Thursday, July 9, 2015

ලොඩියෝ!






"ලොඩියාගේ කාය සැකැස්ම,
ලොඩියා මෙන්න මෙහෙමය
ලොඩියා අරහෙමය
ලොඩියා ලොඩියා ලොඩියා"
බයෝ ටීචර් කෑගහන හඬ
ඇහුනෙ ගල් පවුරෙන් එපිට හුන්
විසල් රළගෙඩි වලටය.

'අහා ලොඩියෝ ඉතිං කොහොමද?'
කුඩා ජෙලිෆිෂ් දිහා බලබල
කට කොනක් ඇද කරන් ඇහුවේ
දඟකාර රළ පොඩිති ය.

හඬා වැටෙමින් කුඩා ජෙලියන්
අම්මා ගාවට දුවන අතරේ
'හලෝ ලොඩියා! හුහූ ලොඩියා'
ගැයුවෙ පසැඟිලි කොල්ලොය.

ලා පැහැති ජෙලි වතේ 
කඳුළු කැට පිපුනෙ මුතුඇට වගේ
අම්මා ජෙල්ලී - පාද සෙල්ලී
කවුද ඇඬවූයේ එරන්වන් දරු මගේ?

කුඩා කසුකුසු කතා අතරේ
බයෝ පන්තිය ගැනත් මැතිරේ
ජෙලිමාළු වෙරළතේ අඳුරේ
රොද බැඳන් විෂ කවත් වතුරේ

"වැදුනොතින් ජෙලියන්ව පපුවේ
එතැන එහෙමම මැරෙනවා
අතපයක ලුමිනස් පැහැති විස
තැවරුනෝතින් කසනවා
පීරියඩ් කට් කරන් වෙරළට
පැන්නොතින් හම ගහනවා"
උපැස් යුවලට උඩින් බලබල
බයෝ ටීචර් කියනවා.....!



44 comments:

  1. විල් ස්මිත් ගෙ ෆිල්ම් එකක් තියෙනවා ඔය ලොඩියෙකු පාවිච්චි කරලා සියදිවි නසාගන්න සීන් එකක් එක්ක.ලොඩියා නැත්තම් ජෙලි ෆිශ් කියනකොට මට මතක් වෙන්නෙ ඒ ෆිල්ම් එක.අපේ අක්කලා එහෙම ඕවා පාඩම් කලා මතකයි.
    ලස්සන උනාට ලං උනොත් පට්ට විස..
    දේශපාලකයො වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම බලල නෑ නෙ ඒ ෆිලුම. මොකද්ද නම?

      ඒකත් ඇත්ත ගස්ලබ්බෝ, මට නම් හිතෙන්නෙ මුන් ලංකාවෙ පොලීසිය වගේ කියලා.

      Delete
    2. http://www.imdb.com/title/tt0814314/

      Delete
    3. //ලස්සන උනාට ලං උනොත් පට්ට විස..
      දේශපාලකයො වගේ..//
      ලස්සන???
      උන්???

      Delete
    4. https://en.wikipedia.org/wiki/Seven_Pounds

      Delete
    5. විල් ස්මිත් ගෙ ෆිල්ම් එකක් තියෙනවා ඔය ලොඩියෙකු පාවිච්චි කරලා සියදිවි නසාගන්න සීන් එකක් ......මොකක්ද ඒ ෆිල්ම් එක?

      Delete
    6. ලස්සනයි නේන්නම් ප්‍රා. ඔය හිරුණිකා, මල්ෂා එහෙම ලස්සන නැතෙයි?
      ඇයි විජය, ජීවන් (ඉස්සර!), දුමින්ද වුනත් කැතක් නෑනෙ. මං කියන්නෙ පෙනුම.

      Delete
    7. Pra jay හරි.. Seven Pounds තමයි මම කිව්වෙ.

      Delete
  2. පහුගිය දවස් වල ලංකාව අවට මුහුදෙ හිටිය විෂ සහිත සත්වයා Cnidaria වංශයට අයත් වන පෘතුගීසි යුධ මිනිසා (Portuguese Man O' War) ලෙස හඳුන්වන බවත් ජෙලි ෆිශ් කෙනෙකු නොවන බවත් මම කියෙවුවා.

    ReplyDelete
    Replies
    1. හප්පේ! ඔයා නම් මාරයි. තැන්කූ ඈ ;)

      Delete
    2. ඔන්න ඔහෙ ටිකක් දන්නවා ඉතින්....

      ජෙලි ෆිශ් ඉන්නෙ මුහුද ඇතුලෙ. අර කියපු සතා ඉන්නෙ මුහුද මතුපිට පාවෙවී. ඒ දෙක තමයි වෙනස. ඔය වගේ මාරාන්තික විෂ තියෙන Cnidaria වර්ග කිහිපයක් ඉන්නවා.

      Delete
    3. ඔයා හරි ඔය ජෙලි ෆිෂ් නොවෙයි ඕවට කියන්නේ විස ගඩු කියලා

      Delete
    4. ඇත්තෙන්නම Man o' war කියන්නෙ යුද නැවක් කියන එක
      https://en.wikipedia.org/wiki/Man-of-war

      සතාට එහෙම කියන්නෙ රුවල් යුධ නැවක් වගේ පේනවයි කියල හිතෙන නිසා වෙන්න ඇති

      Delete
    5. එතකොට ඔය සතාගෙ සිරා නම මොකද්ද හැබෑට? මං අහන්නෙ විද්‍යාත්මක නම?

      Delete
  3. ෂැක් මං හරි සංතෝසෙං බැලුවා අදත් බයෝ පාඩමක් කියලා...ඒනුවාට හොඳයි ඈ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ මදුවෝ! බයෝ පාඩම කියෝලා මදුවගෙ නගාගෙ මොලේ තවත් මඤ්ඤං වුනාද මන්දා එදා.

      Delete
    2. එහා ලෝකෙ :

      ඔව් බයෝ. මොකද්ද ඒකෙ අවුල හැබෑට? ඔයාගෙ පස්නෙ මට තේරුන්නෑනෙ.

      Delete
    3. මඩුවගෙ බයෝ ගැන කතා කරලා වැඩක් නෑ....

      Delete
    4. ඔතෙලෝ,
      හැහ්... උඹලට මම මෙච්චරකල් උගන්නලා තියෙන බයෝ පාඩං ටික නරක්වෙලා ඇති හුහ්.

      Delete
  4. ජෙලි ලොඩියෝ...
    හිහි ඇත්තට ඇයි උංට ලොඩියෝ කියන්නෙ අච්චර ලස්සන නමක් තියෙද්දි
    ජෙලි මාළුව කියද්දි අපේ අක්කගෙ පොඩි එකා ඇහුව උංද අපි අර හදල කන්නෙ කියල
    හිහි

    ReplyDelete
    Replies
    1. //ජෙලි මාළුව කියද්දි අපේ අක්කගෙ පොඩි එකා ඇහුව උංද අපි අර හදල කන්නෙ කියල//
      හික්ස්! ශෝයි කතාව ඒක.

      ඒකනෙ අප්පා අසරණ ජෙලි පැටවුන්ට මල පනින්නැද්ද "ලොඩියා ලොඩියා" කියද්දි!

      Delete
  5. ලස්සන අය විසයි නේද්?

    ReplyDelete
    Replies
    1. හැම ජෙලිෆිශ්ම විස නෑ යකූ.

      උඩ කමෙන්ට් එහෙක තියෙනවා අර පොල්හේනට ආපු විස උන් ජෙලිෆිශ්ලත් නෙමෙයිලු. ඒ කියන්නෙ ලස්සන ජෙලියෝ අහිංසකයි. බලාන්ට සමනල්ලු, උන් කොච්චර ලස්සන සහ අහිංසකද ඈ?

      Delete
  6. උන් ගල්කිස්සටත් අවා.වෙලාවට අපිට මුද දුලායි

    ReplyDelete
    Replies
    1. වෙලාවට ජෙලියො ටික බේරිලා. :P

      Delete
  7. පන්තියෙ මොන බයෝ ද. වෙරළට ගියානං ඔය ඕන බයෝ එකක් ඉගෙනගන්න තිබ්බ යස අගේට.

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවෙ ඉතින්. හික්ස්!

      Delete
  8. අපිට කොයින්ද බයෝ?...
    කයිය නම් එල ද බ්‍රා

    ReplyDelete
  9. බස්සිගේ විවාහයෙන් පස්සෙන් බ්ලොග් එකත් බහුශෘත වෙලා ගිහින්.

    ReplyDelete
    Replies
    1. මේවා බහුශ්‍රැතද හැබෑට!

      Delete
  10. විවාහය නැගලා යනවද නගා...ගල්කිස්ස මූදු වෙරළෙත් මේ ලගදි ජෙලියො හිටියලු නේද...මඩකලපුව පැත්තෙ නං ඒ කාලෙ ඉදලම උන්නා...

    ReplyDelete
    Replies
    1. ඔය යන්නේ විවාහෙනං අවුලක් නැතුව. :)

      මැලේසියාවෙ ජෙලියො නැතෙයි?

      Delete
  11. ලොඩියා (පෘතුග්‍රීසි යුධ නැව) කියන්නේ කය මිස සිත නැති බ්‍රහ්මයෝ විශේෂයක්. ඒ ගොල්ලො පෙර පින් ඇති අය. අපිට තියෙන ප්‍රශ්න එයාලට නෑ.

    ReplyDelete
    Replies
    1. එල කමෙන්ටුව!
      අපිත් දැන් ඉඳන්ම පින් කරන්න ඕනෙ ලොඩියෙක් වෙන්න ලබන ආත්මෙ.

      Delete
  12. Ikkoole, bio teacher mathak una. Aye ikkole yanna onii.
    Mru.

    ReplyDelete
  13. Ikkoole, bio teacher mathak una. Aye ikkole yanna onii.
    Mru.

    ReplyDelete
  14. මතක් කරන්න එපා ඔවුන්ව,

    //අතපයක ලුමිනස් පැහැති විස
    තැවරුනෝතින් කසනවා/// මේක වුණා පෙරේදා... කාලෙකින් සිකුරාදා බීච් ගියා එළිවෙනකල් වතුරේ නටනවා කියලා හිතාගෙන . ශික් ඒත් වෙරළාරක්ෂකයෝ දැනුම් දුන්නා යන්න එපා ජෙලිෆිෂ් ලා කියලා,,, දහස් ගානක් ජෙලිෆිෂ් ලා මුළු වෙරළෙම.. අපි වැල්ලට වෙලා තුරුල් වෙලා ඉදලා (නෑ නෑ ඉදගෙන ඉදලා ගෙදර ආවා ) :((

    ReplyDelete
  15. ලස්සන විසයි වෙලාවකට ... ජයවේවා!!!

    ReplyDelete
  16. බස්සි‍ගෙ නවාතැනට ගොඩ වුණේ අහම්බෙන්. නොකී කතා තමයි මාව යොමු කළේ...
    හරිම රසවත්...ඉඩ ලැබුණ හැටියේ ගොඩ වෙන්න හිතුවා.

    ReplyDelete