Sunday, November 8, 2015

ආදරයේ රසායනය


පුවත්පත් සබැඳිය : http://ravaya.lk/?p=10515

රාවය - 01/නොවැම්බර්/2015





පළමු දසුනින් යමෙක් කෙරෙහි ආසක්ත වීම හදවතෙන් උපදින ප්‍රබල හැඟීමක් විදියට අපි දකිනවා. රෝමියෝට සහ ජුලියට්ට, සාලියට සහ අශෝකමාලාට වගේම ජැක්ට සහ රෝස්ට මුහුණදෙන්නට සිදුවුන සිදුවීම් දාමයන් කියැවීමෙන් අපි එයට ආදරය කියලා කියනවා. එය පොදු අත්දැකීමක් බව හැඟෙනවා. නමුත්, රොමැන්තිකත්වය මදකට පසෙකින් තබා විදු ඇසකින් බලද්දී ඉතා සුන්දරයැයි ඔබටත්, මටත් හැඟෙන බොහෝ සංසිද්ධීන්වලට හේතුව ජෛවවිද්‍යාත්මක වශයෙන් මානව වර්ගයාගේ පැවැත්ම සහ උන්නතිය තහවුරු කිරීම පමණක්ම බව අපට අවබෝධ වෙනවා.


ආදරය කියන මූලික ක්‍රියාවලිය උප කොටස් තුනකට බෙදා දක්වන්නට පුළුවන්. ඒ තමයි, ලිංගික වශයෙන් ආසක්ත වීම, රොමෑන්තික ආදරය සහ දිගුකාලීන බැඳීම.


ලිංගිකව ආසක්ත වීම ආදර ක්‍රියාදාමයේ පළමු පියවරයි. මේ පියවරේදී 'පෙළඹවීමේ පණිවුඩ' සන්නිවේදනය කරන්නේ ටෙස්ටොස්ටෙරොන් (Testosterone) සහ ඊස්ට්‍රජන් (Oestrogen) හෝමෝන මගින්. පරසිදු මානවවිද්‍යාඥ හෙලන් ෆිසර්ගේ (Helen Fisher) පර්යේෂණයන්ට අනුව අනාවරණය වී ඇත්තේ සහකරුවන් අතර ඉහත කී හෝමෝන මට්ටම් එකිනෙකාට අනුපූරකව ක්‍රියාත්මකවන බවයි. අධි ටෙස්ටොස්ටෙරොන් මට්ටමක් සහිත පුරුෂයෙක්, පළමු දසුනෙන්ම ආසක්ත වන්නේ අධි ඊස්ට්‍රජන් මට්ටමක් සහිත කාන්තාවකට වීම මෙයට කදිම නිදසුනක්. එක සමාන බුද්ධි මට්ටම, කලාවට ඇති සමාන නැඹුරුව, කැපී පෙනෙන රූසපුවකින් යුතු වීම වැනි සුවිශේෂී ලක්ෂණවටල අවධානය යොමු වීමයි සාමාන්‍ය තත්වය. පිරිමින්ගේ දෘෂ්ඨිය ස්ත්‍රීන්ට සාපේක්ෂව වඩා තියුණු වීම නිසා ලිංගික ආසක්ත වීම අතින් ඉදිරියෙන් ඉන්නේ පුරුෂයන්. බොහෝවිට පළමුව ආදරය ප්‍රකාශ කරන්නේ පුරුෂයන් වීම මෙහි ප්‍රතිඵලයක් වන්නටත් පුළුවනි. එමෙන්ම, මනා රූ සපුවක් ඇත්තියන්ට 'ඉල්ලුම' වැඩි වෙන්නෙත් මේ නිසයි.


ආසක්ත වීමෙන් පසුව එළැඹෙන්නේ රොමෑන්තික ආදර අවධියයි, මේ කාලපරාසය තුළ ඔබේ මොළය සහ ස්නායු පද්ධතිය මදක් විසුළු සහ උමතු හැසිරීම් දක්වන්නට පටන් ගන්නවා. එයට වගකිව යුත්තේ රොමැන්තික ආදර අවධියේදී ස්‍රාවය කෙරෙන ඇඩ්‍රිනලින්, ඩොෆමයින් සහ සෙරොටොනින් යන ස්නායු සම්ප්‍රේෂක හෝමෝන ත්‍රිත්වය.


තෙත්වූ අත්ලැතිව සහ වේගයෙන් ගැහෙන හදැතිව, වියැළී ගිය මුවෙන් යුතුව පෙම්වතා හෝ පෙම්වතිය හමුවට යන්නට කවරදාක හෝ ඔබට සිදුවුණාද? එයට චූදිතයා වෙන කවරෙකුවත් නොවෙයි, අධිවෘක්ක මජ්ජාවෙන් ස්‍රාවය වෙන ඇඩ්‍රිනලින් (Adrenalin) හෝමෝනයයි. රුධිරගත ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් (Cortisol) හෝමෝන සාන්ද්‍රන ඉහළයෑමත් සමගම ඔබෙන් ආතති ලක්ෂණ විද්‍යාමාන වෙනවා. හදගැස්ම ඉහළ නැගීමත්, රුධිර ගලනය වේගවත් වීමෙන් කන්පෙති සහ දෙකම්මුල් රත්පැහැ ගැනීමත්, මුව වියැළී අත්ලමත දහදිය බින්දු නැගීමත් සිදුවන්නේ ඒ නිසයි. ආදරය ප්‍රකාශ කරන්නටම ගොස්, රත්වූ මුහුණෙන් යුතුව ආපසු හැරී දිව එන යොවුන් පෙම්වතුන්ට එහෙම වුනේ අධික ඇඩ්‍රිනලින් ස්‍රාවය නිසයි.


දකින දකින තැන ආදරවන්තයාගේ රූපය දිස්වීම, කටහඬ ඇසෙන්නට ගැනීම, නිරන්තර දවල් සිහින දැකීම බොලිවුඩ් සිනමා කෘති තුළ උලුප්පා දක්වන මායාවක් පමණක්ද? ජෛවරසායන විද්‍යාවට අනුවනම් එය හුදෙක් සාහිත්‍ය නිර්මාණයන්ට සීමා වූ සංසිද්ධියක් නොවෙයි. රුධිරගත සෙරොටොනින් (Serotonin) සාන්ද්‍රනය අඩු වීම නිසා දවල් සිහින දැකීමත්, මනංකල්පිත මායාමය රූප පෙනීමත්, ශබ්ද ඇසීමත් උත්තේජනය වෙනවා.


ආහාර ගන්නත්, නිදාගන්නත් ඇති වුවමනාව යටපත් වීමත් හේතුවෙන් නොකා නොබී ආදරය වෙනුවෙන් 'කට්ට කන' පෙම්වතුත් දැකීම අරුමයක් නෙමෙයි. රොමැන්තික ආදර අවධියේදී ස්‍රාවය වෙන ඩොෆමයින් (Dopamine) රසායනිකය හේතුවෙන් අධික ප්‍රීතිමත් හැඟීමක් සහ හදවත සැහැල්ලුවෙන් පිරුණු ගතියක් දැනෙන්නට ගන්නවා. මේ තත්වය කොකේන් වැනි මත්ද්‍රව්‍ය පරිහරණය කල පසු ඇතිවෙන තීව්‍ර ප්‍රහර්ෂයට සමානයි. ඩොෆමයින්වල බලපෑම යටතේ ඇසේ කණිනිකාව විශාලනය වෙනවා. පෙමෙන් වෙලී ඉන්නා 'අළුත්' පෙම්වතුන්ගේ දෑස්වල දකින්නට ලැබෙන දිලිසීමට වගකිව යුත්තේ ඩොෆමයින් රසායනිකයයි.


ඉහත කී හෝමෝන ත්‍රිත්වයේ බලපෑම යටතේ අලුත් පෙම්වතුන් එකිනෙකාගේ යහපත් ලක්ෂණ විශාලනය කොට දැක්වීමත්, අයහපත් ලක්ෂණ නොසලකාහැරීමත් සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රොමැන්තික ආදර අවධියේදී සියලුම දේ වඩවඩාත් සුන්දරව සහ යහපත්ව දැන්නෙන්නට ගන්නවා. එය රෝස වර්ණකෘත කණ්ණාඩියක් තුළින් එකිනෙකා දෙස බැලීමට සමානයි. බොහෝවිට මිතුරන්ගෙන් ඈත්වී සහකරුවා/සහකාරිය වෙත වඩවඩාත් ලංවීමත් මෙහි ප්‍රතිඵලයක්.


කාලයත් සමග ඉහත කී පාට කණ්නාඩිය මදින් මද දුර්වර්ණ වෙන්නට ගන්නවා. ඇඩ්‍රිනලින්, ඩොෆමයින් සහ සෙරොටොනින් සාන්ද්‍රණයන් යථා තත්වයට පත්වීම නිසා තවදුරටත් පෙර තිබූ උද්‍යෝගය පවත්වාගැනීම අපහසු වෙනවා. විශාලනය වූ යහපත් ලක්ෂණ මදින් මද හැකිලෙන්නට ගන්නා අතර නොගිනිය හැකි තරම්යැයි කියමින් අමතක කර දැමූ අඩුපාඩු හිටිවනම නිතර නිතර මතුවී පෙනෙන්නට ගන්නවා.


ඉතින්, බොහොමයක් පෙම් සබඳතා 'රොමැන්තික ආදර' අවධිය පසු කිරීමත් සමග බිඳවැටී විසිරී යනවා. තුන්වැනි පියවරට අවතීරණය වන්නට තරම් වාසනාවන්ත වන්නේ එහෙමත් කෙනෙක්.


ආදරයේ අවසන් පියවර වන්නේ 'දිගුකාලීන අනුරාගය'යි. යුවලකට දරුවන් හැදීමටත්, වැඩීමටත්, පවුල් සංස්ථාව නොවිසිරෙන ලෙස එක්ව පවත්වා ගැනීමටත් උපකාරී වන ආකර්ෂණය සහ බැඳීම ඇතිකරන්නේ මෙකී "දිගුකාලීන අනුරාගය' මගින්.


දිගුකාලීන අනුරාගික අවධියේදී ප්‍රමුඛත්වය ගන්නා ප්‍රධාන හෝමෝන ද්විත්වයක් තිබෙනවා. ඒ ඔක්සිටොසින් (Oxitosin) සහ වෙසොප්‍රෙසින් (Vasopressin).


ඔක්සිටොසින්, සුරතාන්තයේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයෙන්ම ස්‍රාවයවන ප්‍රබල හෝමෝනයක්. වෛද්‍ය විද්‍යාවේදී 'තුරුළු කරගැනීමේ හෝමෝනය' (cuddle hormone) නමින් හැඳින්වෙන ඔක්සිටොසින්, ආලිංගනය සහ තදින් වැළඳ ගැනීමට පෙළඹවීම ඔස්සේ වඩා ගැඹුරු බැඳීමක් ඇතිකරනවා. එබැවින් යුවලක් ලිංගිකව එක්වෙන වාර ගණන වැඩි වෙනවිට, ඔක්සිටොසින් මගින් උද්දීපනය කෙරෙන ගැඹුරු ආලිංගනයන් ඉහළ යන්නේ නිරායාසයෙන්. එමගින් සුරක්ෂිතභාවය ගැන විශ්වාසයක් ඇතිකෙරෙනවා.


වෙසොප්‍රෙසින් හෙවත් ප්‍රතිමුත්‍රකර හෝමෝනය (anti-diuretic hormone) මගින් 'දිගුකාලීන අනුරාගය' එක් සුවිශේෂී සහකරුවෙක් සඳහා පමණක් සීමා කරවීම සිදුවෙනවා. මෙම හෝමෝනය ස්‍රාවය වන්නේත් ලිංගික එක්වීමකින් පසුවයි. සිය සහකරුවාව දිවි පරදුවට තබා රැකගැනීමත්, සහකරුවාට විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලැබෙන අවස්ථාවන්හිදී මද වශයෙන් ඊර්ෂ්‍යාභරිතවීමත් කෙරෙහි වගකිව යුත්තේ මෙම හෝමෝනයේ ක්‍රියාකාරිත්වයයි.


මේ පියවර තුන, අනුපිළිවෙලින් සිදුවිය යුත්තේ මානව වර්ගයා පරිණාම සටනෙන් පරාජය වෙන්නට නොදී ආරක්ෂා කරගන්නයි. ලිංගික ආසක්තභාවය මගින් සුදුසු සහකරුවෙක් සොයාගැනීම කෙරෙහි මානවයා පොළඹවන අතර, රොමැන්තික ආදර අවධිය මගින් එක්වරකට එක් නිශ්චිත සහකරුවෙක් වෙත අවධානය කේන්ද්‍රගත කිරීමෙන් අනවශ්‍ය පරිදි ශක්ති හානියත්, කාලය අපතේ හැරීමත් සීමා කෙරෙනවා. දිගුකාලීන අනුරාගය මගින් ළපැටියන් බිහිකිරීමත්, ශක්තිමත් පවුල් සබඳතාවක් ඔස්සේ දරුවන් වැඩීම ආරක්ෂිතව සිදුවෙනබව තහවුරු කිරීමත් සිදුවෙනවා.


ඉතින්, අපි එයට ආදරය යැයි කියමින්, අතිශය රොමැන්තික හැඟීමෙන් මඩනා ලදුව, මිහිපිට ඇති සුන්දරම සබඳතාවය ඇත්තේ තමන් සතුව බව තරයේ අදහනවා. නමුත්, ඒ සුවිශේෂී සබඳතා සියල්ලම, ඉතා සරලව සහ සියුම්ව, එකිනෙකට ඉතා සමාන සැකිලි මත තමතමන්ට ආවේණික වර්ණයෙන් සව්කොළ අලවාගත් සරුංගල් වන්ව සොබාදහම නමැති සියුම් හුයෙන් බැඳී, මානව පරිණාමය සඳහා දායක වෙමින් පවතිනවා.


නමුත්, තවමත් අපි ඒ හැඟීම ආදරය යැයි හඳුන්වනවා. සැකිල්ල එක හා සමාන බව දැන දැනම, අපි සරුංගලයේ වර්ණවත් සව්කොළ රටාවට වසඟ විය යුතුයි. ප්‍රේමයෙහි පැවතිය යුතුයි. ජීවත්වෙනවා කියන්නේ ඒකටයි.



- යශෝධා සම්මානි ප්‍රේමරත්න -




57 comments:

  1. Bassi

    It's a very romantic topic that u have taken up today.
    Love is a universal thing for male and female species of whole animal world.

    When read "Naked Ape by Desmond Morris"....I learned manythings why we fall in love with the opposite sex.
    Truely amazing.......

    Many people have "Cuddling Hormone" in this part of the world where I live now. Bcs most of them believe that they need to "Understand each other" for a long time before they start a "Permanent Relationship/Marriage".

    The Antidiratic hormone. ......
    This is the important hormone. ...I guess.
    When people lose this hormone. ..what's gonna happen to them?

    They will not protect each others. They let their partner to expose to dangerous animals world.
    That's when harassments, rape, humiliation, abduction, killing and danger comes to the other partner.

    Friday night is a "Fun Night" in the western society.
    They go out for drinks & dance at Clubs (it's called Clubbing at Friday).
    It's a normal thing for them. But at the end of the night beautiful drunk girls come out of the clubs while carrying their high heel shoes in their neck. Bcs they cannot walk in a straight line with high heel shoes. LOL

    6th Nov I found two guys were on the pavement sleeping and vomiting at 1am.
    Too drunk and they don't have strength to get up.
    Two beautiful young girls (age 19-22) were trying to take them to a Taxi Cab.
    Scavengers on the street try to be funny with those helpless two girls and wanted to get the maximum advantage of the girls as well. (I cannot explain those explicit things on ur blog what I have seen)
    Finally an Indian guy and I help them to "Push" those drunken guys to the Taxi.
    And told them that they were helpless and got humiliated in public bcs of those idiotic boyfriends.

    Bottom line is this....
    Where the hell those "anti diuretic hormones" go when they were really needed?
    ===============================
    Bassi
    Thanks for writing this beautiful and knowledgeable page today.

    Please write more.....
    Wish you all the best....

    ===Adrian Channa from Toronto====

    ReplyDelete
    Replies
    1. Hi Adrian,

      Thank you very much for sharing your ideas with us. :

      Too busy to write a looong reply to your lovely comment, Im really sorry about that. (see inbox please :) )

      Will keep writing! for sure!!
      Thank u again!

      Delete
  2. Bassi

    It's a very romantic topic that u have taken up today.
    Love is a universal thing for male and female species of whole animal world.

    When read "Naked Ape by Desmond Morris"....I learned manythings why we fall in love with the opposite sex.
    Truely amazing.......

    Many people have "Cuddling Hormone" in this part of the world where I live now. Bcs most of them believe that they need to "Understand each other" for a long time before they start a "Permanent Relationship/Marriage".

    The Antidiratic hormone. ......
    This is the important hormone. ...I guess.
    When people lose this hormone. ..what's gonna happen to them?

    They will not protect each others. They let their partner to expose to dangerous animals world.
    That's when harassments, rape, humiliation, abduction, killing and danger comes to the other partner.

    Friday night is a "Fun Night" in the western society.
    They go out for drinks & dance at Clubs (it's called Clubbing at Friday).
    It's a normal thing for them. But at the end of the night beautiful drunk girls come out of the clubs while carrying their high heel shoes in their neck. Bcs they cannot walk in a straight line with high heel shoes. LOL

    6th Nov I found two guys were on the pavement sleeping and vomiting at 1am.
    Too drunk and they don't have strength to get up.
    Two beautiful young girls (age 19-22) were trying to take them to a Taxi Cab.
    Scavengers on the street try to be funny with those helpless two girls and wanted to get the maximum advantage of the girls as well. (I cannot explain those explicit things on ur blog what I have seen)
    Finally an Indian guy and I help them to "Push" those drunken guys to the Taxi.
    And told them that they were helpless and got humiliated in public bcs of those idiotic boyfriends.

    Bottom line is this....
    Where the hell those "anti diuretic hormones" go when they were really needed?
    ===============================
    Bassi
    Thanks for writing this beautiful and knowledgeable page today.

    Please write more.....
    Wish you all the best....

    ===Adrian Channa from Toronto====

    ReplyDelete
    Replies
    1. කම්ම්ලයියෙ... මෙන්න උඹේ අනන්‍යතාවය හොරකම් කරලෝ...

      Delete
  3. ආදරය ගැන මම කතා නොකරමි. එය මා මට තහනම් කර ඇති මාතෘකාවකි. කිසිදාක ආදරය කර නොමැත්තෙමි. කිසිදාක ආදරය කිරීමට අදහසක්ද නැත්තෙමි. කිසිදාක ආදරයක් ලැබීම බලාපොරොත්තුවක්ද නැත්තෙමි. එහෙයින් මෙය මට අවිෂය මාතෘකාවකි.

    ReplyDelete
    Replies
    1. වයසේ වැරැද්ද අප්පා... ඔය කාලෙට ඔහොම්මමයි.. හික් හික්

      Delete
    2. උඹ අනන්තෙන් ආ තරු කුමරා වෙයන්, හැක් උඹ අඟහරු ලෝකෙන්නේ.

      Delete
    3. ඒ මොකෝ බන්?? බ්‍රිජට් එකේ කෙල්ලෙක් එක්ක වත් යාලු වෙලා හිටියැයි?..

      Delete
    4. සජ්ජා, සමාන සුඛ දුක්ඛ ද?

      Delete
    5. ඒ මොකද්ද බං? මං කිව්වෙ බූට් කෝපරේෂන් එක

      Delete
    6. අඩේ ඒ මොකෝ අඟහරු මල්ලි? පොඩ්ඩක් අඬන්න, එතකොට සේරම හරියනවා. මම මේ ඊගාව ආර්ටිකල් එක 'කඳුළු' ගැන ලියමින් ඉන්නෙ.

      Delete
    7. උඹ විතරයි බං මේකෙ ඉන්න මොලේ තියන එකම එකා … ඕ යේස් !!

      Delete
  4. ගිය සතියේ පත්තරේ නේද මේක ගියේ. බස්සි ඉට්ටැයිල් විද්‍යාව.. ජය වේවා බස්සියෝ

    ReplyDelete
    Replies
    1. ඔව් බං. සුට්ටක් බිසී. ඒකයි මෙහෙම නොසන්ඩාල විදියට පරණ එකක් දැම්මෙ.

      Delete
  5. හපුච්චියේ..... ඉනාවල් කියල දෙන්නෙ ඔය ආදරේට සම්බන්ධ හෝමෝන උද්දීපනය කරන රසායනික ද? සහ ඒකෙම අනික් පැත්ත.
    බොලා ඩොකෙක් උනා නම් කොහොම හිටීද? රාවයේ ලිපි පලවෙන බස්සීට උණුසුම් සුභපැතුම්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි පැපෝ!
      බස්සි ඉට්ටැයිල් විද්‍යාවට රාවයේ ඉඩක් ලැබුනා. ඒක ලොකු සතුටක් ඉතින්.

      Delete
  6. බස්සි අක්කා, මේකනම් මරේ මරු ඈ, ඉතා සරල සිදුවීම් පෙළක් අපි කොච්චර සංකීරණ කරගෙන සාටර් කනවද අප්පා, biology හා බැඳිච්ච කරුණු කාරනා මඤ්ඤන් වගේ උනත් අක්ක ඉතාම සරලව කියලා දෙන අයුරු ප්‍රසංශනීයයි, ඒ ලෙවල් මැත කරද්දී කුපාඩි කමට රෝටරියේ හිරාන් සර්ගේ ප්‍රජනජය පාඩමට ක්ලාස් චුට් කරලා බයෝ කට කරපු එකෙක්ගේ කාඩ් එකක් අරන් රිංගපු දවසේ අපවා වගේමයි. ජය වේවා බස්සි අක්ක, දිගු ගමනකට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොමියා මල්ලි!

      බයෝ කියන්නෙ කොයිතරම් සැහැල්ලුවෙන්, විහිළුතහළුවෙන් ඉගෙන ගන්න පුලුවන් විෂයයක්ද කියලා මමත් තේරුම්ගත්තෙ හිරාන් සර් නිසයි.

      Delete
  7. ගොඩක් හොඳ ලිපියක්, බස්සි. අපිට පුදුම දේවල් ලෙස පෙනෙන ගොඩක් දේවල් එහෙම පේන්නේ අපිට මේ හේතු-පල සම්බන්ධතා ගැන හරි අවබෝධයක් නැති නිසා. "ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි" කියලත් මෑතකාලීන පේපර් එකක කියෙවුවා. ("Neural Correlates of Hate" Zeki and Romaya (2008), PLOS One). මේ ඒ ගැන සරල සටහනක්. http://www.longhornlifeonline.com/features/2014/02/love-and-hate-almost-one-and-same.

    ReplyDelete
    Replies
    1. හොඳ පේපර් එකක් වගේ. බොහොම ස්තූතියි ඉකෝන් ලින්ක් එකට. මම මේ වගේ ලස්සන සොයාගැනීම් කියවන්න හොයහොයා ඉන්නෙ මේ දවස්වල.

      Delete
  8. වෙනම විදියකට දකින එක උඹේ ක්‍රමයනෙ... ජයවේවා... සුභපැතුම් ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සජ්ජෝ!

      Delete
  9. ජ ය වේ වා !! බස්සියෝ......

    මං හිතන්නේ මීට කලින් පොස්ට් එකක මේ සිද්දිටික කවියෙන් ලියලා තිබ්බා මතකයි....

    ලියමු දිගටම ලියමු.....

    ReplyDelete
    Replies
    1. ඔව් විදානේ.

      විරිදු වගේ එව්වා පත්තරවලට ලියන්න විලිලැජ්ජයිනෙ බං. ඒ නිසා වැඩේ පොඩ්ඩක් වැදගත්පාටට කෙරුවා.

      Delete
  10. වටිනා ලිපියක්.ඇත්තෙන්ම මට ගොඩක් වටිනවා මේ කරැනු ටික.
    අනික ඉතින් ඇත්තෙන්ම අපිටත් අඩම්බරයි බස්සිගේ ලිපියක් රාවය පත්තරේ තියනවා දැක්කම...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ!

      Delete

  11. පලමු වතාවටයි මෙහෙට ගොඩ වුණේ .
    /ඉතින්, අපි එයට ආදරය යැයි කියමින්, අතිශය රොමැන්තික හැඟීමෙන් මඩනා ලදුව, මිහිපිට ඇති සුන්දරම සබඳතාවය ඇත්තේ තමන් සතුව බව තරයේ අදහනවා. නමුත්, ඒ සුවිශේෂී සබඳතා සියල්ලම, ඉතා සරලව සහ සියුම්ව, එකිනෙකට ඉතා සමාන සැකිලි මත තමතමන්ට ආවේණික වර්ණයෙන් සව්කොළ අලවාගත් සරුංගල් වන්ව සොබාදහම නමැති සියුම් හුයෙන් බැඳී, මානව පරිණාමය සඳහා දායක වෙමින් පවතිනවා./
    මෙන්න මේ පැහැදිලි කිරීමට හිත ඇදිලා ගියා. ලිපිය වෙනුවෙන් මගේ ස්තූතිය .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙතූ! දිගටම එන්න හොඳේ!

      Delete
  12. උ‍ෙඹ් ලිපි ඉතින් මල් කන්ටේනරයයිනේ බස්සියා....උඹට ජය!වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ සුදු කිඹුල් අක්කෝ!! :*

      Delete
  13. නියමයි ඈ...

    අනංගයාගෙ මල් හී පහ ගැන මං අහල තිබුණ විදිහට, ඒ ඒක එක මලෙන් ‍ලැබෙන ප්‍රතිඵල ඔය උඩ තිබුණු ඒවමයි. මට මතක හැටියට අඹ මලෙන් විද්දහම කොල්ලව වේලවනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ඩ්‍රැකී පුලුවන්නම් ඒ ඊ පහ ගැන ලියාන්කො. මම ඇහුවෙ අද!

      Delete
    2. මං අද උදේ ඉඳං හොයනවා... නෙට් එකේ නං විස්තර අඩුයි.

      Delete
  14. බ්ලොග්කරුවන් අතර අතිශයම රොමැන්තික (pl note...for want of a better word and also for the sake of decency I have chosen the word "romantic' here ) මූණ හා හිනාව තියෙන්නෙ බස්සිගෙ ගුරුතුමාට කිව්වොත් හරිද?

    ReplyDelete
    Replies
    1. රොමෑන්තික = පැණි පාට ද?

      හිහී! අපි දන්නෑ ලව්පූස වසයි ඈ.

      Delete
    2. හෑ ... අනේ ....ගුරුතුමා අපේ ලව්පූස්ද? අපොයි. දන්නවනම් මං වගේ අහිංසකයෙක් කවදාවත් ඔහොම දෙයක් කියන්නෙ නෑ.
      හනේ.... එතුමාට තියෙන්නේ පිං පාට මිසක් වෙන කිසිම පාටක් නෙමෙයි කියල කලර් බ්ලයින්ඩ් මහත්තයෙක් ලඟදිත් කිව්ව

      ඔය ඉතාලි පැපොල්රාසී එවුන් හොරපූස් කතා මොනව කිව්වත් එතුමා තරම් පිංබරම බර ගතියක් තියන කවුරුවත් නෑ මෙහෙ

      Delete
    3. //රොමෑන්තික = පැණි පාට ද? //

      එතකොට ඉවානයගෙකට දෙපැත්තෙන් පෙරෙන්නෙ ඇඩ්‍රිනලින් දෑ බං ?? මයෙ හිතේ ඒකෙ සෙන්සරේ ගිහිං. පෙරෙන්න ගත්තම පැයක් හමාරක් වැක්කෙරෙනවා :D

      Delete
  15. සුබපැතුම් බස්සි අක්කි ..

    ආ නෑ සුබ පැතුම් යශෝ....

    උඹ මේ ලියන රටාවට විද්‍යාව උගන්නන පුලුවන්නන්ම් ගොඩ, උඹ ඔය රස්ස්සවෙන් අස්වෙලා ටියුෂන් පටන් ගනින් . ඒක තමා උඹට හරියන රස්සාව ... එල

    ReplyDelete
    Replies
    1. ඔව් බං මාත් බැලුවෙ උදේ හතේ ඉඳන් රෑ දහය වෙනකල් ඔපීසියෙ තපිනවට වඩා, නුවර එළියෙ ගිහින් එළවළු හිටෝන රස්සාවක්වත් පටන් ගන්න. ජීවිතේ එපාවෙලා ඕයි.

      Delete
    2. මාත් කීවෙ බස්සිට ටියුශන් කරන්ට කියලා.. !!

      ඕ යේස් . හැක්

      Delete
  16. ප්‍රාථමික ලිංගික ආකර්ෂණය ඉනික්බිති දීර්ඝ කාලීන බැඳීමක්, සෙනෙහසක්, කුටුම්භ සංරක්ෂණයක් සහ දාරක ප්‍රේමයක් දක්වා වර්ධනය වන්නේ කුමක් නිසාද සහ පරිණාමීයව එහි ඇති අවශ්‍යතාවය ගැන ආචාර්ය ඩෙස්මන්ඩ් මොරිස් මහත්මයා අපූරුවට විස්තර කරල තියෙනවා ඔහි ලියූ පොත් කිහිපයකම..

    අපූරු ලිපියක් බං ...බොහොම චිත්තාකර්ෂණීයයි..බොහොමත්ම චිත්තාකර්ෂණීයයි....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවි අයියෙ!

      ඩෙස්මන්ඩ් මොරිස්ගෙ පොත් ඒ තරම් සිත්ගන්නාසුළු වෙන්නේ ඔහු මානවයාගේ හැසිරීම් විස්තර කරන පක්ෂි-අක්ෂි-දෘෂ්ඨිකෝණය නිසා කියලයි මට හිතෙන්නෙ. එතනදි අපිටත් අමතක වෙනවා මේ කියන්නෙ අපි ගැනයි කියලා.

      Delete
  17. ජයවේවා..එකෙන්ම රෙෂ්පට් සහෝදරී .. !!
    ඩිංගිත්තක් කටේ හලාගන්න චෑන්ස් එක.. දීපිය පාටියක් .
    මේව සමරන්ඩ ඕනැ ලෙසටම..

    ReplyDelete
    Replies
    1. උඹ දෙසැම්බරේ ආවම බස්සි ගානේ බොමු ... හැක්

      Delete
    2. දෙසැම්බරේ එනවද? වරෙන් වරෙන් ලොකු වැඩක් තියෙනව දෙසැම්බරේ.

      Delete
  18. අවංකවම කිව්වොත් මේකනං පට්ටයි බස්සි අක්කේ.......... කවුද අප්පේ දැනං හිටියෙ මේකෙ මෙහෙම කේස් එකක් තියෙනවා කියලා ඇතුලෙන්......... හපොයි...........

    ReplyDelete
    Replies
    1. හිහී!
      බොහොම ස්තූතියි ආර්යන් මල්ලි!

      Delete
  19. මම මේ ලිපිය තියාගත්තා..අරක්කු හොයාගන්න නැති දවසට කියවන්න..

    ReplyDelete
  20. බැලුවාම අභ්‍යන්තරය මතුපිටට වඩා සිත්ගන්නාසුලුයි ... ස්තුතියි අපිට මෙව්වා කියල දුන්නට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අම්බලන්ගොඩ!

      Delete
  21. විද්‍යාත්මක කරුණු රැගත් හොඳ ලිපියක්. මේක රාවයෙන් කියෙව්වා. මෙතන දාපු එක වටිනවා. පත්තරේ නොදකින වෙනත් පිරිසක් අතරට යන එක වැදගත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නොකී කතා!

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete