Monday, December 7, 2015

පුලුවන්ද මතකයෙන් පහරන්න???


බූන්දියේ සබැඳිය : කවි කරන්ට්ස් - පුලුවන්ද ඔබට?


Saudi Arabia sentences Sri Lankan maid to death by stoning for adultery - but the man she slept with will escape with 100 lashes.




වැරහැලිවු අත්තටුය,
පලින් පල ඉරී ගිය සිහින ය,
මුහුදු තීරෙන් එපිට,
හිතේ ගින්දර එන්.ආර්.එෆ්.සී. කර,
අවුළුවන ගෙයි ලිපේ ගින්දර,
අළු බැඳුනු සමනලියන් ය.


හෙට අනිද්දට,
අණ්ඩ ලූ අත්තටු මත,
ගල් බොරළු වැස්සක් වසින'තර,
පුළුවන්ද ඔබට,
අගනුවර මල් වැස්සක සිහිල විඳගන්න?
සෝෆාව මත ගුලිව,
තුරුණු ආදර කතා කියවන්න?


හිස තැලී - ලය පැලී,
ඈ සුස්ම අදිනතර,
පුලුවන්ද ඔබට,
හින්දි තනුවක් සිවුරුහන් කරකර,
ටයි ගැටය සකසන්න?
කර පාන් පෙති උඩින්,
ඉඳි ජෑම් තවරන්න?


පුළුවන්ද ගැහැණියක් - අම්මෙක්,
බිඳුණු මැසි තටුවකට,
වේලිච්ච කොළයකට,
පිළුණු බත් සුඹුලකට සමවෙන්න?
නිය පිටින් පහරක් ගසා,
වීසිකර මතකයෙන් පහරන්න?




63 comments:

  1. මම මේක බුකියෙයි, බූන්දියෙයි දෙකේම කියෙව්වා... ඉස්තරන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්!

      Delete
  2. /* පුළුවන්ද ගැහැණියක් - අම්මෙක්,
    බිඳුණු මැසි තටුවකට,
    වේලිච්ච කොළයකට,
    පිළුණු බත් සුඹුලකට සමවෙන්න? */

    මෙතන අදහස අපැහැදිලියි, මං හිතන්නේ කවුද, මොකක්ද සම්බන්ධය නිසා.

    එක්කෝ
    (1) ..........ගැහැණියකුට, අම්මෙකුට ...... සමවෙන්න
    විය යුතුයි,

    නැතිනම්
    (2) ..........ගැහැණියෙකුව, අම්මෙකුව ...... සමකරන්න
    විය යුතුයි.

    මං හිතන්නේ ඔබේ අදහසට ගැලපෙන්නේ (2) විකල්පයයි.

    ReplyDelete
  3. අදහසනම් ඕනෙවටත් වැඩිය පැහැදිලියි.. උත්තරයක් තමයි දෙන්න බැරි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඒකනෙ කළනේ.

      Delete
  4. ඇඳුම් අනුව පින්තූරෙ අරාබියෙ නෙමෙයි ඇෆ්ගනිස්තානෙ හෝ පකිස්තානෙ ගෝත්‍රික පලාතක තලේබාන් වෙන්න ඕනෙ.සවුදි අරාබියෙ ගල්ගසා මැරීම ඊටත්වඩා නරකයි. එක එක රටවල යුද්ධ තත්ව යටතේ හෝ ඈත දුශ්කර පලාත්වල පිස්සු ත්‍රස්තවාදීන් හෝ ගෝත්‍රිකයන් කරන තිරිසන් පිස්සු වැඩ නවත්තන්න අමාරුයි. ඒත් සවුදිය ලෝකෙ පිලිගත්ත රටක්.ඇත්තෙන්ම ඒවගේ රටක පිලිගත්ත නීති පද්ධතියකින් එහෙම වෙනවයි කියන එක මුලු ලෝකෙටම නින්දාවක්.

    සමාන්තර විශ්වයක ඇමසෝන් සටන්කාරියන් සවුදි උන්මත්තක සත්තු හෝ තලේබාන් වගේ පිරිමින් වශයෙන් ඇති හීනමානය නිසා ගැහැණුන් ගැන ඇති බය හා ද්වේශය ඇති රාජ්‍යයක් එක්ක යුද්ධ කරන කතාවක් නියමයි නේ? බස්සි ලියන්නකො. කොහොමද යන්තම් ඇඳුම් ඇඳගෙන ඉන්න ශක්තිමත් ලස්සන ගෑණු ආගම් පිස්සන්ට දුවන්න ගහනකොට.

    ReplyDelete
    Replies
    1. සමාන්තර විශ්වයක ඇමසෝන් සටන්කාරියන් සවුදි උන්මත්තක සත්තු හෝ තලේබාන් වගේ පිරිමින් වශයෙන් ඇති හීනමානය නිසා ගැහැණුන් ගැන ඇති බය හා ද්වේශය ඇති රාජ්‍යයක් එක්ක යුද්ධ කරන කතාවක් නියමයි නේ? බස්සි ලියන්නකො//

      ඇත්තමයි ප්‍රා අදහස නම් නියමයි. ලියන්නත් සුදුස්ස බස්සිම තමයි. අර සමනල විප්ලවය වගෙ කතාවකට වඩා ටිකක් අද්භූත රසය එන විදියට තිබ්බොත් හොඳයි.

      මටත් ඔය වගෙ අදහසක් ආව . මට රසට ලියන්න බැහැනෙ. මට ආපු අදහස නම් ඓතිහාසික කරුණක්. එනම් ඔය ගෑනුන්ට ගල් ගහන මැද පෙරදිගම වසර දහස් ගනකට පෙර ගෑනු කෘෂිකාර්මික විප්ලවය කළ හැටි ගැන කතාවක්. ඒ තේමාව යටතෙ මම දැකල නෑ කතාවක් තවම.

      දඩයක්කාර පිරිමි කෘෂිකර්මයට ගේන එක ලේසි වුනේ නෑ .ඒ සදහා ගෑනුන්ට සටන් කරන්නත් සිද්ධ වෙන්න ඇති. ඒක විප්ලවයක්.
      මීට ටිකක් ලගින් යන කතාවක් තමා ඉෂාක් බශෙවිස් සිංගර්ගෙ පොතක පරිවර්තනයක් වුන ගොවි රජ්ජුරුවෝ. එතන දඩයක්කාර සමාජය කෘෂිකාර්මික සමාජයක් වුන හැටි ගැන කියනව. එතනත් කෝරා නම් ස්ත්‍රියක් විප්ලවීය සටන්කාමී හැසිරීමක් පෙන්වනව. ලස්සන කතාවක්.

      Delete
    2. @MM,

      තවත් පෙරලියක්:- මාතෘමූලික සමාජයක සිට පීතෘ මූලික සමාජයකට පෙරලීම
      ( මාතෘ දෙවඟන යටපත් කර අහස් දෙවියන් බලය අල්ලා ගැනීම ) ඇතුලත් කර ග්‍රීක මිත්යාකතාවකට නව අරුතක් දෙමින් ලියවුනු ඉතා රසවත් පොතක්. http://www.goodreads.com/book/show/634067.The_Golden_Fleece
      http://www.amazon.com/Hercules-My-Shipmate-Robert-Graves/dp/031320991X

      Delete
    3. හප්පේ!
      මට නවකතා ලියන්න තරම් ඉවසීමක් තියනවයි කියල මටනම් තවම හිතෙන්නෙ නෑ ප්‍රා. (අර පොතත් තවම කියවලා ඉවර නෑලු. ඒක ලබන අවුරුද්දටම කල් දැම්මලු.)

      Delete
    4. ටාසන් පොතක් තියෙනවාද මංදා ලඟින් යන.මතකය අපැහැදිලියි

      Delete
  5. ආගමේ නාමයෙන් වේවා මොන අම්මගෙ රෙද්දකින් වේවා ගැහැනියකට අත් බැඳලා ගල් ගහල මරා දැමීම තුච්ඡයි … ම්ලේච්ඡයි … කෲරයි...මනුස්ස කමට නින්දාවක් ..
    කනගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ ඔය ගල් අතේ තියන් ගහන්න ඉන්න හැම එකාම තිරිසන්නු .. !!!!

    යකාටම පල … අකුලෝගෙනම පල

    ReplyDelete
    Replies
    1. //කනගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ ඔය ගල් අතේ තියන් ගහන්න ඉන්න හැම එකාම තිරිසන්නු //

      මුන්ට තිරිසන්නු කියන්න තියන එකම කණගාටුව තිරිසනුන්ට නින්දාවන එක විතරයි PM

      Delete
    2. කිතුනු බයිබලයෙ සදහන් වෙනවා මේ වගේ අවස්ථාවක ගැහැණියට පමණක් වරද පටවල ඒ ගැහැණු කෙනාව ගල් ගහල මරන්න කියල නියෝග කරන්න කියල ජේසුස් වහන්සේගෙන් ඉල්ලනව. ඒ වෙලේ ජේසුස් වහන්සේ කියන්නෙ පළවෙනි ගල කිසිම වරදක් නොකළ කෙනෙක් එල්ල කරන්න කියලා.

      කියන්න වචන නෑ. මේතරම් සහසික වෙන්න පුලුවන් ද කියන එක හිතාගන්න බෑ

      Delete
    3. ඔය මිනිස්සු නෙමෙයි සහෝදරී ගල් යුගේ ජීවත් වෙන ම්ලේච්ඡ හැතිකරේ.. අසරණ වෙලා විලාප දෙන මූණ දිහා බලාගෙන ආගමේ නාමයෙන් කියලා මැරෙනකම් ගල් ගහන්න පුලුවන් උන්ට විතරයි..හිතනකොටත් ඇඟ හිරිවැටෙනවා..දෙයියො නෙමෙයි මොකා කීවත් හිතක් පපුවක් කියල දෙයක් නැති කාලකන්නි..උං හිතනව ඇති ඔය හරි ලොකු වැඩක් කරන්නෙ කියලා..ඕව හෙණ ගහන අපරාධ !!!

      හප්පට ප්‍රා බොස් එකෙන්ම තිරිසන්නු මුන්ට වඩා රෙෂ්පට් .අපේ බල්ලට අපි හපපන් කීවත් ඌට කරදරයක් නැත්තං ඌ කාවවත් හපන් නෑ.අන්න බල්ලෝ :D

      Delete
    4. මේ ලේ පිපාසිත මිනිස්සු ජාතියක්.

      Delete
    5. කාළකන්නිංගෙ තෙල හිඳෙනවා තව අවුරුදු දහයක් යන්න කලිං. එදාට අනේ අකුලෝලම පල!

      Delete
    6. උන් ඔක්කොම උඩුකුරුඤ්ඤං

      Delete
    7. අනේ මන්දා අෆ්ෆා. ඒක මහා ම්ලේච්ඡ නීති පද්ධතියක්.

      Delete
  6. ඇත්තටම මේ ගැන ලොකේ ඉන්න මානව හිමිකම් කාරයො කතා කරන්නේ නැත්තේ ඇයි..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙන් තරමක හඬක් නැගෙනවා. මරණ දඬුවම කල්දැම්මා.

      Delete
    2. මානව හිමිකම් එකේ ලොක්කොත් උං මනෙ.නිරුවත් ජාත්‍යන්තරය.

      Delete
  7. අද නම් උඔගේ කයිය තේරැනා වගේම හිතට වැදුනා

    ReplyDelete
  8. බස්සි
    ගියසැරේ පොස්ට් එක් උඔගේ උත්සවයට ගල් කැට දෙක තුනක් අරන එන්න කියලා සඡ්ඡාට කිව්වේ මාව අදුරගන්න බ්‍රා එකක් අතේ තියාගෙන එනවා වගේ සඡ්ඡා අදුර ගන්න..නැතුව ගල් ගහන්න නෙමෙයි..

    ReplyDelete
  9. සමහර ඉස්ලාමීය රටවල දණ්ඩ නීති සංග්‍රහයටද ගල් ගසා මරා දැමීමේ දඬුවම අන්තර්ගතකොට තිබේ. උදාහරණයක් ලෙස ඉරානයේ ඉස්ලාම් දණ්ඩ නීති සංග්‍රහයේ 2008 වසරේ වෙළුමේ වරදකරුවකු ගල් ගසා මැරීමට තීන්දුව ලැබුණු විට ගල් ගසා මැරිය යුතු ආකාරයද විස්තර සහිතව දක්වා තිබේ.
    ඉරාන දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය අනුව අනාචරයට වරදකරුවකු වන පිරිමියකු ඔහුගේ ඉණ දක්වා වැළලිය යුතු අතර අනාචාරයට වරදකාරියක වන කාන්තාවක ඇයගේ පපුව දක්වා වැළලිය යුතුය. එසේ වැළලීමෙන් පසුව මරණයට පත්වනතුරු ගල් ගැසිය යුතුය.
    එහි 103 වගන්තියට අනුව යම් හෙයකින් එසේ වළලන ලද පුද්ගලයකු ඉන් ගැලවී ගතහොත් ඔහු අනාචාරයේ යෙදී ඇති බව සාක්ෂි සහිතව ඔප්පු වී ඇති විටෙක නැවත දඬුවමට භාජන කළ යුතුය. එනමුත් එම අපරාධය තමා කළ බවට ඔහුගේම පාපෝච්චාරණයක් මත වරදකරු කර ඇති නම් නැවත දඬුවම සඳහා යොමු කරනු නොලැබේ. 104 වගන්තිය අනුව භාවිත කරනු ලබන ගල් වඩා විශාල නොවිය යුත්තේ පහරකින් දෙකකින් මරණය සිදුනොවීම පිණිසය. එසේම ගලක් ලෙස දැක්විය නොහැකි තරම් කුඩාද නොවිය යුතු බව එහිම සඳහන් කර තිබේ.

    උපුටා ගැනීම http://mawbima.lk/141-100600-news-detail.html

    ReplyDelete
    Replies
    1. ආරාබි නීතිය අනුව අනාචාරයේ හැසිරුන පිරිමියාට කසපහර 100 දඬුවමක් නියම වෙනවා කියනවා.කාන්තාවක් නම් අනිවාර්යෙන්ම ගල්ගසා මරා දැමිය යුතුමයි.මෙතනදි මට මතක් වෙන්නේ ජේසුතුමන්ගේ කියමනක්.කාන්තාවකට ගල් ගහලා මරන්න හිටපු පිරිසක් ලගට ගිය එතුමා පලමු ගල ගහන්න කීවේ කිසිම පවක් නොකළ කෙනෙකුට.අන්තිමට ගල් ගහන්න කවුරුවත් ඉතිරි වුනේ නැතිලු.

      Delete
    2. //පලමු ගල ගහන්න කීවේ කිසිම පවක් නොකළ කෙනෙකුට.අන්තිමට ගල් ගහන්න කවුරුවත් ඉතිරි වුනේ නැතිලු.//

      දැන් වාගෙ උනානං කෙළියා තාප්පෙට.. බුකියෙයි බ්ලොග් වලයි ඉන්නවා පව් නොකරපු නෙලුම් මලෙන් උපන් ඩයල් හෝයියට :D

      Delete
    3. යකෝ, මිනිහා කලාම කසපාර 100 යි ගෑණි කලාම ගල් ගහලා මරන්න. ගෑණු ඒකෙනුත් ගන්න තෘප්තිය ගැන ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙලෙන ආගමික නායකයන්ගෙ (උන්ගෙ අම්මගෙ) නීති! නෙදකිං. තුහ්!

      Delete
    4. මෙහෙමයි . අවිවාහක පිරිමියට කසපාර . විවාහකයෙකුටනම් මරණය තමයි.

      මේ ගල් ගැහිල්ල මැදපෙරදිග දීර්ඝ කාලයක ඉදන් පැවති දඩුවම් ක්‍රමයක්. යුදෙව්වන් අතරත් ඉතා ජනප්‍රිය වුනා. නමුත් දැන් යුදෙව්වො මේ මොනවත්ම කරන්නෙ නෑ. ඒ මට්ටමට අරාබීන්ට එන්න සෑහෙන කාලයක් ගත වෙයි. ඊශ්‍රායලයෙ මරන දඩුවම දීල තියෙන්නෙත් එකම එක්කෙනෙකුට. ඒත් දෙවන ලෝක සංග්‍රාමයෙ යුදෙව් සංහාරය කළ අයික්මාන්ට. ඒක කලෙත් සාධාරන නඩු විභාගයකින් පසුව. යුදෙව්වන්ගෙ පොත කොපි කරපු අරාබිකාරය යුදෙව්වන්ටත් වඩා උද්‍යෝගයෙන් ම්ලේච්ඡ වැඩ කරනව.

      බටහිර ජාතීන් මරන දඩුවම ලබන පුද්ගලයගෙ වේදනාව අඩුකරන්න ක්‍රම සොයනව. මෑතකදි විශ එන්නත ගැනත් වාද විවාද ඇතිවුනා. විදුලි පුටුව සමහර ඇමරිකන් ප්‍රාන්තවල අත ඇරිය. විවිධ චෝදනා නිසා. වේදනාව වැඩිකරන්න ඉරානය වගෙ රටවල නීතිමය ප්‍රතිපාදන තිබෙන හැටි අපූරුයි. මුන් නම් මිනිස් වේශයෙන් ඉන්න ම්ලේච්ඡයො.ස්තුතියි මනෝ ඒ තොරතුරුවලට.

      Delete
    5. ම.ම,

      ඔය ඊශ්‍රායල්කාරයෝ "අයික්මාන්"අල්ලං ඇවිත් නඩු අහලා,දඬුවම් දීපු හැටි ලියවෙච්චි පොතක් තියෙනවා නේද?"අවසාන නාසියා"වගේ සිංහල පරිවර්තනයේ නම මතක.ඒ පොතේ හරි නම හොයා ගන්න පුළුවන් වේද ප්‍රකාශකයොත් එක්කම.

      Delete
    6. ස්තූතියි මනෝ තොරතුරුවලට :)

      Delete
  10. ඕක ජන ක්‍රීඩාවක් වෙන්ඩ බැරිද??

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රිඩාවත් ගල් තමයි හැබැයි ගහන එක නෙමෙයි..

      Delete
    2. නළලට කොටා ගැනීමත් චාරිත්‍රයක්නෙ එයාලගෙ.

      Delete
  11. අම්මපා කෝ බං මේ කුළඟන සමිති, මහිලා සමිති, එන්ජීඩබ්ලිව්ඕ, සම අයිතිවාසිකම් ගැන කෑ මොර දෙන ඇත්තියො? අන්තිමට බොලා විතරයි මෙහෙම දෙයක්වත් ලියන්නෙ.

    මේකට දාපං මේලක් අර පොත ගන්න විදිහක් madhumadhavi135@gmail.com

    ReplyDelete
    Replies
    1. තවම ඒක පිලිවෙලක් කරගෙන නෑ මඩුවා. මේලක් දාන්නං.

      Delete
  12. ආවේගී කවියක් බස්සි. මධු කියනවා වගේ පොත අපටත් එවන් ක්‍රමයක් හදන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම බලන්නම් අයියේ. බ්ලොග් එක කියවන අය බහුතරයක් ඉන්නේ ලංකාවෙන් පිට. එයාලව අමතක කරලා බැහැනෙ.

      Delete
  13. Manawa himikam eke lokka Saudi karayek neda

    ReplyDelete
  14. ගෑණිට ගහන මිනිහ මම නම් දකින්නෙ කොන්ද පන නැති එකෙක් විදිහටයි... කයිය ඉස්තරන්... ජයවේවා...

    ReplyDelete
  15. "මුහුදු තීරෙන් එපිට,
    හිතේ ගින්දර එන්.ආර්.එෆ්.සී. කර"

    මේ කියන්නේ අපේ රටින් ඔය ජරා රටවල්වලට ගිහින් දුක් විඳින අපේ කාන්තාවන් ගැනනේ ..

    රිසානා වගේ මේ වෙනකං ඔය රටවල් වල දුක්විඳි ,හිරිහැර විඳි කාන්තාවෝ අපමණයි.උං වෙනුවෙන් මෙහෙම කයියක් ගැහුවට උඹට පිං නංගා.

    "හෙට අනිද්දට,
    අණ්ඩ ලූ අත්තටු මත,
    ගල් බොරළු වැස්සක් වසින'තර,
    පුළුවන්ද ඔබට,
    අගනුවර මල් වැස්සක සිහිල විඳගන්න?"

    මේ කියන්නේ ඒ වගේ දඬුවමට යටත් වෙලා ඉන්න අපේ අහිංසක ගැණු වෙනුවෙන් වගකිව යුතු නිලධාරින් උඩ බලන් ඉන්න එක වෙන්න ඕනේ ..

    කරන්න දෙයක් නෑ බං අපිටත් මෙහෙම කයියක් හරි ලියාගෙන බලා ඉන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. රෙහානි අක්කා දැක්ක කල්!!
      නියම වෙලාවට ඇවිත් තියෙන්නෙ ඔයා. කොහෙද ඉන්නෙ මෙහෙද? එහෙද?

      කලින් පෝස්ට් එක සුට්ටක් බලන්ටකො ඈ.. :)

      Delete
  16. කියන්න තියෙන දේ හදවතට වදින්නම ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ් අයියෙ!!

      Delete
  17. හැබැයි මානව හිමිකම් එකේ ලොක්කාත් "සවුදි කාරයෙක්."
    එක උන්ගේ නීතිය.නමුත් මිලේච්ජයි.මේ රටට විදේශ විනිමය එන්නේ උන් ගිහින් කබුරලා එවන සල්ලි වලින්.ඒ නිසා මේ වගේ වේලාවක ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න එක අපේ යුතුකමක්.

    ReplyDelete
  18. සුපිරියි බස්සි අක්කා

    ReplyDelete
  19. මේ ගැන නම් කියන්න යන්නේ නෑ මුකුත්. කියල වැඩකුත් නෑ...

    ReplyDelete
  20. මේ ගැන නම් කියන්න යන්නේ නෑ මුකුත්. කියල වැඩකුත් නෑ...

    ReplyDelete
  21. ලස්සනයි.දුකයි,බුදු දහම මුලු ලෝකයටම පතුරන්න පුලුවන් වුණා නම් මේ වගේ දෙයක් සිදුවෙන්නේ නෑ...

    ReplyDelete
  22. ලෝකේ කොතරම් කුරිරුද මිතුරිය. අපිට පුලුවන් විදියට වචනයකින් හරි මේ වගේ දේවල් වලට එරෙහි වෙන එක තමයි හොද
    බස්සී අක්කේ ඔයත් හොද පිනක් කරගත්තා.
    ජය වේවා!!!

    ReplyDelete
  23. පහරනවා කියන්නෙ මලපහ කරනව කියලනම් දන්නවා. පහකරනවා කියන තේරුමකුත් ඒ වචනෙ තියනවද?

    ReplyDelete
  24. ඒක බොහොම අශිෂට ක්‍රියාවලියක්
    කොහොම උනත් මම හිතනවා අහක දාන දණ්ඩක් උනත් පැළවෙන අපේ රටේ කාන්තාවන් ශ්‍රමය වගුරවන්නට රට පැටවීම නොකළ යුතුයි කියලා. විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ලෙස. නිසි දැක්මක් ඇත්නම් අපේ ශ්‍රමය අපේ රටේ දියුණුව උදෙසාම භාවිතා කළ හැකි බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.

    ReplyDelete
  25. බස්සි නගා

    කවිය අති අලන්කාර අයුරින් ලියා තිබේ
    නමුත් කනගාටුව නම්..... නියම අයුරින් සාදාරන නඩු තීන්දුවක් සෞදි අරාබි අමනුස්ස බල්ලන්ගෙන් ලෙබෙයිද කියලයි. .......

    නඩු තීන්දුව කෙසේ වෙතත් , ලන්කාවෙන් කාන්තාවන් සෞදි අරාබියට යවන එක නතර කරනවානම් හොදයි

    මාතලන් ලොක්කා හොද ලිපියක් ලියා තිබුනා මේ කාරනාවම කතා කරලා

    1980 සිට කාන්තාවන් රට පටවා රටේ ප්‍රදාන ආදායම් මාර්ගය කාන්තාවන් බවට පත්කල මූසල පාලකයන් තව දුරටත් පාර්ලිමේන්තු යවන රට වෑසියන්ට පවා මේ පවට කරගහන්න සිද්ද වෙනවා


    ==Adrian Channa from Toronto = = =

    ReplyDelete
  26. Bassiyoo

    Thank you very much for teaching me how to write in Sinhalese.

    You are the 1st person show me about this system.

    I really appreciate your help.

    Write more....

    Thanks

    ===Adrian Channa from Toronto = =

    ReplyDelete
  27. මතකයෙන් පහරන්න පුළුවන්.. හැබැයි ගලේ පැහැරුවා වගේ තමා.ගන්න සාරය උරාගෙන රොඩ්ඩ පැහැරුවාට....
    ජයවේවා..!!

    ReplyDelete
  28. මෙවැනි ම්ලේච්ච සාහසික දඬුවම් නියම කරන පුරුෂාධිපත්‍ය සමාජ "අනාචාරය" ට මෙතරම් බය ද ? ඔවුන් ගේම ලිංගික අනාරක්ෂීභාවය නේද මෙතැනින් පිලිබිඹු වෙන්නේ ? ඊට අමතරව වැඩිහිටියන් අතර එකඟත්වයෙන් සිදුවෙන ශාරීරික එක්වීමක් වරදක් වෙන්නේ කෙසේද ? ආගම් බහුබූත නිසාද ?

    ReplyDelete