Thursday, July 9, 2015
ලොඩියෝ!
"ලොඩියාගේ කාය සැකැස්ම,
ලොඩියා මෙන්න මෙහෙමය
ලොඩියා අරහෙමය
ලොඩියා ලොඩියා ලොඩියා"
බයෝ ටීචර් කෑගහන හඬ
ඇහුනෙ ගල් පවුරෙන් එපිට හුන්
විසල් රළගෙඩි වලටය.
'අහා ලොඩියෝ ඉතිං කොහොමද?'
කුඩා ජෙලිෆිෂ් දිහා බලබල
කට කොනක් ඇද කරන් ඇහුවේ
දඟකාර රළ පොඩිති ය.
හඬා වැටෙමින් කුඩා ජෙලියන්
අම්මා ගාවට දුවන අතරේ
'හලෝ ලොඩියා! හුහූ ලොඩියා'
ගැයුවෙ පසැඟිලි කොල්ලොය.
ලා පැහැති ජෙලි වතේ
කඳුළු කැට පිපුනෙ මුතුඇට වගේ
අම්මා ජෙල්ලී - පාද සෙල්ලී
කවුද ඇඬවූයේ එරන්වන් දරු මගේ?
කුඩා කසුකුසු කතා අතරේ
බයෝ පන්තිය ගැනත් මැතිරේ
ජෙලිමාළු වෙරළතේ අඳුරේ
රොද බැඳන් විෂ කවත් වතුරේ
"වැදුනොතින් ජෙලියන්ව පපුවේ
එතැන එහෙමම මැරෙනවා
අතපයක ලුමිනස් පැහැති විස
තැවරුනෝතින් කසනවා
පීරියඩ් කට් කරන් වෙරළට
පැන්නොතින් හම ගහනවා"
උපැස් යුවලට උඩින් බලබල
බයෝ ටීචර් කියනවා.....!
Subscribe to:
Post Comments (Atom)
විල් ස්මිත් ගෙ ෆිල්ම් එකක් තියෙනවා ඔය ලොඩියෙකු පාවිච්චි කරලා සියදිවි නසාගන්න සීන් එකක් එක්ක.ලොඩියා නැත්තම් ජෙලි ෆිශ් කියනකොට මට මතක් වෙන්නෙ ඒ ෆිල්ම් එක.අපේ අක්කලා එහෙම ඕවා පාඩම් කලා මතකයි.
ReplyDeleteලස්සන උනාට ලං උනොත් පට්ට විස..
දේශපාලකයො වගේ..
ජයවේවා..!!
මම බලල නෑ නෙ ඒ ෆිලුම. මොකද්ද නම?
Deleteඒකත් ඇත්ත ගස්ලබ්බෝ, මට නම් හිතෙන්නෙ මුන් ලංකාවෙ පොලීසිය වගේ කියලා.
http://www.imdb.com/title/tt0814314/
Delete//ලස්සන උනාට ලං උනොත් පට්ට විස..
Deleteදේශපාලකයො වගේ..//
ලස්සන???
උන්???
https://en.wikipedia.org/wiki/Seven_Pounds
Deleteවිල් ස්මිත් ගෙ ෆිල්ම් එකක් තියෙනවා ඔය ලොඩියෙකු පාවිච්චි කරලා සියදිවි නසාගන්න සීන් එකක් ......මොකක්ද ඒ ෆිල්ම් එක?
DeleteSeven Pounds?
Deleteලස්සනයි නේන්නම් ප්‍රා. ඔය හිරුණිකා, මල්ෂා එහෙම ලස්සන නැතෙයි?
Deleteඇයි විජය, ජීවන් (ඉස්සර!), දුමින්ද වුනත් කැතක් නෑනෙ. මං කියන්නෙ පෙනුම.
Pra jay හරි.. Seven Pounds තමයි මම කිව්වෙ.
Deleteපහුගිය දවස් වල ලංකාව අවට මුහුදෙ හිටිය විෂ සහිත සත්වයා Cnidaria වංශයට අයත් වන පෘතුගීසි යුධ මිනිසා (Portuguese Man O' War) ලෙස හඳුන්වන බවත් ජෙලි ෆිශ් කෙනෙකු නොවන බවත් මම කියෙවුවා.
ReplyDeleteහප්පේ! ඔයා නම් මාරයි. තැන්කූ ඈ ;)
Deleteඔන්න ඔහෙ ටිකක් දන්නවා ඉතින්....
Deleteජෙලි ෆිශ් ඉන්නෙ මුහුද ඇතුලෙ. අර කියපු සතා ඉන්නෙ මුහුද මතුපිට පාවෙවී. ඒ දෙක තමයි වෙනස. ඔය වගේ මාරාන්තික විෂ තියෙන Cnidaria වර්ග කිහිපයක් ඉන්නවා.
ඔයා හරි ඔය ජෙලි ෆිෂ් නොවෙයි ඕවට කියන්නේ විස ගඩු කියලා
Deleteඇත්තෙන්නම Man o' war කියන්නෙ යුද නැවක් කියන එක
Deletehttps://en.wikipedia.org/wiki/Man-of-war
සතාට එහෙම කියන්නෙ රුවල් යුධ නැවක් වගේ පේනවයි කියල හිතෙන නිසා වෙන්න ඇති
එතකොට ඔය සතාගෙ සිරා නම මොකද්ද හැබෑට? මං අහන්නෙ විද්‍යාත්මක නම?
Deleteෂැක් මං හරි සංතෝසෙං බැලුවා අදත් බයෝ පාඩමක් කියලා...ඒනුවාට හොඳයි ඈ...
ReplyDeleteබයෝ...?
Deleteතැන්කූ මදුවෝ! බයෝ පාඩම කියෝලා මදුවගෙ නගාගෙ මොලේ තවත් මඤ්ඤං වුනාද මන්දා එදා.
Deleteඑහා ලෝකෙ :
Deleteඔව් බයෝ. මොකද්ද ඒකෙ අවුල හැබෑට? ඔයාගෙ පස්නෙ මට තේරුන්නෑනෙ.
මඩුවගෙ බයෝ ගැන කතා කරලා වැඩක් නෑ....
Deleteඔතෙලෝ,
Deleteහැහ්... උඹලට මම මෙච්චරකල් උගන්නලා තියෙන බයෝ පාඩං ටික නරක්වෙලා ඇති හුහ්.
හික්ස්!!
Deleteජෙලි ලොඩියෝ...
ReplyDeleteහිහි ඇත්තට ඇයි උංට ලොඩියෝ කියන්නෙ අච්චර ලස්සන නමක් තියෙද්දි
ජෙලි මාළුව කියද්දි අපේ අක්කගෙ පොඩි එකා ඇහුව උංද අපි අර හදල කන්නෙ කියල
හිහි
//ජෙලි මාළුව කියද්දි අපේ අක්කගෙ පොඩි එකා ඇහුව උංද අපි අර හදල කන්නෙ කියල//
Deleteහික්ස්! ශෝයි කතාව ඒක.
ඒකනෙ අප්පා අසරණ ජෙලි පැටවුන්ට මල පනින්නැද්ද "ලොඩියා ලොඩියා" කියද්දි!
ලස්සන අය විසයි නේද්?
ReplyDeleteහැම ජෙලිෆිශ්ම විස නෑ යකූ.
Deleteඋඩ කමෙන්ට් එහෙක තියෙනවා අර පොල්හේනට ආපු විස උන් ජෙලිෆිශ්ලත් නෙමෙයිලු. ඒ කියන්නෙ ලස්සන ජෙලියෝ අහිංසකයි. බලාන්ට සමනල්ලු, උන් කොච්චර ලස්සන සහ අහිංසකද ඈ?
උන් ගල්කිස්සටත් අවා.වෙලාවට අපිට මුද දුලායි
ReplyDeleteවෙලාවට ජෙලියො ටික බේරිලා. :P
Deleteපන්තියෙ මොන බයෝ ද. වෙරළට ගියානං ඔය ඕන බයෝ එකක් ඉගෙනගන්න තිබ්බ යස අගේට.
ReplyDeleteඔය කිවුවෙ ඉතින්. හික්ස්!
Deleteඅපිට කොයින්ද බයෝ?...
ReplyDeleteකයිය නම් එල ද බ්‍රා
තැන්කූ මෙන්ඩෝ..!
Deleteබස්සිගේ විවාහයෙන් පස්සෙන් බ්ලොග් එකත් බහුශෘත වෙලා ගිහින්.
ReplyDeleteමේවා බහුශ්‍රැතද හැබෑට!
Deleteවිවාහය නැගලා යනවද නගා...ගල්කිස්ස මූදු වෙරළෙත් මේ ලගදි ජෙලියො හිටියලු නේද...මඩකලපුව පැත්තෙ නං ඒ කාලෙ ඉදලම උන්නා...
ReplyDeleteඔය යන්නේ විවාහෙනං අවුලක් නැතුව. :)
Deleteමැලේසියාවෙ ජෙලියො නැතෙයි?
ලොඩියා (පෘතුග්‍රීසි යුධ නැව) කියන්නේ කය මිස සිත නැති බ්‍රහ්මයෝ විශේෂයක්. ඒ ගොල්ලො පෙර පින් ඇති අය. අපිට තියෙන ප්‍රශ්න එයාලට නෑ.
ReplyDeleteඑල කමෙන්ටුව!
Deleteඅපිත් දැන් ඉඳන්ම පින් කරන්න ඕනෙ ලොඩියෙක් වෙන්න ලබන ආත්මෙ.
Ikkoole, bio teacher mathak una. Aye ikkole yanna onii.
ReplyDeleteMru.
තැන්කූ භාග්‍යා!!
DeleteIkkoole, bio teacher mathak una. Aye ikkole yanna onii.
ReplyDeleteMru.
මතක් කරන්න එපා ඔවුන්ව,
ReplyDelete//අතපයක ලුමිනස් පැහැති විස
තැවරුනෝතින් කසනවා/// මේක වුණා පෙරේදා... කාලෙකින් සිකුරාදා බීච් ගියා එළිවෙනකල් වතුරේ නටනවා කියලා හිතාගෙන . ශික් ඒත් වෙරළාරක්ෂකයෝ දැනුම් දුන්නා යන්න එපා ජෙලිෆිෂ් ලා කියලා,,, දහස් ගානක් ජෙලිෆිෂ් ලා මුළු වෙරළෙම.. අපි වැල්ලට වෙලා තුරුල් වෙලා ඉදලා (නෑ නෑ ඉදගෙන ඉදලා ගෙදර ආවා ) :((
ලස්සන විසයි වෙලාවකට ... ජයවේවා!!!
ReplyDeleteබස්සිගෙ නවාතැනට ගොඩ වුණේ අහම්බෙන්. නොකී කතා තමයි මාව යොමු කළේ...
ReplyDeleteහරිම රසවත්...ඉඩ ලැබුණ හැටියේ ගොඩ වෙන්න හිතුවා.