Thursday, November 12, 2015

තේ





සුසීමා කලබලෙන් ඉරි බ්ලවුස් අත් වැලමිටි ගාවට එනකම් නවා ගත්තා. කිරි සුදට මැදපු කෝප්පවලට උණු ඉඟුරු තේ, කිරි තේ, කිරි කෝපි පිරෙව්වා. නවයහමාර කියන්නෙ මුලු ඔෆීසියම මීයට පිම්බා වගේ නිස්සද්දෙන් කොම්පියුටර් ඇතුලට ගිලෙන වෙලාව. ආකාශ් මහත්තය උනත් ලැප්ටොප් එකට බෙල්ල දික්කරගෙන ඇති.


කට කොනට ආපු හිනාවක් නිසා සුසීමගෙ දෙතොල් මෑත් වුනා. කිරිපාට හා දත් දෙකක් මතුවුනා. පීරිසිය උඩ කිරි කෝපි ඇබින්දක් ඉහිරුනා. තෙත සර්වියට් එක පීරිසිය උඩ වැතිරිලා කෑදරකමෙන් කෝපි බිංදු ටික ලෙවකෑව.


කණ්නාඩි කෑල්ල සුසීමට විරිත්තුවා. ලා රෝසපාට ලිප් ග්ලොස් කූර තොල් දෙක වටේ දෙපාරක් එහෙමෙහෙ ගියා. උඩ පැනපු කොණ්ඩ කැරලි කන්පෙති පිටිපස්සෙ හැංගුනා.


තේ බන්දේසිය වඩාගන්නකොට යාන්තම් තේ කෝපි එහෙමෙහෙට කැලැත්තුනාට බිඳක්වත් නොඉහිරවාගන්න තරමට සුසීමා පරෙස්සම් සහගතයි. කෝපි සුවඳට වඩා සැරට දැනෙන්නෙ තේ සුවඳ. ඉස්සරහට ඇවිදන් යනකොට ඉහල ඇදෙන උණුහුම් දුමාරය පිටිපස්සට නැමෙනවා. මී මැස්සියෙක් වගේ කොරිඩෝව දිගේ කලබලෙන් දිවිල්ලේ අතරමැද දැනෙන ඒ උණුහුමට සුසීමා කැමතියි.


‘අද තේ පරක්කුයි’ භාෂිනී මිස් පුරුදු විදියට හීනි ඇහිබැම දෙක එකට යාකරගෙන නොරිස්සුම් හඬින් කියද්දි ආකාශ් මහත්තය රතුපාට ලැප්ටොප් එක උඩින් ඔළුව උස්සල බලනව. “භාෂිනී අක්කි මනුස්සයෙක්ට කම්ප්ලිමෙන්ට් එකක් දුන්න දවසට ඉර බටහිරින් පායයි.”. ඒක අහල හැමෝම හිනාවෙනව. දබරැඟිල්ල උරුක්කරල රැවුම් මූණක් හදන්න යන අතරෙ භාෂිනී මිස්ටත් හිනා යනව.


සුසීමා ආකාශ්ගෙ මේසෙ වම් පැත්තෙන් තේ කෝප්පෙ තියල පීරිසියෙන් වහනව. ආකාශ් පුරුදු විදියට වම් අත කරකවල සුසීමගෙ ඇඟිලි දෙකක් අල්ලට හිර කරගන්නෙ ස්ක්‍රීන් එකෙන් ඇස් දෙක තත්පරේකටවත් එහාමෙහා කරන්නෙ නැතුවයි. ඊට පස්සෙ රතු පාට බාග රාමුවක් දාපු කණ්නාඩිය දකුණු අතින් චුට්ටක් පාත් කරල ඇහැක් ගහනවා. 


“ම්ම්ම්හ්” මේසෙ අයිනක ගොඩගහල තිබුන ටොෆි චොකලට් කෝප්පෙකින් කිරි පාට රවුම් චොකලට් දෙකක් සුසීමගෙ අත ගාවට තල්ලු වෙනව. 


‘ආ… සුසීමා, මෙයා අද අලුතෙන් ආවෙ.’

ආකාශ් අකුරකවත් ගස්සන්නෙ නැතිව රොබෝ කටහඬකින් කියනවා. තඹ කොණ්ඩාකාරියක් සුසීමා දිහා බලලා කට කොණක් ඇදකලා. පණ කළඳක් නැති බළල් ඇස් දෙකක්.


“මිස්ට මොන්වද ගේන්නෙ?”


“ග්‍රීන් ටී තියනවද?” 


“අරං එන්නම්.” 

සුසීමා හිස් බන්දේසිය අරගෙන, කොරිඩෝව දිගේ තාලෙට අඩි තියනකොට සාක්කුව පතුලෙ තියෙන චොකලට්ටු දෙක උඩ පනිනවා.


අවුරුද්දකට විතර කලින් හිටියා මින්ට් සුවඳ තේ බොන, කූරු කරාබු දාන මිස් කෙනෙක්. සුසීමාට මින්ට් සුවඳ අපුලයි. කොල පාට කියන්නෙ තේවලට ගැලපෙන්නෙම නැති පාටක්.


සුසීමා තේ බොන්නෙ ලා දුඹුරුපාට මග් එකක. ආකාශ්ගෙ මේසෙ දිගේ තල්ලු වෙලා ආපු හතරැස් කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙන් එලියට ආපු මග් එකක. ඉක්මනින් තේ උගුරක් බීපු සුසීමා බන්දේසියේ හරි මැදින් ග්‍රීන් ටී එක තියාගෙන තාලයක් නැති කලබල පියවරවලින් ඉස්සරහට දුවගෙන යනවා.


ආකාශ් තඹ කොණ්ඩාකාරියගෙ පුටුව ඉහළින් නැමිලා කතාකරමින් ඉන්නේ පරිඝණක තිරේට එබීගෙන. සුසීමා තේ කෝප්පෙ මේසෙ උඩින් තියනකොට පීරිසිය කෝප්පෙ ගැටිලා ‘ක්ලන්-ක්ලන්ක්’ හඬක් නික්මුනා. ආකාශ් පරිඝනක තිරේ දිහා බලාගෙනම, සුළු ගැස්සීමක්වත් නැතිව අල්ලාගෙන උන්නු අහස් නිල් පාට නියපොතු ඇති සිහින් දිගු ඇඟිලි දෙක මුදාහැරියා.


සුසීමා හිස් කෝප්ප පුරවාපු බන්දේසිය වඩාගෙන කොරිඩෝවට පාවුනා. හිස් කෝප්ප, තේ, කෝපි පුරවාපු කෝප්පවලට වඩා බරට දැනුනා. 


සුසීමා ලා දුඹුරුපාට මග් එක අතට ගන්නකොට තේ එක ඇල් වතුර තරමටම හීතල වෙලා. ඉඟුරු සුවඳක් දැනුනෙත් නෑ.






97 comments:

  1. සුසීමා..

    මට විතරක් උනාට උඹට ඉන්නෙ මං විතරද සින්දුව කිව්වා ඊට පස්සේ. හැක්

    ReplyDelete
    Replies
    1. අමතක උනා.. ඔය ඉරි වැටිච්චි ඒවා හැම එකටම එනවා වැඩියි වගේ.. වෙන එකක් හොයාගනිං පුතේ.. හැක්

      Delete
    2. ඉරි වැටිච්ච ඇඳුම්වලට පණ දෙන රැල්ලක් පටන් ගත්ත එකම මදිද බං මම? ;)

      Delete
    3. සුසීමා කිව්වලු බොට මං විතරක් උනාට මට ඉන්නේ උඹ විතරද කියලා.

      Delete
    4. හැක් හැක්.. ඇත්ත ඇත්ත. ඉරි වැටිච්චි සංස්කෘතිය ගෙනාවේ උඹ තමා.. ඒකෙන්ම එක පාරක් කව්ද ඉරි සර්ට් එකක් හොරකං කරා නෙවද??

      Delete
    5. මක්කා කොරන්නද බං. ඒවා හරි ස්වීට් වැඩලු. අපි ඒවා බලන් ඉඳලා ඉඳලා යමක් කීව ගමන් පට්ට ඉරිසියාකාරයො විදියට හංවඩු ගැහෙනවා.

      Delete
    6. හැබෑට බං උඹට ඉරිසියා කරන මෝඩයෝ ඉන්නවද? හැක්..

      Delete
    7. පිස්සුද බං. ඒ සාංකාව මකාගන්නනෙ මම අනිත් වැඩ සේරම නවත්තලා රටේම ඉන්න උන්ට ඉරිසියා කොරකොර කාලෙ ගතකරන්නෙ.

      Delete
  2. උදෙන්ම ‍සුසීම හදපු තේ බොන්න කෑදරකමක් ආවා...මං කියන්නේ තව දිගට ලිව්වනම් මරැ...

    ReplyDelete
    Replies
    1. තව ලියන්ඩ තිබ්බා ශානුඅක්කෝ, ඒ උනාට අද බස්සෙක මාර ඉක්මනට ආවනෙ.

      Delete
  3. Replies
    1. හිහී! තැන්කූ කළණේ!

      Delete
  4. Replies
    1. බස්සි (Yash)November 12, 2015 at 10:30 AM

      හිහී! තැන්කූ කළණේ!

      Delete
    2. මෙන්ඩාගේ කමෙන්ටුව සාකැස්ටික් බව තේරුනත්, එහි අරුත නොතේරේ...

      Delete
    3. මෙන්ඩ ලියන ඒව ඌටත් තේරෙන්නෙ නැතිකොට

      Delete
    4. කමියාගෙන් ඩබල් කමෙන්ට්..
      බස්සිගෙන් ඩබල් තෑන්ක්ස්..
      අනේද කියන්නෙ..උඔ වැඩිය ඔවා හිතන්න එපා..

      Delete
    5. මගේ අවුලක් නෙවෙයි බොලල්ලා.. පෝන් එකේ අවුලක්.. මින් පස්සේ පෝන් එකෙන් බොග් නොකියවා ඉන්නොනේ..

      Delete
    6. එහම අවුලක් නෑ කමියෝ. විහිලුනෙ.

      Delete
  5. සුසීමා, ආකාශ් වගේම ගොඩ දෙනෙක් මොහොතක සුවදෙන චංචල ලෝකයේ ජීවත් වෙන්න හරිම ආසයි . සබන්බෝල වගේ බලාපොරොත්තු විසිරිලා කැඩිලා බිඳිලා යන ...

    මේ අවසානය හොඳයි, හැම දවසකටම එක එක විදිහේ අවසානයක්, අවසානයක් තියෙන කතාවක් වෙනවට වඩා අවසාන ගොඩක් තියෙන කතා ගොඩක් වෙන එක හොඳයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ලව්පූසෝ!
      අපි කවුරුත් ජීවත් වෙන්නෙ සබන් බෝල ඇතුලෙ තමයි.

      Delete

    2. ඔබ ගුම් සරින් අපැහැදිලි රහසක් කියන
      මුදු කම්මුලක පියපත් බමන පහසක් දැනෙන
      දෙබැම හැකිලෙන
      කිතියකින් ඇස් වැසෙන

      සබන් පෙණ බුබුළුය
      වෛවර්ණ දේදුනු පිපෙන
      'ගලගල' නදින් දිය පෙතක් හසරැලි නගන
      සබන් පෙණ අතර මම අහසට නැගෙන

      ඉනික්බිති බිඟු දල පහරක්
      හාදු අහුරක් වැදෙන
      'සටසට' නදින් පෙණ බුබුළු එක දෙක බිඳෙන
      දිවා ස්වප්නය බිඳෙන

      දුම් කැරලි මා වට බමන
      කුඩා අළු පැහැ වළා මෙන් ඇහැ රවටන
      හිරු රැසක් ඇහිපිය කොනිත්තන
      ගවොම් සායෙහි කුඩා බිඟු පියපතකි - ඇස ගැටෙන - සිත නොගැටෙන

      Delete
    3. අප්පේ මේක දැන් දැක්කේ , පට්ට

      Delete
  6. “චාන්දනි....“
    මට ඉගුරැ දාපු තේ එකක් ගෙන්න..
    කෝ මේ ලාච්චුවට දාපු සිගරට් පැකට් එක..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩගෙ ඔෆිස් එකද මේ?

      Delete
    2. උඹේ සිගරට් හොරෙන් බොන චාන්දනී තාම ඉන්නවද?

      Delete
    3. ඕ..යෙස්..අපේ තේ හදන ළමයා..චාන්දනි..
      තේ එකට වැඩිපුරම රන්ඩු වෙන්නෙ මම..
      චාන්දනි බයිනවා මට සිගරට් බොනවා කියලා..අමතක වෙලා හරි දාලා ආවොත් ආය සිගරට් පැකට් එක හම්බ වෙන්නෙ නෑ.

      Delete
    4. චාන්දනී කරල තියෙන්නෙ මොලේ ඇති වැඩකි. මැටි මෙන්ඩා. උඹ ගෙදරදි හෙම සිගරට් බොන්න එපා පොඩි මෙන්ඩට හොඳ නෑ.

      Delete
    5. බස්සි..උඔගේ මේ කතාව කියවලා මම කල්පනා කරේ..ඇත්තටම මචං චාන්දනි වෙලාවකට අම්මා කෙනෙක් වගේ..මේ දැන් ටිකකට ඉස්සර වෙච්ච සිද්ධියක්.
      “චාන්දනි...මොකද මේ ප්ලෙන් ටි? දන්නෙ නැද්ද මම ප්ලෙන්ටි බොන්නෙ නෑ කියලා?“
      “සර්..උදේ සෙම වැඩි වෙලා ඔලුව කැක්කුමයි කියලා කිව්වානේද?“
      “ මේ..ඒවා වැඩක් නෑ..මට දැන් ලොකු වැඩක් තියනවා ඒකට යන්ක ඉස්සර දෙනවා ටි එකක්“
      “ ඔය ප්ලෙන් ටි එක ඉගුරැ දාලා හදලා තියෙන්නේ..සර් බිලා බලන්නකෝ“

      පව් බං..
      දැනටමත් පොඩි මෙන්ඩා අවධානයෙන් ඉන්නෙ මම රැට කලා එලියට යන්නෙ ඇයි කියලා

      Delete
    6. චාන්දනී පායලා සීත සැලුනා............. අනේ මන්දා
      ...

      Delete
    7. ඉස්සර අපෙ තාත්ත සිගරට් බොනකොට මං එයාව ගෙයින් එළියට එලෝනවලු.... මට කොහොමත් සිගරට් දුම් ගඳ ඉවසන්න බෑ... මගේ විරෝධය කොච්චර දැඩි උනාද කිව්වොත්, තාත්ත සිගරට් බොන එක නවත්තල ඒ සල්ලි වලින් ගෙනාපු පොත් රාක්කයක් පුරෝල අපේ ගෙදර එකතු උනා....

      Delete
    8. බස්සි
      මේ අක්කන්ඩි කමෙන්ට් එක මකලා දාපිය..මේවා දැකලා පොඩි මෙන්ඩා නරක් වෙයි..

      Delete
    9. හිරූ අක්කගෙ කමෙන්ට් එක පොඩි මෙන්ඩට පෙන්නන්නම ඕනෙ ආදර්ශෙට ගන්න කියලා.

      Delete
  7. අපේ පුතාලා බල්ලෙක් හදනවා. ඌ නියම තැන චූ කලොත්, කක්කා කලොත් වගේ හොඳ වැඩක් කලොත් දෙන්න වෙනම ට්‍රීට් තියාගෙන ඉන්නවා. ඒවා දෙන්නම ලැබෙන්නෙ නෑලු සමහරවිට. මොකද ඌ හොඳ වැඩක් කරන්නෙම නෑලු සමහර වෙලාවට සති ගනං.

    මට මේ කතාව කියෙව්වාම ඒක මතක් වුනේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකේ අදහස තේරුනෙත් නෑ. සමහරවිට සති ගානකින් හරිහමන් පෝස්ට් එකක් වැටුනෙ නෑ කියන එක වෙන්ටැති. :P

      Delete

    2. හපොයි නෑ. ආකාශ් තේ එක ගෙනාවාම සුසීමගෙ අතින් අල්ලලා සුසීමට චොකලට් දෙකක් දෙන එක හරියටම ඒ වගේ වැඩක් කියලා මට හිතුනේ. ඒ කියන්නේ උත්තේජනයක්. උත්ප්‍රේරකයක්. නැතිනම් පුංචි පගාවක් නොහොත් ට්‍රීට් එකක්.
      අපේ බල්ලට වගේ.

      Delete
  8. හොඳයි.

    සමහර සමාජ සබඳතා කෙටිකාලීනයි නේහ්...?

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්‍රැකී. තේ කෝප්පයක් වගේ.

      Delete
    2. මාර රූපක භාවිතයක්. ඔය කියනකං දැක්කෙ නෑනෙ...

      Delete
    3. කවුරුත් දැකලා නෑ. ඒ කියන්නෙ වැඩේ සාර්ථක වෙලා නෑ.

      Delete
  9. සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ ..

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර
    පද රචනය - කපිල කුමාර කාලිංග
    සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. මම ආසම සින්දුවක් සින්දු ඇනෝ!

      Delete
  10. අපේ ඔපීසියේ තේ අරන් එන්නේ ජෝතිපාල..
    ඒ හින්දා මටනං ඔය පස්න නෑ ... හැක් හැක්...
    තව සුට්ටක් කියවන්න තිබ්බනං හරි.... කතන්දරේ හැඩයි

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ජෝතිපාල කියන්නේ විදානයගෙන් බෙරෙන්නම බෑ කියලා.
      අත මිරිකනවලු...

      Delete
    2. එහෙනම් සින්දුත් අහන්න ලැබෙනවැති තේ එක්කලා. ජෝතිපාලනෙ.

      Delete
  11. බොරු මක්කටෙයි.. මගෙත් තිබුනා ඔහොම ප්‍රේමයක්..

    එතකොට අපි දෙන්නම ටූ ලේට්....

    උන් ගන්නවා උපාධීකාරයන්ට වඩා පඩියක්.. ලස්සනට වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. පැබ්ලෝ නෙරූදාටත් එයාගෙ ඔපීසියෙ පිරිසිදුකිරීමේ සේවිකාව එක්ක ලවක් තිබිලලුනෙ. ලස්සන කවිත් ලියල තියෙන්නෙ ඒ කළු කෙල්ල ගැන. :)

      Delete
  12. තේ... වෙලාවක මේ ගැන පෝස්ට් එකක් ලියන්න ඕනේ. කතාවක් නම් නෙවේ මේ වගේ. තොරතුරු තියන පෝස්ට් එකක්. ඉතිහාසය අනංමනං කවර් කරලා.
    කතාව ලස්සනයි. වැස්ස දවසක කියවන්න නම් හොඳයි හිතුනා. ඉඟුරු දාපු තේ... ඒ තමා මම තේ බොන එකම විදිය. මම සාමාන්යෙන් බොන්නේ කෝපි.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි. සිංහල බ්ලොග් අවකාශයට ඒ වගේ ලිපි ගොඩක් වටිනවා මල්ලි. එහෙම ඒවා ලියවෙනවා අඩුයිනෙ.

      Delete
  13. ලස්සනයි බස්සි අක්කේ.......... චූටි උනාට පට්ටයි............ පව් සුසීමා...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ආර්යන් මල්ලි!

      Delete
  14. සුසීමා වගේ අය තියාගන්න බලාපොරොත්තු හරියට උදේට ඇදිගෙන එන මීදුමක් වගේ.
    ඉර එලිය වැටෙනවත් එක්කම ටිකින් ටික වියකිලා යනවා.
    තද හිරු රස්මිය ඇති තැනක මීදුමට ඉඩක් ඇත්තෙම නෑ.

    ReplyDelete
    Replies
    1. මනෝගෙ අන්තිම වාක්‍යයෙන් මම දිග කතාවක් ලියලා කියන්න ගිය ගොඩක් දේවල් හරිම ලස්සනට සම්පිණ්ඩනය වෙනවා. බොහොම ස්තූතියි.

      Delete
  15. ශහ් බස්සි අක්කා ආදරය ඇතිවන්නේ අර හෝමෝනයෙන්ය ,මේ හෝමෝනයෙන්ය කිව්වට මේ වාගෙත් කතා ලියනවා එහෙනම්. නියමයි හොඳේ.

    ReplyDelete
    Replies
    1. ඔය පහළ තියෙන 'කෙටිකතාද මන්දා' ලේබලය බලන්න මෙතූ. මම හිතන්නෙ දැන්නම් විස්සකට වඩා ලියල ඇති.

      Delete
  16. අපේ ඔෆිස් එකේ තේ හදපු එවුන් ගැන මතක් වෙලා පොඩි දුකක් ඇති වුනා.. මනුස්සකමට තේ එකක් හදල දීම සහ රාජකාරී මට්ටමෙන් තේ හදවාගනීම හරිම සික්කිත වැඩක්.. ගෙවල්වල මලාට තේ එකක් අතට ලැබෙන්නේ නැති එවුන් කාර්යාල වලදී තේ හදන මනුස්සයට දාන ගැම්බර් පාර්ට් දැක්කාම හොම්බ තලන්න හිතුන මටනම් ඒ කාලෙත්.. සෙල්ලම් සුමයක් කරපු චරිතයක්ද ඒක .. උදේ පාන්දර ඇවිත් ඔෆිස් එක අරින්න ඕන, ඉල්ලන ඉල්ලන ෆයිල් ගේන්න ඕන, ලොක්ක බෙල් එක ගැහුවාම එතනට දුවන්න ඕන, ෆොටෝකොපි ගහන්න ඕන, අතුගාන්න ඕන, දවසට දෙපාරක් තේ හදන්න ඕන, වෙනත් දෙපාර්තමේන්තු වලට අත්සනට ගෙනියන එව්වා අරන් යන්න ඕන, එව්වා අත්සන් කරාම ගේන්න ඕන, පෙටි කෑෂ් බඩු ගෙන්න පිටකොටු දුවන්න ඕන, ඔක්කොමල ගියාම ඔෆිස් එක වහන්න ඕන.. ඌ පඩි ගත්තේ රුපියල් 4170යි. අනික් උන්ගේ වගේම උගේ පර්සනල් ෆයිල් එක තිබ්බේ මා ගාව නිසා මම උගේ පඩිය කීයද කියල දන්නවා.. ඇත්තටම ඒක රාජකාරියකට වඩා වහල් සේවයක්.ලංකාවේ රජයේ කාර්යාල වල කා.කා.ස. ඉන්න බහුතරයක් මිනිස්සු ගන්න පඩියට වඩා දහ ගුණයක් වැඩකරන එවුන්..

    මා එක්කම උසස්පෙළ කරපු අපේ පන්තියේ කොල්ලන්ගෙන් හොඳම උසස්පෙළ ප්‍රතිපල වාර්තා කරපු එකා මගේම ආයතනයේ වෙනත් කාර්යාලයක කා.කා.ස. කියල දැනගත්තු දවසේ මගේ පපුව පැලෙන්න ආව..උගේ උසස්පෙළ ප්‍රශ්නපත්තර හතරම මගේ ඇස් ඉදිරිපිට කොපි ගහල ලියපු එකා ඒ වෙද්දීත් පුද්ගලික බැංකුවක සහකාර කළමනාකරු.. හිත් අමාරුව වැඩිකමටම ගිහින් හොයල බැලුවාම උසස්පෙළ හොඳ ප්‍රතිපලයක් එක්ක කා.කා.ස. සේවයේ යෙදෙන්න හේතුව වෙලා තිබුනේ ඉංග්‍රීසි නොහැකියාව.. බැලුවාම උගේ ලොක්ක විදිහට වැඩ කරන්නෙත් මා එක්ක එකට වැඩකරපු ගැහැණු කෙනෙක්.. මගේ තදබල මැදිහත්වීම නිසා පසුව අපේ එකාව ලිපිකරු තනතුරකට අනුයුක්ත කරගන්න මට පුළුවන් වුනා. මම පර්සනල් ෆයිල් ගැන දැනගෙන හිටපු නිසා දන්නවා මගේ යාළුවගේ බෝසාටත් ඌට තරම් උසස්පෙළ ප්‍රතිපලයක් නැහැ කියල. මම හිතනවා මම මගේ යාලුවට යුතුකමක් ඉෂ්ටකරා කියල.

    ඌ ඉස්කෝලෙට ආපු පලවෙනි දවසේ ඌව රැග් කරන්න ගිහින් ඌ මගේ උරහිසට බෙදුම් කටු පාරවල් දෙකක් ලේ වැක්කෙරෙන්න ඇන්න එකා උනත්, දුප්පත්කමට ඉංග්‍රීසි ටිකක් ඉගෙනගන්න වත්කමක් නැති උනත්, ඌ අසාධාරණයට ලක්වෙන එක මට උහුලගන්න බැරි වුනා.. ඇතුලෙන් පුද්ගලික මට්ටමේ තල්ලුවක් දීල ඌව ලිපිකරු කරාට මට පව් සිද්දවෙන එකක් නැහැ.. මොකද ඌට විශ්වවිද්‍යාලෙ යන්න බැරි වුනේ උසස්පෙළ අතරමග උගේ තාත්ත නැතිවුණ නිසා.. උසස්පෙළ දෙවැනි වතාවකට කරගන්න ආර්ථිකයක් ඌට තිබුනානම් අනිවාර්යෙන්ම ඌ විශ්වවිද්‍යාලෙ යන්න තිබ්බ එකෙක්.

    බස්සි මා එක්ක තරහ වෙන එකක් නැහැ නේද වැඩකට නැති වල්පල් මෙතන ලිව්වට.. සුසීමල ගැන කතා කරාට බස්සිට ස්තුතියි.. අපේ ක්‍රමය වැරදියි .. එකෙක් තව එකෙකුට තේ සෑදිය යුතු නැහැ කාර්යාලයක.. එව්වා මහා බලු වැඩ.. වසර දොළහක රාජ්‍ය සේවා අත්දැකීමෙන් මේ කියන්නේ..බස්සිගේ පොස්ට් එක මාව ලොකු රවුමක් ඇවිද්දුව ..

    ReplyDelete
    Replies
    1. මම ආසයි මේ වගේ දිග කතන්දර දිග අරින කමෙන්ට් වලට. :)

      අපේ ඔෆීසියෙනම් තේ හැදිල්ල අවුට්සෝස් කොරලා. ඔය කතාවෙ කියවෙන විදියට ලස්සනට ඇඳ පැලැඳ ගත්ත ගෑණු ලමයි කීපදෙනෙක් ඉන්නෙ. හැබැයි එයාල වෙනුවෙන් ඒ කම්පැනියට ගෙවන ගානට සාපේක්ෂව බොහොම සොච්චමයි ඒ ලමයින්ටනම් හම්බවෙන්නෙ මම දන්න විදියට.

      මම මේ කමෙන්ටුවෙනුයි දැනගත්තෙ කා.කා.ස. කියන තනතුරට ඔය තරම් රාජකාරි ගොඩක් තියෙනව කියල. ඇත්තටම පව් එහෙනම්. කොහොමත් ඕනෙම ඔෆීසියක ලොක්කොන්ගෙ ප්‍රෙෂර් එක පිටවෙන්නෙ සොක්කොන්ගෙ ඔළුව උඩින් නෙව.

      අරකනම් ඔයා කරපු හොඳම හොඳ වැඩක්. ඒත් ඒ යාලුවගෙ කතාව කියවද්දි මට හිතුනෙම, අපේ පාසැල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය ඔයිට වඩා විධිමත් උනානම් කොයිතරම් වටිනවද කියලයි. එහෙම වුනානම් ඔතනදි අපිට 'ඉංග්‍රීසි ටියුෂන් පංති' ගැන කතාකරන්න ඕනෙකමක් වෙන්නෙම නැහැනෙ.

      Delete
    2. To. Ambalangoda buddy

      You have done a great job to ur friend.
      I really appreciate that.

      Look at the present day society.
      Whoever have least qualifications are in the highest level of the "Food Chain" in SriLanka.

      Money and the "English Language" plays the most important role in the society.

      Whatever qualifications that you have....if you cannot use Sudda's language.....then you don't have a place there.

      Even using your "under the table" connections and influence. ....you helped ur friend.
      No this wrong with that mate.

      (By the way.....I don't know how to type in Sinhalese. That's why I write comments with my easy "English" lettering. I hope you wouldn't mind.
      Bassi knows about my weakness about "Sinhalese typing".....
      Isn't it Bassi. ..?..)

      ===Adrian Channa from Toronto===
      🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

      Delete
    3. Hey buddy, try this easy unicode converter below.

      Real Time Unicode Converter

      You just have to type the comment in 'singlish' in the box in the top and it will get converted to sinhala.

      Eg : "haayi ambalangoda" --> "හායි අම්බලන්ගොඩ"
      .
      :)

      Delete
    4. ඹස්සි

      ලබ්බක් කියනවා

      Uම්බගෙ නමක්වත් හර්යට ළියාගන්න අමාරුඉ මෙ සිස්ටම් එකට

      ණොදන්න මගුලට ගිහින් වරිගෙ නහගන්න එප්පා කියලා Prof. Vinnie Vitharana කියලා තියෙනවා මට.

      Thanks Bassi

      ====Adrian Channa from Toronto===

      Delete
    5. ඹස්සි

      ලබ්බක් කියනවා

      Uම්බගෙ නමක්වත් හර්යට ළියාගන්න අමාරුඉ මෙ සිස්ටම් එකට

      ණොදන්න මගුලට ගිහින් වරිගෙ නහගන්න එප්පා කියලා Prof. Vinnie Vitharana කියලා තියෙනවා මට.

      Thanks Bassi

      ====Adrian Channa from Toronto===

      Delete
    6. //bassi,

      labbak kiyanawaa
      uBage namawath hariyata liyaaganna amaaruyi mea sistam ekata.

      nodhanna magulata gihin warige nahaganna epaa kiyalaa profesar winii withaaraNa kiyala thiyenawaa mata.

      thAanks bassi//

      //බස්සි,

      ලබ්බක් කියනවා
      උඹගෙ නමවත් හරියට ලියාගන්න අමාරුයි මේ සිස්ටම් එකට.

      නොදන්න මගුලට ගිහින් වරිගෙ නහගන්න එපා කියලා ප්‍රොෆෙසර් විනී විතාරණ කියල තියෙනවා මට.

      තෑන්ක්ස් බස්සි//

      :D :D :D

      Delete
    7. යුනිකෝඩ් ඉබේම ලේසිවෙනවා මං ඉස්සර සිංහල ටයිප්කරන්න බැරුව ඉන්ග්‍රීසියෙන් ලියනකොට අපේ මහා ප්‍රාඥ පත්තරමල්ලි මට බැන්න වගේ බැන්නනම්.

      Delete
    8. හොඳ වැඩක් අම්බලන්ගොඩ කතා ...

      Delete
    9. හැබෑට මටත දැං තමා මතක් උනේ අපි ඒ දවස් වල ප්‍රාට කොච්චර බැන්නද කියලා. හැක්..

      Delete
  17. කාර්‍යාලයේ දී තේකක් හදාගන්න බැරි වෙන්න පුලුවන්. ඒත් තමන් තේ බීපු කෝප්පෙ හෝදා ගන්න බැරිද​

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් කාර්යාලයෙන් කාර්යාලයට වෙනස් වෙනව නේද උපුල්? අපේ කාර්යාලයේනම් ඒ වැඩේ ටිකක් ප්‍රායෝගික නැහැ. ඉස්සරනම් ටී මැශින් තිබුනා. දැන් වැඩේ අවුට්සෝර්ස් කරලා. ලස්සන ටී ගෑණුළමයි කට්ටියක් ඉන්නව.

      Delete
  18. අපූරු කතාවක්. ලස්සනට ගලාගෙන යනව..ඒත් බං ලියන්නෙ උඹ හින්ද මම කියවාගෙන ආවෙම අන්තිමට කරකවා අතහැරීමක් වගෙ මොකක් හරි තියෙයි කියල බලාපොරොත්තුවෙන්.....:)

    ReplyDelete
    Replies
    1. අයියෝ රවී අයියෙ, කරකවා අතහැරීමේ කතාකලාවේ පුරෝගාමියා අපේ ඉවානයනෙ.

      බොහොම ස්තූතියි! මේක මේ කෙටිම කෙටියෙන් ලීව එකක්.

      Delete
  19. Dear Bassi

    This is another "Story of My Life" style story.

    Really fantastic.
    Office Staff Assistant job is not an easy job. As "Ambalangoda buddy" said....this is a multi duty job.
    You do good or bad....you never get an appreciation. You only get a blame and sour comments.

    When I was working in Colombo many years ago I had a chance to associate closely with our "Peon guy".
    Bcs he used to take a bus to go to Nugegoda from Williams Grinding Mill Junction on the Galle Road. And gave him a ride to go to Nugegoda in my "office vehicle".
    We both were at the same age at that time.

    Every pay day.....he leave office exactly the closing time and never show his face to anyone.
    But next day he come to work and do his duties as usual.
    After several months I asked him about about his disappearances on payday.

    The story was very sad.
    That's the day he go to see his mother who lives in Panadura.

    After giving some money to her.....he comes home to see his own family.
    One of my colleauges and i visited his home on one Saturday. And found that he was not home and heard that he had gone to work. But I knew that he wasn't assigned to work on Saturday.

    I didn't tell his wife anything about that.
    And came back.

    Monday I confronted him and asked him what he has done on Saturday. He said he work in a Timber Mill in Moratuwa to earn extra cash for his family.

    He said that he got good qualifications in his education but didn't continue. Bcs he had two younger siblings and he wanted them to get a good education. So....he gave up his studies and started to earn money for their educational needs.

    Both of them become engineers and got good jobs. But this guy ended up with "Office Peon" job.
    He had a goal to give a good education for his two children.
    We decided to help him.
    Every year we collected money to buy his kids school books, uniforms, shoes, bags and school fees too.

    Every year November office guys declared "Anti Alcohol Programme" in order to save money for this charitable project.
    Whatever we spend for "Alcohol" went for that during November.

    I was a part of that project for 9 years until I leave country.
    But I never forget his great work and smiling face every morning with a tasty cup of tea.

    The good news is that his two children went to university and doing a fantastic service to motherland.
    ================================

    Bassi

    This is a short version of my story.
    The bottom line is these people are great human beings. They never get angry disappointed.
    They do their job whatever the blame or thunder comes to them.
    As bosses or other members of staff.....we need to look at them with a very sympathetic eye.

    Thanks for the "short story".
    Do u have a "Part 2 - Susima"????

    I wanna know what happen to the two pieces of Chocolates. ......
    Let me know.....
    (At least inbox me)

    Thanks Bassi

    ===Adrian Channa from Toronto===




    ReplyDelete
    Replies
    1. ඔන්න අද තමයි කමෙන්ට් කරන්න ඉස්පාසුවක් ලැබුනෙ. දැන් ඉතින් ඔයාට යුනිකෝඩ් කන්වර්ටරේ තියෙන නිසා මම සිංහලෙන්ම රිප්ලයි කරනවා. කමක් නෑනෙ.

      ගොඩක් හොඳ වැඩක් කරල තියෙන්නෙ. අපෙත් ඉස්කෝලෙ යන ලමයි ඉන්න සේවකයන්ට ස්ටේෂනරි අයිටම්ස් ගන්න එහෙම මුදල් දෙන වැඩසටහනක් තියෙනවා ආයතනික මට්ටමෙන්. ඒක වැඩිපුරම වටින්නෙත් ඔයා ඔය කිව්ව තත්වයේ අයට තමයි, නේද?

      අනේ සුසීමා පාර්ට් ටූ ලියන්නෙ කොහෙද, රිප්ලයි කරන්නවත් වෙලාවක් නෑ. ලොකු වැඩක් කරන්නනෙ ඉන්නෙ ලබන මාසෙ. ඒකට හිරවෙලා.

      Delete
  20. ඔපිසියක වැඩකරලා නැතුවැන් ඔය අද්දෙකිම නම් නෑ..
    මොනවා උනත් උබේ කතාව නම් රසයි අක්කේ..කෙටියෙන් ලිවිම හෙලා දකිනවා..bus එකේ කතාවක් ලියන ඊලග දවසේ බස් එකේ හුලන් යන්න කියල පතනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රොෆා මලයෝ

      Delete
  21. මම වැඩකරපු ඔෆිස් වල වැඩිමනත් තේ හැදුවේ ඔෆිස් ඇසිස්ටන්ට්. ඔක්කොම පිරිමි ( රස ගැන කිව්වොත් ඉතින්... අම්මප උන් දෙන්නේ කසාය!) . අවුට් සෝස් කරපු තැන්වල විතරයි ගැහැණුන් තේ හදන්නේ. තවත් තැන්වල තමන්ට තේ හදාගන්න කියනවා ( අන්න මම ආස විදිය....) ඒවා ගැන කතන්දර පෙළක් තියෙනවා. ලියන්නම් පස්සේ.

    බස්සි,
    මිට වඩා සැලකිල්ලෙන් ලියහන්. ලිවිල්ලේ අවුලක් නැති උනත් හැඟීම් තව ටිකක් එකතු කළා නම් තව බබලනවා කියල හිතුනේ සමහර සිද්ධි වලදී දකින දේ විස්තර කරද්දී දැනුන සීතල ස්වභාවය හින්දා. ඒ උනාට මගේ හිත ගත්තෙම ලස්සනට කියන පුංචි දේවල් ගැන. ඒ කියන්නේ
    //තෙත සර්වියට් එක පීරිසිය උඩ වැතිරිලා කෑදරකමෙන් කෝපි බිංදු ටික ලෙවකෑව.
    //ආකාශ්ගෙ මේසෙ දිගේ තල්ලු වෙලා ආපු හතරැස් කාඩ්බෝඩ් පෙට්ටියක් ඇතුලෙන් එලියට ආපු මග් එකක
    //ඉස්සරහට ඇවිදන් යනකොට ඉහල ඇදෙන උණුහුම් දුමාරය පිටිපස්සට නැමෙනවා
    //ලා රෝසපාට ලිප් ග්ලොස් කූර තොල් දෙක වටේ දෙපාරක් එහෙමෙහෙ ගියා. උඩ පැනපු කොණ්ඩ කැරලි කන්පෙති පිටිපස්සෙ හැංගුනා.

    ReplyDelete
    Replies
    1. අපේ නම් ඉතින් කාන්තා බැටෑලියන් එකක්ම ඉන්නවා තේ දෙන්න. සමහරු හොඳම හොඳයි. තවත් අය හොස්ස ලඟින් මැස්සා යන්න බෑ කේන්ති ගන්නවා.

      පොඩි අලුත් වැඩක් සිද්දවෙනවා මචන් ලබන මාසෙ. ඒකයි මේ බිසීය. ඉන්පස්සෙ කතා ලියමු ආයෙම දිගට.

      Delete
  22. උඹ මේක ලියල තියන විදියට තේ එකක් ඔය ඔක්කොම රසවිඳින ගමන් බොන්න හිතෙනව. ඒ තරමට රහයි.. අපට කොයින්ද මේසෙට තේ හදල ගෙනත් දෙන ගෑණු ළමයි. එහෙම වෙන්න අපට කොයින්ද ඔෆිස්. දුක තමයි රංජනී කිව්වලු.. කතාව මරු.. තව ටිකක් දික් කරන්න තිබ්බෙ..

    ReplyDelete
    Replies
    1. ඔපිස් තේ මොකටෑ සජ්ජට ඕනෙ හැටියෙ තේ එකක් නෙමෙයි දහයක් උනත් හදාගෙන බොන්න පුලුවන් එකේ.

      තැන්කූ සජ්ජෝ!

      Delete
  23. අපිට කොහෙන්ද බං සුසීම ලා,
    අවුරුදු ගාණක ඉඳල අපිට තේ දුන්නේ හරි කුඩු කේඩු ඩයල් එකක්...
    මිනිහගෙ කිසි වැරැද්දකටවත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ, කවුද දන්නේ බොන්න ගේන වතුර වීදුරුවට කෙළ ගහල ගේයිද කියලා...
    කන්න ගියාමත් ඌ මේසෙට වතුර තියන්නේ සීනියර් ස්ටාෆ් එකට විතරයි...
    ඒ යකා ගාළුපුරේ බලා ගියාට පස්සේ ඒකගේ ගෝලයා වෙච්ච එකා කිසි කරදරයක් නැතුව හොඳින් සේවය කරගෙන අපිට ග්‍රීන් ටී ද, ගෑස් නැග්ගම ඊනෝ ද, ඕනේ උනොත් දෙහි ද, දොඩම් ද හදල දීලා දහමෙන් සෙමෙන් රාජ්‍යය විචාරනවා...
    ඔන්න ඔහොමයිලු උනේ...

    ReplyDelete
    Replies
    1. උඔ කමියා සඡ්ඡා මධුවා ප්‍රසා මනෝ ඉන්න තැන් වල කෙල්ලෙක් තියන්න පුලුවන්ද බං බයක් සැකක් නැතුව ...උඔලට තේ දිලා ඒකිට වහ බොන්න වෙන්නෙ..

      Delete
    2. අපේ එක ගෑනු ලමේක් හිටියා එයා මට ඉස්සරහ ඉන්න එකා එක්ක හෙන ගේම. දවස් දෙකතුනක්ම ලැප උඩත් තේ හැලුවා කිව්ව. ඔහොම තමයි එක එක අයගෙ හැටි. තවත් සමහරු මාරම හොඳයි, අම්මලා වගේ.

      Delete
    3. ඔය කියල තියෙන්නෙ මෙන්ඩා! හයියෝ සල්ලි!

      Delete
  24. දුප්පත්කම බාල්දු වුණු තවත් අවස්ථාවක්.හරිම සංවේදී විදිහට ලියලා තියෙනවා.අර කිව්වා වගේ තව ටිකක් කියවන්න තිබ්බනම් හොඳයි කියලත් හිතුණා.මම අදයි මේ පැත්තට ආවෙ.ඔයාගෙ ලිවීමේ ශෛලිය විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අනුත්තරා. පැරණි ලිපිත් ගොඩක් තියෙනවා. දිගටම එන්න හොඳේ.

      Delete
  25. "තේ"එකක් තරම් සුසීමලා ගේ ජිවිත රහ නැහැ යශෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ!

      Delete
  26. බස්සි අක්කා කතාව නම් නියමයි, උපේ කියපු පොයින්ට් ටික තමා ලෙසටම දැනුනේ, තේ ගැන නම් කවර කතාද? රාජ්‍ය සේවයට එකතු වෙලා සති දෙකෙන් සිස්ටම් එක චේන්ජ් කරන්න ගිහින් මට උනේ ඉල්ලගෙන කන්න, එත් මම මට පුළුවන් විදියට එක චේන්ජ් කරා, මගේ ඔෆික් එකේ එහා මෙසේ ඉන්න එකා අනිත් මෙසේ ඉන්න එකාට ෆයිල් එක දෙන්නෙත් පියන්ව ගෙන්නලා, කාලේ කන්න කියාපු තැන් රජයේ රස්සාවල් සමහරුන්ට. එතකොට ලියුමක ෆොටෝ කොපියක් ගන්නේ නැහැ පියන් නැතුව, ෆයිල් පරක්කු වෙලා මගේ ලඟට එනකොට මට සිද්ද වෙන්නේ නිදහසට කරුණු අහන්න සමහරුන්ගෙන්, අර්ර්ර්....

    එතකොට යන එන වෙලාව හරියටම බලලා ෂෝර්ට් ලීව් හාෆ් ඩේ කපනනේ සුළු සේවකයන්ගේ විතරයි, එක කරන ලීව් ක්ලාක් එන්නේ 10, යේ ක්වාටස් ළඟ නිසා කන්න යනවා 12 ට ඒ ගිහින් එන්නේ 3, එතන ඉඳන් කයිය, වැඩ කරන්නේ ඕ ටී දාගෙන. ඔන්න සිස්ටම් එක, ඒ අස්සේ ඉන්න පියන් එවුන්ට් තේ හදලා දෙන්න ඕනා, වැඩට ඉන්න මිනිස්සු අවුට් ස්ටේෂන් යවන්න අනුමැතිය දුන්නම ජොබ් ක්ලාක් සීට් එකේ නැහැ ඩියුටි කාඩ් දාන්න, ෆයිනල් කොස්ටින් සබ්මිට් කරන්න ගියාම සමහරුන්ගේ අම්මා තාත්තා මතක් වෙනවා, එතකොට ඩයිවර්ලා, උන් ඉන්නේ මල කපන්න බලාගත්තු ගමන්, නහයෙන් අඬනවා ෆුවල් කන්සම්ප්ෂන් එක අඩු වෙන් දාල පොත සයින් කරලා දෙන්න කියලා. නෙදකින්.

    ඔය ඔක්කොම සිස්ටම් එක චේන්ජ් නොවුනත් අද වෙද්දී වොෂ් රුම් එක ක්ලීන් කරගන්නේ පාවිච්චි කරන එවුන්. මම තුමා සහ යාලුවෝ සෙට් එක පාවිච්චි කරන එක අපි පිරිසිදු කරගන්නව, ලේබර්ස්ලා මෙන්ටනන්ස් සහ කීලිනින් කියලා ජාති දෙකයි. පියන්ට තහනම් ෆොටෝ කොපි ගැහීම. තේ හැදීම. මම සිස්ටම් එක චේන්ජ් කරාම පිටින් ගෙන්නපු ක්ලීනින්ග් ලේබර් දෙමල මනුස්සයෙක් මුරුගා කියලා, ඒ මනුස්සයට බඩේ පාර වැඩෙන හින්දා එයා දැන් ගාර්ඩ්නින් වැඩ දීල තියෙන්නේ, එයා එන්නේ සතියකට සැරයක්, ඉස්සර ඔක්කොම උන්ගේ දේවල් හෝදන් කරවාගෙන ඒ මනුස්සයට මාසෙට 1000 යි, තාමත් මේ දෙපාර්තුමේන්තුවේ ඉන්නවා කුණු ඇලවල් වලට බහින මිනිස්සු මාස තුනටම රුපියල් 1000 ට.

    සමහර දේවල් වෙනස් කරන්න බහ කියලා හිතන් උන්නට පුළුවන් කරන්න, හැබැයි කටුව ගහන්න ඕනා හරිම නිලේට, දැනට රාජ්‍ය සේවෙට අවුරුද්දයි, ඒ අවුරුද්දේ පෙස්සම් 4 ක් නිසා ජෙනරාල් ඔඩිට් 1, ඉන්ටනල් ඔඩිට් 2 කටයි කට උත්තර දුන්නා, තාම අවුරුදු 3 සම්පුර්ණත් නැහැ. හෙක්. කවුරු මාව සීට් එකෙන් ගලවන්න හැදුවත් මම එහෙම යන්නෙත් නැහැ, මම මේකේ ඇලිලා ඉන්නෙත් නැහැ.

    සුසීමලා ගැන නම් පට්ටම දුකයි.

    ReplyDelete
    Replies
    1. ඔය විදියේ ඔපීසියක අත්දැකීම් නැති නිසා සොමියා මල්ලිගෙ කතාව ඇහුවම මට පුදුම හිතුනා. පව් ඒ මිනිස්සු. හැබැයි ඉතින් සිස්ටම් එක චේන්ජ් කරන්න හදන මනුස්සයින්ව මරාගෙන කන්න හදනවා ඔහොම තැන්වල මුල් ඇදපු පරණ කට්ටිය. ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන්.

      මට මතක් වුනේ අපි චූටිකාලෙ ගිය "එකට ගැටුම" ටෙලිඩ්‍රාමා එක. :)

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. සේරම උන් එකයි කියන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි ඉතින්. :-(

    ReplyDelete
    Replies
    1. සිඳු අක්කා නම් සුසීමාගෙ සපත්තු දෙකට බැහැලම කතාව කියවලා වගේ.

      Delete
  29. මේ බස්සිගේ ඔෆිසියේ කතාවක්ද ? අපට නම් ඔය තේ හදන අය නැහැ. අපේ ලංකාවේ ඔෆිස් එකට නම් ලඟදි ගත්තලු.

    ReplyDelete
    Replies
    1. අපේ ඔපීසියෙ ඉන්න තේ හදන අයත් මේ වගෙයි අජිත් අයියෙ.

      Delete
  30. http://nelumyaya.com/?p=4609
    එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක්. කවිය සයිබර් පවුරේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියෙ. ලිපියට වගේම කමෙන්ටුවලටත් වටිනාකමක් ලැබෙනව ඒකෙන්.

      Delete
  31. අපේ ඔෆීසියේ උණුවතුරයි ටී බෑගුයි තියලා යනව... නම දන්නෙ නැති අලුතින් ආපු අක්ක.....

    අපිම තේ එක හදාගන්නව... ඉඳහිට සංජීවයිය කෝපි ඉල්ලගෙන එනව. එහෙම වුණොත් කෝපි බොනව....

    සුසීමෙක් අපටත් හිටියනං මරු.... මොකෝ අපි ආකාශ්ලට වඩා සමානාත්මතාවය ගැන කියවන යක්කුනේ....!!!!!!!!

    සුසීමට කෙළවෙන්නෙ නෑ... මොණ කොණ්ඩකාරි ආවත්...

    ReplyDelete
    Replies
    1. උඩුවාගෙ ඔපීසියෙ ඉතින් සිරා බුලට් ටිකක්නෙ ඉන්නෙ. ළඟදි දවසක ඇනිවසරියෙ ෆොටෝ ෆේස්බුක් දාල තිබුන නිසා අපිත් ෆොටෝවලින් දැකබලාගත්තා ඔයාලගෙ ඔෆිස් එක. :)

      මගෙ තේක ග්‍රීන්ටී නිසා ඒක එන්නෙත් උණුවතුරයි, ටී බෑග් එකයි විදියට.
      අපිට නෑනෙ අෆ්ෆා කෝපි. කිරිකෝපි විතරයි, මට කිරි ඇලජික්. දුක තමයි. සංජීවයියව මතක් කලා කියන්ඩ හොඳේ. :)

      බොස්ට කියන්නකො සුසීමෙක් ගන්න කියලා තේ හදල දෙන්න.

      Delete
  32. බස්සි උඹ ලිව්ව හැටිය මට තේකක් තරම් රසයි..අර උපේක්ෂා කිව්ව යෙදුම් ටික තමා මටත් අල්ලලාම ගියේ..

    ReplyDelete