Wednesday, January 13, 2016

තුන් ලක්ෂයේ ජයමල්ල!





සති දෙකක අසනීප නිවාඩුවක් ලැබුනම හිතට ආපු පලවෙනි සිතුවිල්ල තමයි දවසට එක ගානෙ බ්ලොග් පෝස්ට් දාන්න, ආටිකල් ලියන්න, කෙටිකතා, කවි ලියන්න ස්වීප් එකක් ඇදුනා වගේ කියන එක. ඉතින් ඇඳේ දිගාවෙලා බොහොම කැමැත්තෙන් 'ටු-ඩූ ලිස්ට්' එකක් හද හදා ඉන්න අතරෙ තමයි ටිකෙන් ටික ඔළුව උඩ ගිනිමැලයක් ගැහැව්වා වගේ තත්වයක් උද්ගත වුනේ.


මක්කා කොරන්නද? මගේ අසරණ සිහින අම්බ්‍රෙල්ලා පවුඩර් කර දමමින් ලැප දෙස බලන්නටවත් නොහැකි තත්වයක් උද්ගත වුනා. කොයිහැටි වෙතත්, මේ අවස්ථාවේ පොළවට සමාන්තරව වැතිරගෙන, යන්තම් ඔළුව කෙලින් කොරගෙන කොටන්නේ බස්සිගේ නවාතැනට ආපු කුරුල්ලෝ ගණන 300 000ක් වෙච්චි එකේ සතුට බෙදා හදා ගන්නයි.


ඔය අල්ල පනල්ලේ අපේ මෛත්‍රී මාමා නැවත වරක් ජනතාවට පට්ට ආතල් එකක් සැපයූ රජ වීඩියෝවක් ටෙලිකාස්ට් කල බව අහන්නට ලැබුනා. ඒක බලන්න උනෙත් පොලවට සමාන්තරව ඉඳන් හින්දා මගේ ඇහේ දෝසෙකටද මන්දා පුලතිසි රජ දවස සුදු වෑන්, ත්‍රී වීලර්, ටැලිපෝන් කම්බි සහ තැනින් තැන කඩතොළු වුන තාරපාරවල් වගේ විලම්භීත කීපෙකුත් විෂුවල් එක අස්සෙන් දැක්කා.


මොනවා වුනත්, ජනතාවගේ සෝපහාස සහ කිණ්ඩි හේතුවෙන් වහ වහා ඒ ගීතය අහක් කරගත්තු බවත්, ගීතය නිර්මාණය කරපු අරෝෂ මහත්තයාට වැලේ වැල් නැතිවුන බවත් අහලා පොඩි ආඩම්බරයක් දැනුනා. මොකද, ඒකෙන් තේරෙන්නේ යම් තරමකට හෝ ඉහල පුටුවලට බලපෑමක් කරන්න හැකි ජනතාවක් බිහිවෙමින් ඉන්නා බවයි. 


අන්න ඒ විදියේ ශක්තිමත් ජනමතයක් ගොඩනගන්නත්, මෙන්න බලපල්ලා මිනිස්සුන්ගේ අදහස් කියලා පාලකයන්ට දැනෙන පෙනෙන විදියට සන්නිවේදනය කරන්නත් සමාජ මාධ්‍ය විසින් කරන්නේ වචනයෙන් කියා අහවර කරන්නට බැරි තරම් අමිල මෙහෙවරක්. ඉතින්, බ්ලොග් අඩවියේ 300 000 කඩ ඉම පහු කරන මේ වෙලාව තරම්, ඒ ගැන සතුටු වෙන්න වෙන සුදුසු වෙලාවක් කොයින්ද?



63 comments:

  1. 300 000 ට සුබ පැතුම්.
    ඔය වීඩියෝ එක කොමඩි සෝං එකක්. එච්චර ගනං ගත්න ඕන එකක් නෙමෙයි. හැක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. 'ආටක නාටක' කියල මේ දවස්වල යන වැඩසටහනක කොටසක්නේ.. මෙයා රැවටිලා

      Delete
    2. හැක්! මටත් හිතුනා අප්පා! ආටක නාටක වගේ එව්වා දැන් ගොඩක් චැනල්වල යනවනෙ

      Delete
    3. සුභපැතුමට තැන්කිව් ප්‍රසන්න අයියේ!!

      Delete
    4. මේ සින්දුවේ රූපරාමු විතරක් අරගෙන "මේක කොමඩි කන්ට්‍රියක්" කියන සින්දුවේ සවුන්ඩ් ට්‍රැක් එක දාලා වීඩියෝවක් හැදුවොත් නැගලා යයි!

      Delete
    5. අන්න කරනවානම් වැඩේ!
      අර අස්සයා පැන පැන යන තාලෙත් ඒකෙ බීට් එකට ගැලපෙනවා.

      Delete
  2. කොන්ග්‍රැජුලේසොන් වේවා.... ජයවේවා... වරේවා....!!!

    ReplyDelete
  3. ලස්ස තුනක බස්සියෙක්.. හැක්.. ලෙඩ උනාම තමා තේරෙන්නේ ලෙඩ හරි දරුණුයි කියලා.. ජය වෙවා..

    මදි මදි ලස්ස තුනක් මදි..

    උඹත් ආවද ඒ පාර අපේ පුලතිසි දෙවියන්ට දෙස් තියන්න.. කල වැදිදි..හැක්

    ReplyDelete
    Replies
    1. තැන්කූ දේශෝ!
      සිරාවට පුලතිසි රජමේනියාවක් නෙමෙයි මේ වතාවෙ ඇවිත් තිබුනෙ දේවමේනියාවක් නෙව.

      Delete
    2. ලෙඩ වූ පසුව තේරෙන්නේ නිරෝගීකමේ වටිනාකමයි!

      Delete
  4. ඉක්මනට දුවන් ආව මට ජිම්කානා එකක්වත් ඇදෙයිද කියල.. බලනකොට මේකයි නේ එහෙනම් කතන්දරේ. නියමයි නියමයි.... බස්සියෙක්ගේ ගෙදරකට ඔතරම් කිව්වම ලේසිද ආ...!

    තව තවත් දියුණු වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ උපයා!
      පාන් කියාගන්ඩ බැරුව ඉන්නවා, මොන ජිම්කානාද බන්.

      Delete
  5. හිටපු රජතුමාට හා වන්දිබට්ටන්ට අපි කෘතඥවෙන්න ඕනෙ.
    මොකද ඒ ගොල්ල කියපු සින්දු කරපු වැඩ කොයිතරම් ඕවර් ගිහින් අපිට එපාවුනාද කියනවනම් දැන් ඉන්න උන් ඒ ජාතියෙ වැඩක් කරන්න පටන් ගන්නකොටම මිනිස්සුන්ට හිනායන්න අප්පිරියවෙන්න ගන්නව.

    ReplyDelete
    Replies
    1. සිරාවටම! එයාලට කෘතඥ වෙන්න ඕනෙ මිනිස්සුන්ට මේ තරමටම ගොන් පාට් අප්පිරියා කෙරෙව්වට.

      Thankuu pra!

      Delete
  6. මොනවා තවම ලස්ස තුනද? මදි මදි! Congratulations!

    ReplyDelete
    Replies
    1. මේ අර මගේ ඩෙනිම ලිව්ව ඩූඩ් ද හැබෑටම.

      Delete
    2. තවම අපි දණගාන ළමයි ඩූඩ්! Thankooo!

      මගේ ඩෙනිම හෝදලා වැලේ දාන්න අමතක වෙලාවත්ද? තවම වැකේෂන් ද?

      Delete
  7. ඉක්මනට පොළොවට ලම්භකව හිටගන්න ලැබේවා! 300000 ට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉස්තූතියි කළණේ!! :)

      Delete
  8. ලක්ෂ තුනටම ජයවේවා.....!
    ඉක්මනින් සිරස් වීමට ශක්තිය ලැබේවා...!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉස්තූතියි චෙෆාකි!!

      Delete
  9. බස්සියෝ

    300000?????

    තව ඕනේ. ......more readers...

    අද. .USAවල ප්‍රසිද්දම ලොටරි එකේ ජය මල්ල ඩොලර් බිලියන 1.3.
    (May be "Ambalangoda Katha kaaraya" want to try his luck this week with lottery. ..Ha ha ha)
    රටේ ජනගහනය එම මුදලින් බෙදුවොත් එක මිනිහෙකුට ඩොලර් ලක්ශ 3ක් දෙන්න පුලුවන්.

    මම හිතුවා බස්සිටත් එහෙම ලක්ශ 3ක් ලබාගන්න චාන්ස් එකක් ආවද දන්නෙ නෑ කියලා
    (Small joke...)
    Ha ha ha

    බස්සියෝ අපි කියවන්නම්
    දිගටම ලියන්න
    ජයවේවා

    ==Adrian Channa from Toronto = = =

    ReplyDelete
    Replies
    1. Adrian
      ඩොලර් බිලියන 1.3 ඇමෙරිකාවේ ජනහගහනය වන මිලියන 300 න් බෙදුවම එක්කෙනුකට ඩොලර් 4.3. ලක්ශ 3 කෙසේ වෙතත් කෝපි කෝප්පයක් ගත හැකි.

      Delete
    2. ඉස්තූතියි ඒඩ්‍රියන්!

      කෝපි කෝප්පයක් ගන්න හරි ලැබෙනවානම් මදැයි නේද?

      Delete
    3. ඔන්න ඒඩ්‍රියන් මම නිතර නොලියන එකට නෝක්කඩු කියන නිසා මම අද පෝස්ට් දෙකක්ම දැම්මා.

      Delete
  10. බස්සියෝ

    300000?????

    තව ඕනේ. ......more readers...

    අද. .USAවල ප්‍රසිද්දම ලොටරි එකේ ජය මල්ල ඩොලර් බිලියන 1.3.
    (May be "Ambalangoda Katha kaaraya" want to try his luck this week with lottery. ..Ha ha ha)
    රටේ ජනගහනය එම මුදලින් බෙදුවොත් එක මිනිහෙකුට ඩොලර් ලක්ශ 3ක් දෙන්න පුලුවන්.

    මම හිතුවා බස්සිටත් එහෙම ලක්ශ 3ක් ලබාගන්න චාන්ස් එකක් ආවද දන්නෙ නෑ කියලා
    (Small joke...)
    Ha ha ha

    බස්සියෝ අපි කියවන්නම්
    දිගටම ලියන්න
    ජයවේවා

    ==Adrian Channa from Toronto = = =

    ReplyDelete
  11. සුබ පැතුම් බස්සී...

    ඒ වගේම පොත පලකිරීම ගැන නොදැන සිටීම නිසා එන්න බැරි උනා. ඒ ගැන සමාව ඉල්ලනවා...

    ReplyDelete
    Replies
    1. අනේ උඹයි මායි කියෝන පොත්. හැක්.....

      Delete
    2. බොහොම ස්තූතියි කැමා! කාලෙකින් දැක්කේ.
      ඒකට කමක් නෑ. පොත කියවන්න ලැබුන වෙලාවක ගුණදොස් කියන්නකෝ.

      Delete
  12. ලක්ෂ තුනට සුබපැතුම් ....
    අර වීඩියෝව අයින් කොර ගන්න තරමට සමාජ වෙබ් අඩවි වලින් බලපෑමක් කරන්න පුළුවන් වුණ එකත් හොඳ ප්‍රවණතාවක් තමයි. සෙල්ලං නෑ.ජනමතය ප්‍රබලයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!

      අන්න ඒක තමයි වැදගත්....! පාලකයගෙ මොඩලයේ සැලකිය යුතු වෙනසක් වුනේ නෑ. ඒත් ජනතාව වෙනස් වෙමින් පවතිනවා.

      Delete
  13. ජයවේවා බස්සි අක්ක. :D

    ReplyDelete
  14. ලක්ෂ තුනට උණුසුම් සුබ පැතුම් යශෝ...!!!

    //පුලතිසි රජ දවස සුදු වෑන්, ත්‍රී වීලර්, ටැලිපෝන් කම්බි සහ තැනින් තැන කඩතොළු වුන තාරපාරවල් වගේ විලම්භීත කීපෙකුත් විෂුවල් එක අස්සෙන් දැක්කා.//
    ඒ අපේ මෛත්‍රීතුමාගේ ආශ්චර්යට පහල වුන එව්වානේ හිටං.

    ReplyDelete
    Replies
    1. තැන්කූ මනෝ!

      අනිවා අනිවා... ආස්චර්ය නොවෙන්නම්!!

      Delete
  15. ╔═╗───────────╔╗───────╔╗╔╗
    ║╔╬═╦═╦╦═╦╦╦═╗║╚╦╦╦╗╔═╗║╚╬╬═╦═╦╗
    ║╚╣╬║║║║╬║╔╣╬╚╣╔╣║║╚╣╬╚╣╔╣║╬║║║║
    ╚═╩═╩╩═╬╗╠╝╚══╩═╩═╩═╩══╩═╩╩═╩╩═╝ බස්සී ...
    ───────╚═╝

    But, ඔය මදි, තව ගොඩාක් දුර යන්න තියෙනවා.
    ඔබගේ හැම ලිපියකටම කමෙන්ට් නොකරට, තව තවත් ලස්සන , වටිනා නිර්මාණ රාශියක් බිහිකරන්නෙ හැකිවේවා කියලා, හදවතින්ම සුභ පතනවා ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳරු!

      (අර congratulations අකුරු ටික පට්ට ලස්සනයි.)

      Delete
  16. ලක්ෂ 3ක්..
    සුභ පැතුම් අක්කේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි!

      Delete
  17. කොංග්‍රජුලේසොං බස්සි! හැටදෙකෙයි පනස් අටෙයි තිබුණෙත් ලක්ෂ තුනහමාරේ වෙනසනේ. ජනමතය ප්‍රබලයි.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට පනස් අට හැටදෙකට වඩා වැඩියිලුනේ ඉකෝන්!

      තැන්කිව් ඈ!!

      Delete
  18. සුභ පැතුම් මගෙනුත්. පෝස්ට් ගාන වැඩිකරන්න එපා. කරමලේ පාට වැදගත්. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉයන්!
      මට නම් අපේ පැරාගෙ, මාතලන්ගෙ කරමල්වල පාටත්, බීට්ල්ගෙ, ලිශාන්ගෙ, සඳරුගෙ කරමල්වල පාටත් එකයි. පොස්ට් ගාන නෙමෙයි වැදගත්. :)

      Delete
  19. මෙච්චර කෙටි කලකින් තුන් ලක්ෂේට කොඩි දාන්න ලැබිච්ච එකට අඟහරු ලෝකයේ සුභ පැතුම් ඈ! අසනීපෙත් හොඳ කරගෙන ලියමු දිගටම.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අඟහරු මල්ලි!!

      Delete
  20. මුලින්ම සුබපැතුම් අක්කේ..
    ඊළගට බෙහෙත් ටික අමාරුවෙන් හරි බිලා ඉක්මනින් සනීප වෙලා තව ලියන්න..බොට තව දුර ගමනක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ප්‍රොෆා මල්ලි!
      දවසට පෙති විසි අටක්! සෙල්ලන්ද කොල්ලො කිව්වලු.

      Delete
  21. ලස්ස තුන කෝටි තුන වී මිලියනය වී මට ගැනගන්න බැරි තරම් බස්සි අක්කාගේ නවාතැනට මංගච්චාවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව් අමා!!

      Delete
  22. ලස්සතුනේ කඩ ඉමට සුභ පැතුම්.මේ ඉලක්කම් ඉක්මනටම තව තවත් ලොකු වෙන අතරේ රස බර පෝස්ට්,පොත් පත් බිහිවේවා..!!
    නිදුක් නිරෝගී වේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් පැපෝ!
      සෑහෙන්න බර සුභපැතුමක්

      Delete
  23. මදි මදි, මේ වෙද්දී උඹට මීට වඩා තියෙන්න ඕන.
    කෝම උනත් සුබ වේවා.

    ReplyDelete
    Replies
    1. අවුරුදු දෙකහමාරට මේ මදෑ බං. තැන්කූ ඈ!!

      Delete
  24. සුබ පැතුම් බට කොස්සි , උඹට තව ලස්ස තිහ හතලිහක් වෙන්න හිතස වැටෙවා

    මේ ඉන්නේ බස්සි
    එයා බ්ලොග් එකක් ලියනවා
    එයා පොතකුත් ලිව්වා
    එයා FB එකෙත් කවි ලියනවා
    එයා කවි ලියනවට සමහරු ආසයි
    සමහරු ඉරිසියයි
    දැන් එයා ලස්ස තුන පන්නලා
    හැබැයි එයා කොටයි
    ඔයාලත් බස්සි වගේ වෙන්න
    හැබැයි එයා වගේ කොට වෙන්න එපා


    මට මේ දවස් වල ආරූඪ වෙනවා බං එක එකාව හැක

    ReplyDelete
    Replies
    1. දුප් ලව්පූසා... උඹ කොමෙන්ටක් දැම්මා කිව්වම මම හිතුවා මෙහෙම කින්ඩියක් වෙන්ටැ කියල ටක්කෙටම. :3

      Delete
    2. ආ බොට ආරූඪ වෙනවද? මම අහන්නෑ ඉතින් ප්‍රසිද්ධියේ කාවද කියලා. හෙහේ...! පත්තරයට කියන්ඩෝනෑ මං වෙනුවෙන් ඒක අහන්න කියලා. :P

      Delete
  25. සුභ පැතුං නංගෝ

    ReplyDelete