Sunday, January 24, 2016

අනුකම්පා විරහිත විහිළුකාරයෙක් (කෙටිකතා)





දකුණතේ මැණික් කටුවට පහළින් සැරින් සැරේ කොනිති ගහන රිදුමක්. ඔහුගේ අත් ඔරලෝසු මූණත මගේ අතේ රවුම් සලකුණක් අඳිමින් ඉහල පහල යනවා. ඔහු පළඳින්නේ සමාගම ලවා මද වෙනස්කම් කිහිපයක් කරවාගත්, මිල අධික, සන්නාමගත අත් ඔරලෝසුවක්. මේ රවුම් අඳින්නේ එහි මුහුණත වටා ඇති සියුම් කැටයම් සහිත රන් රාමුව. රත්රන් වුවත් සමහරක් වෙලාවට වේදනා ඇතිකරවන සුළුයි.


මේ මම ඉහල බලා ඉන්නා වෙලාව. අතරින් පතර පෙණහළු පුම්බා හුස්ම අරන් තෘප්තිමත් ගැහැණු හඬවල්  මුදා හැරීම හැරෙන්නට මේ වෙලාවට මට කරන්නට වෙනත් දෙයක් නැති තරම්. ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකගේ තරමටම නම්‍යශීලී මගේ සිරුර මේ වගේ පිහාටු මෙට්ටයක් උඩ අලසව කිඳාබැහැලා තිබීමම එක්තරා විදියක අපහාසයක්. ඔන්න ඔහු මගේ වම් පියොවුර වැරෙන් විකනවා. මේ ශක්තිය එක්තැන් කරගැනීමේ විරාමයක්. නමුත් ඔහු අකැමතියි විවේකගන්නා බව පෙන්වන්න. ඔහු කැමති අසාමාන්‍ය බලය මුදාහැරීමකට. මේ වෙලාවට ගැලපෙන්නෙ වේදනාත්මක කෙඳිරිල්ලක උච්ච ස්වර. එයින් උද්‍යෝගිමත් වෙන ඔහු ආයෙ ආයෙමත් වැර යොදා විකනවා. මා එයින් පීඩා විඳින බව නොපෙන්වා ඉඳීම පමණක් ප්‍රමාණවත්. 


ඔහුගේ විශාල, එල්ලාවැටෙන උදරය මා මත වැතිර ඉහල පහල ඇතිල්ලෙමින් පවතිනවා. නගරාධිපතිවරයෙක් වෙන්න මූලිකම සුදුසුකම එල්ලා වැටෙන උදරයත්, රැලි සහිත කෙටි බෙල්ලත් වෙන්නට පුළුවනි. මැදිවියේ අවසන්භාගයට එළඹෙමින් සිටින ඔහුගේ හුස්මෙන් නැගෙන්නේ නාකි ගඳක්. ඔහුගේ ආශ්වාස ප්‍රාශ්වාස රිද්මයටම අනුගත වීමෙන් ඒ අපුල දනවන ප්‍රාශ්වාස වාතය නැහැපුඩු ඇතුලට ඇදී ඒමේ සම්භාවිතාවය අඩුකරගන්නයි මගේ වෑයම. කොයි හැටි වෙතත් අනිත් හැම නගරවාසියෙක්ම දන්නා පරිදි නගරාධිපතිවරයාගෙ හුස්මට පවා අනුගතව, යටහත්ව සිටීමෙන් ජීවිතය පවත්වාගැනීම පහසු කරනවා.


දැන් ඔහු කබල් මොටෝරිය ඇංජිමක් වගේ හුස්ම ඉහල අදිමින් දෝලන වේගය වැඩිකරනවා. ක්ෂණික ගැස්සීම් කිහිපයක්. ඉන්පසුව ඔහුගෙ මේද බහුල තල්මස් සිරුර මා මතට කඩාහැලෙනවා. ලිංගික එක්වීමක ජෛවවිද්‍යාත්මක අරමුණු තුට්ටුවකට මායිම් නොකරන නිෂ්ඵල ව්‍යායාමය අවසානයේ ඔහු මගේ වම් කන ගාව හතිහලනවා.


ඔව්. මම 'ලිංගික එක්වීමක ජෛවවිද්‍යාත්මක අරමුණු' ගැන ඉගෙන ගත්තේ ජීවවිද්‍යා පන්තියේදි. ඒ අපේ පාසැලේ උසස්පෙළ විද්‍යා පන්ති පටන්ගත් අළුත. පාසැල් විද්‍යාගාරය විවෘත කිරීමේ උළෙලේදි වඩා තරුණව හා ප්‍රසන්නව, සුදෝසුදු ඇඳුමකින් බැබලෙමින් ඔහු පැමිණ සිටි දවස මට හොඳට මතකයි. ජවසම්පන්න ආරක්ෂකයන් අට දෙනෙක් ඔහුව වටකරගෙන ඉන්නා අතරම ඉඳහිට වැඩුණු සිරුරැති පාසැල් කෙල්ලන් දිහා කෑදර බැලුම් හෙලමින් උන්නා.


'මේ ඉන්නේ අපේ රටේ අනාගතය දරා ඉන්නා දොස්තරවරු!' ඔහු කීවේ එහෙම.



****************************



"ශකිලා උඹ දොස්තරෙක් වෙන්න ඉගෙනගන්න කෙල්ලක්. උඹට ගැලපෙන්නෙ කොහොමද  හිමකිරම විකුණන කැහැටු කොල්ලෙක්?"

"අඃ?"

"උගේ අක්බඹරු හිසකේ අමතක කරපන්. උඹ හැමදාමත් ගෙනාවෙ දෙපයින් හිටවන්න බැරි මෝඩ තර්ක."


ඒ කාලෙ අපි හැමෝම හිතුවෙ අනාගතය කියන්නෙ රතු පලසක් දිගේ නහයට කෙලින් බලාගෙන කිරිගරුඬ මන්දිරයකට යන බොහොම පහසු ගමනක් විදියට. නෑදෑයෝ, අසල්වැසියෝ විතරක් නොවෙයි, ගුරු මණ්ඩලයත් කියා හිටියේ එහෙම. නගරාධිපතිවරයා විසින් විවෘත කරපු විද්‍යාගාරයේ අළුත් තීන්ත පුසුඹට ඉව අල්ලමින් ගෙම්බන් ව්‍යච්ඡේදනය කිරීමත්, උන්ගේ ආහාර ජීරණ පද්ධතිය දිහා බලාගෙන වෛද්‍ය විද්‍යාලය ගැන සිහින දැකීමත් විතරයි අපිට ඉතිරි වෙලා තිබුනෙ.


"මතීෂ, අපි මේ සම්බන්ධය නවත්තමු." උසස්පෙළ පන්ති පටන් අරන් මාස දෙකක් ගතවුන තැන මතීෂගේ හිමකිරම හල ඇතුලෙදි මම හිස කෙලින් තියාගෙන උදාරම් ලීලාවෙන් ඔහුව ප්‍රතික්ෂේප කලා. මතීෂ බලන් උන්නේ දියවෙමින් පැවතුන ස්ටෝබෙරි අයිස්ක්‍රීම් ගුලිය ඇතුලට කිඳාබහින චෙරි ගෙඩියක් දිහා.


"ඇයි?"


"මම ඉගෙනගනිමින් ඉන්නේ වෛද්‍යවිද්‍යාලෙට යන්න. දැන්ම වෙන්වෙන එක පහසුයි. නැද්ද?"


ඔහු වීදුරුව මත බැඳුන ජලවාෂ්ප තට්ටුව හරහට දබරැඟිල්ලෙන් ඉරක් ඇන්දා. පුරුදු විදියටම චෙරි ගෙඩිය නටුවෙන් අරගෙන මගේ පීරිසිය උඩින් තිබ්බා.


"මම උසස් විදුහලේ ශිෂ්‍යාවක්. චෙරි ගෙඩියකට රැවටෙන කෙනෙක් නෙමෙයි."


ඔහු බොහොම හෙමින් චෙරි ගෙඩිය දෙතොලට තියා තදකරගෙන වරක් මා දිහා බැලුවා. ඉන් පස්සෙ ඒක හක්කට තදකරලා හඬ නැගෙන්න 'චරස්' ගාලා හැපුවා. ඇතුලට ගිලාබැහැපු කම්මුල්වලින් ඔහුගේ හනු කිටිකිටියේ තදවෙනහැටි බලන් ඉඳලා මං ආපහු ආවා. එච්චරයි.


නගරාධිපතිවරයාගෙ සීතල උරබාහුව මගේ කම්මුලක් තදකරගෙන පැත්ත වැටිලා තියෙනවා. එය මෘදුයි. එල්ලාවැටෙන සුළුයි. මම වැඩිපුරම කැමති වුනේ වගීසගෙ ශක්තිමත් උරබාහුවලට. ලා දුඹුරු පැහැ සමට යටින් සුනම්‍යව ඒ මේ අත ගමන් කරන දැඩි මස්පිඬුවලට පුළුවනි මාව ඕනෙ අතකට වැනෙන ජෙලි පුඩිමක් බවට පත්කරන්න.


වගීස විද්‍යා පන්තියේ පළමුවැනියා. දක්ෂයා. පුළුල් නළල්තලයක් හිමි බුද්ධිමතා. ඒ මගේ හොඳම තෝරාගැනීම බව හැමෝම හිස වනා අනුමත කලා. ඔහුට පුළුවනි හීනෙනුත් අස්ථි හා පේශි පද්ධතිය අකුරක් නෑර නම් කරන්න. අමතර පංතියක් මගහැරලා ලැගුම්හලක පුස්ගඳැති ඇඳක තුරුළුවෙලා ඉන්න අතරෙත් ඔහුට පුළුවනි මට D - ගොනුවේ මූලද්‍රව්‍ය ගැන උගන්වන්න. වගීස පළමු වතාවෙම වෛද්‍යවිද්‍යාලයට තේරුණ එක අවිවාදිතයි. ඒත්,


"මම ඉගෙනගනිමින් ඉන්නෙ වෛද්‍යවරයෙක් වෙන්න. තේරුම්ගන්න ශකිලා. දැන්ම වෙන්වෙන එක පහසුයි, අපි දෙන්නාටම. නැද්ද?"



****************************



ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ වාට්ටු ගඳත්, ලෙඩ්ඩුන්ගේ කෙඳිරියත් උහුලන්න තමන් කරන කැපකිරීමේ තරමට රජයෙන් ලැබෙන වේතනය නොසෑහෙන නිසා වගීස දැන් "මතීෂ් මෙඩිකෙයා" පෞද්ගලික රෝහලේ මාසෙ පඩියට වැඩ කරනවා. හිමකිරම හලට එහායින් 'ෆාස්ට් ෆුඩ්' අවන්හලකුත්, ඉන් පස්සෙ අවන්හල් සංකීර්ණයකුත් පටන් ගත්ත මතීෂගේ අළුත්ම ආයෝජනය වුනේ මේ පෞද්ගලික රෝහල.


ඒක දෛවයේ සරදමක් කියලා සමහරු හිතන්නත් පුළුවන්. හැබැයි මම අවසාන නිගමනවලට එළැඹෙන්න ඉක්මන් වෙන්නෙ නැහැ.


නගරාධිපතිවරයා තමන්ගේ තල්මස් ශරීරය උඩුබැලි අතට පෙරලනවා. ඔහු කැමති උඩුබැලි අතට අතපය විහිදුවාගෙන නිදාගන්න. බූවල්ලෙක් වගේ හැමතැනම අඬු විහිදුවන්න. නගරයේ හැම අස්සක් මුල්ලක් නෑරම අධිකාරීත්වය පතුරවන්න. වැඩකරන ජනතාවගේ හැම කුඩා දහදිය බිංදුවකින්ම කොටසක සාරය තමන්ගේ බැංකු ගිණුමට උරාගන්න. ඒ නිසාමයි ඔහු අළුත් පෞද්ගලික රෝහලේ ප්‍රධාන කොටස් හිමියා වුනේ.


මම වම් ඇලයට හැරිලා නගරාධිපතිවරයාගෙ උදරය මතින් කකුලක් දමාගන්නවා. ඔහු තමන්ගේ බිරිඳට අප්‍රමාණ භයයි. ඒ නිසාම, කුඩා සුළිකුණාටුවක් වගේ ඕනෑම මොහොතක ඔහුගේ කුටුම්භය මතට පතිත විය හැකි මා ගැන ඔහු බොහොම සැලකිලිමත්.


"ශකිලා මගෙ ආදර කෙල්ල, කියපන්. උඹට ඕනෑ මොනවද?" 


දෛවය කියන්නේ අනුකම්පා විරහිත විහිළුකාරයෙක්. අවසන් නිගමන කියා දෙයක් නැහැ. දැන් උසස් විද්‍යාලයේ ඉගෙනගන්නා ළමයිනුත්, කාලෙකට පස්සෙ ඒ ගැන අවබෝධ කරගනීවි. සමහරවිට අනවරත දිවිල්ලකින් හති වැටිලා රතු පලස මත ඇදවැටෙන්න මොහොතකට කලින්.


නගරාධිපතිවරයාගෙ ගෙරවිල්ලෙ සද්දෙ තමයි උහුලාගෙන ඉන්න අමාරු එකම දේ. 




57 comments:

  1. හැමදාමත් වගේ සුපිරි කතාවක් අක්කෙ!සුබපැතුම් ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හන්චි කුචුමියෝ!

      Delete
  2. (ශකිලා උඹ දොස්තරෙක් වෙන්න ඉගෙනගන්න කෙල්ලක්. උඹට ගැලපෙන්නෙ කොහොමද හිමකිරම විකුණන කැත කොල්ලෙක්?) පට්ට ඔයා මගෙ ආදර කතාව ක‍ොහොමද දන්න‍ෙ අත් විදිමින් ඉන්න‍ෙ හ්ම්ම්ම්ම්....

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේ ඉන්නෙ අවන්හල් ජාලයකත්, පෞද්ගලික රෝහලකත් හිමිකම් දරන පළමු පන්තියේ ව්‍යාපාරිකයෙක්. හ්ම්ම්ම්...

      Delete
    2. මේක මම හිතන්නෙ අපි ගොඩක් අයගේ කතාව.

      Delete
    3. එක් මානවිකාවක් :

      අන්න ඔයා තමයි නියම පොයින්ට් එක අල්ලගත්තෙ.

      Delete
  3. දෙයියෝ සාක්කි
    ඒත් යතාර්ථය මේක තමයි බස්සි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්...
      අන්න ඒකයි පස්නෙ!

      Delete
  4. (ශකිලා උඹ දොස්තරෙක් වෙන්න ඉගෙනගන්න කෙල්ලක්. උඹට ගැලපෙන්නෙ කොහොමද හිමකිරම විකුණන කැත කොල්ලෙක්?) පට්ට ඔයා මගෙ ආදර කතාව ක‍ොහොමද දන්න‍ෙ අත් විදිමින් ඉන්න‍ෙ හ්ම්ම්ම්ම්....

    ReplyDelete
    Replies
    1. //"කැත" කොල්ලෙක්?//
      කැත කියන වචනෙ නම් ඔයා අතින් දාලා. :P

      Delete
  5. ලස්සනයි.
    අයිස් ක්‍රීම් කඩෙන් දියුණු වූ හැටි අසා හරිම සතුටක් දැනුන.
    අපේ ජීවිත කියන්නේ, තෝරාගැනීම් ගොඩක්. Life is a series of choices

    ReplyDelete
    Replies
    1. ෆාස්ට් ෆුඩ් චේන් එකයි, ඉස්පිරිතාලෙයි එකම ව්‍යාපාර ජාලයක් යටතෙ ක්‍රියාත්මක වෙන එකද?

      Delete
  6. මේක නම් ඉහලයි... එක සීරුවට... ඇත්ත.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි පැපෝ!

      Delete
  7. බස්සියෝ වෙනද වගේම ඇත්ත, යථාර්තය, .......... ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ නාමල්!

      Delete
  8. "රත්තරං වුවත් සමහරක් වෙලාවට වේදනා ඇති කරවන සුළුයි"සැබැ යථාර්ථය නොවේද මේ,අගේ ඇති කතාව බස්සි සහොදරි,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රස්ති!

      Delete
  9. Mathish medicare eke aithu kaariya wenna siti shakila nathara wenne abisharikaawak welaa.
    A athara (liyala thiyanawata amatharawa) thawath kathaa godaak galaa yanna salaswa thiyanaw paatakayage manasa thula.
    puduma hakiyaawak bassiye oyaata thiyanne. supiri....

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කතා ටික දැක්කනම්, මට ඒ ඇති! :)

      Delete
  10. මේක.... මාව..... කෙනිත්තුව!

    ReplyDelete
    Replies
    1. හිහී! විචාර නෑ? :)
      තැන්කූ උපයා!!

      Delete
    2. විචාර?? ලියාගෙන යන්න නම් හිතයි. මම මොනවා කියයිද කියල මටම බයයි. නමුත් ලියවෙන්න ඉඩ තියෙනවා බස්සියෝ, කෙනිත්තුන හින්ද

      Delete
  11. ජිවිතයේ පේන හුඟක් දේවල් දවස් ගානකින් වගේම තත්පර ගානකිනුත් වෙනස් වෙන්න පුළුවන්....අැඟ හිරිවට්ටන ජිවිත යථාර්තය....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම!
      ස්තූතියි හිතූ!

      Delete
  12. ශකිලා ජීවිතය ඉගෙන ගන්නවා.. අපි වගේම කටුක අත්දැකීම් වලින්.. පරක්කු වෙලා හරි ඒක වටිනවා.. හොඳ පාඩමක්.. ඒත් මේ විභාගෙන් සමත්වෙන්නේ අතලොස්සයි..

    ReplyDelete
    Replies
    1. විභාග කියන්නේ ජීවිතය නෙමෙයි. :)

      Delete
  13. එක හුස්මට කියෙව්වා. නියමයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සාකියා!

      Delete
  14. මම හිතන්නේ මේ කතාවෙ ප්‍රභල බවක් මතු කරන්නේ කතා නායිකාව ප්‍රතික්ෂේප වීම හා ඇය විසින් කරන ප්‍රතික්ෂේප කිරීම....

    පිරිමියෙක් හා කාන්තාවක් අතර අති වන්නේ ආදරයක් නොවේ කියන දේ නැවත වතාවක් ඔප්පු වෙන අපූරූ කෙටි කතාවක්... සයිමන් නවගත්තේගම මතක් උනා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මාතලන් බොස්...!

      හැමතැනම තියෙන්නෙ ගනු-දෙනු.

      Delete
  15. හෆ්ෆා... මාත් ලොකු උනාම හොඳට ඉගෙනගෙන මැඩිකල් කොලීජි ගිහින් දැන් ඉන්න කෑල්ල හලලා ඉටිකිරිස් වගේ කෑල්ලක් දා ගන්නවා...

    ReplyDelete
    Replies
    1. Sa rasa: ඒකට ඉතින් ලොකු වෙන්න එපැයි !

      Delete
    2. //Sa rasa: ඒකට ඉතින් ලොකු වෙන්න එපැයි !//

      :D

      Delete
  16. හපොයි.. මමත් බයේ සයන්ස් කරපු එකෙක්. අපිත් ඔය පාඩම කළා. ඒ නිසා ඉතිං අපොයි කියනවා ඇරෙන්න මම මොනවා කියන්නද නේ..

    ReplyDelete
  17. යකෝ ඉඳලා ඉඳලා කාලෙකට පස්සෙ බස්සිගෙ නවාතැනට ගොඩ වුනාම ඒකි ඇඩම්ස් ඔල්ලි කතාවක් ලියලා.

    මේවගෙ කතාවක් ලියන්න ඒ වගේම පබ්ලිෂ් කරන්න සෑහෙන ගටක් ඕනෙ වෙනවා ගෑණු පරාණෙකට.

    ඒ ගටට මගෙ ප්‍රනාමය.

    කතාවට වෙනම!

    ReplyDelete
    Replies
    1. අයියෝ ඩූඩ් කාලෙකින් ආපු එකේ කතාවේ ගුණාගුණ ගැනත් කියයි කියලා බලාගෙන උන්නෙ.

      Delete
  18. මම මේ කතාවට පට්ට ලයික් ඈ.

    ReplyDelete
  19. කලින් කතාවට මම දාපු කමෙට් එක බලපන්

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේකට කොමෙන්ටුවක් දැම්මේ අහවල් එකටද? හෙක් හෙක්

      Delete
    2. ඈ බොල. හෙනම් උඹ එක කමෙන්ටුවෙන් සේරම කවර් කරන්ඩ යන්නෙ නේද? බලාගමු. :3

      Delete
  20. සුපිරි කතාවක්! , ඔයා facebook එකේ share කරන කතාත් මම කියවනවා.
    මගේ ජීවිතෙත් මුණ ගැහුණ වගීසලා මතීෂලා මටත් ඉන්නවා.නගරාධිපතිට නම් ඉන්නේ මම විතරයි, නීතියෙන් මම එයාගේ වුනත් හදවතින් මම එයාගේද කියලා මං තාම හොයනවා. ජිවිතේ මහා ප්‍රෙහෙලිකාවක්, අපි හැමදාම උදේ ඉදන් රෑ වෙනකන් එක විසදනවා. විසදන්න විසදන්න ප්‍රෙහෙලිකාව අලුත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. //ජිවිතේ මහා ප්‍රෙහෙලිකාවක්, අපි හැමදාම උදේ ඉදන් රෑ වෙනකන් එක විසදනවා. විසදන්න විසදන්න ප්‍රෙහෙලිකාව අලුත් වෙනවා.//

      මේ කතාවට 100%ක් එකඟයි.

      Delete
  21. කාලෙකට පස්සේ ආවේ!!!
    මරු මරු

    ReplyDelete
    Replies
    1. එල එල.
      බ්ලොග් බලන්නෙ කොහෙද! අයිස්ක්‍රීම් කකා රටවටේ ඇවිදින එකනෙ වැඩේ. :P

      Delete
  22. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2713-2016-02-02-21-19-08

    ReplyDelete
    Replies
    1. කෙටිකතාවලට ලබාදෙන මේ සහය ඉහලින්ම අගය කරනව අජිත් අයියෙ :)

      Delete