දෙදාස් පාලොහ ඉවරවේගෙන එන ඉසව්වේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය සකල සිරි විභූතියෙන් ආඪ්‍යව, කිරියෙන් පැණියෙන් උතුර උතුරා පවතින හෙයින්ද, තල්මහට මදුරුවෙක් ඇන්නහේ දේශීය ආර්ථිකයට, වසර දෙදාස් පන්සීයක පට්ට අභිමානවත් අතීතයට සහ සංස්කුරුතික සළුපාලියට වැලේ වැල් නැතිකරනු පිණිස ඇතිවූ එකම පරසතුරු උවදුර වූ පරදේසක්කාර එන්රිකේ හැල සුද්දා ලංකාවේ සිංදු කියන්නට ගොඩබැසීම අතිගරු ජහපාලනපති සිරිසේන මැතිතුමා ඇඹිලිපිටියේ සිට සිදුකල අභීත මැදිහත්වීම හමුවේ හිරු දුටු පිණි මෙන් වියැකී ගිය හෙයින්ද, දෙදහස් දහසය ලබන්නාහාම අලුත් බදු සංශෝධන තෑගි සමග අපිට රැකියා ස්ථානය ගෙදර වගේ හිතෙන අද්විතීය වාතාවරනයක් නිර්මාණය වූ හෙයින්ද, අපේ ලයිප් පුල් මාවලස් ලෙස ගෙවී යමින් පවතී.
කොමෙන්ටු වලට රිප්ලයි කිරීම අතපසු වූ හෙයින්ද, පමා වූ හෙයින්ද, බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීම ඉඳහිට මගහැරුණු හෙයින්ද පරල වූ අය වෙනුවෙන් මෙන්න භාජනයක්; ගැත්තා කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ සමාව පිරිනමන්න. හැකි සැනින් පිලිතුරු සපයමි.
මගේ පෙරකී දුර්දාන්ත ක්‍රියාකලාපයන් හමුවේ අකම්පිතව, විල්පත්තුවේ ජනාවාස හදන හැටි තවමත් නොදන්නා හිටන් තුමා මෙන් පුල් පන් එකෙන් ඇලලී, වසර පුරා බ්ලොග් අඩවියට තුඩ තියා ඉවසිල්ලේ මා වටා රොඳ බැඳි රසවතුනි; ඔබ නැතිනම් "බස්සි" කියා කෙනෙක් නැතිවෙන්නටත් තිබුණි. ස්තූතියි!
සිරිලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්කම භාරගන්නට ලැබුනු ඇරයුම අළුයම ලූ කෙල පිඬක් ලෙස ඉවත හෙලූ කුමාර් සංගක්කාර සකල සිරි ලංකාව සිසාරා ඇවිද ඇවිද, නුවරෑළියේ අල ගොවියන්ගේ දරුවෝ, තලවාකැලේ තේ දළු නෙලන්නියෝ, දකුණු මුහුදු තීරයේ අහිංසක ධීවරයෝ, අනුරාධපුරේ ආසනික් කන වී ගොවියෝ සහ කොළඹ කුලී කම්කරුවන්ගේ හය හතර නොතේරෙන නොදරුවෝ ඇදගෙන ඇවිත් බලහත්කාරයෙන් එන්රිකේගේ දෙවොල් මඩුවට ගාල් කරන ලද්දේ යම් සේද, අන්න ඒ වාගේම නොඑක් රසපිරි පෝස්ට් තොග ගනනින් බස්සිගේ නවාතැනේ ගාල් කරන්නටයි, මේ අළුත් අවුරුද්දේ මගේ පොරොන්දුව!
ඒ අකුරු කියවා, උරා බී, කැමැතිනම් වමාරා යලි යලිත් බුදිමින්, 'උඩට අඳින යට ඇඳුම්' පමණක් නොව 'යටට අඳින යට ඇඳුම්' වුව ගලවා රිසිසේ ප්‍රීති වුව මැනැව. හැබැයි පුතෝ! තෑගි පිණිස දෙනවානම්, යට ඇඳුමක් වුවත් අපේ ජනාධිපතිතුමාගේ උදහසට ලක්නොවන පරිදි රැපින් පේපරයක ඔතා වැදගත් විදියට පිලිගැන්වීමයි සුදුසු!
ඔබ සැමට සොම්නසින් පිරි නව වසරක් වේවා!
Happy Enrique year Bassi.. yela yela
ReplyDeleteWish you the same Dhesha!!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteඑසේම වේවා! :)
Deleteසුබ නව වසරක් වේවා!
ReplyDeleteඑසේම වේවා! :)
Deleteඑහෙම්ම වේවා
ReplyDeleteතැන්කූ උඩුවා!
Deleteසුබ නව වසරක් වේවා සහෝදරී !!!
ReplyDeleteඑසේම වේවා පත්තර පවුලේ හැමෝටම!
Deleteඑලද බ්‍රා වසරක්
ReplyDeleteතැන්කූ අක්කා!
Deleteඊයෙ පොත තැපෑලට දැම්මා :)
එන්රිකේගේ සිංදු අහන්න ගාල් කළා වගේ පෝස්ට් ලියන්නද හදන්නේ? මල මගුලයි. ඔන්න බ්‍රා වලින් ගැහුවොත් අපි නෑ.. බස්සිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඅප්පේ එහෙම උණුසුම් ප්‍රතිචාර එනවනම් කොච්චර වටිනවද මලයෝ :D
Deleteඑතකොට ඒකයි සීන් එක නේද? බ්‍රා එක රැප් කරල එන්රික් ට දුන්නනං වැඩේ හරි?
ReplyDeleteබස්සටයි බස්සිටයි සුභ වේවා!!!
(අර "කෙටි කළබොල හීන" කයි පොත ගන්ඩ පුළුවං කොහෙංද?)
අනේ මෝඩ කුමාරයෝ... හැක්
Deletehttp://bassigenawathana.blogspot.com/2015/12/blog-post_28.html
හයියෝ ඒක ගැන පෝස්ට් එකක්ම දාල තියෙද්දි මුන්දැ ආයෙ අහනව.
Delete1. අස්සන රහිත පොත්
(දිවයින පුරා සරසවි පොත් හල් වලින්.)
2. අස්සන සහිත පොත්
1010 5323 4403 දරණ සම්පත් බැංකු ගිණුම් අංකයට (නම : පසන් බුද්ධික, ශාඛාව : මාතර) රුපියල් තුන්සියයක් තැන්පත් කරලා අදාල රෙෆරන්ස් නම්බර් එක sammani.premaratne@gmail.com හෝ බස්සිගේ ෆේස්බුක් ඉන්බොක්සුවට එවන්න, ඔබේ ලිපිනයත් සමග. පොත තැපැල් කරනවා
එළකිරි...!
Deleteබස්සිටත් බසු පවුලටත් බසු සිතුවිලි වලටත් සුභ ම සුභ නව වසරක් වේවා......
ReplyDeleteගී පවුරේ කප්පරක් කුරුටු ගී ලියැවෙන වසරක් වේවා!!
Deleteඔයාට සුභ අලුත් අවුරුද්ද්ක් වේවා!
ReplyDeleteඑසේම වේවා!
Deleteබසු නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවන, ලෝන්ච් නැති පොත් ලියවෙන, නව පවුලට බසු පැටියන් එකතුවෙන, සතුට සිනහව පැතිරුණ වසරක් වෙන්නයි පැතුම
ReplyDeleteබොහොම ස්තූතියි ඉයන්!!
Deleteඒ මොකෝ ලෝන්ච් නැති පොත්?
සුබ නව වසරක් වේවා බස්සී.
ReplyDeleteමේ අවුරුද්දේ උඹ කෙටි කතා පොතක් කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
තැන්කූ ඉඳිකටුස්!
Deleteඅඩේ මමත් මග බලනවා ඈ. ඕනෙ සප් එකක් දෙනවා.
සුබ නව වසරක් බස්සියේ
ReplyDeleteඒ වාගේම නොඑක් රසපිරි පෝස්ට් තොග ගනනින් බස්සිගේ නවාතැනේ ගාල් කරන්නටයි, මේ අළුත් අවුරුද්දේ මගේ පොරොන්දුව!
මෙන්න මේක නම් කඩන්ට බෑ හොදේ..
එසේම වේවා සබරේ!
Deleteඅපි පොරොන්දුවක් දුන්නොත් ආයෙ එකෙන්ම රකිනවා!!
බස්සිටත් බස්සාටත් පොඩි බසු පැටියෙක් මේ ලැබුවාවු 2016 නව වසරේදී කූඩුවට ගේන්න ලැබේවා යයි පතන්නෙමි...!
ReplyDeleteඑසේම වේවා චෙෆාකි!! ;)
Deleteසුබම සුබ නව වසරක් වේවා බසු ෆැමිලියටම!
ReplyDeleteඅඩේ බස්සි ඒක නෙවෙයි, අර උඩ තියෙන්නෙ ඇත්තම ඇත්ත ඇඩ් එකද්ද? හිකිස්!
එසේම වේවා සාකියා!
Deleteඔව් ඔව්. සිරා ඇඩ් එක නේහ්?
බස්සි දියණියක හෝ බසු පුතණුවකු පහළ වන්නා වූ බසු වසරකට වැසි සුබ පැතුම්..))
ReplyDeleteබොහොම ස්තූතියි වැසි! :)
Deleteෆෘට් සැලඩ් වගේ.. මික්ස් චොප්සි වගේ අමුතු රස ගොඩක් එකට එන රස බර අවුරුද්දකට ආසිරි..!!
ReplyDeleteජයවේවා..!!
ජයවේවා පැපෝ!!
Deleteබස්සි (Yash),
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
එසේම වේවා!
Deleteමේ පෝස්ට් එකම මදෑ බං අවුරුද්දම හිනාවෙන්න. හැබෑටම අර ගොවියො ටික ඔය ප්‍රසංගයට යැව්වානං උං මොනවා ගලවලා වීසිකරයිද?
ReplyDeleteඋඹටයි බස්සටයි බසු පැටව් ලැබෙන සුභමසුභ අළුත් අවුරුද්දක් වේවා!
හී හී!
Deleteඉදිරි සති දෙක තුල, දිනකට එක බැගින් වුව පෝස්ටු පල වීමේ අවදානමක් තියෙනවා හොඳේ?
සිරා බැට දෙයි - රිකේ පැනයයි- අපේ රිස්සත් දියවෙලා
ReplyDeleteමහෙලයි සංගයි වගේ අපි - ඉම්මු ඉදිරිය දෙස බලා
වනේ එළිකර - හෙනේ විසිකර - බජට් කුණුදත හොල්ලලා
Deleteතනේ දුටුතැන - පෙනේ පුප්පන - ජන නියෝජිත පප්පලා
සුබ නව වසරක් වේවා !!!
ReplyDeleteජ ය වේ වා !!!
එසේම වේවා විදානේ!
Deleteසියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් ඔබ ඇතුළු පවුලේ සැමට..!!!. පොත මාතරින් ගන්න බලාපොරොත්තු වෙනවා. ජයවේවා..!!!
ReplyDeleteඔයාටත් එසේම වේවා! පොත මාතර සරසවියේ ඇති.
Deleteකොට කලබලී !!! එසේම වෙවා
ReplyDeleteතැන්කූ තැන්කූ!
Deleteයැස් යැස් ලයිප්පෙක පුල් මාවලස්.. කෝල් එකක් ගන්නත් බෑනෙ හිටං. ඒකත් මාවලස්.. හිහි.. බලමුකො මේ අවුරුද්ද කොයි තරං මාවලස් වෙයිද කියල හිටං..
ReplyDeleteහැබෑට හිටං හිටං හිට් විච්ච තරම නේද හිටං..
2016 බස්සාටත් බස්සීටත් සුභම සුභ ජය සතුට ඉතිරෙන නව වසරක් වේවා
එව්වා මානසික පොබ්ලම්ස් වෙන්ටෝනෑ මහියෝ. මෙච්චර කල් රටේ තිබුනු ප්‍රස්න කිසිම දෙයක් ගැන නොදැන උන්නු මනුස්සයා නෙව. පව්.
Deleteමහියාටත් සුභම සුභ 2016ක්!
යැස් යැස් ලයිප්පෙක පුල් මාවලස්.. කෝල් එකක් ගන්නත් බෑනෙ හිටං. ඒකත් මාවලස්.. හිහි.. බලමුකො මේ අවුරුද්ද කොයි තරං මාවලස් වෙයිද කියල හිටං..
ReplyDeleteහැබෑට හිටං හිටං හිට් විච්ච තරම නේද හිටං..
2016 බස්සාටත් බස්සීටත් සුභම සුභ ජය සතුට ඉතිරෙන නව වසරක් වේවා
සිරිලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්කම ???
ReplyDeleteසිරිලංකාවෙන් විය යුතුයි. සමාවෙන්ට!
Delete.:.:.:.:.:.:.:.:.:.:.:.:.
ReplyDeletelabuwaawu nawa wasara suba wewaa kiyaa prarthana karanawa bassiyo....
Deleteඑසේම වේවා ඔයාටත්!!
Deleteසුබ නව වසරක්!
ReplyDeleteඑසේම වේවා ඉකෝන්!!
Deleteසුබ නව වසරක් වේවා බස්සී...
ReplyDeleteඑසේම වේවා තුශ්!
Deleteදෙන්න තුන් දෙනා වෙන සතුට සැපත සමග ජිවිතේ දිනන සුබම සුබ නව වසරකට ආසිරි
ReplyDeleteඑසේම වේවා ප්‍රොෆා මල්ලි!
Deleteඑක්කෙනා දෙන්නා වී තුන්දෙනා වේවා!
ජීවිතේ හරි මාවලස් ඕයි.
ReplyDeleteසිරිසේන ලොක්කා බ්‍රා තහනම් කරපු නිසා දැන් බස්සෙකේම ගමං යන්න තමා කම්පනාව ... හැක හැක
එහෙනම්
පොලු නැති, වලි නැති , කොකු නැති, බ්‍රා නැති සුබ නව වසරක් වේවා
Evaan aluth post ekak daanne nathei?
Deleteහි හි
Deleteඋඹටත් එසේම වේවා ලව්පූසෝ!
Deleteමගේනම් අළුත් අවුරුද්ද පටන් ගත්තු ගමන් "ඵලදායී" උනා.
නීති දාලා සංස්කෘතිය හදන්න යන තලේඛාන් යහපලකයන්ට මොළේ පැදෙන සුබ නව වසරක් වේවා හිටං ......!!!
ReplyDeleteඅන්න නියම අළුත් අවුරුදු පැතුමක් මනෝ!
Deleteසුබ නව වසරක් වේවා...
ReplyDeleteඑසේම වේවා ලොකුපුතේ!
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා බස්සිටයි බස්සටයි.......
ReplyDeleteතාම පොත ඇවිත් නෑලු.සරසවියෙන් සිටින මහතුරු නෝනල කිවුවෙ නැතෑ සුපින්වත් පාරිභොගිකය තව මසක් හෝ ඊට දිනක් අඩුවන කාලය ඇතුළත නුඹ සොයනා වඩන්නුම් කියලා.පුහ් !!! මාසයක් ඉන්න අපි ??? එහෙයින් අපගේ ගරු අල්මාරි මණ්ඩලය තීරණය කොළා නුගේගොඩටම අපගේ කමිටු සාමාජිකයෙක් යවන්න.ටන්ට නානානානා...... කොහොමෙයි ටිකිරි මොළේ...
සරසවියේ සමහර සේවකයෝ ඔහොම තමයි. අල්මාරි මණ්ඩලේ තීරණේ ගැන හෙන ආඩම්බරයිලු ඉතින් ඈ.
Deleteබස්සිට පිච්චු පීකුදු වසරක් වේවා....!!!
ReplyDeleteමගේ පරණ ජොක්කු (අනිත් පැත්ත හරවා කියවීම තහනම්) වගයක් ඉන්නවා.. මීට පස්සේ සෝ වලට ගිහින්.. සමිතලා, නිරෝෂලා ඉස්ටේජ් එකේ ඉන්න කොට මම ඒවා උසික්ක කොරනවා... නැත්නම් බස්සිලා වගේ අය තව ටික දොහකින් කෑ ගහයි සම අයිතිවාසිකම් ඉල්ලලා...
මන් ඕක මෙහෙ යාලුවෙක්ට කිවුවා. එයා ඇහුවා ඉතින් එකයිද විසිකරේ කියලා.
Deleteමට එතකොට මතක වුනේ ඉස්සර කටුනායක මහජන ක්‍රීඩාoගණයේ මියුසිකල් එකෙන් පස්සේ කීයක් ඕවා පහුවදාට ග්‍ර්වුන්ඩ් එකේ කම්බි වැටේ තියෙනවද කියල.
එසේම වේවා මාතේ බොස්!
Deleteහිහී! ඔයාලට හිතේ හැටියට විසි කොරන්න තිබ්බා සනී අක්කා ආවනම්. කොහෙද එයා මඩුවල්ගෙට බයේ ආපහු ගිහින්නෙ.
ආන්න එච්චරයි බස්සියෝ...
ReplyDeleteකාට හරි මොනා හරි දෙනවා නම් "අපේ කම" "අපේ හැදියාව " පේන දැනෙන විදියට ලස්සනට ඔතාල දුන්නා නම් කොච්චර ශෝක් ද ?
අපිට එහෙම එක්ස්පීරියන්ස් නැතුව නෙමෙයි නේ..
එක කාලයක් "රට පෙරට" කියලා රැපින් පේපරේක ඔතලා දුන්න ටොපියම ඊට ටික කාලෙකට පස්සේ "මහින්ද චින්තනය " රැපින් පේපරේ ඔතලා දුන්නා. එක දුන්නු එවුන්ම ඒ ටොපියම ආපහු " සුබ අනාගතයක් " රැපින් පේපරේ ඔතාලා දුනා. උඹට කියන්න බන් ආපහු පාරක් ඒ ටොපියම වෙන එවුන් වගයක් දුන්නා නේ බන් " මෛත්‍රී පාලනය " කියලා හරි අමුතු අලුත් ජාතියේ රැපින් එහෙක ඔතලා..
බලං ගියාම අපි එකම ටොපිය එක එක කොළ වල ඔතාලා අරන් කාල කියහන්කෝ...
ඔන්න ඕක තමයි "අපේ කම" කියන්නේ මම හිතන්නේ...
Delete//එක කාලයක් "රට පෙරට" කියලා රැපින් පේපරේක ඔතලා දුන්න ටොපියම ඊට ටික කාලෙකට පස්සේ "මහින්ද චින්තනය " රැපින් පේපරේ ඔතලා දුන්නා. එක දුන්නු එවුන්ම ඒ ටොපියම ආපහු " සුබ අනාගතයක් " රැපින් පේපරේ ඔතාලා දුනා. උඹට කියන්න බන් ආපහු පාරක් ඒ ටොපියම වෙන එවුන් වගයක් දුන්නා නේ බන් " මෛත්‍රී පාලනය " කියලා හරි අමුතු අලුත් ජාතියේ රැපින් එහෙක ඔතලා..
Deleteබලං ගියාම අපි එකම ටොපිය එක එක කොළ වල ඔතාලා අරන් කාල කියහන්කෝ...//
පට්ට කතාව විභියා!!
සුබ අලුත් අවුරුද්දක් වෙවා බසු පවුලේ හැමෝටම
ReplyDeleteඑසේම වේවා ඔමා!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteබස්සි අලුත් අවුරුද්දට නියමෙට වැඩ අල්ලලා...මේක ගෙනිහිං යහපාලන ලොක්කට ඇහෙන්න කියවන්න එකෙක් නැනෙ අම්මපා....
ReplyDelete//කුමාර් සංගක්කාර සකල සිරි ලංකාව සිසාරා ඇවිද ඇවිද, නුවරෑළියේ අල ගොවියන්ගේ දරුවෝ, තලවාකැලේ තේ දළු නෙලන්නියෝ, දකුණු මුහුදු තීරයේ අහිංසක ධීවරයෝ, අනුරාධපුරේ ආසනික් කන වී ගොවියෝ සහ කොළඹ කුලී කම්කරුවන්ගේ හය හතර නොතේරෙන නොදරුවෝ ඇදගෙන ඇවිත් බලහත්කාරයෙන් එන්රිකේගේ දෙවොල් මඩුවට ගාල් කරන ලද්දේ යම් සේද, ......//
ඇයි අයියෙ ඉතින් ඒ මනුස්සයා ඕක ගිහින් කියන්නෙ අම්පාරෙයි, ඇඹිලිපිටියෙයි දහම්පාසැල් ලමයි ඉස්සරහ නෙව. මම හිතුවෙ සංගා ඒ අසරණ ළමයින්ගෙනුයි හෝල් එක පුරවලා තියෙන්නෙ කියල
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා බස්සි. ඉදිරියේදී හමු වෙමු.
ReplyDeleteඑසේම වේවා අජිත් අයියේ!
DeleteHappy new yr bassi akki...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2235-2016-01-03-20-21-48
ReplyDeleteබස්සි, පළමු වතාවටයි ඔබේ අඩවියේ comment කරන්නේ. එත් ගොඩක් කල් ඉඳන් කියවනවා. ඔබේ ලිපි ඉතා රසවත්.
ReplyDeleteදිගටම ලියමු. ජය සතුට සමග ඔබටත් එල ද බ්‍රා නව වසරක් වේවා !!!