Tuesday, July 14, 2015

ත්‍රාසජනක ෆිසික්ස් පංතිය






බස්සිගේ ඉක්කෝලෙ කාලෙ කතා මාලාවට ලිපියක් එක්කාසු කරන්න කාලාන්තරේකින් බැරිවුන නිසා ඔන්න අද බස්සි ඉස්කෝලෙ කාලෙ සිදුවීමක් ගැන යාං හෑල්ලක් කියවන්න තීරණය කලා.


බස්සි ඇතුලු මිතුරු පිරිසගේ ඕ ලෙවල් කාලෙ ප්‍රියතම ගුරුවරයෙක් වුන “කොමා” ගැන මම මීට කලින් ලිපියකදි කිවුවා කස්ටියට මතක ඇති.


ඉතින් ඔය සුන්දර සහ සමනළ පියාපතක් මෙන් සැහැල්ලු ඕ.ලෙවල් ජීවිතයට සමු දීලා අපි ඝෝර කටුක ඒ.ලෙවල් ජීවිතයට පා තබනවා පින්වතුනි. ඔය ඒ ලෙවල් ජීවිතයේ ආරම්භයත් එක්කම අපේ අම්මත්, මගේ හොඳම යාලුවො රොත්තකගෙම මව් දෙමව්පියනුත් ඉතාම අකාරුණික අයුරින් තීරණය කරනවා අපිව ප්‍රදේශයේ සිටින දරුණුම භෞතික විද්‍යා ගුරුතුමියට බාර දෙන්න.


අපේ අවාසනාව තවත් තීව්‍ර වෙන්නෙ ඒ ගුරුතුමිය හෙවත් ‘ඩේසි ටීචර්’ එක බැච් එකක් වෙනුවෙන් කරන්නේ ළමයි විසිපස්දෙනා බැගින් වූ කණ්ඩායම් පන්ති තුනක් පමණක් වීම නිසයි. ඒ නිසාම ඒ කුරුස බර අදින්න අපිව තෝරාගත්තෙ මූලික ගණිත දැනුම ඉතා ගැඹුරෙන් පරීක්ෂා කොරපු, දකිනකොට කෙඳිරි ගෑවෙන ප්‍රශ්ණ පත්තරයක් තරණය කරවීමෙන් අනතුරුවයි.





ඇත්තටම මගේ වාසනාවට හෝ අවාසනාවට මුල් අවධියේ මම යන පංතියේ මගෙ ඉස්කෝලෙ යාලුවො සැට් එකේ පිස්සු කෙලින උන් එකෙක්වත් හිටියෙ නෑ. ඒ වෙනුවට මගේ ගමන් සගයා වුනේ ඕ.ලෙවල් විභාගෙදි දිස්ත්‍රික්කෙන් දෙවෙනියා වෙලා ඒ වෙනකොටත් තරුවක් බවට පත්වෙලා උන්නු ජුඩියා. (අනිත් උන් බොහොමයක් උන්දැට ගෞරව පුරස්තරව කතා කරද්දිත් මගේ සහ කිරිහාමියාගේ නැහැදිච්ච කටවල් උන්දැව ආමන්ත්‍රණය කලේ “ජුඩියා” කියන ආරූඪ නාමයෙන්මයි.)


ඔන්න දවසක් අපි පිචිස් ක්ලාස් යන්න ලෑස්ති වෙලා ජුඩියගෙ ගෙදර ඉස්තෝප්පුවෙ වාඩි වෙලා ඉන්නව. මේ වෙනකොට අර දුර්භික්ෂ සමය පහවෙලා ජෙස්මියා සහ කිරිහාමියා ඩබලත් අපේ පන්තියටම එන්න පටන් අරන් තිබුනෙ. ඉස්කෝලෙ ඇරුනු ගමන් අපි තුන්දෙනා පෝලිම් කුඩු කරන් ඩුවගෙන ආවට ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් වෙච්චි ජුඩියට එහෙම ලේසියෙන් එන්න බෑ.


ඔන්න ටික වෙලාවකින් ජුඩියා අත් දෙක පද්ද පද්දා බොහොම සැහැල්ලුවෙන් එනව. ජුඩියගෙ තාත්ත එලියට බැහැලා පුදුමෙන් වගේ බලන් ඉන්නව දැකපු අපිටත් මූ එන විදියෙ මොකක්දෝ අමුත්තක් පේන්න ගත්තා. 


“කෝ ළමයෝ ගෙදරින් යනකොට ගෙනිච්ච බෑග් එකයි වතුර බෝතලෙයි.”

ජුඩියගෙ තාත්තා මහ සද්දෙට අහද්දි වට දෙකක් කැරකිලා ඇංජිම ඉස්ටාර්ට් කරගත්තු ජුඩියා පිස්සුවෙන් වගේ ආපහු ඉක්කෝලෙ පැත්තට දුවන්න වුනා.


************************





ඩේසි ටීචර්ගේ ගේ ඉස්සරහ තියෙනවා බොහොම සරුසාර ඉද්ද පඳුරු කීපයක්. දවසක් මමයි ජෙස්මියි ඩබල කතාවක් දාගෙන ඉන්න අතරේ ජෙස්මියා ඔය ගහෙන් ඉද්ද මල් කඩ කඩා මගෙ කොණ්ඩෙට ගහනවා. මේ අවස්ථාවේ අර පරණ ක්‍රස් එකක් පැත්තකින් ඉඳන් හොරෙන් බලාගෙන හිටපු නිසා ඔන්න මමත් ෆුල් කැටයම් පාර දාමින් ඉන්නව.


හදිස්සියේම ඩේසි ටීචර් පංතියට එනවත් එක්කම අපි කඩාගෙන ගිහින් ඉඳගත්තා. වෙනදා වගේ නෙමෙයි, අද ක්ලාස් එකේ කොල්ලො මිස් අහකට යනකම් ඉඳලා කියන්නෙ එකම සින්දුව. 


“කාගෙ වත්තෙ මල් කඩන්නෙ 
ල් කඩන්නෙ මල් කඩන්නෙ
කාගෙ වත්තෙ මල් කඩන්නෙ 
ටනනනානනා"


මමත් ඉතින් අර ගප්පියගෙ සුද්දි කියන්නැහේ ‘පික්ශූඩ?’ කියලා හිත හිතා පැය තුනම කොහොමින් කොහොමහරි ගෙවා දැම්ම. ක්ලාස් ඉවරවෙලා නැගිටලා යනකොට පොඩි ඇඩ් එකක් දාලා කොණ්ඩ කෑල්ලක් ඉස්සරහට පද්දලා ගත්තා විතරයි.


මල හත්තිලව්වට ඉද්ද මල් වැස්සයි කියහල්ලා අර අති භයංකාර ඩේසි ටීචර්ගෙ මේසෙ උඩට!


ඔබතුමන්ලාට කිවුවට මොකද පින්වතුනි, ඒ අවස්තාවේ “හැක හැක හැක” යනුවෙන් රැලි පෙරැලි නංවාපු නොසන්ඩාල කොලු රැලගේ සිනා සයුරේ ගිලෙද්දි මගේ හුස්ම හිරවෙලා එතන මලානම් හොඳයි කියලාමයි මට හිතුනෙ.


මම ශ්‍රෙක්ගේ පූසා වගේ බලන් හිටපු හැටි දැකපු ඩේසි ටීචර්ගෙ ගල්හිත පළමු වතාවට උණු උනා මම හිතන්නෙ. ඒ නිසාම මගෙ දිහාවට පොළව පලාගෙන යන උපහාසාත්මක බැල්මක් දාල කීවෙ;

“අහා මෙයාද එතකොට ඉද්ද හොරා?” කියල විතරමයි.





ඔය කලාස් එක ඒ කාලෙ අපේ ජීවිත වලට කොයිතරම් තදින් බලපෑවද කිවුවොත්, මම අපේ කොමා ගැන ලිවුව විදියෙන සිංදුවක් ඩේසි ටීචර්ටත් හදලා තිබුනා. අන්න එහෙමයි අපේ ගුරු බක්කිය.


නින්දෙන් ඇහැරී ඇස් ඇරියේ
ඩේසී, නෑ පුටුවේ හිටියේ
ගල් කැට ප්‍රක්ෂේපිතයක් දුටුවේ
ඩේසී කිකිලී හා පොර පිටියේ


දිවියේ ආශා – ක්ෂය වූ දවසේ
කන මත අම්මා තෙරපුම් බල යෙදු මොහොතේ
ලක්ශ්මනයගෙ පොත් ටික කරපින්නා
අපි දුම්මලදෙණියට පියමැන්නා


ඉර හඳ සේ මා භ්‍රමණය වූවා
ඝර්ෂන නැති දෛශිකවල උත්තර ලීවා
නිවුටන්ගේ ආච්චි සිහි කරලා
MCQ ටෙස්ට් පේපර් හැදුවා


(නිම් හිම් සෙව්වා මා සසරේ සිංදුවේ තාලෙට ගායනා කරන්න ඈ!)





මගේ ඒ.ලෙවල් ඉතිහාසයටම, සයන්ස් වලට ඇල්ම ඇති සත්තු වැඩිම ගානක් දැක්කෙ ඩේසි ටීචර්ගෙ පන්තියෙදි. ඩෙස් වල යට ලෑල්ලේ ඉඳන් කට බලියාගෙන ඉන්නා හූනෝ, කණු දිගේ බඩගාමින් ඕනෑම මොහොතක හිස මතට කඩා පාත් වීමේ නොතිත් ආශාවෙන් පෙලෙන කටුස්සෝ, හිටි අඩියේම කෙකර ගාමින් පන්තිය මැදට කඩා වැදී ටීචර්ට අත්තාපල්-මුත්තාපල් තියන්නට හඬගාන නාඹර කිකිළියෙක්, සෑම දුස්ස්‍රාවිතා ගණනක් අවසානයේදීම නැගිට මෙරිගෝ රවුමක් මෙන් වට පහළොව හමාරක් කැරකී ආපහු මොකුත් නූනා වාගේ බිම ඇදවැටී නිදන ලොම් හැලුනු බල්ලෙක්, ඇත්තටම උඹලට පීක්ශුදැ’යි අහන්නාක් වැනි විමසුම් බැල්මක් ඇතිව වයිට් බෝඩ් එක පාමුල තැන්පත් වුන සුදෝසුදු බළල් තඩියෙක් විතරක් නෙමෙයි වතාවක් දෙකක් ඉතාම අනපේක්ෂිත ලෙස පංතියට කඩා වැදුනු ගැරඬියෙකුත් ඒ කාලේ අපේ පන්ති සගයන් වුනා.


මායි කිරිහාමියයි ජෙස්මියයි දවසක් වේලාසනින්ම පන්තියට කඩාපාත් වුනේ බරපතල ඕපාදූප සාකච්ඡාවක් දිග අරින්න තිබුන නිසයි. අහෝ දුකකි, ඉරකි තිතකි කියන්නැහෙ මෙන්න බොලේ ඩේසි ටීචර් එදා අක්කලා අයියලා සෙටාර් එහෙකට රිවිශන් ක්ලාස් එකක් කරනවා.


අපි තුන්දෙනත් ඉතින් නැව ගිලිච්ච කැප්ටන්ලා වගේ බෑග් මලු  කරේ එල්ලගෙන යනවා. කියව කියවා යනවා. කියව කියවා කියව කියවා යනවා. කියව කියවා යනවා යනවා යනවා.


හොඳ වෙලාවට, ඇත්තටම හොඳ වෙලාවට ලුණුවිල හන්දිය පහුවෙනකොට මේ ඉන්නේ කොහේද කියන එක යාන්තම් ජෙස්මියාගෙ මොළේට වැටිලා තිබුනා. වෙලාව බලනකොට අපි පැය එකහමාරක් විතර තිස්සේ, කියව කියවා පැද්දි පැද්දි දුම්මලදෙණියේ ඉඳන් ඇවිත් වෙන්නප්පුවත් පහුකරලා.


ඔව් ඉතින් ආයෙ ඉතාම ආඩම්බරයෙන් යුක්තව බස් එහෙකට නැගලා ක්ලාස් එකට ආවා. හුහ්! කට් කරන්න? එහෙමත් කට් කරනවද අර සුකුමාර ක්‍රස් එක එන පංති?





ඇවිත් සුපුරුදු පරිදි පිටිපස්සෙම පේළියට වාර්තා කරනකොට මිස් හෝම්වර්ක් බලලා ඉවරවෙලා අහනවා;


“ළමයි. තරංග චලිතයෙන් මොනව හරි ප්‍රශ්ණ තියෙනවනම් අහන්න. අපි අලුත් යුනිට් එකක් පටන් ගන්නයි හදන්නෙ.”


එතකොටම පැනොරාමා එකක් ගන්නවා වගේ කවදාවත් නැති උනන්දුවකින් කිරිහාමියා බෙල්ල කරකවලා වටපිට බලා අහපි;

“ඒ බං තරංග කියන්නෙ JVC එකෙන් අලුතෙන් ආපු එකාද?”






71 comments:

  1. හියැහ්...පුහ්...පුහ්...

    නිර්මාණශීලී සිතක සුන්දර මතකයන්!

    ReplyDelete
    Replies
    1. හිහීහී...!

      ඔය වගේ ක්ලාස්වල ඉන්නකොට මාර නිර්මාණශීලී සිහින කල්පනා පහල වෙනවා නේද?

      Delete
  2. Replies
    1. අවුරුදු දෙකකි, පෝස්ට් 276 කි. අනිවාර්යයෙන්ම තව ලියමි.
      :D

      Delete
  3. ඔය පිචික්ස් ක්ලාස් වලට එන්නම අන්දොස් උදවිය කියල මම ඉස්සර තදින් විස්වාස කළා.. මම හිතන්නේ පළාත මොකක් උනත් වැඩේ ඇත්තයි...

    නියමයි බස්සි, නියමායි... තව ලියමු... මගේ ඒවා ලියන්න ගොහින් කොහෙන් කෙලවර වෙයිද කියල බයයි.. හික්...

    ReplyDelete
    Replies
    1. බොහෝම අමාරුවෙන් වැඩියෙම නෝණ්ඩි නොවෙන කතා ටිකක් කියල බේරුනාලු ඈ... ළමාසාරියක් ඇඳන් පිචිස් ක්ලාස් යාමේ කතාව, පිචිස් ක්ලාස් යන්නට ඇති බව අමතක වී ඉක්කෝලෙ ඇරිලා වැස්සෙ තෙමීම සහ හොඳට තෙමුනාට පසු ඇඳුම් ඇඟට ඇලෙනවාය යන සරල සංසිද්ධිය සහමුලින්ම අමතක වීමේ කතාව, හොර කපුකම්වලට අදාල කතා (අදාල පුද්ගලයන්ගේ වර්තමාන ලව් ඉලව් ගිජිබිරිස් වුනොත් ඔව්වා කියලා) වැනි බොහෝ කතා ලිවුවෙ නැත්තේ පාරෙ බැහැලා යන්න ඕනෙ නිසාලු.

      උපය ඉතිං අන්වර්ථ නාමෙක මූණ වහන් ඉන්න එකේ ඔහෙ කියල දාන්ටකො අප්පා. උඹට උනා කියන්න ලැජ්ජනම් අක්කට උනා කියල කියාං, අපි කාටවත් කියන්නෑ.

      Delete
    2. ඈ බන් බස්සියෝ, ඔබතුමි හිතන් ඉන්නේ මම මේ අන්වර්ථ නාමයකින් ලියනවා කියලද? රට්ටු දන්නවා මම කවුද කියල. අපේ අක්කට උනා කියල ලියනවා නම් ලියන්න වෙන්නේ ඔක්කොම ත්‍රාසජනක කතා තමයි ලියන්න වෙන්නේ. හය්යෙන් හුළඟක් හැමීම නිසා ඇතිවූ භිෂණය, හුනෙක් ගේ ආගමනයෙන් ඇතිවූ මහිකාන්තා කම්පනය, ඕපාදුප සෙවීමේ වැදගත්කම සහ සමාජ ජාලවල ආරම්භය, බෝඩිමේ කෑම බෙදාගෙන කන සාර්ථක පිළිවෙල, යාළුවන් වෙනුවන් පන උනත් දීම හෙවත් වර්ජනයේ නියාමක, හොම්බ විකන ෆැෂන් සහ ගර්ලිෂ් වීම, මර ලතෝනි සහ හැඩීම පිළිබද රහස්, ඕනෑම කෑමක් එකම රසට හදන ආකාරය.... අපෝ තව තියෙනවා. ලියන්න බැහැ , හති වගේ..

      Delete
  4. අතීතය සුන්දරයි...
    ඔය කාලේ කරපු වැඩ වලට "පිස්සු වැඩ" නොකිය කියන්න සුන්දර වචනයක් නැද්ද?
    මරු නියමයි.. සුප්පා.. බස්සි අක්කා..

    අන්දොස් නැති උදවියටත් අන්දොස් වෙනවා ටික කාලෙකින්

    ReplyDelete
    Replies
    1. අනිවා, මට මතකයි අපේ ඉක්කෝලෙට අධ්‍යාපනයට බොහෝම ලැදි සුවිනීත ගෑල්ලමයි දෙන්නෙක් ආවා දේවි එකෙන් සහ සිරිමාවෝ එකෙන්. ඒ ලෙවල් වලට. සෙනසුරු අපලෙට විශ්ණු දෙයියන්ටත් බටකොල කන්න වුනා කියන්නැහේ උන් දෙන්නගෙ පූරුවෙ කරුමෙකට අපිත් එක්ක සැට් වුනා. විනාසේ... විනාසේ.... ඒ ඩබල ගැනත් ලියන්න ඕනෑ පෝස්ට් දෙකක්.

      Delete
    2. ලියන්ට ලියන්ට.. කියවන්න ආසාවෙන් ඉන්නේ..
      අනා පව් ඒ ගෑල්ලමයි.
      මගේ මුල ප්‍රශ්ණෙට උත්තරයක් ලැබුනෙ නෑනෙ..
      අපෙ සෙට් එකටත් ඔය වගේම සෙට් උනා මලියදේවේ පොරක්..පව් අප්පා...

      Delete
    3. බොලා මලියදේවෙ එවුන්ට සෙට් වෙලා නැති හැඩයි.

      Delete
    4. සෙට් වෙලා තියෙනවා.මන් කිව්වේ මලියදේවෙ උනත් ඉගනිමට කැපවෙලාම උන්න එකෙක් ගැන.එහෙම උන් ඕනම එහෙක ඉන්නවානේ ලබ්බෝ...

      Delete
    5. මුදියන්සේ :
      පිස්සු වැඩ කියන වචනෙම සුන්දර නැද්ද ඉතින්.

      Delete
    6. ගස් ලබ්බා :
      මලියදේවෙ කියන්නෙ නිකං සිංහරාජෙ වගේ, මාර ජෛව විවිධත්වයක්නෙ තියෙන්නෙ ඒකෙ ඉන්න උන්ගෙ. හෙනම බ්‍රයිට් උන් වගේම අමුම අමු අපතයොත්, නියපොත්තේ හිට පිස්සු උනුත්, ඔලුව ලොකු ආඩම්බරකාරයොත් ඉන්නවා.

      Delete
  5. හැක් හැක් හැක්...!!අඩේ පිචිස් කියන්නේ මම ආසම එකක්..
    මාත් ඉතින් උඹ වගේ සුකුමාර ක්‍රස් එකක් නිසා පංති ගියා කියන්නේ ආයේ ඉතින් අවුරුදු දෙකටම නොගියේ එකම එක දවසයි..!! ඒ තමයි එහෙම පැමිනීමක් වාර්තා කල එකම එකම එක පංතිය...බුහා හා හා!! උඹේ කතා ටික පංකාදුයි නගා... :)

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ අපි වගේ උන් ඔය පන්ති වලට ගිය තරමක් ගියෙ ක්‍රස් හින්ද විතරමයි කියල.... කොටින්ම කිව්වොත් මාත් අපේ පන්තිවල ලස්සනයි කියල කියන්න පුලුවන් එකෙක්වත් නැති උනාමත් මොකෙක් හරි බල බල ඉන්න අල්ලගත්තෙ, එහෙම කළේ නැත්තං පන්ති යන්න හිතෙන්නෙම නැති හින්ද.... හි හි ( මගේ වෙලාවට හැම පන්තියකම එකෙක් දෙන්නෙක් හිටිය ඇහැට කනට පේන.... හි හි)

      Delete
    2. Kaushi ++++++++
      මාත්...හැක් හැක්..
      අපිත් මෝටිවේට් වෙන්න එපැයි නැද්ද මම අහන්නේ..! ;)
      මාත් නිවාඩු පාඩුවේ ලියන්ට ඕනි ඒ කාලේ ගැන..මේ බසු යෝදි අපේ නොස්ටැල්ජියාව වැඩි කරවනවා අප්පා..! :D

      Delete
    3. අඩේ මං වගේම තව උන් දෙන්නෙක්.

      ඔය පිචිස් පන්තියට සහ කෙමෙස්ට්‍රි පංති දෙකට ආවේ ප්‍රධාන ක්‍රස් එක. ඒ නිසාමද කොහෙද මට හොඳටම පුලුවන් සබ්ජෙක්ට් එක කෙමෙස්ට්‍රි.

      හැබැයි මමත් අතාරින්නෙ නෑ. අනිත් ක්ලාස් වලිනුත් පොඩි ක්‍රස් කෑල්ලක් හොයාගන්නවා. ඇයි දෙයියනේ උදේ පාන්දර නැගිටලා ක්ලාස් යන්නයි, දවල්ට කාලා නිදිමතේ ඉන්න වෙලාවෙ ක්ලාස් යන්නයි ඒවගේ ලොකු පෙළඹවීමක් අත්‍යාවශ්‍යයි නෙව. නැද්ද මං අහන්නෙ?

      අර ක්‍රස් එක මිස්ගෙන් බැනුම් අහන්ට බැරිය කියලා කාලයක් පිචිස් පංතිය නැවැත්තුවනෙ. මං අහන්නෙ, ඌට වටිනවද එහෙම කරන්න? හැබැයි මමත් අතෑරියෙ නෑ. වහාම ජෙස්මියා තමන්ට වෙන් කරන් හිටපු ක්‍රස් එකට වහාම ඇහැ දාන්න පටන් ගත්තා. සමහර දාට ඌ බලන්නෙ කා දිහාද කියලා හෙන වලි දාගන්නව අපි දෙන්න.

      Delete
  6. මල හත්තිලව්වට ඉද්ද මල් වැස්සයි//
    එල ද බ්‍රා ටොක් එක

    නින්දෙන සෙව්වා මා..සුමානා..
    සුමනා..නෑ මා ලග හිටියේ...
    ලං වි බැලුවා...දෝරේ හිලේන්..
    සිරිපාලයි සුමනයි ... මැද මිදුලේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්! තැන්කූ මෙන්ඩෝ...!

      ඔය වර්ශන් එක ගියෙ අපි නොදන්න ලයිව් වලනෙ. පොඩ්ඩක් ලිරික්ස් වෙනස්
      //නින්දෙන් සෙව්වා මා පැදුරේ
      සුමනා නෑ මා ළඟ හිටියේ
      ලං වී බැලුවා හිලෙන් දොරේ
      සිරිපාලයි සුමනයි මැද මිදුලේ//

      අපි නොදන්න ලයිව් එකේ ඔය වගේ පට්ට සින්දු තොගයක්ම තිබුන නේද ඒ කාලෙ?

      //ගර් ගර් නද දෙන රෑ ඝන අඳුරේ
      කොටියෙකි මා මේ සූ එක ඇතුලේ//

      //මාදු ගඟේ මම නාන වෙලාවේ
      ගැඹුරු දියේ බැස - පාවි - නොතේරී,
      ආවා නෙ මේම ලූලා//

      Delete
    2. ඔය තියෙන්නෙ එල ද බ්‍රා

      Delete
    3. හෑ..... ???? හූංගා...????

      වරල් සැලී.... දිය සෙලවී.... ආවෙ ඇදී මා.... වෙතට අනේ.....
      දිවුවා........ආ....ආ....
      දිවුවා .....මම චූ බේරි බේරි......
      ආවා.... මේම...

      Delete
    4. ඔව් ඔව් හුංගා තමයි. මට වැරදිලා නෙ

      Delete
  7. පිස්සු හැදෙනවා හොඳේ ...

    ReplyDelete
  8. අපි නං ගියෙ ඉතිං ඒසී දාපු පන්තිවලටනෙ... සත්තු එහෙමට දැක්කෙ නෑ... අනිත් එක ඔය චිත්තරකාරයො ඉන්න අහලකටවත් සත්තු එහෙම එන්නෙ නෑලුනෙ... උන්වත් එක එක විදියට හිටවල, ඉන්දවල, බඩගානවල චිත්තරයට නඟන්න අපේ උන් හරි කැමතියි ඒ කාලෙ... හි හි... ඒ වෙනුවට ඉතිං ඇති තරං කනත්තවල්වලයි, හොල්මන් බංගලාවලයි, පාක් වලයි රවුම් ගැහුව....

    ReplyDelete
    Replies
    1. අඩේ! හිරු අක්කා ඒ ලෙවල් වලට චිත්‍රද කලේ? මරුනෙ! ඒක තමා මේ එක එක ජාතියෙ ගිජිබිරිස් සුකුරුත්තම් ජාති හදන්නෙ නේද!

      Delete
  9. හි..හි... මේක කියෙව්වහම මට මතක් වුනේ අපේ ෆිසික්ස් ක්ලාස් එක...

    ඩොක්ටර් රෝසාගේ පොත් ටිකත් කරේ තියාගෙන පරාන බයෙන් ගැහි විශිෂ්ටයෙක් වෙනවාද වෙනවාමයිද කියලා සර් පන්තියෙන් ඇහුවහම ගැහී ගිහින් අත් උස්සලා ප්‍රතිඥා දීපු හැටි මතක් වුනා. ඉස්කෝලේ නම් හිටියේ "අඟහරු බට්ටා කියන සුරතල් නාමයෙන් හිටිය සර් කෙනෙක්...

    ඉන්නකෝ... ඉන්නකෝ වෙලාවක විස්තර ටික කියන්න....

    ReplyDelete
    Replies
    1. මාත් ගියානේ ඔය විශිෂ්ටයෝ වෙන පංතියට...ගෙදර වැඩ නොකිරීම හා පරක්කු වී පැමණීමට ලකුණු වැඩියෙන් ලැබෙන්ඩ ගත්තම මම ඒක නැවැත්තුවා....

      Delete
    2. ඔය විශිෂ්ඨයො වෙන පංතියට යන සමහරු නම් සෑර්ට දේවත්වයෙන් සලකන්නෙ. ටියුට්වලට දුම් අල්ලලා, කාඩ් එකට පහනක් පත්තු නොකරන ටික විතරයි. අපේ ඉක්කෝලෙ හිටියා එහෙම ඩෑල් එකක්, අපි ඉතින් පුස්සාට බනිනව එයාට ඇහෙන්න. ආයෙ වරුවකට කනක් ඇහිල ඉන්න නෑ ඉන් පස්සෙ අපිට. හෙහේ!

      රෝසාගෙ කෙටි ක්‍රම හොඳයි ඒත් සමහර වෙලාවට එයාගෙ ලොජික් කැතටම වැරදිලානෙ නංගෝ. උත්තරේ ආවට, උන්දෑ පාවිච්චි කරන මෙතඩ් එක වැරදී. අපේ කලාස් එකේ හිටපු පරමාදර්ශී පොත් සැට් එක ලක්ශමන් දිසානාවය.

      ඔන්න දවසක් එකෙක් අහනව;

      කොල්ලා :"මිස්, ලක්ශමන් දිසානායක කියන්නෙ මිස්ගෙ නෑයෙක්ද?"

      මිස් : :O

      කොල්ලා : "යාලුවෙක් ද එහෙනං?"

      මිස් : "ඇයි?" :#

      කොල්ලා : "නෑ අපි ඕකගෙ පොත් ගන්නව ගන්නව කෙලවරක් නෑනෙ." (ඇහෙන නෑහෙන ගානට.) "මොකද්ද මන්දා මේ මිස්ගෙයි ලක්ශ්මන්ගෙයි අතරෙ තියෙන සම්බන්ධෙ!"

      මිස් : >_< >_< >_<

      Delete
  10. අපේ පිසික්ස් සර් ගේ ජනප්‍රියම වැකිය... "මොන රෙද්දක්ද පුතා කතා කරන්නෙ.."
    .. ඈ බස්සි.. මේ පෝස්ට් බස්සා කියෝනවද? ;)

    ReplyDelete
    Replies
    1. ජනප්‍රියම වැකියනම් මරු. හික්ස්!

      ඔව්, බස්සා කමෙන්ට් නොකලට ඊමේල් එකෙන් සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්නෙ. හැම පෝස්ට් එකක්ම කියවනවා. අනික පෝස්ට් එකක් දැම්මම මම ෆේස්බුකෙන් බස්සට ඒකෙ ලින්ක් එක යවනවනෙ. ඇයි හැබෑට ඒම ඇහැව්වෙ?

      Delete
    2. "හුහ්! කට් කරන්න? එහෙමත් කට් කරනවද අර සුකුමාර ක්‍රස් එක එන පංති?"
      හික්ස්!

      Delete
    3. බස්සා පමණක් නොව ඒ ක්‍රස් එකද මේ බ්ලොග් එක කියවයි. ඒ ක්‍රස් එක බ්ලොග් කියවන බව බස්සා දන්නා අතර ඒ ක්‍රස් එක බ්ලොග් කියවන බව බස්සා දන්නාබව ඒ ක්‍රස් එකද දනී. බොහෝ විට බස්සිගේ ජීවිතයේ වැදගත් තැනක් හිමිවීමටනම් තිබිය යුතු ඉහලම ගුණාංග අතර විශ්වාසය හා විනිවිදභාවය ඉහලම තැනක් ගන්නා අතර... බ්ලා බ්ලා බ්ලා...!

      ඒකනෙ මචං බස්සා විශේෂ වෙන්නේ. ඒකනෙ මචං මම ස්වකැමැත්තෙන්ම බස්සි වෙන්නේ.
      :D

      Delete
  11. මාත් ඒ කලේ බද්දෙයට ලියපු කවියක් අන්තිම පේලියේ කැටයම් කරලා තිබ්බ....හැමදාම පරක්කු වෙලා ගිහින් වේලාසනින්ම එන (ගොඩක් දාට ඉන්ටර්වල් එකේ) එන මගේ ක්ලාස් ජිවිතේ අන්තිම පේලියේ හිටිය කෙල්ලට කොහොම හරි නොම්බරේ දීලා එනවා..ඊළගට සතියම බලන් ඉන්නවා එකී කතා කරයි ඩ කියල..කතා කරපුවත් හිටියා..කරුමෙක මහත කියන්නේ ඉලගසතියේ ඒකිගේ මුණ මතක නෑ නොවෑ ඉතින් ඒවා පටන්ගත්ත තැනම හබක් වෙනවා..හැබැයි ඒ අතින් සන්නස්ගල සර් ගේ ගෝලයෝ අපිට අමතක උනත් මතක් කරලා දෙනවා මමයි එයා කියල..ඒ අතින් විද්‍යා විෂයන් කරපු කෙල්ලෝ හරිම කුරිරුයි...

    ReplyDelete
    Replies
    1. අපේ බැච් එකේනම් විද්‍යා ද කලා ද වෙනසක් නැතුවම ඔය කියන කුලක දෙකටම අයිති ළමයි හිටියා. හැබැයි මටනම් සමහර ආර්ට් ලමයින්ව හිතට සෙට් වෙන්නෙ නෑ. මොකද මොන මලකරුමෙකටද මන්දා සමහර ආර්ට් ලමයි "අපි වෙනස්" කියල ලේබල් එකක් නළලෙ ගහගෙන ඉන්න පුරුදු වෙලා හිටියා ඒ කාලෙ.

      ආර්ට් ක්ලාසස්වල මගෙ හොඳ යාලුවොත් හිටියා. එයාලගෙ විෂයයන් හරි රහයි. ඉගෙනගන්න ආස හිතෙනව.

      Delete
    2. ආර්ට් කොල්ලෝ ගැන නම් දන්නේ නෑ මම ආර්ට් නොකරපු නිසා කෙල්ලෝ බලන්න ආර්ට් පන්ති ගිය නිසා උන් ගැන නම් හොදින් දන්නවා..ලොකු ඒක සෛලික ඇමිබවන් ගානට ඉන්නේ හැබයි උත්ටෙජිත බෙන්සීන් අනුවක් දැන්මමා ටක් ගාලා ප්‍රතික්‍රියා කරනවා

      Delete
  12. ෆිසික්ස් පංති නම් පට්ට!!! මෙලොම රහක් නැත්තේ කේමිස්ට්‍රි ඒවා තමයි!!!

    ReplyDelete
    Replies
    1. මම ආසම කෙමෙස්ට්‍රි ඒවා. :D

      Delete
  13. පිස්සු හැදෙයි සද බැබලෙයි අමම ගහයි කීවලු.
    මොකද්ද බං දුස්ස්‍රාවිතා කියන්නෙ අපි දන්නනවෑ ඕව

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන අපිත් දන්නෑ බං. දන්නවනම් මෙහෙම වෙනවයැ.

      Delete
  14. අඩේ, මගෙත් ආසම එක තමා පිචිස්. එන තරමක් ක්‍රෂ් ආවේ ඔය පන්තියට තමා. ඒක හින්දද මන්දා මට හොඳට පිචිස් පුළුවන් :D

    ReplyDelete
    Replies
    1. මගෙ ආසම එක කෙමෙස්ට්‍රි. ප්‍රධාන ක්‍රස් එක කෙමෙස්ට්‍රි ක්ලාස් දෙකටම ආවා. එක කෙමෙස්ට්‍රි ක්ලාස් එකකට උප ප්‍රධාන ක්‍රස් එකත් ආවා.

      Delete
  15. හත් ඉලව්වයි බලාගෙන ගියාම පිචිස් ඇන් කරස් කියන්නේ ගහට පොත්ත වගේනේ , මේකත් පිචිස් සීන් එකක්නේ http://iwanpaulooshaa.blogspot.com/2014/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඒ සිරාවට ඔව්මයි නේ. මට මතක තිබ්බෙ සුරංගා ඕ ලෙවල් කාලෙ සීන් එකක් කියල. ආයෙ ක්‍රෂ් ක්‍රෑෂ් සීන් එකක් ලියාංකො.

      Delete
  16. මේ බස්සි නම් බොහොම හොඳට පිචිස් ඉගෙන ගෙන තියෙන බව පේනවා..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ විභියෝ.

      Delete
  17. ඒ පංතියෙ බිංකුණ්ඩො හිටියේ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. බිංකුණ්ඩොයි, වේයොයි ගැන මට ලියන්න අමතක උනා නෙව. ඇයි අප්පේ වැහිදාට එන ගැඩවිල් පණුවො!

      Delete
  18. අපිනං පිසික්ස් පංති ගියේ ටියුට් ගන්ඩ විතරයි ...
    ඉගෙන ගත්ත ටික ඉගෙන ගත්තෙ බ්‍රයිට් උංගෙන් කුප්පි දාගෙන ...
    ඒක හිංදා පංතිවල රසකතා නෑ
    කට් කරල කරපු ඒවනං ඕසෙට

    ReplyDelete
    Replies
    1. අපේ නම් කුප්පි සංස්කෘතිය පටන් ගන්නෙ කැම්පස් එකෙන්.

      ඉස්කෝලෙදි දවසක් යාලුවො කට්ටියකට බයෝ පාඩමක් (කුප්පි ටයිප් එකක්, මගේ බයෝ විරිදු ස්ටයිල් එකට.) උගන්නන්න ගිහින් බයෝ ටීචර්ලාට මල පැන්නා මම උන්දලා එක්ක ගේමටයි එහෙම කරන්නෙ කියලා. අපිට හිටියේ මහා අන්දොස් බයෝ ටීචර්ලා දෙන්නෙක්. අන්තිමට මාව ආෆ්ටර් ස්කූල් තියාගෙන අම්බානක දෙහි කැපුවා. හාපෝ අමිහිරි අත්දැකීම්!

      Delete
  19. ඇත්තටම පිසික්ස් කියන්නේ සිරාම සබ්ජෙක්ට් එකක්. මගේ ප්‍රියතම විෂයය.

    හොඳට පිසික්ස් මොලේට වදින කොට තමයි තේරෙන්නේ කෙමිස්ට්‍රි සහ ඇප්ලයිඩ් කියන්නේ පිසික්ස්වල උප කුලක දෙකක් ය කියන එක. පියෝ නම් කොහොමටත් ඇප්ලයිඩ්වල කෑල්ලක් නේ!

    ReplyDelete
    Replies
    1. කෙමෙස්ට්‍රිවල ඇතුලට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට බලද්දි යකඩෝ දැන් මේ උගන්නන්නෙ ෆිසික්ස් නේද කියලා මටත් හිතිලා තියෙනවා.

      මමනම් ආසම කෙමෙස්ට්‍රි.

      Delete
  20. උසට වඩා කොන්ඩෙ දිග වුනාම ඉතින්...


    btw ජෙස්මිය කියන්නෙ ජැස්මින් කඩන නිසාද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒකාගෙ නම ජෙස්මි. කාර්ඩ් එක කිවුවොත් ඌත් නෝණ්ඩි වෙලා මාත් නෝණ්ඩි වෙන නිසා සැබෑ නම දැම්මා.

      Delete
  21. මාත් ඇවිත් ‍කියෙව්වා...

    ReplyDelete
  22. චැහ්..... මහ නැහැදිච්ච හිපියො සැට් එකක්. මුං අපි කොරපු එව්වටත් වඩා එව්ව කොරලනෙ.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි ඉරිසියාව!

      Delete
  23. සියලු සයන්ස් කාරයෝ නැසෙන සුලුයි....

    ReplyDelete
    Replies
    1. මාත් අහල තියෙනව ගොඩක් අය කියනවා.

      Delete
  24. කවුද මල් හොරූ?

    ReplyDelete
    Replies
    1. මගෙත් යාලුවෙක් හිටියා මලියා කියල

      Delete
  25. ගස්ලබ්බ පිචිස් ක්ලාස් එකේදි එක දිගට මාස අටක් එකම කෙල්ලෙකුට සතියකට එක ගානෙ කවි පංති චිට් යැවුවා.එහෙම එකකට නෙමෙයි.ආතල් එකට වගේ..කියවන දිහා බලන් ඉන්න එක ඇති. නමක් ගමක් නැතිව යවනවා.ඉන්න පේලියයි ඇඳුමෙ පාටටයි එඩ්‍රස් කරලා.ඩයල් එක අද වෙනකන් දන්නැතිව ඇති මොකාද මේ වැඩේ කලේ කියලා.දැං නං මූණත් අමතකයි වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක මරු වැඩේ!

      අපි ඉස්සර ලිට් ක්ලාස් එකේදි කලා ඔහොම වැඩක්. කොල්ලෙක්ට නෝණ්ඩි කරලා කවි ලියලා ක්ලාස් එක වටේම යවනවා. කොල්ලෙක් කීවට ඉතින් අපේ හොඳ යාලුවෙක් එයත්. හැබැයි පොර දන්නෑ මේ බයිට් කවි ලිව්වෙ මං කියලා.

      Delete
  26. හෙහේ මරු බං.උඹලා වගේ පිස්සු පොරවල් වලට උගන්වන්න ඒ ගුරුවරු මොන තරම් භාග්‍යවන්තද?:D

    ReplyDelete
    Replies
    1. ඔය කතාව ඒ දවස්වල ගුරුවරුත් නිතරම කියනව බං.
      :D :D

      Delete
  27. අඩේ මාත් කොහෙදි කොහෙදි හරි ඔය පිචිස් ඉගෙන ගෙන තියෙනවනේ.. අපේ ඉස්කෝලේ මරු ඩයල් එකක්නේ හිටියේ ඔය ලැබ් එකේ.. ඌ හරියටම අවුරුද්දක් ආලෝකය උගන්නනවා. මාස නවයක් ධ්වනිය.. මාස දෙකක් විද්‍යුතය.. අන්තිම ටිකේ ඉතුරු සබ්ජෙක්ට් ටිකේ නම් කියනව.. මමනම් ෆිසික්ස් වලට ආස උනේ ඒ ලැබ් එකේ අර ලස්සන දිලිසෙන මේසවල තිබ්බ කූල් ගතිය නිසා.. ක්ලාස් නම් ගියාද මතකත් නෑ බං.. සෙකන්ඩ් ෂයි කරද්දිනම් මතකයි බදුල්ලේ ඉඳං උදේම කෝච්චියෙන් බණ්ඩාරවෙල ගිහින් පන්තිය කිට්ටුවම තියෙන තේ කඩේකට වෙලා 96 වර්ල්ඩ් කප් මැච් බලල හවස කෝච්චියේ ගෙදර එනවා.. හැක්.

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලෙ ඉගැන්නිල්ලත් ඔයිට දෙවැනි නෑ කළණේ. වෙලාවට අපේ අම්මල බලෙන් හරි අර වගේ ක්ලාස් වලට යැව්ව නිසා තමයි එක්සෑම් ගොඩ ගියෙ. ටියුෂන්වලට බැන්නට, ඉස්කෝලවල හරියට උගන්නන්නෙ නැතිකොට, හොස්ස ළඟින් මැස්සෙක් ගියත් සස්පෙන්ඩ් කරන්න බලන් ඉන්න අමුතු ගුරුවරු ඉන්නකොට, ළමයින්ට ටියුෂන්වල පිහිට තමයි.

      Delete
  28. අඩේ බස්සි අක්කේ! ඩේසි ටීචර් කිව්වහම මතක් උනේ අපේ අර ඉංගිරිස් මැඩම් ව!

    ReplyDelete
    Replies
    1. අනේ එයා ගැන ලියන්න බැරියැ පොතක්!

      බලු පැටව් දාහතක් පෙරහැරින් වඩම්මවාගෙන, තව බූල් බල්ලෙක්ව කරේ දාගෙන, තාරා ගමනින් එලොකියුෂන් පංතියට එන, උස යන්න මැග්නටික් ට්‍රීට්මන්ට් කරනවා කියමින් වතුර ජෝගුවට කාන්දම් කෑල්ලක් දමා බීමට ගන්න, අපේ ආදරිය!

      Delete