කුඩා කළු පැහැ අකුරු පොකුරුය
හිස පුරා චලන සිත්තම් අඳින
තැනින් තැන දාස්පෙතියා මල් ය
"අනේ අයියේ මාව කන්නැ'යි" කොඳුරන
දාස්පෙති දකින ගානේ හිත තිගැස්සෙන
ශ්‍යාමලී ගෝමස්ගෙ නැට්ට ගැන,
කතාවක් නැතිකොට අපේ විමළාවට නිදිමත නො'එන,
රුක්මනී වගේ ඉස්ටැයිල් ඕනෑමයි අඬන,
හීනෙනුත් කම්මුලට බළල් කොට්ටා පහරක් වැදෙන.
හිතනලන්තය හොයහොයා සිතියමක් ඔරවන,
GPS විකල්ලෙනි - GoogLe Maps අනේ මට තව බෑ කියන
CraZy FaNsලාය - සිතියම උඩ ඉඳගෙන බ්ලූබෙරි මෆින් බුදින
FiReෆොක්ස් ChRomE ඇතුලෙන් සාවාරියාගේ පියාව අමතන
'මිස්ටර්. FigaRoගේ සුවදුක් කොහොමදැ'යි" නිකමට අහන
"හිතනලන්තය ඇත්තෙ මෙතැනය"
අමිලානි සිය හිසට දෙවරක් තඩිබාන,
කළු අකුරු එළියට අදින, සුදෝසුදු පිටු පුරවන,
හිතනලන්තෙන් කුඩා කොටහක රැපින් පේපර් එතෙන
අනේ අපි හෙට වෙනකල්ම මග බලන - කෙල හලන.
"හිතනලන්තය" කියන්නේ ඉතාම ජනප්‍රිය බ්ලොග් අඩවියක්. එහි හිට් කවුන්ටරය කරකැවෙන වේගයෙන්ම බ්ලොග් අඩවියට ඇදෙන රසික රසිකාවියන් ප්‍රමාණය ගැන දල අදහසක් ලබා ගත හැකියි. පසුගියදා පැවැත්වුන පුරවැසි මාධ්‍යකරණය පිළිබඳව වූ සම්මාන උළෙලේදී ජනප්‍රියම බ්ලොග් අඩවියට හිමි සම්මානය දිනාගත්තේත් හිතනලන්තයයි.
හිතනලන්තය, අරුමැසි මනමැවි දිවයිනක් වගෙයි. කවි, කෙටිකතා, සිනමා විචාර ආදී කැටගරි බොහොමයක් යටතේ මේ බ්ලොග් අඩවිය දිනක් පාසා යාවත්කාලීන වෙනවා. ලියන්නේ "කාංචනා අමිලානි කරුණාමුණි" අක්කා.
කාංචනා අක්කාගේ ලියැවිලි රටාව ඇයටම ආවේණිකයි. ඈ මම හඳුනාගත් "සුවඳ හමන කවි" ලියන්නට සමත්කම් දක්වන අතළොස්සෙන් කෙනෙක්. ඇගේ කවි වලින් කවියට ආවේණික ඉඟුරු තේ සුවඳ, මින්ට් සුවඳ, කුරුඳු සුවඳ, අළුත කැපූ තණකොලවල සුවඳ හමනවා.
ඒත් මම ආසාම ඇගේ කෙටිකතා වලට. ඈ නම් පෘථිවිවාසියෙක් වෙන්නට බැරියැයි, ඒ කෙටිකතා අතරේ සරන මට නිතරම හිතෙනවා. ඒ තරමටම ඇගේ පරිකල්පනයන් නැවුම්, ඇබ්බැහිකරවන සුළුයි, උණුහුමයි.
ඉතින්, හෙට, ජූලි විසිතුන්වැනිදා තමයි ඒ දවස. ඇගේ බ්ලොග් අඩවියේ පළවූ කවි එකතුවකුත්, කෙටිකතා සහ ඩූඩ්ල් එකතුවකුත් හෙට හවස තුනට, මහවැලි කේන්ද්‍ර ශවණාගාරයේදී එළිදැක්වෙනවා. කෙටිකතා පොත "ගම්මිරිස් කුරුල්ලා". කාව්‍ය සංග්‍රහය ප්‍රේමයේ කාර්තු.
කපිල කුමාර කාලිංග සහ මාලින්ද සෙනෙවිරත්න මෙහිදී දේශන දෙකක් පවත්වනවා.
හතු පිපෙනවා වගේ පොත් පැලවෙන කාලෙක, පැහැදුල් මදාරා පිපෙන්නේ අහම්බෙන්. මේ ඒවගේ අහම්බයක්. මම යනවා ඈ බලන්න. ඔබත් එනවද?
මම නං යන්නෑ.. මට බෑ මයි.
ReplyDeleteඅමතක උනා පොටෝ සෝප් ගාලවත් මගේ කවුන්ටර් එක ඒ කිස්ටුවට ගන්න ඕන.. හැක්...
Deleteඅමිලානි අක්කට කියන්න දේශක මල්ලි සුභ පැතුවා කියලා.. මං නාවත් පොත් දෙක නං ගන්නවමයි කිව්වයි කියන්න...
ඔන්න දේශා වෙනුවෙන් සුභපතලා කාලා බීලා ආව ඈ
Deleteඋඔ ගිහින් වරෙන් මචං
ReplyDeleteහා මචං
Deleteඔබ යන්න.. ......... ඔබ ගිහින් එන්න යන්න....................
ReplyDeleteහරියෝ!
Deleteඅපේ සුබ පැතුම් එක් කරන්න...
ReplyDeleteඅනිවා!
Deleteඑන්න පුළුවන්.. පොතක් ගන්න සල්ලි නෑනේ.. එකක් අරන් දෙනවනම් එනවා.. (ඡන්ද කාලෙට කිසිම තැනකට වාසියක් නැතුව යන්නෙ නෑ පුරුද්දක් විදියට..)
ReplyDeleteඇවිත් ෆැබ් පෙට්ටි තුනහතරකටම වගකිව්ව නේද කමියා?
Deleteහිතනලන්තය බ්ලොග් අඩවිය රසවත් වගේම කාංචනාගෙ කෙටිකතා එකතුව්ත් පාඨකයන්ගෙ මතකයේ රඳේවි. උත්සවේට එන්න නොහැකි වුණත් සුබ පැතුම් එක් කරනවා.
ReplyDeleteමම කැමතිම කෙටිකතා. බ්ලොග් එකේ නොදාපු අලුත් කතාත් තියෙනව පොතේ.
Deleteයන්න නම් බැරිවෙයි.. අපිත් සුබ පැතුවයි කියන්න....
ReplyDeleteඅනිවා!
Deleteඑන්න නම් බැරි වෙයි...
ReplyDeleteඒත් බොග දාන්න ආපු දවසෙ ඉඳලම නොවරදවාම රස විඳින බොගක් තමයි හිතනලන්තය. ඉස්සර මම කොමෙන්ට්ස් හිටන් දානවා.. ඒත් රිප්ලයි නැති නිසා දාන එක නැවත්තුවා.. ඒත් ඒකේ තියෙන ෆැන්ටසිවල මාත් හෙමීට සැරිසරනවා..
බොග වගේම තමයි කාංචනාගේ සුන්දර සිනහව... මම සයිබරේ දැකපු අව්‍යාජ සිනහ වලින් හොඳම එක තමයි අම්ලානිගේ ඒ සොඳුරු සිනහව....
සිනාව තනුක නොවේවා!!!
Deleteඇයි අපේ හිනාව නරකද ? :P
Deleteඉවාන් උඹේ හිනාව නරක නැහැ හොඳ වැඩියි. හෙහ් හෙහ්...
Deleteඇත්තටම. කාංචනා අක්කත් කෙටිකතාවකින් එලියට ආපු චරිතයක් වගේ. අකීකරු වොයිස් එක, අව්‍යාජ සිනහව එක්ක නිතරෝම උඩ පනින කෙටි කොණ්ඩය.
Deleteමමත් කියවගෙන කියවගෙන යනවා මිසක කොමෙන්ටුවකට නවතින්නෙ කලාතුරකින්. ඒත් හිට් කවුන්ටරයෙන් අපේ අඩි සටහන් පේනවනෙ. මමනම් හිතන්නෙ කමෙන්ට් ප්‍රමාණයෙන් විතරක් බ්ලොග් අඩවියක සාර්ථකත්වය මනින්න බැහැ.
මාතලන්ගේ ෆේවරිට් බ්ලොගක් කියල මතක් වුන නිසයි ඊයෙ උදේම මැසේජ් කලේ. මං හිතුවෙ කොළඹ ඉන්නව ඇත්තෙ කියලා.
දේශා : බෝ වෙන සිනහ.
Deleteඉවාන් : කොහොමද මචෝ! කාලෙකින්!
Deleteඅද තමයි හිතනලන්තය බ්ලොග් රෝලේ එල්ල ගත්තේ.
ReplyDeleteමම දැක්කා කමිය නම් ඔෆිස් එකෙන් එළියට පනිනවා ඔය කියපු අහවල් එකට එන්න වෙන්න ඇති.
ඌ පොතක් ගෙනාවොත් කියවල බලන්න ඕනේ.
ලොකු පුතේ ඔන්න කමියා උඹට දෙන්න කියලා පැබ් දුන්නු පෙට්ටි වගයකුත් ගෙනාවා ...හැක් හැක්
Deleteඔව් අප්පේ කමියා කේක් කෑලිම පහලවක් විතර අරං ආව ලොකුපුතාට දෙන්න කියල. මතක් කරල ඉල්ලගනිං.
DeleteYou go.
ReplyDeleteහා කෝ.
Deleteඅග නගරයෙන් දුරබැහැර නිසා මෙවන් අගනා අවස්ථාවන්ට සහභාගි වෙන්න ඉඩකඩ අඩුයි.
ReplyDeleteකොළඹට කිරි ගමට කැකිරිලුනේ....
දැන් ඔයාම හිතන්නකෝ ඔය කැකිරි තියෙන ගමක ඔහොම උත්සවයක් තියන්න පහසුකම් තියෙනවද? එහෙම කලත් කී දෙනෙක් ඒවිද? එන අයට ආපහු යන්න ප්‍රවාහන පහසුකම් තියේවිද? හරි, කොළඹ ඉඳන් ගමට යන්නත් ප්‍රවාහන පහසුකම් කේස් කියමු, ඒත් පහුවදා උදේ ආපහු එන්නවත්, රෑට නවතින්න තැන් තියේවිද?
Deleteමං නිකමට අහන්නෙ, කැකිරි තියෙන ගමක ඔයවගේ දෙයක් සංවිධානය කිරීම කොයිතරම් දුරට ප්‍රායෝගිකද?
අග නගරයෙන් දුරබැහැර නිසා මෙවන් අගනා අවස්ථාවන්ට සහභාගි වෙන්න ඉඩකඩ අඩුයි.
ReplyDeleteකොළඹට කිරි ගමට කැකිරිලුනේ....
කාන්චනාට සුබ පැතුම්.
ReplyDeleteදෙවරක් හමුවී තිබුනට බ්ලොග් එක ගැන දැනගෙන හිටියෙ නෑ