Wednesday, January 6, 2016

නරි චූ vs සිංහ ලේ





සිංහයා කියන්නේ ශක්තියේ සහ ප්‍රෞඩත්වයේ සංකේතයක් ය. සිරිලාංකීය ජාතික කොඩියේ ඉන්න සිංහයා එක කකුලකින් කඩුවක් උස්සාගෙන නිසා හිටගෙන ඉන්නේ කකුල් තුනකින්ය. ඔය කියන සිංහයා ඉන්නේ සිංහල ජාතිය වෙනුවෙන් වූ රතුපාට කොටුව ඇතුලේය. අපි ජාතික කොඩිය පවා කොටු ගසා වෙන් කරගත් පට්ට අභිමානවත් රටක් නිසා 'එක මවකගෙ දරු කැල බැවිනා' කියන්නෙත් අර කොටුවේ පරිමිතිය දිහා බලාගෙන ය. කොටු එහා මෙහා වීම පට්ට කිරිමෙල් කේස් එකක් ය. අන්න එතකොට ජාතික ගීයක් තියෙනවාද කියලත් අමතක වෙලා යනවාය.


ඔය සිංහයා ගැන ජෛවීය විද්‍යාත්මකව බලන්න ගියොත් අබ සරණ පතන්න වෙනවා ය. මොකද සිංහයා කියන්නේ පට්ට කම්මැලි සතෙක් ය. ඌ දවසට පැය විස්සක්ම කරන්නේ කොස්ගෙඩියක් වගේ දපා නිදියන එකය. පැය දෙකක් පමණ කෑම හොයා ඇවිදලා, තව පැයක් පමණ කනවා ය. ආයෙත් පැය විස්සක් නිදියනවාය.


සිංහයාගේ ආහාර අවශ්‍යතාවෙන් 50%ක්ම සපිරෙන්නේ මලකුණු, ඒ කියන්නේ කලින් මක්කා හෝ අබග්ගයක් වී මැරී වැටී උන්නු සතුන්ගෙන්  ය. Scavenging කියන්නේ මේකටය. හැබැයි ඒ මලකුණු සුපර් මාර්කට්වල ෆ්‍රීසර්වල මාස ගණන් බහා තියා සුපර් මිලගණන්වලට අලෙවි කරන එව්වා නෙමේ ය.


සිංහ පවුලට කෑම සෙවීමේ වැඩි බරක් අදින්නේ සිංහ ධේනුවෝ හෙවත් 'සිංහ-ගෑණු'ය. උන් ප්‍රමාණයෙන් කුඩාය. වේගවත් හා නම්‍යශීලී ය. එබැවින්ම දක්ෂ දඩයම්කරුවෝය. ඉතින් උන් පවුලට කෑම හොයන්න මැද පෙරදිග ගිහින් පෙට්ටි වලින් ගෙදර එනවාය. සොරි සොරි! උන් කැලේ පීරා දඩයමේ යනවාය. සිංහයා බජාර් එකේ ලොකු අයියා වගේ ගර්ජනා කරගෙන ඒරියා එක රන් කරගෙන පාඩුවේ ඉන්නවාය.


සිංහයාගේ අන්තේවාසිකකම් කරන්නේ නරියාය. නරියා ටික කාලයක් යනකොට ඌටත් සිංහ ලේ කලවං වෙලා තියනවායැයි හිතනවාය. ඒ හිතිවිල්ලෙන් ඔටෝචූන් හෙවත් ස්වයංවින්දනයක් ගන්න හිතාගෙන 'අඩෝ මමත් සිංහ ලේ' කිය කියා කැලෑවේ හක්කලං කරනවාය.


එතකොට දමිත් කේතකලා වගේ බුවාලා 'අනේ තොපිලෑ සිංහ ලේ' වගේ කවි පන්ති ලියලා නරියාගේ ආතල් එක අම්බ්‍රෙල්ලා පවුඩර් කර දානවාය. ඉතිං නරියාට පුෂ්පය විකසිත වෙනවාය. වෙන කරන්නම දෙයක් නැති තැන තාප්ප, ගේට්ටු, ලයිට් කණු ගානේ ඇවිද ඇවිද කකුලක් උස්සා 'සිංහ ලේ' කියලා චූ කරනවාය. ගඳට පලාතේ වසන්නට බැරිය.


දැන් ඉතින් සිංහයා කලයුත්තේ මේ නරියාගේ බොටුව හපා කහලගොඩට විසි කර දැමීමය. නිකං අහක යන අලි, කොටි, වලස්සු කුප්පවාගෙන වලියට බහින එක අමුම අමු ගොං කමක් වෙන්නේ නරියෙක්ගේ ස්වයංවින්දනයක් නිසා සිංහයා චාටර් කෑම එලොවටත් නැති මෙලොවටත් නැති වැඩක් නිසාය. මේ නරියාගේ ඇජෙන්ඩාවලට අහුවී සිංහයා ලොම් ඉරාගත් පළවෙනි වතාව නොවේය. රෑ වැටුන වලේ දවල් වැටෙන්න තරමට සිංහයා කුජීත වුනොත්, ඌට ආපහු ප්‍රෞඩත්වය ගැන රෙද්දක් ඇඳන් කතා කරන්නත් බැරිවෙනවාය.



84 comments:

  1. ආයෙ මොනවද ? කෙලින් කතාව !!

    ReplyDelete
    Replies
    1. එච්චර කෙලින් කියලත් නොතේරෙන උන් ඉන්න එක නෙවැ දුක!

      Delete
    2. https://m.facebook.com/home.php?ref=m_notif&notif_t=feed_comment_reply#!/story.php?story_fbid=1039016986149919&id=1027374407314177

      Delete
  2. නැති පෞඩත්වයක් ගැන මක්කා කතා කරන්නද? බස්සි කෙල්ලට කොහෙන් මේ සිතුවිලි වචන ගලනවද? නියමයි. ඒත් ඉතින් මේ වෙන දේවල්වලට හිනාවෙන්නද, අඬන්නද මන්ද?

    ‘‘සිංහ ලේ‘‘ අයට වල්ගය දෙපරන්ද අස්සේ ගහන් යන්නට තරම් වන ලියවිල්ලක්. ඒත් ඉතින් මොලයක් කියල දෙයක් ඩිංගක් හරි තියෙන්නත් එපැයි මෙහෙව් එකක් තේරෙන්න...

    ReplyDelete
    Replies
    1. මේ දාන ගොං පාට් දිහා මතුපිටින් බලනකොට හිනා ගියාට, ඒ ඔස්සේ අනාගතය දකිනකොට ඇඬෙනවා තමයි තරූ අක්කේ. තාප්ප ගානෙ චූ කරන උන් වෙනුවෙන් හුරේ තියන කල්ලියකුත් ඉන්න එකයි භයානකම වැඩේ. ඒකෙන් වෙන්නේ තව තවත් නරි ෆෝම් වෙන එක විතරයි.

      Delete
  3. අැඩෙනවා................

    ReplyDelete
    Replies
    1. ඇඬෙනවා තමා කුරුට්ටෝ :3

      Delete
  4. සිංහ ලේ සැලියේ..
    පීන පීනා අපිත් සැනහෙමු
    ලේ නටන
    අල්ල පනල්ලේ..
    දේශානුරාගේ
    බේරෙයි රෙද්ද පල්ලේ..
    මොනවා කියන්නද මේ ගැන
    මීටත් වඩා කෙල්ලේ..

    ReplyDelete
    Replies
    1. //දේශානුරාගේ
      බේරෙයි රෙද්ද පල්ලේ..//
      අන්න ඒකයි සීන් එක!

      Delete
  5. මං ආයිත් මුකුත් කියන්නෑ බං “සිංහ ලේ“ අහිංසකයන්ට.. සත්තමයි..

    ReplyDelete
  6. niyameta galapala thiyenawa , patta bassi (Y)

    ReplyDelete
  7. අනන් මනන් නෑ බස්සිගෙ දැකපු හොදම කතාව

    ReplyDelete
  8. ඔය ඔක්කොම 'ලේ' බෝත 'ලේ' ට පරාදයි. හැක්...

    මොනව උනත් කියන්න ඕන ටික නියමෙට කියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. "ඔය ඔක්කොම 'ලේ' බෝත 'ලේ' ට පරාදයි"

      අන්න සිංහ කමෙන්ටුව ප්‍රසන්න අයියෙ!

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. ඔය සිංහයොයි නරියි ඉක්මනට කූඩූ කළේ නැත්නම් සංවර්ධනේ කෙසේ වෙතත් ආයෙත් ඇට දෙක මසාජ් කර ගන්න කාළයක් නම් එයි (චෙක් පොයින්ට්)

    ReplyDelete
    Replies
    1. සිරා කතාව මාතලන් බොස්! ආයෙ එහෙම අඩව්වක් අල්ලන්න වගේ කට්ටිය ලෑස්ති වෙන්නෙ.

      Delete
  11. සිංහලේ කිව්වෙ ඉස්සර බිබිල පැත්තට දැං නං වෙන මොකද්ද ලබ්බකට
    මං මේ කම්පනා කලේ ඔය ජාතියෙ ලේ තියෙන එකෙක් හදිසියෙන් ඇස්සිඩං වුනොත් ලේ දෙන්නෙ කෝමද කියල
    මොකද බ්ලඩ් බෑංක් වල ඔය ජාතියේව නෑනෙ
    හ්ම්..

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ සත්තු වත්තේ.....

      Delete
    2. එහෙම උනොත් නම් අර කිව්වත් වගේ සත්තු වත්තෙන් තමා දෙන්න වෙන්නෙ මහියො. :D

      Delete
  12. උඹේ මොලේ
    නියම මොලේ
    සිංහ බලේ
    දැම්ම ඇලේ

    පට්ටයි කෙල්ල...... උඹේ කොහෙ හරි උලපතක් ඇති බන් . . . . නැත්තන් මෙහෙම අදහස් උනනවද? . . . . .

    ReplyDelete
    Replies
    1. හිහී! තැන්කිව් අක්කා!!

      Delete
  13. ගිය චන්දෙදි කුජීතවුන නයා දැන් සිංහ ලේ තවරාගත් නරියෙක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒකා සැරින් සැරේ වෙස් මාරුකරන අමුතු සතෙක්.

      Delete
  14. පට්ට සොමිය කියන්නේ අපේ පැත්තේ ඉන්න එකෙක් සුද්දියෙක් අන්දලා ගත්තු වාහනේ සිංහ ලේ අලවාගෙන යනවා.
    ඕකට ගහන්න තිබ්බේ සිංහ -රි ස්ටිකර් එක.

    ReplyDelete
  15. බස්සි (Yash),

    මේ සිද්ධ වෙන්නේ ලොකු සෙල්ලමක පොඩි කොටස්, මට කියන්න තියෙන්නේ George Carlin නමැති විකට ශිල්පිය කියපු දෙයයි
    https://www.youtube.com/watch?v=QqW-Fv1eLCU

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත. නරියාගෙ ඇජෙන්ඩා එක ගැන මම කිව්වෙත් ඒකයි.

      Delete
  16. ඇඪෙනවා....

    සිංහ ලේ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඇඬෙනවා තමා බං මෙව්වට.

      Delete
  17. උඹලගේ ඔය වයසෙදි අපිත් ඔය විදිහටම රැඩිකල් විදිහටම හිතුවා නගෝ....! කාලයයි ජීවිතේ අත්දැකීමුයි එකතු වෙනකොට අපි එල්බගෙන ඉන්න සමහර පොලිසි ලයින් වලින් පීල්ල පන්න ගන්න වෙනවා.....! රියලිටි එක තේරන්න ගත්තාම.....පැවැත්ම වෙනුවෙන් ! මම වෙන මුකුත් කියන්න යන්නේ නෑ.... අපි කාලෙට භාරදීල ඉමු....!

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙන්නත් පුලුවන්. ස්තුතියි දුමී!

      Delete
  18. මේවා ගැන කතා කරලා වැඩක් නෑ. හැබැයි අක්කේ මෙහෙමයි. ඔය සහජීවනය කියන එක උන්ගේත් නෑ. සිංහ ලේ කියන එක විසන්ධි කරපු විදිය වැරදි උනත්, සිංහල ජාතිය ගැන කතා කරන්න ඕනේ. ෆේස්බුක් ඒකෙ කෑ ගහන එකවත් තාප්ප වල ලියන එකවත් නෙවේ මම කියන්නේ.
    සිංහයා ජෛව විද්‍යාත්මකව බැලුවොත් කම්මැලි සතෙක් වෙන්න පුළුවන්. ඒත් උගේ තව ගතිගුණ තියනවා. ජාතිවාදයට මමත් විරුද්ධයි. ඒත් තමන්ගේ ජාතිය ගැන කතා කිරීම ජාතිවාදය නෙවේ ජාත්‍යාලය. මෙන්න මේක තේරුම් අරගන්න ඕනේ හැමෝම.

    ReplyDelete
    Replies
    1. ඒක හරි මල්ලි. මම කියන්නෙ ජාත්‍යාලය කියන්නෙ බලෙන් අනුන්ගෙ තාප්පෙ ගහන එකක් නෙමෙයි. ජාතියට ආදරේනම් අපිට හදාගන්න දේවල් ගොඩක් තියෙනවා.

      Delete
  19. ඔන්න බස්සියේ ඉස්සර අපේ රෙජිමේන්තුවේ, (හුහ්, තෝ අපේ සිංහ රෙජිමේන්තුවට මක්කා හරි කිව්වොත්, ඇදගෙන ගිහින් දානවා සිංහයාගේ කූඩුවට හරිය. කොහෙද ඒකා උඹව කන එකක් නෑ. ඌ කන්නේ මළකුණු විතරයිනේ. :D) හිටිය සිංහයා ඇන්න ගියා, නිදහස් උත්සවේ පෙළපාලියට. කඹයක් විතර මහත ලස්සන රිදීපාට දම්වැලක් දාලා තිබුනා.

    ඔන්න ගිනි මද්දහනේ, 'ගොල්පීස්' එකේ, පෙළපාලි පුහුණුව පටන්ගත්තා කියමුකෝ. පාබල හමුදාවේ කණ්ඩුල ඇතා, ගැමුණු හේවා බලකායේ එළු රාජයා, පෙළපාලියේ යනවා. අපේ රෙජිමේතු සුරතලා කෘගර්, රත්වෙච්චි තාර පොළොවේ අඩි දෙක තුනක් විතරයි ගියේ, කකුල පිච්චිලා නැවතුනා. ඌව බලාගන්න කෝප්‍රල් 'කෘගර් මාච්' කිව්වට, මොන මාච් ද, මාච් තියා ඒප්‍රිල් කිව්වත් වැඩක් නැහැ. අර කෝප්‍රල් දමලා ඇද්දා දම්වැලෙන්, එතකොටම කෘගර් පස්ස හැරිලා බලලා, ග්ර්....ර්...ර් කිව්වා දත් විලිස්සලා. ඌට පිටිපස්සෙන් ළඟම හිටියේ, පෙළපාලිය අණදෙන බ්‍රිගේඩියර් උන්නාන්සේ. (අද ජීවතුන් අතර නැහැ) එතුමාට තේරුනා, වැඩේ වල් වෙන්නයි යන්නේ කියලා. වහාම අණදුන්නා 'පෙළපාලිය කල් බලන්' කියලා. ඔන්න ඉතින් එදා පුහුණුව එච්චරයි.

    කවුරුහරි උපදෙසක් දුන්නා කෘගර් ට සපත්තු දාමු කියලා. කොළඹ තියන සපත්තු නිපදවන සුප්‍රසිද්ධ සමාගමකින්, හැදුවා සපත්තු හතරක්. දැම්මා කෘගර් ට. මේකා සම්පූර්ණ ආබාධිතයෙක් වෙලා. නැගිටින්නේවත් නැහැ. ඌ සපත්තු හතරම හපලා ගැලෙව්වා. අපි ඒ මෝඩ සිංහයාව නැතුව ලස්සනට පෙළපාලියේ ගියා. ඌ නේද මෝඩ? අපි නෙවෙයිනේ?

    ReplyDelete
    Replies
    1. හහා! මරු කතාව විචාතුමා.

      හැබැයි කෲගර් පව්. මට කතාව කියවද්දි මැවිල පෙනුනෙ ලොකු පූසෙක් වගේ ලස්සන හීලෑ සිංහයෙක්ව.

      Delete
    2. නියම කටහ්ව විචාරක තුමා

      Delete
  20. සී.ටී. ප්‍රනාන්දු මෙහෙම කියලා තියෙනවා "කුසගිනි හැදුනට ඉඳුල් නොකව් තණකොළ නුබුදිති සිංහ පැටව්". ඒකට දැන් ඉන්න සිංහ පැටව්! :-)

    ReplyDelete
  21. ටැටූ ගහන එවුන් ඔටී දාගෙන අදින වෙලාවේ බස්සි මෙව්වා ලියල උන්ගේ බඩට ගහන්නයි හදන්නේ.. නරියෙක්ගේ පිහියෙන් හරි ටැටූ එකක් ගහල බඩ වියත රැකගන්න එවුන් ටික මේ ගොන් වහු පැටවූ ටිකගේ අතේ පයේ පපුවෙ සිංහලේ ගහල ඉවරයක් වෙනකම්වත් හිටුකෝ මෙව්වා ලියන්න.. මේ වගේ චෑන්ස් උන්ට හැමදාම ලැබෙන්නේ නෑ නෙව ..

    ReplyDelete
    Replies
    1. හැබෑට ඒකෙන් බිසිනොස් එක ගොඩදාගන්න අහිංසකයො සෙටාර් එකකුත් ඉන්නව නෙ. :D

      Delete
  22. කතාව නම් ඇත්ත. සිංහ ගෙම්බර් දාන්න යන නරියෝ එක්ක වැඩි කල් දුවන්න වෙන එකක් නම් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. නරි ටික බැඳලා දාන්න වෙනවා ඉක්මනටම

      Delete
  23. කෝ ඉතුරු මුට්ටි දෙක .. ඔහොම එකතු කරන්න හදන්නේ මුට්ටි හොරකන් කරන්න. හුහ් , අපි අහුවෙයි ඕවට

    ReplyDelete
  24. බස්සි කෙල්ලෙ, හැම දේ ම අපි දකින තරම් සරල ම නැති වෙන්න ඉඩ තිබේ.. නරියා වගේ, නරි ගඳ ගහන්න තාප්ප ගානේ, ගේට්ටු ගානේ චූ කරන්නෙත් සිංහයා ම වෙන්න බැරි නැත. ඒ නරියා මාට්ටුවී කැලේ අනිත් උන් ඌට කෙලිනා විට සිංහයාට පැත්තකට වී බුදියා ගෙන ඉන්න පුලුවන් නිසාය. ඕනෑම නම් තනි ඇහෙන් ඇලට් එකේ ඉන්න පුලුවන් නිසා ය.

    සිංහයාගේ ජාතකේ ද ගැටලුවක් තිබේ. ඌ ලංකාවේ ජාතික සත්ත්වයා වුනේ හාමුදුරු කෙනෙක්ගේ ප්‍රොජෙක්ට් එකක් නිසාය. එන්.ජී.ඕ එකක විදේශ ආධාරවලින් යැපුනු උන්නාන්සේ මේ රටේ ඉතිහාසයට කෙලවා, සිංහල බෞද්ධ ත්‍රස්තවාදය වපුරුවා අපි සිංහයෙක් එක්ක සංසර්ගයේ යෙදුනු, ව්‍යභිචාරයේ යෙදුනු කුප්පැහි ජාතියක් කියා කෝචෝක් එක්කදමා පැන ගිය සේක.
    එහෙව් අතේ රෝල් 'ප්‍රෞඩ ' ඉතිහාසයක් ගැන ගණ්නාන්සෙලා සෙට් එකක් එක්ක ආතල් එකක් ගනිමුද?

    ReplyDelete
    Replies
    1. මටනම් හිතෙන්නේ මේක නරියෙක්ගේ ඇජෙන්ඩා එකක් කියලාමය. කොයි හැටි වෙතත් ඇත්ත නැත්ත ළඟදීම බලාගන්න පුලුවන් වෙනවා ඇත. :)

      Delete
  25. මෙන්න මෙහෙම එකක් දැක්ක කොහේ හරි...මතක විදියටයි ලියුවේ,

    චීන ඩෙනිම ඇඳලා
    තායි T එක ගහලා
    ඉතාලි සපත්තු දාලා
    ප්‍රංශ සෙන්ට් නාලා
    නානාගෙ කඩෙන් කාලා
    ඉන්දියන් ආටා එකේ නැගලා
    බුවෙක් යයි මත්තල
    ගෑණිව ඩුබායි යවන්න!
    එත් අඩෝ...ඇඟේ දුවන්නේ "සිංහ ලේ" අරී !!!


    මගේ අදහස නම්;
    මේ ඇන්දිල්ල වෙනස් වීමට චින්තනය වෙනස් විය යුතුයි.
    චින්තනය වෙනස් වීමට ආකල්ප වෙනස් විය යුතුයි.
    ආකල්ප වෙනස් වීමට අධ්‍යාපනය වෙනස් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. //ඇන්දිල්ල වෙනස් වීමට චින්තනය වෙනස් විය යුතුයි.
      චින්තනය වෙනස් වීමට ආකල්ප වෙනස් විය යුතුයි.
      ආකල්ප වෙනස් වීමට අධ්‍යාපනය වෙනස් විය යුතුයි.//

      Respect!

      Delete
    2. මේ ලිපිය කොපි කරලා, ලින්ක් එකත් දාලා ඉස්සර බොදු බලෙන් මත් වෙලා උන් දැන් ඇඟ පුරා සිංහ ලේ දුවන මිතුරන් හා ඥාතීන් කිහිප දෙනෙක්ට ඊයක් යැවුවා. ලැබුන ප්‍රතිචාර අනුව බස්සිට සහ බ්ලොග් ලෝකෙට අඩුම තරමින් අලුත් පාඨකයන් පස්දෙනෙක්වත් ලැබෙන්න ඇතැයි දැඩි විශ්වාසයක් තියෙනවා :-)

      Delete
  26. Wilpaththu winashaya ganath katikawathak goda naganna.

    ReplyDelete
  27. තමන්ගේ හැරමිටිය වනන්න පුලුවන් උපරිම දුර අනිකාගේ නහය ගාවින් අහවර වෙනවා කියලා මම කොහේ හරි පොතක කියවලා තිබ්බා වගේ මට මතකයි....
    තම තමන්ගේ සිංහ ලේ තම තමන් ගාවම තිව්නා නම් අහවරයි එක එකාගේ තාප්ප බිත්ති ගේට්ටු වල ගහන්න උවමනා නැහැ නේ....

    ReplyDelete
    Replies
    1. අන්න ඒකම තමයි මල්ලි මාත් කියන්නෙ. :)

      Delete
  28. //සිංහයා කියන්නේ පට්ට කම්මැලි සතෙක් ය. ඌ දවසට පැය විස්සක්ම කරන්නේ කොස්ගෙඩියක් වගේ දපා නිදියන එකය. පැය දෙකක් පමණ කෑම හොයා ඇවිදලා, තව පැයක් පමණ කනවා ය. ආයෙත් පැය විස්සක් නිදියනවාය.//

    //සිංහ පවුලට කෑම සෙවීමේ වැඩි බරක් අදින්නේ සිංහ ධේනුවෝ හෙවත් 'සිංහ-ගෑණු'ය. උන් ප්‍රමාණයෙන් කුඩාය. වේගවත් හා නම්‍යශීලී ය. එබැවින්ම දක්ෂ දඩයම්කරුවෝය. //

    ඉතින් හරිනේ බං.සිංහ ලේ නෙමෙයිනම් මොනවද මේවා?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. සන්තෝසයි ඈ. උඹට සීන් එක තේරුනා නේ?

      Delete
  29. මුල හරිය කියවනකොට හිතුවේ තවත් එක් සුදුහුණු බාල්දියක් කියල, එළ ආ !!!

    ReplyDelete
  30. niyama adahas tika bassiyo.
    habai ethin naringe unanam hondha wenne naha, mokada ooka nokaroth pawathmak nathiwa yanawane.

    ReplyDelete
    Replies
    1. ඔව්. සිංහයන්ට තීරණයක් ගන්න වෙනවා.

      Delete
  31. මං ආයිත් මුකුත් කියන්නෑ බං “සිංහ ලේ“ අහිංසකයන්ට.. සත්තමයි..

    ReplyDelete
  32. ඔය සිංහලේ කියාගෙන ජාතිවාදේ අවුස්සන එක නේද බං කරන්නේ ..මම නම් ඕකට එච්චර මනාපයක් නැහැ

    බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ
    සැඩොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ
    හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ
    දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ

    ReplyDelete
    Replies
    1. ඔව් චමී. මේ යක්කු ජාතිවාදෙයි ජාත්‍යාලෙයි වෙනස අඳුරන්නෙ නෑ.

      ඒ කවියනම් සිරා!

      Delete
  33. ෂෙයා කලෝ............

    ReplyDelete
  34. නියමයි යශෝ,බල්ලෝ වගේ අනුන්ගේ වතු වල ජරා කරලා සිංහලේ කියලා බෝඩ් ගහගෙන ඉන්න එක නම් මාරම විහිළුවක් තමයි.ඔච්චර සිංහල ජාතිය ගැන කැක්කුමක් තියේ නම් තමන්ගේ ගෙදර තාප්පේ ගහ ගනින්කෝ ඔය ඕන බම්බුවක්.නිකම් නැති ප්‍රශ්න රටේ හදන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. //ඔච්චර සිංහල ජාතිය ගැන කැක්කුමක් තියේ නම් තමන්ගේ ගෙදර තාප්පේ ගහ ගනින්කෝ ඔය ඕන බම්බුවක්.//
      අන්න ඒකයි මනෝ මාත් කියන්නෙ.

      Delete
  35. Sinhale is a village in Gaza, Mozambique. It is 242 miles (389km) north of Maputo.
    http://www.maplandia.com/mozambique/gaza/chicualacuala/sinhale/

    ReplyDelete
    Replies
    1. සිංහලේ කියලා ලංකාවෙත් පලාතක් තියෙනවා.

      Delete
  36. බස්සියෝ

    සෑම අවුරුදු 10කටම වරක් මේ වගේ "වසන්ගනයක්" අපේ රටේ පෑතිරෙනවා.
    ඉතින් "වසන්ගනය" හේතුවෙන් රටේ තරුන ජනගහනය මර්දනයකට යටත් කරනවා.

    වසන්ගතයට උදාහරන දෙන්න පුලුවන්. ....1956,1971,1989( රටේ දකුනු ප්‍රදේශයෙන්)
    1983-2009 (රටේ උතුරු ප්‍රදේශයෙන්)

    ජාතිවාදය, වර්ගවාදය, වර්නවාදය,ප්‍රදේශවාදය, ආදී දේවල් නිසා ලන්කාවේ අපි නිතරම එකිනෙකාව මරාගත්තා. මේ මරාගන්නා ක්‍රම....නිතර නිතර එලිදක්වන්න පටු අදහස් සහ දේශපාලනික වාසි බලාපොරොත්තුවන ජඩ දේශපාලකයන්ගෙන් තමයි එලියට එන්නේ.
    උන්ගේ "උපක්‍රමවලට"අසුනොවී ඉන්න ලාන්කික ජනතාව අවදානයෙන් ඉන්නත් ඕනේ නේද?

    With my experience I'm writing this. We got caught to "Fox" manytimes and we killed each others while Fox was laughing at us. We need to kill the Fox to save the people of the country.

    Thanks for the lovely post Bassiyoo.

    ====Adrian Channa from Toronto===

    ReplyDelete
    Replies
    1. //We got caught to "Fox" manytimes and we killed each others while Fox was laughing at us. We need to kill the Fox to save the people of the country. //

      Exactly!

      මේවා දේශපාලකයින්ගේ නොහැකියාවන් වසං කර ගන්න හිතාගෙන මිනිස්සුන්ට එන්නත් කරන වසංගත රෝගකාරක

      Delete
  37. බස්සියෝ

    සෑම අවුරුදු 10කටම වරක් මේ වගේ "වසන්ගනයක්" අපේ රටේ පෑතිරෙනවා.
    ඉතින් "වසන්ගනය" හේතුවෙන් රටේ තරුන ජනගහනය මර්දනයකට යටත් කරනවා.

    වසන්ගතයට උදාහරන දෙන්න පුලුවන්. ....1956,1971,1989( රටේ දකුනු ප්‍රදේශයෙන්)
    1983-2009 (රටේ උතුරු ප්‍රදේශයෙන්)

    ජාතිවාදය, වර්ගවාදය, වර්නවාදය,ප්‍රදේශවාදය, ආදී දේවල් නිසා ලන්කාවේ අපි නිතරම එකිනෙකාව මරාගත්තා. මේ මරාගන්නා ක්‍රම....නිතර නිතර එලිදක්වන්න පටු අදහස් සහ දේශපාලනික වාසි බලාපොරොත්තුවන ජඩ දේශපාලකයන්ගෙන් තමයි එලියට එන්නේ.
    උන්ගේ "උපක්‍රමවලට"අසුනොවී ඉන්න ලාන්කික ජනතාව අවදානයෙන් ඉන්නත් ඕනේ නේද?

    With my experience I'm writing this. We got caught to "Fox" manytimes and we killed each others while Fox was laughing at us. We need to kill the Fox to save the people of the country.

    Thanks for the lovely post Bassiyoo.

    ====Adrian Channa from Toronto===

    ReplyDelete
  38. නගාගෙ අදහස එක්ක මම සම්පූර්ණයෙන් එකගයි..එක එක වැලේ වැල් නැති දේශපාලකයො තමන්ට ගොඩ යන්න හදාගන්න කැම්පේන් වල අපේ මී හරක් ඉත්තො වෙලා...නරි චූ කියනවට නරි හුජ්ජ කිව්වා නම් තවත් නැගලා යනවා...ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මිනිස්සු හෙන මෝඩ විදියට මේ දහංගැට වලට ඇන්දෙනවා සිරා අයියෙ. කතා කරල වැඩක් නෑ ඉතින්. :)

      Delete
  39. අම්මපා මේක ලියන්න පිරිමියෙක් හිටියෙම නැද්ද ? ඇයි මාතලන් ! දැන් ලිවිල්ලටත් සිංහ සීන් එක වෙලා. ගෑණු මාතලන් කෙනෙක් බිහි වේගන එනවා කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බස්සිට මාතලන් ලේ කලවම් වෙලා!

      Delete
    2. සොරි වැරදුනා, බස්සිට මාතලේ කලවම් වෙලා!

      Delete