වැස්ස එක සීරුවට උස් වීදුරු කවුළුවට පහර පිට පහර දෙයි. මංගල ආරාධනා පත් සැකසීම ආරම්භයේදී හිත අරාගත් උද්‍යෝගය වැස්සට හේදී ගියා වැන්න. ගැඹුරු අළු පැහැ වැහි බීරුම මගේ හදවත කොටසින් කොටස ශීතනය කරනු මට දැනේ.
ලියමින් සිටි ඇරයුම් පත එහෙමම මේසය මත දිගහැර දැමූ මම වීදුරුවට මෙපිටින් වම් කම්මුල වැහි හීතලට තද කරගෙන බේරේ වැවේ ලා කොල පැහැති දිය සේලය මත වැස්ස අඳින බින්දු රටාව දෙස අනිමිසලෝචනයෙන් බලා හිඳිමි. දැවි දැවී හුන් ගතත් සිතත් ඇසිල්ලකින් නිවී යයි. ඒ සැනින් වැහි දියෙන් පණ ලද අකීකරු හිත තෙමී දියබත් වූ පුරාණ මතක පොදියක් කොණහමින් දඟ කරයි.
වැසි දියෙන් තෙතබරිත වූ කෙහෙරැලි අතින් පිස හරිමින් ඔහේ ඇවිද යන කෙසඟ සිරුරැති ගැටවරයෙක් කවුළුව මත විසිරුණ මීදුම් පටලයට එපිටින් පෙනී නොපෙනී යයි. ඔහු නූස්ය, සුදුමැලිය. කොහෙත්ම කඩවසම්යැයි කීමට නොහැකි වුවද ඉතා හුරුබුහුටිය.
“සනූ….” ඔහු ඉදිටියට නැමී මගේ දකුණු කන් පෙත්තට කොඳුරයි.
“හ්ම්ම්ම්…?”
“මම එන්නද ඔතනට?”
“ම්හු.” මම හිස සලමි. මගේ විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකරන ඔහු ඉදිරි අසුනට පැන මා කවුළුව අසලට තවද තල්ලු කර හරී. මම බස් රියේ කවුළුවට කොපුල තදකරගෙන ඉවත බලමි. වීදුරුව දිගේ පහළ ඇදෙන වැහි බිඳු සුලං පහරට ඒමේ අත විසිරී අමුතුම රටාවක් මවයි.
“බලාගෙන හොස්ස බිම වදියි.” ඔහු යළිත් මුමුණයි. දකුණු කන්පෙත්තේ දැවටෙන ඔහුගේ හුස්ම රැලි උණුහුම්ය. මම තිගැස්මෙන් අවට බලමි. බසය සිසාරා බැලුවද සියල්ලම නාඳුනන මුහුණුය. මම සැනසුම් සුසුමක් හෙලමි.
“හෝම් වර්ක් කලාද?” ඔහුට මගෙන් පිළිතුරු වුවමනා නැත. මගේ ඇකයේ වූ පොත් කිහිපය අතට ගත් ඔහු කඩිනමින් පිටු පෙරළයි.
“ඔයා ඩිස්කෂන් එක ලිවුවෙ නැද්ද? සර් බනීවි.”
පසුපිටේ ලියා ඇති යමක් වෙත ඔහු දුරකතන කැමරාව මානයි. පෙරදිනක සර් පද්‍ය පන්තියක් ඇගැයීමේදී උදාහරණයට ගත් Christina Rossetti ගේ පදවැලකි ඒ.

*

“ලස්සනයි නේද?” මම අසමි.
“හ්ම්ම්…. ඔයාගෙ අකුරෙන් ලියපු නිසා.”
****************************
මම ගෙලට සිර කරගත් ලා දම් පැහැ කුඩය ලතාවකට කරකවමින් මග බලා හිඳිමි. ඔහු පුරුදු පරිදි හිතත් හිසත් වැහි වතුරෙන් පොඟවමින් මා අසලට දිව අවුත් අනුමාන ප්‍රශ්ණ පත්‍ර එකතුව ම'අත තබයි.
“අද ස්කූල් කට් කලාද?” මම විමසුම් දෙනෙතින් ඔහු විනිවිදින සැර බැල්මක් හෙලමි.
“ඔව්.”
“ඇයි?”
ඔහු නිහඬවම පාර කෙළවර වූ ගල් කැටයකට පා පහරක් එල්ල කරයි. පෙරැලී යන ගල් කැටය වතුර වලකට වැටෙන්නාහාම මගේ සුදු සපත්තු යුගලයේ අලුතින් මඩ පැල්ලම් රටාවක් ඉහෙයි. මම ඔහු දෙස ඔරවා බලමි. කළු පැහැ බාටා යුගලය තුලරැඳි ඔහුගේ දෙපා ඉතා පිවිතුරු ය. සීතලෙන් නියපොතු ලා නිල් පැහැ ගැන්විලා ය.
“එක්සෑම් ෆේල් වෙයි. එතකොට?”
“එතකොටත් මෙහෙමම තමයි සනූ…. කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ.”
ඔහු කී දේ හරියටම හරිය. වෙනස් වී ඇතැයි සිතා හුන් බොහෝ දේ දශමයකින්වත් වෙනස් වී නැති බැව් මෙතැන, මේ මොහොතේ ඇස් වලින් වැහි මීදුම උරා ගන්නා කල්හි මට පසක් වෙයි. කිසිම දෙයක් වෙනස් වී නැත. කොපමණ උත්සාහගත්තත් වෙනස් කිරීමටද නොහැක.
“රෝස මල් නැහැ. චොකලටුත් නැහැ. ඒ කියන්නෙ වැලන්ටයිනුත් නැහැ. මේ එකක්වත් නෑ කියන්නෙ ඉතින් ආදරෙත් නැහැ.”
මම නොපුරුදු කලකිරීමකින් හිස දෙපසට පද්දමින් නෝක්කාඩු කියමි. ඔහු මහා වරදක් කර හසුවුන පොඩි එකෙකු සේහිස බිමට බර කරගෙන සිතිවිල්ලේ හිඳී.
“අදවත් ඩෙනිම හෝදලත් නැහැ.” ඔහු තවම බිම බලාගත්වනමය. මම තරහින් ගවොම් සාය ගසා දමමින් නැගී සිටිමි.
“ඉගෙන ගන්නෙත් නැහැ. රස්සාවක් කරන්නෙත් නැහැ. තාත්තගෙ බිස්නස් වලට ජොයින් වෙන්නෙත් නැහැ.” කවදාවත් නැතුව මම උස් හඬින් කියවාගෙන යමි.
“මට ලැජ්ජයි. යුනි එකේ යාලුවො අහනකොට මම ඔයා මොකෙක් කියලද කියන්නෙ? කියන්න. මොනවද මම එයාලට කියන්නෙ?”
“සනූ…. මේ අහන්න. මම….” ඔහු අතේ ගුලි කරගෙන සිටි යමක් ම'වෙත පායි. ඒ පොතක හැඩයේ කුඩා යතුරු රඳවනයකි. එය විසි කර දමන්නට හිතුනත් මමත් නොදන්නා මොනවාදෝ හේතුවකට මම එය උදුරාගෙන ගවොම් සාක්කුවෙහි රුවා ගනිමි.
“මං යනව.”
“තව පොඩ්ඩක් ඉන්න සනූ. ලෙක්චර්ස් පටන් ගන්න තව පැය දෙකක්ම තියෙනව නේද?”
“හිතුවද මමත් ඔයා වගේ නිකමෙක් කියල? මට වැඩ තියෙනව.”
මගේ වදන් වලින් ඔහු හුන් තැනින් ඉවතට විසි වුනා වැන්න. ඔහු තවත් මොන මොනවාදෝ කීවත් මම වහ වහා දේශන ශාලාව වෙත යන කලුගල් පඩි එකක් හැර එකක් ගානේ පා තැබුවේ ඉක්මනින්ම ඔහු කෙරෙන් ඈත් වීමට ය.
තවමත් එක සීරුවට වැස්ස ය. අතීත මතකයන්හි උණුහුම මගේ ගෙල දෙපසින් ඉහළ නැගී කොපුල් රත් පැහැ ගන්වනු මට දැනේ.
ඒ උණුහුම කාන්දු වීමෙන් කුහුල් වූ වීදුරු කවුළුව එක්වරම මා ඉවතට තල්ලු කර හරියි. පිටත වැහි බීරුමේ සීතලත්,ඇතුලත එක්වනම පැන නැගි උණුහුමත් දරාගත නොහී වීදුරුව සට සට නදින් කම්පනය වන්නේ ජනෙල් පඩිය මත වූ පරණ ආභරණ පෙට්ටියක් බිම පතිත විය. මම තිගැස්මෙන් කවුලුව අසලින් මෑත් වී බිම විසිරුණු කොණ්ඩා කටු, අමුතු හැඩයේ බොත්තම්, මාල පෙති එකින් එක අහුලන්නට වීමි.
එක්වනම මගේ ඇස ගැටුනේ ලියන මේසය යටට පෙරැලී ගිය දුහුවිලි වැකුණු මාල පෙත්තකි.
නැත,
ඒ යතුරු රඳවනයකි.
වහා එය ඇහිඳගත් මම ගැහෙන ඇඟිලි තුඩු වලින් එය මේසය මතට අත හරිමි. බිම පතිත වීමෙන් එහි කෙලවරක් කැඩී ගොස්ය. මම සෙමෙන් ඒ පොත් හැඩැති යතුරු රඳවනය අත්ලට මත ඒ මේ අත පෙරළා බලමි.
එක්වනම එහි පියනක හැඩැති ඉදිරි කොටස ගැලැවී වැටුනි අතර එතුලින් එලියට පෙරැලී ආවේ නිල් පැහැ කරදාසි ගුලියකි. වෙවුලන දෑතින් කරදාසිය විවර කරද්දී එය දෙතුන් පලකින්ම ඉරී ගියේ මගේ නොයිවසිල්ල නිසාමය.
එහි වූයේ හදවත් හැඩැති රිදී තෝඩු දෙකකි.

මම යතුරු රඳවනය අත්ලට තදකරගෙන කවුළුව අසලට ඇවිද ගියේ සිහිනයෙන් මෙනි. ඇතුලත්, පිටතත් එකවාගේම වැස්සය. කැඩුනු යතුරු රඳවනය ආභරණ පෙට්ටිය තුල තැන්පත් කල මම වහ වහා තෝඩු යුගල කන් පෙත්තේ රුවා ගෙන කවුළුවෙන් පෙනෙන ඡායාවෙහි හැඩ බලමි.
මගේ වත බොඳවී ගොස් එතැන ඔහු මැවී පෙනෙයි. ඔව්, සුදුමැලි මුහුණ, දිගටි දෙතොල්, කිසිදා නොපීරූ හිසකෙස් ඒ වාගේමය.
නැහැ! වෙනස්ය.
මේ ඉන්නේ ඔහු නොවේ. ඒ පරණ නව යොවුන් කෙල්ලද නොවේ. සියල්ලම හොඳටෝම, ආපසු හරවන්නට හිතන්නවත් නොහැකි ලෙසම වෙනස් වී ඇත.
තෝඩු දෙක ගලවා ආභරණ පෙට්ටියේ පතුලටම විසි කර දැමූ මම දිලිසෙන තීන්ත පිරවූ පෑන අතට ගෙන අඩක් ලියා අහවර කල මංගල ඇරයුම්පත ලං කර ගනිමි.
යතුරු රඳවනයේ වූ දුහුවිලි වලින් මංගල ඇරයුම්පත පැල්ලම් ගැසී තිබුනි.
~~~~0~~~~
අතරමං වූ කතාවෙන් එළියට එන්න පාර කියාදුන්
තිලකසිත, නාඩි, තනූජා, රන්සිරිමල් සහ පිරේ
වත්පොත් මිතුරන්ට තුති!!
on idea .theruna madi :/
ReplyDeleteමං හිතන්නේ මේ කියල තියෙන්නෙ no idea කියන එක වෙන්න ඕනෙ.
Deleteපාට දෙකකින් තියෙන්නෙ. ඒ ඔස්සේ පොඩ්ඩක් හිතල බලන්නකෝ....
This comment has been removed by a blog administrator.
Deleteලස්සනයි.. බැලූ බැල්මටම තේරුම් ගැනීමට අපහසුයි වගේ දැනුනත් හොඳ කතාවක්. ෆොන්ට් කලර්ස් දෙකක් පාවිච්චි කරල අතීතයයි වර්තමානයයි වෙන් කරපු එක ගොඩක් පහසු උනා එක පාරින්ම සිද්දිය තේරුම් ගන්න :). ජය වේවා!!!
ReplyDeleteබොහොම ස්තූතියි මනා.....
DeleteDear Madushan,
DeleteI have just visited your blog and I agree that its a different, fresh piece of thought. Yet posting comments in my blog as a marketing activity is really annoying to both me and the readers here.
Believe me, posting the same old comment over and over everywhere will never attract crowd to your blog. It would have been better if you consider posting an ad, a banner, or adding your blog to the syndicators out there.
So this time Im deleting all your annoying comments except this one. Please make sure that I do not get to repeat the same thing next time.
This comment has been removed by the author.
DeleteActually, this is not the correct way to promote your blog. If you published only one time as a comment, it would be ok. But repeating the same message in every and each comment is really annoyed. I think as a result of that you created a bad reputation about your blog among the blog readers. So friend, get this as a friendly comment. Thank you!!!
Deleteඒ මහේෂ් ලොක්කා, මේ වැඩේ නං කැතයි අෑ!!! සී-ෆුඩ් හැදුවට, පෙන්නුවට, විකුණුවට අපිට කමක් නෑ.ඒවා හදන්න ගත්ත ඉස්සංගෙ දැල්ලංගෙ කකුළුවංගෙ අහක යන කෑලි කුණුගොඩවල් මෙහෙම හැම තැනම විසි කරන ඒක වැරදි වැඩක්!!!
Deleteබස්සි කියලා තියෙන විදිහට තමුංගෙ බ්ලොගේ ප්‍රසිද්ධ කරගන්න අැඩ්, බැනර් සහ සින්ඩිකේටර වල සහය ලබාගන්න!!
ලිපි වල කමෙන්ට් දාන්න ඔච්චරම අාසයි නං, ලිපියට අදාල කමෙන්ටුවක් දාලා, ඊට අදාලව තමුං ලියපු ලිපියක් ලිංකුවක් කමෙන්ටුවට අැමිණුවාට කමක් නෑ!!
(අපිත් මීගමුවෙ මිනිස්සු මහේෂ්!! මේ වගේ ගොබ්බ වැඩ කරලා මීගමුවෙ නම කන්න ඒපා. අපිටත් ඒක්ක ලැජ්ජයි!!)
:)
Deleteඅඩේ නම වැරදිලා නේද!!! මහේශ් නෙවෙයි මදුශාන්!!
Deleteමේක නම් ඇත්තටම තේරුනේ නෑ බස්සියෝ..කම්මැලි කමින් ලියපු එකක් ඩ කොහේදෝ වෙනදා රසය නම් මට මේකෙන් ආවේ නෑ
ReplyDeleteකම්මැලි කමෙන් ලියපු එකක් නම් නෙමෙයි මලයා. හැබැයි කතාව නොතේරුනානම් ඒක මගේ අසාර්ථකත්වයක් වෙන්න ඕනෙ. ඊගාව පෝස්ට් එකේදි වඩාත් සැලකිලිමත් වෙන්නම්.
Deleteහිත රිදුන නම් සමා වෙන්න බස්සියෝ..හොද එකට බොක්කෙන්ම හොදයි කිවුවට අවුලක් දැනුනොත් එක කෙලින් කියනවා මම
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඅයියෝ පිස්සුද ප්‍රොෆා මල්ලි. මම නම් කැමති එහෙම කෙලින්ම හොඳනම් හොඳත්, නරක නම් නරකත් කියන අයට. :)
Deleteකෙටිම කෙටි කතාවකින් ලොකු සුසුමක් පිට වූ වගයි.. මේ කියන නොකියන ස්ටයිල් එකට මං කැමතියි.. ඒත් ගොඩාක් කතා මෙහෙම දුක්ඛාන්තයක්ම වෙන්නෙ ඇයි? සමහර විට නොගලපෙන අයව තාවකාලිකව මුනගස්සල මල්සරා පොඩි ෆන් එකක් ගන්නවද දන්නෙ නෑ..
ReplyDeleteකාපු බීපු වෙලාවට කරන කියන දේවල් ගනං ගන්ඩෙපා … මං ගල් ගහපු දාට කෙලින්නෙම පිස්සු ..
Delete- මීට මල්සරා -
උඹ ගල්.. මම මල්.. හැක් හැක්
Deleteකළ්‍යාණ සහ පත්තරේ,
Deleteමෙන්න අනංගයාගෙ පිස්සු විකාර තියෙන අපූරු short film එකක්.
CUPIDO - LOVE IS BLIND 3D ANIMATION SHORT FILM
හැමදේම නොකියා හිතන්න දේවල් ඉතුරු කිරීමත්, ව්‍යංගයෙන් කීමත් නිසා බස්සිනම් නොසෑහෙන්න බැනුම් අහනවා වෙලාවකට. :D
Deleteකතාවට මමත් කැමති බස්සි
ReplyDeleteගොඩක් වේලාවට අපිට ලැබෙන්නේ හොදම දේ නෙමෙයි ලැබිම තියෙන දේ !
ඒකත් අර ඉඟුරු හේනේ කතාව වගේ නේද?
Delete//ඔන්න එක පන්තියක ළමයෙක් ගුරුතුමාගෙන ඇහුවලු මොකක්ද සර් ආදරය කියන්නේ කියලා ,
ගුරුතුමා ලමයව එක්ක ගියාලු බඩ ඉරිඟු හේනක් ගාවට ගිහින් ළමයට කිව්වලු
" මේ ඉරිඟු හේනේ මැදින් එහා පැත්තට යන්න , එහෙම යනකොට ඔයාට ඉරිඟු කරල් දකින්න ලැබෙයි ,ඒවායින් ඔයාට හොඳයි කියලා හිතෙන කරලක් කඩාගන්න , හැබැයි එක කොන්දේසියක් ඔයාට පහුකරගෙන ගිය කරලක් කඩාගන්න ආපහු හැරෙන්න බෑ, ඉස්සරහට විතරයි යන්න පුළුවන් ."
ඉතිං මේ ළමයා මේ කොන්දේසියට කැමතිවෙලා ඇතුලට ගියා , ටිකක දුර යනකොට ළමයා දකිනවා එන්න එන්න ඉරිඟු කරල් විසාල වෙනවා , ඉතින් ළමයත් හොඳම ලොකුම එක කඩාගන්න හිතාගෙන තව තව ඉස්සරහට යනවා , එහෙම යහ්නකොට යනකොට දකිනවා දැන් ආපහු එන්න එන්න කරල් පොඩි වෙනවා ,දැන් ඒ වුනාට පහුවෙච්ච එකක් කඩාගන්න ආපහු හැරෙන්නත් බෑ , ඉතින් ළමයා කරන්නේ තව ඉස්සරහට ගිහින් තව පොඩි එකක් ගන්නවට වඩා හොඳයි තියෙන එකක් කඩාගෙන යනවා කියලා එකක් අරන් ගුරුතුමා ලඟට යනවා
ගුරුතුමා කියනවා " දැක්ක නේද දරුවා , ආදරේ කියන්නෙත් ඔය වගේ තමයි , අපි හොඳම එක්කෙනා හොයා හොයා කාලේ නාස්ති කරනවා එත් අන්තිමට අපිට ගැලපෙන කෙනා තමයි ලැබෙන්නේ , ඒ නිසා ලැබුණු ආදරෙන් සතුටු වෙන්න කියලා "
ඊට පස්සේ ළමයා සර්ගෙන් අහනවා
"එතකොට සර් විවාහය කියන්නේ මොකක්ද?"
සර් ආපහු ලමයව අර ඉරිඟු හෙන ලඟට එක්ක යනවා ," ආපහු ඇතුලට ගිහින් ඔබ කැමති ඉරිඟු කරලක් කඩාගෙන එන්න , හැබැයි කොන්දේසිය පෙර වගේමයි ආපහු හැරෙන්න බෑ"
ළමයා යනවා , ගිය සැරේ පාඩම් ඉගෙන ගත්ත නිසා මේ සැරේ ලොකු ඉරිඟු කරලක් හම්බවුනු ගමන් කඩාගන්නවා , හැබැයි කඩාගෙන ඉස්සරහට යනකොට ළමයා දකිනවා ඊට වඩා විසාල කරල් තව හම්බවෙනවා කියලා කදාගතතු කරල් අරන් ආපහු ගුරුතුමා ලඟට යනවා .
" ඕක තමය පුතා විවාහය කියන්නේ , අපිට ගැලපෙනම කෙනා ලැබුනා කියලා හිතුවට කාලය ගත වෙනකොට අපිට ඇත්ත පේනවා , එත් ඒ තමයි ගැලපෙනම කෙනා , ඒ තමයි ඔයාට උරුම කෙනා ඒ නිසා සාර්ථකව ඉදිරියට මුහුණ දීම තමයි කරන්න ඕනේ කියලා .
එක නිසා ආද්රයේදීවත් විවාහදීවත් කිසිම කෙනෙකුට පරිපූරණ ජීවිතයක් ලැබෙන්නේ නෑ. දෙන්නගේ නොගැලපීම් අඩුපාඩු එමටයි , එත් ඒ හැමදේම කළමනාකරණය කරගෙන ජීවත් වෙන එක තමයි වටිනාකම. අහිමිවෙච්ච් දේවල් , නෙලාගන්න් බැරිවුණු දේවල් ගැන හිතීමෙන් පලක් නෑ. ලෝකේ පවතින තුරු හැමෝගෙම ජීවිත ඔය වගේ . මොකද හැමෝම මිනිස්සුනේ .//
ඔය ඉරුඟු හේනේ කතාව මට එවුවෙත් අපේ බ්ලොග් යාලුවෙක්ම තමයි.
Deleteඒක මෙතන දැම්මට කතාව එවපු යාලුවා තරහ වෙන එකක් නෑනේ... නේද?
හදිස්සියට ඉරිඟු ඉඟුරු වෙලා නෙ හ්?
Deleteහැබැයි ඉඟුරු හෑරිල්ල මෙතනට මීටත් වඩා ගැලපෙයි....
හාරන කං දන්නෙ නෑ නෙ අලේ සයිස් එක...!
ඒ සිරාවටම ලොකූ! කලබල උනාම කොරොස් කටෙත් අත දාන්න බෑ කියනවනෙ.
Deleteඑල ද බ්‍රා ඉරිගු කතාව
Deleteඋඹලාගෙ ෆ්‍රෙන්තෙක් තමයි එව්වෙ මේ කතාව
Deleteලැබෙන ඩේ හොඳයි කියලා බාරගන්න තමයි ඉතිං අපිට වෙලා තියෙන්නේ
ReplyDeleteසපුරා විරුද්ධ වෙමි. කතාව කෙටි වැඩි දෝ කියල හිතුණා මට නම්....
Deleteඇත්ත කතාව නාඩි මල්ලි. අපි perfect දේවල් හොයාගෙන යන්න වෙහෙසුනත් අන්තිමේ ඉතුරුවෙන්නෙ මතකයන්ගේ දුහුවිල්ලක් විතරයි.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteඅපි කොච්චර දැගලුවත් අන්තිමේ අපිට ලැබෙන්නේ අපිට හිමි දේ විතරයි.. හැබැයි එහෙමයි කියලා හොදම දේ මඟ ඇරෙනකන් ඔහේ බලාගෙන ඉන්න එකත් මෝඩ කමක්..
ReplyDeleteසහතික ඇත්ත දිනේෂ් අයියේ...
Deleteඅගෙයි බස්සි, හිස් තැන් හිතෙන් සම්පූර්ණ කරගන්න ඉඩ ඉතුරු කරගන්න කතාවලට මම කැමතියි :)
ReplyDeleteතැන්කූ තැන්කූ යාලූ... ^_^
Deleteනීරසයි. මේ සම්ප්‍රදාය. මම කැමති බොක්ස් එකෙන් එලියට ආපු බස්සිට. පිස්සු බාසිට, රැඩිකල් බස්සිට, 21 වන සියවසේ බස්සිට. අපිට හිතා ගන්නවත් බැරි දේ ලියන බස්සිට. මේවා මේ සාම්ප්‍රදායෙම එල්ලිලා ඉන්න උන්ට නම් හොඳ ඇති මට නම් මෙළෝ රහක් නෑ.
ReplyDeleteතරහ වෙන්න එපා. මගේ මතය මම කිව්වේ. මොකෝ හැම එකාම එල්ලෙන්න බලාගෙන ඉන්නෙ, මේ වගේ කොමෙන්ට් එකක් දානකන්.
අහගත්තා අදනම් ආයෙ නෑ කන පිරෙන්න.! තැන්කූ මාතලන් බොස්.
Deleteමෙහෙම ඒව ලිව්වම, මෙහෙම පලුයන්න බැනලා කමෙන්ට් වැටුනම බ්ලොගේ ඇස්වහ කටවහ දෝස දුරු වෙනවලු ඒ... ඔය කොම්ප්ලිමන්ට් වැඩිවෙද්දි එන ඇනෝ අපල එහෙම දූරිම්භූත වෙනෝ ලු.
:D :D
ලියැවිල්ල රටාව අගෙයි මට නම්. ඒත් මාතෘකාව දූවිලි නෙහ්? ඒක ඉතින් මගෙ වයසෙ වැරැද්දත්.... පරණ උන්ට පරණ කතා වල අළුත් සුවඳ දැනෙනව අඩුයි බස්සියො.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteමාතෘකාවත් පොඩ්ඩක් අස්පට් වගේ නේ?
Deleteබසු නංගි,
ReplyDeleteහෙමින් කියවා පසුව අදහසක් කියන්නම්. දුවන ගමන් ආවෙ. මේක හිමින් කියවන්න ඕන එකක් වගෙ.
This comment has been removed by a blog administrator.
Deleteඑහෙනම් නිවාඩු පාඩුවේ කියවන්නකො චන්දන අයියේ. අද කතාවට තුනපහ දාන්ඩ බැරි වෙලා. පොඩ්ඩක් රොස් වෙලත් එක්ක.
Deleteකතාව හොදයි. වඩාත් වටින්නේ මේ කතාවේ ගැලීම් සටහන.. කටෙි කතාවකදි උනත් හැමදේම කෙලින්ම කියන්න ඕන නෑ.. ඒක පාඨකයට බාරයි. හැබැයි කතාවේ තේමාව තෝරාගැනීම කතාවට සාධාරණයක් නෑ කියලයි මම හිතන්නේ. (අද බනින්නෑ. මාතා දීලා තියෙනවා නේ.. හැක්..)
ReplyDeleteහයියෝ... ඔන්න ඔහෙ වස්දොස් දුරුවෙන්න කියලා බැනලා දාපන් දේශෝ.... hehehe :P
Deleteඔන්න දැනුයි කියෙව්වෙ.
ReplyDeleteකතාව හොඳයි. බස්සි ස්ටයිල් එකෙන් බැහැරව ලියපු එකක් නිසාද කොහෙද පොඩි වෙහෙසකර බවක් වගෙ එකක් නම් දැනුණා. අර කලින් කතා වලදි වගෙ "ඊ ළඟට මොකක් ද වෙන්නෙ" කියන කුතුහලය ආවෙ නෑ. කතාව ලියන්න අරන් තියන පොයින්ට් එක නම් ලස්සනයි. ඒකත් එක්ක බලපුවාම නම් හිතෙන්නෙ බස්සිට මේ කතාව තව ටිකක් දැනෙන්න ලියන්න පුළුවන් කම තියනව කියල. සමහර විට මං මේ කියන්න හදපු දේ බස්සිටම තේරෙයි ටිකක් පහු වෙලා මේක කියෙව්වොත්.
ඒක ඇත්ත චන්දන අයියේ... මම කතාව ගැන හිතනවට වඩා හිතුවෙ අර අනිත් කතාවලදි නිතරම බැනුම් අහගන්න ව්‍යාකරණයි, සිංහල වචනයි ගැන. ඉතින් බස්සි ඉට්ටැයිල් කුඩු!
Deleteමේ කතාව දාගන්න ඕනෙ උගත් පාඩම් ෆයිල් එකට. ඕ යේස්!
ඒ බස්C අක්කේ!! ස්තූති කරන්න තරං දෙයක් මං කලේ නෑ නෙ!! සහෝදර කමට මං පොඩි සප් ඒක්ක දුන්නා විතරයි!!
ReplyDeleteමේකෙ ෆලෝ(ව්) ඒක මරු අෑ. දැනෙන්න තියෙනවා. හැබැයි අර ඔයාටම අාවේණික රැඩිකල් බස්සි-ස්ටයිල් ඒක නැතුව පරණ ස්ටයිල් ඒකකට බැහැලා නිසා මොකක්දෝ අඩුවක් අමුත්තක් දැනෙනවා!!!
ඒ උනාට මම දාපු පේලි දෙකට පැය බාගයක් යද්දි ඔයාල පස් දෙනා කතා පහක් පටන් අරන් තිබුනා. ඒක නම් මාරයි.
Deleteකියෙව්වා. එච්චරයි. හැමදාම හොඳම දේවල් බලාපොරොත්තුවෙන්න බැහැනේ. කතාවේ සාරයත් ඒ ලඟින්ම යන දෙයක්නේ.
ReplyDeleteශෙහ්. ඇඬෙන්නම කියලා. බැන්නනම් දුක නෑ අෆ්ෆා. :(
Deleteබනින්නවත් වෙලාවක් නෑ
ReplyDeleteමේ බොරු...මේකා මකබාස් වගේ ගෙවල් හද හද ඉන්නවා...බ්ලොග් බලන්නේවත් නෑ
Deleteඔය බිසීය හින්ද තමයි.... මං ඉතින් කියන්නෑ. :3
Deleteඉවාන් ගෙම්බා නෙමෙයි මකබාස්!
සහතික ඇත්ත හැපියෝ... මූ නම් මකබාසෙක්ම තමයි.
Deleteහරිම රහ කෙටි කතාවක් බස්සි....කොහේදෝ ලෝකයක තනි වුන වගේ දැනෙනවා
ReplyDeleteබොහොම ස්තූතියි හැපියෝ..... හැපිවේවා ඈ...!
Deleteබ්‍රෂ් ගියාද මන්දා බස්සි මේ පාරනම්
ReplyDeleteහොම්බෙන් ගියා ඒයි.
Deleteගොඩක් දුරයන්න පුළුවන් කියල හිතාගන ලන්වුනාට කාලයත් එක්ක ඇතිවෙන ,අත්දකින දේවල් නිසා එක්කෙනෙකුට අනිත් කෙනාගේ නොගැලපීම්,හැසිරීම් මදිවගේ පේන්න යන්නේ පොඩි කාලයක් විතරයි.ඒත් ඒ කාලෙදි සිද්දවෙන දේවල් තවත් ලොකු කතාවක් ලියනව.
ReplyDeleteජයවේවා.....
සහතික ඇත්ත කසුට්ටෝ... (y)
Deleteබස්සි..
ReplyDeleteඑකම දවසේ ලියාගෙන ගියපු එකක් වෙන්න බෑ.. එහෙම නේද? මොකක් හරි හැප්පිල්ලක් එනවා හරියටම කියන්න දන්නේ නැහැ... අදහස නම් අපුරුයි...
ඔව් අනේ දවස් තුනකට පොඩ්ඩ පොඩ්ඩ ලිවුවෙ අර "බොරුබිසී" ලෙඩේ හින්දා. ඒකමත් නෙමෙයි තව අඩුපාඩු ගොඩක්ම සිද්ද උනා. :/
Deleteඅගක් මුලක් තේරෙන්නේ නැහැ යකු.. බදින්නේ මොකාව ද
ReplyDeleteඅගමුල තේරිලා උඩ කමෙන්ට් කරපු ඔක්කොම බැන්නටත් පස්සෙ මුන්දැ ඇවිත් ටියුබ්ලයිට් අල්ලනවා. හයියෝ සල්ලි.
Deleteඅනේ මන්ද බස්සි අක්කේ. මටනම් කතාවේ වරදක් පෙන්නේ නැ.වෙනස් මානයකින් ලියපු එකක්. හැබැයි එක එක්කෙනා බලන කෝණය වෙනස්නේ. මට පෙන්නැති අඩුපාඩු අනිත් අයට පෙනිල ඇති. කොහොම උනත් කතාව ලස්සනයි. ජයවේවා බස්සි අක්කේ!!!!!!!!!!!!!!
ReplyDeleteඑක එක්කෙනා එක එක කෝණයෙන් නේ බලන්නෙ මල්ලි.
Deleteකතාව බස්සි ස්ටයිල් නෙමෙයි. ප්ලොට් එකට වඩා වදවෙලා තියෙන්නෙ භාෂාව ගැන. අනික අලුත් රහසකුත් හැංගිලා නෑනේ... ඒක බලාපොරොත්තු වෙන අයට කතාව අවුල්. පාඨකයෝ දේදුන්නක් වගේ. එක එක අයගේ එක එක අදහස්.
බස්සි එල ද බ්‍රා...කතාව..
ReplyDeleteපව් බං කොල්ලා
තැන්කූ තැන්කූ මෙන්ඩියෝ...
Deleteකොයි කොල්ලද බං පව්? මටනම් තුන්දෙනාම පව්.
ලොව දකින්නට තිබුණි දෑසක්
ReplyDeleteලොව දිනන්නට තිබුණි දෑතක්
අහිමි වෙයි ඒ දෙනෙත් අද සිට
අහිමි වෙයි ඒ දෑත් අද සිට...
ඉතිරි වී ඇත තවත් මොහොතක්
මිහිරි ස්වප්නය බිඳින මොහොතක්
මෙතැන් සිට මා ඔබට හිමි නැත
මෙතැන් සිට ඔබ මට ද හිමි නැත...
නොදන්නෙමු අපි අපේ හිත ගැන
එහෙත් කඳුළින් ලියමි අද දින
ඔබට මා මෙන් මට ද ඔබ මෙන්
වෙනත් කිසිවකු හමු නොවන බව...
ගී පද : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : සෝමපාල රත්නායක
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
අතීතය සහ වර්තමානය ගැලපීම :) නියමයි (y)
ReplyDeleteලස්සනයි . කොල්ලා පවු .
ReplyDelete