සිංහයා කියන්නේ ශක්තියේ සහ ප්‍රෞඩත්වයේ සංකේතයක් ය. සිරිලාංකීය ජාතික කොඩියේ ඉන්න සිංහයා එක කකුලකින් කඩුවක් උස්සාගෙන නිසා හිටගෙන ඉන්නේ කකුල් තුනකින්ය. ඔය කියන සිංහයා ඉන්නේ සිංහල ජාතිය වෙනුවෙන් වූ රතුපාට කොටුව ඇතුලේය. අපි ජාතික කොඩිය පවා කොටු ගසා වෙන් කරගත් පට්ට අභිමානවත් රටක් නිසා 'එක මවකගෙ දරු කැල බැවිනා' කියන්නෙත් අර කොටුවේ පරිමිතිය දිහා බලාගෙන ය. කොටු එහා මෙහා වීම පට්ට කිරිමෙල් කේස් එකක් ය. අන්න එතකොට ජාතික ගීයක් තියෙනවාද කියලත් අමතක වෙලා යනවාය.
ඔය සිංහයා ගැන ජෛවීය විද්‍යාත්මකව බලන්න ගියොත් අබ සරණ පතන්න වෙනවා ය. මොකද සිංහයා කියන්නේ පට්ට කම්මැලි සතෙක් ය. ඌ දවසට පැය විස්සක්ම කරන්නේ කොස්ගෙඩියක් වගේ දපා නිදියන එකය. පැය දෙකක් පමණ කෑම හොයා ඇවිදලා, තව පැයක් පමණ කනවා ය. ආයෙත් පැය විස්සක් නිදියනවාය.
සිංහයාගේ ආහාර අවශ්‍යතාවෙන් 50%ක්ම සපිරෙන්නේ මලකුණු, ඒ කියන්නේ කලින් මක්කා හෝ අබග්ගයක් වී මැරී වැටී උන්නු සතුන්ගෙන් ය. Scavenging කියන්නේ මේකටය. හැබැයි ඒ මලකුණු සුපර් මාර්කට්වල ෆ්‍රීසර්වල මාස ගණන් බහා තියා සුපර් මිලගණන්වලට අලෙවි කරන එව්වා නෙමේ ය.
සිංහ පවුලට කෑම සෙවීමේ වැඩි බරක් අදින්නේ සිංහ ධේනුවෝ හෙවත් 'සිංහ-ගෑණු'ය. උන් ප්‍රමාණයෙන් කුඩාය. වේගවත් හා නම්‍යශීලී ය. එබැවින්ම දක්ෂ දඩයම්කරුවෝය. ඉතින් උන් පවුලට කෑම හොයන්න මැද පෙරදිග ගිහින් පෙට්ටි වලින් ගෙදර එනවාය. සොරි සොරි! උන් කැලේ පීරා දඩයමේ යනවාය. සිංහයා බජාර් එකේ ලොකු අයියා වගේ ගර්ජනා කරගෙන ඒරියා එක රන් කරගෙන පාඩුවේ ඉන්නවාය.
සිංහයාගේ අන්තේවාසිකකම් කරන්නේ නරියාය. නරියා ටික කාලයක් යනකොට ඌටත් සිංහ ලේ කලවං වෙලා තියනවායැයි හිතනවාය. ඒ හිතිවිල්ලෙන් ඔටෝචූන් හෙවත් ස්වයංවින්දනයක් ගන්න හිතාගෙන 'අඩෝ මමත් සිංහ ලේ' කිය කියා කැලෑවේ හක්කලං කරනවාය.
එතකොට දමිත් කේතකලා වගේ බුවාලා 'අනේ තොපිලෑ සිංහ ලේ' වගේ කවි පන්ති ලියලා නරියාගේ ආතල් එක අම්බ්‍රෙල්ලා පවුඩර් කර දානවාය. ඉතිං නරියාට පුෂ්පය විකසිත වෙනවාය. වෙන කරන්නම දෙයක් නැති තැන තාප්ප, ගේට්ටු, ලයිට් කණු ගානේ ඇවිද ඇවිද කකුලක් උස්සා 'සිංහ ලේ' කියලා චූ කරනවාය. ගඳට පලාතේ වසන්නට බැරිය.
දැන් ඉතින් සිංහයා කලයුත්තේ මේ නරියාගේ බොටුව හපා කහලගොඩට විසි කර දැමීමය. නිකං අහක යන අලි, කොටි, වලස්සු කුප්පවාගෙන වලියට බහින එක අමුම අමු ගොං කමක් වෙන්නේ නරියෙක්ගේ ස්වයංවින්දනයක් නිසා සිංහයා චාටර් කෑම එලොවටත් නැති මෙලොවටත් නැති වැඩක් නිසාය. මේ නරියාගේ ඇජෙන්ඩාවලට අහුවී සිංහයා ලොම් ඉරාගත් පළවෙනි වතාව නොවේය. රෑ වැටුන වලේ දවල් වැටෙන්න තරමට සිංහයා කුජීත වුනොත්, ඌට ආපහු ප්‍රෞඩත්වය ගැන රෙද්දක් ඇඳන් කතා කරන්නත් බැරිවෙනවාය.
ආයෙ මොනවද ? කෙලින් කතාව !!
ReplyDeleteඑච්චර කෙලින් කියලත් නොතේරෙන උන් ඉන්න එක නෙවැ දුක!
Deletehttps://m.facebook.com/home.php?ref=m_notif¬if_t=feed_comment_reply#!/story.php?story_fbid=1039016986149919&id=1027374407314177
Deleteනැති පෞඩත්වයක් ගැන මක්කා කතා කරන්නද? බස්සි කෙල්ලට කොහෙන් මේ සිතුවිලි වචන ගලනවද? නියමයි. ඒත් ඉතින් මේ වෙන දේවල්වලට හිනාවෙන්නද, අඬන්නද මන්ද?
ReplyDelete‘‘සිංහ ලේ‘‘ අයට වල්ගය දෙපරන්ද අස්සේ ගහන් යන්නට තරම් වන ලියවිල්ලක්. ඒත් ඉතින් මොලයක් කියල දෙයක් ඩිංගක් හරි තියෙන්නත් එපැයි මෙහෙව් එකක් තේරෙන්න...
මේ දාන ගොං පාට් දිහා මතුපිටින් බලනකොට හිනා ගියාට, ඒ ඔස්සේ අනාගතය දකිනකොට ඇඬෙනවා තමයි තරූ අක්කේ. තාප්ප ගානෙ චූ කරන උන් වෙනුවෙන් හුරේ තියන කල්ලියකුත් ඉන්න එකයි භයානකම වැඩේ. ඒකෙන් වෙන්නේ තව තවත් නරි ෆෝම් වෙන එක විතරයි.
Deleteඅැඩෙනවා................
ReplyDeleteඇඬෙනවා තමා කුරුට්ටෝ :3
Deleteසිංහ ලේ සැලියේ..
ReplyDeleteපීන පීනා අපිත් සැනහෙමු
ලේ නටන
අල්ල පනල්ලේ..
දේශානුරාගේ
බේරෙයි රෙද්ද පල්ලේ..
මොනවා කියන්නද මේ ගැන
මීටත් වඩා කෙල්ලේ..
//දේශානුරාගේ
Deleteබේරෙයි රෙද්ද පල්ලේ..//
අන්න ඒකයි සීන් එක!
මං ආයිත් මුකුත් කියන්නෑ බං “සිංහ ලේ“ අහිංසකයන්ට.. සත්තමයි..
ReplyDeleteහැක්! :P
Deleteniyameta galapala thiyenawa , patta bassi (Y)
ReplyDeletethankuu gaba!
Deleteඅනන් මනන් නෑ බස්සිගෙ දැකපු හොදම කතාව
ReplyDeleteThankuuu Unknown!
Deleteඔය ඔක්කොම 'ලේ' බෝත 'ලේ' ට පරාදයි. හැක්...
ReplyDeleteමොනව උනත් කියන්න ඕන ටික නියමෙට කියල තියෙනව.
"ඔය ඔක්කොම 'ලේ' බෝත 'ලේ' ට පරාදයි"
Deleteඅන්න සිංහ කමෙන්ටුව ප්‍රසන්න අයියෙ!
This comment has been removed by a blog administrator.
ReplyDeleteඔය සිංහයොයි නරියි ඉක්මනට කූඩූ කළේ නැත්නම් සංවර්ධනේ කෙසේ වෙතත් ආයෙත් ඇට දෙක මසාජ් කර ගන්න කාළයක් නම් එයි (චෙක් පොයින්ට්)
ReplyDeleteසිරා කතාව මාතලන් බොස්! ආයෙ එහෙම අඩව්වක් අල්ලන්න වගේ කට්ටිය ලෑස්ති වෙන්නෙ.
Deleteසිංහලේ කිව්වෙ ඉස්සර බිබිල පැත්තට දැං නං වෙන මොකද්ද ලබ්බකට
ReplyDeleteමං මේ කම්පනා කලේ ඔය ජාතියෙ ලේ තියෙන එකෙක් හදිසියෙන් ඇස්සිඩං වුනොත් ලේ දෙන්නෙ කෝමද කියල
මොකද බ්ලඩ් බෑංක් වල ඔය ජාතියේව නෑනෙ
හ්ම්..
ඇයි යකෝ සත්තු වත්තේ.....
Deleteඑහෙම උනොත් නම් අර කිව්වත් වගේ සත්තු වත්තෙන් තමා දෙන්න වෙන්නෙ මහියො. :D
Deleteඋඹේ මොලේ
ReplyDeleteනියම මොලේ
සිංහ බලේ
දැම්ම ඇලේ
පට්ටයි කෙල්ල...... උඹේ කොහෙ හරි උලපතක් ඇති බන් . . . . නැත්තන් මෙහෙම අදහස් උනනවද? . . . . .
හිහී! තැන්කිව් අක්කා!!
Deleteගිය චන්දෙදි කුජීතවුන නයා දැන් සිංහ ලේ තවරාගත් නරියෙක් වෙලා.
ReplyDeleteඒකා සැරින් සැරේ වෙස් මාරුකරන අමුතු සතෙක්.
Deleteපට්ට සොමිය කියන්නේ අපේ පැත්තේ ඉන්න එකෙක් සුද්දියෙක් අන්දලා ගත්තු වාහනේ සිංහ ලේ අලවාගෙන යනවා.
ReplyDeleteඕකට ගහන්න තිබ්බේ සිංහ -රි ස්ටිකර් එක.
හම්මේ ප්‍රෞඩත්වය!
Deleteනියම කතාව..
ReplyDelete:D
Deleteබස්සි (Yash),
ReplyDeleteමේ සිද්ධ වෙන්නේ ලොකු සෙල්ලමක පොඩි කොටස්, මට කියන්න තියෙන්නේ George Carlin නමැති විකට ශිල්පිය කියපු දෙයයි
https://www.youtube.com/watch?v=QqW-Fv1eLCU
ඔව් ඇත්ත. නරියාගෙ ඇජෙන්ඩා එක ගැන මම කිව්වෙත් ඒකයි.
Deleteඇඪෙනවා....
ReplyDeleteසිංහ ලේ..
ජ ය වේ වා !!!
ඇඬෙනවා තමා බං මෙව්වට.
Deleteඋඹලගේ ඔය වයසෙදි අපිත් ඔය විදිහටම රැඩිකල් විදිහටම හිතුවා නගෝ....! කාලයයි ජීවිතේ අත්දැකීමුයි එකතු වෙනකොට අපි එල්බගෙන ඉන්න සමහර පොලිසි ලයින් වලින් පීල්ල පන්න ගන්න වෙනවා.....! රියලිටි එක තේරන්න ගත්තාම.....පැවැත්ම වෙනුවෙන් ! මම වෙන මුකුත් කියන්න යන්නේ නෑ.... අපි කාලෙට භාරදීල ඉමු....!
ReplyDeleteඇත්ත වෙන්නත් පුලුවන්. ස්තුතියි දුමී!
Deleteමේවා ගැන කතා කරලා වැඩක් නෑ. හැබැයි අක්කේ මෙහෙමයි. ඔය සහජීවනය කියන එක උන්ගේත් නෑ. සිංහ ලේ කියන එක විසන්ධි කරපු විදිය වැරදි උනත්, සිංහල ජාතිය ගැන කතා කරන්න ඕනේ. ෆේස්බුක් ඒකෙ කෑ ගහන එකවත් තාප්ප වල ලියන එකවත් නෙවේ මම කියන්නේ.
ReplyDeleteසිංහයා ජෛව විද්‍යාත්මකව බැලුවොත් කම්මැලි සතෙක් වෙන්න පුළුවන්. ඒත් උගේ තව ගතිගුණ තියනවා. ජාතිවාදයට මමත් විරුද්ධයි. ඒත් තමන්ගේ ජාතිය ගැන කතා කිරීම ජාතිවාදය නෙවේ ජාත්‍යාලය. මෙන්න මේක තේරුම් අරගන්න ඕනේ හැමෝම.
ඒක හරි මල්ලි. මම කියන්නෙ ජාත්‍යාලය කියන්නෙ බලෙන් අනුන්ගෙ තාප්පෙ ගහන එකක් නෙමෙයි. ජාතියට ආදරේනම් අපිට හදාගන්න දේවල් ගොඩක් තියෙනවා.
Deleteඔන්න බස්සියේ ඉස්සර අපේ රෙජිමේන්තුවේ, (හුහ්, තෝ අපේ සිංහ රෙජිමේන්තුවට මක්කා හරි කිව්වොත්, ඇදගෙන ගිහින් දානවා සිංහයාගේ කූඩුවට හරිය. කොහෙද ඒකා උඹව කන එකක් නෑ. ඌ කන්නේ මළකුණු විතරයිනේ. :D) හිටිය සිංහයා ඇන්න ගියා, නිදහස් උත්සවේ පෙළපාලියට. කඹයක් විතර මහත ලස්සන රිදීපාට දම්වැලක් දාලා තිබුනා.
ReplyDeleteඔන්න ගිනි මද්දහනේ, 'ගොල්පීස්' එකේ, පෙළපාලි පුහුණුව පටන්ගත්තා කියමුකෝ. පාබල හමුදාවේ කණ්ඩුල ඇතා, ගැමුණු හේවා බලකායේ එළු රාජයා, පෙළපාලියේ යනවා. අපේ රෙජිමේතු සුරතලා කෘගර්, රත්වෙච්චි තාර පොළොවේ අඩි දෙක තුනක් විතරයි ගියේ, කකුල පිච්චිලා නැවතුනා. ඌව බලාගන්න කෝප්‍රල් 'කෘගර් මාච්' කිව්වට, මොන මාච් ද, මාච් තියා ඒප්‍රිල් කිව්වත් වැඩක් නැහැ. අර කෝප්‍රල් දමලා ඇද්දා දම්වැලෙන්, එතකොටම කෘගර් පස්ස හැරිලා බලලා, ග්ර්....ර්...ර් කිව්වා දත් විලිස්සලා. ඌට පිටිපස්සෙන් ළඟම හිටියේ, පෙළපාලිය අණදෙන බ්‍රිගේඩියර් උන්නාන්සේ. (අද ජීවතුන් අතර නැහැ) එතුමාට තේරුනා, වැඩේ වල් වෙන්නයි යන්නේ කියලා. වහාම අණදුන්නා 'පෙළපාලිය කල් බලන්' කියලා. ඔන්න ඉතින් එදා පුහුණුව එච්චරයි.
කවුරුහරි උපදෙසක් දුන්නා කෘගර් ට සපත්තු දාමු කියලා. කොළඹ තියන සපත්තු නිපදවන සුප්‍රසිද්ධ සමාගමකින්, හැදුවා සපත්තු හතරක්. දැම්මා කෘගර් ට. මේකා සම්පූර්ණ ආබාධිතයෙක් වෙලා. නැගිටින්නේවත් නැහැ. ඌ සපත්තු හතරම හපලා ගැලෙව්වා. අපි ඒ මෝඩ සිංහයාව නැතුව ලස්සනට පෙළපාලියේ ගියා. ඌ නේද මෝඩ? අපි නෙවෙයිනේ?
හහා! මරු කතාව විචාතුමා.
Deleteහැබැයි කෲගර් පව්. මට කතාව කියවද්දි මැවිල පෙනුනෙ ලොකු පූසෙක් වගේ ලස්සන හීලෑ සිංහයෙක්ව.
නියම කටහ්ව විචාරක තුමා
Deleteසී.ටී. ප්‍රනාන්දු මෙහෙම කියලා තියෙනවා "කුසගිනි හැදුනට ඉඳුල් නොකව් තණකොළ නුබුදිති සිංහ පැටව්". ඒකට දැන් ඉන්න සිංහ පැටව්! :-)
ReplyDeleteඅනේද කියන්නේ! :D
Deleteටැටූ ගහන එවුන් ඔටී දාගෙන අදින වෙලාවේ බස්සි මෙව්වා ලියල උන්ගේ බඩට ගහන්නයි හදන්නේ.. නරියෙක්ගේ පිහියෙන් හරි ටැටූ එකක් ගහල බඩ වියත රැකගන්න එවුන් ටික මේ ගොන් වහු පැටවූ ටිකගේ අතේ පයේ පපුවෙ සිංහලේ ගහල ඉවරයක් වෙනකම්වත් හිටුකෝ මෙව්වා ලියන්න.. මේ වගේ චෑන්ස් උන්ට හැමදාම ලැබෙන්නේ නෑ නෙව ..
ReplyDeleteහැබෑට ඒකෙන් බිසිනොස් එක ගොඩදාගන්න අහිංසකයො සෙටාර් එකකුත් ඉන්නව නෙ. :D
Deleteකතාව නම් ඇත්ත. සිංහ ගෙම්බර් දාන්න යන නරියෝ එක්ක වැඩි කල් දුවන්න වෙන එකක් නම් නෑ වගේ.
ReplyDeleteනරි ටික බැඳලා දාන්න වෙනවා ඉක්මනටම
Deleteකෝ ඉතුරු මුට්ටි දෙක .. ඔහොම එකතු කරන්න හදන්නේ මුට්ටි හොරකන් කරන්න. හුහ් , අපි අහුවෙයි ඕවට
ReplyDelete:D :D
Deleteබස්සි කෙල්ලෙ, හැම දේ ම අපි දකින තරම් සරල ම නැති වෙන්න ඉඩ තිබේ.. නරියා වගේ, නරි ගඳ ගහන්න තාප්ප ගානේ, ගේට්ටු ගානේ චූ කරන්නෙත් සිංහයා ම වෙන්න බැරි නැත. ඒ නරියා මාට්ටුවී කැලේ අනිත් උන් ඌට කෙලිනා විට සිංහයාට පැත්තකට වී බුදියා ගෙන ඉන්න පුලුවන් නිසාය. ඕනෑම නම් තනි ඇහෙන් ඇලට් එකේ ඉන්න පුලුවන් නිසා ය.
ReplyDeleteසිංහයාගේ ජාතකේ ද ගැටලුවක් තිබේ. ඌ ලංකාවේ ජාතික සත්ත්වයා වුනේ හාමුදුරු කෙනෙක්ගේ ප්‍රොජෙක්ට් එකක් නිසාය. එන්.ජී.ඕ එකක විදේශ ආධාරවලින් යැපුනු උන්නාන්සේ මේ රටේ ඉතිහාසයට කෙලවා, සිංහල බෞද්ධ ත්‍රස්තවාදය වපුරුවා අපි සිංහයෙක් එක්ක සංසර්ගයේ යෙදුනු, ව්‍යභිචාරයේ යෙදුනු කුප්පැහි ජාතියක් කියා කෝචෝක් එක්කදමා පැන ගිය සේක.
එහෙව් අතේ රෝල් 'ප්‍රෞඩ ' ඉතිහාසයක් ගැන ගණ්නාන්සෙලා සෙට් එකක් එක්ක ආතල් එකක් ගනිමුද?
මටනම් හිතෙන්නේ මේක නරියෙක්ගේ ඇජෙන්ඩා එකක් කියලාමය. කොයි හැටි වෙතත් ඇත්ත නැත්ත ළඟදීම බලාගන්න පුලුවන් වෙනවා ඇත. :)
Deleteමෙන්න මෙහෙම එකක් දැක්ක කොහේ හරි...මතක විදියටයි ලියුවේ,
ReplyDeleteචීන ඩෙනිම ඇඳලා
තායි T එක ගහලා
ඉතාලි සපත්තු දාලා
ප්‍රංශ සෙන්ට් නාලා
නානාගෙ කඩෙන් කාලා
ඉන්දියන් ආටා එකේ නැගලා
බුවෙක් යයි මත්තල
ගෑණිව ඩුබායි යවන්න!
එත් අඩෝ...ඇඟේ දුවන්නේ "සිංහ ලේ" අරී !!!
මගේ අදහස නම්;
මේ ඇන්දිල්ල වෙනස් වීමට චින්තනය වෙනස් විය යුතුයි.
චින්තනය වෙනස් වීමට ආකල්ප වෙනස් විය යුතුයි.
ආකල්ප වෙනස් වීමට අධ්‍යාපනය වෙනස් විය යුතුයි.
//ඇන්දිල්ල වෙනස් වීමට චින්තනය වෙනස් විය යුතුයි.
Deleteචින්තනය වෙනස් වීමට ආකල්ප වෙනස් විය යුතුයි.
ආකල්ප වෙනස් වීමට අධ්‍යාපනය වෙනස් විය යුතුයි.//
Respect!
මේ ලිපිය කොපි කරලා, ලින්ක් එකත් දාලා ඉස්සර බොදු බලෙන් මත් වෙලා උන් දැන් ඇඟ පුරා සිංහ ලේ දුවන මිතුරන් හා ඥාතීන් කිහිප දෙනෙක්ට ඊයක් යැවුවා. ලැබුන ප්‍රතිචාර අනුව බස්සිට සහ බ්ලොග් ලෝකෙට අඩුම තරමින් අලුත් පාඨකයන් පස්දෙනෙක්වත් ලැබෙන්න ඇතැයි දැඩි විශ්වාසයක් තියෙනවා :-)
DeleteWilpaththu winashaya ganath katikawathak goda naganna.
ReplyDeleteSure! I will.
Deleteතමන්ගේ හැරමිටිය වනන්න පුලුවන් උපරිම දුර අනිකාගේ නහය ගාවින් අහවර වෙනවා කියලා මම කොහේ හරි පොතක කියවලා තිබ්බා වගේ මට මතකයි....
ReplyDeleteතම තමන්ගේ සිංහ ලේ තම තමන් ගාවම තිව්නා නම් අහවරයි එක එකාගේ තාප්ප බිත්ති ගේට්ටු වල ගහන්න උවමනා නැහැ නේ....
අන්න ඒකම තමයි මල්ලි මාත් කියන්නෙ. :)
Delete//සිංහයා කියන්නේ පට්ට කම්මැලි සතෙක් ය. ඌ දවසට පැය විස්සක්ම කරන්නේ කොස්ගෙඩියක් වගේ දපා නිදියන එකය. පැය දෙකක් පමණ කෑම හොයා ඇවිදලා, තව පැයක් පමණ කනවා ය. ආයෙත් පැය විස්සක් නිදියනවාය.//
ReplyDelete//සිංහ පවුලට කෑම සෙවීමේ වැඩි බරක් අදින්නේ සිංහ ධේනුවෝ හෙවත් 'සිංහ-ගෑණු'ය. උන් ප්‍රමාණයෙන් කුඩාය. වේගවත් හා නම්‍යශීලී ය. එබැවින්ම දක්ෂ දඩයම්කරුවෝය. //
ඉතින් හරිනේ බං.සිංහ ලේ නෙමෙයිනම් මොනවද මේවා?
ඒකනෙ. සන්තෝසයි ඈ. උඹට සීන් එක තේරුනා නේ?
Deleteමුල හරිය කියවනකොට හිතුවේ තවත් එක් සුදුහුණු බාල්දියක් කියල, එළ ආ !!!
ReplyDeleteනරි එලවමු!
Deleteniyama adahas tika bassiyo.
ReplyDeletehabai ethin naringe unanam hondha wenne naha, mokada ooka nokaroth pawathmak nathiwa yanawane.
ඔව්. සිංහයන්ට තීරණයක් ගන්න වෙනවා.
Deleteමං ආයිත් මුකුත් කියන්නෑ බං “සිංහ ලේ“ අහිංසකයන්ට.. සත්තමයි..
ReplyDeleteඔය සිංහලේ කියාගෙන ජාතිවාදේ අවුස්සන එක නේද බං කරන්නේ ..මම නම් ඕකට එච්චර මනාපයක් නැහැ
ReplyDeleteබමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ
සැඩොලා වුණත් සුදනෙකු නම් පුටුව දෙනූ
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ
ඔව් චමී. මේ යක්කු ජාතිවාදෙයි ජාත්‍යාලෙයි වෙනස අඳුරන්නෙ නෑ.
Deleteඒ කවියනම් සිරා!
ෂෙයා කලෝ............
ReplyDeleteThankooooo!!
Deleteනියමයි යශෝ,බල්ලෝ වගේ අනුන්ගේ වතු වල ජරා කරලා සිංහලේ කියලා බෝඩ් ගහගෙන ඉන්න එක නම් මාරම විහිළුවක් තමයි.ඔච්චර සිංහල ජාතිය ගැන කැක්කුමක් තියේ නම් තමන්ගේ ගෙදර තාප්පේ ගහ ගනින්කෝ ඔය ඕන බම්බුවක්.නිකම් නැති ප්‍රශ්න රටේ හදන්නේ නැතුව.
ReplyDelete//ඔච්චර සිංහල ජාතිය ගැන කැක්කුමක් තියේ නම් තමන්ගේ ගෙදර තාප්පේ ගහ ගනින්කෝ ඔය ඕන බම්බුවක්.//
Deleteඅන්න ඒකයි මනෝ මාත් කියන්නෙ.
නල්ල මලේ සිංහලේ...
ReplyDeleteSinhale is a village in Gaza, Mozambique. It is 242 miles (389km) north of Maputo.
ReplyDeletehttp://www.maplandia.com/mozambique/gaza/chicualacuala/sinhale/
සිංහලේ කියලා ලංකාවෙත් පලාතක් තියෙනවා.
Deleteබස්සියෝ
ReplyDeleteසෑම අවුරුදු 10කටම වරක් මේ වගේ "වසන්ගනයක්" අපේ රටේ පෑතිරෙනවා.
ඉතින් "වසන්ගනය" හේතුවෙන් රටේ තරුන ජනගහනය මර්දනයකට යටත් කරනවා.
වසන්ගතයට උදාහරන දෙන්න පුලුවන්. ....1956,1971,1989( රටේ දකුනු ප්‍රදේශයෙන්)
1983-2009 (රටේ උතුරු ප්‍රදේශයෙන්)
ජාතිවාදය, වර්ගවාදය, වර්නවාදය,ප්‍රදේශවාදය, ආදී දේවල් නිසා ලන්කාවේ අපි නිතරම එකිනෙකාව මරාගත්තා. මේ මරාගන්නා ක්‍රම....නිතර නිතර එලිදක්වන්න පටු අදහස් සහ දේශපාලනික වාසි බලාපොරොත්තුවන ජඩ දේශපාලකයන්ගෙන් තමයි එලියට එන්නේ.
උන්ගේ "උපක්‍රමවලට"අසුනොවී ඉන්න ලාන්කික ජනතාව අවදානයෙන් ඉන්නත් ඕනේ නේද?
With my experience I'm writing this. We got caught to "Fox" manytimes and we killed each others while Fox was laughing at us. We need to kill the Fox to save the people of the country.
Thanks for the lovely post Bassiyoo.
====Adrian Channa from Toronto===
//We got caught to "Fox" manytimes and we killed each others while Fox was laughing at us. We need to kill the Fox to save the people of the country. //
DeleteExactly!
මේවා දේශපාලකයින්ගේ නොහැකියාවන් වසං කර ගන්න හිතාගෙන මිනිස්සුන්ට එන්නත් කරන වසංගත රෝගකාරක
බස්සියෝ
ReplyDeleteසෑම අවුරුදු 10කටම වරක් මේ වගේ "වසන්ගනයක්" අපේ රටේ පෑතිරෙනවා.
ඉතින් "වසන්ගනය" හේතුවෙන් රටේ තරුන ජනගහනය මර්දනයකට යටත් කරනවා.
වසන්ගතයට උදාහරන දෙන්න පුලුවන්. ....1956,1971,1989( රටේ දකුනු ප්‍රදේශයෙන්)
1983-2009 (රටේ උතුරු ප්‍රදේශයෙන්)
ජාතිවාදය, වර්ගවාදය, වර්නවාදය,ප්‍රදේශවාදය, ආදී දේවල් නිසා ලන්කාවේ අපි නිතරම එකිනෙකාව මරාගත්තා. මේ මරාගන්නා ක්‍රම....නිතර නිතර එලිදක්වන්න පටු අදහස් සහ දේශපාලනික වාසි බලාපොරොත්තුවන ජඩ දේශපාලකයන්ගෙන් තමයි එලියට එන්නේ.
උන්ගේ "උපක්‍රමවලට"අසුනොවී ඉන්න ලාන්කික ජනතාව අවදානයෙන් ඉන්නත් ඕනේ නේද?
With my experience I'm writing this. We got caught to "Fox" manytimes and we killed each others while Fox was laughing at us. We need to kill the Fox to save the people of the country.
Thanks for the lovely post Bassiyoo.
====Adrian Channa from Toronto===
නගාගෙ අදහස එක්ක මම සම්පූර්ණයෙන් එකගයි..එක එක වැලේ වැල් නැති දේශපාලකයො තමන්ට ගොඩ යන්න හදාගන්න කැම්පේන් වල අපේ මී හරක් ඉත්තො වෙලා...නරි චූ කියනවට නරි හුජ්ජ කිව්වා නම් තවත් නැගලා යනවා...ජය වේවා !
ReplyDeleteඅපේ රටේ මිනිස්සු හෙන මෝඩ විදියට මේ දහංගැට වලට ඇන්දෙනවා සිරා අයියෙ. කතා කරල වැඩක් නෑ ඉතින්. :)
Deleteඅම්මපා මේක ලියන්න පිරිමියෙක් හිටියෙම නැද්ද ? ඇයි මාතලන් ! දැන් ලිවිල්ලටත් සිංහ සීන් එක වෙලා. ගෑණු මාතලන් කෙනෙක් බිහි වේගන එනවා කියලා මට හිතෙන්නේ.
ReplyDeleteතේරුනේ නෑ නෙව.
Deleteබස්සිට මාතලන් ලේ කලවම් වෙලා!
Deleteසොරි වැරදුනා, බස්සිට මාතලේ කලවම් වෙලා!
Delete