දිගු ඇඟිලි සහිත දෙ අත්ල බළල් කොට්ටා අත් බවට රූපාන්තරණය වීම ඇරඹුනේ නොසිතූ මොහොතක. ලෝහමය අත්වාරුවේ නිය ගැටීමෙන් ඇතිවුන සිහින් සීරුම් හඬ දෙසවන් හිරිවට්ටන සුළුයි. තවදුරටත් බළල් කොට්ටා අත්වලින් අත්වාරුවේ එල්ලී සිටීමේ අවදානම අත් හැරලා මම ඉහලම තරප්පුව උඩ උක්කුටියෙන් වාඩි වෙලා නිනව්වක් නැතිව ඉදිරිය බලාගෙන උන්නා.
තාරතාවයෙන් ඉහල ඇගේ කටහඬ පහල සාලයේ ඉඳන් ඉහලට විෂ කැවූ ඊතල විදිනවා. ඒ හඬ ඉතා සුනම්‍යයි, දිය ඇල්ලක් වගෙයි කෙලිලොල් අකුරු සාලය පුරා විසුරුවමින් ගලා හැලෙන්නේ. ගිලී මියැදෙන්න හිතෙන තරම් පොළඹවන සුළුයි. මම තව තවත් බළල් ආත්මය තුලට කිඳා බැස්සා. දැන් දිය ඇල්ලේ හඬ ගෙනෙන්නේ පිළිකුලක්. වතුර බිංදුවක් පවා හිස කරකැවිල්ල ඇතිකරවන සුළුයි. ඒත්, ඒ වතුර යට රන්මාළු පීනනවා වෙන්නත් පුළුවනි.
මම අත් දෙකෙන්ම පියගැටපෙලේ අත්වාරුව බදාගෙන දෙපයට බර දීලා කෙලින් වුනා.
වතුර! වතුර!! වතුර!!! අප්‍රසන්න වතුර!
ඈ ආවේ අනවසර සුළඟක් වගේ. අනවසර සුළඟක් වඩාගෙන ආ හිම කැරැල්ලක් වගෙයි මම ගල් ගැහුනේ. පාරින්ද්‍යා, මගේ බිරිඳ තවමත් ඈ සමග මුහුණට මුහුණ ලා ඉඳගෙන කතාලතාවේ. වසර හතකට පසුව මුණගැහෙන පාසැල් මිතුරියන් දෙදෙනෙකුට කතා කරන්න දේවල් කොයිතරම්නම් තියෙනවද? දිය ඇල්ලක් වගේ තමයි.
තරප්පුවෙන් තරප්පුවට පනිමින් ඉහලට එන සැහැල්ලු දෙපයක්. තොරොම්බල් පාදසළඹක සීනු හඬක් අතරින් පතර ඇහෙනවා. මම ඇස් පිහාටු හැකිතරම් තදින් පියාගන්නවා.
“ඔයා නිදිද?”
“හ්ම්.”
“තේ නිමෙනවා.”
“තේ කියන්නේ එහෙම තමයි. නිමෙනවා.”
උඩඟු ලීලාවෙන් ඇහැ කන පියාගෙන වකුටු වීමයි බළල් ගතිය. ඈ පිටත්වෙන හඬ ඇහෙද්දී බළල් ලොම් පොරෝණාවට යටින් වූ මිනිස් හදවත ගිඩි ගා ගැහුණා. එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවෙයි. ඈ යන්න ගියාම හැම දෙයක්ම යලිත් සාමාන්‍ය තත්වයට පත්වෙන බව ඒකාන්තයි. නමුත් එකම එක වතාවක් ඇගේ මුහුණ හොඳින් දැක බලාගන්න හිතාගෙන ජනේලයෙන් එබෙන එක තරමක වරදක්. ඒ වෙලාවේ ඇගේ පළල් නළලයි, නිල් ඇස් දෙකයි පැහැදිලිව දැකගන්න බැරිවීමේ සාංකාව නොවන්නට මම ඇයව හඹා නොයන්නට තිබුනා.
"මම කැමති නිල් පාට වීදුරු ඇස්වලට"
මම නම සඳහන් නොකල පණිවුඩයක් හත්වැනි වතාවටත් ඈ වෙත යොමු කලේ බළල් ලොම් පොරෝණාව ඉරාගෙන මතුවෙන සිවල් නිය පහුරු ගැන තැකීමක් නොකර. පාරින්ද්‍යා ඒ වෙද්දි වම් ඇලයට හැරිලා ගැඹුරු නින්දක හිටි වග නොකියා බැහැ. ඈ තදින් හුස්ම ගන්නවා. මම වෙස්මාරුවෙන් හති වැටිලා පරිඝණක තිරයට එබෙමින්, වරින් වර බියෙන් තැතිගනිමින් පිළිතුරක් එනතුරු මග බලනවා.
**********************
"එයා මගෙ ඇස්වල පාටත් දන්නවා!"
කෝපි බිංදු අළුත් සුදු මේස රෙද්ද මත කහට පැල්ලම් ඇතිකිරීම නෙමෙයි මේ වෙලාවේ තියෙන බරපතලම ප්‍රශ්ණය. හිවල් දත් සඟවාගෙන ඈ දෙසට රාගික බැලුම් නොහෙලා ඉන්න එක. අන්න ඒකයි නියම ප්‍රශ්ණය. එකිනෙකට වෙනස් තාරතාවයෙන් යුත් සිනා හඬ දෙකක්. මම කැමති උස් සිහින් හඬට. ඒත් මේ බළල් ලොම් පොරෝණාව කැමති නැහැ ඒක එහෙමයි කියලා පිලිගන්න.
"නිම්, දන්නවද? ඔයා එයාව මුණගැහෙන්නම ඕනෙ!"
"ඔයාට පිස්සුද?"
"ම්හ්?"
"අපි දැන් 'බැඳපු ගෑණු' පාරින්ද්‍යා."
"බැඳපු ගෑණුද? බැදපු ගෑණුද?"
අන්න ඒකයි හේතුව. මම කවදාවත් මගේ බිරිඳගේ වචනයට පිටින් ගිය කෙනෙක් නෙමෙයි. ඈ රෙදි බෝනික්කියක් වගේ දැනෙන්න ගත් දා පටන්වත් මම ඒ ප්‍රතිපත්තිය වෙනස් කලේ නැහැ. අන්තිමේදි ඈ ව්‍යාපාර සම්මේලනයකට නගරයෙන් පිටවෙනකම් මම අපහසුවෙන් වුනත් බළලෙක් වගේ ඇගේ දෙපා මුල දැවටෙමින් උන්නා. නිම්සරා කඩාවදින හැම අවස්ථාවකදිම වතුර දැක්කා වගේ ලොම් පුම්බාගෙන ගුලි ගැහුනා.
'මා' තුල බිඳක්වත් නැති,
'අප' අතර පිරී ඉතිරී ඇති
ඉන්ද්‍රජාලයකි මේ ජීවිතය
හිරු තරම් උණුහුමයි ජීවිතය
මම අහුවුනේ එතැනින්. නිම්සරා හිරු කැරැල්ලක් වෙලා පෑව්වා. විය යුතු පරිදිම, හිරු කැරැල්ලක් එන්නේ ඉස්සරහ දොරෙන්ම නෙමෙයි. ජනේලෙකින්, අවන්හල් බැල්කනියක බට පැළැලි හිරු මුවාවක් අතරින්, අනපේක්ෂිත හැන්දෑවක නගර වීදියට ඉහලින් පාවෙන වළාකුලකින්, රන්පාට හිරු කිරණ කාන්දු වෙන්න පටන් ගත්තා.
පැය ගානක් ඇතුලත හිරු කැරැල්ලත් මමත් දෙන්නාම චර්ම පිලිකාවකට ගොදුරු වුනා.
පිළිකාව හිතූ මොහොතක සැත්කමකින් කපාදමන්න හැකිවෙයි කියා හිතමින් මම දිගින් දිගටම හිරු රැසින් නැහැවෙන්න තීරණය කලා. සම්මේලනය අහවර වෙලා පාරින්ද්‍යා ගෙදර ආවේ තරමක් විසාල, වැහි වළාකුලක් අත්බෑගයේ ඔබාගෙන. ඉන්ද්‍රජාලයක්මයි ජීවිතය. ඒ නිසයි පාරින්ද්‍යා වැහි වළාකුලක් පොරවාගෙන යුගල ඇඳ උඩ වැතිරෙනකොට මම ආයෙමත් වැහි බිඳුවලට අකැමති බළලෙක් බවට රූපාන්තරණය වෙන්න ඇත්තේ.
අන්තිමේ හිරු කැරැල්ලත් මමත් වටහා ගත්තා පිළිකාවක් කියන්නේ හදවතේ කෙලවරක හටගත්ත රෝසමල් හැඩේ පොඩි ගැටිත්තක් විතරක්ම නොවන වග. හෘද ස්පන්දනයත් එක්ක සෛලයක් සෛලයක් ගානෙ පැතිරිච්ච, ඔඩු දුවපු පිළිලයක් වග.
ඉතින් අපි විසඳුමක් හොයාගෙන ගින්දරට පැන්නා.
නෑදෑයෝ, අසල්වැසියෝ, යාළුවෝ විතරක් නෙමෙයි, මල් පත්තර කාරයෝ, ගොසිප් සයිට් කාරයෝ පවා පැට්ට්‍රල් කෑන් කර තියාන ගින්දර බලන්න ආවා. පිච්චි පිච්චි ඉන්න අතරෙ එයා එකපාරටම පිළිකාව ගලවලා දාල ගිනි ගොඩෙන් මෑත් වුනා.
"මම ගෙදර යනවා."
"මම බැඳපු ගෑණියෙක්."
කාලයත් එක්ක ගින්දර අඩු වුනා. බළල් ලොම් පොරෝණාව අඟුරු වෙලා ගිහින් තිබුනා. ඒත් සෛල ඇතුලේ ශේෂ වෙච්ච පිළිකා කැබැලිති තවමත් හෙමිහෙමින් පිච්චෙනවා. මම ගින්දර නිවෙනකම් නොහෙල්ලී බලා ඉන්නවා.
අඩුම තරමේ මල් පත්තරකාරයෙක්වත් නැතුවම!
හෙහ් හෙහ්... මල් පහයි ගස් තුනයි!
ReplyDeleteමෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි කිව්වේ නිකන්ද.... හිටහන් බස්සියෝ මම ලියනවා විචාරයක් මේකට ඉඩක් ලැබුණු හැටියේම!
Deleteතැන්කූ තැන්කූ උපයා...!
Deleteඅඩේ. ලියහන් ලියහන්. අර 'බැටළුවෝ' කතාවට උඹ ලිව්ව විචාරේ කියෙව්වට පස්සෙ මම එව්වට 'පෙමින් බැඳුනා, බැදුනා.'. ඉක්මනට බිසී අඩුවී (මටත් අද අහම්බෙන් එහෙම වුනා.) විචාරෙට විවේකයක් සැට් වේවා!
මම රැවටෙනවා, මුලින්ම්ම මේ කියන්නේ ගැබුරු චින්තනයක් තියෙන පූස් නාම්බෙක් ගැන කියල. ඒක එකපාරටම වෙනස් කරන්නේ පලවෙනි සිතුවිල්ලේම අග කොටසේදී. මට පේනවා හොර බළල් තඩියෙක් වගේ සැමියෙක් තමන්ගේ බිරින්දෑ පහල මාලයේ කරන කිචිබිචිය උහුලගන්න බැරුව වෙව්ල වෙව්ලා පඩිපෙළේ උඩම ගුලිවෙලා ඉන්නවා. දිය ඇල්ලක් වගේ කඩාහැලෙන වචන අස්සේ පිළිකුල අස්සට වෙලා ඒ බළල් තඩියා ආකර්ෂණය වහනවා. කවුද කියන්නේ පුසෝ කියන්නේ වතුරට අකමැතියි කියල? අපිට හිරිවට්ටනවා මේ දෙපිටකාට්ටුවා!
Delete//වතුර බිංදුවක් පවා හිස කරකැවිල්ල ඇතිකරවන සුළුයි. ඒත්, ඒ වතුර යට රන්මාළු පීනනවා වෙන්නත් පුළුවනි.
මේ තියෙන්නේ හොරේ... රන්පාට මාළු දැක දැක බොරුවට වතුරට බයයි කියා කියා මැසිවිලි නගන එක !
ඊට පස්සේ ආයෙමත් මේ බළල් තඩියා ගතු කියනවා මේක නිම්සරාගේ වැඩක්මයි, එයාගේ කිසි වැරද්දක් නැහැමයි කියල. තමන්ගේ බිරිඳ රෙදි බෝනික්කෙක් වගේ (සෙල්ලම් සඳහා සහ පන නැති බව දන දැනත් ලෝකෙට පෙන්නන්න ආදරේ කරන්න හොඳටම සුදුසුකම් තියෙන උන්) වෙන එකත් නිම්සරා ඉර එළියක් වගේ වෙන එකත් ගැන වැරැද්ද ඇත්තටම නිම්සරාගේ වෙන්නේ බිරිඳත් නිම්සරාත් පරණ පාසල් මිතුරියෝ වෙන එකයි කියල අපිව හිතවන්න පොලබෝනවා.
නිම්සරාට මේ බලල තඩියා කුරුමානම් අල්ලනවා... ඒ උනාට පූස් ගතියෙන් බිරිඳ වටා දැවටෙනවා. බිරිඳට හොරෙන් නිම්සරාට සංවේදී SMS යවනවා. හිවල් ගතිද මන්ද!
තව මචෝ... වෙලාව නැහැ... ඉන්දහ මම ආයෙම කොටසක් ලියන්නම්
Upeksha, wichare pankaadui. oyage wicharen passe nawatha kiyewwa bassige post eka.
Deletedanui hari rasa danune.
Bassige samahara ewwa apiwa mewwa karanawa thamai.
මාරයි උපයා! බොහොම ස්තූතියි...!
Deleteඇත්තටම මාර කික් එකක් එනවා කියන්න ට්‍රයි කරපු සියුම් තැන් එහෙම පැහැදිලිව අල්ලාගන්න හැටි දකිනකොට...
ඉතිරිය...
Deleteඔන්න ඉතින් හිවලා දඩයම් කරන්න ලෑස්ති වෙනවා. ඇත්තටම හිවල්ලු දඩයම් කරන්නේ නැහැ. දඩයම් දෙන්න ඉඩ දීලා බලාගෙන ඉඳල තමන්ගේ කොටහ ඉක්මනට වෙන්කරගන්නවා. නිම්සරා දඩයම්වෙනවා, මේ පූසෙක් වගේ ඉන්න හිවලෙක් වෙනුවන්. ඒකට පූසා චෝදනා කරන්නේ බිරිඳට. මොකද ඈ ව්‍යාපාර සම්මේලනෙට යනවා කිව්වා එකයි වැරැද්ද. එතකොට තමයි ඉර පායන්න ඉඩ ඇරලා පුසා අව්ව තපින්න පටන් ගන්නේ. කිව්වට බොහොම ඉක්මනින් දෙන්නා ඉතින් පිච්චිලා, වැරැද්ද නිම්සරාගේ!
ආයෙම බිර්න්ද එනවා ගෙදර. මම ආසයි මේ යෙදුමට
//සම්මේලනය අහවර වෙලා පාරින්ද්‍යා ගෙදර ආවේ තරමක් විසාල, වැහි වළාකුලක් අත්බෑගයේ ඔබාගෙන. ඉන්ද්‍රජාලයක්මයි ජීවිතය. ඒ නිසයි පාරින්ද්‍යා වැහි වළාකුලක් පොරවාගෙන යුගල ඇඳ උඩ වැතිරෙනකොට මම ආයෙමත් වැහි බිඳුවලට අකැමති බළලෙක් බවට රූපාන්තරණය වෙන්න ඇත්තේ.
මෙතන ලොකු කතාවක් කියනවා. තේරුම කියන්න ඕනේ නැහැ මම හිතන්නේ. ඒ භාවිතාවේ ඇති අලංකාරයට මාව කොයිල් වෙනවා.
එකපාරටම අපිව බස්සි පොළඹවනවා වෙන්න ගියපු නැස්පත්තියේ ඊළඟ චුදිතයෝ, වින්දිතයෝ සහ ඔවුන්ගේ භූමිකාව! ඔව්.. වැඩි දෙයක් ඕනේ නැහැනේ පෙට්‍රල් තිබ්බම. පිරිමින්ගේ මනෝභාවය පෙන්නමින් බස්සි ගැහැණුන්ගේ සම්ප්‍රදායික තේරීම කියනවා.
ඒ තමයි එක්කෝ දමල ගහල ආයෙත් ගෙදර යන එක.
අනිත් එක තමයි තමන් කසාදය පැත්තට ආයෙත් හිත යොමු කරන එක! දෙකම එක වගේම උත්තර. හරියට හයිස්පිඩ් යනකොට සිට් බෙල්ට් වගේ!!
පිරිමි ඉතින් ඔහොම තමයි.... අපිට එහෙම හිතන්න කියල බස්සි කිව්වේ ඇයි කියල මම කල්පනා කලේ? මම එහෙම හිතන්නේ නැහැ... දස්කොන් වගේ බෙල්ල දීපන් යකෝ ( පිරිමියෙක් වගේ??) කියන්න බැරි ඇයි ? එහෙම කියන්නත් බැහැ නෙව, රෙදි බෝනික්කෙක් එක්ක ඉන්නකොට ගින්න තහනම් නෙව!
බස්සි:
කතාව හරි මටසිළුටුයි. හැඟීම් එක්කමයි තිබ්බේ. ඉතින් මම වහ වැටුනා , මක් කොරන්නද? මම කැමතියි මේ වගේ දේවල් වලට. ඒ කියන්නේ ඔබට සිතුවිලි එක්ක එන දේවල් ඉතාම ලස්සනට ගලපන්න පුළුවන්. කොටිම්ම ලියන අකුරක්,වචනයක් පාසාම තියෙන්නේ වටිනා දේවල්. හැම අකුරක්ම ලොකු කර්තව්‍යක් කරනවා ඔයාගේ කතාවේ.
ජනප්‍රිය දේවල් අතර මේවා මට නම් මැණික් වගේ.
ඉඳල හිටලවත් මේ වගේ මැණිකක් ඔප දාල දීපන් අපි වගේ උන්ට ඈ !!
උඹේ මාතෘකාව නම් ගන්න දෙයක් නැහැ බං. එක්කෝ ඔන්නොහෙ මක් වෙනවද...!!
එලම කිරි.
wicharaya ethamath agei.
Deleteඇත්තටම මට හිතෙන්නේ මම ලිව්වේ විචාරයක් නෙවෙයි කියල. 'සරල බසින් ලිවිම' වගේ දෙයක් නේද? විචාර ලියන්න ඕනේ මිට වඩා වෙනස් විදියට. නමුත් ස්තුතියි එයින් වැඩක් උනා නම්...
Deleteපික්සු හැදිලා ආයෙත් හැදුනද මන්දා.
ReplyDeleteඒක නෙමේ කෝ අයියෝ කලින් පෝස්ට් එක. කමෙන්ට් එක පබ්ලිශ් කරන්න බෑලු. බලද්දි පෝස්ට් එකත් නැහැ.
තැන්කූ වරාමලී!
Deleteදවසට පෝස්ට් දෙකක් දැමීමේ වරදට හිරගෙට යන්න වෙයි කියලා මම ඒක අයින් කලා. දැන් ඔයාගෙ ඉල්ලීම පිට ඔන්න ආයෙම ඒක දැම්මා. :)
Mama kawadawath mage birindage wachanekata Pitin weda karala ne.. :p mamath ehemalu onna. . Thama kathawa agamula galapa ganna try karanawalu..
ReplyDeleteතැන්කූ කළණේ!
Deleteඋපයට බලකරලා ඉක්මනට විචාරෙකුත් ලියවගත්තනම් වැඩේ ලේසිවෙයි.
හම්මේ....පිස්සු හැදෙනවා නේන්නන්....
ReplyDeleteබොහොම ස්තූතියි හිතූ!
Deleteවෙලාවක් තියේ නන් ඇවිත් යන්නකො අපේ පැත්තෙ
Deletehttp://hithuwakkari127.blogspot.com/
පිලිකාවක්ම තමයි...
ReplyDeleteආයෙත් අහලා.
Deleteමල්...
ReplyDeleteඇයි ඇත්තට දැන් කාලේ මිනිස්සු ඔය පස්සෙම පන්නන්නේ? ඇයි එකක් තියාගෙන ඉන්න බැරි.. ෆෝන් වගේ දැන් කට්ටිය මාරු කරන්නේ.
උත්තරයක්නම් මමත් හරියටම දන්නෙ නෑ.
Deleteඩෙස්මන්ඩ් මොරිස්ගේ මනුසත් උයන පොත කියෙව්වම චුට්ටක් පැහැදිලි වෙනවා මයෙ හිතේ.
ලස්සන කෙටිම කෙටි කෙටි කතාවක්.
ReplyDeleteපහු ගිය ටිකේ වැඩ වැඩි කම හින්දා බස්සිගේ පරන පෝස්ට් කියවන්නත් බැරිවුනා.
බොහොම ස්තූතියි මනෝ!
Deleteපහුගිය ටිකේ අසනීප වෙලා මමත් වැඩිය බ්ලොග ලියන්න ආවෙ නෑ.
හොද කතාවක් වෙන්න ඇති..ඒ නිසාම මට ඒක තේරුනේ නෑ..
ReplyDeleteඅයියෝ!! :P
Deleteමේවට කියන්න කමෙන්ට් නැහැ බං.
ReplyDeleteමල් පත්තර නෙමෙයි මලක් ගහන්න ඕන.
ඔය කිව්වෙ! ගුරාල ඔහොම කියද්දි ගෝලයො ඩීමෝටිවේට් වෙනව නෙව.
Deleteලස්සනයි..හැමදාම වගේ අළුත් ඇහැක්
ReplyDeleteතැන්කූ අක්කේ!!
Deleteලස්සනයි බස්සි අක්කේ
ReplyDeleteස්තූතියි වසන්තයට පෙර!
Delete//"හිරු කැරැල්ලක් එන්නේ ඉස්සරහ දොරෙන්ම නෙමෙයි. ජනේලෙකින්, අවන්හල් බැල්කනියක බට පැළැලි හිරු මුවාවක් අතරින්, අනපේක්ෂිත හැන්දෑවක නගර වීදියට ඉහලින් පාවෙන වළාකුලකින්"//
ReplyDelete//"අන්තිමේ හිරු කැරැල්ලත් මමත් වටහා ගත්තා පිළිකාවක් කියන්නේ හදවතේ කෙලවරක හටගත්ත රෝසමල් හැඩේ පොඩි ගැටිත්තක් විතරක්ම නොවන වග"//
උඹ මේ ලියන කතා ගැන අපි විචාර දෙන්න ඕන නෑනේ , කියවලා හ්ම් කියන්න විතරයි ඕන .මම හිතන්නේ දැන් උඹ ඉන්නේ උපරිමයේ . තව යන්න තැනක් නෑ. මේක පවත්වාගන්න ඕන හැබැයි . ජය
ඔය උද මම උපුටලා පෙන්නුව කොටස් දෙක මට හොඳටම හිතට ඇල්ලුවා . උඹට මේවා එන්නේ කොහෙන්ද කියලා පුදුම වෙන්න තමා තියෙන්නේ ...
හම්මේහ් මං ඉතින් මුරුංගා ගහේ කරටිල්ලෙලු ඈ?
Deleteඔහොම කියලා මදි යකූ... අඩුපාඩු පෙන්නා දීපිය.
මාත්තුරුකාව සම්බන්ධව උඹෙන් උපදෙස් ගන්න හිටියෙ. උඹ මලා වගේ හිටි නිසා හිතට ආපු ගොබ්බ මාත්තුරුකාවක් ඔහේ ඇදලා දැම්මා.
අනේ උගෙන් අහන්නේ නැතුව දාපු එක ඔහොම නම්, උගෙන් ඇහුවොත් ඉතින් හුහ්... මොකට කියනවද....
Deleteමට නං තාම බදිනවද බඳිනවද කියල ඉස්තීරෙටම කියන්න බැහැ බං. ඒ තරං දැනුම මොටයි.. සිරාවටම මේක කියෙව්වම මට දැනුනෙම ලස්සන මෙලඩි එකක් එක්ක දුවපු ඕඩියෝ ට්‍රැක් එකක් වගෙයි කියලයි.. ගතියි.. එළ ඈ..
ReplyDeleteඔය ගෙම්බා කියල තියෙනවා නේද උඹ ඉන්නේ උපරිමේය කියලා.. අනේ ඒකා දන්න උපරිමය.. උඹ තාම උපරිමයකට කිට්ටු වෙලා නැහැ.. හොදද?? රිදම් එකයි කඩා නොගන්න ඕන. ඉතිරි ඒවා නිකම්ම ඒවි.. හැක්
මමත් ආස නෑ බං උපරිමේට යන්ඩ. වෙන මක්කාවත් හින්දා නෙමෙයි. උපරිමේට ගියා කියන්නෙ එතැන ඉඳන් දිගටම තියෙන්නෙ බැස්ම නෙව.
Deleteතැන්කිව් ඈ. මම බයේ හිටියෙ දවස් දෙහෙකට ලිව්ව නිසා රිදම් එක චකබ්ලාස් උනාද කියල.
උපමා රූපක ගොඩාක් වැඩි වෙනවට මම ටිකක් විතර අකමැතියි... ඒත් ඒවා අතර බොහොම ලස්සන යෙදුම් තියනවා.. ඉහත ඉවානුත් පෙන්නලා තියන හිරුඑළිය සම්බන්ධ එක බොහොම ලස්සනයි... මෙන්න මේ පහල කැල්ලේ සම්බන්ධය නම් මට තේරුම් ගන්න බැරි වුණා...
ReplyDelete//"නිම්, දන්නවද? ඔයා එයාව මුණගැහෙන්නම ඕනෙ!"//
//"නිම්, දන්නවද? ඔයා එයාව මුණගැහෙන්නම ඕනෙ!"//
Deleteමේක කියන්නේ පාරින්ද්‍යා.
ස්තූතියි තිසර! මටත් හිතෙනවා වෙලාවකට මම කතා හංගනවා වැඩිද කියල. තවම ඉතින් කෙටිකතා සම්බන්ධවනම් මම බොහොම අපරිණතයි. ඒ නිසාමයි වැරදෙන තැන් සහ අඩුපාඩු පෙන්වා දීම ඉහලින්ම අගය කරන්නෙ.
මාරයි! වෙන වචනයක් හොයාගන්න බෑ දැනුන දේ විස්තර කරන්න. කොහෙන්ද අප්පා මේ සිතුවිළි එන්නේ? එක අතකට ඒක ගොන් ප්‍රශ්ණයක්.
ReplyDeleteජය වේවා බස්සියෝ උඹට !!!
බොහොම ස්තූතියි උදය!
Deleteලස්සනයි අක්ෙක්
ReplyDeleteතැන්කූ මේධාවී!!
Deleteහ්ම්ම් ( courtesy - Lovecat)
ReplyDeletesaralathwayata huruwela apahasuwen therum ganuna wasthubeejaya.
ReplyDeleteharima agei.
බොහොම ස්තූතියි! උපේක්ෂාගෙ විචාරයත් උදව් වෙන්න ඇති මම හිතන්නෙ. :)
Deleteoba hari.
Delete