සති දෙකක අසනීප නිවාඩුවක් ලැබුනම හිතට ආපු පලවෙනි සිතුවිල්ල තමයි දවසට එක ගානෙ බ්ලොග් පෝස්ට් දාන්න, ආටිකල් ලියන්න, කෙටිකතා, කවි ලියන්න ස්වීප් එකක් ඇදුනා වගේ කියන එක. ඉතින් ඇඳේ දිගාවෙලා බොහොම කැමැත්තෙන් 'ටු-ඩූ ලිස්ට්' එකක් හද හදා ඉන්න අතරෙ තමයි ටිකෙන් ටික ඔළුව උඩ ගිනිමැලයක් ගැහැව්වා වගේ තත්වයක් උද්ගත වුනේ.
මක්කා කොරන්නද? මගේ අසරණ සිහින අම්බ්‍රෙල්ලා පවුඩර් කර දමමින් ලැප දෙස බලන්නටවත් නොහැකි තත්වයක් උද්ගත වුනා. කොයිහැටි වෙතත්, මේ අවස්ථාවේ පොළවට සමාන්තරව වැතිරගෙන, යන්තම් ඔළුව කෙලින් කොරගෙන කොටන්නේ බස්සිගේ නවාතැනට ආපු කුරුල්ලෝ ගණන 300 000ක් වෙච්චි එකේ සතුට බෙදා හදා ගන්නයි.
ඔය අල්ල පනල්ලේ අපේ මෛත්‍රී මාමා නැවත වරක් ජනතාවට පට්ට ආතල් එකක් සැපයූ රජ වීඩියෝවක් ටෙලිකාස්ට් කල බව අහන්නට ලැබුනා. ඒක බලන්න උනෙත් පොලවට සමාන්තරව ඉඳන් හින්දා මගේ ඇහේ දෝසෙකටද මන්දා පුලතිසි රජ දවස සුදු වෑන්, ත්‍රී වීලර්, ටැලිපෝන් කම්බි සහ තැනින් තැන කඩතොළු වුන තාරපාරවල් වගේ විලම්භීත කීපෙකුත් විෂුවල් එක අස්සෙන් දැක්කා.
මොනවා වුනත්, ජනතාවගේ සෝපහාස සහ කිණ්ඩි හේතුවෙන් වහ වහා ඒ ගීතය අහක් කරගත්තු බවත්, ගීතය නිර්මාණය කරපු අරෝෂ මහත්තයාට වැලේ වැල් නැතිවුන බවත් අහලා පොඩි ආඩම්බරයක් දැනුනා. මොකද, ඒකෙන් තේරෙන්නේ යම් තරමකට හෝ ඉහල පුටුවලට බලපෑමක් කරන්න හැකි ජනතාවක් බිහිවෙමින් ඉන්නා බවයි.
අන්න ඒ විදියේ ශක්තිමත් ජනමතයක් ගොඩනගන්නත්, මෙන්න බලපල්ලා මිනිස්සුන්ගේ අදහස් කියලා පාලකයන්ට දැනෙන පෙනෙන විදියට සන්නිවේදනය කරන්නත් සමාජ මාධ්‍ය විසින් කරන්නේ වචනයෙන් කියා අහවර කරන්නට බැරි තරම් අමිල මෙහෙවරක්. ඉතින්, බ්ලොග් අඩවියේ 300 000 කඩ ඉම පහු කරන මේ වෙලාව තරම්, ඒ ගැන සතුටු වෙන්න වෙන සුදුසු වෙලාවක් කොයින්ද?
300 000 ට සුබ පැතුම්.
ReplyDeleteඔය වීඩියෝ එක කොමඩි සෝං එකක්. එච්චර ගනං ගත්න ඕන එකක් නෙමෙයි. හැක්...
ඔව් ඔව්.. 'ආටක නාටක' කියල මේ දවස්වල යන වැඩසටහනක කොටසක්නේ.. මෙයා රැවටිලා
Deleteහැක්! මටත් හිතුනා අප්පා! ආටක නාටක වගේ එව්වා දැන් ගොඩක් චැනල්වල යනවනෙ
Deleteසුභපැතුමට තැන්කිව් ප්‍රසන්න අයියේ!!
Deleteමේ සින්දුවේ රූපරාමු විතරක් අරගෙන "මේක කොමඩි කන්ට්‍රියක්" කියන සින්දුවේ සවුන්ඩ් ට්‍රැක් එක දාලා වීඩියෝවක් හැදුවොත් නැගලා යයි!
Deleteඅන්න කරනවානම් වැඩේ!
Deleteඅර අස්සයා පැන පැන යන තාලෙත් ඒකෙ බීට් එකට ගැලපෙනවා.
කොන්ග්‍රැජුලේසොන් වේවා.... ජයවේවා... වරේවා....!!!
ReplyDeleteතැන්කූ මාතලන් බොස්!
Deleteලස්ස තුනක බස්සියෙක්.. හැක්.. ලෙඩ උනාම තමා තේරෙන්නේ ලෙඩ හරි දරුණුයි කියලා.. ජය වෙවා..
ReplyDeleteමදි මදි ලස්ස තුනක් මදි..
උඹත් ආවද ඒ පාර අපේ පුලතිසි දෙවියන්ට දෙස් තියන්න.. කල වැදිදි..හැක්
තැන්කූ දේශෝ!
Deleteසිරාවට පුලතිසි රජමේනියාවක් නෙමෙයි මේ වතාවෙ ඇවිත් තිබුනෙ දේවමේනියාවක් නෙව.
ලෙඩ වූ පසුව තේරෙන්නේ නිරෝගීකමේ වටිනාකමයි!
Deleteඉක්මනට දුවන් ආව මට ජිම්කානා එකක්වත් ඇදෙයිද කියල.. බලනකොට මේකයි නේ එහෙනම් කතන්දරේ. නියමයි නියමයි.... බස්සියෙක්ගේ ගෙදරකට ඔතරම් කිව්වම ලේසිද ආ...!
ReplyDeleteතව තවත් දියුණු වේවා!
තැන්කූ උපයා!
Deleteපාන් කියාගන්ඩ බැරුව ඉන්නවා, මොන ජිම්කානාද බන්.
හිටපු රජතුමාට හා වන්දිබට්ටන්ට අපි කෘතඥවෙන්න ඕනෙ.
ReplyDeleteමොකද ඒ ගොල්ල කියපු සින්දු කරපු වැඩ කොයිතරම් ඕවර් ගිහින් අපිට එපාවුනාද කියනවනම් දැන් ඉන්න උන් ඒ ජාතියෙ වැඩක් කරන්න පටන් ගන්නකොටම මිනිස්සුන්ට හිනායන්න අප්පිරියවෙන්න ගන්නව.
Congrats B !
Deleteසිරාවටම! එයාලට කෘතඥ වෙන්න ඕනෙ මිනිස්සුන්ට මේ තරමටම ගොන් පාට් අප්පිරියා කෙරෙව්වට.
DeleteThankuu pra!
මොනවා තවම ලස්ස තුනද? මදි මදි! Congratulations!
ReplyDeleteමේ අර මගේ ඩෙනිම ලිව්ව ඩූඩ් ද හැබෑටම.
Deleteතවම අපි දණගාන ළමයි ඩූඩ්! Thankooo!
Deleteමගේ ඩෙනිම හෝදලා වැලේ දාන්න අමතක වෙලාවත්ද? තවම වැකේෂන් ද?
ඉක්මනට පොළොවට ලම්භකව හිටගන්න ලැබේවා! 300000 ට ජය වේවා!
ReplyDeleteඉස්තූතියි ඉස්තූතියි කළණේ!! :)
Deleteලක්ෂ තුනටම ජයවේවා.....!
ReplyDeleteඉක්මනින් සිරස් වීමට ශක්තිය ලැබේවා...!
ඉස්තූතියි ඉස්තූතියි චෙෆාකි!!
Deleteබස්සියෝ
ReplyDelete300000?????
තව ඕනේ. ......more readers...
අද. .USAවල ප්‍රසිද්දම ලොටරි එකේ ජය මල්ල ඩොලර් බිලියන 1.3.
(May be "Ambalangoda Katha kaaraya" want to try his luck this week with lottery. ..Ha ha ha)
රටේ ජනගහනය එම මුදලින් බෙදුවොත් එක මිනිහෙකුට ඩොලර් ලක්ශ 3ක් දෙන්න පුලුවන්.
මම හිතුවා බස්සිටත් එහෙම ලක්ශ 3ක් ලබාගන්න චාන්ස් එකක් ආවද දන්නෙ නෑ කියලා
(Small joke...)
Ha ha ha
බස්සියෝ අපි කියවන්නම්
දිගටම ලියන්න
ජයවේවා
==Adrian Channa from Toronto = = =
Adrian
Deleteඩොලර් බිලියන 1.3 ඇමෙරිකාවේ ජනහගහනය වන මිලියන 300 න් බෙදුවම එක්කෙනුකට ඩොලර් 4.3. ලක්ශ 3 කෙසේ වෙතත් කෝපි කෝප්පයක් ගත හැකි.
ඉස්තූතියි ඒඩ්‍රියන්!
Deleteකෝපි කෝප්පයක් ගන්න හරි ලැබෙනවානම් මදැයි නේද?
ඔන්න ඒඩ්‍රියන් මම නිතර නොලියන එකට නෝක්කඩු කියන නිසා මම අද පෝස්ට් දෙකක්ම දැම්මා.
Deleteබස්සියෝ
ReplyDelete300000?????
තව ඕනේ. ......more readers...
අද. .USAවල ප්‍රසිද්දම ලොටරි එකේ ජය මල්ල ඩොලර් බිලියන 1.3.
(May be "Ambalangoda Katha kaaraya" want to try his luck this week with lottery. ..Ha ha ha)
රටේ ජනගහනය එම මුදලින් බෙදුවොත් එක මිනිහෙකුට ඩොලර් ලක්ශ 3ක් දෙන්න පුලුවන්.
මම හිතුවා බස්සිටත් එහෙම ලක්ශ 3ක් ලබාගන්න චාන්ස් එකක් ආවද දන්නෙ නෑ කියලා
(Small joke...)
Ha ha ha
බස්සියෝ අපි කියවන්නම්
දිගටම ලියන්න
ජයවේවා
==Adrian Channa from Toronto = = =
සුබ පැතුම් බස්සී...
ReplyDeleteඒ වගේම පොත පලකිරීම ගැන නොදැන සිටීම නිසා එන්න බැරි උනා. ඒ ගැන සමාව ඉල්ලනවා...
අනේ උඹයි මායි කියෝන පොත්. හැක්.....
Deleteබොහොම ස්තූතියි කැමා! කාලෙකින් දැක්කේ.
Deleteඒකට කමක් නෑ. පොත කියවන්න ලැබුන වෙලාවක ගුණදොස් කියන්නකෝ.
ලක්ෂ තුනට සුබපැතුම් ....
ReplyDeleteඅර වීඩියෝව අයින් කොර ගන්න තරමට සමාජ වෙබ් අඩවි වලින් බලපෑමක් කරන්න පුළුවන් වුණ එකත් හොඳ ප්‍රවණතාවක් තමයි. සෙල්ලං නෑ.ජනමතය ප්‍රබලයි.
ස්තූතියි!
Deleteඅන්න ඒක තමයි වැදගත්....! පාලකයගෙ මොඩලයේ සැලකිය යුතු වෙනසක් වුනේ නෑ. ඒත් ජනතාව වෙනස් වෙමින් පවතිනවා.
ජයවේවා බස්සි අක්ක. :D
ReplyDeleteතැන්කූ සොමි මල්ලී!
Deleteලක්ෂ තුනට උණුසුම් සුබ පැතුම් යශෝ...!!!
ReplyDelete//පුලතිසි රජ දවස සුදු වෑන්, ත්‍රී වීලර්, ටැලිපෝන් කම්බි සහ තැනින් තැන කඩතොළු වුන තාරපාරවල් වගේ විලම්භීත කීපෙකුත් විෂුවල් එක අස්සෙන් දැක්කා.//
ඒ අපේ මෛත්‍රීතුමාගේ ආශ්චර්යට පහල වුන එව්වානේ හිටං.
තැන්කූ මනෝ!
Deleteඅනිවා අනිවා... ආස්චර්ය නොවෙන්නම්!!
╔═╗───────────╔╗───────╔╗╔╗
ReplyDelete║╔╬═╦═╦╦═╦╦╦═╗║╚╦╦╦╗╔═╗║╚╬╬═╦═╦╗
║╚╣╬║║║║╬║╔╣╬╚╣╔╣║║╚╣╬╚╣╔╣║╬║║║║
╚═╩═╩╩═╬╗╠╝╚══╩═╩═╩═╩══╩═╩╩═╩╩═╝ බස්සී ...
───────╚═╝
But, ඔය මදි, තව ගොඩාක් දුර යන්න තියෙනවා.
ඔබගේ හැම ලිපියකටම කමෙන්ට් නොකරට, තව තවත් ලස්සන , වටිනා නිර්මාණ රාශියක් බිහිකරන්නෙ හැකිවේවා කියලා, හදවතින්ම සුභ පතනවා ...!
බොහොම ස්තූතියි සඳරු!
Delete(අර congratulations අකුරු ටික පට්ට ලස්සනයි.)
ලක්ෂ 3ක්..
ReplyDeleteසුභ පැතුම් අක්කේ..
බොහොම ස්තූතියි මල්ලි!
Deleteකොංග්‍රජුලේසොං බස්සි! හැටදෙකෙයි පනස් අටෙයි තිබුණෙත් ලක්ෂ තුනහමාරේ වෙනසනේ. ජනමතය ප්‍රබලයි.
ReplyDeleteඒ වුනාට පනස් අට හැටදෙකට වඩා වැඩියිලුනේ ඉකෝන්!
Deleteතැන්කිව් ඈ!!
සුභ පැතුම් මගෙනුත්. පෝස්ට් ගාන වැඩිකරන්න එපා. කරමලේ පාට වැදගත්. :)
ReplyDeleteබොහොම ස්තූතියි ඉයන්!
Deleteමට නම් අපේ පැරාගෙ, මාතලන්ගෙ කරමල්වල පාටත්, බීට්ල්ගෙ, ලිශාන්ගෙ, සඳරුගෙ කරමල්වල පාටත් එකයි. පොස්ට් ගාන නෙමෙයි වැදගත්. :)
මෙච්චර කෙටි කලකින් තුන් ලක්ෂේට කොඩි දාන්න ලැබිච්ච එකට අඟහරු ලෝකයේ සුභ පැතුම් ඈ! අසනීපෙත් හොඳ කරගෙන ලියමු දිගටම.. ජය වේවා!
ReplyDeleteබොහොම ස්තූතියි අඟහරු මල්ලි!!
Deleteමුලින්ම සුබපැතුම් අක්කේ..
ReplyDeleteඊළගට බෙහෙත් ටික අමාරුවෙන් හරි බිලා ඉක්මනින් සනීප වෙලා තව ලියන්න..බොට තව දුර ගමනක් තියෙනවා
තැන්කූ වේවා ප්‍රොෆා මල්ලි!
Deleteදවසට පෙති විසි අටක්! සෙල්ලන්ද කොල්ලො කිව්වලු.
ලස්ස තුන කෝටි තුන වී මිලියනය වී මට ගැනගන්න බැරි තරම් බස්සි අක්කාගේ නවාතැනට මංගච්චාවා!!!!!!!
ReplyDeleteතැන්කිව් තැන්කිව් අමා!!
Deleteලස්සතුනේ කඩ ඉමට සුභ පැතුම්.මේ ඉලක්කම් ඉක්මනටම තව තවත් ලොකු වෙන අතරේ රස බර පෝස්ට්,පොත් පත් බිහිවේවා..!!
ReplyDeleteනිදුක් නිරෝගී වේවා..!
ජයවේවා..!!
තැන්කිව් පැපෝ!
Deleteසෑහෙන්න බර සුභපැතුමක්
මදි මදි, මේ වෙද්දී උඹට මීට වඩා තියෙන්න ඕන.
ReplyDeleteකෝම උනත් සුබ වේවා.
අවුරුදු දෙකහමාරට මේ මදෑ බං. තැන්කූ ඈ!!
Deleteසුභ පැතුම්
ReplyDeletethankuu ajith ayiye!!
Deleteසුබ පැතුම් බට කොස්සි , උඹට තව ලස්ස තිහ හතලිහක් වෙන්න හිතස වැටෙවා
ReplyDeleteමේ ඉන්නේ බස්සි
එයා බ්ලොග් එකක් ලියනවා
එයා පොතකුත් ලිව්වා
එයා FB එකෙත් කවි ලියනවා
එයා කවි ලියනවට සමහරු ආසයි
සමහරු ඉරිසියයි
දැන් එයා ලස්ස තුන පන්නලා
හැබැයි එයා කොටයි
ඔයාලත් බස්සි වගේ වෙන්න
හැබැයි එයා වගේ කොට වෙන්න එපා
මට මේ දවස් වල ආරූඪ වෙනවා බං එක එකාව හැක
දුප් ලව්පූසා... උඹ කොමෙන්ටක් දැම්මා කිව්වම මම හිතුවා මෙහෙම කින්ඩියක් වෙන්ටැ කියල ටක්කෙටම. :3
Deleteආ බොට ආරූඪ වෙනවද? මම අහන්නෑ ඉතින් ප්‍රසිද්ධියේ කාවද කියලා. හෙහේ...! පත්තරයට කියන්ඩෝනෑ මං වෙනුවෙන් ඒක අහන්න කියලා. :P
Deleteසුභ පැතුං නංගෝ
ReplyDeleteCongratulations.!
ReplyDeletesis.....
සුබ පැතුම්..
ReplyDelete