Monday, December 28, 2015

බිසිනොස් කතා, පොටෝ කතා සහ තවත් කතා






ඉතා කලබල බසු සිහින ගැන පසුවදනක් සටහන් කරන්න හිතාගෙන හිටියත් වැඩේ දවසින් දවස කල් ගියා. අන්තිමේ මටත් කලින් ෆේස්බුකේ, බ්ලොග් අවකාශයේ සහ පුවත්පත්වල ඉතා කෙටි කලබල සිහින ගැන පසුවදන් තුඩින් තුඩ විසිරෙන්න අරගෙන තිබුනා.


උත්සවය අවසන් වෙනවාත් එක්කම හැමෝම අහපු ප්‍රශ්නයක් තමයි පොත මිලදී ගන්න තියෙන්නෙ කොහෙන්ද කියන එක. ඔන්න, ඉතා කෙටි කලබල සිහින දැන් දිවයින පුරා සරසවි පොත් හල් වලින් මිලදී ගන්න පුළුවනි. ඔබේ නගරයේ සරසවි පොත් හලට ඉතා කෙටි කලබල සිහින තවමත් ඇවිත් නැත්නම්, නුගේගොඩ සරසවි ප්‍රධාන කාර්යාලයෙන් පොත ගෙන්වා දෙන්නැයි අදාල ශාඛාවේ කලමනාකාරතුමාගෙන් ඉල්ලන්න.




පොත් සාප්පු ගානේ රස්තියාදු වෙන්න කාලය හිඟ උදවිය වෙනුවෙනුයි මේ සේවාව. ඔබට පුළුවනි 1010 5323 4403 දරණ සම්පත් බැංකු ගිණුම් අංකයට රුපියල් තුන්සියයක් තැන්පත් කරලා අදාල රෙෆරන්ස් නම්බර් එක sammani.premaratne@gmail.com යන ඊමේල් ලිපිනයට හෝ බස්සිගේ ෆේස්බුක් ඉන්බොක්සුවට එවන්න. බස්සිට පුළුවනි ඔබට පොත තැපැල් කරන්න.


එහෙම එවද්දී

1. මුදල් තැන්පත් කිරීමේ කුවිතාන්සියට අදාල අංකය 
(reference number)

2. කුවිතාන්සියේ ඡායාරූපයක් (හැකිනම්)

3. ඔබේ ලිපිනය

4. බසු සමරු සටහනක් අවැසිනම්, ඔබේ මුල් නම.

සටහන් කර එවන්න අමතක කරන්න එපා.


postage ගෙවලා අත්සන් සහිතව කෙටි කලබලයක් ලබාගන්න කැමැති, සයුරෙන් එතෙර රටවල මිතුරෝ වෙත්නම්, sammani.premaratne@gmail.com යන ඊමේල් ලිපිනයට හෝ බස්සිගේ ෆේස්බුක් ඉන්බොක්සුවට මැසේජයක් තියන්න. පොත එවන ක්‍රමයක් බලමු.


(පෝස්ටුව ශෙයාර් කරන්න. නොදන්නා අයටත් දැනගන්න.)



ඉතා කෙටි කලබල දෙසුම්


උත්සවයේදී පැවැත්වුන ඉතා කෙටි කලබල දෙසුම් තුන අන්තර්ජාලයට මුදාහැරියේ එය ඔබට ප්‍රයෝජනවත් වේවියැයි හිතුන නිසයි.


හෂිත අබේවර්ධනගේ දෙසුම - මෙතැනින්





අනුරසිරි හෙට්ටිගේගේ දෙසුම - මෙතැනින්




සෞම්‍ය සඳරුවන් ලියනගේගේ දෙසුම -  මෙතැනින්







ඉතා කෙටි කලබල ෆොටෝ කෑලි




මේපල් පත්, බසු වෙස්මුහුණු සමග කලබල කතා


පොත් වෙළෙන්දෝ බසු නංගි සහ බසු මල්ලි


සභාවට ලුණු ඇඹුල් ඇතුව දෙසන ලව්පූසා


වමේ සිට; බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හාමුදුරුවෝ, බස්සි, හෂිත අයියා,
සුනිල් මාධව ප්‍රේමතිලක සහ අනුරසිරි හෙට්ටිගේ


වසරේ හොඳම බ්ලොග්කරු බ්ලොග් මහාචාර්ය මාතලන්


 වසරේ ජනප්‍රියම බ්ලොග් අඩවිය 'හිතනලන්තය' ලියන කාංචනා අමිලානි


 කෙලවරේම ගයාන් ඉන්දුල, 
ඊට එහායින් වසරේ කොමෙන්ට්කරු ප්‍රා ජේ


දිලාගේ ලෝකය ලියන දිලිනි නිමන්තිකා
ඊට පසුපසින් ඉන්නේ shimmering thoughts ලියන ලිෂාන් පුවක්ඕවිට



ඩොමිනික් චන්ද්‍රසාලි, මාලතී කල්පනා ඇම්බ්‍රෝස් සහ බසුදෙපල


 සජානි සහ බස්සි


මේපල් පත් ගෙනා රන්සිරි අංකල්


 ඉන්දික ගුණවර්ධන (හිතේ කෙටූ ටැටූ) සහ අමායා මැණික්


කැමීලියා මලක් - බස්සියෙක් - පූසෙක්





71 comments:

  1. චෝදනාවක් - හොද කවි සමහරක් දාලා නෑ
    චෝදනාවක් - දේශන දිග වැඩියි!
    චෝදනාවක් - කෑම මදියි!

    ReplyDelete
    Replies
    1. මුට නං කෑම මයි සිහිය...
      :-D :-D :-D

      Delete
    2. පළමු චෝදනාව අදාල වෙන්නේ පලමු දේශනයට පමණක් බවයි මම හිතන්නේ. ඒ ගැන සමාව ඉල්ලනවා.

      දෙවන චෝදනාව ගැන කියනවානම්, කවි තේරුවේ මගේ තනි මතයට නෙමෙයි. බොහොම දක්ෂ කිවිඳියන් දෙදෙනෙක්ගේ අදහස් අනුව නියැදි දෙකකුත්, මගේ නියැදියකුත් අරගෙන අවසාන කවි පනහක් තෝරලා, ආයෙම ඒ කවි පනහ ඊටත් පෙර පරම්පරාවේ කවියෙකුත්, කිවිඳියෙකුත් ලවා අඩුපාඩු බලවලා හොඳම කවි හතලිස් එකක් තෝරගත්තෙ.

      (රූපෙ කියන හොඳම කවිවල මාතෘකාවක්වත් කිව්වනම් ආයෙ පොතක් කරන කාලෙක දාන්න පුලුවන් වේවි.)

      අවසානය තෙක්ම රැඳී උන්න ගොඩක් දෙනා කෑම හොඳටම තිබුනායැයි කියපු නිසාත්, මේ චෝදනාව ආවෙ රූපෙගෙන් විතරක් නිසාත් තුන්වෙනි චෝදනාව සාවද්‍යයැයි බැහැර කරනවා.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  2. නියමයි. හමුවූ විගස පොතක් ගන්න බලන්නං.
    ඔන්න ඔය රූපෙ ට හොඳ කෑමක් සෙට් කරල දෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අයියේ.

      රූපෙගෙ චෝදනා තරයේ සලකා බලනවා. අපරාදෙ කලින් දන්නවනම් මම රූපෙට කෑම කඩේකට පාර පෙන්නනවා.

      Delete
  3. අප්පතසිලි බොලේ මමත් ඉන්නෝ...අමතක නොවන රසබර දවසක් ඒක. සුබපැතුම් බස්සිට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිල් ජෝඩුවටම!

      Delete
  4. ප්‍රාජේ ගාව නිදාගෙන කෙටිම කෙටි දේශණ වලට උණුසුම් ප්‍රතිචාර දක්වන්නේ මහාචාර්‍යය දේවක වීරකෝන්

    ReplyDelete
    Replies
    1. සත්වවිද්‍යාඥයෙක් වශයෙන් මිනිහ කිව්ව (හීනෙන් බයවෙලා ඇහැරුන වෙලාවෙ ටෙලිෆෝන් අරන් එලියට පලයන් කියල කවුද කාටද බැන්නහම ) අලියෙක් වුනත් නිර්වින්දණය කරන්න ඕනෙ නම් ඉතින් කලාබර ක්‍රමයක් තියනව කියල ඉගන ගත්ත කියල.

      Delete
    2. හී හී! දේවක අංකල් හිතන්න ඇති සත්තු නිරීක්ෂණය කරන මෙව්වා වලට හද්ද කැලේ ගාටන ගමන් මීට සැපයි කියලා.

      Delete
  5. සුබ නව වසරක් වේවා...අක්කේ..

    ReplyDelete
  6. සුභ පැතුම්....................... හදවතින් ම.............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු!

      Delete
  7. මට නම් කිසි ඇදක් කුඩක් නෑ..(මගේ එකම එක චායා රුපයක් පමණක් ගැනීම හැර)
    තව පොතක් මට ගන්න වෙයි වගේ අපේ අක්ක ගෙනිච්චා එක තාම දුන්නේ නැ දෙන පාටකුත් නෑ
    මුද්දර අලෝපු ලියුම් කවරයක් එවන්නම් මට වෙස් මුණක් එවන්න

    ReplyDelete
    Replies
    1. කණ්ණාඩි නැති කෙට්ටු නැති එ වුණත් තවත් කොටෙන්
      හැක්

      Delete
    2. "කෙට්ටු නැති" හෑ මට වඩා කෙට්ටු උන් ඉන්නවද?

      Delete
    3. අහා වෙස් මූණු නම් එවන්නම්.
      ඉතින් මල්ලි ඔයා අක්කටත් එක්ක ගන්න එපෑ යහපත් සභෝචරයෙක් වශයෙන්.

      Delete
    4. කණ්නාඩි නැතිවුනාට මූ හෙන කෙට්ටු නෙව මහියෝ.

      Delete
  8. සුබ පැතුම් බස්සියේ පොත හොයාගන්න ඉගියටත් තැන්කූස්..... අර පූසා කිවුවේ අපේ ඉවාන් ලවුපූස් වත්ද

    ReplyDelete
    Replies
    1. නෑ අයියෝ ඒ THE SAHAN BLOG බ්ලොග් එක ලියන සහන් පද්මසංඛ පීරිස් හෙවත් බස්සිගේ හොඳම යාළුවා.

      http://thesahan.blogspot.com/

      Delete
  9. රායිටෝ.... මේ වෙනකන් තමයි බලං උන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  10. එන්නට ලැබුනේ පරක්කු වී ය. එසේ පැමිණ මටත්, මා සුහදිනියටත් පොත් මිලදී ගතිමි. උත්සවය පටන්ගන්නා වෙලාවටම එන්නට තිබුනා නම් මරු ය. කාලය සහ බසයේ මාතලී එයට හරස් විය. කාංචනාගේ පොත් වැඩුමට පසු ඉතා කැමැත්තෙන් සහභාගී වූ ඉසව්වකි, සුභ පැතුම්. තව තවත් ලියවෙවා.
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලිශාන් අයියේ.
      යාන්තම් නම අහගත් හින්දා මේ පාර "අඳුනා නොගැනීමේ චෝදනාවෙන්" නිදහස් වුනා. සුහදිනියවත් කොහොම හරි එක්කන් ආවනම් තමා හොඳ. උන්දෑව ගම්මිරිස් කුරුල්ලගෙන් පස්සෙ තවම දැකගන්න බැරිවුනා.

      Delete
  11. ජ ය වේ වා !!!

    ReplyDelete
  12. කියන්න වදන් නැත..
    ඒත් රූපය කියපු අන්තිම එක මාත් රිපීට් කොරනව
    ඕ යේස්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මම ඉතින් කිව්වා කියල හිතාගන්කො රූපයටයි බොටයි දෙන්නටම.
      තැන්කූ ඈ!

      Delete
  13. හප්පේ මම බය වෙල උන්නේ කාඩ් කුඩු කියලා....

    ඊළඟ පොත කවදැයි...

    ReplyDelete
    Replies
    1. ගත්තු එක කියෝල එවරයැ.

      Delete
    2. එක හුස්මට....

      අර මංජුල වෙඩිවර්ධනගේ ග්‍රීක් වලින් තිබුන දේ ඇර අනික් ඔක්කෝම කියෙව්වා.. වෙඩ්ඩා මේ ජෝක්ස් ගනන් ගන්නේ නෑ...

      Delete
    3. අපෝ නෑ. මූණ පෙන්නන්න එපා කියල කාලෙකට කලින් ප්‍රකාශයක් නිකුත් කරල තියෙන නිසා මම දාන්නෙ මාතලන්ගෙ මූණ අපැහැදිලි පොටෝ විතරයි. හිහී! (කලින් පාර අවුරුදු උස්සවේ පොටෝ දාද්දිත් මූණ වහල දැම්මෙ.)

      Delete
    4. වෙඩ්ඩාගේ වෙඩිවගේ වචන!

      Delete
  14. maathewa, sunil madhawawa, bassiwa photos wala dakeema sathutak. sinina pothak genna ganna plan ekak gahuwa January aga labewi. suba pathanawa nawathath idiri katayuthu saarthaka wannata kiyaa...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙනරත්!!

      Delete
  15. මටත් අත්සන ගහගන්න ඕනෑ. ;)

    ReplyDelete
    Replies
    1. බොට එකක් අරන්තිබ්බා.

      Delete
  16. මුකබානි, අර එකවුන්ට් එකේ නම ‘සම්මානි ප්‍රේමරත්න‘ කියලා දැම්මම ඇත්ද? බැංකු ශාඛාවේ නමත් දාපං බං.

    ReplyDelete
    Replies
    1. මුකබානි.. හි හි.. ඒයි මදාවියෝ.. මුල් ඉලක්කම් වලින් කියන්නේ බැංකු ශාඛාවේ සංඛේත අංක නෙවෙයිද බං? (මන් හිතා උන්නේ එහෙමනේ..)

      Delete
    2. එහෙම තියෙනවා. ඒ වුණාට Savings A/c සහ Current A/c වලදි මුලම ඉලක්කමේ පොඩි අවුලක් තියෙනවා.

      Delete
    3. අනේ සොරි.

      නම : පසන් බුද්ධික
      ශාඛාව : මාතර

      Delete
  17. නත්තලට ආවම තාත්තගෙ මේසෙ උඩ තිබ්බ බසු පොත එක හුස්මට කියෙව්වා. නංගිට ජය වේවා.

    ReplyDelete
    Replies
    1. අනේ! බොහොම ස්තූතියි නටාශා අක්කේ!! <3

      Delete
  18. එදා ආවට කාලෙකට පස්සේ හම්වුණු නජිත් ඉන්දික එකක්ක මධුවිතකට සෙට් වෙන්න කලින් පැන්නනේ... එදා පොත සලාක එකේ දාල ඇවිත්.. හොඳ වෙලාවට මාත් එක්ක ඉඳපු ලංකාදීපෙ තරිඳු පොත දැකල බෑග් එකේ දාගෙන.. ඉතින් තාම පොත කියෙව්වෙ නෑ.. ලංකාදීපෙ තරිඳු ලඟ.. ගොඩක් කට්ටිය මුණගැහෙන්නත් බැරි වුණා.... චායාරූප වලට පෙනී ඉන්නත් බැරි වුණා.. පොත කියවගන්නත් බැරි වුණා තාම..
    කමක් නෑ ඉතින් මදි නොකියන්න බිව්ව එදා.. අන්තරේ කැඳවුම්කරුවයි.. රාමචන්ද්‍ර නම් අද්විතීය කොලම්කරුවයි එක්ක.......
    මේ ඒක නෙවෙයි බං මේකේ සෞම්‍ය අයියගේ දේශනේ අහන්න කෙටුවම යන්නේ අනුරසිරි මහත්තයගේ දේශනේටනේ

    ReplyDelete
    Replies
    1. ෂ! රාමචන්ද්‍රව හඳුනාගන්න මාත් කැමතියි.

      Delete
    2. පුතා උඩුවා.. මං මේක ප්‍රසිද්ධ කරා නං කැඳවුම් කරු කැඳ වෙයි හොදද??

      Delete
    3. ඕකනෙ වැඩේ! මුන්දෑ වාශ්පවෙලා කතානොකරම.
      කමන්නෑ. මරු සෙට් එකක්නෙ බොන්න සෙට් වෙලා තියෙන්නෙ. සෑහෙන වටින්න ඇති ඒ හමුවීමත්!

      පොත ඉල්ලගෙන කියවලා හොඳනරක දෙකම කියන්න හොඳේ!

      ලින්ක් මාරුවෙලා. හැදුවා. දැන් අහන්ටකො.

      Delete
  19. නරකම වැඩ කාලසටහනකට අහුවුණු නිසා එන්න බැරි උනත් අඟලක් ගානේ විස්තර දන්නවා.. පොත තවම ඉයන් ළඟ.. කියවලාම 'හොඳ නරක' කියන්නම්කො :)

    ReplyDelete
    Replies
    1. එල එල!
      තැන්කිව් කළණේ!!

      Delete
  20. පොත ගෙන්නගන්න ඕන. තාම හරිහැටි ලිපිනයක් නැතිවීම අවුලක්. :-)
    මට පොතක් තියාගන්න කියල ඉල්ලනව.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම රාජ්!
      :)

      Delete
  21. සුභ පැතුම් නංගෝ.මට පොතක් ඕනෑමයි..පාර කිවුවට තෑන්කුයි කිව්ව එහෙනං

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ පොත ඊයෙ තැපැල් කලා අක්කේ!

      Delete
  22. මං නං ආවෙ නැත්තෙ කවුරුත් අඳුනන අය නැති හංදා තනියම උඩ බලං ඉන්ඩ වෙයි කියල බයට.මොකෝ මං හැමෝම අඳුනගෙන ඉන්නෙ සයිබරෙන් නොවැ.ඒත් ඉතින් දෙතුන් දෙනෙක් විතරයි නොවැ

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමා ඉස්සර හිතුවෙ. ඒ වුනාට එහෙම බුම්මන් ඉන්න සයිබර්වාසීන් ඉන්නෙ අල්පයයි. වැඩිහරියක් දෙනා තමන්ව අඳුන්වාදීලා බොහෝම සුහදව කතාබහ කරන සුන්දර මිනිස්සු අක්කේ.

      Delete
  23. Replies
    1. එහෙම කියලා බොහෝ චෝදනා නැගුනි.

      Delete
  24. මේ තැපෑලෙන් ගන්න උන්ට කන්න මොන මොනා හරි එවනවයි.....

    ReplyDelete
    Replies
    1. කිව්ව කියල හිතාගන්කො කොකා.

      Delete
  25. හම්මේ..... තැන්කූ බස්සි.පොත ගන්න තියෙන තැන් කිවුවට.මට හෙන මාන්සි තිබ්බේ පිටකවරේ පිංතූරේ පෙන්නල මේ පොත ආවද අහලා.හිහ් හිහ් හිහ්......

    ReplyDelete
    Replies
    1. මදැයි! දැන් ගිහින් අහන්නකෝ. සමාවෙන්න ඕන ප්‍රමාදයට.

      Delete
  26. එන්න නම් බැරි උනා. මම නුවරින් බලන්නම්කෝ සරසවියෙන්. කියවලම රිවීව් එකක් එවන්නම්.

    ReplyDelete
    Replies
    1. එලස්!
      රිවිව් එක එනතුරු මගබලමි!

      Delete
  27. බස්සිගෙ මාර්කටිං ස්ට්‍රැටර්ජි එක නියමයි. කවි පොත් මෙහෙම මාර්කට් නොකර බෑ තමයි. ඔහොම යං...පොතත් යයි. ලංකාවට ආව ගමන් පොත ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ. කවිය මිනිස්සු අතරට යන්නනම් අපිට මාර්කටින් කියන අයිසින් සුගර් තවරන්නම වෙනවා. සමහරුනම් ඒක දකින්නෙ මහා විනාසයක් විදියට. :)

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. Bassiyo. Ube potha meheta genna gannanam ubata pothata wada tribal gewanta wenawa. Anika potha labkawata gennagannath pawule ewun siyaludena abroad nisa ammala lankawata awahama address eka fennam. Bank ekata transfer karannam. Good luck bassiyo. Kawadahari set wemu blogger la okkomallama ekka. Happy new year wewa bola dennatama..

    ReplyDelete
  30. ලබන නිවාඩුවේ ගන්න ඉන්න පොත් ලැයිස්තුව උඩින්ම ලිව්වේ බස්සිගේ පොත . සුබ පැතුම් නංගී

    ReplyDelete