බත ඉදෙන තුරු හනික
වර්ණ ගැන්වෙන සිහින
ගවොම් කොලරය මදින අතරෙත්
සෙමින් මිමිණෙයි
අමුතු තනුවක සිහින
මම කුඩා කාලෙ ඉඳන් බොහොම කැමතියි සිහින දකින්න. සිහින දැකීම ගැනත්, කාලෙන් කාලෙට මම දැකපු විවිධාකාරයේ සිහින ගැනත් මම වරින් වර බ්ලොග් පෝස්ටු කිහිපයක්ම ලියලත් තියෙනවා.
මගේ අමුතු සිහිනමය සටහන්, බසු ස්ටයිල් එකෙන් ලියලා “බස්සිගේ විස්මලන්තය” ලේබලය අලවලයි බ්ලොග් එකේ එල්ලන්නෙ. ඒ වගේම, “අමුතු කවි” කැටගරියෙත්, “කවි ලොසින්ජර” පිටුවෙත් බසු සිහින කවි විදියට ලියැවෙනවා.
මම ඉස්කෝලෙ යන කාලෙ කවි ලියනවා, ඒවා පත්තරවලට යවනවා. ඒත් ඉඳහිට ‘රිවිර අරුණැල්ලේ’ පලවුන කවියක් දෙකක් හැර වෙන කිසිම කවියක් හෝ කෙටිකතාවක් කවමදාවත් පළවෙන්නේ නැහැ.
ඉන් පස්සෙ එළඹෙන්නේ සම්පූර්ණයෙන්ම විද්‍යාවේදී උපාධියක් සහ කළමණාකරණ පාඨමාලාවක් සමග සමෝසමේ ඔට්ටුවෙමින් ගතකල, කිසිවක්ම නොලියවෙන තරමේ පට්ට බිසී අවුරුදු හතරක්.
ඒ අවුරුදු හතර ඉවරවෙන්න කිට්ටුව ආයෙමත් මම පොඩි පොඩි දේවල් ලියන්න ගන්නවා. ඒ වෙනකොට “ආයෙනම් පත්තරවලට මුකුත් යවන්නෙ නැහැ!” කියන තරමට මම මුරණ්ඩුයි. ඉතින් මම පටන් ගන්නවා ‘බස්සිගේ නවාතැන’ බ්ලොග් අඩවිය.
දැන් මගේ බ්ලොග් කෙරුවාවට අවුරුදු දෙකක් පහුවෙලා. අවුරුදු දෙකක් අනවරතව ලියන එක අසීරු කාරියක්. ඒ වුනත් අන්තිමේ මේ ලියැවිල්ල සොඳුරු ඇබ්බැහියක් බවට පත්වුනේ මටත් නොදැනීම.
එදාමෙදාතුර බ්ලොග් වියුණුව හරහා මට මුණගැහුණු සොඳුරු හදවත් ඇත්තෝ බොහොමයි. මම කියන්නම ඕන, කුඩා කාලයේ පාසැල් තරඟවලට යමක් ලිව්වාම “මේක ලිව්වේ ඔයා නෙමෙයි!” කියන තරවටුව සහ ප්‍රතික්ෂේපයට වඩා වැඩි යමක් දෙන්න සමත්වුන ගුරුවරු හිටියේ අතලොස්සයි. ඉතින්, මම ලියන්න ඉගෙනගත්තෙ තාත්තා ලියන දේ බලාගෙන සහ පොත් ගුල්ලියක්බවට පත්වීමෙන්.
ඒ ලියැවිලි ඔපවැටුනේ බ්ලොග් වියුණුවෙන් හමුවුණ ආදරණීය මිනිස්සුන්ගේ සොඳුරු ගුරුගරුකම්වලින්. ඔව්, නම් කියන්නට අවැසි නෑ ඒ ඔයාල තමයි.
ඒ හා සමාන්තරවම, ලියැවිලි උඩට ගල් බොරළු විසුරවපු අකල් වැහි, දෙනෙත් රතු කල දුහුවිලි කුණාටු නිසා සිදුවුනේ මට වඩා යහපත් අතට අනුවර්තනය වෙන්නට පන්නරය ලැබුන එකයි.
අන්තිමේදී, මම මේ සිහින පොතකට එකතු කලා. ඒ සිහින නිකම් ‘කවි වගේ’.
“ඉතා කෙටි කලබල සිහින” ඒ තමයි පොතේ නම.
පොත දොරට වැඩුමක් දෙසැම්බර් දොළොස්වැනි සෙනසුරාදා, පස්වරු 3.00 සිට 5.00 දක්වා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා.
එන්න! වෙනස්ම විදියේ වැඩ කිහිපයක් දැකගන්න ලැබේවි එදාට. කුතුහලයට පුංචි ඉඩක් තියල වැඩි විස්තර ඊගාව පෝස්ටුවෙන් කියන්නම්.
මෙන්න උත්සවය පැවැත්වෙන තැනට යන පාර.
ශ්‍රවණාගාරය තියෙන්නේ මහවැලි කේන්ද්‍රයේ දෙවන මහලේ
බස්සිගේ අලුත් වැඩේට සුභ පැතම්. හැකියාවක් ලදහොත් ඔලුව දමා යාමට එමි.
ReplyDeleteබොහොම ස්තූතියි සුදු පූසා!!
Deleteහදවතින්ම සුභ පැතුම්
ReplyDeleteබොහොම ස්තූතියි ඉයන්!!
Deleteඉයන් යමුද?
Deleteනියමයි බස්සියේ..
ReplyDeleteහදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඔයාට.
දිගටම අමුතු සිහින දකින්න කියලා ප්‍රාර්ථනා කරනවා :)
අනිවාර්යයෙන්ම දිගටම සිහින නම් දකීවි!
Deleteස්තූතියි නිදහස්!
හවුලේ සිහින දකිමු !! සුභ පැතුම් !!!!
ReplyDeleteස්තූතියි උපුල්!
Deleteඒකනෙ මම දකින හීන බෙදාහදාගන්නෙ. :D
බස්සි...............................
ReplyDeleteඅැත්තට ම හරිම සතුටුයි... මේකයි විය යුත්තේ... මේ දේවල් වලින් සමස්ථ බ්ලොග් ලෝකයම ඔසවා තැබීමක් වෙනවා... ඉතින් හරිම සතුටුයි.... ජයවේවා...
සිංහල බ්ලොග් අවකාශයට මාකට් නොවෙන ප්‍රඩක්ට් එකක් විදියට සැලකෙන "කවිය" අරන් එන්න වැඩිම මෙහෙයක් කරන කුරුටුගේ මේ සුභපැතුම මට සෑහෙන්න වටිනවා!
Deleteහෘදයාංගම සුභ පැතුම් බස්සි ...!
ReplyDeleteමේ, දිගු ගමනකට තබන එක් පියවරක් වේවා ...!
බොහොම ස්තුතියි සඳරු!
Deleteසුභ පැතම්
ReplyDeleteස්තුතියි මකසි!
Deleteසුබ පැතුම් බස්සි, එන්න නම් ඩිංගක් දුර වැඩියි- අති සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට බලන්න පින්තූර දාන්න ඈ!
ReplyDeleteඩිංගක් නෙමෙයි සෑහෙන දුරයිනෙ. ඒ පැත්තෙන් මෙහෙ එන කෙනෙක් හිටියොත් පොඩ්ඩක් කියල තියන්න අක්කේ. මම පොතක් එවන්නම්.
Deleteඉත සිතින් සුභ පැතුම්!
ReplyDeleteබොහොම ස්තුතියි කලණේ!
Deleteහදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.....
ReplyDeleteබොහොම ස්තුතියි!
Deleteසුභ පැතුම් බස්සී... දුර ගමනක හීන ඉටුවේවා...!
ReplyDeleteබොහොම ස්තූතියි බීට්ල්!
Deleteසුභ පැතුම් බස්සි අක්කා !!! ජයෙන් ජයම වේවා !!!!!!!!!!!!!!!!
ReplyDeleteබොහොම ස්තූතියි මෙතූ!!
Deleteනියෝජිතයෙකු සමග මගේ බස්තම එවමි!
ReplyDeleteඅපරාදෙ නේ!
Deleteඔයාට පොතක් තියන්නම්. :)
මගෙත් සිහිණ දෙකක් තිබුනා... ඒ කෙල්ලෝ දෙන්නෙක් ගැන.. එකෙක් බස්සී.. අනෙකි අපූර්වී.. සිහිණය තමයි උඹලා දෙන්නා රටේ ප්‍රසිද්ධ ලේඛිකාවන් දෙන්නෙක් වෙයි කියන එක.. ඒ විතරක් නෙමෙයි ළෝක මට්ටමට යයි කියන එක...
ReplyDeleteනිකමට නෙමෙයි උඹලා දෙන්නම හිතන හැටි වෙනස්.. ලියන හැටි වෙනස්.. විය යුත්තේ එයයි.. හැමදාම අතීතයේ උන් වීරයෝ සමරනවද..? එහෙම නැත්නම් අළුතෙන් වීරයෝ හොයනවද කියන එක.. උඹලා දෙන්නම ගියේ සම්ප්‍රදාය කඩාගෙන.. චින්තනය වෙනස්... එතකොට තමයි අළුත් ගමනක් යන්න පුළුවන්...
එකෙක් නම් මඟ නැවතුනා.. ඒකිත් දව්සක මේ වගේ තැනකට එනවා නම් ඒක තමයි මාතලන්ගේ සතුට... අනිකා නිර්මාණ ක්ෂේශ්ත්‍රයේ පිලිගැනීමට ලක්වන ජාතියේ පළමු පියවරක් තියනවා.. ඒක සර්වප්‍රකාරයෙන්ම අති සාර්ථක වේවා කියලා පතනවා...
බ්ලොග් කාරයෝ මීට කලිනුත් පොත් එලි දක්වලා තියෙනවා, පැරා, කකා, තිලකේ මට මතක අය... ඒත් මේක විශේෂයි.. හේතුව උඹලා වෙනස්.. අන්න ඒ වෙනසට මාතලන් පට්ට ලැයික්...
බ්ලොග් කාරයෙක් හැටියට පට්ට ආඩම්බරයක් තියෙන්නේ..
දෙවන පියවර විදියට අර පිස්සු කතා ටික ජනසතු කරපන්..
++++++++++++++++++++
Delete++++++++++++++
Deleteමාතලන්ලා අළුත් බ්ලොග්කාරයන්ට දෙන සහයෝගය නිසා නොවෙන්නට බොහොමයක් අළුත් බ්ලොග් නොලියවෙන්නට පවා තිබුනා. වෙන එකක් තියා ලස්සනට ලියන ගොඩක් අයට මම බ්ලොග් ගැන විස්තර කියලා මුලින්ම යවන්නෙ මාතලන්ගෙ "බ්ලොග් එකක් හදන හැටි" පාඩම් මාලාව. සින්ඩිකේටර් ගැන කියලා මුලින්ම යොමු කරවන්නෙ මාතලන්ගෙ සින්ඩියට. ඒ සහය නොවෙන්නට අපි උනත් මෙතනට එන්න ගොඩක් පමා වෙන්න තිබුනා.
Deleteඅපූර්වි ආයෙම ලියන්න එනවනම් හැමෝම කැමතියි. "ඇයි කාක්කන්ට ෆයිබර්ග්ලාස්වලින් ගෙයක් හදන්න බැරි?" වගේ අමුතු කතා ගොඩක් අපිට කියවන්න තිබුන අවස්ථාවක් නැතුව ගියෙ ඔමා බ්ලොග්වලින් අයින් වීමෙන්.
කෙටිකතා හෙවත් පිස්සු කතා එකතුවක් මග එනවා. ලබන අවුරුද්දෙ මැද හරියේ ඒ වැඩේ සිදුවේවි බොහෝවිට. :)
ඉවාන් සහ විදානේ :
Deleteබොහොම ස්තූතියි වැටවල් දෙකට :P
මෙන්න මගෙනුත්..
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඔන්න මම අත් දෙකම ඉස්සුවා +++++++++++++++
Deleteඋණුසුම් සුබ පැතුම් බස්සි අක්කා. මාතලන් අයියා කියපු දේත් එක්ක එකෙන්ම එකඟයි, මේ දේ තම බස්සි අක්ක වෙන්න ඕනා, මට මතක් වෙන්නේ නීල් ආමස්ට්‍රොන්ග්ව මේ වෙලාවේ, අක්කට අමුතුවෙන් කියන්න ඕන නැහැ එයා හඳට පළමු පියවර තියන කොට කියපු දේ, ඒ දේ බ්ලොග් අවකාශේටත් එහෙමමයි, මගේ ඊළඟ හීනේ අක්කගේ කෙටිකතා සංග්‍රහයක් එලියට ඒවි කියලා, ඒ අතරට අර මියෝ පත් කරගත්ත පුසගේ කතාව වගේ කතා තියෙන්න ඕනා, ඔයාගේ ආත්ම තෘප්තියට ලියුන ඒවායින් කරපු නිර්මාණයක් සමාජයේ සාහිත්‍ය කෙතේ පුංචි පිම්මක් පනින්න මොහොතක ඒ පිම්ම ලොකුම ලොකු පෙරලියක් ඇති කරන පිම්මක් වෙන්න කියල හදවතින්ම සුබ පතනවා අක්කා, ජයෙන් ජයම වේවා.
ReplyDeleteබොහොම ස්තූතියි සොමියා මල්ලි.
Delete"පිස්සු කතා" ගැන ඊගාවට බලාගන්න ඉන්නෙ. :)
එන්න නම් බැරි වෙයි. ඒත් හදවතින්ම සුබ පැතුම් නංගි
ReplyDeleteබොහොම ස්තූතියි සිඳු අක්කේ!
Deleteඔයා දුරනෙ ඉන්නෙ ඉතිං. අනික, පාර කවර් කරන හරක් බැටෑලියන් එකත් ඉන්නවනෙ. :D
මෙච්චර දවසක් කියවලා විතරක් ගියා. සියල්ල සාර්ථක වෙන්න මුළු හදින්ම සුභ පතනවා. ජය වේවා!!!
ReplyDeleteබොහොම ස්තූතියි සුජීව!
Deleteමුල්ම කමෙන්ටුව වෙන්න ඕන? සතුටුයි හඳුනාගන්නට ලැබීම ගැන!
ජ ය වේ වා !!!!
ReplyDelete(හදවතින්ම සුභපැතුම්)
බොහොම ස්තූතියි විදානේ!
Deleteඇහැකිනම් හාමිනායි, නැන්දම්මයිත් එක්ක ඇවිත් යන්න එන්න. මළදානේ යාලුවෙක්ගෙ පොත් මලදානයක් කියන්න.
සුබ පැතුම් අක්කේ . ඔයාව බලල යන්න එන්න බලන්න උත්සහ කරන්නම් .
ReplyDeleteබොහොම ස්තූතියි නංගා! සෙනසුරාදාවක් නිසා එන්න පුලුවන්වේවි නේද?
Deleteඋත්සහ කරන්නම් අක්කා . මට සෙනසුරාදා පන්ති . ඉන්ටවල් එකේ දුවල යන්න එන්න බලන්නම්
Deleteසමාවෙන්න අක්කේ එන්න බැරි උනාට
Deleteසුභපැතුම් කිව්වා ඔන්න.. ලංකාවේ හිටියනම් අනිවාර්යෙන් එනවාමයි... බ්ලොග් නිර්මාණ කරුවෙක් පොතක් එළිදැක්වීම පොලොව යට පැලවෙච්ච අංකුරයක් පොළොවෙන් උඩට මතුවීම වගේ වැදගත් දෙයක් උනාට බස්සිට ඒක එහෙම නෑ .. මොකද බස්සි පත්තර වලට එහෙම ලියල ප්‍රසිද්ද වෙච්ච චරිතයක් නිසා...
ReplyDeleteසිංහල පොතේ තිබ්බ දොරට වැඩුම කවි ටික අමතක් උනා නිකම්ම..
නැකත හොඳයි කීය පියා
මව ඉන් ඉදිරියට ගියා
මග හැම වස් දොස් හැරියා
එක පැටියෙක් හැඹී පියා
බස්සීට මෙන්ම සියලූම බ්ලොග් නිර්මාණ කරුවනට ලොව පුරා පියාසලන්නට වාසනාව ශක්තිය දහිරිය ලැබේවා...
( අංකුරයක් විදිහට හරි , ලියන්නේ කිසි වැදගැම්මකට නැති දේවල් උනත් බ්ලොග් එකක් ලියන්න පුළුවන් වීම ගැන මටත් චුට්ටක් විතර ආඩම්බරයි.. බ්ලොග් කාරයෙක් කියන හැඳින්වීම තාම මට සුදුසු නැතුව ඇති )
ස්තූතියි අම්බලන්ගොඩ!
Deleteඅනේ මම මහලොකුවට පත්තරවල ලියන කෙනෙක් නෙමෙයි. ඉඳහිට ලියන දෙයක් පලවෙනවා විතරයි.
ඔයාගෙ අන්තිම ඡේදෙ ගැන කිව්වොත්, අපි ලියන්න ඕනෙ සම්මත රාමුව තුල "වල්පල්" කියලා ලේබල් කරපු, නමුත් වැදගත් පණිවිඩයක් ගේන්න පුළුවන් දේවල්. ප්‍රධාන ධාරාවෙ මීඩියාවල දොරවල් වැහිලා තියෙන හොඳ දේවල් අපිට මිනිස්සුන්ට දෙන්න පුලුවන්නෙ මෙතනින්. ඒවට ඉල්ලුම වැඩි වෙනකොට ඉබේම ප්‍රධාන ධාරාවෙ මාධ්‍යවලින් අපිට දොර ඇරෙනවා.
සුභ පැතුම් බස්සි ..
ReplyDeleteස්තූතියි සත්‍යා!
Deleteබස්සි මචං …… එන්න බෑ බං ඉන්නෙ වෙන රටක නිසා.නැත්තං උදේ පාන්දර මායි අර ඉවාන් කියන කාලකන්නියයි ඔතන :D හැක් .ඌ යනවා මට ඉරිසියාවෙ බෑ ……
ReplyDeleteරෙෂ්පට් බං රෙෂ්පට් !!
බොක්කෙන්ම සුභ පතනවා.. ඊළඟට කෙටිකතා ටික .රයිටෝ !!!
තාම හරියට ලියාගන් බෑනේ මූට ..
Delete//මායි අර ඉවාන් කියන කාලකන්නියයි ඔතන"// එහෙම නෙවෙයි බං // මායි අර පත්තරමල්ලි කියන කාලකන්නියයි ඔතන"// ලෙස නිවරදිවිය යුතුයි .. :P
ඉවානය දැන් ඉඳන්ම ලුමිනස් කොලපාට ටයි එකකුයි, මැජෙන්ටා පාට බෙල්ට් එකකුයි, මල් වැටිච්ච සපත්තු ජෝඩුවකුයි ලෑස්ති කරන් ලු ඉන්නෙ එදාට දාන්න. හෙයාර් කට් එකත් වෙනස් කොරනව කියන්නෙ. ඔළුවෙ ටැටූවක් කොටනවලු 'කලබල සිහින' කියලා. අන්න යාලුවෝ!
Deleteමාව දාලා ගියොත් මරනවා..
Deleteසුභ පැතුම් බස්සි. එන්න වෙන්නේ නෑ ඉතිං. පොතක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් බලමු...
ReplyDeleteස්තූතියි තිසර!
Deleteලෝන්ච් එකෙන් පස්සෙ පොත් ඩිලිවර් කරන්න වැඩ පිලිවෙලක් බලන්නම්කො මම.
This comment has been removed by the author.
ReplyDeleteනිහඬ හද
ReplyDeleteදුටු සිහින පට
අකුරු විය
අකුරු වූ ඒ
සිහින කියවමි
විඳිමි රස
අහෝ වී නම්
පරිකල්පනය
මටද මෙසේ
කවිද ගීත
කතා කෙටි, දිගුවූ
බලයි එබී
ලැබේවා දිරි
යන්න බෝ දුරම
ඔසවා පිය
ඉවාන්ගෙන් කුදුගොත් කවි පේලියක්ම!! බොහොම තැන්කූ මචෝ!!
Deleteමේ, උඹට බැරිද එදාට ඔය ටික තාලෙට කියන්ඩ ඈ? :P
පත්තරයට එන්ඩ කියමු ඩ්‍රම් ගහන්න.
හදවතින්ම සුබ පතනවා. එන්නට හැකිවේදැයි සැකයි. එහෙත් අවස්ථාවක් ලැබුණොත් පැමිණිමට සටහන් කරගත්තා.
ReplyDeleteසෙනසුරාදා හවසක් නිසා එන්න උත්සහයක් දරන්නකෝ. බොහොම ස්තූතියි!!
Deleteමං මේ මකමන් හිතමින් ලියන තුන්වෙනි කොමෙන්ට් එක.. හැක්..බ්ලොගර් කාරයා මක මක ලියන ඒවාත් බලාගන්න ක්‍රමයක් හදල තිබුන නං උඹට ඒවා බලාගන්න තිබුනා. අවසානාවට තාම ඒම ක්‍රමයක් නැහැනෙව...
ReplyDelete//ඒ හා සමාන්තරවම, ලියැවිලි උඩට ගල් බොරළු විසුරවපු අකල් වැහි, දෙනෙත් රතු කල දුහුවිලි කුණාටු නිසා සිදුවුනේ මට වඩා යහපත් අතට අනුවර්තනය වෙන්නට පන්නරය ලැබුන එකයි.//
අන්න ඒ උපේක්ෂාව නැති කරගන්න එපා බං.. ඒක තමා හැමදේකම වටිනාම මැණික..
සුභ පැතුම්. මට පොතක් අත්සන් කරල එවහං බස්සියෝ.. දන්නවනේ මට එන්න විදියක් නෑහැ කියලා.. හැක්.. ජයම වේවා.. මාත් ඔන්න උඹ ඉන්වයිට් කරල තැති නිතර මේවාට සහභාගී වන සැට් එකකට ඉන්වයිට් යැව්වා..
කමක් නෑ ඉතින්. මෙදාපාර උඹ නෙළුම් යායට එනවාමයි කිව්වා වගේ කඩවෙන පොරොන්දු දුන්නෙ නෑනෙ දේසෝ.
Deleteබොහොම ස්තූතියි! මගෙ ඉන්විටේසන් ලිමිට් එක පැනලා අනේ. පුලුවන්නම් අපේ කස්ටිය මගහැරිලා ඉන්නවනම් ඉන්වයිට් පාරක් දාන්න. සකරබරගයාට පිස්සුනෙ, ඒකටත් ලිමිට් දාලා.
කවුරු අතේද එවන්නෙ පොත? ඉන්බොක්ස් කරහං.
සුභ පැතුම් බස්සියේ.
ReplyDeleteඋත්සවයට එන්න ආසයි.එත් 12 වෙනිදා මම ක්ලාස් එකක.බාහිර සිසුන්ට විභාගයට පෙර පවත්වන අවසාන පංතිය නිසා ඒක අනිවාර්යෙන්ම තියන්න වෙනවා.එන්න බැරි වෙන එකගැන කණාගාටුයි.එන්න බැරි වුනත් සහෘදත්වයෙන් හදවතින්ම සුභ පැතනවා....
අවුලක් නැහැ මනෝ. ඉදිරියේදි බ්ලොග් උත්සව වලදි හමුවෙයිනෙ.
Deleteබොහොම ස්තූතියි සු'පැතුම්වලට!
හඳවල් පාලාහකට විස්සකට එපිටින්
ReplyDeleteහීන දකින්නත් ලොක්කන්ගෙන් අවසර ගන්න ඔනෑ වෙච්ච සංදියේ මා මගේ බ්ලොග් කටුවේ කුරුටු ගෑවා ලංකාව හීන දකින්නන්ගේ සුසානයක්ද කියල අහල.
Oh yes හීන දකින්නෝ ඉන්නව.
ඔබට ජය!
එක අතකට ඔයා කියන දේ හරි.
Deleteලංකාව හීනදකින්නන්ගේ සුසානයක් තමයි.
හීනදකින්නන් කොටසක් බලෙන් අතුරුදහන් කරවනවා (හීනත් එක්කම.), අනිත් අය ස්වකැමැත්තෙන්ම මිහිදන් වෙනවා. තවත් සමහරු හීන පොදිගහලා වලලනවා.
බොහොම කලබලෙන්, කෙටිම කෙටි හීන දැක්කොත් මිසක, දිග හීනවල කිමිදෙන්න ලංකාව එච්චර ඔබින තැනක් නෙමෙයි. එහෙම තැනක් බවට මේ පොලව පත්කරගන්න පුලුවනුත් හීන දකින්නන්ටම පමණයි.
Bestestest wishes !!
ReplyDeleteThankuu pra!!
Deleteකොච්චර උත්සාහ කරත් මට බැරිම දෙයක් තමයි කවි ලියන එක...
ReplyDeleteකමෙන්ට් ඇරියස් එකක් තියෙනවා පස්සේ විසඳ ගමු...
මේ වැඩේට ජය වේවා...!!!
මම ඉන්නේ හද්දා ඈත...
එන්ට උත්සාහ කරන්නම් උපරිමෙන්... :-D
තැන්කූ හොඳේ!
Deleteඒ මොකක්ද කමෙන්ට් ඇරියස් එකක් කියන්නෙ?
බස්සියේ,
ReplyDeleteමට එදාට ගෙදර යන්නම වෙනවා. පැනගන්න ලැබුනොත් එනවාමයි. එන්න බැරි උනොත් මට අස්සන් කරපු පොතක් එවන්න. අනිවා එන එකෙක් ඉන්නවා මං ඌට කියල ගෙන්වගන්නම්.
මෙන්න මගේත් හද පිරි සුභ පැතුම්!
බොහොම ස්තූතියි කසුන්.
Deleteමම පොතක් එවන්නම්. කාටද දෙන්න ඕනෙ කියල පොඩ්ඩක් කලින් කියල තියන්න මට. මොකද එදාට වැඩ අස්සෙ හොයාගන්න බැරිවුනොත් ඔයාගෙ නියෝජිතයව. :)
warnakulakaya@gmail.com
ReplyDeleteබස්සි මේක දැක්ක ගමන් මට මේලක් දාපන්
උදව්වට බොහොම ස්තූතියි මල්ලි!
Deleteසුබ පැතුම් බස්සියෝ. ඔයාගෙ පෝස්ට් නම් බලනව නිතර. බොරු කියන්නෙ මොකද සමහර ඒවා තේරෙන්නේ නැහැ ( මොලේ තරම තම ඉතින් ) හැබැයි හුඟක් ඒවා හරිම අනගියි.
ReplyDeleteමටත් මේ ලෝකෙ තියෙන දේවල්වලින් තේරුම් ගන්න පුළුවන් බොහෝම ටිකක් විතරයි නෙ. ඒවා වැඩියෙ හිතන්න එපා... :)
Deleteස්තුතියි ප්‍රියන්ති!
මම පලවෙනි අවුරුද සමරන පොස්ටුව ලියන කොට බස්සි ඇවිත් කිව්වා එයත් ඊළඟ මාසේ අවුරුද්ද සමරනවා කියලා .... ඒ කියන්නේ අපි එක නැවේ ආපු අය.... ආඩම්බරයි සහෝදරි... අර උද හංසමාලි කියලා තියෙනවා වගේ ගොඩක් ඒවා මට තේරුනේ නැතත් වැටෙන කොමෙන්ට් එක්ක අපි දන්නවා ඔයාට දිගු ගමනක් තියෙන බව.... ඒ ගමනට සුබපැතුම්
ReplyDeleteඇයි යකෝ උඔලට චිත්ත කැල්ලක් කිව්වොත් විතරද පිලිගන්නෙ..කොයිකාලේක ඉදන්ද මම කියන්නෙ මේකිගේ පොස්ට් මට වෑල් කියලා
Deleteබොහොම ස්තූතියි! මට වඩා මැලේ මාසයක් සීනියර් නේ? :)
Deleteඋඔ මාත් එක්ක තරහත් ඇති..මම උඔගේ පොස්ට් වලට අනන්මනන් කියන නිසා..
ReplyDeleteඑන්න ට්‍රයි එකක් දෙන්නම්...
හදවතින්ම සුභ පතනවා..
එල ද බ්‍රා
පොත ගන්න පුලුවන් තැනක් කියපන් මචෝ.
බ්‍රා එකක් අරන් වරෙන්....
Deleteඅන්න දැක්කද මාතයියන්ඩි තමයි මට නියම වටිනාකම දුන්නෙ..
Delete36 C එකක් අරන් එන්නම්
බුක් ලෝන්ච් එකෙන් පස්සෙ තමයි පොත බෙදාහැරීම ගැන වැඩපිලිවෙලක් යොදන්න ඉන්නෙ මෙන්ඩා. ඒ ගැනත් පෝස්ටුවකින්ම කියන්නම්කො.
Deleteනියමයි බස්සි...
ReplyDeleteහදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා...
බොහොම ස්තූතියි තුශ්!
Deleteසුබ පැතුම් බස්සියේ... මම මේලක් දැම්මා.
ReplyDeleteඅළුත් කයි පොතක්.......
බොහොම ස්තූතියි සබරේ!
Deleteමම දැක්කා. රිප්ලයි දැම්මා. :)
සුබ පැතුම් යශෝ,
ReplyDeleteහැකියාවක් වෙතොත් එදාට අනිවර්යෙන් එන්නම්.
බොහොම ස්තූතියි මනෝ!!
Deleteසුබ පැතුම් බස්සි!!!
ReplyDeleteතැන්කූ රවී!!
Deleteසමහර වෙළාවට උඹ ලියන මෙලෝ මලදානයක් තේරුණේ නැති උනත් එදාට වෙලාවට අපි එතන ඇති...
ReplyDeleteගල් කැට දෙක තුනක් අරන් වර
DeleteThis comment has been removed by the author.
Deleteඒ මක්කාටද බොල? අපේ ඔය විවේචන නෑ නෙ බං.. පිටිපස්සෙ පේලියක පුටුවකට වෙලා ආතල් එකේ ඉන්නව...
Deleteබොහොම ස්තූතියි සජ්ජෝ!!
Deleteගල් කැට මොකටෙයි? එව්වා කිරිමෙල් වැඩ!
මම හිතාගෙන හිටියේ මම කලින් සුබ පැතුවේ මේ පෝස්ට් එකට කියලා...
ReplyDeleteකොහොම නමුත් ආපහු සුබ පතනවා එහෙනම්...
එන්න ට්‍රයි එකක් දෙන්නම්...
බොහොම ස්තූතියි ලොකූ!
Deleteනෑ නෑ ඒ වෙන පෝස්ටුවක් නෙ.
අළුත් වැඩේට සුභ පැතුම් බස්සියෝ ..... ඔයා දුර ගමනක් යන බව , මං කියවපු පළමු පෝස්ටුවෙන්ම පෙනුනා . වෙනස් හිතක් තිබුණු එකට ..... ආයෙත් සුභ පතනවා .
ReplyDeleteබොහොම ස්තූතියි නිහිංසා!!
Deleteආදරයත් සමඟ උණුසුම් සුභ පැතුම් බස්සි නගාට :) මම ඊයක් එව්වා නේ..බලන්ටකෝ.
ReplyDeleteබොහොම ස්තූතියි තනියක්කේ! එදාට එන්ඩ ට්‍රයි එකක් දෙන්න. ඔතන 7.00ත් පහුවෙනකම් අපේ සෙට් එක පච කියකියා ඉන්නව සාමාන්‍යයෙන්.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුබපැතුම්, බස්සි! අපිනම් ඉතින් සහභාගී වෙන්න විදිහක් නැති ගොඩේ.
ReplyDeleteවීඩියෝවක් අරන් යූ බටේ දාන්නම් ඉකෝන්. බොහොම ස්තූතියි!
Deleteබස්සි ට විභීෂණ ගෙන් උණුසුම් සුබ පැතුම්...
ReplyDeleteසහෝදර බ්ලොග් කාරයෙක් විදියට උඹේ ඒ හීනේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තූතියි විභියා!
Deleteහැකිනම් ඇවිත් යන්න එන්න.
සංතෝසයි බොහොම.මේ ඇරඹුම පමණයි....! මටනම් තාම පෙනෙන්නෙ බස්සි පනුවෙක් වගේ.සමනළයා වෙලා ලස්සන පාටින් පියාඹනතෙක්...(ඒ බව ස්ථිරයි.) සෙනෙහසෙන් බලන් ඉන්නෙ...
ReplyDeleteජයවේවා..!!
උඹ මේ පුට්බෝල් සයිස් මට පණුවා කීම ගැන මාර සතුටුයි පැපෝ! ;)
Deleteතැන්කූ හොඳේ!
ඔන්න බස්සියා සයිබර් පවුරටත් දැම්ම. සුභ පැතුම්
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/featured/cyber-wall/item/1769-2015-12-01-22-35-59
බොහොම ස්තුතියි අජිත් අයියෙ!!
Deleteසුබ පැතුම් බස්සී.
ReplyDeleteපත්තර වල පැළලි කවි පිටු අස්සෙ කවි එල්ලනවට වඩා පොතක් කරන එක වටිනවා. ඒක පවතිනවා.
ලංකාවෙ උන්න නං එනවාම තමයි. සියල්ල හොඳින් සිදු වේවා. පොත මාර්කට් වේවා.....!
බොහොම ස්තුතියි අයියේ! :)
Delete"අමුතු කවි", "කවි ලොසින්ජර" කියෙව්වම පොතක් කරන්න කාලෙ හරි කියල දැනෙවා.
ReplyDeleteහදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා...!!!
බොහොම ස්තුතියි දසත සැරිසරන්නී! :)
Deleteසභාවේ කන් දෙපලු වෙන අත්පොලසන් විසිල්
ReplyDeleteඑන්න නොලැබුනත් පොතක් මිලදිගත හැකි අයුරැ පොඩ්ඩක් සඳහන් කරන්න
අනිවාර්යයෙන්ම.
Deleteපොත් බෙදාහැරීම පිලිවෙලක් කරගත් වහාම ඒ ගැන දන්වන්නම්.
My dear friend Bassi
ReplyDeleteI haven't been to the "Blog Arena" for few days due to very busy weekend with job.
It's an amazing news and a very happy one too.
First of all I would like to take this opportunity to congratulate you for your best effort and your hard work in this "Blog Arena" as a good writer .
Your style is different......
That means ......you are different. .....
Your dreaming method is different. .....
Your tempo of the writings are different. .....
This is why everyone like you.
You cannot buy that "Love" or "Like" from any market.
These Love and Likes are coming from the bottom of the hearts of your best friends. ...... your readers.....your admirers. ....
Believe me......
With their blessings......you can do wonders.
Bassiyoo. ....
Unfortunately I won't be able to come to new book release celebration.
Because I live far away near North Pole.
But my heartiest wishes are coming to your way.
Keep writing. ...
All the best to you Bassi. ....!
====Adrian Channa from Toronto=====
thanks a lot Adrian!!!
DeleteEven though you live oceans away from here, ur warm wishes and appreciations encourage me always.
I will see whether there is a way to deliver books overseas, like ebay or something. I have heard there is an agency which delivers books to European countries. Didnt get a chance to talk with them yet.
This comment has been removed by a blog administrator.
ReplyDeleteමම ඒත් ඉස්සර හිතුව ඇයි බස්සි අක්ක පොතක් ලියන්නේ නැත්තෙ කියල. පහුවෙලා හරි මේ සුබ ආරංචිය අහන්න ලැබුන එකනම් ගොඩක් සතුටුයි.පුළුවන් උනොත් ඇවිත් යන්න එන්නම්.මගෙන් සුබපැතුම් :) :) :)
ReplyDeleteබොහොම ස්තූතියි නංගා!
Deleteඅයියෝ... පොත් ලිවීම වගේද අනේ බ්ලොග්. මම නම් වැඩිපුර කැමති බ්ලොග් ලියන්න.
i thought i might not get a chance to put a comment as the number of comments are so much... well done bussi... i became a fan of yours recently and you make me feel amazed often with your unique style... wish you all the best in preparations... tc
ReplyDeleteThanks a lot ladyJ!
DeleteI'm really happy to know you enjoy the crazy stuff written by me.
උණුසුම් සුබ පැතුම් බස්සී !!!. සිංහලෙන් ලියන බ්ලොග් පවුලේ හිතුවක්කාරම ඒත් අපි වැඩියෙන්ම ආදරේ සහෝදරිය උඹයි.
ReplyDeleteබොහොම ස්තූතියි තිලක අයියේ!!
Deleteසුබ පැතුම් බං.. කියන්න ඕන දේවල් ඉතින් නිතරම කියලා තියෙන නිසා ආයෙම මුකුත් නොකියමි.. ජය වේවා..
ReplyDeleteබ්ලොග් ලියන්න පටන්ගත්තු කාලෙ ඉඳන් උඹ දුන්න උදව් අමතක වෙන්නෙ නෑ දිනේෂ් අයියෙ.
Deleteමේ වැඩේට සුභ පැතුම්! අවුරුදු දෙකක් එක දිගට ලියනවා කියන එක සෙල්ලමක් නෙවේ. මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2012 ඉඳලා. ඒත් බලන්න තාම ලිපි සීයක් දාගන්න බැරි උනා. මම නම් ඉතිං කවි (දැන් තියන්නේ වෙනස්ම විදියක කවි නේ) ලියන්න දන්නේ නෑ. අර කලින් පෝස්ට් එකකත් කිව්වා වගේ, දෙපද, සිව්පද නම් ඕනේ මාතෘකාවකට කවි 10ක් 15ක් හදාගන්න විනාඩි 5ක් යන්නේ නෑ. ඒත් ඔය අලුත් මොස්තරේ කවි නම් මට හදන්න බෑ. විශේෂෙන් ආදරය වගේ මාතෘකා වලට කවි හදල නෑ කවදාවත්.
ReplyDeleteකොහොම හරි, ඔන්න අඟහරු ලෝකේ අපි සුභපැතුවා බස්සිගේ වැඩ වලට!
මම ඉස්සර පුරුදුවෙලා හිටියෙ මාතෘකාවලට කවි හදන්න. පස්සෙ, මම කවි ලියන එක නවත්තලා, ලියවෙන්න ඉඩ දීලා ඒ ලියපුදේට අමාරුවෙන් මාතෘකාවක් හොයාගන්න පුරුදු උනා.
Deleteතැන්කිව් අඟහරු මල්ලි! ඔයාලා බ්ලොග් ලෝකෙ සීනියර් පොරවල්නෙ.
මම මේ බ්ලොග් එක දැක්කේ අද, කොහොමත් මම බ්ලොග් කලාවට ආගන්තුකයෙක්...බස්සී කරන වැඩේ සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteසුබපැතුම් බස්සි අක්කියෝ
ReplyDeleteබොහොම ස්තූතියි දනංජි!!
Deleteඑන්ඩ පරක්කුවුනාය. හූ දෙකක දුරින් හිටියත් සවුක්කියමය ගැටළු නිසාවෙන් සෙනඟ ගැවසෙන ඉස්ථාන ඔලට පැමිණෙන්ඩ බැරුවාය. බොක්කෙන්ම වැඩේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කොරනවාය. විවේක වෙලාවක අස්සන් කෑල්ලක් එක්ක පොතක් ගන්න කොරමයක් මේකට (cheenajee25@gmail.com) දන්වා හිටින්ඩ කියලා ඉල්ලා හිටිනවාය.
ReplyDeleteනියමයි නංගා..මාත් නිතරම හිතුවා ඇයි ඔයා ඔය කවි පොතක් විදියට එලි දක්වන්නෙ නැත්තෙ කියලා...මගේ සුභ පැතුම්
ReplyDeleteමේක යෝජනාවක් විතරයි.බස්සිගෙ ආදර කතාව ඔප මට්ටම් කරල ඇයි නව කතාවක් විදියට ලියන් නැත්තේ..ඒ ඇතුලෙ තියන සරල බොළඳ කම ඇතුලේ ආදරේ ලොකු ගැඹුරක් දකින්න පුවවන්
පොත මාකට් වේවා! කියන්න ඕන නෑ.මාකට් වෙනවමයි
මුලින්ම ඔයාට සුභ පැතුම් බස්සි නංගි.
ReplyDeleteමේක ඔයාගෙ බ්ලොග් එකේ දාන පලවෙනි කමෙන්ට් එක උනාට ඔයාව කියවන්නෙ ගොඩාක් කල් ඉඳලා. ඇත්තටම ඔයාගෙ ෆැන්ටසි මාරයි. ඔයාට (නිර්මාණ ) කලාවේ තිබෙන කැපිලි කෙටිලි වලට භය නොවී ඉදිරියට යන්න පුලුවන් ශක්තියක් තියෙන කෙනෙක්. ඉතින් මේ පිම්ම ඉදිරියටම යන්න, හැමදේම සමබරව ගෙනියන්න පුලුවන් වෙන්න කියලා මම ආශිර්වාද කරනවා.
ජය මචං...
ReplyDeleteසුබ පැතුම් බස්සි අක්කේ... දුකයි අඳුරගන්න පරක්කු උනාට.. සතුටුයි පහුවෙලා හරි අඳුරගන්න ලැබුණට.. ජය වේවා වැඩේට...
ReplyDelete
ReplyDeleteThanks on your marvelous posting! I quite enjoyed reading it, you can be a great author.I will be sure to bookmark your blog and will often come
Click Here : Used excavator cat-330cl for sale in cheap price