කරන්නට
    ජීවිතය පුද දුන් ඒ උතුම් මිනිසුන්

    පෙළෙන සිත් තුල නැගෙන සුසුමන්
    දැවෙන නෙත් අග කෙවෙන කඳුලැල්
    දැනී කම්පිත සිතින් නැගෙමින්
    මිනිස් මහිමය හෙළි කරන්නට
    ඥාණනය ලැබ දුන් ඒ උතුම් මිනිසුන්

    ගී පද - කුලරත්න ආරියවංශ
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. අපූරු සින්දුවක් සින්දු ඇනෝ... ගොඩක් ස්තූතියි!

      Delete
  18. අනේ බස්සි අක්කා ඔයා අර එෆ් බී දාල තිවුන ෆොටෝ එක දාන්න එපැයි මේකට. ඒක තමයි මේකට මැච් වෙන්නෙ. අපරාදෙනෙ.

    කෝම උනත් අදහස පට්ට ලස්සනයි. අපි කාගෙත් කතාව.

    ReplyDelete
    Replies
    1. තැන්කූ නංගා....
      (කම්මැලිකමට දැන් එෆ්.බී. කවි බ්ලොගේ අලවන්නෙ. හොරේ අහුවෙලා මෙයාට.:/)
      ඒ ෆොටෝ එක හොයාගන්න බැරිවුනානෙ.

      Delete
  19. දියවෙලා වැටුන දවසට ඔක්කොම ඉවරයි :D

    ReplyDelete
  20. //ජීවිතය
    හිම කිරමකි

    දින දින දියව වැගිරෙති
    අත තබා කල්මරන්නෝ වෙති// මේ කොටසට වඩා ආස යි. අලුත් ම උපමාවක්. හැම දා ම වගේ නියම යි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුට්ටියේ වැඩ ගොඩක් මැද ඉඳගෙනත් හැමදාම බස්සිව කියවනවාට!

      Delete
  21. ජීවිතේ ඉතින් ඔහොම තමයි බං..

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ජීවිතේ
      පාව යයි ජීවිතේ....
      :)

      Delete
  22. එතකොට කෝ තිත්ත පැත්ත??

    ReplyDelete
    Replies
    1. // එළඹුන පසුව සිසිරය
      දෙතොල හිරිවට්ටනු ඇති
      සියොළඟම වෙව්ලුම් දෙති//

      මේ තියෙන්නෙ.

      Delete